11.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සත්‍ය පියා සත්‍ය දේශය ස්ථාපනය කරයි. ඔබ පරමාත්ම පියා ළඟට පැමිණ සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යයකුගෙන් නාරායන වීමේ සැබෑ ඥානයට ඇහුම් කන් දීමටයි.

ප්‍රශ්නය:
තම දරුපවුල් සමඟ නිවසේ වාසය කරනා විට ඔය දරුවන් ඉතාමත් ප්‍රවේසමෙන් ජීවත් විය යුත්තේ ඇයි?

පිළිතුර:
මන්ද ඔබගේ ක්‍රම සහ විධි ඉතාමත් අසහායයි. ඔබගේ ඥානය අද අදෘශ්‍යමානයි. මෙන්න මේ නිසා තමයි ඔබ සෑම කෙනෙක් කෙරෙහිම වූ වගකීම් ඉටු කිරීම සඳහා අසීමිත බුද්ධියක් තිබිය යුත්තේ. තමන් සෑම කෙනෙක්ම සහෝදරයින් නැතිනම් සහෝදර සහෝදරියන්ය යන අවධානය ඇතුලාන්තයෙන් තබා ගන්න. කෙසේ වෙතත්, බිරිඳක් තම සැමියාට "ඔබ මගේ සහෝදරයා" යි කියා කිව යුතුයි කියා මින් අදහස් වන්නේ නැහැ. පිට අයට එහෙම කියනවා ඇහුණොත් ඔවුන් සිතාවි "මේ කාන්තාවට මොනවා වෙලාද ...?" කියලා. ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි සිට ඔය දරුවනට උගන්වයි. "ආධ්‍යාත්මික" වචනය භාවිත නොකර නිකම්ම " පරමාත්ම පියා" කියා කීවත් මේ කියන්නේ ආධ්‍යාත්මික පියා ගැනය යන්න පැහැදිලියි. පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට උගන්වනවා. තම තමන් සහෝදරයින්ය කියා ඔය සෑම කෙනෙක්ම කියනවා. එමනිසා, පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට පැහැදිලි කර කියා දෙනවා. ඔහු සෑම කෙනෙකුටම කියා දෙන්නේ නැහැ. "දෙවියන් කතා කරයි" කියා ගීතාවේත් සඳහන්ව තිබෙනවා. කාටද? සෑම කෙනෙක්ම පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. ඒ පරමාත්ම දෙවියන් පරමාත්ම පියා වන අතර, එය දෙවියන්ගේ සෑම දරුවෙක්ම සහෝදරයින් වෙනවා. පරමාත්ම දෙවියන් ඔවුන්ට පැහැදිලි කර කියා දෙමින් රාජයෝගාව උගන්වන්න ඇති. ඔබලාගේ බුද්ධියේ අඟුළු දැන් විවරව ඇති. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට එවන් සිතිවිලි තිබිය නොහැකියි. පණිවිඩය ලබනා අය අනිවාර්යයෙන්ම මෙම පාසලට පැමිණ ඉගෙන ගනීවි. ප්‍රදර්ශනය නරඹා, තමන් දැන් ගිහින් තවත් කරුණු දැන ගත යුතුයි කියා ඔවුන් සිතාවි. ප්‍රධානම කාරණය නම් ඥාන සාගර, පාරිශුද්ධකරු වන ගීතා ඥානය දානය කරනා ශිව පරමාත්මය ඔබ ඇමතීමයි. ඔබට උගන්වා පැහැදිලි කර කියා දෙන්නේ කවුදැයි කියා ඔවුන් දැන ගත යුතුයි. ඒ පරමාත්ම ජීවය, ඥාන සාගරය අශාරිරිකයි. ඔහු තමයි සත්‍යය. ඔහු පමණයි ඔබට සත්‍යය පවසන්නේ. එමනිසා, ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් මතු වීමට ඉඩක් නැත. ඔබ සියල්ල සත්‍යයටම භාර කර ඇත. ඉතින් එමනිසා බ්‍රහ්මා මඟින් ඔබට මෙම රාජයෝගාව උගන්වන්නේ පරමාත්ම පියා, පරමාත්ම ජීවය බව පැහැදිලි කර කියා දිය යුතුයි. මෙය රාජකීය තත්ත්වයකි. මෙහි සිට ඔබට උගන්වන්නේ සෑම කෙනෙකුගේම පරමාත්ම පියා, මෙලොවින් එපිට සිටිනා පියා බවත් ඉහළම බලය ඇත්තා ඔහුය යන්න පිළිබඳවත් දැඩි ශ්‍රද්ධා භක්තිය ඇත්තාට කිසිම ප්‍රශ්නයක් පැන නොනගී. ඔහු මෙහි පැමිණි විට අනිවාර්යයෙන්ම ඔහු තමාට අදාල කාලයේදී පමණයි පැමිණෙන්නේ. මේ එම මහා භාරත යුද්ධය බව ඔබට දැක ගත හැකියි. විනාශයට පසුව පාපයෙන් තොර ලෝකය උදා වේවි. ඒ භාරතය පාපයෙන් තොර ලෝකයක් බව මිනිස්සු දන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධිය වැඩ කරන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධිය ගොඩ්රිජ් අඟුලෙත් අඟුළු වැටිලා. එකම එක පරමාත්ම පියා ලඟ පමණයි එවායේ යතුරු ඇත්තේ. මෙන්න මේ නිසා තමයි තමන්ට උගන්වන්නේ කවුදැයි කියා කිසිම කෙනෙක් නොදන්නේ. ඒ දාදා යි කියා සිතා ඔවුන් එක් එක් නොමනා දේ කියමින් ඔහුට අපහාස කරනවා. එමනිසා, පළමුවෙන්ම ශිව පරමාත්මය කතා කරයි යන්න ලිවිය යුතුමයි. ඔහු තමයි සත්‍යය. පරමාත්ම පියා ඥානයෙන් පූර්ණයි. ඔහු ඔබට ලෝකයේ මුල, මැද හා අග ගැන පැහැදිලි කර කියා දෙනවා. ඒ අසීමිත පියාගෙත් ඔබ දැන් මේ දැනුම ලබනවා. ඔහු ලෝක නිර්මාපකරුයි, අපිරිසිදු ලෝකය පාරිශුද්ධ කරන්නායි. ඉතින් එමනිසා, පළමුවෙන්ම පරමාත්ම පියා, පරමාත්ම ජීවය සමඟ වන සබඳතාවය පිළිබඳ හැඳින්වීම දෙන්න. සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන වීමේ සත්‍යය ඥානය ඔහු අපට දෙනවා. පරමාත්ම පියා පරම සත්‍යය බවත්, ඔහු සත්‍ය දේශය ස්ථාපනය කරන්නා බවත් ඔය දරුවත් දනී. නීතීඥවරයෙක් සමඟ ඉගෙන ගැනීමට ගිය විටක දී, තමන් එහි ගොස් සිටින්නේ නීතීඥවරයෙක් වීමට බව ඔබ තේරුම් ගනීවි. පරමාත්ම දෙවියන් තමන්ට උගන්වනවාය යන විශ්වාසය ඔබට දැන් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් තුළ මෙම විශ්වාසය තිබුණා වුවත් පසුව සැක ඇති කර ගැනීම නිසා ඒ සෑම කෙනෙක්ම කියනවා: පරමාත්ම දෙවියන් තමන්ට උගන්වනවායි කියා ඔබ කියමින් සිටියා . ඉතින් එසේ නම් ඇයි ඔබ ඒ දෙවියන්ට අතහැරියේ? සැක ඇති වුණු විට ඔවුන් පැන යනවා. පසුව ඔවුන් කුමන හෝ පාප ක්‍රියාවක් කරනවා. පරමාත්ම දෙවියන් කියනවා: ලොකුම සතුරා රාගයයි. එය ජය ගැනීමෙන් අපට මුළු ලෝකයම ජය ගත හැකියි. පාරිශුද්ධ අය පාරිශුද්ධ ලෝකයට යනු ඇත. මෙය රාජයෝගාව පිළිබඳ වු කරුණකි. ඔබ එහි ගොස් එය පාලනය කරාවි. අන් සෑම ජීවාත්මයක්ම තම තමන්ගේ කර්ම ගිණුම් අවසන් කර දමා නිවහන කරා ආපසු යනවා. මෙය. සියල්ල සමනය වන කාලයයි. ඔබගේ බුද්ධිය දැන් කියනවා: ස්වර්ණමය යුගය අනිවාර්යයෙන්ම ස්ථාපනය විය යුතුයි. ස්වර්ණමය යුගය පාරිශුද්ධ ලෝකය යි කියා කියනවා. අන් සෑම කෙනෙක්ම මුක්ති දේශයට යනවා. පසුව ඔවුහු තම තමන්ගේ චරිත කොටස නැවත රඟපෑමට පටන්ගන්නවා. ඔබත් පාරිශුද්ධවී පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් වීමට තම උත්සාහය දරමින් සිටිනවා. ඔබ තමන් පාලකවරයෙක් කියා සලකනවා? පුරවැසියන් පවා පාලකවරුය. දැනටත් මිනිස්සු: අපේ භාරතය කියා කියනවා. දැන් මේ වන විට සෑම කෙනෙක්ම අපාය වැසියෙක් බව ඔබ තේරුම් ගෙන සිටිනවා. අපි දැන් දෙව්ලොව වාසීන් වීමට දැන් රාජයෝගාව ඉගෙන ගනිමින් සිටිනවා. සෑම කෙනෙක්ම දෙව්ලොව වැසියෙක් වන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: භක්ති මාර්ගය අවසන් වන විට පමණයි මා පැමිණෙන්නේ. මා පැමිණ සෑම බැතිමතෙකුටම ඔවුන්ගේ භක්තියේ ඵලය දිනා දෙනවා. බහුතරය බැතිමතුනුයි. සෑම කෙනෙක්ට කන්නලව් කරනවා: අහෝ පරමාත්ම දේව පියාණනි. අහෝ දෙවි පියාණනි. කියන වචන පිට වන්නේ අනිවාර්යෙන්ම බැතිමතුන්ගෙනුයි. භක්තිය හා ඥානය අතර වෙනසක් තිබෙනවා. "හේ ඊශ්වර, දෙවියනේ" කියා ඔබ කිසි විටෙකවත් කියන්නේ නැහැ. කල්ප බාගයක් පුරාවට මිනිස්සු මෙම පුරුද්ද වර්ධනය කරගෙන පැමිණියා. ඒ ඔබගේ පරමාත්ම පියා බව ඔබ දන්නවා. "ඕ බාබා" කියා කීමට අවශ්‍ය නැහැ. පරමාත්ම පියාගෙත් ඔබ ඔබගේ උරුමය ලද යුතුයි. පළමුවෙන්ම, තමන් පරමාත්ම පියාගෙත් උරුමය දිනා ගන්නවාය යන විශ්වාසය ඇති කර ගන්න. පරමාත්ම පියා ඔබව ඔබගේ උරුමයට සුදුස්සන් බවට පත් කරවනවා. ඔහු සැබෑම පරමාත්ම පියායි. ඥාන අමෘතය පෙවූ දරුවන්, ඥාන සෑයේ අසුන් ගැන්වූ අය, ලෝක පාලක, දේවතාවරුත් කරපු අය දැන් මේ වන විට රාග සෑයේ අසුන්ගෙන දැවෙමින් සිටිනා බව පියා කියනවා. මම දැන් ඔවුන්ට ඥාන අග්නියේ අසුන් ගන්වා තද නින්දෙන් අවදි කරවා දෙව්ලොවට ගෙන යනවා. ඔය ජීවාත්මයන් සාම දේශයේ හා සතුටු දේශයේ වැසියන් බව පියා ඔබට කියා දී තිබෙනවා. සතුටු දේශය පාපයෙන් තොර දේශය, මුලුමනින්ම පාපයෙන් තොරයි. එහි සිටින්නේ දේවතාවරුනුයි. අනිත් දේශය මිහිරි නිවහනයි. ජීවාමයන්ගේ ලෝකයයි. සෑම නළුවෙක්ම ඒ ශාන්ත දේශයේ සිට තම තමන්ගේ චරිත කොටස රඟදැක්වීමට මෙහි පැමිණෙනවා. අප ජීවාත්මයන් මෙලොව වැසියන් නොවෙයි. ඒ නළුවන් මෙම ලෝකයේ වැසියනුයි. ඔවුන් තම නිවසේ සිට පැමිණ ඇඳුම් මාරු කර ගෙන තම තමන්ගේ චරිත කොටස් රඟදක්වනවා. ඔබ නැවතත් ආපසු යන ශාන්ත දේශය ඔබගේ නිවහන බව ඔබලා දන්නවා. සෑම නළුවෙක්ම වේදිකාවට පැමිණි විට, පරමාත්ම පියා පැමිණ ඒ සෑම කෙනෙක්වම ආපසු ගෙන යනවා. මෙන්න මේ නිසා තමයි ඔහු ගැලවුම්කරු හෝ මඟපෙන්වන්නා කියා හඳුන්වන්නේ. ඔහු දුක නැති කර සතුට දානය කරන්නායි. ඉතිත් එසේ නම් සෑම කෙනෙක්ම කොහේ යන්න ද? ඒ ගැන මදක් සිතා බලන්න. ඇයි ඔබ පාරිශුද්ධකරුට කන්නලව් කරන්නේ? ඔබගේම මරණයටයි. දුක් ලෝකයේ සිටීමට ඔබ අකමැති නිසා ගෙදර ගෙන යන්නැයි කියා ඉල්ලා සිටිනවා. මෙහි සෑම කෙනෙක්ම මුක්තිය ගැන විශ්වාස කරනවා. භාරතයේ පෞරාණික යෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. මිනිසුන් රාජයෝගාව ඉගැන්වීමට විදේශයන්ට යනවා. සන්නාසීවරුන්ට ගරු කරතා කි‍්‍රස්තියානුවත් බොහෝ පිරිසක් සිටිනවා. කහ සිවුර හතායෝගීවරුන්ගේ ඇඳුමයි. ඔබ ඔබගේ ගෙවල් දොරවල් අතහැර පැමිණිය යුත්තේ නැහැ. සුදු ඇඳුම්ම ඇඳිය යුතුයි යන බන්ධනයවත් ඔබට නැහැ. ඒත්, සුදු අඳිනවා නම් හොඳයි. ඔබ භතියක සිටියා. එතැන් පටන් මෙය ඔබගේ ඇඳුම වුණා. මේ දිනවල, මිනිස්සු සුදු පාටට ඉතාමත් කැමතියි. එමනිසා පළමුවෙන්ම පැමිණෙන සෑම කෙනෙකුටම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පියවරුන් දෙදෙනෙක් සිටිනවා. මෙම කරුණ තේරුම් ගැනීමට කාලයක් අවශ්‍යයි. ප්‍රදර්ශන වලදී බොහෝ දේ පැහැදිලි කළ යුත්තේ නැහැ. ස්වර්ණමය යුගයේ සිටින්නේ එකම එක පියායි. නමුත් මේ කාලයේදී පරමාත්ම දෙවියන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ ශරීරයට ඇතුලු වන නිසා ඔබට පියවරු තුන්දෙනෙක් සිටිනවා. ඔහුත් සෑම කෙනෙකුගේම පියායි. හොඳයි. පියවරුන් තුන්දෙනාගෙත් ඉහළම උරුමයක් අපට දෙන්නේ කවුද? අශාරිරික පියා උරුමය දෙන්නේ කෙසේද? ඔහු එය දෙන්නේ බ්‍රහ්මා හරහායි. මා හරහා ස්ථාපනය කරනා ඔහු උරුමය අපට දෙන්නෙත් මා හරහායි. මෙම පින්තුරය භාවිත කර ඉතාමත් පැහැදිලිව මෙය කියා දිය හැකියි. ශිව බාබාත් ප්‍රජාපිතා බ්‍රහ්මාත් සිටිනවා. ආදි දේව් හා ආදි දේවි. මොහු මී මුත්තායි. පරමාත්ම පියා කියනවා - ශිවා වන මට මී මුත්තයි කියන්නේ නැහැ. මම සෑම කෙනෙකුගේම පරමාත්ම පියායි. මොහු ප්‍රජාපිතා බ්‍රහ්මයි. ඔබලා සහෝදර සහෝදරියන්ය. කිසිම කෙනෙක්ට ඔබ දූෂිතව හිංසා නොකළ යුතුය. විවාහක යුවළක් අතර රාගික බැල්මක් ඇති වුවහොත් ඔවුන් පරාජයට පත් වී පරමාත්ම පියාව අමතකව යනවා. පරමාත්ම පියා කියනවා: ඔබ මගේ දරුවා වෙලත් මුහුණේ දැලි ගා ගන්නවා ද? අසීමිත පියා ඔය දරුවන්ට සියලු පහදා දෙනවා. මෙම කුල්මත් බව ඔබට තිබෙනවා. තමන් ගෙදරම ජීවත් විය යුතු බවත් ඔබ දන්නවා. ඔබගේ ලෞකික ඥාතීන්ට ඔබ වගකීම් ඉටු කළ යුතුයි. ඔබගේ ලෞකික පියාට ඔබ "තාත්තා" කිව යුතුයි. ඔහුට සහෝදරයා කියා ඇමතිය නොහැකියි. සාමාන්‍ය ලෙසින් කතා කරන්නාක් සේම "තාත්තා" කියා අමතන්න. ඔහු ඔබගේ භෞතික පියාය යන්න ඔබගේ සිහියේ තිබෙනවා. ඒ ඥානය ඔබට තිබෙනවා. මෙම ඥානය අසහායයි. මේ දිනවල, සෑම කෙනෙක්ම එකිනෙකාට නම කියාම කතා කරනවා. කෙසේවෙතත්, කවුරු හෝ අමුත්තෙක් ඉදිරියේ ඔබ ඔහුට සහෝදරයා කියා කතා කළහොත්, මට පිස්සුයි කියා ඔවුන් සිතාවි. ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි. ඔබගේ ඥානය අදෘශ්‍යමානයි, ඒවගේම ඥාති සබඳතාත් අදෘශ්‍යමානයි. සාමාන්‍යයෙන් කාන්තාවක් තම සැමියාගේ නම කියා ඔහුට කතා කරන්නේ නැහැ. පිරිමින් නම් තම බිරිඳට නම කියා කතා කරනවා. සෑම කෙනෙක් සමඟම ඔබ ඉතාමත් කල්පනාකාරීව හැසිරිය යුතුයි. ඔබගේ ලෞකික ඥාති හිතමිතුරන්ට වගකීම්දෙලොවට ගෙන යනවා. ඔය ජීවාත්මයත් සාම දේශයේ හා සතුටු දේශයේ වැසියන් බව පියා ඔබට කියා දී තිබෙනවා. සතුටු දේශය පාපයෙන් තොරදේශය. මුලුමනින්ම පාපයෙන් තොරයි. එහි සිටින්නේ දේවතාවරුනුයි. අනිත් දේශය මිහිරි නිවහනයි. ජීවාමයන්ගේ ලෝකයයි. සෑම නළුවෙක්ම ඒ ශාන්ත දේශයේ සිට තම තමන්ගේ චරිත කොටස රඟදැක්වීමට මෙහි පැමිණෙනවා. අපජීවාත්මයමෙලොව වැසියන් නොවෙයි. ඒ නළුවන් මෙම ලෝකයේ වැසියනුයි. ඔවුන් තම නිවසේ සිට පැමිණ ඇඳුරීමාරු කර ගෙන තම තමන්ගේ චරිත කොටස් රඟදක්වනවා. ඔබ නැවතත් ආපසු යන ශීත දේශය ඔබගේ නිවහන බව ඔබලා දන්නවා. සෑම නළුවෙක්ම වේදිකාවට පැමිණි විට, පරමාත්ම පියා පැමිණ ඒ සෑම කෙනෙක්වම ආපසු ගෙන යනවා. මෙන්න ඊනිසා තමයි ඔහු ගැලවුරීකරු හෝ මඟපෙන්වන්නා කියා හඳුන්වන්නේ. ඔහු දුක නැති කර සතුට දානය කරන්නායි. ඉතිත් එතර. සෑම කෙනෙක්ම කොහේයන්න ද? ඒ ගැන මදක් සිතා බලන්න. ඇයි ඔබ පාරිශුද්ධකරුට කන්නලව් කරන්නේ? ඔබගේම මරණයටයි. දුක් ලෝකයේ සිටිමට ඔබ අකමැති නිසා ගෙදර ගෙන යතැයි කියා ඉල්ලා සිටිනවා. මෙහි සෑම කෙනෙක්ම මුක්තිය ගැන විශ්වාස කරනවා. භාරතයේ පෞරාණික යෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. මිනිසුරාජයෝගාව ඉගැන්වීමට විදේශයන්ට යනවා. සන්නාසීවරුන්ට ගරු කරතා කි‍්‍රස්තියානුවත් බොහෝ පිරිසක් සිටිනවා. කහ සිවුර හතායෝගීවරුන්ගේ ඇඳුමයි. ඔබ ඔබගේ ගෙවල් දොරවල් අතහැර පැමිණිය යුත්තේ නැහැ. සුදු ඇඳුරීම ඇඳිය යුතුයි යන බන්ධනයවත් ඔබට නැහැ. ඒත්. සුදු අඳිනවා නම් හොඳයි. ඔබ සතියක සිටියා. එතැන් පටන් මෙය ඔබගේ ඇඳුම වුණා. මේ දිනවල. මිනිස්සු සුදු පාටට ඉතාමත් කැමතියි. එමනිසා. පළමුවෙන්ම පැමිණෙන සෑම කෙනෙකුටම පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පියවරුන් දෙදෙනෙක් සිටිනවා. මෙම කරුණ තේරුම් ගැනීමට කාලයක් අවශ්‍යයි. ප්‍රදර්ශන වලදී බොහෝ දේ පැහැදිලි කළ යුත්තේ නැහැ. ස්වර්ණමය යුගයේ සිටින්නේ එකම එක පියායි. නමුත් රිකාලයේදී පරමාත්ම දෙවියන් ප්‍රජාපිතා බමාගේ ශරීරයට ඇතුලු වන නිසා ඔබට පියවරු තුන්දෙනෙක් සිටිනවා. ඔහුත් සෑම කෙනෙකුගේම පියායි. හොඳයි. පියවරුන් තුන්දෙනාගෙත් ඉහළම උරුමයක් අපට දෙන්නේ කවුද? අශාරිරික පියා උරුමය දෙන්නේ කෙසේද? ඔහු එය දෙන්නේ බුමා හරහායි. මා හරහා ස්ථාපනය කරනා ඔහු උරුමය අපට දෙන්නෙත් මා හරහායි. මෙම පින්තුරය භාවිත කර ඉතාමත් පැහැදිලිව මෙය කියා දිය හැකියි. ශිව බාබාත් ප්‍රජාපිතා බත් සිටිනවා. ආදි දේව් හා ආදි දේවි. මොහු මී මුත්තායි. පරමාත්ම පියා කියනවා - ශිවා වත මට මි මුත්තයි කියන්නේ නැහැ. මම සෑම කෙනෙකුගේම පරමාත්ම පියායි. මොහු ප්‍රජාපිතා බ්‍රහ්මයි. ඔබලා සහෝදර සහෝදරියය. කිසිම කෙනෙක්ට ඔබ දූෂිතව හිංසා නොකළ යුතුය. විවාහක යුවළක් අතර රාගික බැල්මක් ඇති වුවහොත් ඔවුන් පරාජයට පත් වී පරමාම පියාව අමතකව යනවා. පරමාත්ම පියා කියනවා: ඔබ මගේ දරුවා වෙලත් මුහුණේ දැලි ගා ගන්නවා ද? අසීමිත පියා ඔය දරුවන්ට සියලු පහදා දෙනවා. මෙම කුල්මත් බව ඔබට තිබෙනවා. තමන් ගෙදරම ජීවත් විය යුතු බවත් ඔබ දන්නවා. ඔබගේ ලෞකික ඥාතීන්ට ඔබ වගකීම් ඉටු කළ යුතුයි. ඔබගේ ලෞකික පියාට ඔබ "තාත්තා" කිව යුතුයි. ඔහුට සහෝදරයා කියා ඇමතිය නොහැකියි. සාමාන්‍ය ලෙසින් කතා කරන්නාක් සේම "තාත්තා" කියා අමතන්න. ඔහු ඔබගේ භෞතික පියාය යන්න ඔබගේ සිහියේ තිබෙනවා. ඒ ඥානය ඔබට තිබෙනවා. මෙම ඥානය අසහායයි. මේ දිනවල, සෑම කෙනෙක්ම එකිනෙකාට නම කියාම කතා කරනවා. කෙසේවෙතත්, කවුරු හෝ අමුත්තෙක් ඉදිරියේ ඔබ ඔහුට සහෝදරයා කියා කතා කළහොත්, මට පිස්සුයි කියා ඔවුන් සිතාවි. ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි. ඔබගේ ඥානය අඳඅවශ්‍යමානයි, ඒවගේම ඥාති සබඳතාත් අදඅශ්‍යමානයි. සාමාන්‍යයෙන් කාන්තාවක් තම සැමියාගේ නම කියා ඔහුට කතා කරන්නේ නැහැ. පිරිමින් නම් තම බිරිඳට නම කියා කතා කරනවා. සෑම කෙනෙක් සමඟම ඔබ ඉතාමත් කල්පනාකාරීව හැසිරිය යුතුයි. ඔබගේ ලෞකික ඥාති හිතමිතුරන්ට වගකීම් ඉටු කළ යුතුයි. ඔබලාගේ සිහි බුද්ධිය ඉහළට යා යුතුයි. අපි අපගේ උරුමය පරමාත්ම පියාගෙන් දිනා ගන්නවා. ඒ වුණත් ඔබගේ මාමාට ඔබ "මාමා" කියා කතා කළ යුතුයි. තාත්තාට "තාත්තා" කියා කතා කළ යුතුයි. බ්‍රහ්ම කුමර කුමරියන් වී නොමැති අය තම තමත් සහෝදර සහෝදරියන් කියා සලකන්නේ නැහැ. බීකේ වරුන් වී ඇති අය පමණයි මේ දේවල් තේරුම් ගන්නේ. පිට අය මේ දේවල් අසා පුදුමයට පත් වේවි. මෙම කරුණු තේරුම් ගැනීමට ඉතාමත් හොඳ බුද්ධියක් අවශ්‍යයි. පරමාත්ම පියා ඔය දරුවන්ගේ සිහි බුද්ධිය පුළුල් කරවනවා. මුලදී ඔබලාට තිබුණේ සීමිත බුද්ධිනුයි. දැන් ඔබලාගේ සිහි බුද්ධිය අසීමිතත්වයට යනවා. ඔහු අපගේ අසීමිත පියායි. මේ සෑම කෙනෙක්ම අපගේ සහෝදර සහෝදරියන්ය. ගෙදරදී ඔබගේ නැන්දම්මාට ඔබ "නැන්දම්මා" කියා කතා කළ යුතුයි. "සහෝදරි" කියන්න යන්න එපා. ගෙදර දොරදී ඉතාමත් කල්පනාකාරීව ජීවත් විය යුතුයි. නැතිනම්, ඔබ ඔබගේ සැමියාට "සහෝදරයා" කියාත් නැන්දම්මාට "සහෝදරි" කියාත් කියන්න ගියහොත් මිනිස්සු බලයි මේ මොකද..? කියලා. ඔබ හැර වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. දෙවියනේ ඔබ පමණයි ඔබගේ කියුම් කෙරුම් දන්නේ කියා කියනවා. ඔබලා දැන් ඔහුගේ දරුවත් වී සිටිනවා. එමනිසා ඔබගේ ක්‍රම විධි දන්නේ ඔබම පමණයි. කිසිම කෙනෙක් කලබලයට පත් නොවන ආකාරයෙන් ඔබ ඉතාමත් ප්‍රවේසමෙන් ඉදිරියට යා යුතුයි. ප්‍රදර්ශන වලදී පළමුවෙන්ම ඔබට මේ කියා දෙන්නේ පරමාත්ම දෙවියන්ය යන්න ඔබ පැහැදිලි කළ යුතුයි. දැන් අපට කියන්න දෙවියන් කියන්නේ කවුදැයි කියලා. අශාරිරික ශිවාද ශාරීරික ශ්‍රී ක්‍රිෂ්ණාද? ගීතාවේ කියැවෙනවා: දෙවියන් කතා කරයි. ගීතාවේ සඳහන් ඒ වදන් පැවසුවේ පරමාත්ම ශිවාද, නැතිනම් ශ්‍රී ක්‍රිෂ්ණා ද? ක්‍රිෂ්ණා දෙවිලොව පළමු රජකුමරුයි. ක්‍රිෂ්ණාගේ උපන් දිනය ශිවාගේ උපන් දිනය යයි කියන්න බැහැ. ක්‍රිෂ්ණාගේ උපන් දිනය පැමිණෙන්නේ ශිවාගේ උපන් දිනයෙන් අනතුරුවයි. ශිව ජයන්තියෙන් පසුව ඔහු ශ්‍රී ක්‍රිෂ්ණ කුමරු වුයේ කෙසේද යන්න අවබෝධ කර ගත යුතු කරුණකි. පරමාත්ම පියා රාජයෝගාව උගන්වන නිසා පළමුව ශිව ජයන්තියත්, දෙවනුව ගීතා ජයන්තියත් ඒ සමඟම ක්‍රිෂ්ණ ජයන්තියත් සැමරෙනවා. මෙය ඔය දරුවන්ගේ සිහියට ඇතුල් වී තිබෙනවා. පරමාත්ම ශිව පියා මෙහි පැමිණෙන තෙක් ඔබට ශිව ජයන්තිය සැමරිය නොහැකියි. ශිවා පැමිණ ක්‍රිෂ්ණ දේශය ස්ථාපනය කරනා තෙක්, ක්‍රිෂ්ණ ජයන්තිය සමරන්නේ කෙසේද? ඔවුන් ක්‍රිෂ්ණ ජයන්තිය සැමරුවත් කිසිම දෙයක අර්ථය දන්නේ නැහැ. ක්‍රිෂ්ණා රජ කුමරෙක් වන අතර ඒ නිසාම ඔහු අනිවාර්යෙන්ම සිටින්නේ ස්වර්ණමය යුගයේ විය යුතුයි. දේවතාවරුන්ගේ රාජධානියක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ස්වාධිපත්‍යය ලැබුවේ එක් ක්‍රිෂ්ණා කෙනෙක් පමණක් නොවෙයි. ක්‍රිෂ්ණ දේශයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ක්‍රිෂ්ණ දේශය ගැන කතා කරනවා නම් මෙය අනිවාර්යත්ම කාන්ස් යක්ෂයින්ගේ දේශය විය යුතුයි. ක්‍රිෂ්ණ දේශය නව ලෝකය වන නමුත් කාන්ස්වරුන්ගේ දේශය පැරණි ලෝකයයි. දේවතාවරුන් හා යක්ෂයින් අතර යුද්ධයක් පැවති බවත් ඉන් දේවතාවරුන් ජයගත් බවත් සඳහන් වී තිබෙනවා. ජය ගත් බවත් සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත්, ඒක එහෙම නොවෙයි. කාන්ස්වරුන්ගේ දේශය විනාශ කර ක්‍රිෂ්ණ දේශය ස්ථාපනය කළා. කාන්ස්වරුන්ගේ දේශය තිබෙන්නේ පැරණි ලෝකයේයි. කාන්ස්වරුන් හා යක්ෂයින් නව ලෝකයේ සිටින්නේ නැහැ. දැන් මෙහි කෙතරම් නම් මිනිසුන් කන්දරාවක් සිටිනවාදැයි බලන්න. ස්වර්ණමය යුගයේ සිටින්නේ ඉතාමත් ටික දෙනයි. මෙයත් ඔබට තේරුම් ගත හැකියි. ඔබගේ බුද්ධිය දැන් මෙවන් දේ ගැන සිතනවා. දේවතාවරු සටන් කළේ නැහැ. දේවතා සමාජය සිටියේ ස්වර්ණමය යුගයේ පමණයි. නමුත් යක්ෂ සමාජය සිටියේ මෙහියි. දේවතාවරුන් හා යක්ෂයින් අතර නැතිනම්, කවුරවයින් හා පාන්දවයින් අතර යුද්ධයක් තිබුණේ නැහැ. ඔබලා රාවනව දමනය කරනවා. පරමාත්ම පියා කියනවා: මෙම පාප දුරු කරන්න ඔබට මුලු ලොවම ජය ගත හැකි වේවි. මෙහි කිසිම සටනක් නොමැත. සටන යන වචනය භාවිත කළහොත් එහි හිංසනයක් තිබෙනවා. ඔබ රාවන ජය ගත යුතුයි. නමුත් අහිංසකව. පරමාත්ම පියාව සිහි කිරීමෙන්ම ඔබගේ පාප දුරුවී යනවා. භාරතයේ පෞරාණික යෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. පරාමත්ම පියා කියනවා: ඔබලාගේ බුද්ධිය මා හා යෝගාවේ සම්බන්ධ කර ගත් විට ඔබගේ පාප සියල්ල දුරුවී යනු ඇත. පරමාත්ම පියා පාරිශුද්ධකරු වන අතර ඔබලාගේ සිහි බුද්ධියත් ඒ පරමාත්ම පියා සමඟ යෝග විය යුතුයි. එවිට අපිරිසිදු ඔබ පාරිශුද්ධ වේවි. ඔබ දැන් සැබවින්ම ඔහු හා යෝග වී සිටිනවා. මෙයට කිසිම සටනක් නැහැ. හොඳින් ඉගෙන ගෙන පරමාත්ම පියා හා සම්බන්ධ වන අය මීට පෙර කල්පයේ දී කළ ආකාරයෙන්ම පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගනු ඇත. මෙම පැරණි ලෝකය අනිවාර්යයෙන්ම විනාශ විය යුතුයි. ඔවුන් සෑම කෙනෙක්ම තම තමන්ගේ කර්ම ගිණුම් ගෙවා දමා නිවහන බලා යාවි. එහි පන්තියෙන් පන්තියට ඔබව මාරු කරවන අතර සෑම කෙනෙක්ම අංක පිළිවෙලට අසුන් ගන්නවා. ඔබත් අංක පිළිවෙලට එහි ගොස් තම රාජ්‍යය පාලනය කරාවි. අච්චා.

සුමිහිරි, ආදරණිය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සියල්ල සමනය වන මෙම කාලයේ දී ස්වර්ණමය යුගය ස්ථාපනය වෙමින් පවතිනවා. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. පරමාත්ම පියා කෙරෙහිවත් ඔහුගේ කාර්යභාරය කෙරෙහිවත් කිසිම සැකයක් තබා ගන්න එපා.

2. ඥානය හා සම්බන්ධතාවයන් අදෘශ්‍යමානයි. එමනිසා, අසීමිත බුද්ධියක් ඇතිව පවුලේ සැමත් සමඟ ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න. අන් අය කලබලයට පත් කරවන ආකාරයේ වචන කතා නොකරන්න.

වරදානය:
තමන්ගේ මත සහ අන් අයගේ මත අවසන් කර දැමීමෙන් ඔබ කෝටි ගුණයක් භාග්‍යවන්ත වී, ශ්‍රීමත් අනුසාරයෙන් කෝටි ගුණයක ආදායමක් උපයා ගනිත්වා.

ශ්‍රීමත් අනුගමනය කරන අයට තමන්ගේ මත හෝ අන් අයගේ මත වලට අනුව එකදු සිතිවිල්ලක්වත් තිබිය නොහැක. ඔබගේ මනෝ ස්ථීතියේ වේගය, වේගවත් නැත්නම්, අනිවාර්යෙන්ම තමන්ගේ හෝ අන් අයගේ මත ශ්‍රීමත් සමඟ මිශ්‍ර වී ඇති. මනසේ මත යනු ජීවාත්මයකගේ සීමිත සංස්කාර වලට අනුව පැන නඟින සිතිවිලි වන අතර මේවා ජීවාත්මය චංචල කරවයි. එබැවින් තමන්ව පරීක‍්ෂා කරන්න හෝ අන් අය ලවා ඔබව පරීක‍්ෂාවට ලක් කරගන්න. ශ්‍රීමත් නොමැතිව එකදු පියවරක්වත් නොගන්න, මන්ද ඔබට කෝටි ගුණයක ආදායමක් උපයාගෙන කෝටි ගුණයක් භාග්‍යවන්ත වීමට හැකි වන්නේ එවිට පමණයි.

පාඨය:
ලොවට සෙත සලසන ජීවාත්මයකගේ යුතුකම වන්නේ ඔබගේ මනසේ නිරන්තරයෙන් සියලු දෙනා වෙත හිතකාමී හැඟීම් තිබීමය.