11.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, යෝගා ගින්න මඟින් පව් අහෝසි කර සම්පූර්ණයෙන් සතෝප්‍රධාන් වන්න. කිසිඳු පාප ක්‍රියාවක නොයෙදෙන්න.

ප්‍රශ්නය:
සත් යුගයේ දී ඔබ ඉහළ තත්ත්වයක් ලබන්නේ කුමන පදනමක් මතද? මෙම ස්ථානයේ කුමන ක්‍රමය ගැනද ඔබ සැමට කිව යුත්තේ?

පිළිතුර:
සත් යුගයේ දී හොඳ තත්ත්වයක් ලබන්නේ පාරිශුද්ධිය පදනම් කරගෙනයි. කුඩා පරිමාණයකින් පාරිශුද්ධිය උකහා ගන්නා අය සත් යුගයට එන්නේ කල් පසු වී වන අතර ලබන්නේ ද පහළ තත්ත්වයකි. කෙනෙක් මෙහි ආ කල මෙහි ක්‍රමය ගැන මෙසේ කියා දෙන්න ඔබ යමක් අතහැර දන් දුන් කළ රාහු අපලය නැති වේ. පාප පහක් දානය කළ විට ඔබ කලා 16 කින් සම්පූර්ණ වෙයි. ඔබ සැම දරුවෙක් ම ඔබේ හදවතින් මෙසේ ඇසිය යුතුයි මා තුළ යම් පාප තිබේද?

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරනවා මනුෂ්‍යයින්ට දෙව්ලොව ස්ථාපිත වෙමින් පවතින බව පැහැදිලි කළ යුත්තේ කෙසේද කියා. අවුරුදු 5000කට පෙර භාරතයේ දෙව්ලොව පැවතුණි. එය ලක‍්ෂ්මි නාරායනගේ රජ දහන විය. ඔබ සිතිය යුතුයි එකල කොපමණ මිනිසුන් සිටියාද කියා. සත් යුගයේ ආරම්භයේ දී එහි සිටියේ වැඩිම වුණොත් නව ලක‍ෂ්‍යය සහ මිලියනය අතර ගණනකි. ආරම්භයේ දී වෘක්ෂය කුඩාය. මෙකල, කළි යුගයේ අවසානයේ දී වෘක්ෂය විශාල ලෙස වැඩී ඇත. එය දැන් නියතයෙන්ම විනාශ විය යුතුයි. ඔබ දරුවන් තේරුම් ගත යුතු වනවා මේ එම මහා භාරත යුද්ධයම බව. මෙකල තමා ගීතාවේ දෙවියන් රාජයෝගා උගන්වා දේව ආගම ස්ථාපනය කළේ. සංගම් යුගයේ දී නොගිණිය හැකි ගණනක් හෝ ආගම් විනාශ වූ අතර එක ආගමක් ස්ථාපනය විය. අවුරුදු 5000කට පෙර භාරතය දෙව්ලොව බවත් වෙනත් ආගම් නොතිබුණු බවත් ඔබ දනී. එවැනි නව ලෝකයක් ස්ථාපනය කිරීමට සංගම් යුගයේ දී පියා පැමිණේ. දැන් එය ස්ථාපනය කර තිබෙන අතර වියපත් ලෝකය විනාශ වීමට තිබේ. සත් යුගයේ දී තිබුණේ භාරත දේශයම පමණි. වෙනත් දේශ නොවීය. දැන් බොහෝ දේශ දේශාන්තර ඇත. භාරත දේශයත් තිබෙන නමුත් ආදී සනාතන දේවි දේවතා ධර්මය නැත. එය අතුරුදන් වී ගොසිනි. පරම පිතා පරමාත්මා දැන් එය බ්‍රහ්මා තුළින් නැවතත් ස්ථාපනය කරයි. අන් සියලු ආගම් විනාශ වනු ඇත. ඔබ සිහිතබා ගත යුතුයි සත් යුගයේ සහ ත්‍රේත යුගයේ දී වෙනත් රජ දහන් නොතිබූ බව. අන් ආගම් ද පැමිණියේ කල් පසු වීය. බොහෝ දුක, සාමයෙන් තොර බව සහ ප්‍රචණ්ඩත්වය ඇත. එය එම මහාභාරත යුද්ධය මයි. එක් පසෙක යුරෝපීය නිවැසියන් වන යාදවයින් විය. ඔවුන් අවුරුදු 5000කට පෙර ද මිසයිල නිපදවීය. කෞරවයින් සහ පාණ්ඩවයින් ද එකල සිටියහ. පරම පිතා පරමාත්මා පාණ්ඩවයින්ගේ උදව් කරුවා විය. ඔහු හැම කෙනෙකුටම මෙසේ කීවේය ගෙදර ජීවත් වන ගමන් ම මාව සිහිකළ විට ඔබේ පව් වැඩි නොවන අතර අතීත පව් අහෝසි වේ. දැනුදු පියා මෙසේ විස්තර කරයි භාරතයේ වැසියන් වු ඔබ සත් යුගයේ දි සතෝප්‍රධාන් ව සිට ඔබේ ජීවාත්ම දැන් උපත් 84ක ඇවෑමෙන් තමෝප්‍රධාන් විය. දැන් ඔබ සතෝප්‍රධාන් බවට පත් වන්නේ කෙසේද? පාරිශුද්ධකරුවා වන පියා වන මාව සිහි කිරීමෙන් පමණි ඔබ සතෝප්‍රධාන් බවට පත් වන්නේ. මෙම යෝගා ගින්නෙන් පමණයි ඔබේ පාප පිළිස්සී ගොස් ඔබ සතෝප්‍රධාන් බවට පත් වන්නේ. ඔබ එවිට දෙව්ලොව උපත් 21කට ඔබේ උරුමය ලබයි. කෙසේ වුවද මේ වියපත් ලෝකය විනාශ වී යා යුතුයි. සත් යුගයේ දී භාරතය ඉතා ඉහළ තත්ත්වයක තිබුණු අතර නව ලෝකය තුළ සිටියේ මිනිසුන් ඉතා සුළු ප්‍රමාණයකි. භාරතය දෙව්ලොව වූ අතර වෙනත් දේශ නොවීය. දැන්, අනෙකුත් සියලුම ආගම් වැඩි වී ඇති අතර වෘක්ෂය විශාල ලෙස වැඩී ගොස් තමෝප්‍රධාන් වී සම්පූර්ණ දිරාපත් වීමේ තත්ත්වය දක්වා පැමිණ ඇත. දැන් මෙම තමෝප්‍රධාන් වෘක්ෂය විනාශ වී යා යුතු අතර දේව ආගමේ නව වෘක්ෂය ස්ථාපනය වීමට ඇත. මෙය සිදුවන්නේ සංගම් යුගයේ දීම පමණි. ඔබ දැන් සිටින්නේ සංගම් යුගයේය. ආදී සනාතන දේවි දේවතා ධර්ම අංකුරය රෝපණය කර ඇත. අපිරිසිඳු මිනිසුන් පියා මඟින් පාරිශුද්ධිය ලබන අතර ඔවුන් දෙවි දේවතාවන් බවට පත් වේ. අංක එකට ආ ජීවාත්ම සත්තාවන් උපත් 84ක ඇවෑමෙන් නැවතත් අංක එක බවට පත් වේ. සියල්ලට පළමු ව ඇත්තේ දෙවි දේවතාවන්ගේ කොටසයි. වෙන් වී මුලින්ම පැමිණියේ ඔවුන්ය. ඔවුන්ගේ කොටස් නැවත පැමිණිය යුතුය. සත් යුගයේ දී ඔවුන් සියලු ගුණාංගයන්ගෙන් සම්පූර්ණය. දැන් ඇත්තේ පාපී ලෝකයයි. එය දිවා රෑ මෙන් වෙනසකි. පාපී ලෝකය පාපයෙන් තොර කරන්නේ කවුද? මිනිසුන් මෙසේ කෑගසයි පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! ඔහු දැන් පැමිණ ඇත. පරම පියා මෙසේ කියයි මම දැන් ඔබව පාපයෙන් තොර බවට පත් කරවනවා. මෙම පාපී ලෝකය විනාශය සඳහා යුද්ධය සිදුවිය යුතුය. දැන් නොගිණිය හැකි තරම් විශ්වාසයන් ඇති නිසා එක විශ්වාසයකට එන්නේ කෙසේ දැයි මිනිසුන් අසයි. එසේ බොහෝ විශ්වාස ඇති කළ එක ආගමක් කෙරේ පමණක් විශ්වාසය ස්ථාපනය කරන්නේ කවුද? පරම පියා මෙසේ විස්තර කරයි දැන් එකම විශ්වාසය ස්ථාපනය කර අනෙක් සියල්ල විනාශ වනු ඇත. ආදී සනාතන දේවි දේවතා ධර්මයේ පිරිසිඳුව සිටි අය උපත් 84ක ඇවෑමෙන් අපිරිසිඳු අය බවට පත් වී ඇත. පරම පියා පැමිණ නැවතත් වරක් භාරත නිවැසියන්ට දෙව්ලොව උරුමය ලබා දෙයි, එනම්, ඔහු යක්ෂයින් දෙවි දේවතාවන් කරවයි. ඔබට ඕනෑම කෙනෙකුට මෙසේ විස්තර කළ හැකියි: පරම පියා මෙසේ කියයි මාව සිහිකර අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වන්න. ඔබ දැන් සිටින්නේ ඥාන සෑය මතය. ඒ මත සිටීමෙන් ඔබ පිරිසිඳු වෙයි. ද්වෝපූර් යුගයේ දී, රාවණ් රාජ්‍යය ඇති වූ පසු ඔබ කාම රාග සෑයේ සිටි අතර ලෝකය දූෂිත බවට පත් වේ. අවුරුදු 5000කට පෙර දෙව් දේවතාවුන් සිටි අතර සිටියේ ඉතා සුළු ගණනකි. දැන් ඔවුන් ඉතා යක්ෂ තත්ත්වයේ සිටී. අනෙකුත් ආගම් එකතු වී ඇති අතර වෘක්ෂය විශාල ලෙස වැඩී ඇත. පරම පියා මෙසේ විස්තර කරයි වෘක්ෂය සම්පූර්ණ දිරාපත් තත්ත්වයට පත් වී ඇත. දැන් මා එකම විශ්වාසයක් ඇති රජදහන ස්ථාපනය කළ යුතුයි. භාරත් වාසීන් කියන්නේම එකම ආගමක් එකම විශ්වාසයක් තිබිය යුතු බවයි. සත් යුගයේ දී එකම ආගමක් තිබූ බව ඔවුන්ට අමතක වී ඇත. මෙහි, නොගිණිය හැකි තරම් බොහෝ ආගම් ඇත. පරම පියා පැමිණ ඇති අතර දැන් නැවතත් එකම ආගම ස්ථාපනය වෙමින් තිබේ. ඔබ දරුවන් දැන් රාජයෝගා උගනියි. ඇත්තෙන්ම රාජයෝගා උගන්වන්නේ පරමාත්ම දෙවියන් ම පමණි. කිසිවෙක් මෙය නොදනී. කෙනෙක් ප්‍රදර්ශනයක් විවෘත කිරීමට පැමිණි කළ, ඔබ විස්තර කර දිය යුතුයි, ඔහු විවෘත කරන්නේ කුමක් ද කියා පරම පියා මෙම භාරත ලෝකය දෙව්ලොවක් බවට පත් කරමින් සිටී. අපාය නිවැසියන් සියලු දෙනා විනාශ වෙයි. විනාශයට පෙර පරම පියාගෙන් උරුමය අවශ්‍ය අය පැමිණ තේරුම් කර ගත යුතුය. බීකේ ආශ්‍රමය වූ කලී නිරෝධායන පන්තියකි. ඔබ මෙහිදී දින හතකින් පාඩම් ලබා ගෙන පාප පහක් ඉවත් කරගත යුතුයි. දෙවි දේවතාවුන් තුළත් මෙම පාප පහ නැත. ඔබ දැන් මෙහිදී පාප පහ දුන් පසු පමණයි ඔබේ රාහු අපලය ඉවත් වන්නේ. එම දානය දී අපල දුරු කර ගන්න. ඔබ එවිට කලා දහසයකින් සම්පූර්ණ වෙයි. සත් යුගයේ දී භාරතය කලා 16 කින් සම්පූර්ණව තිබුණි. දැන් එකම කලාවක් වත් ඉතිරිව නැත. සැම දෙනම දුප්පත් තත්ත්වයට පත් වී ඇත. කෙනෙක් විවෘත කිරීමකට පැමිණි කල ඔවුන්ට මෙසේ කියන්න මෙහි ක්‍රමය වන්නේ පරම පියා කියන මෙයයි පාප පහ අත්හැර දානය කරන්න, එවිට සියලු අපල දුරු වෙයි. ඔබ එවිට කලා 16කින් සම්පූර්ණ දෙවි දේවතාවන් බවට පත් වෙයි. ඔබ යම් තත්ත්වයක් ලබන්නේ ඔබේ පාරිශුද්ධිය අනුවයි. කලා සුළු ප්‍රමාණයක් තිබීමෙන් ඔබ උපත ලබන්නේ කල් පසු වී ගොසිනි. පාප දානය කිරීම හොඳයි නේද? කලින්, චන්ද්‍ර ග්‍රහණය ඇති වූ විට බ්‍රාහ්මණයෝ දන් පිළිගැනීමට පුරුදුව සිටියා. දැන් බ්‍රාහ්මණයෝ වැදගත් මිනිසුන් බවට පත් වී සිටිනවා. දුප්පතුන් හිඟන්නට පටන් ගෙන ඇත. ඔවුන් පරණ ඇඳුම් ආදිය පවා බාර ගනිති. සත්‍ය ලෙසම බ්‍රහ්මිණ්වරු පරණ ඇඳුම් භාර නොගනිති. ඔවුන්ට දෙන්නේ අලුත් ඇඳුම්ය. ඔබ දැන් විස්තර කරනවා භාරතය කලා 16කින් සම්පූර්ණව තිබුණු බව. එය දැන් කලි යුගී වී ඇත. එය පාප පහෙන් වැසී ඇත. ඔබ පාප පහ දානය කර මෙම අවසන් උපතේ දී පිරිසිඳුව සිටියොත් නව ලොව හිමිකරුවන් බවට පත් වෙයි. සත් යුගයේ සිටියේ මිනිසුන් සුළු ගණනකි. පසුව එය වැඩි විය. විනාශය අත ලඟය. පරම පියා මෙසේ කියයි පාප පහ දානය කළ විට අපල දුරු වෙයි. ඔබ දැන් උසස් බවට පත් වී දෙව්ලොව සූර්ය වංශික රජ දහන ලබා ගත යුතුයි. ඔබ දූෂණය පිටු දැකිය යුතුයි. පාප පහ දානය කරන්න. ඔබේ හදවතින්ම අසන්න, ගුණාංගයන්ගෙන් පිරී සම්පූර්ණයෙන් පාපයෙන් තොර ද කියා. නාරද්ගේ ආදර්ශය ඇත. ඔබ ලක‍්ෂ්මි විවාහ වෙන්නේ කෙසේ ද එක පාපයක් හෝ තිබේ නම්? දිගටම උත්සාහ වන්ත වී අපිරිසිඳු දේ පුළුස්සන්න. රත්රන් රත් කර දිය වන විට අතර තුර සිසිල් වුවොත් අපිරිසිඳු දේ ඉවත් නොවනු ඇත. එම නිසයි ඔවුන් ඊට ඉතා දැඩි උෂ්ණත්වයක් යොදන්නේ. ඉන් පසු ඔවුන් ඒවා වෙන් වී ඇතැයි දුටු විට අච්චුවට වක්කරයි. පරම පියාම මෙසේ කියයි පාපයේ නොගැලෙන්න. තදින් උත්සාහවත් වෙන්න. සියල්ලට පළමු, බාබාට මෙසේ පිරිසිඳු වීමේ පොරොන්දුව දෙන්න බාබා, ඔබ මා පිරිසිඳු කිරීමට පැමිණ ඇත. මම කිසි විටෙක පාපයේ නොයෙදෙමි. ජීවාත්ම සත්තා විඥ්ඥාණයට පත් වන්න! පරම පියා ජීවාත්ම සත්තාවන් වන අපට විස්තර කරයි. ඔහු පරමාත්මාය. ඔබ දන්නවා ඔබ අපිරිසිඳු බව. සංස්කාර ඇත්තේ ජීවාත්ම සත්තාව තුළය. පරම පියා වන මා කතා කරන්නේ ඔබ ජීවාත්ම සත්තාවන්ටය. වෙන කිසිවෙකුට මෙසේ කිව නොහැකිය මා පරමාත්මා වන ඔබගේ පරම පියාය. මා පැමිණියේ ඔබ පිරිසිඳු කිරීමටයි. ඔබ පළමුව සතෝප්‍රධාන්ව සිට පසුව සතෝ, රජෝ සහ තමෝ යන මට්ටම් පසු කළා. ඔබ දැන් තමෝප්‍රධාන් බවට පත් වී ඇත. දැන් පංච මහා භූත පවා අපිරිසිඳු වී ඇති අතර ඒවා නිසා දුක ඇති වන්නේ ඒ නිසාය. හැම දෙයක් ම දුක ගෙනත් දෙයි. මේ මහාභූතම සතෝප්‍රධාන් වූ විට ඒවායින් ලැබෙන්නේ සතුටය. එයට කියන්නේ ම සතුටේ දේශය කියාය. මේ දුක් දේශයයි. සතුටු දේශය වූ කලී අසීමිත පියාගෙන් ලැබෙන උරුමයයි. දුක් ලෝකය රාවණ්ගෙන් ලැබෙන උරුමයයි. ඔබ ශ්‍රීමත් පිළිපැදි තරමට ඔබේ උසස් බවද වැඩිවේ. එවිට, හැම චක්‍රයේ ම මෙවැනි උත්සාහයන් දරන කෙනෙක් වශයෙන් ඔබ බොහෝ ප්‍රසිද්ධියක් ලබනු ඇත. මෙය හැම චක්‍රයේම ක්‍රීඩාව වෙයි. මහත් වූ උත්සාහයක් දරන අය රජ දහනේ වාසනාව උදා කර ගනී. හොඳින් උත්සාහ නොදරන අය තුන් වෙනි පංතියට වැටේ. ඔවුන් යටත් වැසියන් අතරේ වුවත් කොතැන වේ දැයි කිව නොහැක. භෞතික පියෙක් මෙසේ කියයි ඔබ මගේ නමට අපහාස කරනවා. ගෙදරින් පිට වෙන්න! අසීමිත පරම පියා ද මෙසේ කියයි ඔබ මායාගෙන් කොතරම් පහර කනවා දැයි කිව හොත් ඔබ සූර්ය හෝ චන්ද්‍ර වංශ වල කොටස් කරුවෙක් නොවේ. ඔබ ඔබෙන්ම පහර ලබයි. පරම පියා මෙසේ කියයි උරුමක්කරුවෙක් වන්න. ඔබ ස්වාධිපත්‍යයේ තිලකය පතන්නේ නම්, මා සිහිකරමින් අන් අයටද සිහිගන්වමින් රජ වරුන් බවට පත් වන්න. එය අනුපිළිවලින් සිදුවේ. ඇතැම් බැරිස්ටර්වරු එක නඩුවකින් සිය දහස උපයන අතර අන් අයට අඳින්න කෝට් එකක් පවා උපයා ගත නොහැකියි. සියලු දේ රඳා පවතින්නේ උත්සාහය මතයි. ඔබ උත්සාහ දැරුවොත් ඉහළ තත්ත්වයක් ලැබේ. ඔබ හිමිකරුවන් හෝ යටත් වැසියන් වුවද මනුෂ්‍ය බවින් දේවි දේවතා බවට වෙනස් විය යුතුමයි. යටත් වැසියන් අතරේ ද වැඩ කරුවන් හා වැඩකාරියන් ඇත. ශිෂ්‍යයාගේ ක්‍රියාකාරීත්වය අනුව ගුරුවරයෙකුට මෙය කිව හැකිය. විශ්මය නම් පසු වී ආ අය පළමුව ආ අයට වඩා ඉදිරියෙන් සිටින්නේ දිනෙන් දිනම ඔබ දිගටම වඩා පිරිසිඳු කරුණු ලබා ගන්නා නිසාය. ඔබ දිගටම පැළ ඉන්දන්න. පළමුව ආ අය පැන ගිය අතර අලුත් අය දිගටම එකතු වෙයි. ඔබ දිගටම නව කරුණු ලබා ගනී. ඉතා උපක්‍රමශීලීව විස්තර කෙරේ. බාබා මෙසේ කියයි මා ඔබේ බුද්ධියේ ශ්‍රද්ධාව ක්ෂණිකව ඇති වන ලෙස ඉතා ගැඹුරු සතුටට හේතු වන කරුණු කියා දෙමි. මට මේ කොටස තිබෙන තුරු මම දිගටම ඔබට උගන්වමි. මෙයද නාටකයේ නියමිත වී ඇත. ඔබ කර්මටීට් තත්ත්වයට ළඟා වන විට ඔබේ අධ්‍යයනය ද සම්පූර්ණ වෙයි. ඔබ දරුවන්ට මෙය වැටහෙයි. ඔබ විභාගයකද ප්‍රතිඵල අවසානයේ දී දනී. මෙම අධ්‍යයනයේ අංක එකේ විෂය පාරිශුද්ධියයි. ඔබට බාබාව සිහි නොවන අතර ඔහුගේ සේවය නොකරන තාක් ඔබ විවේක නොගත යුතුය. ඔබේ සටන ඇත්තේ මායා සමඟයි. මිනිසුන් රාවණ්ගේ පඹයා පිච්චුවත්, ඔහු කවුදැයි නොදනියි. ඔවුන් දෂෙරා ඉහළින් සමරයි. ඔබ දැන් පුදුම වෙනවා රාමා දෙවියන්ගේ සිතා දේවිය පැහැරගත් ආකාරය ගැන. එවිට ඔහු වඳුරු හමුදාවක් යෙදුවා. මෙය සිදු විය හැකිද? ඔවුන් කිසිවක් තේරුම් ගන්නේ නැත! ඔවුන් ප්‍රදර්ශනයකට ආ විට පළමුවෙන්ම මෙසේ අසන්න භාරතයේ ලක‍්ෂ්මි නාරායන රජ දහන තිබුණු විට මිනිසුන් කොපමණ ඉන්න ඇත්ද? එය අවුරුදු 5000කට පෙර සිදු වූවකි. ඊට පෙර එය කලි යුගය විය. දැන් කළි යුගය වන අතර එම මහා භාරත යුද්ධයම තිබේ. පරම පියා පැමිණ රාජයෝගා උගන්වයි. විනාශය ද සිදුවනු ඇත. මෙහි එක ආගමක් සහ එක විශ්වාසයක් තිබිය හැක්කේ කෙසේද? එනම්, සාමය තිබිය හැක්කේ කෙසේද? ඔවුන් එක විශ්වාසයක් සඳහා පමණක් වලි කන අතර ඒ තරමටම සටන් ද කරයි. පරම පියා මෙසේ කියයි මම ඔවුන්ට සටන උනන්දු කර ඔබට වටිනා බටර් ටික දෙමි. පරම පියා මෙසේ විස්තර කරයි යමක් කරන අය ප්‍රතිලාභ ලබනු ඇත. ඇතැම් දරුවන් ඔවුන්ගේ පියාට වඩා උසස් වෙයි. ඔබ මට ද වඩා පොහොසත් වෙමින් මුළු ලෝකයේ හිමිකරුවන් බවට පත් වෙයි. මම එසේ පත් නොවෙමි. මම ඔබ දරුවන්ට සේවය කරන්නේ ආත්මාර්තයෙන් තොරවය. මා දන් දෙන්නාය. ඔබ කිසිවෙක් නොසිතිය යුතුයි ඔබ ශිව බාබාට රුපියල් පහක් දෙන බව, මක් නිසාද යත් පියාගෙන් ඔබ දෙව්ලොව දී මිලියන පස් වතාවක් ලබා ගන්නා නිසාය. ඉතින් මෙය දීමක්ද? ඔබ ශිව බාබාට දෙන්නේ යැයි සිතනවා නම් එය ශිව බාබාට අපහාසයකි. පරම පියා ඔබව එතරම්ම උසස් කරවයි. ඔබ ශිව බාබාගේ භාණ්ඩාගාරයට රුපියල් පහක් දමයි. එවිට බාබා මිලියන පහක් දෙයි. ඔහු ඔබව බෙලි කටු බවින් දියමන්ති බවට හරවයි. කිසි විටෙක නොසිතන්න ශිව බාබාට දුන්නා කියා! ඔහු එතරම්ම අහිංසක ස්වාමිවරයෙකි. ඔබ කිසි විටෙක සිතිය යුතු නැත බාබාට දෙනවා කියා. නැත, ඔබ ශිව බාබාගෙන් උපත් 21කට උරුමය ලබන්නෙහිය. කොහොමද එය භාරගන්නේ ඔබ එය පිරිසිඳු අදහසකින් නොදුන්නොත්. ඔබ මේ සියලු දේ ගැන බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. මිනිසුන් කියන්නේ දෙවියන්ගේ නාමයට දෙනවා කියාය. ඔහුට අවශ්‍යද? නැත. ඔවුන් අදහන්නේ ඊළඟ උපතේ එය නැවත ලැබීම ගැනයි. පරම පියා දැන් ඔබට මෙහි සිට සුකර්ම, විකර්ම හා අකර්ම ගැන ගැඹුරු දහම විස්තර කරයි. මේ රාවණ් රාජ්‍යයේ කරන හැම ක්‍රියාවක් ම විකර්ම වන්නේ එය රාවණ් රාජ්‍යය නිසාමය. සත් යුගයේ ක්‍රියා අකර්මය. මම දැන් ඔබ එම පාප නොමැති ලොවට මාරු කර ගෙන යමි. බාබා ඔබේ මුදල් වලින් කුමක් කරන්නද එතරම් විශාල දරුවන් පිරිසක් සිටිත්දී? මම ප්‍රයෝජනයක් නැති දේ ගන්නා අත්දැකීමෙන් තොර නැවත ගෙවන වෙළෙන්ඳෙක් නොවෙමි. මම ඉතා හොඳ වෙළෙන්දෙක්මි. මම ඔබට මෙසේ කියමි මට කිසිවක් අවශ්‍ය නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තීව්‍ර ලෙස උත්සාහවන්ත වී පාපී කෙලෙස් යෝගා ගින්නෙන් දියකර හරින්න. පාරිශුද්ධියෙන් සිටින බවට ස්ථීර පොරොන්දුවක් දෙන්න.

2. ඔබේ බුද්ධියේ සුකර්ම, අකර්ම හා විකර්ම දර්ශනය තබා ගනිමින් ඔබට ඇති සියලු දේ නව ලෝකයට මාරු කරන්න.

වරදානය:
ඔබගේ බුද්ධි ඇස, පැහැදිලි සහ ප්‍රවේසමෙන් තබා ගැනීමෙන් ඔබ මාස්ටර් දැනුමින් පිරිපුන් සහ බලයෙන් පිරිපුන් වේවා.

ඔවුන්ගේ ජ්‍යෝතිෂය සහ දශා පිළිබඳ දැනුම තුළින්, පැමිණීමට ඇති ව්‍යසන ගැන ජ්‍යෝතිෂ්‍යවේදින්ට දැන ගත හැක. ඒ ආකාරයෙන්ම මායාගෙන් පැමිණීමට යන ප්‍රශ්න පත්‍ර ගැන ඔය දරුවන්ට කල් තියා දැනගත හැක. එබැවින්, සම්මාන ඇතිව සමත් වීමට නම්, ඔබගේ බුද්ධියේ ඇස පැහැදිලිව තබාගෙන සැලකිලිමත් වන්න. දිනෙන් දින, ඔබගේ සිහිකිරීමේ සහ නිහැඬියාවේ බල වැඩි කරගන්න, එවිට යම් දෙයක් සිදුවීමට යන්නේ කුමන දිනයේද කියා ඔබට කල් තියා දැන ගැනීමට හැකි වෙයි. මාස්ටර් දැනුමින් පිරිපුන් සහ බලයෙන් පිරිපුන් වන්න, එවිට ඔබ කිසිදා පරාජය නොවෙයි.

පාඨය:
පාරිශුද්ධත්වය, නවතාවය වන අතර, ඥානයේ පදනම එයයි.