11-11-2020 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්


සුමිහිරි දරුවනි, ඔබ වර්තමානයේදී ලෝක සේවකයන්ය. ඔබ කිසිම අන්දමකින් ශරීර අවධානයට පත් නොවිය යුතුයි.

ප්‍රශ්නය:

ආධ්‍යාත්මික නීතියට පටහැනි සහ විශාල හානියක් සිදු කරන්නේ කුමන පුරුද්දද?

පිළිතුර:

චිත්‍රපටි කතා වලට සවන් දීම හෝ නවකතා කියවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිය. මෙසේ කිරීමෙන් විශාල හානියක් සිදු වෙයි. බාබා, ඔය දරුවන්ට එවන් පොත් කියවීම තමනම් කර තිබේ. කවුරු හෝ බීකේ කෙනෙක් එවන් පොත් කියවන්නේ නම්, ඔබට ඔවුන්ට අනතුරු ඇඟවිය හැක.

ගීතය:

මනස, ඔබගේ හදවත නමැති කැඩපතෙහි ඔබගේ මුහුණ බලන්න!

ඕම් ශාන්ති. සුමිහිරිතම පියා, සුමිහිරිතම දරුවන්ට පවසන්නේ සිහිපත් කිරීමේ වන්දනාවේ ඔබ කෙතරම් ප්‍රගතියක් ලබා තිබේද එසේම තමෝප්‍රධාන් බවින් ඔබ කෙතරම් සතෝප්‍රධාන් වී තිබේද කියා තමන්ව පරීක‍ෂා කර බලන්න, මන්ද ඔබ සිහිපත් කිරීමේ වැඩියෙන් සිටින තරමට, ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී යනු ඇත. මෙම වැකි කිසිම ග්‍රන්ථයක සඳහන් වී තිබේද? ආගමික ග්‍රන්ථ නිර්මාණය වුණේ, ආගමික නායකයන් විස්තර කර දුන් කුමන හෝ දේට අනුවයි. ඉන්පසුව මිනිසුන් ඒවා හදාරයි. ඔවුන් එම ග්‍රන්ථ වන්දනා කරයි. ‘තම ශරීරය සහ සියලුම ශාරීරික සබඳතා අත්හැර, තමා ජීවාත්මයක් බව සලකන්න’ කියා ලියා ඇති බැවින්, මෙය වටහා ගත යුතු දෙයකි. ඔය දරුවන් මුලින් මෙහි පැමිණියේ අශාරීරිකව බව, පරම පියා ඔබට මතක් කර දෙයි. එහි ඔබ පිවිතුරුව සිටියි. අපවිත්‍ර ජීවාත්මයන්ට විමුක්තියට හෝ ජීවන මුක්තියට යා නොහැක. එය අශාරීරික, දුර්ගුණ වලින් තොර ලෝකයයි. මෙයට කියන්නේ ශාරීරික, දූෂිත ලෝකය කියාය. ඉන්පසුව ස්වර්ණමය යුගයෙදී මෙම ලෝකය, දුර්ගුණ වලින් තොර වෙයි. ස්වර්ණමය යුගයේ ජීවත් වුණු දේවතාවන්ගේ ප්‍රශංසා බොහෝ තිබේ. ඔය දරුවන්ට කියා ති බෙන්නේ මෙම සියලුම දේවල් හොඳින් ධාරණය කරගෙන අන් අයට විස්තර කරන්න. ඔය ජිවාත්ම කොහේ සිට පැමිණියත් ඔබ පිවිතුරුව සිටියා! ඔබ මෙහි පැමිණි විට ඔබ අනිවාර්යෙන්ම අපවිත්‍ර විය යුතුයි. ස්වර්ණමය යුගයට දුර්ගුණ වලින් තොර ලෝකයද කලි යුගයට දූෂිත ලෝකය යැයිද කියයි. ඔබ පාරිශුද්ධකරු වන පරම පියාව සිහි කරයි. ඔබ කියන්නේ අපව පිවිතුරු සහ දුර්ගුණ වලින් මුදවාගැනීම සඳහා, දූෂිත ලෝකයට, දූෂිත සිරුරකට පැමිණෙන්න, පරම පියාම මෙතැන අසුන්ගෙන විස්තර කරන්නේ මිනිසුන් බ්‍රහ්මාගේ පිංතූරය ගැන අවුලට පත් වී මෙසේ විමසයි ඔබ දාදාගේ මෙම පිංතූරය මෙහි තබන්නේ ඇයි? මෙම කෙනා ‘භාග්‍යවන්ත රථය’ බව ඔබ විස්තර කළ යුතුයි. ශිව දෙවියන් පවසයි මා මෙම රථය ගන්නේ, මා අනිවාර්යෙන්ම පදාර්ථයන්ගේ ආධාරය ගත යුතු නිසාය. මා, ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරන්නේ වෙන කෙසේද? මා අනිවාර්යෙන්ම ඔබට දිනපතාම ඉගැන්විය යුතුයි. පරම පියා දැන් ඔය දරුවන්ට පවසන්නේ තමන් ජීවාත්ම බව සළකා, නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. සියලුම ජීවාත්ම ඔවුන්ගේ පියාව සිහි කළ යුතුයි. ක්‍රිෂ්ණා සියලුම ජීවාත්මයන්ගේ පියා යැයි කිව නොහැක. ඔහුට තමන්ගේම සිරුරක් තිබේ. පරම පියා ඔබට මෙය ඉතා පහසුවෙන් විස්තර කරයි ඔබ අන් අයට විස්තර කරන ඕනෑම විටෙක, ඔවුන්ට කියන්න පරම පියා පවසන්නේ, ඔබ මෙහි අශාරීරිකව පැමිණි අතර, ඔබ ආපසු යා යුත්තේද අශාරීරිකවයි. එහි සිට පැමිණෙන්නේ පිවිතුරු ජීවාත්ම පමණයි. හෙට දින පැමිණි කවුරු වුවද, පිවිතුරු වනු ඇති අතර, ඔහු අනිවාර්යෙන්ම ප්‍රශංසාවට ලක් වෙයි. තම නාමයන් කීර්තිමත් වන සන්යාසීන් සහ ගෘහවාසීන් නිසැකයෙන්ම ඔවුන්ගේ පළමුවන උපතේ විය යුතුයි. ඔවුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපිත කිරීමට පමණයි. බාබා, ගුරු නානක් ගැන විස්තර කරයි. ඔබ අනිවාර්යෙන්ම ‘ගුරු’ යන නම ලිවිය යුතුයි, මන්ද, නානක් යන නම, බොහෝ දෙනෙකුට ති බෙන බැවින්. යමෙකුට ප්‍රශංසා කරන විට, එම ප්‍රශංසාව අරුත්බර විය යුතුයි. ඔබ නිවැරදි වැකිය භාවිත නොකරන්නේ නම්, එය නිවැරදි නැති බව හැඟෙයි. ඒකායන ගුරු හැර වෙනත් කෙනෙක් නොමැති බව, ඔය දරුවන්ට විස්තර කර තිබේ. ඔහු ගැනයි ඔබ පවසන්නේ අමරණීය කෙනා, සත්ගුරුය. ඔහු අමරණීය ස්වරූපයයි, එනම්, කිසි දිනෙක මරණය අත් නොවිඳින ඒකායන කෙනාය. ඔහු ජීවාත්මයකි. ඔවුන් අසුන්ගෙන එම කතාපුවත් නිර්මාණය කර ති බෙන්නේ ඒ නිසාය. ඔබගෙන් බොහෝ දෙනෙක් තවමත් චිත්‍රපටි කතා සහ නවකතා කියවයි. බාබා ඔය දරුවන්ට අනතුරු අඟවයි ඔබ නවකතා ආදිය කියැවිය යුතු නැත. සමහරුන්ට මෙම පුරුද්ද තිබේ. මෙහි ඔබ සිය ගුණයක් භාග්‍යවන්ත අය බවට පත්වෙමින් සිටිනවා. සමහර බීකේවරුන්ද නවකතා කියවයි. මේ නිසයි බාබා සියලුම දරුවන්ට පවසන්නේ ඔබ යම් කෙනෙක් නවකතාවක් කියවනවා දුටුවොත්, එය ගෙන ඉරා දමන්න! යමෙක් ඔබට සාප කරයි හෝ ඔබත් සමග කෝප වෙයි කියා, ඔබ බිය විය යුතු නැහැ. එවන් කිසිවක් නැත. එකිනෙකාට අනතුරු ඇඟවීමේ වගකීම ඔබට තිබේ. චිත්‍රපටි කතා පුවත් වලට සවන් දීම හෝ ඒවා කියැවීම, නීතියට පටහැනිය. යමෙකුගේ හැසිරීම නීතිගරුක නැත්නම්, ඔබ සැනෙකින් බාබාට එය සැල කර සිටිය යුතුයි. ඔවුන් තමන්ව නිවැරදි කරගන්නේ වෙන කෙසේද? ඔවුන් දිගින් දිගටම තමන්ට හානි සිදුකරගනී. ඔබටම යෝගා බලය නොමැති නම්, ඔබ අසුන්ගෙන වෙන අයට කියා දෙන්නේ මොනවාද? බාබා ඔබට තහනම් කරයි. කෙනෙක් මෙවැනි දේ සිදු කරන්නේ නම්, ඔහුගේ යටි සිත නිසැකයෙන්ම ඔහුට වද දෙනු ඇත. තමන්ට පාඩුවක් සිදුවෙයි. එබැවින් ඔබ මෙම දුර්වලතාවය වෙන අය කෙරෙහි දකින විට, ඔබ බාබාට ලිපියකින් දන්වා සිටිය යුතුයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නීති විරෝධීද? මෙකල ඔය බ්‍රහ්මනයන් සේවකයන්ය. බාබා මෙසේද පවසයි දරුවනි, නමස්කාර! ඔහු අරුත් සහිතව ඔබට විස්තර කරදෙයි. අන් අයට උගන්වන දරුවන් තුළ කිසිම ශරීර අවධානයක් නොතිබිය යුතුයි. ගුරුවරයෙක්, ශිෂ්‍යයන්ගේ සේවකයෙකි. ආණ්ඩුකාරවරුන් ආදිය ඔවුන්ගේ ලිපි වල අත්සන් කරන්නේ මෙම වචන යොදාගනිමිනි, ‘මා ඔබගේ කීකරු සේවකයාය’ . ඔවුන්ගේ නම ඊට පහළින් අත්සන් තබයි. ලිපිකරුවෙක් ලිපිය අතින් ලියයි. ඔහු තමාගේම වර්ණනාව නොලියනු ඇත. මෙකල ගුරූන් තමන්ගේම නම්බු නාම ‘ශ්‍රී ශ්‍රී’ වශයෙන් ලියයි. මෙහිද ‘ශ්‍රී අහවල් කෙනා’ යැයි ලියන සමහරුන් සිටියි. ඇත්ත වශයෙන්ම ඔබ මෙය නොලිවිය යුතුයි ඒ වගේම කාන්තාවක් තමන්ට ‘ශ්‍රීමති’ කියාද නොලිවිය යුතුයි. ඔබට ශ්‍රීමත් ලබාගත හැක්කේ, ශ්‍රී ශ්‍රී ශිව බාබාම පැමිණ, ඔබට උපදෙස් ලබා දෙන විට පමණයි. ඔවුන් අනිවාර්යෙන්ම දේවතාවන් බවට පත් වූයේ කාගේ හෝ උපදෙස් පිළිපැදීමෙන් බව කියමින් ඔබට විස්තර කර දිය හැක. ඔවුන් එතරම් ශ්‍රේෂ්ඨ ලෝක අධිපතියන් බවට පත් වුයේ කෙසේද කියා, භාරතයේ කිසිම කෙනෙක් නොදනී. මෙම කුල්මත්භාවය ඔබ තුළ ඉහළ නැඟිය යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කයේ පිංතූරය, සෑම විටෙකම ඔබගේ හදවත අභියස තිබිය යුතුයි. මෙය ඕනෑම කෙනෙකුට පෙන්වා ඔබට මෙසේ කිව හැක පරමාත්ම දෙවියන් අපට උගන්වා, අපව ලෝකයේ අධිරාජ්‍යවරුන් බවට පත් කරවනවා. පරම පියා පැමිණ ති බෙන්නේ මෙම රාජධානිය ස්ථාපිත කිරීමටයි. පැරණි ලෝකයේ විනාශය අත ලඟයි. ඔය තරුණ දියණියන්ට ඔබගේ ළදරු වැනි භාෂාවෙන් අන් අයට විස්තර කළ හැක. පැවැත්වෙන විශාල සම්මන්ත්‍රණ වලට, ඔවුන් ඔබට ආරාධනා කළ විට, ඔබට මෙම පිංතූරය රැගෙන ගොස්, මොවුන්ගේ රාජධානිය නැවත වරක් භාරතයේ ස්ථාපිත වන බව, ඔවුන්ට විස්තර කළ හැක. ඔබට ඕනෑම විශාල රැස්වීමක මෙය විස්තර කළ හැක. ඔබට මුළු දවස පුරාම, සේවයේ කුල්මත්භාවය තිබිය යුතුයි. භාරතයේ ඔවුන්ගේ රාජධානිය ස්ථාපිත වෙමින් පවතිනවා. බාබා අපට රාජයෝගා උගන්වනවා. ශිව දෙවියන් පවසයි ඕ දරුවනි, තමන් ජීවාත්ම බව සලකා මා සිහි කරන්න, එවිට ඔබ පරම්පරා 21 කට මෙය බවට පත් වෙයි. ඔබ දිව්‍යමය ගුණධර්මද ධාරණය කරගත යුතුයි. වර්තමානයේ සෑම කෙනෙකුටම රකුසු ගති තිබේ. එක් ශ්‍රී ශ්‍රී ශිව බාබා පමණයි ඔබව උසස් කරවන්නේ. එම උසස්ම උසස් පියා, අපට උගන්වනවා. ශිව දෙවියන් පවසයි මන්මනභව! ‘භාග්‍ය රථය’ බොහෝ සුප්‍රසිද්ධයි. බ්‍රහ්මාට ‘භාග්‍යවන්ත රථය’ යැයි කියයි. ඔහුට ‘මහාවීර්’ යැයිද කියයි. ඔහු මෙහි දිල්වාලා දේවාලයේ අසුන්ගෙන සිටිනවා. එම දේවාලය තැනූ ජයිනයින්ට, මේ කිසිවක් වැටහෙන්නේ නැත. ඔය තරුණ දියණියන්ට ගොස් ඒ ඕනෑම තැනක සංචාරය කළ හැක. ඔබ දැන් බොහෝ සෙයින් ශ්‍රේෂ්ඨ වනවා. භාරතයේ අරමුණ සහ ඉලක්කය මෙයයි. ඔබ තුළ බොහෝ කුල්මත්භාවය තිබිය යුතුයි! බාබා මෙහිදී ඔබගේ කුල්මත්භාවය ඉහළ නංවයි. ඔබ සෑම කෙනෙක්ම පවසන්නේ ඔබ ලක‍ෂ්මි හෝ නාරායන් වන බවයි. රාමා හෝ සීතා වීමට ඔබගෙන් කිසිවෙකු අත් ඔසවන්නේ නැත. ඔබ දැන් අවිහිංසාවාදී සටන් කාමීන්ය. අවිහිංසාවාදී සටන්කාමීන් වන ඔබලාව කිසි කෙනෙක් නොදනී. ඔබට මෙය දැන් වැටහෙයි. ගීතාවේ ‘මන්මනභව’ යන ව්‍යවහාරය තිබේ. තමන් ජීවාත්මයක් බව සලකන්න! මෙයද වටහා ගත යුතු දෙයකි. වෙනත් කිසිවෙකුට මෙය වටහාගත නොහැක. පරම පියා මෙතැන අසුන් ගෙන ඔබට ඉගැන්වීම් ලබා දෙයි දරුවනි, ජීවාත්ම අවධානයට පත් වන්න. එවිට ඔබගේ මෙම පුරුද්ද, උපත් 21 කට පැවතෙයි. ඔබට ලැ බෙන මෙම ඉගැන්වීම්, උපත් 21 ක් සඳහාය. බාබා ඔබට ප්‍රධානතම දෙය, නැවත නැවතත් ඔබට විස්තර කරයි ඔබලා ජීවාත්ම බව සලකමින් මෙතැන අසුන්ගන්න. පරම පියා, පරමාත්ම ජීවය, මෙතැන අසුන්ගෙන ජීවාත්ම වන අපට විස්තර කරයි. ඔබ නැවත නැවතත් ශරීර අවධානයට පත් වී, ඔබගේ නිවෙස් සහ පවුලේ අයව සිහි කරයි. මෙය සෑම විටෙකම සිදු වෙයි. භක්ති මාර්ගයේදීද, ඔවුන්ගේ භක්තියේ ඔවුන් යෙදී සිටින අතර, ඔවුන්ගේ බුද්ධිය වෙනත් දිසාවන් ඔස්සේ සැරිසරයි. එම සිතේ ඒකාග්‍රතාවයෙන් අසුන්ගෙන සිටිය හැක්කේ, දැඩි භක්තියේ යෙදෙන අයට පමණයි. එයට ගැඹුරු භක්තිය යැයිද කියයි. ඔවුන් සම්පූර්ණයෙන්ම සෙනෙහසේ ගිලී සිටියි. විටෙක, ඔබ සිහිපත් කිරීමේ අසුන්ගෙන සිටින විට, ඔබ සම්පූර්ණයෙන්ම අශාරීරික වෙයි. එවන් ස්ථීතියක අසුන් ගන්නේ හොඳ දරුවන් පමණයි. ඔබ මෙම පුරුද්ද ඇති කරගත යුතුයි. පංච මහා භූත සහ බ්‍රහම් ආලෝක පදාර්ථය ගැන ඥානය, සන්යාසීන්ට ඇත. ඔවුන් පවසන්නේ අප එය තුළට මුසු වනු ඇත. අප මෙම පැරණි සිරුරු හළා, බ්‍රහම් පදාර්ථයට මුසුවනවා. සෑම කෙනෙකුටම තමන්ගේම ආගම තිබේ. කිසිම කෙනෙක් අන් අයගේ ආගම ගැන විශ්වාස කරන්නේ නැත. ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත්ව සිටි අයද තමෝප්‍රධාන් වී ඇත. ගීතාවේ දෙවියන් පැමිණියේ කවදාද? එය ගීතාවේ යුගය වූයේ කවදාද? කිසි කෙනෙක් මෙය නොදනී. පරම පියා පැමිණ අපට රාජයෝගාව උගන්වන්නේ සංගම යුගයෙදී පමණක් බව, ඔබ දන්නවා. ඔහු අපව තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් කරවනවා. මෙයින් හැඳින්වෙන්නේ භාරතය පිළිබඳවයි. අනිවාර්යෙන්ම අසංඛේය ආගම් සංඛ්‍යාවක් තිබේ. එක් ධර්මයේ ස්ථාපනයත්, අසංඛේය ආගම් වල විනාශයත් සිදුවන බව සිහි කෙරෙයි. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ආගමක් පමණයි. දැන් කලි යුගයේ අසංඛේය ආගම් ප්‍රමාණයක් තිබේ. ඉන්පසුව එක් ධර්මයක ස්ථාපනය සිදු වෙයි. එක් ධර්මයක් පැවතුණි, නමුත් එය දැන් නොපවති. අන් සියල්ලක්ම තවමත් මෙහි පවති. නුග ගසේ නිදසුන සම්පූර්ණයෙන්ම නිවැරදියි. අත්තිවාරම නොපවතින නමුත්, මුළු ගසම තවමත් ඍජුව ඇත. ඇත්ත වශයෙන්ම දේවතා ධර්මය දැන් නොපවති. කඳ වශයෙන් තිබුණු, ආදි සනාතන දෙවි දේවතා ධර්මය දැන් අතුරුදහන්වී ඇත. පරම පියා දැන් නැවත වරක් ස්ථාපනය සිදු කරනවා. අන් සියලුම විවිධ ආගම් පැමිණියේ පසුවයි, මන්ද චක්‍රය නිසැකයෙන්ම නැවත ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි, එනම්, පැරණි ලෝකය නැවතත් අළුත් වෙයි. නව ලෝකයේදී එය ඔවුන්ගේ රාජධානිය විය. ඔබට විශාල පිංතූර මෙන්ම කුඩා පිංතූරද තිබේ. ඔබ යම් විශාල දෙයක් ඔසවා යනවා දැක, මිනිසුන් ඔබගෙන් ‘ඔබ ඔසවාගෙන යන්නේ කුමක්ද?’ කියා විමසු විට, ඔවුන්ට කියන්න අපි ඔසවා ගෙන යන්නේ, මනුෂ්‍යයින්ට, යාචකයන්ගෙන් රජකුමරුන් බවට පරිවර්ථනය වීමට උගන්වන එම දෙයයි. ඔබගේ හදවත් වල විශාල උද්යෝගයක් සහ ප්‍රීතියක් තිබිය යුතුයි. ජීවාත්ම වන අප, පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. පරමාත්ම දෙවියන් ජීවාත්ම වන අපට උගන්වනවා! බාබා අපව ඔහුගේ දෑසේ හිඳුවා, අපව ආපසු නිවසට රැගෙන යයි. අපට තව දුරටත් මෙම කිලිටි ලෝකයේ සිටීමට අවශ්‍ය නොවෙයි. ඔබ තව දියුණුවත්ම බොහෝ අසරණ බවේ අඳෝනා ඇසෙයි! මිලියන ගණනින් මිනිසුන් මිය යයි. මෙය ඔය දරුවන්ගේ බුද්ධියේ ඇත. ඔබගේ දෑසින් දැකිය හැකි කිසිම දෙයක් ඉතිරි නොවෙයි. මනුෂ්‍යයන් කටු මෙනි. ස්වර්ණමය යුගය, මල් උයනයි. එහි ඔබගේ දෙනෙත් සිසිල් වෙයි. ඔබ උද්‍යානයකට ගිය විට ඔබගේ දෙනෙත සිසිල් වෙයි. ඔබ දැන් කෝටි ප්‍රකෝටි ගුණයකින් වාසනාවන්ත වෙනවා. බ්‍රහ්මනයන් වන අයගේ දෙපතුල අභියස මිලියන ගණන් තිබෙයි. ඔබ මෙම රාජධානිය ස්ථාපිත කරන බව ඔය දරුවන් විස්තර කළ යුතුයි. බාබා බැජ් සාදවා තිබෙනේනේ මේ නිසාය. සුදු සාරියක් ඇඳ, ඔබගේ බැජ් එකද පැලඳගන්න, මෙයින් ඉබේටම දිගටම සේවය සිදුවෙයි. මිනිසුන් ගායනා කරන්නේ ජීවාත්මයන් දීර්ඝ කාලයක් පරමාත්ම ජීවයගෙන් වෙන් වී සිටියා, කෙසේවෙතත්, ඔවුන්ට ‘දීර්ඝ කාලයක්’ හි අරුත වැටහෙන්නේ නැත. ඔබ ඔහුව දීර්ඝ කාලයකට පසුව, වසර 5000 කට පසුව මුණ ගැසෙන බව, පරම පියා ඔබට කියා තිබේ. එමෙන්ම මෙම ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ වන්නේ, රාධේ සහ ක්‍රිෂ්ණා බවත් ඔබ දන්නවා. ඔවුන් ස්වර්ණමය යුගයේ පළමුවන රජ සහ රැජිණයි. ඔවුන් මෙහි පැමිණියේ කෙසේද කියා කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ස්වර්ණමය යුගයට පෙර නිසැකයෙන්ම කලි යුගය තිබිය යුතුයි. ඔවුන් ලෝකයේ අධිපතියන් බවට පත් වූයේ කුමන ක්‍රියා සිදු කිරීමෙන්ද? භාරතයේ ජනයා ඔවුන් ලෝකයේ අධිපතියන් බව සලකන්නේ නැත. භාරතයේ එය ඔවුන්ගේ රාජධානිය වූ කල්හි, වෙනත් ආගම් තිබුණේ නැත. පරම පියා ඔබට රාජයෝගාව උගන්වන බව ඔය දරුවන්ට දැන් වැටහෙනවා. ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙයයි. දේවාල වල ඔවුන්ගේ පිංතූර ති බෙන නමුත්, මෙකල ස්ථාපනය සිදුවන බව ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔබටද මෙය වැටහෙන්නේ අංක පිළිවෙලටයි. සමහරුන්ට මේ සියලුම දේ සම්පූර්ණයෙන්ම අමතක වෙයි ඔවුන්ගේ හැසිරීම පෙර තිබූ සේ වෙයි. මෙහිදී, ඔවුන්ට සෑම දෙයක්ම වැටහෙන නමුත්, ඔවුන් පිටතට ගිය සැනින්, සෑම දෙයක්ම අවසන් වෙයි. ඔබ සේවය කිරීමට කැමැත්තක් දැක්විය යුතුයි. මෙම පණිවිඩය සෑම කෙනෙකුටම ලබා දීමට ක්‍රම සාදා ගන්න. ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ සෑම කෙනෙකුටම කුල්මත්භාවයෙන් යුතුව මෙසේ කිව යුතුයි ශිව බාබා පවසන්නේ ‘මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි.’ අපි එක් ශිව බාබා හැර වෙනත් කිසිවෙක් සිහිපත් නොකරන්නෙමු. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. සෑම විටෙකම ඔබගේ අරමුණ සහ ඉලක්කයේ පිංතූරය ඔබ සමග තබාගන්න. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වීමේ කුල්මත්භාවයෙන් සිටින්න. එහිදී අපගේ දෙනෙත සිසිල් වන අන්දමේ, එවන් මල් උයනකට අපි යනවා.
  2. සේවය කිරීමට බොහෝ කැමැත්තෙන් සිටින්න. විශාල පිංතූර භාවිත කරමින්, බොහෝ උද්යෝගයකින් සහ ත්‍යාගශීලි හදවතකින් සේවය කරන්න. යාචකයන්ව, රජකුමරුන් බවට පරිවර්ථනය කරන්න.

වරදානය:

ඔබ සියලු ආකාරයේ සේවාවන් සිදු කරන්නෙක් වී, යග්යාවට සේවය කිරීමෙන්, සියලු ලැබීම් වල ප්‍රසාද හිමි කර ගනිත්වා.

සංගම යුගයේ සියලු ආකාරයේ සේවාවන් කිරීමට අවස්ථාවක් ලැබීමත් නාටකයේ සෝපානයකි. සෙනෙහසින් යුතුව යග්යාවේ සියලුම ආකාරයේ සේවාවන් සිදු කරන අයට ඉබේටම සියලු ලැබීම්වල ප්‍රසාද් හිමිවෙයි. ඔවුන් බාධක වලින් නිදහස්ව සිටියි. ඔවුන් එක් වරක් පමණක් සේවය කර, එම සේවයේ ඵලය දහස් ගුණයක් ලබයි. සූක‍ෂම සහ භෞතික ‘ලන්ගාර්’ (නොකඩවා පුදන ආහාර) සෑම විටම නොකඩවා සිදු විය යුතුයි. ඕනෑම කෙනෙක්ව තෘප්තිමත් කිරීම, විශාලතම සේවයයි. ආගන්තුක සත්කාර පුද කිරීම, සියල්ලට වඩා මහා භාග්‍යයකි.

පාඨය:

ඔබගේ ස්ව අභිමානයේ ස්ථාවරව රැඳී සිටින්න, එවිට සියලු ආකාරයේ අහංකාරකම් ඉබේටම අවසන් වෙයි.

*** ඕම් ශාන්ති ***