11.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ වැඩි වැඩියෙන් පියාව සිහි කළ තරමට වැඩි වැඩියෙන් බුද්ධියේ අගුළු විවර වේවි. පරම පියාව සිහි කිරීම නිතර නිතරම අමතක කරනා අයව හැඳින්වෙන්නේ අවාසනාවන්ත දරුවන් ලෙසිනුයි.

ප්‍රශ්නය:
ඔබගේ ගිණුම හර කර ගැනීමේ පදනම කුමක්ද? ලොකුම ආදායමක් ගෙන එන්නේ කුමක්ද?

පිළිතුර:
ඔබ, දානය කිරීමෙන් ඔබගේ ගිණුමේ හර පැත්ත වැඩි කර ගන්නවා. අන් අයට පරම පියාව හඳුන්වා දුන් තරමට ඔබගේ ආදායම ද තව තවත් වැඩි වේවි. මුරලි හැදෑරීමෙන් ඔබ විශාල ආදායමක් උපයා ගන්නවා. මෙම මුරලි අවලස්සන ඔබව ලස්සන කරවනවා. මුරලියේ ඇත්තේ මහා පරම විජ්ජාවක්. ඔබට ඉතාමත් ධනවත් කෙනෙක් බවට පත් විය හැකි වන්නේ මුරලිය හැදෑරීමෙනුයි.

ගීතය:
වැටෙන්නට ඉඩ ඇති මාවතේ අප ප්‍රවේසමෙන් ඉදිරියටම යා යුතු වේ...

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ඔය දරුවන් අමතා මෙසේ පැහැදිලි කර කියා දේ දරුවනි, ඔබ වැටෙන්න ඉඩ තිබේ, ඔබ ප්‍රවේසම් විය යුතුයි. පරම පියාව නිතර නිතරම අමතක කරනවා යනු වැටීමයි. පරම පියා සිහි කරනවා යනු ප්‍රවේසම් වීමයි. මායා ඔබට පරම පියාව අමතක කරවනවා. මෙය අළුත් කරුණක්. ඇත්තෙන්ම, කිසිම කෙනෙක්ට කිසිම විටෙක මෙම පියාව අමතක කළ නොහැකියි. බිරිඳක් කිසිම විටෙක තම ස්වාමි පුරුෂයාව අමතක කරන්නේ නැහැ. ඔවුන් දෙදෙනා විවාහ ගිවිසුණු සැනකින්ම ඒ දෙදෙනාගේ සිහිය එකිනොකාගේ වෙතම බැඳී තිබෙනවා. අමතක වීමක් කියා දෙයක් සිදු වන්නේ නැහැ. ස්වාමි පුරුෂයෙක් ස්වාමි පුරුෂයා වන අතර පියෙක් පියා වෙනවා. දැන්, මොහු අශරීරික පරම පියා වන අතර ඔහු මනාලයා ද වෙනවා. බැතිමතුන් මනාලියන් වශයෙන් හඳුන්වනවා. මේ කාලයේ සෑම කෙනෙක්ම භක්තිවන්තයෙක් වන නමුත් සිටින්නේ එකම එක දෙවි කෙනෙකුයි. බැතිමතුන්ව මනාලියන් කියා හඳුන්වනා අතර දෙවියන් මනාලයා වෙනවා. ඒ වගේම බැතිමතුන් දරුවන් වන අතර දෙවියන් පරම පියා වෙනවා. දැන් සියළුම ස්වාමි පුරුෂයින්ගේත් ස්වාමි පුරුෂයා හා සියලුම පියවරුන්ගේත් පියා වන්නේ එකම එක කෙනායි. පරමාත්ම ජීවය සෑම සියලු ජීවයකම පරම පියායි. නමුත් සෑම කෙනෙක්ටම ඒ ඒ අයගේ භෞතික පියෙකුත් සිටිනවා. ඒ පාරලෞකික, පරමාත්ම පියා තමයි එකම එක පරමාත්මය, සියලුම ජීවයන්ගේ පරම පියා. ඔහුගේ නම ශිව බාබායි. පරමාත්ම පියා, අබූ කියා ලිපිනය නිකම් ලියා ලියුමක් ලිව්වොත් එය මෙහාට එන්නේ නැහැ. ඔබ ඔහුගේ නම ලිවිය යුතුයි. ඔහු අසීමිත පියායි. ඔහුගේ නම ශිවාය. මිනිස්සු ශිව කාෂි ගැන සඳහන් කරනවා. එහි ශිව දේවාලයක් තිබෙනවා. අනිවාර්යෙන්ම ඔහු එහි සිටින්නට ඇති. රාමා එහේ මෙහේ ඇති බව ඇත්තයි. කෙසේ වෙතත් ඔහු අශරීරිකයි. ඔහු හඳුන්වන්නේ පරම පිය කියලයි. වෙන කිසිම කෙනෙක්ව සෑම කෙනෙකුගේම පියා කියා හඳුන්වන්න බැහැ. ඔහු බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර්ගේත් පියා වෙනවා. ඔහුගේ නම ශිවායි. කාෂි හි ඔහු වෙනුවෙන් දේවාලයක් තිබෙනවා. සෝමනාථ දේවාලයක් උජ්ජේන් හි තිබෙනවා. ඔහු වෙනුවෙන් මෙතරම් දේවාල රාශියක් තනා ඇත්තේ ඇයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ ලෙසින්ම ලක්ෂ්මි හා නාරායන් වන්දනා කරනා අය ඔවුන් දෙව්ලොව පාලකවරුන්ව සිටියා කියා කිව්වත් ඒ කියනා දිව්‍ය ලෝකය තිබුණේ කොයි කාලයේ ද ඔවුන් එහි පාලකවරුන් වූයේ කෙසේ ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. තමන් වන්දනා කරනා අය ගැන වන්දනාකරුවන් හරියට දන්නේ නැතිනම් ඔවුන්ව හඳුන්වන්නේ අන්ධ විශ්වාසයෙන් සිටිනා අය ලෙසයි. මෙහිදීත් ඔබෙන් ඇතැම් අය ‘බාබා‘ කියා කිව්වත් තවම ඔබට හරිම අවබොධයක් නැහැ. ඔබ පරම මව හා පරම පියාව දන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායන් අදහන්නෝ ඔවුන්ව වන්දනා කරනවා. ඔවුන් ශිව දේවාල වලටත් ගොස් ඔහුගේ ගුණ ගයනවා ඔබ තමයි මව ඔබ තමයි පියා. කෙසේ වෙතත්, ඔහු තමන්ගේ මව පියා වන්නේ කෙසේද, කවදා ද කියා ඔවුන් හරියටම දන්නේ නැහැ. භාරතයේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ක්‍රිස්තියානුවන් හා බෞද්ධයින් ක්‍රිස්තුන්වහන්සේවත් බුදුන්වහන්සේවත් සිහි කරනවා. ඔවුන්ගේ කතාව ඔවුන්ට එක් ක්ෂණයකින් පැවසිය හැකියි ක්‍රිස්තියානි ධර්මය ස්ථාපනය කිරීමට ක්‍රිස්තුන්වහන්සේ මෙන්න මේ කාලයේ දී පැමිණියා කියා ඔවුන් කියාවි. නමුත් භාරතවාසීන් තමන් වන්දනා කරනා අය ගැන කිසිම දෙයක් හරි හැටි දන්නේ නැහැ. ඔවුන් ශිවා ගැනවත් බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් ගැනවත් ජගදම්බා හෝ ජගත් පිතා ගැනවත් ලක්ෂ්මි නාරායන් ගැනවත් කිසිම දෙයක් ගැන හරිහැටි දන්නේ නැතිව නිකම් වන්දනා කරනවා. ඔවුන්ගේ ජීවිත කතා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. පරම පියා මෙහි සිට ඔය ජීවයන්ට පහදා කියනවා ඔබලා ස්වර්ණමය යුගයේ සිටි කාලයේ දී ජීවයත් ශරීරයත් දෙකම පාරිශුද්ධව තිබුණා ඔබ එහි පාලනය ගෙන ගියා. ඔබ සැබවින්ම එහි පාලනය කළ බව ඔබලා දන්නවා. පසුව නැවත උපත් ගනිමින් උපත් 84ක් විඳ පැමිණෙන විට ඒ රාජ්‍යය අහිමි කරගෙන. ලස්සන ඔබ අවලස්සන වුණා. ඔබ ලස්සනට සිටියා. නමුත් දැන් අවලස්සන වෙලා. මේ දිනවල නාරායන්ගේ රූපය තද නිල් පැහැයෙන් සාදනවා. ඒ ක්‍රිෂ්ණාත් නාරායන්ම බව පෙන්වීමට. නමුත් මේ කාරණා ගැන මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිසයිල නිපදෙව්වේ යාදවයින්. කවුරවයින් හා පාන්ඩවයින් සහෝදරයින්. ඒ සහෝදරයින් යක්ෂයින් වන අතර මේ සහෝදරයින් දිව්‍යමය සහෝදරයින් වෙනවා. මෙම සහෝදරයිනුත් යක්ෂයින් ලෙස සිටියා. නමුත් පරම පියා ඔවුන්ව දිව්‍යමය සහෝදරයින් බවට පත් කෙරෙව්වා. ඉතින් ඒ සහෝදරයින් දෙපිරිසට මොකක්ද වුණේ? පාණ්ඩවයින් අනිවාර්යෙන්ම ජය ලද අතර කවුරවයින් පරාජිත වුණා. මෙහි සිටිනා අතර ඇතැම් අය ‘මමා‘ ‘බාබා‘ කියා කිව්වත් ඔවුන් ඔවුන්ව අඳුනන්නේ නැහැ. ඔවුන් පරම පියාගේ ශ්‍රීමත් පිළිපදින්නේ නැහැ. බාබා තමන්ට රාජයෝගා උගන්වන බව ඔවුන් දන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව ඔවුන් තුළ රැඳෙන්නේ නැහැ. ශාරීරික අවධානය නිසා ඔවුන් තම ශාරීරික ඥාති හිතමිතුරන්ව සිහි කරනවා. මෙහිදී ඔබ අශරීරික පියාව සිහි කළ යුතුයි. කිසිම මනුෂ්‍යයෙකුට විස්තර කළ නොහැකි මෙය අළුත්ම කරුණක්. මව පියා සමඟ මෙහි සිටියාම වුවත් ඇතැම් අය ඔහුව හඳුනා ගන්නේ නැහැ. මෙය මහා පුදුමයක්. ඔවුන් මෙහි ඉපදී සිටියත් ඔහු අශරීරික නිසා ඔහුව හඳුනා ගන්නේ නැහැ. ඔවුන්ට ඔහුව පැහැදිලිව තේරුම් ගන්න බැහැ. පසුව ඔහුගේ උපදෙස් අනුගමනය නොකිරීම නිසා ඔවුන් දැනුමින් පුදුමයට පත් වුවත් පසුව පැන යන අය වෙනවා. උපත් 21කටම දෙව්ලොව උරුමය ලබා දෙන කෙනාව හඳුනා නොගැනීම නිසා ඔවුන් පසුව පැන යනවා. පරම පියාව හඳුනාගත් අය වාසනාවන්තයින් ලෙස හැඳින්වෙනවා. සැම කෙනෙක්වම දුකින් මුදවා ගන්නේ එකම එක පරම පියායි. ලෝකය පුරා විහිදී ඇත්තේ මහා විශාල දුකක්. කෙසේ වෙතත් මෙම අධිරාජ්‍යය දූෂිත රාජ්‍යයක්. නාටකයට අනූව වසර 5000 කට පසුව නැවතත් වතාවක් මෙම දූෂිත ලෝකයම ස්ථාපනය වේවි. එවිට පියා නැවතත් ස්වර්ණමය යුගයේ අති උතුම් පාරිශුද්ධ ස්වාධිපත්‍ය රාජ්‍යය ස්ථාපනය කිරීමට නැවතත් පැමිණෙනවා. ඔබලා සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් වීමට දැන් පැමිණ සිටිනවා. මෙය මිනිසුන්ගේ ලෝකයක්. දේවතාවරුන්ගේ ලෝකය ඇත්තේ ස්වර්ණමය යුගයේයි. මෙහි සිටින්නේ අපිරිසිඳු මානව ජීවයනුයි. පාරිශුද්ධ දේවතාවරුන් සිටින්නේ ස්වර්ණමය යුගයේයි. බ්‍රහමින්වරුන් බවට පත් වීමට සිටිනා අයට පමණයි මෙම පැහැදිලිතාවය ලැබෙන්නේ. බ්‍රහමින්වරුන් වීමට සිටින්නන් නොකඩවාම සියල්ල පැහැදිලි කර ගනීවි. සෑම කෙනෙක්ම බ්‍රහමින්වරයෙක් වෙන්නෙත් නැහැ. බ්‍රහමින්වරුන් වන අය පමණයි පසුව දේවතාවරුන් වන්නේ. බ්‍රහමින්වරුන් වූයේ නැතිනම් දේවතාවරයෙක් වෙන්න බැහැ. ‘මමා‘ ‘බාබා‘ කියා එක් වතාවක් කියුවොත් ඔවුන් බ්‍රහමින් වංශයට ඇතුළත් වෙනවා. පසුව අධ්‍යයනය සඳහා ඔවුන් කෙතරම් උත්සාහයක් දරණවාද යන්න මත තමයි සියල්ල තීරණය වෙන්නේ. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙනවා. ඒබ්‍රහම් තුමා, බුදුන්වහන්සේ ආදී අය රාජ්‍යයක් ස්ථාපනය කරන්නේ නැහැ. ක්‍රිස්තුන්වහන්සේ පැමිණ ක්‍රිස්තු ධර්මය ස්ථාපනය කිරීමට කෙනෙකුගේ ශරීරයට ඇතුළු වුණා. එවිට ක්‍රිස්තු ධර්මයට අදාල ජීව ඔහු අනුගමනය කර ඉහළ සිට පහළට පැමිණියා. සියලුම ක්‍රිස්තියානි ජීව දැන් පැමිණිලයි සිටින්නේ. දැන් අවසානයේ දී සෑම කෙනෙක්ම නැවතත් ආපසු නිවහන බලා යා යුතුයි. පරම පියා සෑම කෙනෙකුටම මඟපෙන්වන්නෙක් වී ඔවුන්ව දුකින් මුදවා ගන්නවා. මුළු මනුෂ්‍ය ප්‍රජාවගේම මඟපෙන්වන්නා හා විමුක්තිදායකයා පරම පියායි. ඔශූ සියලුම ජීව ආපසු ගෙන යාවි. ජීව අපිරිසිඳු වී සිටිනා නිසා ආපසු නිවහන බලා යා නොහැකිවයි සිටින්නේ. අශරීරික ලෝකය වෙතට ඔවුන්ට යා හැක්කේ එවිටයි. මෙන්න මේ නිසා තමයි ඔවුන් අහෝ දෙවියනේ කිය කියා කන්නලව් කරන්නේ. පරමාත්ම දේවියන් පැමිණ මුළු ලෝකයම අන්ත දූෂිත තත්ත්වයකට පත් වුණු විට තමන් පැමිණෙන බව කියනවා. එකිනෙකාව මරා දැමීමට ඔවුන් වෙඩි උණ්ඩ බෝම්බ ආදිය නොනවත්වාම නිපදවනවා. එක් පැත්තකින් බෝම්බ සාදනා අතර අනිත් පැත්තෙන් ස්වභාවික ව්‍යසන, ජල ගැලීම් හා භූමිකම්පා ආදිය ඇති වෙනවා. අකුණු ගසාවි, මිනිසුන් ලෙඩ වී ඇද වැටේවි. ඇයි...? මහ පොළොවට පොහොර අවශ්‍යයි. පොහොර සාදන්නේ අපද්‍රව්‍ය වලින්. ඉහළම ගණයේ උසස් අස්වැන්නක් ලබා ගැනීමට මුළු ලෝකයටම පෝෂණය අවශ්‍ය වෙලයි තිබෙන්නේ. ස්වර්ණමය යුගයේ තිබුණේ භාරතය පමණයි. දැන් විශාල පිරිසක් විනාශ වීමටයි යන්නේ. පරම පියා කියනවා මම දේවතා ධර්මය ස්ථාපනය කිරීමට පැමිණෙනවා අන් සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ, ඔබ දෙව් ලොවට යාවි. සැම කෙනෙක්ම දිව්‍ය ලෝකය සිහි කළත් ඒ කියනා දෙව්ලොව කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කෙනෙක් මිය ගිය විට ස්වර්ගස්ත වුණා කියා කියනවා. අහා! කලි යුගයේ දී කෙනෙක් මිය ගියා නම් ඔහු අනිවාර්යෙන්ම නැවත උපත ලබන්නේත් කලි යුගයටමයි. ඇතැම් අයට මෙතරම් දෙයක්වත් තේරුම් ගැනීමට සිහියක් නැහැ. අචාර්ය, මහාචාර්ය නම්බුනාම තිබුණත් මේ තරම් දෙයක්වත් ඔවුන්ට තේරෙන්නේ නැහැ. මානව ජීව දේවාලයක විසීමට තරම් උසස් අය වශයෙනුයි සිටියේ. එය කිරි සයුර වන අතර මෙය වස සයුර වෙනවා. මේ සියල්ල පහදා දෙන්නේ පරම පියායි. ඔහු උගන්වන්නේ මානව ජීවයන්ටයි. ඔහු සිව්පා සතුන්ට උගන්වන්නේ නැහැ. පරම පියා පැහැදිලි කර කියනවා මෙම නාටකය කල් තබාම තීරණය වූවක්. කෙනෙක් ධනවත් වුණු තරමට ඔහුගේ බඩු බාහිරාදියත් ඒ වගෙයි. දුප්පතුන් ළඟ ඇත්තේ මැටි භාජන නමුත් ධනවතුන් ළඟ වස්තු සම්භාර රාශියක් තිබෙනවා. ස්වර්ණමය යුගයේ දී ඔබ ධනවත්ව සිටි නිසා රත්‍රං දියමන්ති ඔබ්බවා සෑදූ මාලිගා ඔබට තිබුණා. එහි කුණු ගොඩවල් හෝ කිසිම දුර්ගන්ධයක් නැහැ. මෙහේ හරිම දුගඳයි. හඳුන්කූරු පත්තු කරන්නේ ඒ නිසයි. එහි ඇත්තේ මල් වලින් විහිදෙන ස්වභාවික සුගන්ධයක්. හඳුන්කූරු පත්තු කිරීමට අවශ්‍ය නැහැ. දිව්‍ය ලෝකය කියන්නේ ඒකටයි. ඒ දෙව්ලොව පාලකවරුන් බවට ඔබව පත් කරවීමට පරම පියා ඔබට උගන්වනවා. බලන්න ඔහු කෙතරම් සාමාන්‍ය කෙනෙක් ද කියලා. එවන් වූ පරම පියකේව මතක් කරන්නත් ඔබට ඇතැම් විට අමතක වෙනවා. ඔබට ඔහුව අමතක වෙන්නේ සම්පූර්ණ විශ්වාසයක් නැති නිසයි. සත්යුග උරුමය ලබා දෙන පරම මව පරම පියාව අමතක වෙනවා කියන්නේ මහා විශාල අවාසනාවක්. පරම පියා පැමිණ ඔබව ඉහළම ඉහළ අය බවට පත් කරවනවා. එවන් මවකගේ හා පියෙකුගේ උපදෙස් අනුගමනය කළේ නැති නම් ඔබ 100% ක් අවාසනාවන්ත කෙනෙක් කියා තමයි හැඳින්වෙන්නේ. එක් එක් අය එක් එක් ආකාරයේයි. හොඳින් ඉගෙන ගෙන ලෝක පාලකවරයෙක් වීමත් දැසි දස්සෙක් හෝ සේවකයෙක් වීමත් අතර මහා විශාල වෙනසක් තිබෙනවා. තමන් කොයි තරම් දුරට ඉගෙන ගන්නවාද කියා ඔබටම තේරුම් ගත හැකියි. අන් තැන් වල ආගමික නායකවරුන් තම ආගම් ස්ථාපනය කිරීමට පැමිණෙනවා. නමුත් මෙහි සිටින්නේ මවක් හා පියෙක්. මෙය පවුලක්. ඒ කාලයේ එය පිරිසිඳු පවුල් මාර්ගයක් ලෙස තිබුණු අතර දැන් එය අපිරිසිඳු පවුල් මාර්ගය වෙලා. ලක්ෂ්මි හා නාරායන් පාරිශුද්ධව සිටි කළ ඔවුන්ගේ දරුවනුත් පාරිශුද්ධව සිටියා. තමන් කොයි තත්ත්වයකට පත් වේවිද කියා ඔබට තේරෙනවා. මව හා පියා ඔබව උසස් කරවන නිසා ඔබ ඔවුන්ව අනුගමනය කළ යුතුයි. මාතෘ දේශය, පීතෘ දේශය කියන්නේ භාරතයටයි. ස්වර්ණමය යුගයේ දී සෑම කෙනෙක්ම පාරිශුද්ධව සිටි අතර දැන් සෑම කෙනෙක්ම අපිරිසිඳු වෙලා. සෑම දෙයක්ම ඔබට පැහැදිලිවම කියා දී තිබෙනවා. ඒත් ඔබ පරම පියාව සිහි කරන්නේ නැහැ. එමනිසා, බුද්ධියේ අගුළු වැහිලාම තමයි තිබෙන්නේ. අසනා ගමන්ම ඔබ ඉගෙනීම අතහැර දමනවා බුද්ධියේ අගුල තදින්ම වැහෙනවා. පාසල් වලත් එක් එක් අය සිටින්නේ එක් එක් මට්ටම් වල. ගල් බුද්ධියක් හා දිව්‍යමය බුද්ධියක් කියා කියනවා. ගල් බුද්ධියක් ඇති අය කිසිවක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් මුළු දවසින්ම එක විනාඩි පහක්වත් පරම පියාව සිහි කිරීමට ගන්නේ නැහැ. විනාඩි පහකට හෝ ඔහුව සිහි කළා නම් ඔවුන්ගේ බුද්ධියේ අගුළු ඒ තරමට විවර වේවි. වැඩියෙන් ඔහුව සිහි කළහොත් අගුල හොඳින්ම ඇරේවි. සියල්ල රඳා පවතින්නේ ස්මරණය මතයි. ඇතැම් දරුවන් ආදරණීය බාබා, ආදරණිය දාදා කියා ආමන්ත්‍රණය කර ලියුම් ලියනවා. නිකම් ආදරණීය දාදා කියා පමණක් සඳහන් කර ලියුම තැපැල් කළහොත් එය ලැබේවිද? අනිවාර්යෙන්ම ඔබ නම සඳහන් කළ යුතුයි. ලෝකයේ දාදා ලා දාදී ලා බොහොමයක් සිටිනවා. අච්චා. දැන් දීපාවලිය ළඟ ළඟම එනවා. දීපාවලී දාට අළුත් ගිණුම් අරඹනවා. ඔබලා සැබෑ බ්‍රහමින්වරුනුයි. අනිත් බ්‍රහමින් පූජකවරුන් ව්‍යාපාරීකයන් ලවා අළුත් ගිණුම් අරඹවනවා. ඔබත් දැන් අළුත් ගිණුමක් තබා ගත යුතුයි. නමුත් ඒ නව ලෝකයටයි. භක්ති මාර්ගයේ ගිණුම් වල ඇත්තේ අසීමිත අලාභයක්. ඔබ අසීමිත උරුමයක්, අසීමිත සාමයක් හා සතුටක් ලබනවා. අසීමිත පියා මෙහි සිට ඔබට මෙම අසීමිත කරුණු පහදා දෙනවා. නමුත් අසීමිත සතුටක් ලැබීමට සිටිනා දරුවන්ට පමණයි මේ කරුණු කාරණා තේරුම් ගත හැකි වන්නේ. සිය දහසක් අතුරින් පරම පියාව හඳුනා ගන්නේ අතේ ඇඟිලි ගණනක පිරිසක් පමණයි. ඇතැම් අය ඉදිරියට යන අතරම තම ආදායම අහිමි කර ගන්නවා. එවිට ඔවුන් උපයා ගත් ආදායම අවලංගු වී යනවා. අන් අයට දානය කළ විට ඔබගේ ගිණුම වැඩි වෙනවා. දානය කළේ නැති නම්, ඔබගේ ආදායම ඉහළ යන්නේ නැහැ. ඔබ උත්සාහ දරන්නේ ඔබගේ ආදායම වැඩි කර ගැනීමටයි. එය සිදුවන්නේ අන් අයටත් මෙය දානය කර ඔවුන්ටත් යහපතක් කර ගැනීමේ මඟ පෙන්වා දුන්නොත්ම පමණයි. පරම පියාගේ හැඳින්වීම කෙනෙක්ට ලබා දීම ආදායමක් ලැබීම වේ. පරම පියාව හඳුන්වා දුන්නේ නැතිනම්, ඔබට කිසිවක්ම ලැබෙන්නේ නැහැ. ඔබගේ ආදායම අති උතුම් ආදායමක්. මුරලිය හැදෑරීමෙන් ඔබට සැබෑ ආදායමක් උපයා ගත හැකියි. නමුත් ඒ කාගේ මුරලිය දැයි කියා ඔබ දැන ගත යුතුයි. අවලස්සන වුණු අය ලස්සන වීමට නම් මුරලියට ඇහුම්කන් දිය යුතු බව ඔය දරුවනුත් දන්නවා. ඔබගේ මුරලිය මහා විජ්ජාවක්. දේව විජ්ජා ගැන කියැවෙනවා. ඉතින් මෙම මුරලියේ දේව විජ්ජාවක් තිබෙනවා. ඔබට මෙම දැනුම ඇත්තේ දැනුයි. දේවතාවරුන්ට දැනුමක් තිබුණේ නැහැ. ඔවුන්ට දැනුමක් තිබුණේ නැතිනම් ඉන් අනතුරුව එන අයට දැනුමක් ලැබෙන්නේ කෙසේද? පසුව ලියැවුණු සියලුම ග්‍රන්ථ විනාශ වී යාවි. ඔබගේ සැබෑ ගීතාවන් කිහිපයක් පමණයි ඉතිරි වන්නේ. නමුත්, ලෝකයේ සිය දහස් ගණන් සිටිනවා. ඇත්තටම කියනවා නම් මෙම පින්තූර තමයි සැබෑම ගීතාව වන්නේ. මෙම පින්තූර වලින් පැහැදිලි කරනා තරම් දෙයක් ඒ ගීතාවෙන් පහදා දෙන්න බැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉතා හොඳින් ඉගෙන ගෙන ඔබව වාසනාවන්ත කර ගන්න. දේවතාවරයෙක් වීම සඳහා හොඳ ස්ථාවර බ්‍රහමින්වරයෙක් වන්න.

2. අශරීරික පියාව සිහි කිරීමට ජීව අවධානයට පත් වන්න. ඔබගේ ශරීරය අමතක කිරීම පුහුණු කරන්න.

වරදානය:
ඔබ සහායක-රථය පදවන්නෙක් සහ නොබැඳි නරඹන්නෙක් බව සැලකීමෙන්, ඔබ යෝග්යුක්ත සහ ශරීර අවධානය ඉක්මවා සිටිත්වා.

යෝග්යුක්ත වීමේ පහසු ක්‍රමය වන්නේ තමන් සහාය-රථාචාර්යෙක් සහ නොබැඳි නරඹන්නෙක් බව සලකමින් ගමන් කිරීමයි. ‘මා වන මෙම ජීවාත්මය, මෙම රථය පදවන්නාය’. මෙම අවධානය, ඔබගේ ශරීරය වන රථයෙන් සහ සියලු ආකාරයේ ශරීර අවධානයෙන් ඔබව ඉබේටම ඈත් කරවයි. ඔබට කිසිම ශරීර අවධානයක් නොමැති විට, ඔබ පහසුවෙන් යෝග්යුක්ත වන අතර ඔබ සිදු කරන සෑම ක්‍රියාවක්ම යුක්තියුක්ත වෙයි. තමන් සහාය-රථය පදවන්නෙක් බව සැලකීමෙන් ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් ඔබගේ පාලනය යටතේ තිබෙයි. එවන් ජීවාත්මයක් තම භෞතික ඉන්ද්‍රියන් මගින් පාලනය නොවෙයි.

පාඨය:
ජයග්‍රාහී ජීවාත්මයක් වීමට, ‘අවධානය යොමු කිරීම’ සහ ‘මෙය පුහුණු කිරීම’ ඔබගේ ආදිතම සංස්කාර බවට පත් කරගන්න.