12.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ඉගෙනුම සහ ඔබගේ දිව්‍යමය චරිතය යන දෙක පිළිබඳව වාර්තාවක් තබාගන්න. ඔබ අතින් වැරදීමක් සිදු වූවාද කියා සෑම දිනකම පරීක‍ෂා කර බලන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන් රාජධානියට තිලකයක් හිමි කරගන්නේ කුමන උත්සාහය දැරීමෙන්ද?

පිළිතුර:
1. නිරතුරුවම කීකරුව සිටීමට උත්සාහ දරන්න. සංගම යුගයෙදී නියෝග පිළිපදින කෙනෙකුගේ තිලකය ඔබ ලබා දෙන්නේ නම්, රාජධානියට තිලකය ඔබට ලැබෙයි. විශ්වාසය කඩ කරන කෙනෙක් වීම යනු, නියෝග නොපිළිපදින කෙනෙක් වීමයි. එවන් අයට රාජධානියේ තිලකය හිමි කරගැනීමට නොහැක. 2. ශල්‍ය වෛද්‍යවරයාගෙන් කිසිම රෝගයක් සඟවන්න එපා. ඔබ යමක් සඟවන්නේ නම්, ඔබගේ තත්ත්වය අඩු වනු ඇත. පරම පියා හා සමානව, සෙනෙහසේ මහා සාගරයක් වන්න, එවිට ඔබට රාජධානියට තිලකයක් ලැබෙයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි ඉගෙනගැනීම යනු තේරුම් ගැනීමයි. මෙම ඉගෙනුම ඉතා පහසු මෙන්ම ඉතා උසස් බවත්, එය ඔබට උසස් තත්ත්වයක් ලබා දෙන බවත් ඔය දරුවන්ට වැටහෙයි. ලෝකයේ අධිපතියන් වීම සඳහා ඔබ මෙම ඉගෙනුම හදාරන බව දන්නේ ඔය දරුවන් පමණයි. එබැවින් ඉගෙනගන්නා අයට බොහෝ සතුට තිබිය යුතුයි. එය එතරම්ම උසස් ඉගෙනුමකි. මෙය ගීතාවේ එම සිද්ධියමයි. තවද එය සංගම යුගයයි. ඔය දරුවන් දැන් අවදි වී ඇති අතර අන් සියලු දෙනා තවමත් නිදිය. මිනිසුන් තවමත් මායාගේ නින්දේ නිදි, යන වැනුම තිබේ. බාබා පැමිණ, ඔබව අවදි කරවා ඇත. ඔහු ඔබට එක් දෙයක් පමණක් පහදා දෙයි සුමිහිරි දරුවනි, සිහිපත් කිරීමේ වන්දනාවේ බලයෙන්, ඔබ ගිය චක්‍රයේ කළ ආකාරයෙන්ම, ඔබට මුළු ලෝකයම පාලනය කළ හැක. පරමාත්ම පියා ඔබට මේ ගැන මතක් කරයි. ඔය දරුවන්ට දැන් සිහි වී ඇති බව ඔබට වැටහෙයි සෑම චක්‍රයකදීම මෙම යෝගා බලයෙන් අපි ලෝකයේ අධිපතියන් වන අතර අපි දිව්‍යමය ගුණදම්ද ධාරණය කරගන්නවා. ඔබ යෝගාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළ යුතුයි. මෙම යෝගා බලයෙන් ඔය දරුවන් ඉබේටම දිව්‍යමය ගුණධර්ම වර්ධනය කරගන්නවා. මෙය සැබවින්ම මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමේ විභාගයයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ යෝගා බලය තුළින් මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමටයි. ඔබගේ යෝගා බලයෙන් මුළු ලෝකයම පිවිතුරු වීමට යන බවත් ඔබ දන්නවා. එය පිවිතුරුව තිබූ අතර එය දැන් අපවිත්‍ර වී ඇත. ඔය දරුවන් මුළු චක්‍රයම වටහා ගෙන ඇති අතර එය ඔබගේ හදවත් වලද තිබේ. අළුත් කෙනෙක් පැමිණියත්, මේවා වටහා ගැනීමට ඉතා පහසු දේවල්ය. ඔය දේවතාවන් වැඳුම් ලබන්නට සුදුසුව සිටි අතර ඉන්පසුව ඔබ තමෝප්‍රධාන් වඳින්නන් බවට පත් විය. වෙනත් කිසිවෙකුට මෙය ඔබට කිව නොහැක. පරම පියා ඔබට පැහැදිලිව පවසන්නේ එය භක්ති මාර්ගය වන අතර මෙය ඥානයේ මාර්ගයයි. භක්තිය දැන් තිබෙන්නේ අතීතියේය. අතීතයේ දේවල් සිහි නොකරන්න. එම දේවල් තිබෙන්නේ ඔබව වැට්ටීමටය. පරම පියා දැන් ඔබට ඉහළ නැඟීමට දේවල් කියයි. ඔබ අනිවාර්යෙන්ම දිව්‍යමය ගුණධර්ම ධාරණය කළ යුතු බව, ඔය දරුවන් දන්නවා. ඔබගේ දින වාර්තාව ඔබ දිනපතාම ලිවිය යුතුයි මා කොපමණ වේලාවක් සිහිපත් කිරීමේ සිටියාද? මා සිදු කළ වැරදීම් මොනවාද? තමන් කරන වැරදි වලින් කෙනෙකුට බොහෝ හානි සිදු වෙයි. එම ඉගෙනුම් වලදි කෙනෙකුගේ චරිතයද සැලකිල්ලට ගනී. මෙහිද ඔබගේ චරිතය දෙස බලයි. පරම පියා ඔබට මෙය පවසන්නේ ඔබගේ යහපත පිණිස පමණයි. මෙහිද, ඉගෙනුම සහ ඔබගේ චරිතය පිළිබඳව වාර්තාවක් තබයි. මෙහිද, දරුවන්ගේ චරිතය, දිව්‍යමය කළ යුතු වෙයි. ඔබ අතින් වැරදීමක් සිදු නොවීමට ඔබ ප්‍රවේසම් විය යුතුයි. මා අතින් කිසියම් වැරදීමක් සිදු වූයේ නැහැ නේද? අධිකරණයක් පවත්වන්නේ මේ නිසයි. වෙනත් කිසිම පාසැලක අධිකරණයක් පවත්වන්නේ නැත. ඔබගේ හදවතින් ඔබ විමසිය යුතුයි. මායා නිසා, එක් හෝ තව ස්වරූපයක අකීකරුකමක් තිබෙන බව පරමාත්ම පියා විස්තර කර දී තිබේ. ආරම්භයේද අධිකරණයක් පවත්වන ලදී. දරුවන් සත්‍යය පවසයි. පියා අඛණ්ඩව ඔබට විස්තර කර දෙන්නේ ඔබ සත්‍යය පවසන්නේ නැත්නම්, එම වැරදීම් දිගින් දිගටම වර්ධනය වී, ඔබගේ වැරදීම් වලට, හේතුවක් නොමැතිව ඔබට ඊටත් වැඩියෙන් දඬුවම් ලැබෙයි. ඔබගේ වැරදීම් පිළිබඳව බාබාට නොකීමෙන්, අකීකරු වීමේ තිලකය ඔබට ලැබෙයි. එවිට ඔබට රාජධානියට තිලකය ලබා ගැනීමට නොහැක. ඔබ නියෝග වලට කීකරු නොවන්නේ නම්, එමෙන්ම ඔබ විශ්වාසය බිඳ දමන්නේ නම්, ඔබට රාජධානිය හිමි කරගත නොහැක. ශල්‍ය වෛද්‍යවරයා විවිධ ආකාර වලින් ඔබට දිගටම විස්තර කර දෙයි. ඔබ ශල්‍ය වෛද්‍යවරයාගෙන් ඔබගේ රෝගය සඟවන්නේ නම්, ඔබගේ තත්ත්වය අඩු වෙයි. ශල්‍ය වෛද්‍යවරයාට පැවසීමෙන් ඔබට පහර කෑමට සිදු නොවෙයි. පරමාත්ම පියා මෙය පමණක් පවසනු ඇත ප්‍රවේසම් වන්න! ඔබ එවන් වැරදීමක් නැවතත් සිදු කළොත් ඔබට පාඩුවක් සිදුවෙයි ඔබගේ තත්ත්වය බොහෝ සේ අඩු වෙයි. එහිදී ඔවුන්ට ස්වභාවිකවම දිව්‍යමය කි්‍රයාකාරකම් තිබෙයි. මෙහි, ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ නැවත නැවතත් අසමත් නොවිය යුතුයි. පරම පියා පවසන්නේ දරුවනි, කිසිම වැරදීමක් සිදු නොකරන්න. පියා බොහෝ සෙනෙහසේ මහා සයුරයි. දරුවනි, ඔබත් එයම විය යුතුයි. පියා කෙබඳුද, දරුවන්ද එබඳුය. රජතුමා සහ රැජිණ කෙසේද, පුරවැසියන්ද එසේය. බාබා රජ කෙනෙක් නොවෙයි. බාබා ඔබව ඔහු හා සමාන බවට පත් කරවන බව ඔබ දන්නවා. පියා පිළිබඳව ගයන වර්ණනාව, ඔබගේද වර්ණනාව විය යුතුයි. ඔබ බාබාට සමාන විය යුතුයි. මායා බොහෝ බලවත්ය ඇය ඔබට ඔබගේ වාර්තාව තැබීමට ඉඩ නොදෙයි. ඔබ මායාගේ නිය තුළ මුළුමනින්ම සිර වී සිටියි. ඔබට මායාගේ සිර මැදිරියෙන් පිටතට පැමිණිය නොහැක. ඔබ සත්‍යය පවසන්නේ නැත. එබැවින් පරම පියා පවසන්නේ සිහිපත් කිරීමේ නිවැරදි වාර්තාවක් තබාගන්න. හිමිදිරි උදෑසනින් අවදි වී, බාබා සිහි කරන්න. පරම පියාව පමණක් වර්ණනා කරන්න. බාබා ඔබ අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි, එබැවින් අපි ඔබව වර්ණනා කරනවා. මිනිසුන් භක්ති මාර්ගයේ බොහෝ ප්‍රශංසා ගයති ඔවුන් කිසි දෙයක් නොදනි. දේවතාවන්ගේ ප්‍රශංසාවක් නැත. ප්‍රශංසාව තිබෙන්නේ ඔය බ්‍රහ්මනයන්ගේය. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නේ ඒකායන පියාය. ඔහු නිර්මාපකයා මෙන්ම අධ්‍යක‍ෂකද වෙයි. ඔහු සේවය කර, ඔය දරුවන්ට විස්තරද කරයි. ඔහු ඔබට සෑම දෙයක්ම ප්‍රායෝගිකව කියයි. ඒ මිනිසුන් දෙවියන්ගේ වදන් වලට, ආගමික පත පොතෙන් දිගටම සවන් දෙයි. ඔවුන් ගීතාව කියවමින් සිටි නමුත් ඔවුන්ට ඉන් අත් වූයේ මොනවාද? ඔවුන් අසුන්ගෙන බොහෝ සෙනෙහසින් යුතුව එය හදාරයි ඔවුන් භක්තියේ යෙදෙන නමුත් ඔවුන්ට ඉන් ලැබෙන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. ඔවුන් අඛණ්ඩව ඉනිමඟ දිගේ පහළට පැමිණෙන බව නොදනී. දවසින් දවස ඔවුන් තමෝප්‍රධාන් විය යුතුයි එය නාටකයේ නියමිතව තිබේ. මෙම ඉනිමගේ රහස පරමාත්ම පියා හැර වෙනත් කිසිවෙකුට ඔබට පැවසිය නොහැක. බ්‍රහ්මගේ මාර්ගයෙන් ඔබට විස්තර කරන්නේ ශිව බාබා පමණයි. මෙම කෙනාද, එම කෙනාගෙන් වටහා ගන්න අතර ඔහු ඉන්පසුව ඔබට විස්තර කර දෙයි. පරම පියා ප්‍රධානතම ජ්‍යෙෂඨ ගුරුවරයා මෙන්ම ශල්‍ය වෛද්‍යවරයාය. ඔබ සිහි කළ යුත්තේ ඔහුව පමණයි. ඔබගේ බ්‍රහ්මින් ගුරුවරයාව සිහි කරන්නට කියා ඔහු ඔබට නොකියයි. ඔබ සිහි කළ යුත්තේ ඒකායන ඔහුව පමණයි. කිසි කෙනෙක් කෙරෙහි බැඳීමක් ඇති කර නොගන්න. එක් පරමාත්ම පියාගෙන් පමණක් ඉගෙනුම් ලබා ගන්න. ඔබ බැඳීම් වලින්ද නිදහස් විය යුතුයි. මෙයට බොහෝ උත්සාහයක් අවශ්‍ය වෙයි. ඔබට මුළු පැරණි ලෝකයම පිළිබඳව නිරාශාවක් තිබේ. මෙම ලෝකය දැනටමත් අවසන්ය. එය කෙරෙහි ඔබට කිසි සෙනෙහසක් හෝ ආකර්ෂණයක් නැත. ඔවුන් දිගින් දිගටම විශාල ගොඩනැගිලි ආදිය තනයි. මෙම පැරණි ලෝකය තව කොපමණ කාලයක් පවතිද කියා ඔවුන් නොදනී. ඔය දරුවන් දැන් අවදි වී ඇති අතර ඔබ අන් අයවත් අවදි කරවයි. පරමාත්ම පියා අවදි කරවන්නේ ජීවාත්මයන්ව පමණයි. ඔහු නැවත නැවතත් ඔබට පවසන්නේ තමා ජීවාත්මයක් බව සලකන්න, එමෙන්ම පරමාත්ම පියාවද සිහිපත් කරන්න. ජීවාත්මයක් අපවිත්‍ර වන විට ඔහුට අපවිත්‍ර සිරුරක් ලැබෙයි. ජීවාත්මයක් පිවිතුරු වන විට, ඔහුට පිවිතුරු සිරුරක් ලැබෙයි. පියා විස්තර කරන්නේ ඔබ එම දේවතා වංශයට අයත් වූ අතර ඔබ නැවතත් එය බවට පත් වෙයි. එය බොහෝ පහසුයි! එවන් අසීමිත පියෙකුව අප සිහි නොකරන්නේ ඇයි? හිමිදිරි උදෑසන අවදි වී පරම පියා සිහි කරන්න. බාබා එය ඔබගේ විශ්මයයි. ඔබ අපව එතරම් ශ්‍රේෂ්ඨ දේවතාවන් බවට පත් කර, ඉන්පසුව ගොස් නිර්වාණ දේශයේ අසුන් ගෙන සිටිනවා. වෙනත් කිසිවෙකුට අපව එතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් කළ නොහැක. ඔබ අපට සෑම දෙයක්ම ඉතා පහසුවෙන් කියයි. පරම පියා පවසන්නේ ඔබට කාලය ඇති ඕනෑම විටෙක, ඔබගේ වැඩ පලෙහි යෙදී සිටින විටදි පවා, ඔබට පියාව සිහි කළ හැක. ඔබගේ ඔරුව එතෙර කරන්නේ, එනම්, ඔබව මෙම කලි යුගයේ සිට ශිවාගේ දේශයට රැගෙන යන්නේ, සිහිපත් කිරීම පමණයි. තවද ඔබ ශිවාගේ දේශය, ශිව බාබා ස්ථාපිත කළ දිව්‍යලෝකයත්, සිහි කළ යුතුයි. ඉතිං, ඔබ දෙකම සිහි කරනවා. අපි ශිව බාබා සිහි කිරීමෙන්, දිව්‍යලෝකයේ අධිපතියන් වනවා. මෙම ඉගෙනුම නව ලෝකය වෙනුවෙනි. පරම පියා මෙහි පැමිණෙන්නේ නව ලෝකය ස්ථාපිත කිරීමටයි. පියා පැමිණ, අනිවාර්යෙන්ම යම් කාර්යයක්ද සිදු කරනු ඇත. නාටකයේ සැලසුමට අනුව මා මගේ චරිත කොටස රඟපාන බව ඔබට දැක ගත හැක. මා ඔබට සිහිපත් කිරීමේ වන්දනාවේ රහස මෙන්ම, වසර 5000සේ ආරම්භය, මධ්‍යය සහ අවසානය ගැන පවසනවා. බාබා සෑම වසර 5000 කට වරක් පෞද්ගලිකවම ඔබ ඉදිරියට පැමිණෙන බව ඔබ දන්නවා. කතා කරන්නේ ජීවයයි, සිරුර කතා කරන්නේ නැත. පරම පියා ඔය දරුවන්ට ඉගැන්වීම් ලබා දෙයි පාරිශුද්ධත්වයට පත් කළ යුත්තේ ජීවාත්මයයි. ජීවය පිවිතුරු විය යුත්තේ එක් වරක් පමණයි. බාබා පවසන්නේ මා ඔබට බොහෝ වාර ගණනක් උගන්වා ඇති අතර නැවත වරක් ඔබට උගන්වනවා. කිසිම සන්යාසී කෙනෙකුට මෙසේ කිව නොහැක. මෙසේ පවසන්නේ පරමාත්ම පියා පමණයි දරුවනි, නාටකයේ සැලසුමට අනුව, මා ඔබට ඉගැන්වීමට පැමිණ ඇති අතර, පෙර චක්‍රයේදී මා ඔබට උගන්වා, රාජධානිය ස්ථාපිත කළ එම අන්දමින්ම, වසර 5000 කට පසුව නැවතත් මෙලෙසින්ම පැමිණෙන්නෙමි. මා ඔබට බොහෝ වාර ගණනක් උගන්වා, රාජධානිය ස්ථාපිත කර ඇත. පරම පියා විස්තර කර දෙන මෙම දේවල් බොහෝ ආශ්චර්යමත්ය. ශ්‍රීමත් බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔබ ලෝකයේ අධිපතියන් වන්නේ ශ්‍රීමත් තුළින් පමණයි. එය ඉතා උසස් තත්ත්වයකි. කෙනෙක් විශාල ලොතරැයියක් දිනූ විට, ඔහුගේ ඔළුව නරක් වෙයි. ඇතැම් අය ගමන් කරන අතර බලාපොරොත්තු විරහිත වෙයි මට තව දුරටත් ඉගෙන ගැනීමට නොහැක. ලෝකයේ ආධිපත්‍යය මා හිමි කරගන්නේ කෙසේද? ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. බාබා පවසන්නේ අතීන්ද්‍රීය සුඛය සහ සතුට පිළිබඳව මගේ දරුවන්ගෙන් විමසන්න! ඔබ සෑම කෙනෙකුටම සතුටෙහි දේවල් ගැන පැවසීමට යයි. ඔබ ලෝකයේ අධිපතියන් වූ අතර ඉන්පසුව උපත් 84 ක් ගැනීමෙන් පසුව, ඔබ වහළුන් බවට පත් වී ඇත. ඔවුන් ගයන්නේ,මා ඔබගේ වහලෙකි. මා ඔබගේ වහලෙකි. තමන් පහත් බව කියා, තමන් ගැන අඩුවෙන් සැලකීම හොඳ දෙයක් කියා ඔවුන් සිතයි. පරමාත්ම පියා කවරෙක්ද කියා බලන්න! කිසි කෙනෙක් ඔහුව නොදනී. ඔහුව හඳුනන්නේ ඔබ පමණයි. බාබා පැමිණ, ඔබ සියලුම දෙනාට විස්තර කර දී ඔබට, දරුවා, දරුවා! යැයි කතා කරයි. මෙය ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය අතර සිදුවන හමුවයි. දිව්‍යලෝකයේ ආධිපත්‍යය අපට ලැබෙන්නේ ඔහුගෙනි. ගංඟා නදියේ ස්නානය කිරීමෙන් කිසිවෙකුට දිව්‍යලෝකයේ රාජධානිය ලබා ගත නොහැක. ඔබ බොහෝ වාර ගණනාවක් ගංඟා නදියේ ස්නානය කර තිබේ. ඇත්ත වශයෙන්ම ජලය පැමිණෙන්නේ සාගරයෙන් වන නමුත් මෙම වැස්ස වැටෙන ආකාරයත්, ස්වභාව ධර්මයේ විශ්මයකි. මෙකල පරමාත්ම පියා ඔබට සෑම දෙයක්ම විස්තර කරයි. ධාරණය කරගන්නේ ජීවාත්මයයි, ශරීරය නොවෙයි. සැබවින්ම, මා සිටි අන්දමින්, බාබා මාව පත් කර ඇත්තේ කවුරුන් බවටද! කියා ඔබට හැඟෙයි. පරමාත්ම පියා දැන් පවසන්නේ දරුවනි, තමන්ට අනුකම්පා කරන්න! අකීකරු නොවන්න. ශරීර අවධානයට පත් නොවන්න. ඔබ හේතුවක් නොමැතිව ඔබගේ තත්ත්වය නැති කරගනී. ගුරුවරයා ඔබට විස්තර කර දෙයි. පරම පියා, අසීමිත ගුරුවරයා බව ඔබ දන්නවා. ලෝකයේ බොහෝ භාෂා තිබේ. යමක් මුද්‍රණය කරන්නේ නම්, එය සියලුම භාෂාවන්ගෙන් මුද්‍රණය කළ යුතුයි. ඔබ පත්‍රිකා මුද්‍රණය කරන විට, සෑම කෙනෙකුටම එහි පිටපතක් යවන්න. එක් පිටපතක් පුස්තකාලයටද යැවිය යුතුයි. මෙහිදී වියදම් ගැන ප්‍රශ්නයක් නැත. බාබාගේ නිධන් ගබඩාව බොහෝ සේ පිරෙයි. මුදල් ඔබ සමග තබා ගැනීමෙන් ඔබ කුමක් කරන්නද? ඔබගේ නිවහනට ඔබත් සමග එය රැගෙන යන්නේ නැත. ඔබ යමක් ඔබගේ නිවසට ගෙන යන්නේ නම්, එය ශිව බාබාගේ යාග හෝමයෙන් සොරකම් කිරීමකි. එය විශාල වැරදීමකි. එවන් බුද්ධියක් කිසිවෙකුට නොතිබේවා. පරමාත්ම දෙවියන්ගේ යාග හෝමයෙන් සොරකම් කරන කෙනෙක් තරම් පාපකාරී ජීවාත්මයක් තවත් සිටිය නොහැක. ඔහු සම්පූර්ණ පහත් තත්ත්වයට පත් වනු ඇත. පරම පියා පවසන්නේ මේ සෑම දෙයක්ම නාටකයේ කොටසක්ය. එවිට ඔබ පාලනය කරන අතර ඔවුන් දාසයන් වෙයි. දාසයන් නොමැතිව රාජධානිය පැවතෙන්නේ කෙසේද? ස්ථාපනය ඒ අන්දමින්ම සිදු විය. පරම පියා දැන් පවසන්නේ තමාට යහපතක් සිදු කරගැනීමට අවශ්‍ය නම්, ශ්‍රීමත් පිළිපදින්න! දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න! කෝප වීම, දිව්‍යමය ගුණධර්මයක් නොවෙයි එය රකුසු ගතියකි. කෙනෙක් තරහ වන්නේ නම්, ඔබ එම කෙනාව නිහඬ කරවිය යුතුයි. ඔබ එම කෙනාට ප්‍රතිචාර නොදැක්විය යුතුයි. ඔබට සෑම කෙනෙකුගේම කි්‍රයාකාරකම් වලින් වටහා ගත හැක. සෑම කෙනෙකුටම රකුසු ගති තිබේ. කෙනෙක් කෝප වන විට, ඔහුගේ මුහුන, තඹ මෙන් රත් පැහැ ගැන්වෙයි. ඔවුන්ගේ වචන වලින් ඔවුන් බෝම්බ හෙළයි ඔවුන් තමන්ට පාඩුවක් කරගන්නා අතර ඔවුන්ගේ තත්ත්වය විනාශ වෙයි. ඔබට වැටහීම තිබිය යුතුයි. පරම පියා පවසන්නේ ඔබ සිදු කර ඇති පාපයන් ගැන ලියන්න. බාබාට එය පැවසීමෙන්, ඔබට සමාව ලැබී, ඔබගේ බර සැහැල්ලු වෙයි. ඔබ උපතින් උපතට පාපයේ ගැලෙමින් සිටියා. ඔබ මෙකල යම් පාපයක් සිදු කරන්නේ නම්, සිය ගුණයක දඬුවම් එකතු වෙයි. ඔබ පියා ඉදිරියේ වරදක් සිදු කරන්නේ නම්, සිය ගුණයක දඬුවම් ලැබෙයි. ඔබ යමක් සිදු කර, බාබාට ඒ ගැන නොකියන්නේ නම්, එය වැඩිවෙයි. පරමාත්ම පියා මෙසේ විස්තර කරයි තමන්ට පාඩුවක් කරගන්න එපා. පියා පැමිණ සිටින්නේ ඔය දරුවන්ගේ බුද්ධින් ඉතා යහපත් කරවීමටයි. ඔබ කුමන තත්ත්වයක් හිමි කර ගනීවිද කියා ඔහු දන්නවා තවද එය උපත් 21 ක කාරණාවකි. සේවය කරන දරුවන්ගේ ස්වභාවය බොහෝ මිහිරි විය යුතුයි. සමහරු පියාට සැනෙකින් කියයි බාබා, මා මෙම වරද සිදු කළා. එවන් අය සමග බාබා සතුටු වෙයි. එම කෙනා, පියා, ගුරුවරයා සහ සත්ගුරු යන තිදෙනාමය. පරමාත්ම දෙවියන් ඔබ සමග සතුටට පත් වන විට, ඔබට තවත් අවශ්‍ය මොනවාද? එසේ නැත්නම් තිදෙනාම අසහනයට පත් වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් අනුගමනය කර, ඔබගේ බුද්ධිය යහපත්ව පවත්වා ගන්න. කිසිම නියෝගයකට අකීකරු නොවන්න. කෝප ගෙන, ඔබගේ වචන වලින් බෝම්බ නොහෙලන්න. නිහඬව රැඳී සිටින්න.

2. ඒකායන පියාව ඔබගේ හදවතින් වර්ණනා කරන්න. මෙම පැරණි ලෝකයට කිසිම ආකර්ෂණයක් හෝ සෙනෙහසක් ඇති කර නොගන්න. අසීමිත නිරාශාවක් ඇති කෙනෙක් වී, බැඳීම් වලින් නිදහස්ව සිටින්න.

වරදානය:
ඔබ, ඔබගේ අව්‍යක්ත සහ ශාන්ත ස්වරූපයෙන්, වාතාවරණය අව්‍යක්ත කරවන සහ දර්ශන ලබා දෙන ප්‍රතිරුවක් වේවා.

සේවය වෙනුවෙන් ඔබ වෙනත් වැඩසටහන් සැලසුම් කරන ආකාරයෙන්ම, උදේ සිට රාත්‍රිය දක්වා සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටීමට සහ විටින් විට, විනාඩි දෙකක් හෝ තුනක්, ඔබගේ සිතිවිලි රථ පෙළ නැවැත්වීමටද වැඩසටහනක් සාදන්න. කෙනෙක් බොහෝ දළ අවධානයක සිටින බව දුටු විට, එම කෙනාට සංඥාවකින් වැටහෙන සේ, එම කෙනාට කිසිවක් නොකියා, ඔබ බොහෝ අව්‍යක්ත සහ ශාන්ත ස්වරූපයක් ඇති කරගන්න. ඔබ මෙසේ කිරීමෙන් වාතාවරණය අව්‍යක්තව පැවතෙයි. යම් අසහාය දෙයක් දිස්වන අතර ඔබ දර්ශන ලබා දෙන පිළිරුවක් වෙයි.

පාඨය:
පාරිශුද්ධත්වයේ පදනම වන්නේ සම්පූර්ණ සත්‍යයයි.