12.02.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට සත්‍යයේ සමාගම තිබෙන්නේ දැනුම මාවතේ පමණයි. ඔබ දැන් අසුන් ගෙන සිටින්නේ සත්‍ය පියාගේ සමාගමේය. පියාගේ සිහිපත් කිරීමේ සිටිම යනු, සත්‍යය ආශ්‍රයේ සිටීමයි.

ප්‍රශ්නය:
ඔය දරුවන්ට දැන් සත්‍ය සමාගම අවශ්‍ය වන්නේ ඇයි?

පිළිතුර:
සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා සහ සත්ගුරුගේ ආශ්‍රයේ හිඳීමෙන් පමණයි ඔය තමෝප්‍රධාන් ජීවයන්ට, සතෝප්‍රධාන් විය හැකි වන්නේ එනම්, ඔබට අවලස්සන බවින් ලස්සන විය හැක. සත්‍ය සමාගම නොමැතිව, දුර්වල ජීවයන්ට ශක්තිමත් විය නොහැක. පියාගේ සමාගමෙන්, ජීවයන්ට පාරිශුද්ධත්වයේ බලය ලැබෙන අතර ඔවුන්ගේ ඔරුව උපත් 21කට එගොඩ යයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් අසුන්ගෙන සිටින්නේ සත්‍යයේ සමාගමේය. සෑම චක්‍රයකම සංගමයේදි පමණයි, ඔය දරුවන් මෙම සත්‍ය සභාවේ අසුන්ගන්නේ. සත්‍ය හමුව කුමක්ද කියා ලෝකය නොදනී. සත්සංග (සත්‍යයේ සමාගම) යන ව්‍යවහාරය, මතක ඇති කාලයක සිට පැවතුණි. භක්ති මාර්ගයේ මිනිසුන් කියන්නේ අප මේ මේ සත්සංගයට යනවා. ඇත්ත වශයෙන්ම භක්ති මාර්ගයේ කිසිකෙනෙක් සත්‍ය සත්සංගයකට නොයයි. සත්සංග පැවතිය හැක්කේ දැනුම මාවතේ පමණයි. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ සත්‍ය සමාගමේය. ඔය ජීව, සත්‍ය පියාගේ සමාගමේ අසුන් ගෙන සිටිනවා. වෙනත් කිසිම ස්ථානයක, ජීව, පරම පියා, පරම ජීවයගේ සමාගමේ අසුන්ගෙන නොසිටියි. ඔවුන්ගෙන් කිසිවෙක් පියාව හඳුනන්නේවත් නැත. ඔවුන් සත්සංගමයකට යන බව ඔවුන් පැවසුවද, ඔවුන් රැඳී සිටින්නේ ශරීර අවධානයෙන්ය. ඔබ ශරීර අවධානයට පත් වන්නේ නැත. ඔබ ජීව බවත්, ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ, සත්‍යය, වන බාබාගේ සමාගමේ බවත් ඔබට වැටහෙනවා. වෙනත් කිසිම මනුෂ්‍යයෙකුට සත්‍යයේ සමාගමේ අසුන්ගෙන සිටීමට නොහැක. සත්‍යයේ සමාගම යන ව්‍යවහාරය පැවතෙන්නේ දැන් පමණයි. පියා මෙතැන අසුන් ගෙන සත්‍ය සමාගමෙහි නිවැරදි අරුත විස්තර කර දෙයි. ඔය ජීව දැන් අසුන් ගෙන සිටින්නේ සත්‍යය වන, පරම පියා, පරම ජීවය සමගිනුයි. ඔහු සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා මෙන්ම සත්ගුරු ද වන්නේය. එනම්, ඔබ අසුන්ගෙන සිටින්නේ සත්‍ය සමාගමේය. ඉන්පසුව, ඔබ මෙතැන සිටියත්, නිවසෙහි අසුන් ගෙන සිටියත් කම් නැත, ඔබ තමන් ජීවයක් බව සලකා, පියාව සිහිපත් කරයි. ජීව වන අප, අපගේ සත්‍ය පියාව සිහිපත් කරනවා, එනම්, අප සිටින්නේ සත්‍යයේ සමාගමේය. පියා අසුන්ගෙන සිටින්නේ මධුබාන් වලයි. ඔබට පියාව සිහිපත් කිරීමට බොහෝ ක්‍රම දී තිබේ. සිහිපත් කිරීමෙන් පමණයි ඔබගේ පාපයන් දුරු කළ හැකි වන්නේ. ඔබ දිව්‍යමය අංශක 16ක් සම්පූර්ණ වන බවත්, ඉන්පසුව ඔබ ඉනිමග දිගේ පහළට පැමිණෙන විට, ඔබගේ අංශක අඩුවන බවත් ඔය දරුවන් දන්නවා. මුලදී, භක්තිය අමිශ්‍රිතයි. ඉන්පසුව ඔබ ඉනිමග දිගේ පහළට පැමිණෙන විට, භක්තිය මිශ්‍රිත වන බැවින්, ඔබ තමෝප්‍රධාන් වෙයි. එබැවින් සත්‍යයේ ආශ්‍රය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙයි. එසේ නොමැති නම් ඔබ පිවිතුරු වන්නේ කෙසේද? ඔය ජීවයන්ට දැන් සත්‍ය පියාගේ ආශ්‍රය ලැබී තිබේ. ඔබ බාබාව සිහිකර ඔහුගේ ආශ්‍රය ලැබිය යුතු බව ඔය ජීව දන්නවා. සිහිපත් කිරීමට, සමාගම යැයි ද කියයි. මෙය සත්‍යයේ සමාගමයි. ඔබට මෙම සිරුරු තිබියදී, ඔය ජීව, මාව සිහි කළ යුතුයි. මෙය සත්‍යයේ සමාගමයි. කෙනෙක් වැදගතෙකුගේ සමාගමෙන් පැහැගැන්වී ඇති නිසා ඔහු ශරීර අවධානයෙන් සිටින්නේ, යැයි කියැවේ. ඔබට දැන් සත්‍ය පියාගේ සමාගම තිබේ, මෙය තුළින් ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වෙයි. පියා පවසන්නේ මා පැමිණෙන්නේ එක් වරක් පමණයි. දැන්, ඔය ජීවයන්ට පරම ජීවයේ සමාගම තිබෙන බැවින්, ඔබට උපත් 21කට එගොඩට යෑමට හැකි වෙයි. පසුව, ඔබ ශරීරවල සමාගම ලබයි. මෙයද නාටකයේ පෙර නියම වූවක්. පියා පවසන්නේ ඔය දරුවන්ට මගේ සමාගම තිබෙන විට, ඔබ සතෝප්‍රධාන් වනවා. මෙයට ස්වර්ණමය යුගී වනවා, යැයි ද කියයි. ජීව, ක්‍රියාවල බලපෑමට හසු නොවන බව, පැවිද්දන් සහ පූජකයින් සිතයි. ඔවුන් සිතන්නේ සෑම කෙනෙක්ම පරම ජීවය බවයි. මින් වැටහෙන්නේ පරම ජීවය තුළත් මාත්තු ලෝහ ඇති බවයි. පරම ජීවය තුළ, මාත්තු ලෝහ මිශ්‍ර වී තිබිය නොහැක. පියා අසන්නේ සැබවින්ම මා තුළ මාත්තු ලෝහ මිශ්‍ර වී තිබේද? නැත මා සෑම විටෙකම වාසය කරන්නේ උත්තරීතර දේශයේය, මන්ද, මම උපත් සහ මරණ චක්‍රයට ඇතුළු නොවන නිසාවෙන්. ඔය දරුවන් මෙය දන්නවා. ඔබගෙන්ද සමහරු වැඩිපුර ද, සමහරු අඩුවෙන්ද මගේ ආශ්‍රයේ සිටිති. ඔබගෙන් ඇතමෙක් යෝගාවේ රැඳී සිටීමට ඉතා හොඳ උත්සාහයක යෙදෙයි. ඔය ජීව, පියාගේ සමාගමේ වැඩියෙන් සිටින තරමට, ඔබට වැඩියෙන් යහපතක් සිදුවෙයි ඔබගේ පාපයන් දුරු වෙයි. පියා පවසන්නේ ඔහෝ ජීවයෙනි, ඔබගේ පියා වන මාව සිහි කරන්න. මගේ සමාගමේ ඉන්න. මා මෙම සිරුරේ ආධාරය ගත යුතුයි. එසේ නොමැති නම් පරම ජීවය, ඔය ජීවයන්ට කතා කරන්නේ කෙසේද? ඔය ජීව, ඔහුට සවන් දෙන්නේ කෙසේද? ඔය දරුවන්ට දැන් සත්‍යයේ සමාගම තිබේ. ඔබ නිරන්තරයෙන් සත්‍ය පියාව සිහි කළ යුතුයි. ඔය ජීව, සත්‍යයේ ආශ්‍රයේ සිටිය යුතුයි. ජීව ආශ්චර්යමත් වන අතර, පරම ජීවයද ආශ්චර්යමත්ය. මෙම ලෝකයද ආශ්චර්යමත්ය. මෙම ලෝක චක්‍රය නොකඩවා බ්‍රමණය වන ආකාරය, ආශ්චර්යයකි. ඔබ නාටකය පුරාවටම, පූර්ණ චක්‍රීය චරිත කොටස් රඟපායි. ඔය ජීව තුළ, උපත් 84ක චරිත කොටස්, පටිගත වී තිබේ. එය පුදුමයකි! ස්වර්ණමය යුගී ජීව සිටින අතර අද දවසේ ජීව ද සිටිති. සියලුම ජීව අතරින්, පුර්ණ චක්‍රීය චරිත කොටස් ඇත්තේ ඔබටයි. නාටකයක, සමහරුන්ගේ චරිත කොටස්, මුල සිටම ඇරඹෙන අතර ඇතමෙක් මැදදි කොටස් රඟපාන අතර තවත් සමහරෙක් අවසානයේදී පැමිණෙයි. ඒ සියලුම නාටක සීමිතයි. ඒවා නිෂ්පාදනය කිරීම ඇරඹුනේ මෑතකදීය. දැන් විද්‍යාවේ බලය තිබේ. ස්වර්ණමය යුගයෙදී විද්‍යාවේ බලය බොහෝ සෙයින් තිබෙයි. නව ලෝකය ඉතා සීඝ්‍රයෙන් නිර්මාණය වෙයි. එහි, ප්‍රධානතම දෙය වන්නේ පාරිශුද්ධත්වයයි. ජීව දැන් දුර්වලය. එහිදී ඔවුන් බලවත්ය. රාවන් ඔබගේ බලය උදුරා ගත්තේය. ඔබ දැන් රාවන්ව පරාජය කරමින් බොහෝ බලවත් වෙමින් සිටියි. ඔය ජීව, සත්‍ය සමාගමේ සිටින තරමට, එනම් ඔය ජීව, පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබ වඩාත් බලවත් වෙයි. මෙම ඉගෙනුම තුළින් ඔබට බලය ලැබෙයි. ඔබට බලය ලැබී, ඉන්පසුව ඔබ මුළු ලෝකයම පාලනය කරයි. ඔය ජීව, සත්‍යය සමඟ යෝගාවේ සිටින්නේ, මෙම සංගමයේදී පමණයි. පියා පවසන්නේ මගේ සමාගමේ සිටීමෙන් ඔය ජීව බොහෝ සේ බලවත් වෙයි. පියා, ලෝක සර්ව බලධාරියාය. ඔබට ඔහුගෙන් බලය ලැබෙයි. වේද සහ ග්‍රන්ථයන්ගේ සියලු දැනුමද, ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුමද ඔබට ලැබෙයි. පියා, සර්ව බලධාරියා වන අයුරින්ම ඔබද සර්ව බලධාරීන් වෙයි ඔබ ලෝකය පාලනය කරයි. කිසිවෙකුට එය ඔබගෙන් උදුරා ගත නොහැක. ඔබට මගෙන් බොහෝ බලය ලැබෙයි. මෙම කෙනාටද බලය ලැබෙයි. ඔබ වැඩියෙන් පියාව සිහි කරන තරමට ඔබට වැඩියෙන් බලය ලැබෙයි. පියා ඔබට වෙනත් අපහසුතාවයක් නොදෙයි. ඔහුව සිහිපත් කරන්නෟ එපමණයි! උපත් 84හි චක්‍රය දැන් අවසන් වී ඇති නිසා, ඔබ ආපසු නිවසට යා යුතුයි. මෙය වටහාගැනීම ලොකු දෙයක් නොවෙයි. බොහෝ විස්තර තුළට යෑම අනවශ්‍යයි. බීජය වටහාගැනීමෙන්, මුළු වෘක‍්ෂයම එයින් මතුවන අන්දම ඔබට වටහා ගත හැක. එය සාරය විලසින්, ඔබගේ බුද්ධියේ ඇත. මෙම කරුණු අසහායයි. භක්ති මාර්ගයේ මිනිසුන්, බොහෝ සේ ඉබාගාතේ යයි. ඔවුන් බොහෝ උත්සාහ දරණ නමුත් ඔවුන්ට කිසිවක් නොලැබෙයි. පියා පැමිණ ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. ඔබ යෝගා බලය තුළින් ලෝකයේ අධිපතියන් බවට පත්වෙයි. ඔබ දැරිය යුතු උත්සාහය මෙයයි. භාරතයේ යෝගාව සුප්‍රසිද්ධයි. යෝගාව තුළින් ඔබගේ ආයුෂ දීර්ඝ වෙයි. සත්‍යයේ ආශ්‍රයේ සිටීමෙන් ඔබට බොහෝ යහපත සිදුවෙයි. ඔබගේ ආයුෂ දීර්ඝ වන අතර ඔබගේ සිරුරු රෝග වලින් නිදහස් වෙයි. මේ සියලු දේවල් බුද්ධියේ සනිටුහන් කර ගෙන ඇත්තේ ඔය දරුවන් පමණයි. ඔය බ්‍රහ්මිණ්වරුන් හැරුණු කොට වෙනත් කිසිවෙකුට සත්‍යයේ ආශ්‍රය නොමැත. ඔබ ප්‍රජාපිතාගේ දරුවන් වන අතර, සීයාගේ මුණුපුරන්ය. එබැවින් ඔබ, ඔහුගේ මුණුපුරන් බව දැනගැනීමෙන්, ඔබ තුළ බොහෝ සතුට තිබිය යුතුයි. ඔබට ඔබගේ උරුමය සීයාගෙන් ලැබෙයි. මෙය සිහිපත් කිරීමේ වන්දනාවයි. මෙම දේවල් ආවර්ජනය කිරීමට ඔබගේ බුද්ධිය භාවිත කළ යුතුයි. එම සත්සංග වලදී, මිනිසුන් නිකම්ම කොහේ හෝ ස්ථානයක රැස්වෙයි! එවන් ප්‍රශ්නයක් මෙහි නොමැත. ඔබ එක් ස්ථානයක අසුන් ගෙන සිටින විට පමණක් නොවෙයි, ඔබට සත්‍යයේ සමාගම තිබිය හැකි වන්නේ. නැතෟ ඔබ ඇවිදින විට, සැරිසරන විට සහ අසුන්ගන්නා විට, ඔහු සිහි කරයි, එවිට ඔබ සිටින්නේ ඔහුගේ සමාගමේය, නමුත් ඔබ ඔහුව සිහිපත් කරන්නේ නම් පමණයි. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඉන් කියැවෙන්නේ ඔබ ශරීර අවධානයෙන් සිටින බවයි. ශරීරය මිත්‍යාවකි. ශරීරය සැබෑවක් නොවේ. ශරීරය අජීවියෟ එය සෑදි ඇත්තේ පංච මහා භූතයන්ගෙනි. එය තුළ ජීවයක් නොමැති විට, එය සෙලවෙන්නේ නැත. මිනිස් සිරුරු වලට වටිනාකමක් නැත. වෙනත් ජීවීන්ගේ සිරුරු වල යම් වටිනාකමක් තිබේ. සියලු භාග්‍යය උරුම කරගන්නේ ජීවයයි. ජීවය පවසන්නේ, මම මේ මේ කෙනාය. පියා පවසන්නේ බලන්න, ජීව වල තත්ත්වය දෙස! ඔවුන් බිත්තර, මාළු, සෑම දෙයක්ම කෑමට ගනී. ඔවුන් සෑම කෙනෙක්ම බස්මසූර්ය (තමන්ව පුළුස්සාගෙන මරණයට පත්වුණු යක‍්ෂයා). ඔවුන්, ඔවුන්වම පුළුස්සා ගනි. කෙසේද? සෑම කෙනෙක්ම රාගය නමැති කොතේ අසුන්ගෙන, තමන්වම පුළුස්සා ගන්නවා, එබැවින් ඔවුන් බස්මසූර්ය. ඔබ දැන් දැනුම නමැති කොතේ අසුන්ගෙන දේවතාවන් බවට පත් වනවා. රාගය නමැති කොතේ අසුන් ගැනීමෙන්, මුළු ලොවෙහි සියලුම දෙනා පිළිස්සී ඇත. ජීව, තමෝප්‍රධාන් සහ අවලස්සන වී තිබේ. පියා පැමිණෙන්නේ ඔය දරුවන්ව අවලස්සන බවින් ලස්සන කිරීමටයි. එබැවින් පියා පවසන්නේ දරුවනි, ශරීර අවධානය අතහැර, තමන් ජීව බව සලකන්න. දරුවන් පාසැලේ ඉගෙනගෙන ඉන් පසුව, ඔවුන් නිවසේ සිටින විට, ඉගෙන ගත් දේ බුද්ධියේ තබා ගනී. මෙයද ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. මෙය ඔබගේ ශිෂ්‍ය ජීවිතයයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ සිටගෙන සිටියි. ඔබ අසුන්ගෙන සිටින විට, ඇවිදින විට සහ එහෙ මෙහෙ සැරි සරන විට, මෙම දැනුම ඔබගේ බුද්ධියේ තබා ගන්න. ඔය දරුවන් මෙහි පැමිණෙන්නේ නැවුම් වීමටයි. ඔබට වෙන අයට විස්තර කර දීම සඳහා ක්‍රම වේදද ලබා දී තිබේ. බාහිර ලෝකයේ සත්සංග අනේක සංඛ්‍යාවක් තිබේ. බොහෝ මිනිසුන් එකට රැස්වෙයි. ඇත්ත වශයෙන්ම එය සත්‍යයේ සමාගම නොවෙයි. සත්‍ය සමාගම දැන් ලබාගන්නේ ඔය දරුවන්ය. පැමිණ, ස්වර්ණමය යුගය ස්ථාපනය කරන්නේ, පියා පමණයි. ඉන්පසුව ඔබ එහි අධිපතියන් වෙයි. ශරීර අවධානය, එනම් වැරදි අවධානයක් තිබීම නිසයි, ඔබ පහතට වැටුණේ. සත්‍යයේ සමාගම තිබීමෙන් ඔබ ඉහළට එසවෙයි. ඔබ එම ප්‍රතිලාභය චක්‍රයෙන් භාගයක් අත්විඳියි. ඔබට එහිදී සත්‍යයේ සමාගම ලැබෙන්නේ නැත. සත්‍යයේ සමාගම සහ මිත්‍යාවේ සමාගම ගැන සඳහන් වන්නේ, ඒ දෙකම එකවර පවතින විටයි. සත්‍ය පියා පැමිණි විට ඔහු සෑම දෙයක්ම විස්තර කර දෙයි. සත්‍ය පියා පැමිණෙන තුරු කිසි කෙනෙකුට කිසිම දෙයක් වටහා ගත නොහැක. පියා දැන් ඔය දරුවන්ට පවසන්නේ ඔහෝ ජීවයනි, මගේ සමාගමේ සිටින්න. ශරීර වල සමාගමෙන් ඔබ්බට යන්න. ස්වර්ණමය යුගයේදී සිරුරු වල සමාගම තිබුණත් ඔබ පිවිතුරුයි. සත්‍ය සමාගම තුළින් ඔබ දැන් අපවිත්‍ර බවින් පිවිතුරු වී, ඉන්පසුව ඔබට සතෝප්‍රධාන් සිරුරු ලැබෙයි. ඔය ජීවද සතෝප්‍රධාන් වෙයි. වර්තමානයේ ලෝකය තමෝප්‍රධාන්ය. ලෝකය අළුත්ව ඉන්පසුව පැරණි වෙයි. නව ලෝකයේ, ආදි සනාතන දේවි දේවතා ධර්මය, අනිවාර්යෙන්ම පැවතුණි. අද, එම ධර්මය අතුරුදහන් වී ඇති අතර, ඔවුන් තමන්ට ආදි සනාතන හින්දු ධර්මය යැයි කියා ගනී! ඔවුන් ව්‍යාකූලත්වයට පත්ව සිටියි. ඔබ පෞරාණික දේවතා ධර්මයට අයත් වූ බව, ඔය භාරතයේ වැසියන්ට දැන් වැටහෙයි. ඔබ ස්වර්ණමය යුගයේ අධිපතියන් විය, නමුත් එම කුල්මත් බව කොහේද? සෑම චක්‍රයකම කාලය, ඉතා දිගු බව, ඔවුන් ලියා තිබේ. ඔවුන්ට සෑම දෙයක්ම අමතක වී තිබේ. මෙයට අවුල් ජාලාවක ක්‍රීඩාව යැයි කියයි. පියා ඔබට දැන් ලබාදෙන සියලුම දැනුම ඉගෙන ගැනීමෙන්, ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. ඉන්පසු චක්‍ර භාගයකට පසුව, නැවතත් රාවන්ගේ රාජධානිය ඇරඹෙන බැවින්, ඔබ නැවතත් වැටෙයි. ලෝකය පැරණි වෙයි. ඔබ නව ලෝකයේ අධිපතියන් වූ බව ඔබට වැටහෙනවා. ඔබ දැන් සිටින්නේ පැරණි ලෝකයේය. ඔබගෙන් සමහරුන්ට මෙතරම්වත් මතක නැත. බාබා ඔබව දිව්‍යලෝකයේ වැසියන් බවට පත් කරවනවා. චක්‍රයෙන් භාගයක් ඔබ දිව්‍යලෝකයේ වැසියන් වශයෙන් සිටින අතර, ඉන්පසුව චක්‍රයෙන් භාගයකට පසුව, රාවන්ගේ රාජධානිය ඇරඹෙන නිසා, ඔබ පහතට වැටෙයි. ලෝකය පැරණි වෙයි. බාබා ඔබව දිව්‍යලෝකයේ වැසියන් බවට පත් කරවන බව ඔබට වැටහෙනවා. ඔබ චක්‍රයෙන් භාගයක් දිව්‍යලෝකයේ වැසියන් වශයෙන් සිටින අතර, ඔබ ඉන්පසුව අපායේ වැසියන් වෙයි. ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට ඔබ අධිපති සර්ව බලධාරීන් ද වෙයි. ඔබට මෙම දැනුම නමැති අමෘතයේ මාත්‍රාව ලබා දෙයි. ශිව බාබාට පැරණි අවයව ලැබී තිබේ! ඔහුට අළුත් අවයව ලැබෙන්නේ නැත, ඔහුට ලැබෙන්නේ පරණ හාමෝනියාවක්. පියා පැමිණෙන්නේ විශ්‍රාමික තත්ත්ව කාලයේදී පමණයි. ඔය දරුවන් සතුට අත්විඳියි! පියාද සතුට අත්විඳියි. පියා පවසන්නේ මම පැමිණෙන්නේ ඔය දරුවන්ට මෙම දැනුම ලබා දී ඔබව රාවන්ගෙන් නිදහස් කිරීමටයි. මෙම චරිත කොටස මහත් සතුටකින් රඟපානු ලබයි. පියා ඔහුගේ චරිත කොටස මහත් සතුටකින් රඟපායි. පියා සෑම චක්‍රයකදීම පැමිණිය යුතුයි. මෙම චරිත කොටස කිසිදාක අවසානයකට පැමිණෙන්නේ නැත. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. ඔබ සත්‍ය සමාගමේ සිටින ප්‍රමාණයට, ඒ අනුව ඔබට මහත් සතුටක් ඇතිවෙයි. ඔබ අඩුවෙන් සිහිපත් කිරීමේ සිටින විට, ඔබට එරතරම් සතුටක්ද නොතිබෙයි. පියා ඔහුගේ දේපළ ඔය දරුවන්ට ලබා දෙයි. අවංක හදවත් ඇති දරුවන් කෙරෙහි පියා තුළ විශාල සෙනෙහසක් තිබේ. පියා අවංක හදවත් ඇත්තන් සමගින් සතුටු වෙයි. ඇතුලතින් මෙන්ම පිටතින්ද අවංක අය සහ සේවයේ කාර්ය බහුලව සිටින අය, පියාගේ මහත් සෙනෙහසට බඳුන් වෙයි. ඔවුන් බාබාගේ සැබෑ උදව්කරුවන්ය. තමන්ගේම හදවතින් විමසන්න මම සැබවින්ම සත්‍ය සේවය කරනවාද? මම සත්‍ය බාබාගේ සමාගමේ රැඳී සිටිනවාද? ඔබ සත්‍ය බාබාගේ සමාගමේ රැඳී නොසිටින්නේ නම්, ඔබ කුමන තත්ත්වයකට ලඟා වෙයිද? අඛණ්ඩව බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වන්න, එවිට ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. ඔබ සත්‍ය පියාගෙන් කුමන උරුමයක් හිමි කරගනීද කියා, තමන්ව පරීක‍්ෂා කර බලන්න. එය අංක පිළිවෙලට වන බව ඔබ දන්නවා. ඇතමෙක් විශාල උරුමයක් හිමි කරගන්නා අතර, ඇතමෙක් ඊට අඩුවෙන්ය. එය රැයත් දහවලත් අතර වෙනස මෙනි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට ලැබී ඇති ශරීරයේ අවධානයෙන් සම්පූර්ණයෙන්ම එපිටින් රැඳී සිට, සත්‍යයේ සමාගමේ රැඳී සිටීමෙන්, පිවිතුරු වන්න.

2. මෙම ශිෂ්‍ය ජීවිතයේදී, ඔබ ඇවිදමින් එහෙ මෙහෙ සැරිසරණ අතර, මෙම දැනුම ඔබගේ බුද්ධියෙන් මතගෑ යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබගේ ඉදිරියේ තබාගෙන උත්සාහ දරන්න. අවංක හදවතක් තිබීමෙන් පියාගේ උදව්කරුවෙක් වන්න.

වරදානය:
ඔබ ඔබේ සත්යුග ස්වභාවය සමඟ සත්යුග සේවය කරන උසස් උත්සාහවන්තයෙක් වේවා.

සත්යුග ස්වභාවය ඇති දරුවන් තුළ වියපත් වූ සංස්කාර හෝ ඊර්ෂ්‍යාකාර බව ආදී දේ මිශ්‍ර වී නැත. ඔවුන්ට හිතුවක්කාර කම තමාම නිවැරදි යැයි ඔප්පු කිරීමේ උත්සාහය ද නැත. එවැනි සත්යුග ස්වභාවය ඇති සහ හාජි යනුවෙන් එකඟතාවය පළ කරන සංස්කාරය ඇති උසස් උත්සාහවන්ත දරුවන් කාලයට අනුරූපව සේවය සිදු කර සැබෑ රන් බවට පත් වේ. සේවයේ දී අහංකාර මානය හා පැටලී පරිහාණියට පත් නොවූ අය සත්යුග සේවය කරන අය යැයි කියැවේ.

පාඨය:
ඇයි? සහ කුමක්ද? යනාදී ප්‍රශ්න අවසන් කර නිරන්තරව හදවත සතුටින් තබා ගන්න.