12.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට යම් ආදායමක් උපයා ගැනීමට මහත් වූ ඕනකමක් තිබිය යුතුය. මෙම අධ්‍යයනය තුළින් ආදායමක් ඉපැයේ.

ප්‍රශ්නය:
ඥානය නැති වූ විට බාධාවක් බවට පත් වන සතුට ගෙන දෙන දේ කුමක් ද?

පිළිතුර:
දර්ශන ලැබීම සතුටට කාරණයක් වන නමුත් ඔබට නිවැරදිම ඥානය නොමැති වුවහොත්, ඔබ වඩාත් පටලැවිල්ලට පත් වනු ඇත. කෙනෙකුට පරමාත්ම පියා දර්ශනය වුවහොත් ඔහු දකින්නේ ලක‍ෂ්‍යයක ස්වරූපයෙනි. ඔහුට එයින් තේරුම් යන්නේ කුමක් ද? ඔහු වඩාත් පටලැවිල්ලට පත් වේ. ඥානය නැති විට දර්ශන දැකීමෙහි යහපතක් නැත්තේ ඒ නිසාය. එවිට මායාගේ බාධකද තිබිය හැකිය. බොහෝ අයට දර්ශන පහළ විම නිසා සාවද්‍ය කුල්මත්භාවයක් ඇතිවේ.

ගීතය:
මගේ වාසනාව උදා වී පැමිණ සිටිමි...

ඕම් ශාන්ති.
ඔබ ඉතා මිහිරි ආධ්‍යාත්මික දරුවන් ගීතය ඇසුවා. අළුත් අයද පරණ අයද ඇසුවා. කුමරුන් ද ඇසුවා මෙය පාසලක් බව. පාසලකින් කුමක් හෝ වාසනාවක් පෑදෙයි. එහි විවිධාකාරයේ වාසනා ඇත. සමහරුන් ශල්‍ය වෛද්‍යවරුන් වීමේ වාසනාවද තවත් සමහරුන් බැරිස්ටර් කෙනෙක් වීමේ වාසනාවද ලබයි. වාසනාව, අරමුණ හා ඉලක්කය සේ ද හැඳින්වේ. ඔබේ වාසනාව පාදාගන්නේ නැත්නම් ඔබ පාසලකින් ඉගෙන ගන්නේ කුමක්ද? මෙහිදී ඔබ දරුවන් දන්නවා ඔබ පැමිණ ඇත්තේ වාසනාව සමඟම බව. ඔබ මෙහි පැමිණ ඇත්තේ නව ලෝකයේ රජදහන නම් වූ වාසනාව ලැබීමටයි. මෙම රාජයෝගාව නව ලෝකයටයි. ඔවුන්ගේ දේ ජරාජීර්ණ ලෝකයටයි. ඔවුන් ශෛල්‍ය වෛද්‍යවරුන්, බැරිස්ටර් සහ ඉංජිනේරුවන් වන්නේ ජරාජීර්ණ ලෝකයටයි. එසේ වීමට ද දැන් පැරණි ලෝකයේ ඉතිරි වී ඇත්තේ සුළු කාලයකි. සියල්ල විනාශ වී යයි. එම වාසනාව මෙම මරණයේ දේශයටයි. එනම්, මෙම උපත සඳහාය. ඔබේ මේ ඉගෙනුම නව ලෝකය සඳහාය. ඔබ මෙහි පැමිණියේ නව ලෝකය සාදා ගැනීමටයි. ඔබට රජදහනේ වාසනාව ලැබෙන්නේ නව ලෝකයේ දීය. ඔබට උගන්වන්නේ කවුද? ඔබේ උරුමය ලබා ගත යුතු කෙනා වන අසීමිත පියාය. දොස්තර කෙනෙකුගෙන් දොස්තර කෙනෙකුගේ උරුමය ලබා ගැනීම, මේ උපතේ උරුමයයි. මිනිසුන් එක උරුමයක් පියාගෙන් ලබන අතර අනෙක් උරුමය ඉගෙනීමෙන් ලබයි. ඔවුන් වයස්ගත වූ විට ගුරු වෙත යයි. ඔවුන්ට අවශ්‍ය මොනවාද? ඔවුන් මෙසේ කියයි අපට සාම දේශයට යන්න උගන්වන්න! අපට විමුක්තිය දානය කරන්න! මෙතනින් රැගෙන ගොස් අපව සාම දේශයට ගෙනයන්න. ඔවුන් පියාගෙන් උරුමයත් එසේම තම ගුරුවරයාගෙන් එකකුත් ලබන නමුත් ගුරූගෙන් කිසිවක් ලබන්නේ නැත. ඔවුන් ගුරුවරයෙකුගෙන් ඉගෙන කුඩා උරුමයක් ලබයි. ඔවුන් ගුරුවරු, මැහුම් ගුරුවරු ආදීන් බවට පත්වන්නේ ආදායමක් ඉපැයීමට අවශ්‍ය නිසායි. ඔවුන්ගේ පියාගෙන් උරුමයක් ලැබුවත් ආදායමක් ලැබීමට ඉගෙනීම කරයි. ගුරූගෙන් ආදායමක් උපයා ගත නොහැක. ඔව්, සමහරු ගීතාව ආදිය හදාරා, එය පදනම් කරගෙන දේශනා ආදිය පවත්වයි. ඒ සියල්ල තාවකාලික සතුට සඳහාය. ඔබ දැන් මෙම මරණයේ දේශයේ සිටින්නේ ඉතා කෙටි කාලයයි. මේ ජරාජීර්ණ ලෝකය විනාශ විය යුතුයි. ඔබේත් පියාගේත් දේපළ පිළිස්සී යයි. ඔබ සියල්ලෙන් හිස් වෙයි. දැන් ඔබට අවශ්‍ය නව ලොව සඳහා වූ ආදායමකුයි. පරණ වූ ලෝකයේ මිනිසුන්ට ඔබට එය උපයා ගැනීමට උදව් විය නොහැකියි. නව ලෝකයට ආදායමක් උපයා දීමට හැක්කේ ශිව බාබාටයි. ඔබ මෙහි පැමිණියේ නව ලෝකයේ වාසනාව උදා කර ගැනීමටයි. එම පරම පියා ඔබේ පියාත්, ගුරුවරයාත්, ගුරූත් වනවා. ඔහු පැමිණෙන්නේ සංගම් යුගයේ දීය. ඔහු ඔබට අනාගතය සඳහා උපයා ගන්නා ආකාරය උගන්වයි. දැන් මෙම පරණ ලෝකයේ ඉතිරිව ඇත්තේ ඉතා සුළු දින ගණනකි. ලෝකයේ මිනිසුන් මෙය දන්නේ නැත. ඔවුන් මෙසේ අසයි නව ලෝකය එන්නේ කවදාද? බොහෝ මිනිසුන් කියන්නේ මේ අය බොරු කියනවා කියාය. පරම පියා මෙසේ කියයි නව ලෝකය ඉදිවෙමින් තිබේ. කුඩා දරුවන් නම් මෙය බොරු යැයි කියයි. ඔබ දරුවන් දන්නවා ඒ ඔබේ එකම පරම පියා, ගුරුවරයා සහ සත්ගුරු බව. පරම පියා පැමිණෙන්නේ ඔබව සාම දේශයට සහ සතුටේ දේශයට රැගෙන යාමටයි. කෙනෙක් ඔහුගේ වාසනාව සාදා නොගනී නම්, ඉන් අදහස් වන්නේ ඔහුට කිසිවක් තේරෙන්නේ නැති බවයි. එකම නිවහනක, භාර්යාව ඉගෙන ගනිත්දී ස්වාමිපුරුෂයා ඉගෙන නොගනී හෝ දරුවන් ඉගෙන ගනිත්දී දෙමාපියන් ඉගෙන නොගනී. මෙය දිගටම සිදුවෙයි. ආරම්භයේ දී මුළු පවුල පිටින් බොහෝ ආවා. කොහොමනමුත්, මායා කුණාටුව පැමිණි විට මේ ඥානය අසා බොහෝ සතුටු වූ අය එය අන් අයටත් කියා දී පියා හැර ගියා. මෙසේ සිහිගැන්වෙයි මේ ඥානය ඇසීමෙන් සතුටට පත් වන අය පරම පියාට අයිති වන අයයි. ඔවුන් මෙය ඉගෙන පසුව..., නාටකයේ පුදුමය එයයි. පරම පියා ම මෙසේ කියයි එය නාටකයේ සහ මායාගේ විශ්මයයි. මෙය නාටකය සම්බන්ධ කාරණයකි. දෙන්නා දෙමහල්ලෝ දික්කසාද වෙයි, දරුවන් දෙමාපියන් හැර යයි, මෙහිදී එසේ නොවෙයි. ඔබට මෙහිදී කිසිවෙක් අතහැර යා නොහැකියි. පරමාත්ම පියා පැමිණ ඇත්තේ ඔබ දරුවන්ට සත්‍ය ආදායමක් උපයා දීමටයි. පරම පියා කිසිවෙක් වලක දාන්නේ නැත. පියා වූ කලී පාරිශුද්ධකරුවාද, අනුකම්පාවෙන් පිරි කෙනාද වෙයි. පරම පියා පැමිණ ඔබ දුකෙන් මුදවාලයි. ඔහු ඔබේ මාර්ගෝපදේශකයා වී ඔහු සමඟම ඔබව ආපසු රැගෙන යයි. භෞතික ගුරු කෙනෙක් ඔබව ආපසු ගෙන යනවා යැයි නොකියයි. ඔබේ එසේ යම් ගුරු කෙනෙක්ගෙන් දැක හෝ අසා තිබේද? ඔබට එම ගුරුන්ගෙන් මෙසේ ඇසිය හැකියි ඔබට බොහෝ ගෝලයින් ඉන්නවා! ඔබ ශරීරය අතහැර යන විට, ඔබ ඔවුන් රැගෙන යනවාද? ඔහු සමඟ කිසිවෙක් රැගෙන යනවා යැයි ඔවුන් නොකියයි. එය සිදු විය නොහැකියි. කිසිවෙක්, හැම කෙනෙක්ම නිර්වාණය හෙවත් විමුක්ති දේශය කරා ගෙන යා හැකි යැයි නොකියයි. කිසිවෙකුට මෙවැනි ප්‍රශ්නයක් ඇසීමට නොහැකිය ඔබ අපව ඔබ සමඟ ගෙන යනවාද? ආගමික පොත් වල දේව වාක්‍ය ඇත. මම ඔබව ආපසු ගෙන යමි. සැම කෙනෙක්ම මදුරු රෑනක් සේ ආපසු යයි. සත් යුගයේ ඉතා සුළු මිනිසුන් සංඛ්‍යාවක් සිටින අතර, කලි යුගයේ බොහෝ සෙයින් සිටී. ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ කර්ම ගිණුම් පියවා ශරීර හලා දමා නැවත ගෙදර යයි. ඔවුන් නියතයෙන්ම ආපසු යා යුතුය. මෙතරම් මිනිසුන් සංඛ්‍යාවකට මෙහි සිටිය නොහැකිය. ඔබ දරුවන් දැන් ඉතා පැහැදිලිව අවබෝධ කරගෙන සිටිනවා ගෙදර යා යුතුම බව. ඔබ ශරීර හලා දැමිය යුතුයි. ඔබ මළ විට, ඔබට ලෝකය මළ බවට පත් වේ. ඔබ ජීවාත්ම සත්තාවන් සේම සලකා පරමාත්ම පියා සිහියේ තබා ගන්න. ඔබ මෙම පරණ වූ සිරුරු හලා දැමිය යුතුමයි. මේ ලෝකයම ජරාජීර්ණ වී ඇත. ඔබ පැරණි ගෙයක සිටින අතර අළුත් ගෙයක් සාදන විට ඔබ දන්නවා ඔබ සඳහා නව නිවසක් ඉදිවෙන බව. ඔබේ බුද්ධිය ඒ කරා යයි. මේ නිවසේ මෙය සාදන්න. මෙතන මෙය තබන්න පැරණි නිවසෙන් සියලු ඇලීම් කැඩී ගොස් සබඳකම් නව නිවස හා සමඟ සෑදෙයි. එය සීමිත කරුණක් වන අතර මෙම කාරණාවේ දී එය අසීමිත ලෝකයේ කරුණක් වෙයි. ඔබ පැරණි ලෝකය හා වූ බැඳීම් කඩා දමා නව ලෝකය හා සම්බන්ධ විය යුතුයි. ඔබ දන්නවා මෙම පැරණි ලෝකය විනාශ වී යන බව. නව ලෝකය වූ කලී දෙව් ලොවයි. අප එහි රාජකීය තත්ත්වයක් ලබමු. ඔබ යෝගාවේ සිටි තරමට, උකහා ගත හැකි ඥානය වැඩි වන අතර අන් අයට තේරුම් කරදීමද සතුටේ දර්ශකයද ඉහළ නැංවෙනු ඇත. මෙය ඉතා වැදගත් විභාගයකි. අපි ලබන්නේ උපත් 21 ක දෙව්ලොව උරුමයයි. ධනවත් බවට පත් වීම ඉතා හොඳ දෙයක් නේද? දීර්ඝ ආයු කාලයක් ලැබීමත් ඉතා හොඳ දෙයක් නේද? ඔබ ලෝක චක්‍රය සිහිකළ කරමට සහ අන් අය ඔබ හා සම කළ තරමට ඔබට යහපත සැලසෙනු ඇත. ඔබට රජුන් බවට පත් වීමට අවශ්‍ය නම් යටත් වැසියන්ද නිර්මාණය කරගත යුතුයි. ප්‍රදර්ශන වලට බොහෝ අය එයි. ඔවුන් සියලු දෙනාම දිගටම යටත් වැසියන් බවට පත් වන්නේ මෙම අවිනාශී ඥානය කෙදිනකවත් විනාශ නොවන නිසාය. ඔබේ බුද්ධියට ඇතුළු වෙනවා ඔබ පිරිසිඳු බවට පත් වී පාරිශුද්ධ ලෝකයේ හිමිකරුවන් බවට පත් වී ඇති බව. ඔබ හොඳ උත්සාහයක් දැරුවොත් වැසියන් අතරේ ද ඉහළ තත්ත්වයක් ලැබිය හැකියි. එසේ නොවුවහොත් ඔබ පත් වන්නේ පහළ පංතියේ ගණයටයි. හැම එකක්ම අනුපිළිවෙලිනි. රාම රාජ්‍යය ඉදිවෙන අතර රාවණ් රාජ්‍යය විනාශ වෙයි. සත් යුගයේ සිටින්නේ දෙවි දේවතාවුන් පමණි. බාබා මෙසේ විස්තර කරයි ස්මෘති වන්දනාවේ සිටීම මඟින් ඔබ සතෝප්‍රධාන් ලෝකයේ හිමිකරුවන් බවට පත් වේ. වැසියන් ද රජුන්ද සියලු දෙන හිමිකරුවන්ය. යටත් වැසියන්ද මෙසේ කියයි අපේ භාරතය උසස්ම එකයි. භාරතය ඇත්තෙන්ම ඉහළම එක විය. දැන් එය එසේ නොවේ. නියතයෙන්ම එය එසේ විය. දැන් එය දුප්පත් බවට පත් වී ඇත. පුරාණ භාරතය සියල්ලට වඩා ධනවත් විය. ඔබ දන්නවා භාරතයේ අපි ඇත්තෙන්ම ඉහළම දෙවි දේවතා වංශයට අයත් ව සිටි බව. වෙන කිසිවෙකුට දෙවි දේවතාවන් යැයි කිව නොහැක. ඔබ දූවරු මෙය ඉගෙන අන් අයට ද විස්තර කර දිය යුතුයි. ඔබ විස්තර කළ යුත්තේ මනුෂ්‍යයන්ටය. ඔබට තිබෙනවා පිංතූර ලක්‍ෂ්මි සහ නාරායන් ඔවුන්ගේ තත්ත්වය ලැබුවේ කෙසේද කියා මිනිසුන්ට පෙන්වීමට. ඔබට හැකියි නිවැරදිම විස්තරය සහ හරිම කාලය සහ දිනය ඇතිව හැම එකක්ම පෙන්වීමට. ඔවුන් නැවතත් ශිව බාබාගෙන් මෙම ස්ථානය ලබා ගනී. ඔවුන්ගේ ප්‍රතිමා ද තිබේ. පරම පිතා පරමාත්මා වන්නේ ශිවාය. පරම පියා මෙසේ කියයි යෝගා බලය තුළින් ඔබ බ්‍රහ්මා හරහා උපත් 21 ක ඔබේ උරුමය ලබයි. ඔබට සූර්ය වංශික දේවතාවුන් විය හැකියි, විශ්ණු දේශයේ අයිතිකරුවන් සේ. ශිව බාබා මෙම උරුමය ඔබට ලබා දෙන්නේ (වැඩිමල් සහෝදරයා), දාදා වන බ්‍රහ්මා හරහාය. මොහුගේ ජීවාත්ම සත්තාව හැම එකක්ම පළමුවෙන් කන් දෙයි. හැම එකක්ම උකහා ගන්නේ ජීවාත්ම සත්තාවයි. මෙය ප්‍රධානයි. ඔවුන් ශිවාගේ ප්‍රතිමාව පෙන්වයි. එය පරම පියාගේ, පරමාත්මා ශිවාගේ ප්‍රතිමාවයි. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සූක‍්ෂම කලාපයේ දේවතාවෝය. ප්‍රජාපිතා බ්‍රහ්මා නියතයෙන්ම සිටින්නේ මෙහිය. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන බොහෝ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් මෙහි සිටී. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන බ්‍රහ්මින්වරු නොවී, ශිව බාබාගෙන් ඔබේ උරුමය ලබන්නේ කෙසේද? මෙය භෞතික නිර්මාණයක් විය නොහැකියි. මුවින් උපන් නිර්මාණය යන්න සිහිකෙරේ. ඔබ කියන්නේ ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණ කියාය. ඔවුන් ගුරුන්ගේ අනුගාමිකයින්ය. මෙහිදී, ඔබ එම ඒකායන කෙනාව පරම පියා, ගුරුවරයා සහ සත්ගුරු යැයි හඳුන්වයි. මොහුට ඔබ එසේ කියන්නේ නැත. සිටින්නේ අශරීරික ශිව බාබාය. ඔහු ඥාන සාගරයද වෙයි. ඔහු ඔබට ලෝකයේ මුල, මැද සහ අග පිළිබඳ ඥානය දෙයි. එම අශරීරික ඒකායන කෙනාට ගුරුවරයා යනුවෙන්ද කියන අතර ඔහු ඥානය දෙන්නේ ශාරීරික කෙනා තුළිනි. කතා කරන්නේ ජීවාත්ම සත්තාවයි. ජීවාත්ම සත්තාව මෙසේ කියයි මගේ ශරීරයට හානි නොකරන්න. ජීවාත්ම සත්තාවන් අසතුටට පත් වූ කළ ඔවුුන් ගැන විස්තර දෙනු ලැබේ. විනාශය ඉහ අද්දර වන අතර පරම පියා අවසානයේදී පැමිණ හැම කෙනෙක්ම නැවත ගෙදර කැඳවා ගෙන යයි. මෙහි ඇති හැම එකක්ම විනාශ වනු ඇත. මෙය හඳුන්වන්නේ ම මරණයේ දේශය ලෙසයි. දෙව්ලොව පවතින්නේ ද මෙම මිහිතලය මතයි. දිල්වාලා සිද්ධස්ථානයද නිම කොට ඇත. පහළ මාලයේ ඔවුන් තපස්යා කරන ආකාරය පෙන්වන අතර, ඉහළ දෙව්ලොව පෙන්වයි. වෙන කොහේ පෙන්වන්නද? ඉහළ දෙවි දේවතාවුන්ගේ පිංතුර පෙන්වා ඇත. ඔවුන් ද සිටිය යුත්තේ මෙහිය. ඔබ මෙය උපක්‍රමශීලීව තේරුම් කර දීම අවශ්‍යය. ඔවුන් සිටින ස්ථානයට ගොස් මෙසේ විස්තර කරන්න. මේ අපට උගන්වන ශිව බාබාගේ සිහිවටනයයි. ඇත්තවශයෙන්ම, ශිවා යනු ලක‍ෂ්‍යයක් පමණක් වන අතර එය වන්දනා කළ හැක්කේ කෙසේද? මල් පිදිය හැක්කේ කෙසේද? මේ නිසයි ඔවුන් ඔහුට විශාල ස්වරූපයක් දෙන්නේ. ඔහු එතරම් විශාල නැත. නළල මධ්‍යයේ පුදුමාකාර තරුවක් දිදුලන බව සිහිගැන්වෙයි. එය අතිශයින්ම සූක‍්ෂමය. එය යම් තරමක් විශාල වූවානම් වහාම විද්‍යාඥයින් විසින් අල්ලා ගනු ඇත. ඔහු සූර්යයන් දහසක් තරම් ආලෝකමත් නැත. එවැනි කිසිවක් නොවේ. ඇතැම් භක්තිවන්තයින් මෙහි පැමිණ මෙසේ කියයි අපට පෙනෙන්නේ මෙම මුහුණ පමණි. බාබා දන්නවා ඔවුන්ට පරම පියා පරමාත්මා ගැන සම්පූර්ණ දැනීම ලැබී නැති බව. ඔවුන්ගේ වාසනාව තවම උදා වී නැත. ඔවුන් පරම පියා දැන ගන්නා තෙක් ජීව සත්තාව ලක‍ෂ්‍යයක් බවත් ශිව බාබාත් ලක‍ෂ්‍යයක් බවත් ඔහු සිහි කළ යුතු බවත් ඔවුන් නොදන්නවා ඇත. පාප හළු වී යන්නේද ඔවුන් මෙය තේරුම් ගෙන ඔහු සිහි කළ විට පමණි. කොහොමනමුත්, ඔවුන් මට ඔහු පෙනේ, මෙසේ පෙනේ ආදී ලෙස කියන කළ එය මායාගේ බාධාවකි. ඔබ දැන් සතුටුයි පරම පියා මුණ ගැසීම ගැන. පරම පියා මෙසේ කියයි ඔවුන් ක්‍රිෂ්ණා දර්ශනය වූ කළ සතුටින් නැටුම් ආදිය කළත්, කිසිවෙකුට ඒ තුළින් ගැලවීම නොලැබේ. ඔවුන්ට දර්ශන පහළ වන්නේ අහම්ඛෙනි. ඔබ හරි හැටි ඉගෙන ගත්තේ නැත්නම් වැසියන් අතරටම යයි. කෙනෙකුට දර්ශන තුළින් යහපතක් විය යුතුයි. භක්ති මාර්ගයේ මිනිසුන්ට බොහෝ උත්සාහයන් කළාට පසු දසුන් ලැබේ. මෙහිදී, සුළු උත්සාහහකින්ද දසුන් ලැබිය හැකි වුවත් එයින් ද යහපතක් නැත. ඔවුන් ක්‍රිෂ්ණා දේශයට ගොස් සාමාන්‍ය වැසියන් බවට පත් වෙයි. ඔබ දරුවන් දැන් දන්නවා මේ ඥානය දෙන කෙනා වන්නේ ශිව බාබා බව. පරම පියාගේ අණ මෙසේය නියතයෙන්ම පාරිශුද්ධත්වයට පත් වන්න! කොහොමනමුත්, සමහරුන්ට පිරිසිඳු විය නොහැකියි. ඇතැම් විට අපිරිසිඳු අයද රහසේ මෙහි පැමිණේ. ඔවුන් ඔවුන්ට ම පාඩුවක් කර ගනී. ඔවුන්ම රැවටේ. පරම පියා රැවටීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. පියා රැවටීමෙන් ඔබට ධනවත් විය හැකිද? ඔබ ශිව බාබා ශ්‍රීමත් නිවැරදිවම අනුගමනය නොකර ලබන තත්ත්වය කුමක්ද? එහි තේරුම නම් වාසනාව නැති බවයි. ඔබ හරි හැටි ඉගෙන ගන්නේ නැතිව අන් අයගේ දුකට හේතු වන්නේ නම්, බොහෝ දඬුවම් ලැබෙන අතර ඔබේ තත්ත්වයද විනාශ වෙයි. න්‍යායට විරුද්ධ කිසිවක් නොකරන්න. පරම පියා විස්තර කරනවා ඔබේ ක්‍රියාකාරකම් හොඳ නැහැයි කියා. ආදායමක් ඉපැයීමේ ක්‍රමය පරම පියා පෙන්වුවත්, එය හරි හැටි අනුගමනය කිරීම හෝ නොකිරීම ඔබේ වාසනාවේ ප්‍රමාණයයි. දඬුවම් විඳීමෙන් පසු, හැම කෙනෙක්ම ආපසු සාම දේශයට යා යුතුයි. ඔබේ තත්ත්වය විනාශ වී කිසිවක් නොලැබී යයි. බොහෝ අය මෙහි ආවත්, පරම පියාගෙන් උරුමය ලැබීම ප්‍රශ්නයකි. දරුවන් මෙසේ කියයි බාබා, මම දෙව්ලොව සූර්ය වංශික උරුමය ලබමි. රාජයෝගාව මෙයයි. සිසුන් ශිෂ්‍යත්ව ලබයි. සමත් වන අයට ඒවා හිමියි. එසේ හිමි වන අයගෙන් මල් මාලාව සෑදෙයි. කෙනෙක් සමත් වන ප්‍රමාණයට ඊට අනුකූලව ශිෂ්‍යත්වය ලැබෙනු ඇත. මල් මාලාවද නිම වෙනු ඇත. ශිෂ්‍යත්වය ලබන සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වන අතර රාජකීය තත්ත්වය ලබන්නේ ශිෂ්‍යත්වය අනූවයි. හොඳින් ඉගෙන ගන්නා අයට අප්‍රසිද්ධව සිටිය නොහැකියි. බොහෝ අළුත් අය පරණ අයට ඉදිරියෙන් යයි. බොහෝ දූවරු මෙම ඉගෙනීමට ඉතා කැමති බවත් ඔවුන්ගේ ලෞකික අධ්‍යාපනය සම්පූර්ණ කළ පසු මෙම අධ්‍යයනයේ යෙදෙන බවත් පොරොන්දු වී ඔවුන්ගේ ජීවිත දියමන්ති සේ වටින බවට පත් කර ගනී. ඔවුන් මෙසේ කියයි අපි සත්‍ය වූ ආදායමක් ලබා ගෙන උපත් 21 ක උරුමය ලබමු. ඔවුන් බොහෝ ප්‍රීති වෙයි. ඔවුන් දන්නවා මෙම උරුමය දැන් නොලැබුවහොත් කවදාවත් නොලැබෙන බව. ඔවුන් මෙම අධ්‍යයනයට ලොකු රුචියක් දක්වයි. සමහරුන්ට කිසිවක් තේරුම් කිරීමට අවශ්‍ය නැත. සමහර පරණ අයට අළුත් අයට තරම් රුචිය නැත. එය පුදුමයකි. නාටකයට අනූව එය ඔවුන්ගේ වාසනාවේ නැතැයි කියැවේ. ඉතින් පරමාත්ම දෙවියන් කුමක් කරන්නද? පරම ගුරුවරයා දිගටම ඔබට උගන්වයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ දුර්වලකම් හැංගීම ඔබම රවටා ගැනීමකි. එමනිසා, කිසි විටෙක ඔබම රවටා නොගන්න.

2. ඔබේ වාසනාව උසස් කර ගැනිමට නම් න්‍යායට විරුද්ධ කිසිවක් නොකරන්න. අධ්‍යයනයට රුචි වන්න. අන් අය ඔබ හා සමාන කරවීමේ සේවය කරන්න.

වරදානය:
සෑම පියවරක්ම උපදෙස් වලට අනුව ගැනීමෙන් ඔබ පහසු යෝගීවරයෙක් වී, මායා ඔබට කැප කරවන්න.

සෑම පියවරක්ම උපදෙස් වලට අනුව ගන්නා දරුවන්, මුළු ලෝකයම ඔවුන් වෙනුවෙන් කැප වීමට සලස්වයි. ඒ සමඟම මායාද ඇගේ සියලු දරු පරම්පරාව සමඟම කැප වෙයි. පළමුව ඔබ පියා වෙනුවෙන් කැප වෙයි, ඉන්පසුව මායා ඔබ වෙනුවෙන් කැප වෙයි. ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානය පවත්වා ගනිමින් සෑම නියෝගයක්ම අනුගමනය කරන්න, එවිට ඔබ උපතින් උපතට සියලු අපහසුතා වලින් මිදෙයි. දැන් ඔබ පහසු යෝගීවරයෙක් වන අතර අනාගතයේදි ඔබට පහසු ජීවිතයක් තිබෙයි. එබැවින් ඔබගේ ජීවිතය බොහෝ පහසු කරගන්න.

පාඨය:
තමන්ගේ පරිවර්ථනය තුළින් බොහෝ ජීවාත්ම පරිවර්ථනය කිරීම, ඔවුන්ට ජීවිත දානය ලබා දීමයි.