12.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මළ නිහැඬියාවට යාමට පුහුණු කරන්න. බුද්ධිය පියා කෙරෙහිම ඇදී තිබීමට ඉඩ හරින්න. එවිට පියා අශාරිරික වීම සඳහා ඔබට සකාෂ් (විදුලි වේගයෙන් එන බලයක්) දෙනු ඇත.

ප්‍රශ්නය:
දැනුම නැමැති තෙවැනි ඇස දරුවන් වන ඔබට ලැබුණු විට ලැබෙනා දර්ශනය කුමක්ද ?

පිළිතුර:
සත් යුගයේ ආරම්භයේ පටන් කලි යුගයේ අවසානය දක්වා ඔබ රඟපෑ චරිතයේ ජවනිකාව ඔබට දර්ශනය වනු ඇත. මුලු ලෝකයේම ආරම්භය හා අවසානය ඔබට තේරුම් යනු ඇත. මේ සියල්ල ගැන දැන ගැනීම දර්ශන ලැබීම වේ. තමන් දිව්‍යම ගුණධර්ම ඇති දේවතාවරුන් වශයෙන් සිටි බව ඔබ දැන් දන්නා අතර පසුව යක්ෂයින් බවට පත් වුණා. දැන් නැවතත් වතාවත් ඔබ දිව්‍යමය ගුණධර්ම ඇති දේවතාවරුන් බවට පත්වෙනවා. දැන් ඔබ සිටින්නේ ඔබගේ නව නිවහන වන නව ලෝකය වෙත යාමටයි.

ඕම් ශාන්ති.
මෙහි සිටිනා දරුවන් ස්මරණ වන්දනාවේ නිරතව සිටියි. අසීමිත පියා ස්මරණ වන්දනාවේ යන්නේ නැහැ. දරුවන් වන ඔබට උදව් කිරිමට ශක්තිය දෙන්නේ ඔහුයි. එනම්, එම ශරිරය අමතක කරවීමට ඔහු ඔබව උනන්දු කරවනවා. දරුවන් වන ඔබලාට පියාගෙන් මේ උදව්ව ලැබෙන්නේ ඔබගේ ශරිරය අමතක කර වීමටයි. ඔහු ජීවාත්ම වන ඔබලාට විදුලියක් වන් වු දැඩි බලයක් ලබා දෙන්නේ ඔහු දකින්නේ ජීවාත්ම පමණක් වන නිසායි. ඔබ සෑම කෙනෙකුගේම බුද්ධිය දැන් පරමාත්ම පියා වෙතට යොමු වී ඇත. එමෙන්ම පියාගේ බුද්ධිය හා දෘෂ්ටියත් යොමුව තිබෙන්නේ දරුවන් වෙතටයි. එහි වෙනසක් ඇත. (විනාඩි කිහිපයක ගැඹුරු නිහඬතාවයක් පැතිරිනි.) දිගටම මේ ආකාරයේ මළ නිහැඬියාව පුහුණු කරන්න. ශරිරය අතහැර ඉන් ඉවත් වීමටයි ඔබට අවශ්‍ය. වැඩි වැඩියෙන් ස්මරණයේ රැඳී සිටිය තරමට පහසුවෙන් ශරිරය අතහැර යා හැකි බව ජීවාත්මයට දැන් තේරෙනවා. ගැරඬියාගේ උදාහරණය මෙතැනට දෙනවා. මෙසේ දී තිබෙනා උදාහරණවල කිසියම් අරුමයක් තිබිය යුතුයි. තම ශරිර අතහැර නිවස බලා යන බව හා පසුව නැවතත් මෙහි පැමිණෙන බව ඔබ දැන් දන්නවා. වෙන කිසිම කෙනෙක්ට මේ දේවල් තේරෙන්නේ නැහැ. වෙන කිසිම කෙනෙක්ට මෙම නාටකය තේරෙන්නේ නැහැ. ස්මරණය තුළින් ඔබගේ පාප දුරු වී යනවා යැයි කියා වෙන කිසිම කෙනෙක්ට සහතික කර කීමටත් හැකියාවක් නැහැ. කිසිම කෙනෙක් එවන් දේවල් ඔබට කියන්නේ නැහැ. දැන් මේ තිබෙන්නේ තමන්ගේ ආපසු යන ගමන කියා දරුවන් වන ඔබට තේරෙනවා. ජීවාත්මයන්ගේ සිහියේ යෝගාව දැන් යොමුව තිබෙන්නේ ඒ දෙසටයි. නාටකය දැන් අවසන් වීමට ආසන්නයි. දැන් නිවස බලා යා යුතු කාලයයි. ඔබ පියාව සිහිපත් කළ යුතුයි. ඔහු පාරිශුද්ධකරුයි. ගංගා ජලයට මුක්තිය දානය කරන්නා හෝ මග පෙන්වන්නා බවට පත් විය නොහැකියි. මුක්තිය දානය කරන්නා හා මග පෙන්වන්නා බවට පත්විය හැක්කේ එකම එක පියාට පමණි. මේ දේවල් ඉතාමත් හොඳින් තේරුම් ගෙන අන් අයටත් පැහැදිලි කර කියා දිය යුතුයි. ඒ භක්ති මාර්ගයයි, කිසිම කෙනෙක්ට ඉන් ප්‍රයෝජනයක් නැහැ. වතුර ඇත්තේ ස්නානය සඳහා බව දරුවන් දන්නවා, ඔබව පාරිශුද්ධත්වයට පත්කරවන්න එයට බැහැ. ඒ කරන භක්තියට කුමක් හෝ දෙයක් ලැබෙනවා කියාවත් දෙයක් නැහැ. භක්ති මාර්ගයේදී එයට විශාල වැදගත්කමක් දෙනවා. අන්ධ විශ්වාසය කියන්නේ මෙයයි. මේ ආකාරයෙන් දිගටම අන්ධ විශ්වාසයෙන් සිටීමෙන් අන්ධ පියාගේ අන්ධ දරුවන් යන නාමය ඔබට ලැබෙනවා. බාබා කියනවා : ඇස් පේන්නේ කාටද, ඇස් අන්ධව ඇත්තේ කාගේද කියා ඔබ දන්නවා. ඔබ දැන් ලෝක නාටකයේ මුල, මැද හා අග ගැන පියාගෙන් දැන ගන්නවා. දැන් ඔබ පියාව හඳුනාගෙන සිටිනා නිසා ලෝකයේ මුල, මැද හා අගත් එහි කාල පරාසය ගැනත් දන්නවා. දැනුම් සාගරයේ සෑම පැත්තක්ම හොඳින් කලතමින් තමන්ම තීරණය කර ගන්න. භක්ති මාර්ගයත් දැනුමේ මාර්ගයත් අතර වෙනසක් තිබෙනවා. මෙම දැනුම අසහායයි. මෙම දැනුම ප්‍රසිද්ධයි. ඒ රාජයෝග හැදෑරීමයි. දේවතාවරුන් සම්පුර්ණයෙන්ම පාපයෙන් තොරව සිටි බව දරුවන් වන ඔබලා දන්නවා. නිර්මාණකරු වන පරමාත්ම පියා තමන්ගේම හැඳින්වීම ඔබට ලබා දෙනවා. ඔහු උත්තරීතර ජීවාත්මයයි. උත්තරිතර ජීවාත්මය දෙවියන් කියා හඳුන්වයි. ඉංග්‍රීසියෙන් ඔහු සුප්‍රීම් සෝල් (Supreme Soul) කියා කියනවා. සෝල් (Soul) කියන්නේ ජීවාත්මයයි. පියාගේ ජීවාත්මයත් අනිත් ජීවාත්මයන්ට වඩා ලොකු වන්නේ නැහැ. පියාගේ ජීවාත්මය දරුවන් වන ඔබගේ ජීවාත්ම වගේමයි. දරුවන් පොඩියි පියා ලොකුයි කියා දෙයක් නැහැ. මෙම උත්තරිතර දැනුමෙන් පිරි පියා දරුවන් වන ඔබට දැඩි සෙනෙහසකින් පැහැදිලි කර කියා දෙනවා. තම චරිතය රඟ දැක්විය යුත්තේ ජීවාත්මයයි. අනිවාර්යෙන්ම තම චරිතය රඟපෑම සඳහා ඔහු ශරිරයක් ලබා ගත යුතුයි. ජීවාත්මයන්ගේ නිවහන සාම දේශයයි. ජීවාත්ම වන තමන් මහා ආලෝක දනව්වේ වාසය කරනා බව ඔබලා දන්නවා. හින්දුස්ථානයේ වාසය කරන්නන් තමන්ව හින්දුවරුන් වශයෙන් හඳුන්වා ගන්නා සේ, බ්‍රහ්ම ලෝකයෙන් එන ජීවාත්මයන් හිතන්නේ බ්‍රහ්ම ලෝකය දෙවියන් කියලයි. පරිහාණියට හේතු කාරණා නාටකය තුළම තීරණය වී ඇත. කෙනෙක් කෙතරම් දුරක උත්සාහයක් දැරුවා වුවත් කිසිම කෙනෙක්ට නිවස බලා යා නොහැකියි. නාටකයක් අවසන් වුණු විට සියලුම නලුවන් වේදිකාව මතට එනවා, නිර්මාණකරු ප්‍රධාන නලුවන් සියලු දෙනාම එකට හිට ගන්නවා. මෙම නාටකය දැන් අවසන්වීමට යන බව දරුවන් වන ඔබට තේරෙනවා. කිසිම සාදු සන්යාසී කෙනෙක් මේ දේවල් දන්නේ නැහැ. ජීවාත්මය පිළිබඳව වු මෙම දැනුම කිසිම කෙනෙක්ට නැහැ. පියා වන උත්තරිතර ජීවාත්මය මෙහි පැමිණෙන්නේ එකම එක වතාවයි. සෑම කෙනෙක්ම තමන්ගේ චරිතය රඟපෑ යුතුයි. ව්‍යාප්තිය දිගටම සිදු වෙනවා. සෑම ජීවාත්මයක්ම පැමිණෙන්නේ කොහි සිටන්ද ? ජීවාත්ම වලට නැවත නිවස බලා යා හැකි නම් එවන් සැකැස්මක් තිබිය යුතුයි. එක් අයෙක් පැමිණ තවත් කෙනෙක් යනවා නම් පුණරුත්පත්තියක සම්බන්ධතාවයක් ඇති වන්නේ කෙසේද? ඇත්තෙන්ම කියනවා නම් පුනරුත්පත්තිය ආරම්භයේ පටන් පැවතුනා. පළමු දේපළ ලක්ෂ්මී හා නාරායනුයි. ඔවුන් නැවත උපත්ගෙන අවසානය දක්වා පැමිණ ආපසු ගොස් නැවතත් පළමු අය බවට පත් වෙනවා කියා බාබා දැන් පැහැදිලි කර කියා දෙනවා. මේ කිසිවක් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මේ පැමිණ සියල්ල පැහැදිලි කරන්නේ ජීවාත්මයන්ගේ පියාමයි. ඔහු පැහැදිලි කරන්නේ කුමක්ද ? ඔහු තමාගේම හැඳින්වීම දැන් ලබා දෙනවා. උත්තරීතර ජීවාත්මය කවුද යන්න කියන එක පිළිබඳව ඔබ මීට පෙර කිසියම් හෝ දෙයක් දැනගෙන සිටියාද ? ශිව දේවාල වලට ගිය එක පමණයි ඔබ කළේ. මෙහි දේවාල ගණනාවක් තිබෙනවා. සත් යුගයේදී කිසිම දේවාලයක්වත් වන්දනාවක් වත් නැහැ. එහිදි ඔබලා වන්දනාවට සුදුසු දේවතාවරුන් බවට පත්වෙනවා. පසුව කල්ප බාගයකින් ඔබ වන්දනාකරුවන් බවට පත්වුණු නිසා තව දුරටත් දේවතාවරුන් කියා හැඳින්විය නොහැකියි. මෙම වර්ණනාව වෙන කිසිම දේශයක් සම්බන්ධයෙන් කියැවී නැහැ. රාමාගේ රාජ්‍යය කුමක්ද රාවන්ගේ රාජ්‍යය කුමක්ද යන්න දැන් ඔබට පැහැදිලියි. මෙය ඔබ විසින් තේරුම් ගත යුතු නාටකයකි. පරමාත්ම පියා ඉහළම ඉහළ කෙනායි. ඒ වගේම ඔහු දැනුමින් පිරි කෙනායි. ඔහු හරහා අපි ඉහළම අය බවට පත්වෙනවා. උසස් තත්ත්වයකුත් අපට ලැබෙනවා. පියා දැන් අපට උගන්වනවා, එබැවින්, අප මෙය මෙන්ම දිව්‍යමය ගුණධර්මත් උකහා ගත යුතුයි. දේවතාවරුන් කොයි වගේද, තමන් දැන් කවුරුන් වාගේදැයි දරුවන් වන ඔබලා කිය කියා සිටියා. තමන් සෑම කෙනෙක්ම දැන් දේවතාවරුන් සේ සම්පුර්ණයෙන් පාපයෙන් තොර විය යුතු බව ඔබට දැන් තේරෙනවා. මෙය ඉටු කර ගැනීම සඳහා පියා සිහි කිරීම හැර වෙන කිසිම මාර්ගයක් නැහැ. මෙය කරන්න දන්නා වෙන කවුරු හෝ කෙනෙක් සිටිනවා නම් අපට කියන්න. බ්‍රහම් පදාර්ථය පාපයෙන් තොරයැයි ඔබට කියන්න බැහැ. නැහැ, පාපයෙන් තොර වන්නේ ජීවාත්මයන්ය. බ්‍රහම් පදාර්ථය ජීවාත්මයක් වෙන්නත් බැහැ. එය ජීවාත්ම වන ඔබලා ජීවත්වන ස්ථානය පමණයි. බුද්ධිය ජීවාත්මය තුළ තිබෙනා බවත් ජීවාත්මය තමෝප්‍රධාන් වුණු විට බුද්ධිය අඥාන වන බවත් දරුවන් වන ඔබලාට පැහැදිලි කර කියා දී තිබෙනවා. එමනිසා, ඥානවන්ත මෙන්ම අඥාන අයත් සිටිනවා. ඔබලාගේ බුද්ධිය සම්පුර්ණයෙන්ම පිරිසිදු වී පසුව කිලිටි වෙනවා. පාරිශුද්ධත්වය හා අපිරිසිදුතාවය අතර වෙනස දරුවන්ට තේරෙනවා. අපිරිසිදු ජීවාත්මයන්ට නැවත නිවස වෙත යා නොහැකියි. දැන් ඔවුන් පාරිශුද්ධ වන්නේ කෙසේද? ඔවුන් කන්නලව් කරන්නේ මේ සඳහායි. මේකත් නාටකයේ තීරණය වී ඇත්තක්. දැන් මේ ඇත්තේ සංගම යුගය බව ඔබට තේරෙනවා. ඔබව නිවස වෙත ගෙන යාම සඳහා පරමාත්ම පියා පැමිණෙන්නේ එකම එක වතාවයි. සෑම කෙනෙක්ම නව ලෝකය වෙත යන්නේ නැහැ. එහි චරිතයක් රඟපෑමට නැති අය සාම දේශයේ රැඳී සිටීවි. මෙන්න මේ නිසා තමයි එය පින්තූරවලත් පෙන්වා තිබෙන්නේ. සෑම පින්තූරයක්ම අයිති භක්ති මාර්ගයටයි. ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද කියා පෙන්වන මෙම පින්තූර අදාල වන්නේ දැනුමේ මාර්ගයටයි. කලා 16න් 14ටත් පසුව 12ටත් පත්ව දැන් කිසිම කලාවක් නැති තත්ත්වයට තමන් පත්වුණේ කෙසේද කියා ඔබට තේරෙනවා. සෑම කෙනෙක්ම එවන් අංක පිළිවෙලක් ගන්නවා. නලුවන් අතර පවා අංක පිළිවෙලක් තිබෙනවා. ඇතැම් අයට 1000කුත් තවත් පිරිසක් 1500කුත් තවත් පිරිසක් 500කුත් වැටුප් ලබනා අතර තවත් පිරිසක් ලබන්නේ 100ක් 150ක් පමණයි. ඉතින් ලොකු වෙනසක් තිබෙනවා. ඉගෙනීමෙත් දිවා රෑ වගේ වෙනසක් තිබෙනවා. ඒ පාසල්වල සිසුන් අසමත් වුණොත් නැවතත් ඉගෙනගත හැකියි. නමුත් මෙහි නැවත ඉගෙන ගැනීම කියා ප්‍රශ්නයක් නැහැ. ඔබගේ තත්ත්වය පහත වැටෙනවා. ඔබට මෙම දැනුම ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. මෙම දැනුම ඉගෙන ගත හැකි වන්නේ එක් වතාවයි. පරම පියාත් පැමිණෙන්නේ එක වතාවයි. මුලදී තිබුණේ එකම එක රාජ්‍යයක් බව දරුවන් වන ඔබලා දන්නවා. මෙය අන් අයට පැහැදිලි කර දෙන්න, ඔවුන් එය පිළිගනීවි. ක්‍රිස්තියානි ආගමිකයන් විද්‍යාව අතිනුත් හරි දක්ෂයි. සෑම කෙනෙක්ම ඒවා ඉගෙන ගත්තේ ඔවුන්ගෙනුයි. ඔවුන්ගේ බුද්ධිය දිව්‍යමය වෙන්නේත් නැහැ, ගල් වෙන්නේත් නැහැ. මේ මොහොත වන විට ඔවුන්ගේ බුද්ධිය මහා අරුමයක් කරනවා. ක්‍රිස්තියානුවන් හරහා විද්‍යාව මහත් සේ වර්ධනය වෙලා. විද්‍යාවත් සෑදී ඇත්තේ සතුට සඳහායි. පැරණි ලෝකය විනාශ විය යුතු බව ඔබටත් තේරෙනවා. පසුව අප සාමයේ දේශයටත් සතුටේ දේශයටත් යනවා. සෑම මනුෂ්‍ය ජීවයකටම නැවත නිවස වෙත යා හැක්කේ වෙන කෙසේද ? විද්‍යාව හරහා විනාශය සිදු වේවි. සෑම ජීවාත්මයක්ම තම ශරිර අතහැර නිවස වෙත යනවා. මෙම විනාශය තුළ මුක්තිය අන්තර්ගත වෙනවා. කල්ප බාගයක්ම සෑම කෙනෙක්ම උත්සාහ දැරුවේ මුක්තිය ලබා ගැනීමටයි. මෙය දැන් විද්‍යාවත් ස්වභාවික වියසනත් හරහා සිදුවිය හැකියි. ජීවාත්මයන්ට මුක්තියේ දේශය වෙත යාමට උපකරණයක් වන්නේ මෙම යුද්ධය බව දැන් අවබෝධ කර ගත යුතුයි. මිනිසුන් රැසක් මුක්තියේ දේශය වෙත යාවි. හතා යෝගා පුහුණු කිරිමටත් ගුරූන් ළඟට යාමටත් ඔබ කෙතරම් උත්සාහයක් දැරුවත් කිසිම කෙනෙක්ට තවමත් මුක්තියේ දේශය වෙතට යන්න බැරිවෙලා තිබෙනවා. විද්‍යාව හරහා බෝම්බ රැසක් සුදානම්ව තිබෙනා අතර ඒ නිසාම විනාශය සිදුවීමට යන බව දැන් අවබෝධ කර ගත යුතුයි. නව ලෝකයේ සිටින්නේ මිනිසුන් ඉතාමත් ටික දෙනයි. අන් සෑම කෙනෙක්ම මුක්තියේ දේශය වෙත යනවා. ඔබ ඔබගේ ඉගෙනීමේ බලයෙන් ජීවන මුක්තියේ දේශය වෙතට යනවා. ඔබ ස්ථාවර, නොසෙල්වෙන, ස්ථිර රාජ්‍යයක් පාලනය කරනවා. මෙහි ඇති භූමිය දෙස මදක් බලන්න. ඔවුන් සෑම කෙනෙක්ම බෙදිලා. පරම පියා ඔබව ස්ථාවර හා ස්ථිර ලෝක අධිරාජ්‍යයේ පාලකවරුන් බවට පත්කරවනවා. අසීමිත පියාගේ උරුමය අසීමිත අධිරාජ්‍යයයි. මේ උරුමය ලබා දුන්නේ කවුද, කවදාද ? මෙය කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුලු වන්නේ නැහැ. ඔබට පමණයි තේරෙන්නේ. ජීවාත්ම වන ඔබලාට දැනුම නැමැති තෙවැනි ඇස තිබෙනවා. ජීවාත්ම දැනුමේ ප්‍රතිමුර්තියක් බවට පත්වෙනවා. ඔබට මේ තත්ත්වයට පත්විය හැක්කේ දැනුමේ සාගරය වන පරමාත්ම පියා හරහා පමණයි. නිර්මාණකරුත් නිර්මාණයේ මුල, මැද හා අගත් පිළිබඳ වූ දැනුම පරම පියා ඔබට ලබා දෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මෙයට ගතවන්නේ එක තත්පරයක් පමණයි; එක තත්පරයකින් ’ජීවන මුක්තිය'. අන් සෑම කෙනෙක්ම මුක්තිය ලබනවා. නාටකය මේ ආකාරයෙන් තීරණය වී ඇත. සෑම කෙනෙකුවම රාවන්ගේ බන්ධනයෙන් මුදවා ගන්නවා. ඒ මිනිසුන් ලෝකයේ සාමය ස්ථාපනය කරවීමට දැඩි වෙහෙසක් ගන්නවා. ලෝකයේත් බ්‍රහ්මාණ්ඩයේත් සාමය ඇත්තේ කවදාද කියා දන්නේ දරුවන් වන ඔබලා පමණයි. ආලෝක දනව්වේ සාමය තිබෙනවා කියා කියනවා. ඒ වගේම මේ ලෝකය තුළ සාමයත් සතුටත් තිබෙනවා. මෙම ලෝකය ආලෝක දනව්වට වඩා ඈතිනුයි තිබෙන්නේ. ආලෝක දනව්ව ඉර, හඳ තාරකා වලටත් එහායින් තිබෙන්නක්. මෙම ලෝකයේ කිසිවක් එහි නැහැ. එය හඳුන්වන්නේ නිහඬ දේශය ලෙසයි. ඔබ ඔබගේ ශරිර අතහැර නිහඬ දේශය වෙත යනවා. දරුවන් වන ඔබට මෙය මතක ඇති නිසා තමයි දැන් ඒ වෙත ආපසු යාමට තමන්ව සුදානම් කර ගන්නේ. වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. මේ සඳහා සුදානම් වීමට දැන් ඔබව උනන්දු කරවනවා. එන්න තියෙන යුද්ධය එන්නේ යහපතක් සඳහායි; සෑම කෙනෙකුගේම ගිණුම් පියවෙනවා. සෑම කෙනෙක්ම පාරිශුද්ධත්වයට පත්වෙනවා. යෝගාව ගින්නකි. ගින්නකින් සෑම දෙයක්ම පිරිසිදු වෙනවා. නාටකයේ මුල, මැද හා අග ගැන බාබා දන්නවා වගේම නලුවන් වන ඔබත් එම නාටකයේ මුල, මැද හා අග ගැන දන්නවා. මෙය තේරුම් ගැනීම දර්ශනයක් (අවබෝධය) ලැබීම වේ. ඔබගේ තෙවැනි ඇස දැන් විවර වෙලා. සත් යුගයේ ආරම්භයේ පටන් කලි යුගයේ අවසානය දක්වා වු ලෝකයේ සියලුම දේ දැන් අනිවාර්යෙන්ම ඔබට දැන ගන්නට ලැබී තිබෙනවා. වෙන කිසිම මනුෂ්‍යයෙක් මේ ගැන දන්නේ නැහැ. දිව්‍යමය ගුණධර්ම තිබුණු, ඒ වගේම යක්ෂ ගති ලක්ෂණ තිබුණු අයත් තමන්ම බවත් ඔබලාට දැන් තේරෙනවා. පසුව පරමාත්ම පියා නැවතත් වතාවක් ඔබලාව දිව්‍යමය ගුණධර්ම ඇති අය බවට පත් කරවීමට පැමිණෙනවා. පියා පැමිණෙන්නේ අපිරිසිදු අයව පාරිශුද්ධ කරවීමටයි. දේවතා ධර්මයට අයිතිව සිටි අය තමයි සම්පුර්ණ උපත් 84 ගන්නේ යන්න ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් පාරිශුද්ධ වෙනවා වගේම අපිරිසිදුත් වෙනවා. මෙය වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියේ නැහැ. ඒ සෑම පිළිමයක්ම අජීවී පිළිම බව ඔබලා දන්නවා. කිසිම කෙනෙක්ට නිවැරදිම ප්‍රතිරූපයක් සාදන්න බැහැ. ඔවුන් ස්වභාවිකවම ලස්සනයි. පාරිශුද්ධ මහාභූතයන්ගේ එකතුවෙන් පාරිශුද්ධ ශරීරයක් නිර්මාණය වෙනවා. මෙහිදී, ඔවුන් අපිරිසිදුයි . විවිධ වර්ණ සහිතව මේ ලෝකයේ සිටිනා කිසිම පුද්ගලයෙක් සත් යුගයේ සිටින්නේ නැහැ. ක්‍රිෂ්ණා ලස්සන මෙන්ම අවලස්සන කෙනා වශයෙන් හඳුන්වනවා. සත් යුගයේදී ඔහු ලස්සන වන අතර කලි යුගයේදී ඔහු අවලස්සනයි. සත් යුගයේ සිට ඔහු කලි යුගයට යන්නේ කෙසේද? අංක එකේ ජීවයේ පටන්ම ඔබ මේ සියල්ල අවබෝධ කර ගන්නවා. ගර්භාෂයේ සිට දරුවා බිහිවුණු ගමන්ම ඔහුට ක්‍රිෂ්ණා කියා නම තබනවා. නමක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ලස්සන ක්‍රිෂ්ණා ජීවය පසුව අවලස්සන වන නිසා ඔහු අවලස්සන හා ලස්සන කෙනා වශයෙන් හඳුන්වන බව ඔබට කිව හැකියි. මොහුගේ හඳහන ලැබුණු විට මුලු චක්‍රයේම නක්ෂත්‍රය ඔබට අවබෝධ කර ගත හැකි වෙනවා. ඔබ පමණක් දන්නා රහස් විශාල ප්‍රමාණයකින් එය පිරිලා තිබෙනවා. වෙන කිසිම කෙනෙක් මේ රහස් දන්නේ නැහැ. අප දැන් නව ලෝකය නව නිවහන වෙත යා යුතුයි. හොඳින් ඉගෙන ගන්නා අය නව ලෝකය වෙත යාවි. මුලු අසීමිත ලෝකයේම පාලකයා පරමාත්ම පියායි. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියායි. පියාව පාලකයා වශයෙන් හඳුන්වනවා. මෙය ඉගෙනීමක්. මෙම ඉගෙනීමේ කිසිම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් නැහැ. ඔබ මෙහිදී ග්‍රන්ථ ගැන වාද කරන්න අවශ්‍ය නැහැ. මෙම එකම එක ගුරුවරයා උසස්ම ගුරුවරයා වන අතර ඔහු දැන් ඔබට උගන්වනවා. සත්‍යය වන්නේ ඔහුම පමණි. සැබෑ නාරායන බවට පත්වන්නේ කෙසේද කියා ඔබට ඔහු කතාන්දරයක් විලසින් කියා දෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ සියලුම කර්ම ගිණුම් අවසන් කර නිහඬ දේශය වෙත යාමට සුදානම් වන්න. ස්මරණයේ බලයෙන් ජීවාත්මය සම්පුර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් කර ගන්න.

2. දැනුමේ සාගරයේ දැනුම ක්‍රියාවට නංවන්න. දැනුමේ සාගරය කලතා තමා වෙනුවෙන් තීරණ ගන්න. ජීවන මුක්තියේ උසස් තත්ත්වයක් දිනා ගැනීමට නම් දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න.

වරදානය:
ඔබ පරමාත්ම පියා සමග ජීවත් වීමෙන් සහ ඔහු හා සම වීමෙන් ඕනෑම ආකර්ෂනීය බලපෑමකින් නිදහස් අයෙකු බවට පත් වේවා.

පරමාත්ම පියා සිහිකිරීම තුළ, එනම්, ඔහුගේ ඇසුර ඇති තැන ශරීර අවධානය ඇති විය නොහැක. පරමාත්ම පියා සමඟ සිටීන හෝ ඔහුට සමීප වූ අය ලෝකයේ ඕනෑම විෂම කම්පනයකින්, එනම්, ඕනෑම ආකර්ෂණයක බලපෑමෙන් දුරස් වේ. පරමාත්ම පියා සමඟ සිටින අය ඔහු සමඟ සිටීම නිසාම පරමාත්ම පියාට සමාන වේ. පරමාත්ම පියා ඉහළම ඉහළ වන්නා සේම, දරුවන්ගේ තත්වයද ඉහළම තත්ත්වයට පත්වන අතර පහත කිසිවකට කිසිම අවස්ථාවක ඔවුන්ට බලපෑම් කළ නොහැක.

පාඨය:
ඔබේ මනස සහ බුද්ධිය ඔබේ පාලනය යටතේ පවතින විට, ඔබට අශාරීරික වීම පහසු වනු ඇත.