12.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, එය දැන් මහළු, යොවුන් හා දරුවන් යන සෑම කෙනෙකුගේම විශ්‍රාමික අවදියයි, මන්ද, සෑම කෙනෙක්ම ශබ්දයෙන් ඔබ්බට, විමුක්ති දේශයට යා යුතුයි. ඔවුන්ට නිවසට මාර්ගය පෙන්වන්න.

ප්‍රශ්නය:
පියාගේ ශ්‍රීමත් එක් එක් දරුවාට වෙනස් වන්නේ ඇයි? එය එක සමාන නොවන්නේ ඇයි?

පිළිතුර:
පියා සෑම දරුවෙකුටම එක් එක් කෙනාගේ නාඩි බලා, ඔහු සිටින අවස්ථාවට අනුව ශ්‍රීමත් ලබා දෙන බැවින්. නිදසුනක් ලෙස, කෙනෙක් බන්දන වලින් නිදහස්ව සිටින්නේ නම් සහ සේවය කිරීමට සුදුසු නම්, එම කෙනා මහළු වුවත් කුමාරියක් වුවත්, ඇයට පුර්ණ වශයෙන් මෙම සේවයේ කාර්ය බහුල වීමට කියා බාබා ඇයට අවවාද කරයි, නමුත් ඔහු සෑම කෙනෙකුටම මෙහි පැමිණ නැවතී සිටීමට නොකියයි. කෙනෙකුට පියාගෙන් කුමන ශ්‍රීමත් ලැබුණත් එහි යහපතක් තිබේ. මමා සහ බාබා, ශිව බාබාගෙන් ඔවුන්ගේ උරුමය හිමි කරගන්නා ආකාරයෙන්, ඔවුන්ව අනුගමනය කරමින්, ඒ ආකාරයෙන්ම සේවය කර, ඔබගේ උරුමය හිමි කරගන්න.

ගීතය:
අවිහිංසක ස්වාමියා මෙන් කිසිවෙකු අසහාය නැත.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් වෙන්ව සිට දැන් හමු වූ දරුවන්ට ගීතය ඇසුණා. ශිවාට, අහිංසක ස්වාමියා යැයි කියයි. බෙර ගසන කෙනාට ශංකර් යැයි කියයි. වේද, ශාස්ත්‍ර සහ උපනිශාද් ආදිය හඬ නඟා කියවන බොහෝ ආශ්‍රම මෙහි තිබේ. එයත් බෙර ගසනවා වැනිය. බොහෝ මිනිසුන් ගොස් නැවති සිටින ආශ්‍රමද තිබේ, නමුත් ඔවුන්ට කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැත. ඔවුන් විශ්වාස කරන්නේ, ගුරූන් ඔවුන්ව ශබ්දය ඉක්මවා, නිහඬ දේශයට රැගෙන යන බවයි. ඔවුන්ගේ ශරීර එහිදී හලා දැමීමේ සිතිවිල්ලෙන් ඔවුන් යයි. කෙසේවෙතත්, කිසි කෙනෙකුට ආපසු නිවසට යා නොහැක. ඒ මිනිසුන් කියා දෙන්නේ ඔවුන්ගේම භක්තිය පමණයි. මෙහි, ඔය දරුවන් දන්නවා, මෙය සත්‍ය විශ්‍රාමික අවදිය බව. දරුවන්, මහල්ලන් සහ යෞවනයන් යන සියලු දෙනාම සිටින්නේ විශ්‍රාමික අවදියේය. කෙසේවෙතත්, විමුක්ති දේශයට යාමට ඔබට උත්සාහ දරන ලෙස දිරිමත් කෙරෙනවා. විමුක්තිය වෙතට හෝ ශබ්දය ඉක්මවා යාමට, ඔබට මාර්ගය පෙන්වන වෙනත් කිසිවෙක් නැත. විමුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නා ඒකායන කෙනා පමණයි. ඔබගේ නිවස සහ පවුලේ අය අතහැර මෙහි පැමිණ ඉන්නට කියා, පියාට ඔබට පැවසිය නොහැක. ඔව්, සේවය කිරීමට සුදුසු අයට මෙහි ඉන්නට කියා කියයි. විශ්‍රාමික තත්ත්වයට යාමේ මාර්ගය, ඔබ අන් අයටද පෙන්විය යුතුයි, මන්ද එය දැන් සියලු දෙනාම ශබ්දය ඉක්මවා යා යුතු කාලයයි. සියලුම දෙනාව විශ්‍රාමික තත්ත්වයට, විමුක්ති දේශයට ගෙන යන්නේ, ඒකායන පියා පමණයි. ඔබ අසුන්ගෙන සිටින්නේ එම පියා සමඟයි. ඒ මිනිසුන් විශ්‍රාමික තත්ත්වයට යන නමුත්, ඔවුන්ගෙන් කිසිවෙකුට ආපසු නිවසට යාමට නොහැක. සියලු දෙනාව විශ්‍රාමයට ගෙන යන්නේ, ඒකායන පියා පමණක් වන අතර, ඔබට හොඳ උපදෙස් ලබා දෙන්නේද ඔහු පමණයි. ඇතැමුන් බාබාට පවසන්නේ, ඔවුන් තම පවුලේ අය කැඳවා ගෙනැවිත් මෙහි නැවතී සිටින බවයි. නැහැ, ප්‍රථමයෙන් ඔවුන් සේවය කිරීමට සුදුසුද කියා බැලිය යුතුයි. යම් කෙනෙක් මහළු, බන්දන වලින් නිදහස් සහ සේවය කළ හැකි අයෙක් නම්, ඔහුට ශ්‍රීමත් ලබා දෙයි. සමහර දරුවන් පවසන්නේ අපට සේවය කිරීමේ ක්‍රම ඉගෙන ගැනීමට හැකි වන පරිදි සම්මන්ත්‍රණ පවත්වන්න. කුමාරීන් සමඟ මව්වරුන් සහ පිරිමින්ද නොකඩවා ඉගෙන ගනී. මෙය සම්මන්ත්‍රණයකි. වෙනත් අයට විස්තර කරන ආකාරය ගැන බාබා ඔබට දිනපතා උගන්වයි. ඔහු දිගටම ඔබට අවවාද කරයි. ප්‍රථමයෙන් එක් දෙයක් විස්තර කරන්න ඔබ පරම පියා, පරමාත්ම ජීවය සිහි කරයි. ඔහු සමඟ ඔබට තිබෙන සම්බන්ධතාවය කුමක්ද? ඔහු පියා නම්, ඔබට ඔහුගෙන් උරුමය හිමි විය යුතුයි. ඔබ පියාව නොහඳුනයි. දෙවියන් සෑම කෙනෙක් තුළම සිටින බව ඔබ කියයි. දෙවියන් සෑම අංශුවකම සිටින්නේ නම්, ඔබගේ තත්ත්වය කුමක් වෙයිද? ඔබ දැන් බාබා ඉදිරියේ අසුන්ගෙන සිටින බව, ඔය දරුවන් දන්නවා. කටු වලින් අපව මල් බවට පරිවර්ථනය කිරීමෙන් බාබා අපව වටිනා අය බවට පත් කරවයි, ඉන්පසුව ඔහු අපව ඔහුත් සමඟ ආපසු රැගෙන යයි. අන් සියලු දෙනාම ඔබට මඟ පෙන්වන්නේ කැලෑවටයි. පියා ඔබට බොහෝ පහසු මාවතක් පෙන්වයි. තත්පරයකදී ජීවන-මුක්තිය සිහි කර තිබේ. එය බොරුවක් නොවෙයි. ඔබ බාබා යැයි කියූ සැනින් ඔබ ජීවන-මුක්තිය ලබයි. ප්‍රථමයෙන් බාබා ඔබව ඔහුගේ නිවසට ගෙන යයි. ඔය සියලු දෙනාටම, ඔබගේ නිවස අමතක වී ඇත. ඔවුන් පවසන්නේ, දෙවි පියාණන්, ආගමක් ස්ථාපිත කිරීම සඳහා සියලුම පණිවුඩකරුවන් එවන බවයි. එසේ නම් ඔහු සෑම තැනකම සිටින බව, ඔවුන් පවසන්නේ ඇයි? ඔහු සියලු දෙනාවම උඩ ඉහළ සිට එවයි. ඔවුන් එක් දෙයක් පවසන නමුත් ඔවුන් එය විශ්වාස නොකරයි. ආගමක් ස්ථාපිත කිරීමට පියා ඔවුන්ව එවන අතර, එබැවින් ඔවුන්ගේ සංවිධානයද අඛණ්ඩව ඔවුන් පසුපස පහළට පැමිණෙයි. ප්‍රථමයෙන් දේවතාවන්ගේ සංවිධානය තිබේ. ප්‍රථමයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් ලක‍්ෂ්මි සහ නාරායන, ඔවුන්ගේ මිනිසුන් සමඟ පැමිණෙයි. ඔවුන්ගේ මිනිසුන් සමඟ වෙනත් කිසිවෙකු නොපැමිණෙයි. එහි පළමුව එක්කෙනෙක්ද, ඉන්පසුව තව කෙනෙක්ද පසුව තුන්වැන්නෙක්ද එයි. මෙහි, ඔබ සෑම කෙනෙක්ම පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගැනීමට සූදානම් වනවා. මෙය පාසැලකි. නිවසේ වාසය කරන අතර, ඔබ බාබාව එක් මොහොතක්, මොහොතකින් භාගයක්, අඩ මොහොතකින්ද අඩක් සිහි කරයි. පරම පියා, පරමාත්ම ජීවය සමඟ ඔබගේ සම්බන්ධතාවය කුමක්ද කියා, තත්පරයකදි ඔබට කියා දෙයි. ඔහු පරම පියා බවද ඔවුන් පවසයි ඔහු සියලු දෙනාගේම පියා, ඔහු නිර්මාණකරු බවත් ඔවුන් පවසයි. ඒ තිබියදී, ඔහු පියා බව ඔවුන් නොසලකන්නේ නම්, ඔබට කිව හැක්කේ කුමක්ද? පියා, දිව්‍ය ලෝකයේ නිර්මාණකරු බැවින් ඔහු නියත වශයෙන්ම ඔබට දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය ලබා දෙනවා ඇති. ඔහු භාරතයට එය ලබා දුන්නා. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව, නාරායන බවට පරිවර්ථනය කරන රාජයෝගාව ඉතා සුපතලයි. තවද මෙය සත්‍ය නාරායනගේ කතාපුවතද වෙයි. එය අමරණීයත්වයේ කතා පුවත මෙන්ම තෙවැනි ඇස ලැබීමේ කතාවද වෙයි. බාබා ඔබට උරුමය ලබා දෙන බව ඔය දරුවන් දන්නවා. පියා ඔබට ශ්‍රීමත් ලබා දෙයි. ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් නියත වශයෙන් යහපතක්ම පමණක් සිදුවෙයි. බාබා එක් එක් කෙනාගේ නාඩි පරීක‍්ෂා කර බලයි මේ කෙනාට කිසි බන්දනයක් නොමැති අතර සේවය කළ හැක. ඔබ වටින බව දකින විට, පියා උපදෙස් ලබා දෙයි. ඔබගේ අවස්ථාව දකින විට ඔබට මෙසේ කියනු ලබයි ඔබට මෙහි සිට අවශ්‍යතාවයක් ඇති ඕනෑම තැනක නොකඩවා සේවය කළ හැක. ප්‍රදර්ශනවලට බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවයක් තිබේ. වයසක අය අවශ්‍ය අතර කුමාරීන්ද අවශ්‍යයි. සෑම කෙනෙකුටම අඛණ්ඩව ඉගැන්වීම් ලැබෙයි. මෙය ඉගෙනුමක්. දෙවියන් පවසයි. අශාරීරික කෙනාට දෙවියන් යැයි කියයි. ජීවාත්ම වන ඔබලා, ඔහුගේ දරුවන්ය. මිනිසුන්, අහෝ දෙවි පියාණෙනි! යැයි කියයි, එබැවින් ඔහු සර්ව ව්‍යාප්ත බව කිව නොහැක. ඔබගේ භෞතික පියා, සර්ව ව්‍යාප්තද? නැහැ. ඔහු පියා බව ඔබ පවසන අතර, ඉන්පසුව ඔබ මෙසේ ගායනා කරයි, අහෝ පාරිශුද්කරු පියාණෙනි! එබැවින් ඔහු අනිවාර්යෙන් මෙහි පැමිණ ඔබව පිවිතුරු කරනවා ඇති. ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වන බව ඔය දරුවන් දන්නවා. පියා පවසන්නේ වසර 5000කට පසුව මාව මුණගැසී ඇති මගේ දරුවන්, නැවත වරක් ඔවුන්ගේ උරුමය හිමි කරගැනීමට පැමිණ ඇත. රාජධානිය ස්ථාපිත කෙරෙන බව ඔබ දන්නවා. මමා සහ බාබා, ශිව බාබාගෙන් උරුමය හිමි කරගන්නා ආකාරයෙන්ම ඔබත් ඔහුගෙන් එය හිමි කර ගන්නවා. ඔවුන්ව අනුගමනය කරන්න. මමා සහ බාබා මෙන් සේවය කරන්න. සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන වීමේ කතාපුවත, මමා සහ බාබා ඔබට පවසයි. එබැවින් ඔබ වෙන කිසිදේකට සවන් දෙන්නේ කුමටද? ඔවුන් සූර්ය පෙළපතේ සහ ඉන්පසුව චන්ද්‍ර පෙළපතේ කොටස්කරුවන් වන බව ඔබ දන්නවා. ප්‍රථමයෙන් ඔබ සූර්ය පෙළපතට යා යුතුයි. ඔබට මෙම වටහාගැනීම තිබේ. මෙම වටහාගැනීම නොමැතිව කිසිම කෙනෙකුට මෙම පාසැලේ අසුන්ගත නොහැක. බාබා ඔබට ශ්‍රීමත් ලබා දෙයි. බාබා, මෙම කෙනා තුළට ඇතුළු වී ඇති බව අප දන්නවා. එසේ නැත්නම් ප්‍රජාපිතා (ප්‍රජාවගේ පියා) පැමිණෙන්නේ කොහේ සිටද? අර බ්‍රහ්ම, සූක‍්ෂම කලාපයේ නිවැසියෙක්. ප්‍රජාවගේ පියා අවශ්‍ය වන්නේ මෙහිය. පියා පවසන්නේ මා බ්‍රහ්මගේ මාර්ගයෙන් ස්ථාපනය සිදු කරනවා. කුමකද? බ්‍රහ්මනයන්ගේ. මා මෙම බ්‍රහ්ම තුළට ඇතුළු වනවා. ඔය ජීවාත්මද ශරීර තුළට ඇතුළු වෙයි. මට දැනුමේ මහා සාගරය යැයි කියයි. එබැවින් අශාරීරික කෙනා වන මට, දැනුම පැවසීමට හැකි වන්නේ කෙසේද? ක්‍රිෂ්ණාට දැනුමේ මහා සයුර යැයි කිව නොහැක. ක්‍රිෂ්ණා ජීවාත්මයට, ඔහුගේ බොහෝ උපත්වල අවසානයේදී, දැනුම ලැබී, ක්‍රිෂ්ණා බවට පත්වෙයි. ඔහු දැන් එය නොවෙයි. ඔබ පරමාත්ම දෙවියන් සමඟ රාජයෝගාව හදාරා, දේවතාවන්, දිව්‍ය ලෝකයේ අධිපතියන් වූ බව, ඔබ දන්නවා. පියා පවසන්නේ මා සෑම චක්‍රයකම ඔබට රාජයෝගාව උගන්වනවා. මෙම ඉගෙනුම තුළින් ඔබට රාජධානියක් ලැබෙයි. ඔබ රජවරුන්ගෙත් රජවරුන් බවට පත්වෙයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙයයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ නැවත වරක් සූර්ය-පෙළපත් දේවතාවන් වීමටයි. එක් දේවතා ධර්මය ස්ථාපිත කෙරෙනවා. දැන් බොහෝ ආගම් තිබේ. බොහෝ ගුරූන් සිටියි. ඒ සියල්ල අවසන් වෙයි. ඒ සියලු ගුරූන්ගේ ගුරූ, විමුක්තිය පිරිනමන්නා, ඒකායන පියාය. මම සියලු පූජකයන් ආදීන්ටත් විමුක්තිය පිරිනැමීම සඳහා පැමිණ සිටිමි. ඔබ තව දියුණුවත්ම පෙර චක්‍රයේ කළ ආකාරයෙන්, ඔවුන්ද ඔබ ඉදිරියේ හිස නමයි. ඔය දරුවන්ගේ බුද්ධිය තුළ නාටකයේ සියලුම රහස් තිබේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් සූක‍්ෂම කලාපයේ සිටින බව ඔබ දන්නවා. මෙම කෙනා, ප්‍රජාවගේ පියාය. ඔහු (ශිව) පවසන්නේ මා බ්‍රහ්මගේ පැරණි සිරුර තුළට ඇතුළු වනවා. ඔහුද ඔබට පවසන්නේ අහෝ දරුවනි, ඔබ සියලු දෙනාම බ්‍රහ්මනයන් වන අතර මා ඔබ මත කළස තබනවා. ඔබ මෙතරම් උපත් ගණනක් ගෙන තිබෙනවා. මෙකල, එය අපායේ අන්ත අගාධයයි. අපාය වශයෙන් හැඳින්විය හැකි ගංගා ආදිය නැත. ඔවුන් ගරුඩ පුරාණයේ එවන් බොහෝ කතා ලියා ඇත. බාබා දැන් මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙනවා. මෙම කෙනාද ඉගෙන ගෙන තිබේ. පියා, අවිහිංසක ස්වාමියා, මෙහි අසුන්ගෙන, ඔය අවිහිංසක දරුවන්ට පහදා දෙනවා. ඔහු දුප්පත්, අහිංසක දරුවන්ව ධනවත්ම අය බවට පත්කරවයි. ඔබ සූර්ය-පෙළපත් පාලකයන් වන බව ඔබ දන්නවා. ක්‍රම-ක්‍රමයෙන් පහළට ඇද වැටීමෙන් ඔබ කවුරුන් බවට පත්ව සිටින්නේද කියා බලන්න! එය බොහෝ ආශ්චර්යමත් නාටකයකි! ඔබ දිව්‍ය ලෝකයේ බොහෝ සමෘද්ධිමත්ව සිටියා! දැන් වුවද රජවරුන්ට බොහෝ විශාල මාලිගා තිබේ. ජයිපූර්වලද මාලිගා තිබේ. එවන් මාලිගා දැන් පවා තිබෙන්නේ නම්, පෙර තිබූ ඒවා කෙබඳු වන්නට ඇතිද කියා ඔබට සිතාගත හැක. ආණ්ඩු නිවස ඒ ආකාරයෙන් ගොඩනගා නැහැ. රජවරුන්ගේ මාලිගාවල අලංකාරය සම්පූර්ණයෙන්ම වෙනස්ය. හොඳයි, ඔබට දිව්‍ය ලෝකයේ අනුරුවක් දැක ගැනීමට අවශ්‍ය නම්, අජ්මීර් වලට යන්න. එක් අනුරුවක් නිර්මාණය කිරීමට ඔවුන් බොහෝ වෙහෙස වී ක්‍රියා කර ඇත. එය දෙස බැලීමෙන් පමණක්ම ඔබ බොහෝ සතුට අත්විඳියි. මෙහි, බාබා ඔබට විගසින් දර්ශනයක් ලබා දෙයි. දර්ශන වලින් ඔබ දකින කුමක් වුවත්, ඔබ ප්‍රායෝගික ස්වරූපයෙන් දැක ගැනීමට යනවා. භක්ති මාර්ගයේ බැතිමතුන්ට දර්ශන ලැබුණ නමුත්, ඔවුන් පාරාදීසියේ අධිපතියන් වූයේ නැත. ඔබ ප්‍රායෝගික අන්දමකින් අධිපතියන් බවට පත්වනවා. එය දැන් අපායයි ඔවුන් දිගින් දිගටම එකිනෙකාව සපාකමින් කලහ ඇතිකර ගනී. සමහර පුතුන්, ඔවුන්ගේ පියා හෝ සහෝදරයා මැරීමට පැකිලෙන්නේ නැහැ. සත් යුගයේ, කලහ ඇති කිරීම ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබ මෙකල උපයන ආදායමෙන්, උපත් 21කට තත්ත්වයක් හිමි කර ගන්නවා. එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. පළමු දේ වන, පියාගේ හැඳින්වීම සහ ඔහුගේ චරිතාපදානය ඔවුන්ට වැටහෙන්නේ නැතිනම්, ඔවුන් බාබා කීමෙන් අත්වන ප්‍රයෝජනය කුමක්ද? ඔවුන් මෙතරම් දන් දීමෙන් සහ පිංකම් කිරීමෙන් අනතුරුවත්, භාරතයේ තත්ත්වය මෙය බවට පත්වී ඇත! කෙසේවෙතත්, කිසිවෙකුට මෙය වැටහෙන්නේ නැත. භක්තියේ යෙදීමෙන් පසුව, ඔවුන් දෙවියන්ව සොයාගන්නා බව ඔවුන් පවසයි නමුත් දෙවියන් සොයාගන්නේ කවුද, එමෙන්ම කවදාද? සෑම කෙනෙක්ම භක්තියේ යෙදෙන නමුත් සෑම කෙනෙකුටම රාජධානියක් ලැබෙන්නේ නැත. මේ සියලු දේවල් වටහාගැනීමේදී බොහෝ අවුලට පත්වෙයි! ඔබට ඕනෑම කෙනෙකුට මෙසේ පැවසිය හැක එම ශාස්ත්‍ර ආදිය අමතක කරන්න. ජීවමානව මියැදෙන්න! බ්‍රහම් යනු පදාර්ථයක් පමණයි. ඔබට එයින් උරුමය හිමි කරගැනීමට නොහැක. ඔබට උරුමය ලබා ගත හැක්කේ පියාගෙන් පමණයි. අප සෑම චක්‍රයකදීම එය හිමි කරගන්නවා එය අළුත් දෙයක් නොවෙයි. නාටකය දැන් අවසන් වීමට ආසන්නයි. අප එම ශරීර හලා දමා ආපසු නිවහනට යා යුතුයි. ඔබ පියාව වැඩියෙන් සිහිකරන තරමට, ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත. මෙයට ගිණුම් පියැවීමේ කාලය යැයි කියයි. පාපකාරී ජීවාත්මයන්ගේ කර්මික ගිණුම් පියැවෙයි. ඔබ දැන් යෝගා බලයෙන් පිවිතුරු සහ පුණ්‍යවන්ත ආත්ම බවට පත් විය යුතුයි. පිදුරු ගොඩ ගිණි ගන්නා අතර ජීවාත්ම ආපසු නිවහන බලා යනු ඇත. එක් ධර්මය ස්ථාපිත කරන විට, අනේකවිධ ආගම් වල සියලු දෙනාම ආපසු නිවහනට යයි. ඔවුන් සමඟ ඔවුන්ගේ සිරුරු ගෙන යන්නේ නැත. ඔවුන්ට සදාකාලික විමුක්තිය අවශ්‍ය බව සමහරු පවසයි නමුත් එය සිදුවිය නොහැක්කක්. මෙය පෙර නියම වූ නාටකයක් බැවින් මෙන්ම එය අඛණ්ඩව පැවතෙන බැවින්, එයට අවසානයක් නැත. චක්‍රය සදාතනිකව පැවතෙන්නේ කෙසේද යන රහස පිළිබඳව, පියා මෙහි අසුන්ගෙන ඔබට පහදා දෙයි. මේ සියලු දේවල් විස්තර කළ යුතුයි. ඔවුන්ට වැඩියෙන් වැටහෙන විට, මෙහි ව්‍යාප්තිය සිදුවෙයි. මෙය ඔබගේ බොහෝසේ ශ්‍රේෂ්ඨ ධර්මයයි. කුරුල්ලන් එය කයි. ඔවුන් වෙනත් කිසිම ආගමක් නොකයි. ඔය දරුවන්ට මෙම ලෝකය ගැන කිසිම උනන්දුවක් නොතිබිය යුතුයි. මෙය සොහොන් බිමකි. පැරණි ලෝකයට ඔබ බැඳෙන්නේ කුමටද? අමරිකාවේ, නුවණ ඇති අයට හැඟෙන්නේ, කවුරු හෝ කෙනෙක් ඔවුන්ව දිරිගන්වන බවයි. මරණය අත ළඟයි. විනාශය සිදු විය යුතුයි. සෑම කෙනෙකුගේම යටිහිත දිගින් දිගටම ඔවුන්ට වද දෙයි. නාටකයේ ඉරණම නිර්මාණය වී තිබෙන්නේ මේ ආකාරයටයි. පිරිනමන්නා, ශිව බාබාය. ඔහු කිසිම දේකට ආකර්ෂණය වන්නේ නැත. ඔහු අශාරීරිකයි. මේ සියලු දේම අයත් වන්නේ ඔය දරුවන්ටයි. නව ලෝකයද ඔය දරුවන්ටයි. අපි පසුව පාලනය කරන, ලෝක රාජධානිය, අප දැන් ස්ථාපිත කරනවා. බාබා බොහෝ පරහිතකාමීය! ඔබ බාබා සිහි කරන විට ඔබගේ බුද්ධියේ අගුල විවර වෙයි. ඔබ දෙගුණයක මහජන හිතකාමීන්ය. ඔබ ඔබගේ ශරීර, මනස සහ ධනය බාබාට ලබාදෙයි. එමෙන්ම ඔබ අවිනාශී දැනුමේ මිණිමුතුද දන් දෙයි. ඔබ ශිව බාබාට දෙන්නේ මොනවාද? කෙනෙක් මිය ගිය විට, ඔවුන් ඔහු භාවිත කළ සියලු දේම විශේෂ බ්‍රහ්මන පූජකයෙකුට ලබා දෙයි. ඔබ පවසන්නේ ඔබ සෑම දෙයක්ම දෙවියන්ට පුදන බවයි, නමුත් දෙවියන්ට තන්හාවක් තිබේද? ඔවුන් සෑම දෙයක්ම ක්‍රිෂ්ණාට පුදන බවද ඔවුන් පවසයි. මිනිසුන් ඔවුන් දෙදෙනාවම යාචකයන් බවට පත් කර ඇත. කෙසේවෙතත් ඔහු, පිරිනමන්නායි! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පැරණි ලෝකයේ කිසි දේකට බැඳීමක් තබා නොගන්න. සෑම දෙයක්ම සොහොන් බිමකට පරිවර්ථනය වීමට යන නිසා, මේ ලෝකයේ කිසි දෙයක් ගැන ඇල්මක් ඇති කර නොගන්න.

2. මෙම නාටකය දැන් අවසන් වනවා. ඔබගේ කර්මික ගිණුම් පියවා ඔබ ආපසු නිවහනට යා යුතුයි. එබැවින් යෝගා බලයෙන් ඔබගේ පාපයන්ගෙන් නිදහස් වී, පිවිතුරු, පුණ්‍යවන්ත ජීව බවට පත් වන්න. දෙගුණයක දානපතියන් වන්න.

වරදානය:
ඔබ ඔබේ මනස සහ බුද්ධිය සතුටේ පෝෂණයයෙන් බලවත් කරමින් නොසැලෙන සහ අවල කෙනෙක් වන්න.

"වාහ් බාබා! වාහ්! වාහ් මගේ වාසනාව! වාහ්!" මෙම සතුටේ ගීතය නිරන්තරයෙන් ගයන්න. සතුට ශ්‍රේෂ්ඨතම පෝෂණයයි. සතුට වැනි පෝෂණ යමක් තවත් නැත. දිනපතා සතුටේ පෝෂණය අනුභව කරන්නන් සදා නිරෝගීව සිටිති. ඔවුන් කිසිදා දුර්වල නොවෙති. එබැවින්, ඔබේ මනස සහ බුද්ධිය සතුටේ පෝෂණයෙන් ශක්තිමත් කරයිද එවිට ඔබේ තත්ත්වය බලවත් වේවි. එවන් බලවත් තත්වයක් ඇත්තන් නිරන්තරයෙන් නොසෙල්වෙන සහ අචලව සිටීවි.

පාඨය:
අත්දැකීමේ ආසනය මත මනස සහ බුද්ධිය පිහිටුවා ගත් කල ඔබ කිසිසේත් සිත අවුලට පත් නොවනවා ඇත.