12.07.20    Avyakt Bapdada      Sinhala Murli     22.02.86    Om Shanti    Madhuban


ආධ්‍යාත්මික සේවය, පරහිතකාමී සේවය.


අද දින, සියලු ජීවාත්මයන්ට ලෝක යහපත ගෙන එන පියා, සේවයේදි ඔහුගේ සහකරුවන් වන, සේවාධාරී දරුවන්ව දකිනවා. ආරම්භයේ සිටම සේවාධාරී දරුවන්, බාප්දාදාගේ සහකරුවන් වී ඇත බාප්දාදා දරුවන්ව අදෘෂ්‍යමාන උපකරණ බවට පත් කළ අතර දැන් අවසානය දක්වාම ලෝක සේවය කිරීමට, ඔවුන්ව ලෝකයට හෙළිදරව් කර තිබේ. ආරම්භයේදි බ්‍රහ්ම පියා සහ බ්‍රහ්මණ දරුවන්, සේවය වෙනුවෙන් අදෘෂ්‍යමාන උපකරණ විය. දැන් සේවාධාරී දරුවන්ගේ ශක්ති සේනාව සහ පාණ්ඩව සේනාව, ඉතා පැහැදිලි ආකාරයකට ලෝකය ඉදිරියේ කාර්යයක් සිදුකරනවා. දරුවන්ගෙන් වැඩි දෙනෙක් තුළ සේවය වෙනුවෙන් ඉතා හොඳ උනන්දුවක් සහ උද්යෝගයක් දැකිය හැක. ආරම්භයේ සිටම සේවය වෙනුවෙන් සෙනෙහස තිබී ඇති අතර එය අවසානය දක්වාම තිබෙයි. බ්‍රහ්මණ ජීවිතය, සේවා දිවියකි. බ්‍රහ්මණ ජීවාත්මයන්ට සේවය නොමැතිව පැවතිය නොහැක. තමන්ව මායාගෙන් ආරක‍්ෂා කරගැනීමේ සහ ජීවමානව සිටීමේ ශ්‍රේෂ්ඨ ක්‍රමවේදය වන්නේ සේවය පමණක්මයි. සේවය, ඔබව යෝග්යුක්තද කරවයි. නමුත්, කුමන සේවයද? එකක්, මුවින් සේවය, ඔබ අසා ඇති දේ පැවසීමේ සේවයයි. අනෙක, ඔබගේ මනසින් කතා කිරීමේ සේවයයි, ඔබ අසා ඇති මිහිරි වදන් වල ප්‍රතිරුවක් බවට පත්වීම, ඔබගේ ස්වරූපය තුළින් සේවය කිරීම - පරහිතකාමී සේවය, අත්හැරීම සහ තපස්යාව තුළින් සේවය, සීමිත ආශා ඉක්මවා ගිය පරහිතකාමී සේවය. මෙය දේවමය සේවය, ආධ්‍යාත්මික සේවය ලෙස හැඳින්වෙයි. මුවින් පමණක් සිදු කරන සේවය, තමන්ව සතුටු කිරීමට පමණක් සිදු කරන සේවයක් ලෙස හැඳින්වෙයි. සියලු දෙනාව සතුටු කිරීම සඳහා, මනසින් සේවය සහ මුවින් සිදු කරන සේවය එකවර සිදු විය යුතුයි. මනසින් සේවය කිරීම යනු, මන්මනාභව අවස්ථාවේ සිටින අතර වචන වලින් සේවය කිරීමයි.

අද දින බාප්දාදා ඔහුගේ දකුණත් සේවාධාරී දරුවන් සහ වමත් සේවාධාරී දරුවන්ව දකිනවා. දෙපිරිසම සේවාධාරීන් වන නමුත්, දකුණ සහ වම අතර වෙනසක් තිබේ. දකුණත සෑම විටම පරහිතකාමී සේවාධාරියෙකි. වමත, සේවය සඳහා උපකරණයක් වන්නේ, මේ උපතෙදි, සේවයේ එක හෝ තව සීමිත ඵලයක් බුදින්නට ආශාව ඇතිවයි. අර කෙනා අදෘෂ්‍යමාන සේවාධාරියෙක් වන අතර අනෙක් කෙනා නමට සේවාධාරියෙකි. එක මොහොතක ඔහු සේවයක් සිදු කරන අතර ඊලඟ මොහොතේ ඔහු නමක් උපයාගනී ඉතා හොඳයි! ඉතා හොඳයි! කෙසේවෙතත්, ඔබ දැන් යමක් සිදුකර සැනෙකින් ඵලය බුදියි ඔබගේ ගිණුමේ ඔබ රැස් කර නොගනී. අදෘෂ්‍යමාන සේවාධාරියෙක් යනු පරහිතකාමී සේවාධාරියෙකි. එක්කෙනෙක් පරහිතකාමී සේවාධාරියෙක් වන අතර අනෙකා නමක් අවශ්‍ය සේවාධාරියෙකි. අදෘෂ්‍යමාන සේවාධාරියෙක්, වත්මන් කාලයේ නමින් අදෘෂ්‍යමානව රැඳී සිටියත්, ඔහු නිරන්තරයෙන් සාර්ථකත්වයේ සතුටින්, පිරි සිටියි. සමහර දරුවන් සිතන්නේ මා සෑම දෙයක්ම කරන නමුත් මගේ නම සඳහන් වන්නේ නැහැ, නමුත් බාහිර විදහා පෑම තුළින් සේවයේ ප්‍රසිද්ධිය ලබන අයගේ නම්, බොහෝ සේ සඳහන් වෙනවා. කෙසේවෙතත්, එය එසේ නොවෙයි. පරහිතකාමීව අවිනාශී නමක් උපයන අයගේ හදවත්වල හඬ, හදවතට ලඟා වෙනවා. එය සැඟවී තිබිය නොහැක. ඔහුගේ මුහුණේ සහ ඔහුගේ ස්වරූපය තුළ, සැබෑ සේවාධාරියෙක් වීමේ දීප්තිය, අනිවාර්යෙන් දිස්වෙයි. නමට සේවය කරන කෙනෙක් මෙහිදි නමක් උපයාගන්නේ නම්, එවිට එය අනාගතය වෙනුවෙන් සිදුකළ නමුත්, ඔහු ඵලය කා අවසන් කළා, එබැවින් ඔහු අනාගතය ශ්‍රේෂ්ඨ හෝ අවිනාශි කළේ නැත. මේ නිසයි සියලුම සේවාධාරීන්ගේ සම්පූර්ණ වාර්ථාවක් බාප්දාදාට තිබෙන්නේ. නොකඩවා සේවය සිදුකර, නමක් උපයාගැනීම ගැන නොසිතන්න. රැස් කරගැනීමට සිතන්න. අවිනාශී ඵලයට අයිතියක් හිමි කරගන්න. ඔබගෙන් සෑම සියලු කෙනෙක්ම මෙහි පැමිණ ඇත්තේ සදාකල් පවතින උරුමයක් සඳහාය. ඔබ තාවකාලික කාලයකට සේවයේ ඵලය බුදින්නේ නම්, එවිට සදාකාලික උරුමයකට අයිතිය අඩු වෙනු ඇත. එබැවින් තාවකාලික ආශාවන්ගෙන් නිදහස්, පරහිතකාමී සේවාධාරියෙක් වන්න. දකුණතක් වී නොකඩවා සේවයේ ඉදිරියට යන්න. අදෘෂ්‍යමානව දන් දීමෙන් සහ අදෘෂ්‍යමාන සේවය කිරීමේ වැඩි වැදගත්කමක් තිබේ. එවන් ජීවාත්මයක් සෑම විටම තමන්ගේ ඇතුලාන්තයේ පිරිපුන්ව සිටියි ඔහු නම හෝ ප්‍රසිද්ධිය ගැන සැලකිලිමත් නොවන, සැහැල්ලු අධිරාජයෙක් වෙයි. ඔහු මින් සැහැල්ලු අධිරාජයෙක් වෙයි, එනම් ඔහු සෑම විටම ස්ව-අභිමන් සිහසුනේ අසුන්ගෙන සිටියි - සීමිත ගෞරවයේ සිහසුනක් මත නොවෙයි. ඔහු ස්ව-අභිමන් සිහසුනේ සහ සදාකාලික සිහසුනක් මත අසුන්ගෙන සිටියි. ඔහු සදාතනික සහ අනන්ත ලැබීම් සිහසුන මත අසුන්ගෙන සිටිනවා. මෙය ලොවට සෙත සලසන සේවාධාරියෙක් වීම ලෙස හැඳින්වෙයි. ලෝක සේවා කාර්යයේදි, සාමාන්‍ය සිතිවිලි ඇති කර, සාර්ථකත්වය ලැබීමේදි කිසි විටෙක ආපස්සට ගමන් නොකරන්න. අත්හැරීම සහ සේවය තුළින් නිරන්තරයෙන් සාර්ථකත්වය අත්කරගෙන, නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ඔබට වැටහෙනවාද?

සේවාධාරියෙක් ලෙස හැඳින්වෙන්නේ කවුරුන්ද? ඉතිං, ඔබ සියලු දෙනාම සේවාධාරීන්ද? ඔබගේ මනෝ ස්ථීතිය චංචල කරන ඕනෑම සේවයක්, සේවය නොවෙයි. සේවයේ බොහෝ චංචලත්වය ඇති බව ඇතැමුන් සිතනවා. සේවයේ බාධක තිබෙන අතර ඔබව බාධක වලින් නිදහස් කරන්නේද සේවයයි. කෙසේවෙතත්, බාධකයක ස්වරූපය ගන්නා ඕනෑම සේවයක්, සේවයක් නොවෙයි. එය සැබෑ සේවයක් ලෙස හැඳින්විය නොහැක එය නමට පමණක් කරන සේවයක් වෙයි. සත්‍ය සේවය, සැබෑ දියමන්තියකි. සැබෑ දියමන්තියක දිස්නය කිසි විටෙක සැඟවී තිබිය නොහැකි සේම, සත්‍ය සේවාධාරීන් සැබෑ දියමන්තිය. කෘත්‍රීම දියමන්තියක දිස්නය කෙතරම් අලංකාර වුවද, වටින්නේ කුමක්ද? වටිනාකමක් තිබෙන්නේ සැබෑ දියමන්තියටයි. කෘත්‍රීම එකකට එම වටිනාකම නොමැත. සත්‍ය සේවාධාරීන් මිල කළ නොහැකි මැණික්ය. සත්‍ය සේවාධාරියෙක් බොහෝ උපත් ගණනාවකට වටින්නේය. නමට පමණක් කරන සේවය තාවකාලික දිස්නයක් පෙන්වයි. එබැවින්, නිරන්තර සේවාධාරියෙක් වී, නොකඩවා සේවය තුළින් ලෝකයට යහපතක් සිදු කරන්න. සේවයේ වටිනාකම කුමක්ද කියා ඔබට වැටහෙනවාද? කිසිම කෙනෙක් අනෙකාට වඩා අඩු නැත. ඔය සෑම සියලු කෙනෙක්ම තමන්ටම අයත් විශේෂත්වයක් ඇති විශේෂ සේවාධාරියෙක්ය. තමන් ඊට අඩු බව නොසලකන්න. ඉන්පසුව, යමක් කිරීමෙන් අනතුරුව, තමන් වෙනුවෙන් නමක් උපයා ගැනීමට කිසිදු ආශාවක් ඇති කර නොගන්න. ඔබගේ සේවය ලෝක යහපත වෙනුවෙන් නොකඩවා කැප කරන්න. සාමාන්‍යයෙන් භක්ති මාර්ගයේ, අප්‍රසිද්ධ දානපතියන් වන අය, පුණ්‍යාත්ම, සෑම දෙයක්ම සියලු දෙනාගේ යහපතට විය යුතු බව සෑම විටම සිතයි. ඉන් තමන්ට යමක් තිබිය යුතු බව හෝ තමන්ට යම් ඵලයක් ලැබිය යුතු බව ඔවුන් නොසිතයි. නැහැ, සියලු දෙනාටම ඵලය ලැබුණාදෙන්. ඔවුන් සියලු දෙනාටම සේවය කිරීමට කැප වී සිටියි. තමන්ට පමණක් කිසිදු ආශාවක් ඔවුන් තුළ නොතිබෙයි. එබැවින් මේ ආකාරයට සියලු දෙනාටම සේවය කරන්න. සියලු දෙනාටම යහපතක් ඇති බැංකුවේ දිගටම රැස් කරගන්න. එවිට ඔබ සියලු දෙනාම කවුරුන් වෙයිද? පරහිතකාමී සේවාධාරීන්. කිසිවෙක් ඔබ ගැන දැන් විමසන්නේ නැත්නම්, ඔවුන් වසර 2500 ක් ඔබ ගැන විමසයි. ඔබ ගැන කෙනෙක් එක උපතක් වෙනුවෙන් විමසන්නේ ද හෝ වසර 2500 ක් විමසන්නේ ද නම් - වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ මින් කුමක්ද? එය වඩාත් ශ්‍රේෂ්ඨයි, එහෙම නේද? සීමිත සිතිවිලි ඉක්මවා සිටින්න, අසීමිත සේවාධාරියෙක්, පරම පියාගේ හදවත් සිහසුන මත අසුන් ගෙන සිටින සැහැල්ලු අධිරාජයෙක් වී, නොකඩවා සංගම යුගයේ සතුට සහ ප්‍රීතිය සමරන්න. ඕනෑම සේවයක් ඔබව අසතුටට පත් කරවන්නේ නම්, එය සේවයක් නොවන බව වටහාගන්න. ඕනෑම දෙයක් ඔබව චංචල කරවන්නේ හෝ කැලඹිල්ලට පත් කරවන්නේ නම්, එය සේවයක් නොවෙයි. සේවය යනු, ඔබව පියාසර කරවන දෙයක්. සේවය, ඔබව දුක නොමැති දේශයේ අධිරාජයෙක් කරවයි. ඔබ එවන් සේවාධාරීන්, එහෙම නේද? සැහැල්ලු අධිරාජයන්, දුක නොමැති දේශයේ අධිරාජයන්. තවද, එවන් ජීවාත්ම පසුපස සාර්ථකත්වය යයි, ඔවුන් සාර්ථකත්වය පසුපස හඹා යන්නේ නැත. සාර්ථකත්වය සෑම විටම ඔවුන් පසුපස ගමන් කරයි. අච්චා. ඔබ අසීමිත සේවය වෙනුවෙන් සැලසුම් සාදනවා නේද? අසීමිත මනෝ ස්ථීතියකින් අසීමිත සේවය වෙනුවෙන් සාදන සැලසුම් පහසුවෙන් සාර්ථක වෙයි. (ද්විත්ව විදේශික සහෝදර සහෝදරියන් සැලසුමක් සාදා තිබේ, එහි, ඔවුන් සියලුම ජීවාත්මයන්ගෙන් විනාඩි කිහිපයක සාමයේ පරිත්‍යාගයක් ඉල්ලීමට යයි - සාමයේ විනාඩි මිලියනයේ ඉල්ලීම.)

ලෝකය මහා දානපතියෙක් කරවීමට, ඔබ සාදා ඇති මෙම සැලසුම හොඳයි. ඔවුන් එය සිදු කරන්නේ බල කිරීම නිසා වුවත් සෙනෙහසින් වුවත්, කෙටි කලකට සාමයේ සංස්කාරය මතු වෙයි. ඔවුන් වැඩසටහනක් අනුගමනය කළත්, අඩු තරමින් සාමයේ සංස්කාර මතු වනවා, මන්ද, කොහොමත් ජීවාත්මයන්ගේ ආදිතම ධර්මය සාමයයි. ඔබ සාම සාගරයේ දරුවන්, ඒ වගේම ඔබ සාම දේශයේ නිවැසියන්. එබැවින්, වැඩසටහනට අනුව ඔවුන් එය මතුපිටට ගෙන ආවත්, එම සාමයේ බලය, ඔවුන්ව නොකඩවා ආකර්ෂණය කරයි. කෙනෙක් යම් පැණි රස කැවිල්ලක්, එක වරක් පමණක් රස වින්දත්, ඔවුන්ට පැණි රස දෙයක් ලැබුණත් නැතත්, ඔවුන් වින්ද එම මිහිරි රසය, නැවත නැවතත් ඔවුන්ව ඇද ගන්නා බව කියයි. එබැවින් මෙයත් සාමයේ පැණිය, රස විඳීම වැනිය. එබැවින් මෙම සාමයේ සංස්කාර ඉබේටම ඔවුන්ට නොකඩවා සිහිකර දෙයි. එබැවින් ජීවාත්ම තුළ, ක්‍රම ක්‍රමයෙන් සාමය අවදි කරවන්න. මෙයත් එම ජීවාත්මයන්ට සාමයේ දානයක් ලබා දීම මෙන්ම ඔවුන්වද දානපතියන් කරවීමය. ඔබ සියලු දෙනාටම තිබෙන පිවිතුරු සිතිවිල්ල වන්නේ, හැකි ඕනෑම අන්දමකින් ජීවාත්ම සාමය අත්දැකිය යුතු බවයි. ලෝක සාමය පදනම් වන්නේද, ජීවාත්ම තුළ ඇති සාමය මතයි, එහෙම නේද? සොබා දහම (පදාර්ථ) ක්‍රියාත්මක වන්නේද මනුෂ්‍යයන්ගේ පදනමට අනුකූලවයි. ජීවාත්ම තුළ සාමය පිළිබඳ අවධානය ඇති විට, සොබාදහමේ පදාර්ථ සාමකාමී වෙයි. එවිට, ඔවුන් එය සිදු කරන්නේ කුමන ආකාරයට වුවත් කම් නැත, ඔවුන් අඩු තරමින් අසාමයෙන් ඔබ්බට යනු ඇත, තවද විනාඩියක සාමය, නැවත නැවතත් ඔවුන්ව දිගටම ආකාර්ෂණය කරයි. එබැවින් ඔබ හොඳ සැලසුමක් සාදා තිබෙනවා. මෙය හරියට මිනිසුන්ට ඔක්සිජන් ටිකක් ලබා දී ඔවුන්ට සාමයේ හුස්මක් ගැනීමට මඟපෑදීම වැනිය. ඇත්ත වශයෙන්ම ඔවුන් සාමයේ හුස්ම නොමැතිව ඉන්නේ, සිහිසුන්වී. එබැවින් මෙම සැලසුම ඔක්සිජන් වැනිය. ඇතැමුන්ට ටිකක් හුස්ම ගැනීම ආරම්භ කිරීමට හැකි වෙයි. ඇතැම් අයව ඔක්සිජන් වලින් නැවත පණ ගැන්විය හැක. එබැවින් ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාම උනන්දුව සහ උද්යෝගය තුළින්, සෑම විටම සාම නිවෙස් වී, සාමයේ කිරණ ලබා දිය යුතුයි. එවිට, ඔබගේ සාම කිරණ වල උපකාරයෙන් සහ ඔබගේ සාමයේ සිතිවිලි වලින්, ඔවුන්ද එය කෙසේ හෝ කරන බවට සිතිවිල්ල, ඔවුන්ට ඇති වෙයි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාගේ සාමයේ චිත්ත තරංග ඔවුන්ව නිවැරදි ක්‍රමවේදය වෙතට ඇද ගනී. මෙයත්, බලාපොරොත්තු සුන් කරගත් අයට, බලාපොරොත්තුවේ එක කිරණක් පෙන්වීමේ මාර්ගයයි. එය බලාපොරොත්තු අත්හල අය තුළ බලාපොරොත්තු ඇති කිරීමේ මඟකි. හැකි පමණින්, කෙනෙක් ඔබ සමඟ සම්බන්ධතාවයකට කුමන ප්‍රමාණයකින් පැමිණියත්, ඔබ අනිවාර්යෙන් වචන කිහිපයකින් ඔවුන්ට ජීව අවධාන සාමය සහ මනසේ සාමය ගැන පැවසීමට තැත් කළ යුතුයි, මන්ද සියලු දෙනාම අනිවාර්යෙන් ඔවුන්ගේ නම් එකතු කරයි. ඔවුන් එය ලිපි මඟින් සිදු කළත්, ඔවුන් ඔබ සමඟ සබැඳියාවකට පැමිණෙයි, එහෙම නේද? ඔවුන් ලැයිස්තුව තුළට පැමිණෙයි, එහෙම නේද? එබැවින්, හැකි පමණින්, වචන කිහිපයකින් සාමයේ අරුත පැහැදිලි කිරීමට උත්සාහ දරන්න. ජීවාත්මයකට විනාඩියකදි වුවත් එම අවදි වීම සිදු විය හැක. ඔබට වැටහෙනවාද? ඔබ සියලු දෙනාම සැලසුමට කැමති යි නේද? වෙන අය නමට පමණක් වැඩ කරන නමුත් ඔබලා සැබෑ කාර්යයන් කරයි. ඔබ සාම දූතයන් නිසා, සාම දූතයන්ගෙන් එන මෙම හඬ, සෑම තැනකම රැව් පිළිරැව් දී, සාමයේ සුරඟනාවන් නොකඩවා හෙළිදරව් වෙයි. ඔබ අතරේ මෙය සාකච්ඡා කර, වෙනත් ලෞකික දේවල් වලට වඩා වෙනස් සාමය යන වචනයට එකතු කිරීමට වචනයක් සොයා ගන්න. ලෝකයේ මිනිසුන් සාම පෙළපාලි හෝ සාමය වැනි වචන භාවිත කරයි. එබැවින් සාමය යන වචනය සමඟම තවත් සමස්ත විශේෂ වචනයක් තිබිය යුතුයි, එවිට මිනිසුන්ට එය ඇසුණු සැනින් මෙය යම් වෙනස් දෙයක් බව ඔවුන්ට දැනෙයි. එබැවින් යමක් නිර්මාණය කරන්න. කෙසේවෙතත්, මෙය හොඳ දෙයකි. මෙම වැඩසටහන පවතින තාක් කල්, කුමක් සිදුවුණත්, අඩු තරමින් එම කාලය තුළදි, ඔබ අසාමයට පත් නොවිය යුතු අතර අන් අයව අසාමයට පත් නොකළ යුතුයි. ඔබ සාමය අත්නොහැරිය යුතුයි. ප්‍රථමයෙන්ම ඔය බ්‍රහ්මණයන් තමන් මත මෙම අත් වළල්ල බැඳ ගත යුතුයි (මෙම පොරොන්දුව සිදු කරන්න). ඔවුන් මත ඔබ මෙම අත් වළල්ල බැඳීමට සිතන බැවින්, ඔබට අන් අය මත මෙය බැඳීමට හැකි වන්නේ, පළමුව ඔබ තමන් මත මෙම අත් වළල්ල බැඳ ගත් විට පමණයි. ස්වර්ණ ජුබිලිය වෙනුවෙන් ඔබ සියලු දෙනාට ඇති වූ සිතිවිල්ල කුමක්ද? ඔබ ප්‍රශ්නයක් බවට පත් නොවීමට සිතිවිල්ලක් ඇති කළා නේද? නැවත නැවතත් මෙය අවධානයේ තබා ගන්න. ඔබ ප්‍රශ්නයක් බවට පත් වී, ඉන්පසුව ඔබ ප්‍රශ්නවල ප්‍රතිමූර්තියක් වන්නේ නැති බව, නොකියන්න. එබැවින් ඔබ මෙම අත් වළල්ල බැඳීමට කැමති යි නේද? පළමුව තමන් මත, සහ ඉන්පසුව ලෝකයාට. ඔබටම ලෝකය මත බලපෑමක් ඇති කළ හැක. අච්චා.

අද, එය යුරෝපයේ වාරයයි. යුරෝපයත් ඉතා විශාලයි, එහෙම නේද? යුරෝපය විශාල වන තරමටම, යුරෝපයේ සිට පැමිණි අයට විශාල හදවත් තිබෙනවාද? යුරෝපයේ ව්‍යාප්තිය තිබෙන තරමට සේවයේ සාරය තිබේ. විනාශයේ ගිණි දැල්ල මතු වුණේ කොහේ සිටද? එය මතු වුණේ යුරෝපයෙන් නේද? ඉතිං විනාශයට හේතුව යුරෝපයෙන් ඉස්මතු වූ ආකාරයෙන්ම, ස්ථාපන කාර්යයට, යුරෝපයෙන් විශේෂ ජීවාත්ම හෙළිදරව් විය යුතුයි. බෝම්බ පළමුව පොළව යට සූදානම් කර පසුව භාවිත කළ ආකාරයෙන්ම, වර්තමානයේ අදෘෂ්‍යමාන සහ පොළව යට නොපෙනී සිටින එවන් ජීවාත්ම සූදානම් කෙරෙනවා. කෙසේවෙතත්, ඔවුන් හෙළිදරව් වීමට ඇති අතර නොකඩවා හෙළිදරව් වෙයි. සෑම රටකටම එයටම අයත් විශේෂත්වයක් තිබෙන සේම, එහිද සෑම ස්ථානයකටම එයටම අයත් විශේෂත්වයක් තිබේ. යුරෝපයේ උපකරණ, නාමය කීර්තිමත් කිරීමට ප්‍රයෝජනවත් වෙයි. විද්‍යාවේ උපකරණ ප්‍රයෝජනවත් වී ඇති ආකාරයෙන්ම යුරෝපයේ උපකරණද, හඬ පැතිරීමට උපකරණ වෙයි. නව ලෝකය සූදානම් කිරීමට උපකාර කරන්නේ යුරෝපයයි. යුරෝපයේ භාණ්ඩ සෑම විටම ශක්තිමත්ය. සියලු දෙනාම ජර්මනියේ භාණ්ඩ වලට බොහෝ වැදගත්කමක් ලබා දෙයි. ඒ ආකාරයෙන්ම, සේවය සඳහා උපකරණ වන වැදගත් ජීවාත්ම, නොකඩවා හෙළිදරව් වෙයි. ඔබට වැටහෙනවාද? යුරෝපය, වෙනත් ස්ථාන වලට දෙවැනි නැත. හෙළිදරව්වේ තිරය දැන් විවර වීම ඇරඹී තිබේ. නිසි කලට ඔබ වේදිකාව මතට එයි. කෙටි කලකදි ඔබට ඉතා හොඳ ව්‍යාප්තියක් තිබී ඉතා හොඳ නිර්මාණයක් බිහි කර තිබීම හොඳයි. ඔබ දැන් එම නිර්මාණයට පෝෂණයේ ජලය ලබා දී එය ශක්තිමත් කරවනවා. යුරෝපයේ භෞතික දේවල් ශක්තිමත් වන ආකාරයෙන්ම එහි සිටින ජීවාත්මද විශේෂයෙන් නොසැලෙන සහ අචල වෙයි ඔවුන් ශක්තිමත් වෙයි. ඔබ සෙනෙහසින් උත්සාහ දරණවා. එබැවින් උත්සාහය, උත්සාහයක් නොවෙයි, නමුත් සේවය වෙනුවෙන් ඔබ තුළ ඉතා හොඳ ඇල්මක් තිබේ. සෙනෙහස ඇති තැන, පැමිණෙන බාධක සැනෙකින් අවසන් වී ඔබට නොකඩවා සාර්ථකත්වය ලැබෙයි. කෙසේවෙතත්, ඔබ මුළු යුරෝපයේම ගුණාත්මක බව දෙස බලන්නේ නම්, එය ඉතා හොඳයි. බ්‍රහ්මණයන් වැදගත් අයද වෙයි. ඔවුන් කොහොමටත් වැදගත් මිනිසුන්ය. එබැවින්, යුරෝපයේ සිටින උපකරණ සේවාධාරීන්ට, සෙනෙහසින් පිරි ශ්‍රේෂ්ඨ පෝෂණය ලබා දී, ඔවුන්ව තවත් ශක්තිමත් කර, විශේෂයෙන්ම ඔවුන්ව සේවා ක‍්ෂේත්‍රයට ගෙන ඒම නොකඩවා සිදු කරන්න. භූමිය, ඵල දරන එකකි. අච්චා. ඔබ පියාට අයත් වන සැනින් ඔබ අන් අයවත් පියාට අයත් කරවීම අරඹන විශේෂත්වය, ඔබට තිබෙනවා. ඔබට හොඳ එඩිතරකමක් තිබෙන අතර මෙම එඩිතරකම නිසා සේවා මධ්‍යස්ථාන නොකඩවා ව්‍යාප්ත කරවන කුසලතාවය ඔබට තිබෙනවා. ගුණාත්මක භාවය මෙන්ම සංඛ්‍යාවද වැඩි කරන්න. දෙකෙහි සමබරතාවයක් තිබිය යුතුයි. සංඛ්‍යාවේ අලංකාරය, ගුණාත්මක බවේ අලංකාරයෙන් වෙනස්ය. දෙකම අවශ්‍යයි. සංඛ්‍යා නොමැතිව ගුණාත්මක බව පමණක් තිබේ නම්, එවිට සේවය කරන අය වෙහෙසට පත් වෙයි. මේ නිසයි තම තමන්ගේ විශේෂත්ව සමඟින් දෙකම ප්‍රයෝජනවත් වන්නේ. 900,000 නිර්මාණය කළ යුතු බැවින්, දෙයාකාරයේම සේවය අවශ්‍යයි. 900,000 න්, විදෙස් රට වලින් කීයක් නිර්මාණය කර තිබෙනවාද? (5000) අච්චා. අඩු තරමින් එක කල්පයක ගණන සම්පූර්ණ වී තිබේ. අවසානයේ පැමිණ, වේගයෙන් ඉදිරියට යෑමේ ආශිර්වාදය, විදෙස් රටවලට තිබෙනවා, එබැවින් ඔබ භාරතයට වඩා වේගයෙන් යා යුතුයි, මන්ද භාරතයේ අයට භූමිය සකස් කිරීමට වෙහෙස වී ක්‍රියා කිරීමට තිබේ. විදේශයන්හි භූමිය නිසරු නැහැ. මෙහි, ප්‍රථමයෙන් නරක දේ අසා ඇති අයව, නැවතත් හොඳ කළ යුතුව තිබේ. එහි ඔවුන් කිසි නරක දෙයක් අසා නැත, ඔවුන් නරක හෝ වැරදි දෙයක් අසා නැති නිසා ඔවුන් ඉතා පිරිසිදුයි. භාරතයේ අය පළමුව ඔවුන්ගේ ගල්ලෑලි පිරිසිදු කළ යුතු අතර ඉන්පසුව ඒවා මත ලිවිය යුතුයි. කාලයට අනුව, විදෙස් රටවලට අන්තිම නිසා වේගවත් යන ආශිර්වාදය තිබේ. එසේ නම් යුරෝපය ලක‍්ෂ කීයක් සූදානම් කරනවාද? ඔබ මෙම සාමයේ විනාඩි මිලියනයක් යන වැඩසටහන නිර්මාණය කර ඇති සේම, ඒ ආකාරයෙන්ම පුරවැසියන් නිර්මාණය කිරීමට වැඩසටහනක් පිළියෙල කරන්න. පුරවැසියන් නිර්මාණය කළ හැකියි, එහෙම නේද? ඔබට විනාඩි මිලියනයක් එකතු කළ හැකි නම්, ඔබට පුරවැසියන් මිලියනයක් පිළියෙල කළ නොහැකිද? බාබා මිලියනයකට වඩා එක ලක‍්ෂයක් අඩුවෙන් පවසනවා, ඔහු ඉල්ලන්නේ 900,000 පමණයි! යුරෝපයේ අය කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? විශාල බලයකින් සූදානම් කරන්න. අච්චා. ද්විත්ව විදේශිකයන්ට දෙගුණයක වාසනාව තිබේ. කොහොමත් අනෙක් සියලු දෙනාටම අවස්ථාව ලැබී තිබෙන්නේ එක මුරලියකට සවන් දීමට පමණක් නමුත් ඔබට දෙගුණයක අවස්ථාව ලැබී තිබේ. ඔබ සම්මන්ත්‍රණය දුටු අතර ස්වර්ණ ජුබිලියද දුටුවා. ඔබ ජ්‍යෙෂ්ඨ දාදීන්වත් දුටුවා. ඔබ ගංඟා, යමුනා, ගෝදාවරී, බ්‍රහ්මපුත්‍ර ආදිය දුටුවා. (ඉන්දියාවේ ප්‍රධාන ගංඟා සතර) ඔබ සියලුම ජ්‍යෙෂ්ඨ දාදීන්ව දුටුවා නේද? තිළිණයක් ලෙසින් සෑම දාදී කෙනෙකුගෙන්ම එක විශේෂත්වයක් ගන්න, එවිට ඒවා ප්‍රයෝජනවත් වෙයි. විශේෂත්වයන්ගේ තිළිණ වලින් ඔබගේ ඒප්‍රන පුරවාගෙන යන්න. රේගු නිලධාරීන් මෙම තිළිණ නිසා ඔබව නතර නොකරයි. අච්චා.

නිරන්තර ලෝක සෙත සලසන්නන් සහ සැබෑ සේවාධාරීන් වන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, ලෝක සේවය වෙනුවෙන් උපකරණ, සෑම විටම සාර්ථකත්වයේ උපත් අයිතිය හිමි කරගන්නා විශේෂ ජීවාත්මයන්ට, සමීප ජීවාත්මයන්ට සහ ඔවුන්ගේ ස්වරූපය තුළින් අන් අයට තම ස්වරූප සිහි කර දෙන අයට, අසීමිත අන්දමකින් සෑම විටම පරහිතකාමී සේවාධාරීන් වී පියාසර ස්ථීතියේ පියාසර කරන අයට, ආලෝකමත් සහ සැහැල්ලු දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

වරදානය:
ඔබ, ඔබගේ සුරඟන ස්වරූපය තුළින්, මුක්තිය සහ ජීවන-මුක්තිය යන පූජනීය පිදුම බෙදා හරින මාස්ටර් මුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නෙක් වේවා.

වර්තමානයේ අහිතකර සිදුවීම් නිසා ලෝකයේ සියලුම ජීවාත්ම හඬා වැටෙනවා සමහරු සෑම දෙයක්ම මිල අධික නිසා, සමහරු කායිකව තම මුවින් හඬා වැටෙයි, සමහරු කායික රෝග නිසා, තවත් සමහරු තම සිත්වල ඇති අසාමය නිසා. සෑම කෙනෙකුගේම බැල්ම සාම කුළුන වෙතට යයි. අසරණ බවේ හඬට පසුව, ජයග්‍රහණයේ හඬ කවදා ඇති වෙයිද කියා, සෑම කෙනෙක්ම බලා සිටිනවා. එබැවින් දැන් ඔබගේ භෞතික සුරඟන ස්වරූපය තුළින්, ලෝකයේ දුක ඉවත් කරන්න. මුක්තියේ සහ ජීවන-මුක්තියේ මාස්ටර් දානපතියන් වී, බැතිමතුන්ට මුක්තිය සහ ජීවන මුක්තියේ පුජනීය පිදුම (ප්‍රසාද්) ලබා දෙන්න.

පාඨය:
නිදසුනක් වන්නේ, බාප්දාදාගේ සෑම නියෝගයක්ම ප්‍රායෝගික ස්වරූපයකට දමන අය පමණයි.