12.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ ඔබගේ ස්වර්ණමය යුග රාජධානිය ස්ථාපිත කරන බව, සෑම විටෙකම ඔබගේ අවධානයේ තබාගන්න, එවිට ඔබ අනන්ත සතුට අත්විඳිනු ඇත.

ප්‍රශ්නය:
මෙම දැනුමේ ආහාරය ජීර්ණය කළ නොහැක්කේ කුමන දරුවන්ටද?

පිළිතුර:
වැරදි සිදු කරන අයට කිලිටි සහ අපවිත්‍ර වී, ඉන්පසුව පැමිණ, පංතියේ අසුන් ගන්නා අයට, මෙම දැනුම ජීර්ණය කරගැනීමට නොහැකි වෙයි. ඔවුන්ට කිසිමදාක මෙසේ කිව නොහැක දෙවියන් පවසන්නේ විශාලතම සතුරා වන්නේ රාගයයි. ඇතුලාන්තයෙන් දිගටම ඔවුන්ගේ යටි සිත ඔවුන්ට වද දෙන අතර, ඔවුන් රකුසු සමාජයේ අය බවට පත්වෙයි.

ඕම් ශාන්ති.
පියා මෙතැන අසුන් ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔහු කුමන පියාද? ඔය දරුවන් එම පියාව ප්‍රශංසා කළ යුතුයි. මෙසේ සිහි කර තිබේ සත්‍යය වන ශිව බාබා සත්‍ය ගුරුවරයා වන ශිවා සත්‍ය ගුරු වන ශිවා. ඔහු සත්‍යයි, එහෙම නේද? ඔබට සත්‍යය වන ශිව බාබාව හමු වී ඇති බව, ඔය දරුවන් දන්නවා. ඔය දරුවන් දැන් ශ්‍රීමත් වලට අනුව, ඒකායන කෙනාගේ උපදෙස් පිළිපදින අය බවට පත් වනවා. එබැවින් ඔබ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. පියා පවසන්නේ පළමුවෙන්ම ජීව අවධානයට පත් වී, පියාව සිහි කරන්න. ඔහුව වැඩියෙන් සිහි කරන තරමට, ඔබ වැඩියෙන් තමාට යහපතක් සිදු කරගනී. ඔබ නැවත වරක් ඔබගේම රාජධානිය ස්ථාපිත කරගන්නවා. එය පෙර කල ඔබගේ රාජධානිය විය. දේවතා ධර්මයට අයත් වන අප, උපත් 84 ක් ගන්නා අතර, දැන් අපගේ අවසන් උපතෙදී, සංගම යුගයේ සිටිනවා. මෙම වඩාත්ම උසස් සංගම යුගය ගැන, ඔය දරුවන් හැර වෙනත් කිසිවෙක් නොදනී. බාබා ඔබට බොහෝ කරුණු ලබා දෙනවා. දරුවනි, ඔබ ඉතා හොඳින් සිහිපත් කිරීමේ සිටින්නේ නම්, ඔබ බොහෝ සතුටින් සිටිවි. කෙසේවෙතත්, පියාව සිහිකරනවා වෙනුවට, සමහර දරුවන් ලෞකික කාරණා වල සිරගත වනවා. ඔබ ශ්‍රීමත් වලට අනුව ඔබගේම රාජධානිය ස්ථාපිත කරන බව, ඔබ සිහි කළ යුතුයි. දෙවියන්, උසස්ම උසස් කෙනා වශයෙන් සිහි කර තිබේ. ඔහුගේ උපදෙස් (ශ්‍රීමත්) වඩාත්ම උසස් වන්නේය. ශ්‍රීමත් ඔබට කියා දෙන්නේ කුමක්ද? පහසු රාජයෝගාව. රාජධානිය හිමි කරගන්නා අන්දම ඔහු ඔබට උගන්වනවා. පියාගෙන් ඔබ ලෝකයේ මුල, මැද සහ අවසානය දැනගෙන ඇති අතර, ඔබ දිව්‍යමය ගුණදම්ද ධාරණය කරගත යුතුයි. කිසිම විටෙක පියාට විරුද්ධ නොවන්න! බොහෝ දරුවන්, තමන්ට සේවය කළ හැකි බව සිතා, බොහෝ අහංකාර වනවා. එවැනි බොහෝ දරුවන් සිටින නමුත්, ඇතැම් විට ඔවුන් පරාජය වෙයි, එවිට ඔවුන්ගේ කුල්මත්භාවය අතුරුදහන් වනවා. ඔය මව්වරුන් නූගත්ය. ඔබ උගත් වූයේ නම්, ඔබ විශ්මයන් පෙන්වනු ඇත. පිරිමි අතර, උගත් අය සමහරෙක් සිටිනවා. ඔය කුමාරීන්, බාබාගේ නම, බොහෝ සේ කීර්තිමත් කළ යුතුයි. ඔබ පෙරකල, ශ්‍රීමත් වලට අනුව, රාජධානිය ස්ථාපිත කළා ඔබ සාමාන්‍ය ගැහැණුන්ගෙන්, ලක‍්ෂ්මි බවට පරිවර්ථනය වුණා. එබැවින් ඔබට බොහෝ කුල්මත්භාවය තිබිය යුතුයි. මෙහි මිනිසුන්, පැන්ස කිහිපයක් වටින ඉගෙනුමක් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරති. ඔහෝ, නමුත් ඔබ ලස්සන වනවා! එබැවින් ඔබ අවලස්සන සහ අපවිත්‍ර අයට ඔබගේ හදවත් බැඳගන්නේ ඇයි? ඔබ මෙම සොහොන් බිමට ඔබගේ හදවත් බැඳ නොගත යුතුයි. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගනිමින් සිටිනවා. පැරණි ලෝකයට ඔබගේ හදවත් බැඳගන්නවා යනු, අපායේ අගාධය තුළටම යෑමයි. පියා දැන් පැමිණ ඇත්තේ ඔබව අපායෙන් ඉවත් කරගැනීමටයි. ඉතිං, ඒ තිබියදී, ඔබගේ මුහුණු අපාය වෙතට හරවන්නේ ඇයි? ඔබගේ මෙම ඉගෙනුම බොහෝ පහසුයි. කිසිම ඍෂිවරයෙක් හෝ මුනිවරයෙක් මෙය නොදනී. කිසිම ගුරුවරයෙක්, ඍෂිවරයෙක් හෝ මුනිවරයෙකුට, මෙය ඔබට විස්තර කළ නොහැක. පියා ඔබගේ ගුරුවරයා මෙන්ම ගුරු ද වෙයි. එම ගුරූන්, ග්‍රන්ථ කියා දෙයි ඔවුන්ට ගුරුවරුන් කියා නොකිව යුතුයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය කියාදිය හැකි බව ඔවුන්ගෙන් කිසිවෙකු නොකියයි. ඔවුන් කියා දෙන්නේ ග්‍රන්ථ වල ලියා ඇති දේවල් පමණයි. පියා ඔබට ග්‍රන්ථ වල සාරය විස්තර කර දෙන අතර ඔහු ඔබට ලෝක ඉතිහාසය සහ භූගෝලයද කියා දෙයි. මෙම ගුරුවරයාද හොඳ, එම ගුරුවරුන්ද හොඳ? එම ගුරුවරු සමඟ ඔබ කොපමණ ඉගෙනගත්තද, ඔබට කීයක් ඉපැයීමට හැකි වෙයිද? තවද එයත් රඳා පවතින්නේ ඔබගේ භාග්‍යය මතයි! කෙනෙක් ඉගෙන ගන්නා අතරතුර, අනතුරකින් මිය යන්නේ නම්, ඉගෙනගත් සියල්ල අවසන් වනු ඇත. මෙහි ඔබ මෙම ඉගෙනුම කෙතරම් අඩුවෙන් හෝ වැඩියෙන් ඉගෙන ගත්තද, ඉන් කිසිවක් අපතේ නොයයි. ඔව්, කෙනෙක් ශ්‍රීමත් අනුගමනය නොකර වැරදි ක්‍රියා සිදු කරන්නේ නම්, හෝ කාණුවට ඇද වැටෙන්නේ නම්, ඔහු ඉගෙන ගත් දේ අවසන් වන්නේ නැත, මන්ද මෙම ඉගෙනුම, උපත් 21 කටයි. කෙසේවෙතත්, ඔහු වැටෙන්නේ නම්, චක්‍රයෙන් චක්‍රයට විශාල පාඩුවක් සිදුවෙයි. පියා පවසන්නේ දරුවනි, ඔබගේ මුහුණු කිලිටි කර නොගන්න. ඔවුන්ගේ මුහුණු කිලිටි කරගන්නා බොහෝ දෙනෙක් සිටියි ඔවුන් කිලිටි වී ඉන්පසුව පැමිණ, මෙහි අසුන් ගනී. ඔවුන්ට කිසිදාක මෙම දැනුම ජීර්ණය කරගැනීමට හැකි වන්නේ නැත ඔවුන්ට අජීර්ණය ඇති වෙයි. ඔවුන් අසන සෑම දෙයක්ම ඔවුන්ට අජීර්ණය ගෙන දෙයි. ඔවුන්ට කිසිම කෙනෙකුට මෙසේ කීමට නොහැකි වෙයි දෙවියන් පවසයි විශාලතම සතුරා වන්නේ රාගය වන අතර, ඔබ එය පරාජය කළ යුතුයි. ඔවුන්ම එය පරාජය කර නොමැති නම්, ඔවුන් එය අන් අයට පවසන්නේ කෙසේද? ඔවුන්ගේ යටි සිත ඇතුලතින් ඔවුන්ට වද දෙනු ඇත. ඔවුන්ට, රකුසු සමාජයට අයත් අය යැයි කියයි. අමෘතය පානය කරන අතර, ඔවුන් විෂ පානය කරයි, එබැවින් ඔවුන් සිය ගුණයක් අවලස්සන වී, ඔවුන්ගේ සියලුම අස්ථී කුඩු පට්ටම් වනු ඇත. ඔය මව්වරුන්ගේ එකතුව ඉතා හොඳ විය යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය, ඔබගේ ඉදිරියෙන් තිබේ. ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානියේ ඒකායන දේවතා ධර්මය තිබුණු බව ඔබ දන්නවා. එක් රාජධානියක්, එක් භාෂාවක්, 100% ක් පාරිශුද්ධත්වය, සාමය සහ සමෘද්ධිය පැවතුණි. පියා දැන් එම ඒකායන රාජධානිය ස්ථාපිත කරනවා. අරමුණ සහ ඉලක්කය එයයි. 100% ක් පාරිශුද්ධත්වය, සාමය, සතුට සහ සමෘද්ධිය දැන් ස්ථාපිත කෙරෙනවා. විනාශයෙන් පසුව ශ්‍රී ක්‍රිෂ්ණා පැමිණෙන බව ඔබ පෙන්වා දෙයි. ඔබ මෙය ඉතා පැහැදිලිව ලිවිය යුතුයි දේවතාවන්ගේ ඒකායන ස්වර්ණමය යුග රාජධානිය - එක් භාෂාවක්, පාරිශුද්ධත්වය, සාමය සහ සතුට - නැවත වරක් ස්ථාපිත වනවා. රජයට මෙය අවශ්‍යයි. දිව්‍ය ලෝකය, ස්වර්ණමය සහ රිදි යුගවල පවතිනවා. කෙසේවෙතත්, ඔවුන් අපායේ වැසියන් බව, මිනිසුන් නොසලකති. ඔබට මෙසේ ලිවිය හැක තඹ සහ කලි යුගයෙදී සෑම කෙනෙක්ම අපායේ වැසියෙකි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. පෙර කල ඔබද කලි යුගයේ අපායේ වැසියන් විය. ඔබ දැන් දිව්‍ය ලෝකයේ වැසියන් වෙමින් සිටිනවා. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, භාරතය දිව්‍ය ලෝකය බවට පත් කරවනවා. කෙසේවෙතත්, එම එඩිතරකම සහ එකමුතුකම තිබිය යුතුයි. ඔබ සංචාරය කරන විට, ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතූරය පෙන්වන්න එය ඉතා හොඳයි. එය මත මෙසේ ලියන්න ත්‍රිමූර්ති ශිව බාබාගේ ශ්‍රීමත් වලට අනුව, ආදි සනාතන දෙවි දේවතා ධර්මය සහ සාමය, සහ සතුටේ රාජධානිය ස්ථාපිත වනවා. ඔබට විශාල අකුරු සහිත විශාල පිංතූර තිබිය යුතුයි. කුඩා දරුවන්, කුඩා පිංතූර වලට වැඩි කැමැත්තක් දක්වයි. පිංතූර විශාල වන තරමට එය වඩා හොඳය! ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතූරය ඉතාමත්ම හොඳයි. ඔබ එහි මෙපමණක් ලිවිය යුතුයි සත්‍යය වන ඒකායන ත්‍රිමූර්ති ශිව බාබා සත්‍ය ගුරුවරයා වන ත්‍රිමූර්ති ශිව බාබා සත්‍ය ගුරූ වන, ත්‍රිමූර්ති ශිවා. ඔබ ත්‍රි මූර්ති යන නම නොලියන්නේ නම්, දෙවියන් අශාරීරික බැවින් ඔහු ගුරුවරයා වන්නේ කෙසේද කියා ඔවුන් සිතනු ඇත. ඔවුන්ට දැනුම නොමැත. ඔබ ටින් මත, ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතූර සකස් කර, ඒවා සෑම තැනකම තැබිය යුතුයි. ස්ථාපනය සිදුවෙමින් පවතිනවා. බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඒකායන ධර්මය ස්ථාපිත කිරීමට, පියා පැමිණ ඇති අතර, ඔහු අන් සෑම දෙයක්ම විනාශ කරනු ඇත. ඔය දරුවන්ට සෑම විටෙකම මෙම කුල්මත් බව තිබිය යුතුයි. සුළු කාරණාවකදී, ඔබගෙන් ඇතමෙකුට එකම තීරණයකට පැමිණිය නොහැකි වන විට, ඔබ විගසින් කලබල වනවා. මෙය සෑම විටෙකම සිදුවනවා. ඇතැම් අය එක් පසෙකත් අන් අය වෙනත් පසෙකත් සිටියි. එවිට වැඩි දෙනෙක් සිටින පැත්තේ අදහස ක්‍රියාවට නැඟෙයි. ඒ ගැන කලබලයට පත් වීමට අවශ්‍ය නැත. කෙසේවෙතත්, ඔවුන්ගේ අදහස් පිළිනොගන්නා බැවින් සමහර දරුවන් මුහුණ පුලුටු කරගනී, නමුත් එහිදී මුහුණ පුලුටු කරගැනීමට ඇත්තේ මොනවාද? පියා සෑම කෙනෙක්වම සනසයි. මායා, සෑම කෙනෙකුගේම මුහුණු පුලුටු කරයි. සෑම කෙනෙක්ම පියා සමඟ මුහුණු පුලුටු කරගනී. ඔවුන් පියාව හඳුනන්නේවත් නැති විට, ඔවුන් මුහුණු පුලුටු කරගන්නේ කුමකටද? ඔවුන්ට දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය ලබා දුන් පියාව, හඳුනන්නේ නැත. පියා පවසන්නේ මා සෑම කෙනෙක්වම ඉහළ නංවන අතර ඉන්පසුව ඔබ මට අපහාස කරයි! භාරතයේ තත්ත්වය දෙස බලන්න! ඔබ අතරින්ද, කුල්මත්භාවයෙන් රැඳී සිටින්නේ ඉතාමත්ම ටික දෙනෙකි. මෙය නාරායන් වීමේ කුල්මත්භාවයයි. ඔබ රාමා හෝ සීතා වන බව, නොකිව යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් බවට පත් වීමටයි. එවිට ඔබ රාමා හෝ සීතා වීමෙන්, සතුටට පත් වන්නේ කෙසේද? ඔබට එඩිතරකම තිබෙන බව, ඔබ පෙන්විය යුතුයි. ඔබ කිසිසේත්ම පැරණි ලෝකයට ඔබගේ හදවත් බැඳ නොගත යුතුයි. ඔහුගේ හෝ ඇයගේ හදවත, කාට හෝ බැඳගන්නා ඕනෑම කෙනෙක් මිය යයි. එවිට උපතින් උපතට විශාල පාඩුවක් සිදුවෙයි. ඔබට බාබාගෙන් දිව්‍ය ලෝකයේ සතුට ලැබෙන්නට තිබෙනවා. එසේනම් අපි තවමත් නිරයේ සිටින්නේ ඇයි? පියා පවසන්නේ ඔබ දිව්‍ය ලෝකයේ සිටි විට, වෙනත් ආගම් තිබුණේ නැත. දැන්, නාටකයට අනුව, ඔබගේ ධර්මය නොපවති. තමන් දේවතා ධර්මයට අයත්ය කියා කිසිවෙකු සලකන්නේ නැත. මනුෂ්‍යයෙක් තමන්ගේම ආගම නොදන්නේ නම්, කුමක් කිව හැකිද? හින්දු ආගම, ආගමක් නොවෙයි. එය ස්ථාපිත කළේ කවුරුන්ද කියාවත් ඔවුන් නොදනී. ඔය දරුවන්ට බොහෝ දේ විස්තර කෙරෙනවා. පියා පවසන්නේ සියලුම මරණයන්ගේ මරණය වන මා, දැන් පැමිණ සිටින්නේ සෑම කෙනෙක්වම ආපසු නිවසට රැගෙන යාමටයි. හොඳින් ඉගෙන ගන්නා සෑම කෙනෙක්ම, ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. දැන් අපි ගෙදර යමු! මෙම ස්ථානය, ජීවත් වීමට තරම් වටින්නේ නැත. රකුසු උපදෙස් පිළිපැදීමෙන්, කුණු කන්දල් විශාල ප්‍රමාණයක් බිහි වනවා. පියා මෙසේ කියනු ඇත, එහෙම නේද? ලෝකයේ අධිපතියන්ව සිටි භාරතයේ ජනතාව වන ඔබ, දැන් බොහෝ සේ එහෙ මෙහෙ වැටි වැටී ඇවිදිනවා. ඔබට ලැජ්ජාවක් ඇති වන්නේ නැද්ද? මෙය ඉතා හොඳින් වටහාගන්නා ඇතැම් අය, ඔබලා අතරෙ සිටියි. අවසානයේදී එය අංකානුරුපයි. බොහෝ දරුවන් නිදමින් සිටියි. ඔවුන්ගේ සතුටේ රසදිය කඳ, ඉහළ නඟින්නේ නැත. බාබා අපට නැවත වරක් රාජධානිය ලබා දෙනවා. පියා පවසනවා මා මෙම පූජකවරු ආදීන්වත් ඉහළ නංවනවා. ඔවුන්ට තමන්ටවත් අන් අයටවත් විමුක්තිය ලබා දීමට නොහැක. සත්‍ය ගුරු වන්නේ, සියල්ලන්ටම විමුක්තිය පිරිනැමීමට සංගම යුගයේදී පැමිණෙන, ඒකායන සත්ගුරු පමණයි. පියා පවසන්නේ මා සෑම චක්‍රයකම සංගම යුගයෙදී පැමිණෙන්නෙමි, එවිට මට මුළු ලෝකයම පිවිතුරු කිරීමට තිබේ. පියා සර්ව බලධාරියා නිසා ඔහුට කළ නොහැකි දෙයක් නොමැති බව, මිනිසුන් විශ්වාස කරති. ඔහෝ, නමුත් ඔය අපවිත්‍ර අය, මට පැමිණ ඔබව පිවිතුරු කරන්නට කියා, අඬ ගසයි. එබැවින් මා පැමිණ සෑම කෙනෙක්වම පිවිතුරු කරන්නෙමි. මා වෙන කුමක් කරන්නද? ගුප්ත බල ඇති බොහෝ දෙනෙක් සිටියි. මගේ කාර්යය වන්නේ, අපාය, දිව්‍ය ලෝකය බවට පරිවර්ථනය කිරීමයි. මෙය සෑම වසර 5000 කට වරක් නිර්මාණය වෙයි. මෙය දන්නේ ඔබ පමණයි. ආදි සනාතන ධර්මය වන්නේ දෙවි දේවතාවන්ගේ එයයි අන් සියලුම ආගම් පැමිණෙන්නේ පසුවයි. අවුරබින්දෝ ගෝස් ඔහුගේ ආශ්‍රමය ආරම්භ කළේ මෑතකදී (1926). දැන් බලන්න ඔහුගේ ආශ්‍රම කොපමණ තිබේද! එහි, පාපයන්ගෙන් තොර වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ, නිවසේ පවුලේ අය සමඟ වාසය කරන විට, කිසිම කෙනෙකුට පිවිතුරුව සිටීමට නොහැකි බවයි. පියා පවසන්නේ නිවසේ, ඔබගේ පවුලේ අය සමඟ වාසය කරන අතර, එක් උපතකට පමණක් පිවිතුරුව රැඳී සිටින්න. ඔබ උපතින් උපතට අපවිත්‍ර වූවා. මා දැන් පැමිණ සිටින්නේ ඔබව පිවිතුරු කිරීමටයි. මෙම අවසන් උපතෙදී පාරිශුද්ධ වන්න. ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී පාපයන් නැත. ලක‍්ෂ්මි සහ නාරායන් සහ ඉනිමගේ පිංතූර, ඉතාමත්ම හොඳයි. ඒවායේ මෙසේ ලියා තිබේ ස්වර්ණමය යුගයේදී එක් ආගමක් සහ එක් රාජධානියක් තිබිණි. ඔබ නිවැරදි ආකාරයට විස්තර කළ යුතුයි. ඔවුන්ටද ප්‍රදර්ශන වලදී විස්තර කිරීමට හැකි වන පරිදි, ඔබ මහළු මව්වරුන්ට උගන්වා, ඔවුන්ව සූදානම් කළ යුතුයි. ඔවුන් මෙම පිංතූරය සෑම කෙනෙකුටම පෙන්වා ඔවුන්ට මෙසේ කිව යුතුයි එය ඔවුන්ගේ රාජධානියව පැවතුණා, නමුත් එය දැන් නොමැත. පියා පවසන්නේ දැන් මා සිහි කරන්න, එවිට ඔබ පාරිශුද්ධ වී, පිවිතුරු ලෝකයට යනු ඇත. පිවිතුරු ලෝකය, දැන් ස්ථාපනය වනවා. එය බොහෝ පහසුයි! ඔය මහළු මව්වරුන් අසුන්ගෙන, ප්‍රදර්ශන වලදී විස්තර කරන විට, ඔබගේ නාමය කීර්තිමත් වෙයි. ක්‍රිෂ්ණාගේ පිංතූරයේ ලියා ඇති දේ ඉතා හොඳයි. ඔබ ඔවුන්ට මෙසේ කිව යුතුයි ඔබ අනිවාර්යෙන්ම මෙහි ලියා ඇති දේ කියවිය යුතුයි. මෙය කියවීමෙන් පමණයි, ඔබට නාරායන් වීමේ සහ ලෝකයේ අධිපතියන් වීමේ කුල්මත්භාවය ඇති වන්නේ. පියා පවසන්නේ මා ඔබව ලක‍්ෂ්මි සහ නාරායන් මෙන් කරවන්නෙමි. එබැවින් ඔබත් අන් අය කෙරෙහි අනුකම්පාව දැක්විය යුතුයි. ඔබ අන් අයට යහපතක් සිදු කරන විට පමණයි, ඔබට තමන්ට යහපතක් කිරීමට හැකි වන්නේ. මේ අන්දමින් මහළු මව්වරුන්ට උගන්වා, ඔවුන්ව දක‍්ෂයින් කරවන්න, එවිට බාබා මහළු මව්වරුන් අට දෙනෙක් හෝ දහ දෙනෙකුට පැමිණ ප්‍රදර්ශන වලදී විස්තර කරන්නට කියා කියන විට, ඔවුන් විගසින් දිව එනු ඇත. යමක් කරන අයට, එහි ඵලය ලැබෙයි. ඔබ ඉදිරියේ ඔබගේ අරමුණ සහ ඉලක්කය දැකීමෙන්, විශාල සතුටක් ඇති වෙයි. මා මෙම සිරුර අත්හැර, ලෝකයේ අධිපතියෙක් වෙමි. ඔබ සිහිපත් කිරීමේ සිටින ප්‍රමාණයට අනුව, ඔබගේ පාපයන් දුරු වනු ඇත. ලියුම් කවර මෙසේ මුද්‍රණය කර ඇත එක් ධර්මයක්, එක් දේවතා රාජධානිය සහ එක් භාෂාවක්. එය ඉතා විගසින් ස්ථාපිත වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ එකිනෙකා සමඟ හෝ පියා සමඟ කිසිම විටෙක මුහුණු පුලුටු කර නොගන්න. පියා පැමිණ සිටින්නේ ඔබව සනසන්නයි. එබැවින් කිසිම විටෙක සිත කලබලයට පත් කර නොගන්න. කිසිම විටෙක පියාට විරුද්ධ නොවන්න.

2. පැරණි ලෝකයට හෝ පැරණි සිරුරකට, ඔබගේ හදවත බැඳ නොතබන්න. සත්‍ය පියාට, සත්‍ය ගුරුවරයාට සහ සත්‍ය ගුරුට අවංක වන්න. නිරන්තරයෙන් ඒකායන කෙනාගේ ශ්‍රීමත් පිළිපැද, ජීව අවධානයට පත් වන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් ශක්තිමත් වී, ආදිතම මැණිකක් වීමේ අවධානය තුළින්, ඔබගේ ජීවිතයේ වටිනාකම දැන ගන්න.

බ්‍රහ්මා, ආදි දේව් වන සේම, බ්‍රහ්ම කුමර කුමරියන්, ආදිතම මැණික්ය. ආදි දේව්ගේ සෑම දරුවෙක්ම, මාස්ටර් ආදි දේව් කෙනෙක්ය. ඔබ තමන් ආදි මාණික්‍යයක් බව සැලකීමෙන්, ඔබට ඔබගේ ජීවිතයේ වටිනාකම දැන ගැනීමට හැකි වෙයි, මන්ද, ආදි මැණික් යනු, ප්‍රභූගේ මැණික්, පරමාත්ම දෙවියන්ගේ මැණික්ය, එබැවින් ඔබ බොහෝ වටිනා අය බවට පත් වී ඇත. එනිසා, ඔබ සෑම ක්‍රියාවක්ම කරන අතර, සෑම විටම තමන් මාස්ටර් ආදි දේව් බව, ආදි දේව්ගේ දරුවෙක්, ආදිතම මැණිකක් බව සලකන්න, එවිට ඔබට බලවත් වීමේ ආශිර්වාදය හිමි වෙයි. එවිට කිසිම දෙයක් අපතේ නොයයි.

පාඨය:
තෝරා ගැනීමේ බලය ඇති දැනුමැති ජීවාත්මයකට, තමන්ව මුලා වීමෙන් ආරක‍්ෂා කර ගත හැක.