12.09.21    Avyakt Bapdada      Sinhala Murli     19.03.88    Om Shanti    Madhuban


සිහිපත් කිරීම තුළට විනෝදය ගෙන ඒමේ ක්‍රමවේදය.


අද, නීති සම්පාදකයා, ආශිර්වාද දානය කරන්නා වන බාප්දාදා, මාස්ටර් නීති සම්පාදකයන් සහ ආශිර්වාද දන් දෙන්නන් වන ඔහුගේ දරුවන්ව දකිනවා. සෑම දරුවෙක්ම නීති සම්පාදකයෙක් මෙන්ම ආශිර්වාද දානය කරන්නෙක්ද වී ඇත. එය දැකීමත් සමඟම දරුවන්ගේ තත්ත්වය කෙතරම් ශ්‍රේෂ්ඨද කියාත් බාප්දාදා දුටුවා. මෙම සංගම යුගයේ බ්‍රහ්මිණ් දිවිය බොහෝ සේ වැදගත්ය. නීති සම්පාදකයා සහ ආශිර්වාද පිරිනමන්නා සමඟම ඔය බ්‍රහ්මිණ්වරුන්ද නීති සම්පාදකයන්ය, නිවැරදි සම්ප්‍රදායන් පෙන්වන අයයි. ඔබගේ සෑම සම්ප්‍රදායක්ම දැන් ස්වර්ණමය යුගී සම්ප්‍රදා බවට පරිවර්ථනය වන බව ඔබ දැනටමත් අසා තිබේ. එබැවින් සෑම ක්‍රියාවකටම ඇති වත්මන් සම්ප්‍රදා, අනාගතයට රැගෙන යනු ඇත. තඹ යුගයේ පවා භක්ති මාර්ගයේදි, මෙකල සිදුකරන ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්හි ක්‍රමවේද, භක්ති මාර්ගයේ සම්ප්‍රදා බවට පත් වෙයි. එබැවින් මෙකල නීති, වන්දනීය ස්වරූපයේදි ඔබගේ ජීවිතවල ශ්‍රේෂ්ඨ නීති ලෙස පැවතෙන අතර ඒවා වන්දනා සිදු කරන මාවතේද, එනම් භක්ති මාර්ගයේද දිගටම පැවතෙයි. භක්ති මාර්ගයේද ඔබගේ සෑම නීතියක්ම චාරිත්‍රයක් සහ සම්ප්‍රදායක් ලෙසින් පැවතෙයි. ඔබ නීති සම්පාදකයන්, ආශිර්වාද පිරිනමන්නන් මෙන්ම නිවැරදි ක්‍රමවේදද ලබා දෙන අයයි.

ඔබගේ ප්‍රධාන ප්‍රතිපත්ති, සාර්ථකත්වය ලබා ගැනීමට ක්‍රමවේදය බවට පත් වෙයි. නිදසුනක් ලෙස, ඔබගේ ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ ඒකායන පියා සිටින බවයි - ධර්මිෂ්ඨ ජීවාත්ම බොහෝ සිටියි, ශ්‍රේෂ්ඨ ජීවාත්ම බොහෝ සිටින නමුත් ඇත්තේ එක් පරමාත්ම ජීවයයි. ඔබගේ මෙම ප්‍රධාන ප්‍රතිපත්තිය තුළින් ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම ඔබගේ සාර්ථකත්වය ලෙස කල්ප භාගයකට පරම පියාගෙන් උරුමය හිමි කරගනී. ප්‍රතිලාභය ලබාගැනීම යනු සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමය. ඒකායන පියා පමණක් සිටින බවත් ශ්‍රේෂ්ඨ ජීවාත්ම සහ ධර්මිෂ්ඨ ජීවාත්ම පියවරු නොවෙයි, ඔබගේ සහෝදරයන් බව ඔබ වටහාගනී. උරුමය ලැබෙන්නේ පියාගෙනි, සහෝදරයෙකුගෙන් නොවෙයි. මෙම ප්‍රධාන ප්‍රතිපත්තියෙන් ඔබ, කල්ප භාගයකට සාර්ථකත්වය ලබා ගනී, ඉන්පසුව භක්ති මාර්ගයේද, පරමාත්ම දෙවියන් එක්කෙනෙකි යන ප්‍රතිපත්තිය, සාර්ථකත්වය ලබා ගැනීමේ පදනම වෙයි. භක්තියේ ප්‍රථම ස්වරූපය, පියාගේ ශිව ප්‍රතිමාව සමඟයි, මෙය අමිශ්‍ර භක්තිය ලෙස හැඳින්වෙයි. එබැවින්, භක්ති මාර්ගයේද, සාර්ථකත්වය හිමි වන්නේ, පරම පියා එක්කෙනෙකි යන මෙම එක ප්‍රතිපත්තිය මගිනි. මේ ආකාරයෙන් ඔබගේ සෑම ප්‍රතිපත්තියකින්ම ඔබ අඛණ්ඩව සාර්ථකත්වය අත්කර ගනි. නිදසුනක් ලෙස, මෙම ජීවිතයේ ප්‍රධාන ප්‍රතිපත්තිය පාරිශුද්ධත්වයයි. ඔය ජීවාත්ම, සෑම කලටම සාර්ථකත්වයේ ස්වරූපයක් ලෙස, අනාගත ආලෝක කිරුළ ලබා ගෙන තිබෙන්නේ මෙම පාරිශුද්ධත්වයේ ප්‍රතිපත්තිය තුළින්ය. මෙහි සිහිවටනය ද්විත්ව කිරුළ ලෙස පෙන්වා තිබේ. භක්තියේදි, ඔවුන්ගේ හදවත් වලින් නිවැරදි භක්තිය සිදුකරන ඕනෑම විටෙක, පාරිශුද්ධත්වය, ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිපත්තිය බව ඔවුන් සලකයි. පාරිශුද්ධත්වය නොමැතිව ඔවුන්ට භක්තියේ සාර්ථකත්වය ලබාගත නොහැකි බව ඔවුන්ට වැටහෙයි. තාවකාලික කාලයකට පමණක් වුවද, ඔවුන් භක්තියේ නියැලී සිටින කාල වකවානුවේදි ඔවුන් පාරිශුද්ධත්වය පවත්වාගනී. කෙසේ වුවද, ඔවුන් නියත වශයෙන්ම සාර්ථකත්වය සඳහා ක්‍රමවේදය පාරිශුද්ධත්වයයි යන ප්‍රතිපත්තිය අනුගමනය කරයි. ඒ අන්දමින්ම ඥානයේ සෑම ප්‍රතිපත්තියක්, ධාරණාවේ සෑම ප්‍රධාන ප්‍රතිපත්තියක් සහ සෑම ප්‍රතිපත්තියක්ම සාර්ථකත්වය සඳහා ක්‍රමවේදයක් වන්නේ කෙසේද ගැන සිතීමට, ඔබගේ බුද්ධිය භාවිත කරන්න. ඔබට මෙම ආවර්ජනය කිරීමේ ගෙදරවැඩ දෙනු ලබනවා. ඔබට ලබා දී ඇති නිදසුන් භාවිත කරමින් මේ ආකාරයෙන් සිතන්න.

ඔබ නීති සම්පාදකයන් මෙන්ම සාර්ථකත්වය පිරිනමන්නන්ද වනවා. මේ නිසයි අද පවා බැතිමතුන් කුමන සාර්ථකත්වයකට ආශා කරන්නේද, ඔවුන්ට එම විශේෂිත වූ සාර්ථකත්වය ලබා ගත හැකි බව ඔවුන් විශ්වාස කරන දේවතාවන්ට ඔවුන් වන්දනා කරයි. සාර්ථකත්වය පිරිනමන පරම පියා සමඟම ඔය දරුවන්ද සාර්ථකත්වය පිරිනමන්නන් වන බව ඔබ සලකනවාද? තමන්ම සියලු සාර්ථකත්වය ලබා ගෙන ඇති අයට පමණයි, අන් අයට සාර්ථකත්වය ලබා ගැනීමට උපකරණ විය හැක්කේ. සාර්ථකත්වය (සිද්ධි) නරක දෙයක් නොවෙයි, මන්ද ඔබගේ සාර්ථකත්වය, ගුප්ත බල (රිද්ධි-සිද්ධි) සමඟ කිසිම සම්බන්ධකමක් නැත. ගුප්ත බල, බලපෑමක් ඇති කරන්නේ තාවකාලික කාලයකට පමණයි. කෙසේවෙතත්, ඔබගේ සාර්ථකත්වය පදනම් වී ඇත්තේ නිවැරදි ක්‍රමවේදයකට අනුවයි, මන්ද, දේවමය ක්‍රමවේදයකින් අත්කර ගන්නා සාර්ථකත්වය, දේවමය සාර්ථකත්වයයි. පරමාත්ම දෙවියන් සදාතනික වන සේම දේවමය ක්‍රමවේද සහ ඒවායේ සාර්ථකත්වයද සදාකාලිකයි. තම ගුප්ත බල පෙන්වන අයට තිබෙන්නේ සීමිත දැනුමක් නිසා ඔවුන්ගේ සාර්ථකත්වය තාවකාලිකයි. කෙසේවෙතත්, ඔබගේ සාර්ථකත්වය, නිවැරදි ප්‍රතිපත්ති යන ක්‍රමවේදය භාවිත කරමින් ලබා ගන්නා සාර්ථකත්වයයි. මේ නිසයි ඔබ කල්ප භාගයකට සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති බවට පත් වන්නේ. ඉතිරි කල්ප භාගයේදි, ඔබගේ ප්‍රතිපත්ති තුළින් ඔවුන්ගේ හැකියාවට අනුව බැතිමත් ජීවාත්ම නොකඩවා ඵලය ලබාගන්නා අතර ඔවුන් සාර්ථකත්වයද ලබාගනී, මන්ද කාලයට අනුව භක්තියේ බලයද නොකඩවා අඩුවෙයි. වත්මන් බැතිමත් ජීවාත්මයන්ට වඩා, බැතිමත් ජීවාත්ම (තඹ යුගයේ) ඔවුන්ගේ සතෝප්‍රධාන් භක්තියේ බලය තුළින් වැඩි සාර්ථකත්වයක් අත්විඳියි. වත්මන් කාලයේ භක්තිය තමෝප්‍රධාන් නිසා, නිවැරදි ප්‍රතිපත්ති නොමැති අතර කිසිදු සාර්ථකත්වයක්ද නොමැත.

එබැවින් ඔබ කවුරුන්ද යන්න ගැන, ඔබට එතරම්ම කුල්මත් බවක් තිබෙනවාද? ඔබ සෑම විටම ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ව-අභිමන් අසුනේ අසුන්ගෙන සිටිනවාද? මෙම අසුන බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔබ මෙම මනෝ ස්ථීතිය නම් අසුනේ තැන්පත්ව සිටින විට, ඔබ නැවත නැවතත් අප්සෙට් නොවෙයි. මෙය ඔබගේ තානාන්තරයයි, එහෙම නේද? ඔබගේ තානාන්තරය කෙතරම් ශ්‍රේෂ්ඨද නීති සම්පාදකයන්, සාර්ථකත්වය පිරිනමන්නන්! ඔබ මෙම තානාන්තරයේ ස්ථාවරව රැඳී සිටින විට, මායාට එදිරිවාදිකම් කිරීමට නොහැකි වෙයි. ඔබ නිරතුරුවම ආරක‍්ෂිත වෙයි. ඔබ අප්සෙට් වීමට හේතු වන්නේ ඔබගේ ශ්‍රේෂ්ඨ අවධාන අසුනේ සිට ඔබ සාමාන්‍ය අවධානයකට යාමයි. ස්මරණයේ සිටීම සහ සේවය කිරීම, ඔබගේ කාල සටහනේ සාමාන්‍ය දින චර්යාවක් බවට පත් වනවා. කෙසේවෙතත්, ඔබ ස්මරණයේ අසුන්ගන්නා විට, ඔබගේ එක් හෝ තව ශ්‍රේෂ්ඨ ස්ව-අභිමන් ස්වරූප අසුනේ අසුන් ගන්න. ඔබ නිකම්ම ඇඳෙන් නැගිට, යෝගාව සිදුවන ස්ථානයක, භාවනා කාමරයේ හෝ බාබාගේ කාමරයට ගොස් අසුන් ගැනීම හෝ ඔබ මුළු දවස පුරාම යෝගාවේ අසුන් ගෙන සිටීම නොවෙයි, සිදු විය යුත්තේ. ඔබගේ සිරුරට අසුන්ගැනීමට ඔබ නිසි ස්ථානයක් ලබා දෙන සේම, ප්‍රථමයෙන්ම ඔබගේ බුද්ධියට හොඳ ස්ථීතියක ස්ථානයක් ලබා දෙන්න. ප්‍රථමයෙන් ඔබගේ බුද්ධියට නිසි ස්ථානයක් ලබා දී තිබේද කියා පරීක‍්ෂා කර බලන්න. නිවැරදි අසුනෙන් ඔබට ඉබේටම එම දේවමය කුල්මත් බව ඇති වෙයි. මෙකල මිනිසුන් ඔවුන්ගේ පුටුවේ (තත්ත්වයේ) කුල්මත් බව ගැන කතා කරයි. ඔබගේ අසුන, ශ්‍රේෂ්ඨ මනෝ ස්ථීතියකි. විටෙක, තමන්ව මාස්ටර් බීජයක ස්ථීතියේ ඉඳුවා තබන්න විටෙක අව්‍යක්ත සුරදූත අසුනේ අසුන්ගන්න විටෙක ලොවට සෙත සලසන්නෙකුගේ අසුනේ අසුන්ගන්න. දිනපතාම ඔබව මේ අන්දමින් විවිධ ස්ථීතියන්ගේ අසුනේ ඉඳුවන්න.

කෙනෙක් තම අස්නේ නිසි අන්දමින් අසුන්ගෙන නැත්නම්, ඔහු ස්ථාවර නැත. විටෙක ඔහු එක් දිසාවකටද තවත් විටෙක තව දිසාවකටද ඇදෙයි. ඒ අන්දමින්ම, ඔබගේ අසුනේ ඔබ තැන්පත් වී නැත්නම් ඔබගේ බුද්ධියට බාධා ඇති වෙයි. ඔබ සියලු දෙනාම තමන් මෙය සහ එය බව දන්නවා. ඔබගෙන් දැන් මෙසේ විමසන්නේ නම්, ඔබ කවුද? ඉතා හොඳ දිග ලැයිස්තුවක් මතු වෙයි. කෙසේවෙතත්, සෑම මොහොතකදීම තමන් කවුරුන්ද කියා හැඳිනගෙන ඇති එය, බව සලකන්න. තමන්ව හැඳිනගෙන සිටීම පමණක් නොව නමුත් තමන් එය බව පිළිගන්න, මන්ද තමන්ව හැඳින ගැනීමෙන් ඔබ සූක‍්ෂම සතුටේ රැඳී සිටිවි ඔව්, මම මෙයයි. කෙසේවෙතත්, තමන් එය බව පිළිගැනීමෙන් ඔබට බලය ලැබෙන අතර තමන් එය බව සලකා ගමන් කිරීමෙන් ඔබ තුළ කුල්මත් බවද තිබෙයි. එය තානාන්තරයක් ඇති කෙනෙක් ඔහුගේ අසුනේ අසුන් ගත් විට, ඔහුට සතුට තිබෙන නමුත් එම බලය නොමැති සේය. එබැවින් ඔබද දන්නා නමුත්, තමන් එය බව සලකා ඔබ ගමන් කළ යුතු අතර නැවත නැවතත් තමන්ගෙන් විමසා මෙය පරීක‍්ෂා කළ යුතුයි මා මගේ අසුනේ තැන්පත්ව සිටිනවාද නැත්නම් මා සාමාන්‍ය ස්ථීතියකට පහළට ඇවිත්ද? අන් අයට සාර්ථකත්වය ලබා දෙන අය, අනිවාර්යෙන් සෑම සිතිවිල්ලකින් සහ ක්‍රියාවකින් සාර්ථකත්වයේ ප්‍රතිරූප බවට පත් වෙයි ඔවුන් දානපතියන් වෙයි. සාර්ථකත්වය දානය කරන්නන්, ඔවුන් දරණ උත්සාහ හෝ සිදු කරන අපහසු කාර්යයන් තුළින් එතරම් සාර්ථකත්වයක් දැක ගත නොහැකි බව හෝ ඔවුන්ගේ ස්මරණ අභ්‍යාසය තුළින් එතරම් සාර්ථකත්වයක් අත්නොවිඳින බව, කිසිම විටෙක නොසිතයි. එසේ නම්, ඉන් කියැවෙන්නේ, ඔවුන් තම අසුනේ අසුන්ගන්නා ක්‍රමවේදය නිවැරදි නොවන බවයි.

ඥානය විනෝද ජනක වන අතර, විනෝදාත්මක අත්දැකීම්, ඉබේටම අලසකම පලවා හරියි. සමහරු පවසන්නේ සාමාන්‍යයෙන් නින්ද නොඑන නමුත් මා යෝගාවේ අසුන් ගන්නා විට, මට නිදිමත දැනෙයි. මෙසේ සිදුවන්නේ ඇයි? ඔබ වෙහෙසට පත්ව සිටිනවා නොවෙයි, නමුත් ඔබගේ බුද්ධිය, විනෝදාත්මක සහ ස්වභාවික ආකාරයකින් එහි අසුනේ ඔබ තැන්පත් නොකරයි. එබැවින් එය එක් ආකාරයකට පමණක් තැන්පත් නොකරන්න, නමුත් විවිධ ආකාර වලින් තැන්පත් කරන්න. එකම දේ විවිධ ආකාර වලින් භාවිත කරන විට, එය වෙනස් වන විට, ඔබගේ හදවත සතුටු වෙයි. යම් දෙයක් කෙතරම් රසවත් වුණත්, ඔබ එකම දේ නැවත නැවතත් කන්නේ නම්, කුමක් සිදුවෙයිද? ඒ ආකාරයෙන්ම බීජ ස්වරූපය වන්න විටෙක ප්‍රදීපාගාරයක ස්වරූපය අත්දකින්න, විටෙක බලාගාරයක්, විටෙක ගස මුදුනේ බීජය වන්න, තවත් විටෙක කල්ප චක්‍රය මුදුනේ සිටගෙන සියලු දෙනාටම බලය ලබා දෙන්න. දිනපතාම ඔබට ලැබී ඇති විවිධ නම්බු නාම විවිධ ආකාර වලින් අත්දකින්න. ඇතැම් විට මෙම ස්වරූපය අත්විඳින්න: බාබාගේ දෑසේ මැණික වන මා, පියාගේ දෑස් තුළ මුසු වී සිටියි. විටෙක නළලේ මාණික්‍යය වන්න. විටෙක හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින්න. විවිධ ස්වරූප අත්දකින්න. විවිධත්වය ඇති කරගන්න එවිට ඔබ ආස්වාදයක් ලබයි. බාප්දාදා දිනපතාම මුරලියේ ඔබට විවිධ නම්බු නාම ලබා දෙනවා. ඔහු මෙසේ කරන්නේ ඇයි? ඔබට තමන්ව එම ආසන වල අසුන් ගැන්වීමට හැකි වන පරිදියි. විටින් විට මෙය පරීක‍්ෂා කර බලන්න. ඔබට මෙය අමතක වන අන්දම ගැන සහ පැය හයක් හෝ අටක් ගෙවී ගිය පසු, ඔබ ඒ ගැන සිතන බව, ඔබ මින් පෙර අසා තිබේ. දවසින් භාගයක්ම ගෙවී ගොස් ඇති බව ඔබ අසතුටට පත් වන්නේ මේ නිසයි. මෙය ස්වභාවික පුහුණුවක් බවට පත් කරගන්න, මන්ද, එවිට පමණයි ඔබට නීති දානපතියන් සහ සාර්ථකත්වය දානය කරන්නන් වී, ලෝකයේ සියලුම ජීවාත්මයන්ට යහපතක් සිදු කිරීමට හැකි වන්නේ. ඔබට වැටහෙනවාද? අච්චා.

අද, මධුබාන් නිවැසියන් වෙනුවෙන් දිනයයි. ද්විත්ව විදේශිකයන් ඔවුන්ගේ වෙලාවෙන් ඔබට අවස්ථාවක් ලබා දීම හොඳයි, මන්ද, මධුබාන් නිවැසියන් දැකීමට ඔවුන් සතුටු වනවා. මධුබාන් නිවැසියන් පවසන්නේ අපට ප්‍රශංසා නොකරන්න අප බොහෝ ප්‍රශංසා අසා ඇත. ඔබගේ ප්‍රශංසාව අසා ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වනවා, මන්ද, එම ප්‍රශංසාව ඉන්පසුව පලිහක් බවට පත්වනවා. සටන් බිමක, පලිහක් ආරක‍්ෂක මෙවලමක් වන සේම, මෙම ප්‍රශංසාව, ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබට මතක් කර දෙයි. මධුබාන් නිකම්ම මධුබාන් නොවෙයි, නමුත් මධුබාන් ලෝක වේදිකාවකි. මධුබාන් වල වාසය කිරීම යනු, ලෝක වේදිකාවක් මත වාසය කිරීමය. වේදිකාවක් මත සිටින අය බොහෝ අවධානය යොමු කරයි. සාමාන්‍ය ලෙසින්, මිනිසුන් කොහේ වාසය කළත් ඔවුන් එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. කෙසේවෙතත්, කෙනෙක් වේදිකාවක් මතට ගිය විට, සෑම විටම, සෑම ක්‍රියාවකම එතරම්ම අවධානයක් යොමු කරනු ඇත. මධුබාන් ලෝක වේදිකාවකි. සෑම තැනකම සිටින ජීවාත්මයන්ගේ ද්‍රිෂ්ඨිය තිබෙන්නේ මධුබාන් මතයි. කොහොමත්, සියලු දෙනාගේ අවධානය, සෑම විටම වේදිකාව මත යොමු වී තිබේ. එබැවින් මධුබාන් නිවැසියන්, ලෝක වේදිකාව මත නිරන්තරයෙන් ස්ථාවරව රැඳී සිටින අයයි.

ඒ සමඟම මධුබාන් අසහාය අර්ධ ගෝලයක්ද (dome) වෙයි. මෙම අර්ධ ගෝලය තුළ සිදු කරන කුඩාම ශබ්දය වුවද දෝංකාර දෙයි. මධුබාන් කෙතරම් අසහාය අර්ධගෝලයක්ද යත්, මධුබාන්වල සුළු හඬක් පවා මුළු ලෝකයටම ලඟා වෙයි. මෙකල එවන් සිහිවටන ස්ථාන තිබේ, (නමින් පමණක්) එහිදි ඔබ එක බිත්තියක් ස්පර්ෂ කළොත් හෝ එක් බිත්තියක් මත තට්ටු කළොත් බිත්ති දහයකින් දෝංකාර රළ ඇති වී, එය ඇසෙන්නේ කෙනෙක් එම බිත්තිය මතම තට්ටු කරන සේය. එබැවින් මධුබාන් එවන් අසහාය අර්ධගෝලයකි, එහි හඬ මධුබාන් වල පමණක් නොව නමුත් සෑම දිශාවකම පැතිරෙයි. මධුබාන් වල වාසය කරන අයට එය නොදැනෙන නමුත් එය එවන් අන්දමකින් විහිදී යයි. එහි අසහාය බව මෙය වන අතර එය පිටත සෑම තැනකම විහිදී යන්නේ මේ නිසයි. එබැවින් මෙහි සිදුවන කුමක් වුවද, මෙහි පමණක් ඇති බව හෝ මෙහි දකින දේ මෙහි පමණක් දකින බව හෝ පවසන දේ මෙහි පමණක් තිබෙන බව කිසිම විටෙක නොසිතන්න. කෙසේවෙතත්, හඬ, සුලඟේ වේගයෙන් ලෝකයට ලඟා වෙයි, මන්ද, සියලු දෙනාගේ ද්‍රිෂ්ඨිය සහ බුද්ධිය සෑම විටම මධුබාන් සහ මධුබාන්හි බාප්දාදා වෙත යොමු වී තිබේ. මධුබාන්හි පියා ඔබගේ ද්‍රිෂ්ඨිය තුළ සිටියි එබැවින් මධුබාන්ද ඔබගේ ද්‍රිෂ්ඨිය තුළ තිබෙයි, එහෙම නේද? මධුබාන්හි බාබා මෙහි සිටියි නම්, මධුබාන්ද මෙහි තිබිය යුතුයි. මධුබාන් වල ඇත්තේ බාබා පමණක් නොව, නමුත් දරුවන්ද සිටියි. එබැවින් මධුබාන් නිවැසියන් ඉබේටම සියලු දෙනාගේ ද්‍රිෂ්ඨිය තුළ සිටියි. ඔවුන් කෙතරම් දුර වාසය කළත්, ඕනෑම බ්‍රහ්මිණ් කෙනෙක්ගෙන් ඔහු සිහි කරන්නේ කුමක්ද කියා විමසන්න. ඔවුන් සිහි කරන්නේ මධුබාන් සහ මධුබාන්හි බාබාවයි. මධුබාන් නිවැසියන්ට බොහෝ වැදගත්කමක් තිබේ! ඔබට වැටහෙනවාද? අච්චා.

සේවය වෙනුවෙන් උනන්දුව සහ උද්යෝගය පවත්වාගන්නා සෑම තැනකම සිටින සියලු දෙනාට, ඒකායන පියා කෙරෙහි නිරතුරුවම සෙනෙහසේ ගැලී සිටින අයට, සෑම ක්‍රියාවකින්ම ශ්‍රේෂ්ඨ ක්‍රමවේද භාවිත කිරීමෙන් නිරන්තරයෙන් සාර්ථකත්වය අත්දකින අයට, තමන් ලොවට යහපත සලසන්නන් බව නිරන්තරයෙන් අත්දකින සහ තම සෑම සිතිවිල්ලකින් සහ වදනකින්ම, ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින් සේවය කිරීමේ කාර්යබහුලව රැඳී සිටින අයට, පියා හා සමාන, නිරන්තරයෙන් වෙහෙස නොබලන සේවාධාරී දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

පෞද්ගලික හමුවීම්

1. තමන් ශ්‍රේෂ්ඨ කර්මයෝගී ජීවාත්ම බව ඔබ අත්දකිනවාද? කර්මයෝගී ජීවාත්මයක් ක්‍රියාවන්හි ක‍්ෂණික ඵලය ස්වභාවික ආකාරයකින් නිරන්තරයෙන් අත්විඳියි. ක‍්ෂණික ඵලය වන්නේ සතුට සහ බලයයි. එබැවින් කර්ම යෝගී ජීවාත්මයක් යනු, සතුට සහ බලයේ ක‍්ෂණික ඵලය අත්විඳින ජීවාත්මයකි. පරම පියා ඔය දරුවන්ට ක‍්ෂණික ඵලය ලබාගැනීමට නිරන්තරයෙන් මඟපාදයි. එක විනාඩියකදි ඔබ ක්‍රියාව සිදු කරයි, එමෙන්ම ක්‍රියාව සිදු කරන අතර ඔබ සතුට සහ බලය අත්විඳියි. එබැවින් නිරන්තරයෙන් මෙම අවධානයෙන් අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න මා එවන් කර්මයෝගී ජීවාත්මයක්.

2. අසීමිත සේවය සිදු කිරීමෙන් ඔබ ඉබේම අසීමිත සතුට අත්විඳියි, එහෙම නේද? අසීමිත පියා ඔබට අසීමිතභාවය වෙනුවෙන් සියලු අයිතීන් ලබා දෙයි. ඔබ සිදුකරන අසීමිත සේවයේ ඵලය ලෙසින් ඔබට ඉබේටම රාජධානියේ අසීමිත භාග්‍යය හිමි වෙයි. ඔබ අසීමිත ස්ථීතියක ස්ථාවරව රැඳී සිට සේවය සිදු කරන විට, ඔබ උපකරණ බවට පත්වන අයගෙන් ඔබට ලැබෙන සුබ පැතුම්, ඔබට ඉබේටම බලයේ සහ සතුටේ අත්දැකීම ලබා දෙයි. ඔබ ඕනෑම තැනක අසුන්ගෙන සිටින විට ඔබට අසීමිත සේවයේ ඵලය ලැබෙයි. මෙම අසීමිත කුල්මත් බවින් ඔබගේ අසීමිත ගිණුමේ රැස්කරගෙන නොකඩවා ඉදිරියට ගමන් කරන්න.

වරදානය:
ඔබ තත්පරයකදි ඔබගේ සිරුර නමැති පැළඳුමෙන් වෙන් වීමෙන්, සියලු බලයන්ගෙන් පිරිපුන් වී, කර්මයේ විඳවීමෙන් නිදහස ලබත්වා.

කර්මයේ විඳවීමේ ඇද ගැනීම ඇති විට, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබව කර්මයේ විඳවීම වෙතට ඇද ගනී. ඒ වෙලාවේ එම විඳවීමේ බලපෑම නිසා, බොහෝ වේදනාවක් තිබෙන විට, කර්මයේ විඳීම, (කර්ම භෝග්) කර්මයෝගාවට පරිවර්ථනය කරන අය, ඔවුන්ගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් කර්මයේ විඳීම, නොබැඳි නරඹන්නන් ලෙසින් ගෙවා දමන අය, සියලු බලයන්ගෙන් පිරිපුන් ජයග්‍රාහි අෂ්ඨ මාණික්‍යය ලෙස හැඳින්වෙයි. මේ සඳහා සිරුරේ ඇඳුමෙන් වෙන්ව සිටීම, දීර්ඝ කාලයක් පුරා පුහුණු වන්න. ලෝකයේ හෝ මායාගේ ආකර්ෂණය නිසා ඔබගේ පැළඳුම තද නොවිය යුතුයි, එනම් එය ඔබව ඇද නොගත යුතුයි. එය පහසුවෙන් ගලවා දැමීමට හැකි වන්නේ එවිට පමණයි.

පාඨය:
සියලු දෙනාගේ ගෞරවය ලබාගැනීම සඳහා, නිරහංකාර හදවතක් ඇති කරගන්න, නිරහංකාරකම ශ්‍රේෂ්ඨත්වයේ ලක‍්ෂණයකි.