12.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා පැමිණ ඇත්තේ ඔබට පිහිනන අන්දම ඉගැන්වීමටයි. මෙය ඉගෙන ගැනීමෙන් ඔබ මෙම ලෝකයෙන් එගොඩට ගෙන යන අතර ලෝකය ඔබ වෙනුවෙන් පරිවර්ථනය වෙයි.

ප්‍රශ්නය:
පරම පියාගේ දරුවන් ලබා දෙන උදව් වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ කුමක්ද?

පිළිතුර:
මේ කාලයේ ඔහුගේ උදව්කරුවන් වන දරුවන් කුමන අන්දමකට පරම පියා පත් කරන්නේද යත්, ඔවුන්ට චක්‍රයෙන් භාගයකට උදව් හෝ අවවාද ගැනීමට උවමනා වන්නේ නැත. ඔහු එතරම් ශ්‍රේෂ්ඨ පියෙක්! ඔහු පවසන්නේ දරුවනි, ඔබ මගේ උදව්කරුවන් නොවුණේ නම්, මා දෙව්ලොව ස්ථාපනය කරන්නේ කෙසේද?

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා විස්තර කරන්නේ ඉතා මිහිරි, අංකානුසාරයෙන් සිටින, ඉතාමත්ම සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ටයි. බොහෝ දරුවන් නුවණ නැති අය වී ඇත. රාවණ් ඔබව මහා අනුවණයින් බවට පත් කර ඇත. දැන් අපව බොහෝ සේ නුවණ ඇති අය බවට පත් කරවනු ලබයි. කෙනෙක් ඉන්දියානු සිවිල් සේවය සඳහා විභාගය සමත් වූ විට, ඔහු සිතන්නේ ඔහු ඉතා උසස් විභාගයක් සමත් වී ඇත කියායි. ඔබ සමත් වන විභාගය කෙතරම් උසස්ද කියා බලන්න! ඒ ගැන ටිකක් සිතා බලන්න. ඔබට උගන්වන්නේ කවුද? ඉගෙන ගන්නා අය කවුරුන්ද? සෑම චක්‍රයකදීම, සෑම වසර 5000 කට වරක්, ඔබ නොකඩවා පියාව, ගුරුවරයාව සහ ගුරුව නැවත වතාවක් හමු වන විශ්වාසය ඔබට තිබේ. උසස්ම-උසස් පරම පියාගෙන් ඔබට ලැබෙන උරුමය කෙතරම් උසස් එකක්ද කියා ඔය දරුවන් පමණයි දන්නේ. ගුරුවරයා ඔබට ඉගැන්වීමෙන් උරුමයක් ලබා දෙයි. ඔහු ඔබට උගන්වා, තවද ඔබට පාලනය කිරීම සඳහා, මෙම ලෝකය අළුත් ලෝකයක් බවට පරිවර්ථනය කරයි. භක්ති මාර්ගයේදී ඔවුන් බොහෝ සේ ඔහුගේ ප්‍රශංසාව ගායනය කරයි. ඔබගේ උරුමය ඔබ ඔහුගෙන් ලබා ගනී. පැරණි ලොව වෙනස් වන බව ඔය දරුවන්ද දනී. ඔබ සියලු දෙනාම ශිව් බාබාගේ දරුවන් බව ඔබ කියයි. පැරණි ලොව අළුත් කිරීම සඳහා පරම පියා මෙහි පැමිණිය යුතුයි. ත්‍රිමූර්ති පිංතූරයේ, නව ලොවෙහි ස්ථාපනය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් සිදුවන බව පෙන්වා තිබේ. එබැවින් බ්‍රහ්මිණ්වරුන්, බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණය, අනිවාර්යෙන් අවශ්‍යයි. බ්‍රහ්මා නව ලොව ස්ථාපනය කරන්නේ නැත. නිර්මාණකරු පරම පියායි. ඔහු පවසන්නේ මා පැමිණ උපායශීලීව පැරණි ලොවෙහි විනාශය දිරිමත් කොට, නව ලොව නිර්මාණය කරන්නෙමි. නව ලොවෙහි වාසය කරන්නේ ඉතාම ටික දෙනෙකි. රජය ජනගහණය පාලනය කිරීමට උත්සාහ ගනී. කෙසේවෙතත්, එය දැන් අඩු විය නොහැක. යුද්ධ වලදී මිලියන ගණනින් මිය ගියත්, ජනගහණය වැඩි වීම නොකඩවා සිදු වෙයි. මෙය වැටහෙන්නේ ඔබට පමණයි. ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ඔබගේ බුද්ධීන් තුළ ඇත. තමන් ශිෂ්‍යයින් බව ඔබ සළකයි. ඔබ පිහිනීමටද ඉගෙන ගනී. මාගේ ඔරුව එගොඩ කරන්න යැයි මිනිසුන් කියති. හොඳින් පිහිනීමට ඉගෙන ගන්නා අය බොහෝ ප්‍රසිද්ධියට පත්වෙයි. ඔබ පිහිනන දෙස දැන් බලන්න! ඔබ සම්පූර්ණයෙන්ම ඉහළට ගොස් ඉන්පසු මෙහි පහළට පැමිණෙයි. ඔවුන් සැතපුම් කීයක් ඉහළට ගියාද කියා කියයි. ඔය ජීවාත්මයන්ද බොහෝ සැතපුම් ප්‍රමාණයක් ඉහළට යයි. එය ගණන් බැලිය හැකි භෞතික දෙයකි. ඔබට එය ගණන් බැලිය නොහැක. ඉර, හඳ ආදිය නොමැති නිවහනට ඔබ ආපසු යන බව ඔය ජීවාත්මයන් දන්නවා. එය ඔබගේ නිවහනය යන සතුට ඔබට තිබේ. අප එම ස්ථානයේ වැසියන්ය. විමුක්තියේ දේශයට යාමට මිනිසුන් භක්තියේ යෙදී උත්සාහ දරන මුත්, එහි යාමට කිසිවෙකුට හැකි වී නැත. ඔවුන් විමුක්ති දේශයේදී දෙවියන් මුණ ගැසීමට උත්සාහ දරයි ඔවුන් විවිධ ක්‍රම භාවිත කරයි. ඔවුන් ආලෝකයට මුසු වන බව සමහරුන් කියයි. තමන් විමුක්ති දේශයට යන බව සමහරුන් කියයි. එහෙත් කිසිවෙකු විමුක්ති දේශය නොදනී. බාබා පැමිණ සිටින බවත් ඔහු අපව ඔහුත් සමඟ නිවහනට රැගෙන යන බවත් ඔය දරුවන් දන්නවා. සුමිහිරි බාබා පැමිණ, ඔහුත් සමඟ නිවහනට ගෙන යාමට සුදුස්සන් බවට අපව පත් කරවමින් සිටියි. මේ සඳහා චක්‍රයෙන් භාගයක්ම අපි උත්සාහ දරමින් සිටියත්, එතරම් සුදුසු වීමට අපට නොහැකි විය. කිසිවෙකුට ආලෝකයත් සමඟ මුසු වීමට වත්, විමුක්තියේ දේශයට යාමට වත්, සදාකාලික විමුක්තිය ලබා ගැනීමටවත් නොහැක. ඔවුන් දැරූ සෑම උත්සාහයක්ම අපතේ ගියේය. බ්‍රහ්මිණ් වංශයේ සැරසිල්ල වන ඔබගේ උත්සාහය දැන් ඵල දරන්නේය. මෙම නාටකය නිර්මාණය වී තිබෙන්නේ කෙසේද? ඔබට දැන් පරමාත්ම දෙවියන් හඳුනන අය යැයි කියයි. ඔබ පරම පියාව ඉතා හොඳින් දන්නා අතර, පරම පියාගෙන් ලෝක චක්‍රය පිළිබඳව ද ඉගෙන ගෙන ඇත. පරම පියා පවසන්නේ විමුක්තිය හෝ ජීවනමුක්තිය පිළිබඳ ඥානය කිසිවෙකුට නොමැත. දෙවි දේවතාවරුන්ටවත් එය නොමැත. කිසිවෙකු පරම පියාව නොදනී. එබැවින් ඔහු කිසිවෙකු ආපසු රැගෙන යන්නේ කෙසේද? ගුරූන් බොහෝ දෙනෙක් සිටින අතර, බොහෝ දෙනෙක් ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙයි. ශිව් බාබා සැබෑ සත්ගුරුය. ඔහුට දෙපා නොමැත. ඔහු පවසන්නේ මට දෙපා නොමැත. මා කෙසේද වන්දනා කරවා ගන්නේ? දරුවන් ලොවෙහි අධිපතියන් වෙයි, ඉතිං කෙසේද මා ඔවුන් ලවා මට වන්දනා කරවා ගන්නේ? භක්ති මාර්ගයේදී දරුවන් තම පියා ඉදිරියේ දණ නමයි. ඇත්ත වශයෙන්ම දරුවන් තම පියාගේ බූදලයට මාස්ටර්වරුන්ය. කෙසේවෙතත්, ඔවුන් තම නිහතමානිත්වය පෙන්වයි. කුඩා දරුවන් වුවද ඔවුන්ගේ දෙපා මුල වැටෙයි. මෙහිදී පරම පියා පවසන්නේ මා ඔබව මගේ දෙපා මුල දණ ගැසීමෙන් නිදහස් කරන්නෙමි. ඔහු එතරම් ශ්‍රේෂ්ඨ පියෙකි! ඔහු පවසන්නේ ඔය දරුවන් මගේ උදව්කරුවන්ය. ඔබ මගේ උදව්කරුවන් නොවුණේ නම් මම දෙව්ලොව ස්ථාපනය කරන්නේ කෙසේද? පරම පියා පවසන්නේ දරුවනි, ඔබ මාගේ උදව්කරුවන් වන්නේ මේ කාලයේදිය. මම ඔබව කිසිවෙකුගෙන් උදව් නොගන්නා තත්ත්වයට පත් කරවන්නෙමි. ඔබට කිසිවෙකුගේ උපදෙස් ගැනීමට ද උවමනා වන්නේ නැත. මෙහිදී පරම පියා දරුවන්ගේ උදව් ගනී. ඔහු පවසන්නේ දරුවනි, දැන් අපවිත්‍ර නොවන්න! දැන් මායාට පරාජය නොවන්න. නැත්නම් ඔබ නාමයට නින්දා ගෙන එයි. බොක්සිං තරඟයකදී දිනුම්කරුවාට ප්‍රශංසා කරන අතර පරාජය වුණු තැනැත්තාගේ මුහුණ සුදුමැලි වෙයි. මෙහිද සමහරු පරාජය වෙයි. මෙහි පරාජය වන අයට කියන්නේ ඔවුන් තම මුහුණු කිලිටි කර ගෙන ඇත. ඔවුන් මෙහි පැමිණියේ ලස්සන වීමටයි, ඒ වෙනුවට ඔවුන් කළේ කුමක්ද? ඔවුන් මෙතෙක් උපයා ගත් සියල්ලම විනාශ වී ඇති අතර, මුල සිට නැවත ඔවුන් පටන් ගත යුතුයි. පරම පියාගේ උදව්කරුවන් වීමෙන් පසු, ඔවුන් පරාජය වී පියාගේ නමට නින්දා ගෙන එයි. පක‍්ෂ දෙකක් තිබේ 1) මායාගේ වහලුන් සහ 2) පරමාත්ම දෙවියන්ගේ සේවකයන්. ඔබ පරමාත්ම දෙවියන්ට ආදරය කරයි. මෙසේ සිහිපත් කෙරේ විනාශය සිදුවන කාලයේ තම බුද්ධිය තුළ සෙනෙහස නොමැති අය... ඔබට සෙනෙහස ඇති බුද්ධීන් තිබේ. එබැවින් ඔබ නමට නින්දා නොකළ යුතුයි. ඔබට සෙනෙහස ඇති බුද්ධීන් තිබෙන බැවින්, ඔබ මායාට පරාජය වන්නේ ඇයි? පරාජය වන්නන් දුක අත්විඳී. ජය ලබන්නන්ට මිනිසුන් අත්පුඩි ගසමින් ප්‍රශංසා කරයි. ඔය දරුවන් බොහෝ සෙයින් ශක්තිමත් බව සහ අනිවාර්යෙන්ම මායා පරාජය කළ යුතු බව ඔය දරුවන්ට වැටහෙයි. පරම පියා පවසන්නේ තමන්ගේ ශරීරය ඇතුළුව, ඔබ දකින සෑම දෙයක්ම අමතක කර දමන්න. නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න. මායා ඔබව සතෝප්‍රධාන් සිට තමෝප්‍රධාන් තත්ත්වයට පත් කොට ඇත. ඔබ දැන් නැවත වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ දැන් මායා ජය ගැනීමෙන් ලෝකය ජයගත යුතුයි. මෙය ජය සහ පරාජය, සතුට සහ දුක පිළිබඳ නාටකයකි. රාවණ් ගේ රාජධානියේ පරාජය සිදුවේ. පරම පියා දැන් ඔබව පවුමක් වටිනා අය බවට පත් කරවයි. පවුමක් තරම් වටිනා එකම එක උපන් දිනය ශිවා ගේ උපන් දිනය බව බාබා විස්තර කර තිබේ. ඔය දරුවන් දැන් ලක‍්ෂ්මි සහ නාරායන් මෙන් විය යුතුයි. එහි සෑම නිවසකම දීපමාලා ඇත සෑම කෙනෙකුගේම ආලෝකය දැල් වී තිබේ. ඔබගේ ආලෝකය දැල්වෙන්නේ ප්‍රධාන බලාගාරයෙනි. බාබා මෙතැන අසුන් ගෙන බොහෝ පහසුවෙන් විස්තර කරයි! පරම පියා හැරුණු කොට වෙන කවුරුන්ද මෙසේ කියන්නේ සුමිහිරි, දයාබර, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවනි? ආධ්‍යාත්මික පියා පවසන්නේ ඔහෝ මගේ සුමිහිරි ලස්සන දරුවනි, ඔබ චක්‍රයෙන් භාගයක් භක්තියේ යෙදී සිටියේය. කෙසේවෙතත්, ඔබගෙන් එක් කෙනෙකුටවත් ආපසු නිවහනට යෑමට තවමත් නොහැක. පරම පියා පැමිණි විට පමණයි ඔහුට සියල්ලන්වම ආපසු නිවහනට රැගෙන යාමට හැකි වන්නේ. ඔබට සංගම් යුගය ගැන ඉතා හොඳින් විස්තර කළ හැක පරම පියා පැමිණ සියලුම ජීවාත්මයන්ව ආපසු නිවහනට ගෙන යන අන්දම ගැන. මෙම අසීමිත නාටකය ගැන ලොවෙහි කිසිම කෙනෙක් දන්නේ නැත. මෙය අසීමිත නාට්‍යයකි. ඔබට පමණයි මෙය වැටහෙන්නේ වෙන කිසිවෙකුට මෙසේ කිව නොහැක. මිනිසුන් අසීමිත නාටකයක් ගැන කතා කරන්නේ නම්, ඔවුන් නාටකය විස්තර කරන්නේ කෙසේද? මෙහිදී උපත් 84 චක්‍රය පිළිබඳ ඥානය ඔබට ලැබෙයි. ඔය දරුවන්ට දැන් මෙම ඥානය තිබේ එබැවින් ඔබ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. පරම පියා සෑම දෙයක්ම ඉතා පහසුවෙන් ඔබට විස්තර කරයි. ඔබ භක්ති මාර්ගයේදී බොහෝ සෙයින් ඉබාගාතේ ගියේය. ඔබ ස්නානය කිරීමට කෙතරම් දුර ගියාද! එක්තරා පොකුණක් ගැන මෙසේ කියැවේ එහි නෑමෙන් ඔබ සුරදූතිකාවක් වන්නේය. දැන් ඔබ ඥාන සාගරයෙහි නෑමෙන් කුමාරිකාවන් බවට පත්වන්නේය. බොහෝ මෝස්තර දමන කෙනෙක් සුරදූතිකාවක් වගේ පෙනෙන බව කියයි. ඔබ දැන් මුතු මැණික් බවට පත්වෙමින් සිටියි. මනුෂ්‍යයින්ට ඉගිලෙන්නට හැකි තටු ආදිය තිබිය නොහැක. ඔවුන්ට එසේ ඉගිලිය නොහැක. ඉගිලෙන්නේ ජීවාත්මයන්ය. රොකට් ලෙසින්ද හඳුන්වන ජීවාත්මයන් ඉතාමත්ම කුඩායි. සියලුම ජීවාත්ම ආපසු නිවහනට යන විට, ඔබට එහි දර්ශන දැක ගැනීමට හැකියාවක් තිබේ. බුද්ධියෙන් වටහා ගෙන විනාශයේ දර්ශන දැක ගැනීමට හැකි බව ඔබ කතා කරන අන්දමටම, ජීවාත්ම රැලක් වශයෙන් ආපසු නිවහනට යන අන්දමද දැක ගැනීමට හැක. හනුමාන්, ගනේෂ් ආදිය සැබවින්ම නොසිටියත්, තමන්ගේ ආදර භක්ති පූර්වක හැඟීම් වලට අනුව, මිනිසුන්ට ඔවුන්ගේ දර්ශන ලැබෙයි. බාබා නිකම්ම තිතකි. ඔබ ඔහු ගැන විස්තර කරන්නේ කෙසේද? ජීවාත්මයක් යනු මෙම දෙනෙත් වලට නොපෙනෙන කුඩා තරුවක් යැයි කියැවේ. ක්‍රියා සිදු කරන ශරීරය ඉතා විශාලයි. ජීවාත්ම ඉතා කුඩා වුවත් උපත් 84ක චක්‍රය එය තුළ පටි ගත වී තිබේ. ඔබ උපත් 84ක් ගන්නා අන්දම ගැන එකදු මනුෂ්‍යයෙකුගේවත් බුද්ධියේ නොමැත. සෑම ජීවාත්මයක් තුළම චරිතයක් පටිගත වී ඇති අන්දම ආශ්චර්යකි. ශරීර ගෙන තමුන්ගේ චරිත රඟපාන්නේ ජීවාත්මයන්ය. එම නාට්‍ය සීමිත වන අතර මෙම නාට්‍යය අසීමිතයි. තමන්ගේ හැඳින්වීම ලබා දීමට අසීමිත පියාම පැමිණ සිටියි. අන් අයට විස්තර කර දෙන්නේ කෙසේද පිළිබඳව, ඔය සියලුම හොඳ, සේවය කළ හැකි දරුවන්, ඥාන සාගරය නොකඩවා කළඹයි. සෑම කෙනෙක් සමඟම ඔබ බොහෝ වෙහෙස විය යුතුයි. කෙසේවෙතත්, සමහරුන්ට නොතේරෙන බව ඔවුන් බාබාට කියයි. කෙනෙක් ඉගෙන ගන්නේ නැති විට, ඔහුට ගලක් වැනි බුද්ධියක් ඇති බව කියැවේ. සමහරු දින හතක් පමණක් ඉගෙන ගෙන, බොහෝ සෙයින් සතුටට පත්වී, බාබා වෙතට යාමට උවමනා යැයි කියන බව ඔබට පෙනෙයි. අන් අයට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ගල් වැනි බුද්ධීන් සහ දිව්‍යමය බුද්ධීන් ගැන මිනිසුන් කතා කළත්, ඔවුන් එහි තේරුම දන්නේ නැත. ජීවාත්මයක් පාරිශුද්ධ වන විට, ඔහු දේවත්වයේ ස්වාමියෙක් බවට පත්වෙයි. දේවත්වයේ ස්වාමියා වෙනුවෙන් දේවාලයක්ද තිබේ. මුළු දේවාලයම රත්තරං වලින් සාදා නොමැත, එහි මතුපිටින් පමණක් රත්තරං ටිකක් ආලේප කර ඇත. උද්‍යානයේ ස්වාමියාව ඔබට හමු වී ඇති බව ඔය දරුවන්ට වැටහෙයි. ඔහු අපට කටු වලින් මල් බවට පරිවර්ථනය වන ආකාරය පෙන්වා දෙයි. අල්ලා ගේ උද්‍යානයේ ප්‍රශංසාව ඇත. මුල් දිනවල, ධ්‍යානගත වන මුස්ලිම් ජාතිකයෙක් සිටියේය. කුදා (දෙවියන්) ඔහුට මලක් දුන් බව ඔහු පැවසුවේය. සිටගෙන සිටින අතර, ඔහු කුදා ගේ උද්‍යානය දැක බිම ඇද වැටෙයි. කෙසේවෙතත්, කුදාම පමණයි ඕනෑම කෙනෙකුට කුදාගේ උද්‍යානය පෙන්වන්නේ. වෙන කෙනෙක් එය පෙන්වන්නේ කෙසේද? ඔහු ඔබට පාරාදීසියේ දර්ශන ලබා දෙයි. කුදා ඔබව එහි රැගෙන යන මුත් ඔහු එහි නවතින්නේ නැත. කුදා සාම දේශයේ සිට ඔබව පාරාදීසියේ අධිපතියන් බවට පත් කරවයි. එවැනි බොහෝ හොඳ දේවල් වටහා ගන්නා ඔබ සතුටට පත්වෙයි. ඔබ දැන් සතුටේ දේශයට යෑම පිළිබඳව, ඔබ තුළ බොහෝ සතුට තිබිය යුතුයි. එහි දුක පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. පරම පියා පවසන්නේ සතුටෙහි දේශය සහ සාමයේ දේශය සිහිපත් කරන්න. අපගේ නිවහන අපි සිහිපත් නොකරන්නේ මන්ද? ජීවාත්ම ආපසු නිවහනට යෑමට බොහෝ වෙහෙස වෙති. ඔවුන් තපස් රැක, දුෂ්කර ක්‍රියාවන්හි යෙදී, බොහෝ උත්සාහ ආදිය දරයි, එහෙත් කිසිවෙකුට ආපසු නිවහනට යා නොහැක. ගසෙහි පිංතූරයේ, ජීවාත්ම අංක පිළිවෙලට නොකඩවා පහළට එන අයුරු පෙන්වා ඇත. පරම පියාම මෙහි සිටින බැවින්, කෙනෙක් ආපසු අතර මැද දී යන්නේ කෙසේද? ඔහු ඔය දරුවන්ට දිනපතාම කියන්නේ සාමයේ දේශය සහ සතුටෙහි දේශය සිහි කරන්න. ඔබ දුකට පත්වන්නේ සහ මායාගේ සෙරෙප්පුව අත්විඳින්නේ, පරම පියාව අමතක කිරීමෙනි. ඔබ දැන් කිසිසේත්ම සෙරෙප්පුව අත්නොවිඳිය යුතුයි. ප්‍රධානතම දෙය ශරීර අවධානයයි. ඔහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නා පැමිණෙන්න! යැයි ඔබ අඬ ගසමින් සිටි කෙනා, පරම පියා සමඟ ඔබ දැන් ඉගෙන ගනිමින් සිටියි. ඔහු ඔබගේ කීකරු සේවකයා සහ ගුරුවරයායි. පරම පියා කීකරු සේවකයායි. වැදගත් මිනිසුන් සෑම විටෙකම ඔවුන්ගේ අත්සනට ඉහළින් ඔබගේ කීකරු සේවක යැයි ලියයි. පරම පියා පවසන්නේ බලන්න මම මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙන ආකාරය. පියා වටිනා දරුවන්ට පමණක් ආදරය කරයි. පියා නොවටින දරුවන්ට, එනම් පරම පියාට අයත් වී, ඉන්පසු දුර්ගුණයන්හි නියැලීමෙන්, පාවා දෙන්නන් බවට පත්වන්නන් පිළිබඳව මෙසේ කියයි එවැනි දරුවෙක් උපත නොලැබුවේ නම් වඩා හොඳයි! එක් අයෙක් නිසා, බොහෝ දෙනෙකුගේ නම් අපහාසයට පත්වී, බොහෝ දෙනෙක් අපහසුකම් අත්විඳියි. ඔබ මෙතැන බොහෝ ශ්‍රේෂ්ඨ කාර්යයක් සිදු කරමින් සිටියි! ඔබ ලෝකයම ඉහළ නංවන අතර, ඔබට අඩි තුනක භූමි භාගයක් වත් නැත. ඔය දරුවන් කිසිවෙකුට තම නිවස හෝ පවුල අත්හැරීමට කියන්නේ නැත. ඔබ රජවරුන්ට පවා මෙසේ කියයි ඔබ වැඳුම් ලැබීමට සුදුසු, ද්විත්ව කිරුළක් හිමිව සිටි නමුත්, දැන් වන්දනාකරුවන් බවට පත්ව සිටියි. දැන් පරම පියා නැවත වරක් ඔබව වන්දනා ලැබීමට සුදුසු අය බවට පත් කරවමින් සිටින බැවින්, ඔබ එය විය යුතුයි, එසේ නොවේද? එයට ටික කාලයක් ගත වෙයි. යම්කිසි කෙනෙකුගේ සිය දහස් ගණන් ධනයෙන් අපි කුමක් කරන්නද? රාජධානිය ලබන්නට යන්නේ දුප්පත් අයයි. පරම පියා දුප්පතුන්ගේ ස්වාමියායි. පියාට, දුප්පතුන්ගේ ස්වාමියා යැයි කීමේ සැබෑ අරුත ඔබට වැටහෙයි. භාරතය ඉතාමත් දුප්පත්ය, එයිනුත් විශේෂයෙන්ම ඔය මව්වරුන් දුප්පත්ය. ධනවත් අයට මෙම ඥානය ලබා ගත නොහැක. බොහෝ ගුටි බැට කෑ අහිංසක කාන්තාවන් බොහෝ දෙනෙක් මෙහි පැමිණෙයි. පරම පියා පවසන්නේ ඉදිරියට යෑමට මව්වරුන්ව උනන්දු කරවිය යුතුයි. ඔබ කණ්ඩායමක් වශයෙන් උදැසන, ඇවිද ගෙන එහෙ මෙහෙ යන විට, ඉදිරියෙන් සිටිය යුත්තේ මව්වරුන්ය. ඔබගේ බැජ් එක පළමුවන පංතියේ එකකි. ඔබ විනිවිද පෙනෙන ආලෝකමත් පිංතූර ඉදිරියෙන් අල්ලාගෙන යා යුතුයි. ලොව දැන් පරිවර්ථනය වීමට යන බව සෑම දෙනාටම කියන්න. අප පෙර චක්‍රයේදී කළ ආකාරයටම, පරම පියාගෙන් අපගේ උරුමය ලබා ගනිමින් සිටින්නෙමු. සේවය ක්‍රියාත්මක කරන අන්දම පිළිබඳව, ඔය දරුවන් ඥාන සාගරය කැලඹිය යුතුයි. එයට කාලය ගත වෙයි, එසේ නොවේද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාට සැබවින්ම ආදරය කර ඔහුගේ උදව්කරුවෙක් බවට පත්වන්න. මායාට පරාජය වී වංශයේ නාමයට කිසිම විටෙක අපහාස නොකරන්න. ඔබගේ ශරීරය ඇතුළුව, ඔබ දකින සෑම දෙයක්ම අමතක කිරීමට උත්සාහ දරන්න.

2. ඔබ සාමයේ දේශයට සහ සතුටෙහි දේශයට යෑම ගැන ඔබ තුළ සතුට ඇති කර ගන්න. බාබා, කීකරු ගුරුවරයා වශයෙන් අපව ආපසු නිවහනට යෑමට සුදුස්සන් බවට පත් කරවමින් සිටියි. සුදුස්සෙකු මෙන්ම කීකරුද වන්න. නොවටිනා කෙනෙක් වන්න එපා.

වරදානය:
ඔබ කාරණා තුනක් ගැන අවධානය ධාරණය කර, සම්පූර්ණයෙන් ජය ලබත්වා.

තමන් පිළිබඳ අවධානය, පරම පියා පිළිබඳ අවධානය සහ නාටකය පිළිබඳ අවධානය සම්පූර්ණ ඥානයේ විස්තාරණය, මෙම කාරණා තුනේ අවධානය තුළ ගැබ් වී තිබේ. ඒවා ඥාන වෘක‍්ෂයේ ඇතුලත් අවධානයේ ආකාර තුනය. ගසක් මුලදි බීජයක් වන අතර ඉන්පසුව එම බීජයෙන් පත්‍ර දෙකක් වර්ධනය වන අතර ඉන්පසුව ගසේ ව්‍යාප්තිය සිදු වෙයි. ඒ ආකාරයෙන්ම වැදගත් වන්නේ බීජය වන පරම පියා පිළිබඳ අවධානය තිබීම සහ ඉන්පසුව පත්‍ර දෙකෙහි අවධානය, එනම් ජීවාත්මය පිළිබඳ සියලු ඥානය සහ නාටකය පිළිබඳ අවධානයයි. මෙම කරුණු තුන ගැන අවධානය ධාරණය කරගන්නා අය, සිහිපත් කිරීමේ ප්‍රතිරුවක් වීමේ ආශිර්වාදය හිමි කරගන්නා අතර ඔවුන් සම්පූර්ණයෙන් ජය ලබයි.

පාඨය:
සෑම විටම ඔබගේ ලැබීම් ඔබ ඉදිරියේ තබාගන්න, එවිට සියලු දුර්වලතා අවසන් වෙයි.