12.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මහාවීරයින් බවට පත් වන්න. මායාගේ කුණාටු හා සමඟ දබර කර ගන්නවා වෙනුවට, නොසැලී, නිශ්චලව සිටින්න.

ප්‍රශ්නය:
බ්‍රහ්ම බාබාට නොයෙකුත් ආකාරයේ බාධක වලට මුහුණ දෙන්න සිදු වුවත් ඔහු ඒ කිසිම දෙයකින් කලබලයට පත් නොවුණේ ඇයි?

පිළිතුර:
ඒ, පියාගෙන් උරුමය දිනාගැනීමේ ආශාව බාබා ලඟ තිබුණු නිසායි. සෑම දෙයක්ම සිදුවන්නේ මීට පෙර කල්පයේ සිදු වූ ආකාරයෙන්මයි. කිසිම දෙයක් අලුත් දෙයක් නොවෙයි. වැඩියෙන්ම අපහාසයට ලක්වුණේ පියායි. මිනිස්සු ක්‍රිෂ්ණාවත් අපහාසයට ලක් කරනවා, ඉතින් මාව අපහායට ලක් කළහම මොකද! ලෝකයේ මිනිස්සු අපි ගැන කිසිම දෙයක් දන්නේ නැහැ, ඉතින් ඔවුන් අනිවාර්යෙන්ම මාව අපහාසයට ලක් කරාවි. එමනිසා, ඔහු කිසිම දෙයක් සම්බන්ධයෙන් කලබලයට පත් වුණේ නැහැ. ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය කරන්න.

ගීතය:
අහිංසකත්වයේ දෙවඟන තරම් අසහාය වූ කෙනෙක් තවත් නැත!

ඕම් ශාන්ති.
මෙම ගීතය නිර්මාණය කර තිබෙන්නේ භක්ති මාර්ගයේ අයයි. ඥාන මාර්ගයේදී ගීත ගයන්නේවත් ගීත ලියන්නේවත් නැහැ. ඒවායේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මන්ද, ඔබ පියාගෙන් එක් තත්පරයකින් ජීවන මුක්තිය නම් වූ උරුමය ලබා ගන්නා නිසායි. ඒ තුළ ගීත හෝ ගාථා වල කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ දැන් අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් දිනා ගන්නා බව දන්නවා. භක්ති මාර්ගයේ සිරිත් විරිත් මෙහිදීත් දිගටම ගෙන යන්න බැහැ. කුඩා ළමුන් ලියන කවි ආදිය තිබෙන්නේ අන් අයට කියවීමටයි. කොහොමනමුත්, ඔබ හොඳින් පැහැදිලි කර දුන්නේ නැතිනම් ඒකවත් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. දරුවන් වන ඔබ දැන් පියාව සොයාගෙන තිබෙනා නිසා ඔබගේ සතුට තවත් වර්ධනය විය යුතුයි. පියා ඔබට උපත් 84 චක්‍රය පිළිබඳ වූ ඥානය ලබා දී තිබෙනවා. ඔබ දැන් ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් වී සිටිනවාය යන සතුට ඔබ තුළ තිබිය යුතුයි. ඔබ පියා මඟින් විශ්ණුගේ දේශයේ පාලකයින් බවට පත් වෙනවා. හොඳ විශ්වාසයක් ඇති අය ජයග්‍රහණය ලබනු ඇත. විශ්වාසය ඇති අය අනිවාර්යෙන්ම ස්වර්ණම යුගය වෙත යනු ඇත. එමනිසා, දරුවන් වන ඔබ නිතරම සතුටින් සිටිය යුතුයි පියාව අනුගමනය කරන්න. උත්තරීතර පියා මොහුට ඇතුළු වූ මොහොතේ සිටම ඔහුට නොයෙකුත් කරදර බාධක වලට මුහුණපෑමට සිදුවුණු බව දරුවන් වන ඔබ දන්නනවා. නගරවලත් මුළු සින්ද් ප්‍රජාවේමත් සහෝදරයින් අතර නොයෙකුත් ගැටුම් ඇති වුණා. ඔහුගේ දරුවන් ලොකුමහත් වුණු සැනෙකින් ඔවුන්ව විවාහ කර දෙන්න යැයි මිනිස්සු කිව්වා. විවාහවීමකින් තොරව මොනවත් ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියා මිනිස්සු ඇසුවා. ඔහු කවදාවත් ගීතාව හැදෑරීම මඟහැරියේ නැහැ. ගීතාවේ පියා ශිව දෙවියන් බව සොයාගත් දින සිටම ඔහු ගීතාව කියවීම නතර කර දැම්මා. පසුව ලෝකයේ පාලකයෙක් බවට පත්වීමේ ආශාව ඔහු තුළ ඇති වුණා. ශිව දෙවියන් කියන්නේ මෙන්න මේවායි. ඒ නිසා ඔහු ගීතාව කියවීම නතර කර දැම්මා. පසුව පාරිශුද්ධත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නඟින්න පටන් ගත්තා. සහෝදරයින්, මාමාවරුන් රාශියක් සිටියා. මේ සම්බන්ධයෙන් ධෛර්යමත් විය යුතුයි. ඔබ මහාවීරයින් හා මහාවීරවරියන්ය. ඔබ එකම එක පියා හැර වෙන කිසිම කෙනෙක් ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ. නිර්මාණකරු වන්නේ පුරුෂ පක්ෂයයි. නිර්මාණකරු පාරිශුද්ධත්වයට පත්වන නිසා, ඔහු තමාගේ නිර්මාණයත් පාරිශුද්ධත්වයට පත් කරවිය යුතුයි. පිරිසිඳු හංසයෙකුත් අපිරිසිඳු පාත්තයිනුත් එකට ජීවත් වන්නේ කෙසේද? එක්කෝ තමාගේ උපදෙස් අනුගමනය කරන්න, නැතිනම් අත්හැර යන්න කියා නිර්මාණකරු ඉක්මනින්ම තම නිර්මාණයට අණ කර කියනවා. බාබාගේ ලෞකික දියණිය විවාපත් වුණු බව ඔබ දන්නවා. ඇයට ඥානය ලැබුණු පසු ඇය කිව්වා පුදුමයි! මගේ පියා මට කියනවා පාරිශුද්ධ වෙන්න කියලා. ඉතින් එසේනම් ඇයි මම පාරිශුද්ධ නොවන්නේ? ඇය ඇගේ සැමියාටත් කිව්වා තමා වස නොදෙන බව. මෙම කරුණ සම්බන්ධයෙන් බොහෝ අය අතර ගැටුම් ඇති වුණා. ලොකු පවුල් වලින් දියණියන් රාශියක් පැමිණියා. ඔවුන් වෙන කිසිම කෙනෙක් ගැන සැලකීමක් දැක්වූයේ නැහැ. වාසනාවේ නැති අයට මෙය තේරුම් ගන්න බැහැ. පාරිශුද්ධවීමේ අවශ්‍යතාවයක් තිබෙනවානම්, එය කරන්න. නැතිනම් ගිහින් තමාට අවශ්‍ය දෙයක් කර ගන්න. එපමණ ධෛර්යයක් කෙනෙක් තුළ තිබිය යුතුයි. පියාට නොයෙකුත් කරදරවලට මුහුණපාන්න සිදු වුණා. බාබා කලබල වෙන අවස්ථාවක් ඔබ කවදා හෝ දැක තිබෙනවාද? ඇමරිකාවටත් වඩා දුරට විහිදුණු කතාන්දර පත්තර වල තිබෙනවා. කිසිම දෙයක් අලුත් දෙයක් නොවෙයි. මීට පෙර කල්පයේ සිදුවුණු ආකාරයෙන්ම එය ඒ විදියටම සිදුවුණා. මේ සම්බන්ධයෙන් බය වෙන්න අවශ්‍ය නැහැ. අපි පියාගෙන් උරුමය දිනාගත යුතුයි. අපි අපේම නිර්මාණය රැක ගත යුතුයි. මේ මොහොතේදී, මුළු නිර්මාණයම අපිරිසිඳු බව පියා දන්නවා. සියලු දෙනාම පාරිශුද්ධත්වයට පත් කරවිය යුත්තේ මම පමණයි. පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! පැමිණ අපව ගලවා ගන්න! කියා කියන්නේ පියාටයි. ඔහු තුළ අනුකම්පාවක් තිබෙනවා. අනුකම්පාවෙන් පිරි කෙනා ඔහුයි. පියා පැහැදිලි කර කියා දෙනවා දරුවනි, කිසිම දෙයකට බයවෙන්න එපා. බය වීමෙන් ඔබට කිසිම උසස් තත්ත්වයක් ලබා ගන්න බැහැ. පහරකෑමට ලක්වන්නේ අහිංසක අම්මලායි. මෙය ආගමික ග්‍රන්ථ වලත් පෙන්වා තිබෙනවා. මිනිස්සු ද්‍රවුපතිට කස පහර දෙන්න උත්සාහ කළා. පියා දැන් උපත් 21කටම කස පහර කෑමෙන් ඔබව වලක්වනවා. ලෝකයේ අය මේවා ගැන දන්නේ නැහැ. සෑම දෙනාටම විමුක්තිය ලබා දෙන්නේ මා පමණයි. මිනිස්සු පිරිහුණු තත්ත්වයක සිටියේ නැතිනම් මම ඔවුන්ට ගැලවීම ලබා දෙන්නේ කෙසේද? අපිරිසිඳු තමෝප්‍රධාන් ලෝකය නිර්මාණය විය යුතුයි. සෑම දෙයක්ම අලුත් තත්ත්වයේ සිට පැරණි තත්ත්වයට පත් වෙනවා. පැරණි නිවසක් අතහැර දැමිය යුතුයි. ස්වර්ණමය යුගය නව ලෝකය වන අතර, කලි යුගය පැරණි ලෝකය වේ. එය සෑම විටම අලුත්වට තිබෙන්නේ නැහැ. ලෝක චක්‍රය දිගින් දිගටම කැරකෙන බව දරුවන් වන ඔබ දන්නවා. දේවතා රාජ්‍යය නැවතත් වතාවක් ස්ථාපනය වෙනවා. පියා කියනවා මම නැවතත් වතාවක් ඔබට ගීතාවේ ඥානය කියා දෙමි. රාවණ්ගේ රාජ්‍යයේ ඇත්තේ දුකයි. රාවණ්ගේ රාජ්‍යය යනු කුමක්දැයි කිසිම කෙනෙක් තේරුම් ගෙන නැහැ. පියා කියනවා ස්වර්ගය, රාමාගේ රාජ්‍යය ස්ථාපනය කිරීම සඳහා මම පැමිණ සිටිමි. දරුවන් වන ඔබ නොයෙකුත් වාර ගණනාවකදී රාජ්‍යය දිනාගෙන එය අහිමි කර ගත්තා. මෙය ඔබ සියලු දෙනාගේම සිහියේ තිබෙනවා. ඔබ උපත් 21ක් තිස්සේ ස්වර්ණමය යුගයේ වාසය කරනවා. එය හඳුන්වන්නේ පරම්පරා 21ක් වශයෙනි. මෙයින් අදහස් වන්නේ මහළු වියට පත්වන තෙක් ඔබ ශරීරය අතහරින්නේ නැති බවයි. එහි කිසිම අකල් මරණයක් නැහැ. එය හරියට ඔබ දැන් ත්‍රිකාල්දර්ශී වී සිටිනවා වගෙයි. උපතක් උපතක් පාසා ඔබ භක්ති කරමින් සිටි බව ඔබ දන්නවා. රාවණ්ගේ රාජ්‍යය තුළ කෙතරම් ලොකු සෝබනයක් තිබෙනවාද කියා බලන්න. මේ අවසන් කාලයේ සෝබනයයි. ස්වර්ණමය යුගයේදී පවතින්නේ රාමාගේ රාජ්‍යයයි. මේ විමාන ආදී සෑම දෙයක්ම එහි තිබුණු අතර පසුව ඒවා සෑම එකක්ම අතුරුදන් වුණා. දැන්, මේ සෑම දෙයක්ම නැවතත් මතු වෙලා. දැන් ඔවුන් සෑම දෙයක්ම ඉගෙන ගන්නවා. මේවා ඉගෙන ගන්නා අය එම සංස්කාර දිගටම අරගෙන යාවි. පසුව ඔවුන් එහි ගොස් විමාන ආදිය ඉදි කරනවා. ඔවුන් අනාගතයේදී ඔබට සතුට ලබා දේවි. භාරතයේ මිනිසුන්ට පවා මෙවන් විමාන නිර්මාණය කළ හැකියි. ඒවා අලුත් දේවල් නොවෙයි. මිනිස්සු ඉතාමත් දක්ෂයි. මේ විද්‍යාව ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි. මේ විද්‍යාව දැන් ඔබව දුකට පත් කරවනවා. නමුත් එය එහිදී ඔබට ලබාදෙන්නේ සතුටයි. එහිදී සෑම දෙයක්ම අලුත්. නව ලෝකය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. පියා නව ලෝකයේ අධිරාජ්‍යය දැන් ස්ථාපනය කරනවා. ඉතින් දරුවන් වන ඔබ මහාවීරයින් විය යුතුයි. පියා පැමිණ සිටිනා බව ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියා කියනවා ගෙදර ඉන්නා අතර නෙළුම් මලක් සේ පාරිශුද්ධව සිටින්න. බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ඇතැම් විට ඔවුන් ඔබව අපහාසයට ලක් කරාවි. මොහුත් සෑහෙන සේ අපහාසයට ලක් වුණා. කොහොමනමුත්, ක්‍රිෂ්ණාව අපහාසයට ලක් කරන්න බැහැ. කෙනෙක් අපහාසයට ලක්වන්නේ කලි යුගයේදීයි. දැන් තිබෙන ස්වරූපයම ඔබට කල්පයකට පසුව ලැබේවි. වෙන කිසිම අවස්ථාවකදී එම ස්වරූපයම ලැබිය නොහැකියි. උපතක් උපතක් පාසා ඔබගේ ලක්ෂණ දිගින් දිගටම වෙනස් වෙනවා. උපත් 84ක් තුළ කිසිම ජීවයකට එකම ලක්ෂණ ලද නොහැකියි. ඔබ දිගින් දිගටම සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසු කර යන අතර ඔබගේ ලක්ෂණත් නොකඩවාම වෙනස් වෙනවා. මෙම නාටකය තීරණය වූවක්. සෑම උපත් 84දීම ඔබ ලබා ගත් ආකාරයේම ලක්ෂණ ඔබට ලැබෙනවා. ඔබ දන්නවා ඔවුන්ගේ ඊලඟ උපතේදී ඔවුන්ගේ ලක්ෂණ වෙනස් වී ඔවුන් ලක්ෂ්මි හා නාරායන බවට පත්වන බව. ඔබගේ බුද්ධිය මත වැටී තිබූ අගුල දැන් විවෘත වී තිබෙනවා. මෙය අලුත් දෙයක්. බාබාත් අලුත්, දැනුමත් අලුත්. කිසිම කෙනෙකුට මේවා ඉක්මණින් තේරුම් ගත නොහැකියි. ඔවුන්ගේ වාසනාවේ තිබෙනවානම් පමණයි ඔවුන්ට මෙය වැටහෙන්නේ. මහාවීර් අය කිසිම විටෙක මායාගේ කුණාටු වලට බය වන්නේ නැහැ. එම තත්ත්වය එන්නේ අවසානයේදීයි. මේ නිසා තමයි, ඔබට අතීන්ද්‍රිය සතුට ලබා ගැනීමට අවශ්‍ය නම් ගොපළු ගොපළියන්ගෙන් අහන්න, යන්න සිහිපත් වන්නේ. පියා පැමිණ සිටින්නේ දරුවන්ව දිව්‍ය ලෝකයට යාම සඳහා සුදුස්සන් කරවීමටයි. මීට ඉහත චක්‍රයේදී මෙන්ම අපාය අනිවාර්යෙන්ම විනාශ වී යා යුතුයි. සත් යුගයේ තිබෙන්නේ එකම ආගමක් පමණයි. එහිදී ඔවුන්ට ඒකීයත්වය අවශ්‍යයි. එහි තිබිය යුත්තේ එකම ධර්මයක් පමණයි. රාමාගේ රාජ්‍යය රාවණ්ගේ රාජ්‍යයෙන් වෙනස් වනවා යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. මෙහි පාපයෙන් තොරව උපතක් ඇතිවිය නොහැකියි. ඒ සෑම කෙනෙක්ම අපිරිසිඳු කිලිටි ඇඳුම්. පියා කෙරෙහි ඔබ තුළ සම්පූර්ණ විශ්වාසය තිබේනම්, ඔබ සම්පූර්ණයෙන්ම ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. සෑම කෙනෙකුගේම නාඩි අල්ලා බැලෙන අතර ශ්‍රීමත් ලැබෙන්නේත් ඒ ආකාරයෙන්. බාබා, තමන්ගේ දරුවන්ට විවාහ වීමට අවශ්‍යනම් තම තමන්ට ඒවා කරගන්න කියා කිව්වා. සෑම කෙනෙකුගේම නාඩි අල්ලා බැලිය යුතු වනවා. සමහරු අහනවා බාබා, මම මේ මේ වගේ අවස්ථාවකයි ඉන්නේ. මට පාරිශුද්ධත්වය රකින්න ඕනෑ. නමුත් මගේ නෑදෑයන්ට අවශ්‍ය මාව ගෙදරින් පිට කරන්නයි. මම දැන් මොකද කරන්නේ? ඔබ පාරිශුද්ධත්වයෙන් සිටීමට අහනවා. ඔබට පාරිශුද්ධත්වයෙන් සිටීමට නොහැකිනම්, විවාහ වන්න! හොඳයි, උදාහරණයක් ලෙස, කෙනෙක්ගේ විවාහ යෝජනාවක් සම්මත වූ විට, ඔබ ඔවුන්ව සතුටින් තැබිය යුතුයි. ඒකට කමක් නැහැ. ජෝඩුවක් විවාහ වූ විට, මනමාලිය කියනවා ඇයගේ ස්වාමිපුරුෂයා තමයි ඇයගේ ගුරු කියා. හොඳයි, ඒ වෙලාවට එය ලිඛිතව ලබා ගන්න ඔබ මා ඔබගේ ගුරු හා දෙවියන් ලෙස විශ්වාස කරනවාද? හොඳයි, මා දැන් ඔබට පාරිශුද්ධත්වයට පත්වීමට අණ කරනවා. ධෛර්යය අවශ්‍යයි. ඉලක්කය තිබෙන්නේ ඉතාමහත් ඉහළයි. ඔබ දෙදෙනා එකට ජීවත් වන්නේ කෙසේද කියා සෑම කෙනෙකුටම පෙන්වා දිය යුතුයි. පියා කියනවා ඔබ එවන් වූ උසස් ලැබීමක් ලබනවා. එමනිසා, එක් උපතක් සඳහා පාරිශුද්ධත්වයෙන් ඉන්න. එය ලොකු දෙයක් නොවේ. මම, ඔබේ ස්වාමිපුරුෂයා, මා ඔබගේ දෙවියායි. මගේ අණ අනුව ඔබ පාරිශුද්ධත්වයෙන් සිටිය යුතුයි. පියා ඔබට නොයෙකුත් ක්‍රම පෙන්වා දෙනවා. භාර්යාව තම ස්වාමිපුරුෂයා, තම දෙවියා ලෙස සළකා ඔහුගේ අණට කීකරු වීමත්, ඇය ඔහුගේ කකුල් සම්බාහනය කළ යුතු වීමත් භාරතයේ ක්‍රමයයි. මෙම සිරිත පැමිණ තිබෙන්නේ ලක්ෂ්මි, නාරායනගේ කකුල් මසාජ් කළ යුතුය යන විශ්වාසය නිසායි. මෙම සිරිත පැමිණියේ කොහෙන්ද? මිත්‍යා පින්තූර වලින්. ස්වර්ණමය යුගයේ එවන් දේ නැහැ. ලක්ෂ්මි ලවා කකුල් මසාජ් කරවා ගන්න නාරායන වෙහෙසට පත් වෙනවාද? එහිදී වෙහෙසක් කියා දෙයක් ඇතිවන්නේ නැහැ. එය දුක ගෙනදෙන කාරණයක්. එහි දුකක් තිබෙන්න පුළුවන්ද? මිනිස්සු නොයෙකුත් බොරු දේවල් ලියා තිබෙනවා. කුඩා කල පටන්ම බාබා තුළ ආශාවන් නොතිබුණු නිසා ඔහු භක්ති කරන්න පටන් ගත්තා. බාබා දරුවන් වන ඔබට ඉතාමත් හොඳ දේවල් කියා තිබෙනවා. ඥාතීන්ගෙන් කරදර බාධක එන විට බාබා ඇතැම් අයට කියනවා විවාහ වෙන්න කියලා. බිරිඳක් ඔබට අයිති වුණු විට කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න බැහැ. හොඳ මිතුරන් සේ ඔබට පාරිශුද්ධව වාසය කළ හැකියි. පිටරට වල අය මහළු වියට පත්වුණු විට, තමාව රැකබලා ගැනීම සඳහා සහකරුවෙක් සොයා ගන්නවා. පාපයේ නොගැලෙන විවාහ වලට ඔවුන් ඇතුළු වෙනවා. ඔබ සෑම කෙනෙක්ම එකම එක පියාගේ දරුවන්ය, සහෝදර සහෝදරියන්ය කියා ඔබ දන්නවා. ඔබ සීයාගෙන් ඔබගේ උරුමය දිනා ගන්නවා. මෙම අපිරිසිඳු ලෝකයට පැමිණෙන්න කියා ඔබ පියාට කතා කළා. අහෝ පාරිශුද්ධකරුවාණනි! අහෝ සීතාගේ රාමා! මිනිස්සු රාමාගේ නම කියා කන්නලව් කරනවා. නමුත් ඒ වේලාවට සීතාව මතක් කරන්නේ නැහැ. සීතාට වඩා ලක්ෂ්මි උසස්. කොහොමනමුත්, ඔවුන් සිහි කරන්නේ එකම එක පියාවයි. මීනිස්සු ලක්ෂ්මි සහ නාරායන ගැන දන්නවා. නමුත්, ශිවා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජීවය තිතක්, එමෙන්ම ජීවයේ පියාත් තිතක්. ජීවය තුළ සියලුම ඥානය තිබෙනවා. ඥාන සාගරය කියා හඳුන්වන්නේ ඔහුවයි. ජීව වන ඔබත් ඥානයේ සාගර බවට පත්වෙනවා. ඥානයේ සාගරය මෙහි පැමිණ ඔබට පැහැදිලි කර කියා දෙනවා. ජීවය ජිවමානයි. ජීව වන ඔබ ඥානයේ සාගර බවට පත්වෙනවා. ලෝකයේ මුල, මැද හා අග ගැන ඥානය ඔබට තිබෙනවා. සුමිහිරි දරුවනි, ඔබ තුළ ධෛර්යය තිබිය යුතුයි. අපි බාබාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. අසීමිත පියා දරුවන් වන ඔබව ස්වර්ගයේ පාලකයින් බවට පත්කරවනවා. එමනිසා, පියා කියනවා ඔබ ඔබගේ නිර්මාණය ඔබ අත තබා ගත යුතුයි. ඔබගේ දරුවා ඔබට කීකරු වන්නේ නැතිනම්, ඒ ඔබගේ දරුවෙක් නොවෙයි. ඔහු අකීකරුයි. දරුවා කීකරු වී සියලුම විධාන පිළිපදිනවානම් උරුමය සඳහා අයිතියක් දිනාගන්න ඔහුට පුළුවන්. අසීමිත පියා කියනවා ඔබ මගේ ශ්‍රීමත් අනුගමනය කරනවානම් ඔබ උසස් වෙනවා. නැතිනම්, ඔබ පුරවැසියන් බවට පත්වනු ඇත. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිටිනා ඔබව උසස් නාරායන කෙනෙක් බවට පත්කරවීම සඳහා පරම පියා පැමිණ සිටියි. මෙය සත්‍ය නාරායනගේ, සත්‍ය කතාන්දරයයි. අධිරාජ්‍යය දිනාගැනීම සඳහා ඔබ මෙහි පැමිණ සිටියි. මමා හා බාබා රජ හා රැජින වෙනවා. ඉතින් එමනිසා, ඔබත් ඒ සඳහා ධෛර්යය ඇති කර ගත යුතුයි. පියා අනිවාර්යෙන්ම ඔබව ඔහු හා සම කරවනවා. පුරවැසියන් බවට පමණක් පත් වී සතුටු වන්න එපා. පියාගෙන් සම්පූර්ණ අයිතිය දිනා ගැනීම සඳහා උත්සාහ දරන්න. තමාව සම්පූර්ණයෙන්ම කැප කරවන්න. ඔහු ඔබව ඔහුගේ උරුමක්කාරයා බවට පත් කර ගත් විට ඔහු ඔබට උපත් 21ක උරුමයක් ලබා දෙනු ඇත. පියා දරුවන් වෙනුවෙන් තමාගේ සියලු දේම කැප කරනවා. දරුවන් කියනවා බාබා, මේ ශරීරය, මනස හා ධනය ඔබගේයි. පියාත්, දරුවාත් වන්නේ ඔබයි. මවත් පියාත් වන්නේ ඔබයි. එකම එක පියාගේ කීර්තිය ඉතාමත් ඉහළයි! ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් මේ දේවල් දන්නේ නැහැ. සෑම දෙයකින්ම කියැවෙන්නේ භාරතය ගැනයි. වසර 5000කට පෙර තිබුණු යුද්ධයමයි දැන් මෙතනත් තිබෙන්නේ යන්න දරුවන් වන ඔබ දන්නවා. ස්වර්ගය දැන් ස්ථාපනය වී තිබෙනවා. දරුවන් වන ඔබ සෑම විටම සතුටින් සිටිය යුතුයි. පියා ඔබව හදා ගැනීම සඳහා ගෙන ඇත. එමනිසා, ඔබ තුළ එම සතුට තිබිය යුතුයි. පියා දැන් දරුවන් වන ඔබව සරසවනවා. ඔහු ඔබට සෑම දෙයම උගන්වනවා. අසීමිත පියා, ඥානයේ සාගරය වන්නේ ඔහුයි. මුළු ලෝකයේම මුල, මැද හා අග ගැන ඔහු ඔබට කරුණු කියා දෙනවා. පියා ගැන දන්නේ නැති අය අදේවවාදීන්ය. ඔබ පියාවත්, නිර්මාණය ගැනත් දන්නවා. එමනිසා, ඔබ දේවවාදීන්ය. ලක්ෂ්මි හා නාරායන දේවවාදීන්ද, අදේවවාදීන්ද? ඔබ මොකද කියන්නේ? ස්වර්ණමය යුගයේදී කිසිම කෙනෙක් පියාව සිහි කරන්නේ නැහැ කියා ඔබම කියනවා. එහි සම්පූර්ණ සතුටක් තිබෙනවා. එමනිසා, සතුටේදී මිනිස්සු දෙවියන්ව සිහිකරන්නේ නැහැ. ඔබ දේවවාදීන් බවට පත් වී දැන් ඔබගේ උරුමය දිනා ගන්නවා. පසුව ඔබ ඔහුව සිහි කරන්නේ නැහැ. මෙහි සිටිනා මිනිස්සු ඔහුව සිහි කරනවා. නමුත් ඔවුන් ඔහුව නොදන්නා නිසා අදේවවාදීන් වෙනවා. එහිදී ඔවුන් ඔහුව දන්නේත් නැහැ, ඔහුව සිහි කරන්නේත් නැහැ. තමන් ශිව බාබාගේ උරුමය දිනා ගත්තාය යන්න ගැනත් ඔවුන් දන්නේ නැහැ. කොහොමනමුත්, ඔවුන් පාරිශුද්ධ නිසා අදේවවාදීන් කියා කියන්නත් බැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් අනුගමනය කිරීම සඳහා සම්පූර්ණ ධෛර්යය තබා ගන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් බය වෙන්නවත්, කලබලයට පත්වෙන්නවත් එපා.

2. ඔබගේ නිර්මාණය ඔබ අතේ තබාගන්න. ඔවුන්ව පාපයෙන් ආරක්ෂා කර ගන්න. පාරිශුද්ධ වීමට ඔවුන්ට උපදෙස් දෙන්න.

වරදානය:
ඔබ බැඳීම් ජයගන්නෙක් වී, ඔබගේ සිරුර, ඔබට භාරකර ඇති වටිනා දේපලක් බව සලකා එය දේවමය සේවය සඳහා භාවිත කරන්න.

ඔබට බලා ගැනීමට යම් වටිනා දෙයක් භාරකළ විට, එය ඔබට අයත් බව ඔබ නොසලකන අතර එය කෙරෙහි ඔබට බැඳීමක් නැත. එම සිරුරද, දේවමය සේවය සඳහා ඔබට භාරකර ඇත. ආධ්‍යාත්මික පියා ඔබට එය භාර දී ඇති අතර එබැවින් ඔබට අනිවාර්යෙන් ආධ්‍යාත්මික පියාව සිහිවෙයි. එය ඔබට භාරකර ඇති බව සැලකීමෙන්, ආධ්‍යාත්මිකත්වය ඇති වන අතර එය තමන්ගේ යන බැඳීම ඔබට ඇති නොවෙයි. මෙය නිරන්තර යෝගීවරයෙක් වීමට සහ බැඳීම් ජයගැනීමට පහසු මඟකි. එබැවින් දැන් ඔබගේ ආධ්‍යාත්මික ස්ථීතිය හෙළිදරව් කරන්න.

පාඨය:
විශ්‍රාමික අවදියට යාම සඳහා වැදගත් වන්නේ, ඔබගේ ද්‍රිෂ්ඨියේ සහ ආකල්පයේ පාරිශුද්ධත්වය තිබීමයි.