12.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා ඔබට දැන් උගන්වන දේවල්, උපත් 21 කට ඔබගේ ආදායම් මාර්ගය වෙයි. එබැවින් ඉතා හොඳින් ඉගෙනගන්න, එවිට ඔබ නිරන්තරයෙන් සතුටින් සිටියි.

ප්‍රශ්නය:
ඔය දරුවන්ගේ අතීන්ද්‍රීය සතුට සිහි කෙරෙනේනේ ඇයි?

පිළිතුර:
මෙකල පරම පියාව හඳුනන්නේ ඔය දරුවන් පමණක් නිසා. පියාගෙන් ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුවත් වන්නේ ඔය දරුවන් පමණයි. ඔබ දැන් සංගමයේ, අසීමිතභාවයේ සිටගෙන සිටිනවා. ඔබ දැන් ලුණු රසැති ඇලෙන් එතෙරට, අමෘතයේ සුමිහිරි ඇලට ගමන් කරනවා. පරමාත්ම දෙවියන්ම ඔබට උගන්වනවා! මෙම සතුට අත්විඳින්නේ ඔය බ්‍රහ්මණයින් පමණයි. මේ නිසයි ඔබගේ අතීන්ද්‍රීය ප්‍රීතිය පමණක් සිහිකර තිබෙන්නේ.

ඕම් ශාන්ති.
අසීමිත ආධ්‍යාත්මික පියා, අසීමිත දරුවන්ට කතා කරයි, එනම්, ඔහු ඔබට ඔහුගේ උපදෙස් ලබා දෙයි. ඔබ ජීවමාන ජීව බව ඔබට නිසැකයෙන්ම වැටහෙනවා නමුත් ඔබ ජීවාත්ම යන විශ්වාසයත් ඔබට තිබිය යුතුයි. අපි කිසියම් අළුත් පාසැලක ඉගෙනගන්නවා නොවෙයි. අපි සෑම වසර 5000 කදීම ඉගෙනගැනීමට මෙහි පැමිණෙනවා. ඔබ මින් පෙර ඉගෙනගැනීමට මෙහි පැමිණියාද? කියා බාබා ඔබගෙන් විමසන විට, සෑම කෙනෙක්ම පිළිතුරු දෙන්නේ, අප වඩාත්ම ශුභදායක සංගම යුගයෙදී බාබා වෙතට සෑම වසර 5000 කදීම මෙහි පැමිණෙනවා. ඔබට මෙය මතකයි නේද? එසේ නැත්නම් ඔබට මෙය අමතක වෙලාද? ශිෂ්‍යයින්ට අනිවාර්යෙන්ම ඔවුන්ගේ පාසැල මතක් වෙයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය එයමයි. බාබාගේ දරුවෙක් වන කවුරුන් වුවත්, ඔහු දින දෙකක් වයසැති කෙනෙක් වුවත් දීර්ඝ කාලයක් පැමිණෙමින් සිටි කෙනෙක් වුවත්, සෑම කෙනෙකුටම, අරමුණ සහ ඉලක්කය එකමයි. කිසිම කෙනෙකුට පාඩුවක් විය නොහැක. ඉගෙනගැනීමෙන් ආදායමක් ලැබෙයි. ඒ මිනිසුන් අසුන් ගෙන ග්‍රාන්ත් (සීක් ආගමික පොත) කියා දෙයි, ඒ තුළින් ඔවුන්ට ආදායමක් උපයාගැනීමට හැකි වන අතර ඔවුන් විගසින් ඔවුන්ගේ සිරුරු වෙනුවෙන් ජීවනෝපායක් උපයාගනී. ඇතැම් අයට සාධූන් වී, අසුන් ගෙන, ආගමික ග්‍රන්ථ එකක් හෝ දෙකක් කියා දී, ආදායමක් උපයාගැනීමට හැකි වෙයි. ඒ සියල්ලම ආදායම් මාර්ගයි. සෑම දේකටම ආදායමක් තිබිය යුතුයි. ඔබට මුදල් තිබේ නම්, ඔබට ඕනෑම තැනකට සංචාරයක යා හැක. බාබා ඔබට ඉතාමත්ම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන බව ඔය දරුවන් දන්නවා, එතුළින් ඔබට උපත් 21 කට ආදායමක් ලැබෙයි. මෙම ආදායම කෙසේද යත් ඔබ සදා සතුටට පත් වනවා. ඔබ කිසි දිනක රෝගී නොවන අතර, ඔබ අමරණීය වෙයි. ඔබ තුළ මෙම විශ්වාසය තිබිය යුතුයි. මේ අන්දමින් විශ්වාසය තිබීමෙන් ඔබට උද්යෝගයද ඇතිවෙයි. එසේ නැත්නම් ඔබ එක් හෝ තව දෙයක් ගැන දිගින් දිගටම ගෙල සිර කර ගනී. ඔබ අසීමිත පියා සමග ඉගෙනගන්නා බව, ඔබ නිරන්තරයෙන් ඇතුලාන්තයෙන් සිහි කළ යුතුයි. මේවා පරමාත්ම දෙවියන්ගේ වදන්ය. ගීතාව මෙයයි. ගීතාවේ යුගය තිබේ. එය පස්වන යුගය බව ඔවුන්ට අමතක වී ඇත. මෙම සංගම යුගය ඉතාමත්ම කෙටිය. ඇත්ත වශයෙන්ම එය අනෙත් යුගවලින් හතරෙන් එකක්වත් නොවෙයි. ඔබට ප්‍රතිශතය ගණනය කළ හැක. ඔබ තව තවත් දියුණුවත්ම පරම පියා සෑම දෙයක්ම අඛණ්ඩව විස්තර කර දෙයි. පරම පියා විසින් ඔබට විස්තර කිරීම, නියම වී ඇති දෙයකි. ඔය සියලුම ජීවාත්මයන්ට නියම වී ඇති චරිත කොටස් නැවත සිදුවනවා. ඔබ ඉගෙනගන්නා කුමන හෝ දෙයක් වුවද, නැවත ඉගෙනගැනීමකි. ඔය දරුවන්ට දැන් නැවත සිදුවීමේ වැදගත්කම වැටහෙනවා. ඔබගේ චරිත කොටස් සෑම පියවරකදීම වෙනස් වනවා එක් තත්පරයක් ඊලඟ තත්පරයට සමාන විය නොහැක. කාලය උකුණෙක් මෙන් ගත වී ගෙන යයි. ටික් ටික් තත්පර ගෙවී යයි. ඔබ දැන් අසීමිත බවේ සිටගෙන සිටිනවා. වෙනත් කිසිම මනුෂ්‍යයෙක් අසීමිත බවේ නැත. වෙනත් කිසිම කෙනෙකුට අසීමිත බවේ ඥානය නොමැත, එනම්, ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ ඥානය. ඔබ දැන් අනාගතය දන්නවා. අප නව ලෝකයට යනවා. මේ අප තරණය කළ යුතු සංගම යුගයයි. ලුණු සහිත ඇල තිබෙයි. මෙය මිහිරි අමෘතයේ ඇලයි. අනෙක විෂ එකකි. ඔබ දැන් විෂ සාගරය අතහැර, කිරි සයුරට යනවා. මෙය අසීමිත කාරණාවකි. ලොවෙහි කිසිවෙකු මෙම දේවල් ගැන නොදනී. මෙය අළුත් දෙයක් නොවේද? දෙවියන් යැයි අමතන්නේ කාටද, එමෙන්ම ඔහු රඟපාන චරිත කොටස කුමක්ද කියා දන්නේ ඔබ පමණයි. ඔබගේ ලැයිස්තුවේ එක් මාතෘකාවක් වන්නේ එන්න, අපි ඔබට පරම පියා, පරමාත්ම ජීවයේ චරිත කතාව කියා දෙන්නම්. ඇත්ත වශයෙන්ම දරුවන්, ඔවුන්ගේ පියාගේ චරිත කතාව කීම සාමාන්‍ය දෙයකි. කෙසේවෙතත් එම කෙනා, සියලුම දෙනාගේ පියා වන අතර ඔබටද මෙය වැටහෙන්නේ ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලටයි. ඔබ දැන් පරම පියාගේ නිවැරදි හැඳින්වීම ලබා දිය යුතුයි. පරම පියා ඔබට මෙය ලබා දී තිබේ, මේ නිසයි ඔබට මෙය අන් අයට විස්තර කළ හැකි වන්නේ වෙනත් කිසිවෙකු අසීමිත පියාව නොදනී. ඔබ ඔහුව හඳුනන්නේ සංගම යුගයෙදි පමණයි. මනුෂ්‍යයින් දේවතාවන් වුවත්, ශුද්‍රයින් වුවත්, ජීවාත්ම පිවිතුරු වුවත් අපවිත්‍ර වුවත්, කිසිම කෙනෙක් ඔහුව නොදනී. සංගම යුගයේ බ්‍රහ්මණයින් වන ඔබ පමණයි ඔහුව හඳුනන්නේ. එබැවින් ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි! මේ නිසයි මෙම ප්‍රශංසාව තිබෙන්නේ ඔබට අතීන්ද්‍රීය සතුට ගැන දැනගැනීමට අවශ්‍ය නම්, ගොපළු ගොපලියන් ගෙන් අසන්න. බාබා, පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරුද වෙයි. එබැවින් ඔබ අනිවාර්යෙන්ම පරම යන වචනය ලිවිය යුතුයි. ඇතැම් විටෙක ඔය දරුවන්ට මෙය අමතක වනවා. මේ සියලුම දේවල් ඔය දරුවන්ගේ බුද්ධියේ සනිටුහන් වී තිබිය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම මෙම වචනය, ශිව බාබාගේ වර්ණනාවේ ලිවිය යුතුයි. ඔබ හැර වෙනත් කිසිවෙක් මෙය නොදනී. මෙය විස්තර කළ හැක්කේ ඔබටයි, එබැවින් එය ඔබගේ ජයග්‍රහණයයි. අසීමිත පියා, සියලු දෙනාටම ගුරුවරයා බවත් සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නා බවත්, ඔබ දන්නවා. අපට අසීමිත සතුට සහ අසීමිත ඥානය ලබා දෙන්නේ ඔහුයි. ඒ තිබියදී ඔබ එවන් පියෙක්වත් අමතක කරයි! මායා එතරම් බලවත්ය! පරමාත්ම දෙවියන් බලවත් යැයි කියයි, නමුත් මායාද අඩු නැත. ඔය දරුවන්ට චවනයේ අරුත නිවැරදිව වැටහෙයි. මායාට රාවණ යන නමද දී තිබේ. රාමාගේ රාජධානිය සහ රාවණගේ රාජධානිය තිබේ. ඔබ මෙය නිවැරදිව විස්තර කළ යුතුයි. රාමාගේ රාජධානිය තිබෙන නිසා, රාවණගේ රාජධානියද තිබිය යුතුයි. එය සෑම විටෙකම රාමාගේ රාජධානිය විය නොහැක. රාමාගේ රාජධානිය, ශ්‍රී ක්‍රිෂ්ණාගේ රාජධානිය, ස්ථාපිත කරන්නේ කවුරුන්ද කියා, අසීමිත පියා මෙතැන අසුන් ගෙන විස්තර කරයි. ඔබ බොහෝ සෙයින් භාරත දේශය වර්ණනා කළ යුතුයි. භාරතය, සත්‍යයේ දේශය විය. එම දේශය බොහෝ සෙයින් ප්‍රශංසා කෙරෙයි! එය ඒ බවට පත් කළේ පරම පියාය. ඔබ පරම පියාට බොහෝ ආදරය කරයි! ඔබගේ බුද්ධිය තුළ, අරමුණ සහ ඉලක්කය ඇත. ඔබගේ ඉගෙනුමෙහි කුල්මත්භාවය තිබිය යුතු බව ඔය ශිෂ්‍යයින්ටද වැටහෙයි. ඔබගේ චරිතය පිළිබඳව ද ඔබ සැලකිලිමත් විය යුතුයි. මෙය පරමාත්ම දෙවියන්ගේ ඉගැන්වීම බැවින් ඔබ එක් දිනක්වත් එය මඟ නොහැරිය යුතු බවත්, ඔබගේ ගුරුවරයා පැමිණි පසුව ඔබ පංතියට ප්‍රමාද වී නොපැමිණිය යුතු බවත්, ඔබගේ යටි සිත ඔබට කියයි. ඔබගේ ගුරුවරයා පැමිණියාට පසුව පංතියට පැමිණීම අපහාස කිරීමකි. පාසැලේදී, ගුරුවරයා පැමිණියාට පසුව ශිෂ්‍යයින් පැමිණි විට, ඔවුන්ට පංති කාමරයෙන් පිටත සිටගෙන සිටින ලෙස කියයි. බාබා ඔබට ඔහුගේ ළදරු කාලයේ නිදසුන් දෙයි මගේ ගුරුවරයා හරිම සැරයි ඔහු අපට පංති කාමරයට ඇතුළු වීමටවත් ඉඩ දුන්නේ නැත. මෙහි බොහෝ දෙනෙක් ප්‍රමාද වී පැමිණෙයි. සේවය කරන කීකරු දරුවන් නිසැකයෙන්ම පරම පියාගේ ආදරය ලබයි. මෙය ආදී සනාතන දෙවි දේවතා ධර්මය බව, ඔබට දැන් වැටහෙයි. මෙම ධර්මය ස්ථාපිත කළේ කවදාද? එය කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. එය ඔබගේ බුද්ධියෙන්ද නැවන නැවතත ගිලිහී යයි. ඔබ දැන් දේවතාවන් වීමට උත්සාහ දරමින් සිටිනවා. ඔබට උගන්වන්නේ කවුද? පරම පියා, පරමාත්ම ජීවයමයි. මෙය ඔබගේ බ්‍රහ්මණ වංශය බව ඔබට වැටහෙනවා. රජ පෙළපතක් නැත. මෙය වඩාත්ම උසස් බ්‍රහ්මණ වංශයයි. පරම පියාද වඩාත්ම ශ්‍රේෂ්ඨ කෙනාය, එහෙම නේද? ඔහු උසස්මඋසස් කෙනාය. එබැවින් ඔහු ලබා දෙන ආදායම අනිවාර්යෙන්ම උසස්ම වෙයි. ශ්‍රී ශ්‍රී කියා ඇමතිය යුත්තේ ඔහුට පමණයි. ඔහු ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. ඔබව උසස් කරවන්නේ කවුරුන්ද කියා දන්නේ ඔය දරුවන් පමණයි. වෙනත් කිසිම කෙනෙක් කිසිවක් වටහාගන්නේ නැත. ඔබ පවසන්නේ අපගේ පරම පියා, පියා, ගුරුවරයා සහ සත්ගුරු වන අතර, ඔහු අපට උගන්වනවා. අප ජීවාත්මයන්ය. පරමාත්ම පියා ජීවාත්ම වන අපට මෙය සිහි කර දී තිබේ ඔබ මගේ දරුවන්ය. මෙය සහෝදරත්වයක් නොවේද? ඔවුන් පියාව සිහි කරන අතර, පරම පියා අශාරීරික බව ඔවුන්ට වැටහෙයි, එබැවින් ජීවාත්ම ද නිසැකයෙන්ම අශාරීරික විය යුතුයි. ජීවාත්මයක් ඔහුගේ සිරුර හළා, තව එකක් ගෙන, ඔහුගේ චරිත කොටස නොකඩවා රඟපායි. ජීවාත්ම වෙනුවට, මිනිසුන් තමන් ශරීර බව සලකයි ඔවුන් ජීවාත්ම බව ඔවුන්ට අමතකව ගොසින්ය. මට කිසිම විටෙක මෙය අමතක වන්නේ නැත. ඔබ සියලු දෙනාම සැලිග්‍රමයන්ය. මා පරම පියාය, එනම් එහි අරුත වන්නේ, පරමාත්ම ජීවයයි. ඔහුට වෙනත් නමක් නැත. පරමාත්ම ජීවයේ නම, ශිවාය. ඔබ සියලු දෙනාද ඔහු මෙන් ජීවාත්මයි, නමුත් ඔබට සැලිග්‍රම යැයි කියයි. ශිව දේවාලයේ, ඔවුන් සැලිග්‍රම බොහොමයක් තබා ඇත. ඔවුන් ශිවාව වන්දනා කරන විට, ඒ සමගම, සැලිග්‍රමද වන්දනා කරයි. මේ නිසයි ඔය ජීවාත්ම සහ ඔබගේ සිරුරු යන දෙකම වන්දනාවට ලක් වන බව, බාබා විස්තර කර තිබෙන්නේ. මට සිරුරක් නොමැති නිසා, වන්දනා කෙරෙන්නේ මා වන ජීවාත්මයට පමණයි. ඔබ බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත්වනවා! බාබා බොහෝ සතුටට පත්වනවා. ඇතැම් විට, පියෙක් දුප්පත් වන අතර, ඔහුගේ දරුවා ඉගෙන ගෙන, උසස් තත්ත්වයක් හිමි කරගන්නවා. ඔවුන් කිසිවක් නොමැති අයගෙන්, යමක් ඇති අය බවට පත්වනවා. ඔබද බොහෝ උසස්ව සිටි බව, පරම පියාට වැටහෙනවා. ඉන්පසුව ඔබ පරම පියාව නොදත් නිසා, අනාථයින් බවට පත් වුණා. ඔබ දැන් අයත් වන්නේ පරම පියාටයි. එබැවින් ඔබ මුළු ලොවෙහිම අධිපතියන් බවට පත්වනවා. පරම පියා පවසන්නේ ඔබ මට දිව්‍යමය දෙවි පියාණන් කියා ඇමතුවා. දිව්‍ය ලෝකය, දැන් ස්ථාපිත වන බව ඔබ දන්නවා. එහි කුමක් පවතිද කියා, ඔබගේ බුද්ධියේ හැර, වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටි බවත්, ඔබ දැන් නැවතත් එය බවට පත් වන බවත්, තිබෙන්නේ ඔය දරුවන්ගේ බුද්ධිය තුළ පමණයි. ඔවුන් අධිපතියන් බව, පුරවැසියන්ද කියයි. මෙම දේවල් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ පමණක් තිබේ. එබැවින් ඔබට බොහෝ සේ සතුට තිබිය යුතුයි! මෙම දේවල් වලට සවන් දී, ඔබ අන් අයටද මේවා පැවසිය යුතුයි. මධ්‍යස්ථාන සහ කලාගාර විවෘත වන්නේ මේ නිසාය. පෙර චක්‍රයේ සිදු වූ සෑම දෙයක්ම දිගින් දිගටම සිදුවෙයි. බොහෝ මිනිසුන් ඔබ වෙනුවෙන් කලාගාරයක් හෝ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කැමැත්ත පල කරයි බොහෝ දෙනෙක් මතු වෙයි. සෑම කෙනෙකුගේම අස්ථී, දිගටම මෙළෙක් වනවා, ඔබ අඛණ්ඩව මුළු ලෝකයේම අස්ථී මෙළෙක් කරනවා. ඔබගේ යෝගාවේ බොහෝ සේ බලය තිබේ. පරම පියා පවසන්නේ ඔබට බොහෝ බලය තිබේ. යෝගාවේ සිට ආහාර පිළියෙල කර, එම ස්ථීතියේ සිට ඔවුන්ට එය කවන්න, එවිට ඔවුන්ගේ බුද්ධිය මෙම දිශාවට ආකර්ෂණය වෙයි. භක්ති මාර්ගයේ මිනිසුන් ඔවුන්ගේ ගුරුගේ පිඟානෙන් පවා කෑම කයි. භක්ති මාර්ගයේ ඔබට විස්තර කිරීමටවත් නොහැකි පමණට, බොහෝ ව්‍යාප්තිය ඇති බව ඔය දරුවන්ට වැටහෙනවා! මෙය බීජය වන අතර, එය ගසයි. ඔබට බීජය ගැන කතා කළ හැක, නමුත් ඔබ යමෙකුට පත්‍ර ගණන් කිරීමට කියා කියන්නේ නම්, කිසිවෙකුට එය කළ නොහැකි වෙයි. ගණන් කළ නොහැකි තරම් පත්‍ර තිබේ. බීජයක, පත්‍ර වල සළකුණක් නැත. එය විශ්මයකි! මෙයටද ස්වභාව ධර්මයා යැයි කියයි. සියලුම කෘමී ජීවිත බොහෝ සෙයින් ආශ්චර්යමත්ය! බොහෝ විවිධ වර්ග වල කෘමීන් සිටින අතර, ඔවුන් නිර්මාණය කර ඇති ආකාරය දෙස බලන්න. එය ආශ්චර්යමත් නාටකයකි. ස්වභාව ධර්මය යැයි කියන්නේ මෙයටයි. මෙම නාටකය පෙර නියම වූවකි. ඔබ ස්වර්ණමය යුගයේ දකින්නේ මොනවාද? එහි සෑම දෙයක්ම අළුත් වෙයි. අළුත් සෑම දෙයක්ම එහි තිබෙයි. ශ්‍රී ක්‍රිෂ්ණාගේ ඔටුන්නේ, මොණරෙකුගේ පිහාටුවක් පෙන්වා ඇති නිසා, මොණරා, භාරතයේ ජාතික පක‍්ෂියා ලෙස හැඳින්වෙන බව, බාබා විස්තර කර දී තිබේ. මොණරාගේ පිරිමි සතා මෙන්ම ගැහැණු සතාද ඉතාමත්ම ලස්සනයි. ඔවුන්ගේ නිර්මාණය සිදුවන්නේ කඳුළු වලින්ය, මේ නිසයි එයට ජාතික පක‍්ෂියා යැයි කියන්නේ. විදේශයන්හිද ඉතාමත් ලස්සන කුරුල්ලන් සිටියි. මුළු ලෝකයේම මුල, මැද සහ අවසානය පිළිබඳ රහස්, ඔය දරුවන්ට දැන් විස්තර කර දී තිබේ. වෙනත් කිසිවෙකු මෙය නොදනී. ඔවුන්ට කියන්න අපි ඔබට පරම පියා, පරමාත්ම ජීවයේ චරිත කතාව කියන්නම්. නිර්මාණකරු සිටින බැවින්, ඔහුගේ නිර්මාණයද සිටිය යුතුයි. අප එහි ඉතිහාසය සහ භූගෝලය දන්නවා. උසස්මඋසස්, අසීමිත පියා රඟපාන චරිත කොටස ගැන අපි දන්නවා. ලෝකයා ඒ පිළිබඳව කිසිම දෙයක් නොදනී. මෙම ලෝකය ඉතාමත්ම අපිරිසිඳුයි. මේ දිනවල ලස්සන වීමත් ප්‍රශ්නයකි බලන්න, ඔවුන් දරුවන්ව පැහැර ගන්නා ආකාරය! මෙම දූෂිත ලෝකය ගැන ඔය දරුවන්ට නීරසයක් තිබිය යුතුයි. මෙය අපිරිසිඳු ලෝකයක් සහ අපිරිසිඳු සිරුරකි. අප පරමාත්ම පියාව සිහිපත් කර, ජීවාත්ම වන අපව පිවිතුරු කර ගත යුතුයි. අප සිටියේ සතෝප්‍රධාන් සහ සතුටින්ය. දැන් අපි තමෝප්‍රධාන් බැවින් අපි සිටින්නේ දුකින්ය අප නැවත වරක් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබට අපවිත්‍ර බවින් පිවිතුරු වීමට අවශ්‍යයි. ඔවුන් මෙසේ ගායනා කරන නමුත් ඔබ අපවිත්‍ර අයව පිවිතුරු කරන්නාය, ඔවුන්ට (අපවිත්‍රභාවය ගැන) නීරසයක් නැත. මෙම ලෝකය අපිරිසිඳු බව ඔය දරුවන්ට වැටහෙනවා. නව ලෝකයේ දී අපට ලස්සන සිරුරු ලැබෙයි. අපි දැන් අමරණීය දේශයේ අධිපතියන් බවට පත්වනවා. ඔය දරුවන් සෑම විටෙකම සතුටින් සහ ප්‍රමෝදමත්ව සිටිය යුතුයි. ඔය දරුවන් බොහෝ සේ මිහිරියි. පරම පියා පැමිණ සෑම වසර 5000 කදීම, මුණගැසෙන්නේ එම දරුවන්වමයි, එබැවින් එම සතුට අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මම නැවත වරක් ඔය දරුවන්ව මුණගැසීමට පැමිණ සිටිමි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර

ධාරණය සඳහා සාරාංශය:
1. අප දේවමය ශිෂ්‍යයින්ය. එබැවින් අපි ඉගෙනුම පිළිබඳ කුල්මත් විය යුතු අතර, අපගේ චරිතය ගැනද සැලකිලිමත් විය යුතුයි. එක් දිනකටවත් මෙම ඉගෙනුම අතපසු නොකරන්න. පංතියට ප්‍රමාද වී පැමිණ, ගුරුවරයාට අපහාස නොකරන්න.

2. මෙම දූෂිත, අපිරිසිඳු ලෝකයට නීරසයක් ඇති කරගන්න. පරම පියාගේ සිහි කිරීම තුළින්, තමා වන ජීවාත්මය, පිවිතුරු සහ සතෝප්‍රධාන් කිරීමට උත්සාහ දරන්න. සෑම විටෙකම සතුටින් සහ ප්‍රමෝදමත්ව සිටින්න.

වරදානය:
ඔබ කර්ම බන්දන වලින් නිදහස්ව සිට, ඔබගේ සූක‍්ෂම ශරීර වාහනයෙන් සේවය කරන අතර ආලෝකමත් සහ සැහැල්ලු වේවා.

ඔබගේ භෞතික සිරුර තුළින් ඔබ භෞතික දේවමය සේවාවන් කිරීමේ කාර්යබහුල වන ආකාරයෙන්ම, ඔබ එකවර ඔබගේ සූක‍්ෂම ශරීරයෙන්ද සූක‍්ෂම සේවාවන් සිදු කළ යුතුයි. බ්‍රහ්මා තුළින් ස්ථාපනය වර්ධනය වූ ආකාරයෙන්ම, ඔබගේ සූක‍්ෂම සිරුරේ මෙම භාවිතයෙන් සහ ඔබගේ ඒකාබද්ධ ශිවශක්ති ස්වරූපයේ දර්ශනයෙන්, දර්ශන ලබා දීමේ සහ පණිවිඩය දීමේ කාර්යයන් සිදු වෙයි. කෙසේවෙතත්, මෙම සේවය සිදු කිරීමට, ඔබ වැඩ කරන විට පවා, නිරන්තරයෙන් කර්ම බන්දන වලින් නිදහස්ව මෙන්ම ආලෝකමත් සහ සැහැල්ලුවෙන් සිටිය යුතුයි.

පාඨය:
සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වීමේ භාග්‍යය, ගරු බුහුමන් අත්හැරීම තුළ මුසු වී තිබේ.