12.11.23 Avyakt Bapdada
Sinhala
Murli 22.03.96 Om Shanti Madhuban
බ්‍රහ්මින් ජීවිතයේ
පෞරුෂත්වය වන්නේ සියලු ප්‍රශ්න අභිබවා ගොස් නිරන්තරයෙන් තෘප්තිමත්ව රැඳී සිටීමය.
අද දින සියලු ලැබීම්
පිරිනමන්නා වන බාප්දාදා සම්පූර්‍ණ ලැබීම් වල ප්‍රතිමූර්ති වන ඔහුගේ සියලුම දරුවන්ව
දකිනවා. ඔබට බාප්දාදාගෙන් බොහෝ ලැබීම් හිමි වී ඇති අතර ඔබ ඒවායේ ලැයිස්තුවක්
සාදන්නේ නම්, එය ඉතා දිග ලැයිස්තුවක් වෙයි, එබැවින් දිග ලැයිස්තුව ගැන කතා කරනවා
වෙනුවට ඔබ සරළව පවසන්නේ: ‘මෙම බ්‍රහ්මින් දිවියේ කිසිම අඩුවක් නැහැ’. ඉතිං, ඔබට
බොහෝ ලැබීම් තිබෙන බව බාප්දාදා දකිනවා. එය ඉතා දිග ලැයිස්තුවක් නේද? සියලු ලැබීම්
ඇති අයගේ ප්‍රායෝගික දිවියේ සළකුණ කුමක් වෙයිද? ඔබ මෙය දන්නවා නේද? සියලු ලැබීම් වල
සලකුණ වන්නේ කෙනෙකුගේ මුහුණේ සහ ක්‍රියාකාරකම් වල නිරන්තරයෙන් තෘප්තියේ පෞරුෂත්වය
දිස් වීමය. කෙනෙක්ව ආකර්ෂණය කරන්නේ පෞරුෂත්වයයි. එබැවින් සියලු ලැබීම්වල සලකුණ
වන්නේ තෘප්තිය ලෙසත් හැඳින්විය හැකි, සෑහීමට පත්වීමේ පෞරුෂත්වයයි. කෙසේවෙතත්,
ඔවුන්ගේ මුහුණේ නිරන්තරයෙන් දිස්විය යුතු සෑහීමට පත්වීමේ දිස්නය නොපෙනෙයි. විටෙක
ඔවුන් සෑහීමට පත්ව සිටින අතර (ප්‍රසන්චිත්) විටෙක ඔවුන්ට ප්‍රශ්න තිබේ
(ප්‍රශ්නචිත්). දෙයාකාරයක දරුවන් සිටියි. එක වර්ගයක් වන්නේ අවස්ථාවක් පැන නැඟුණු
සැනින්, ප්‍රශ්න වල පිළිරූ වී, මෙසේ විමසන අයයි, “ඇයි? මොකක්ද? කොහොමද? කවදාද?”
ඔවුන් ප්‍රශ්න වල පිළිරූ වන අයයි. අනෙක් වර්ගය වන්නේ නිරන්තරයෙන් ලැබීම් වල පිළිරූ
වන අයයි, එනම්, ඔවුන් සම්පූර්ණයෙන් තෘප්තිමත්ය. ඔවුන්ට කිසිම විටෙක කිසි දෙයක් ගැන
ප්‍රශ්න නොමැත, මන්ද, ඔවුන් සියලු ලැබීම් වලින් පිරිපුන්ය. එබැවින් “ඇයි? මොකක්ද?”
යන ප්‍රශ්න, චංචලත්වයට හේතු වන අතර පිරිපුන් අය කිසිම විටෙක චංචල නොවෙයි. හිස්ව
තිබෙන දෙයක් අස්ථාවරයි. එබැවින් තමන්ගෙන් විමසන්න: මා නිරන්තරයෙන් තාප්තිමත්ව රැඳී
සිටිනවාද? ඇතැම් විට පමණක් නොව නමුත් නිරන්තරයෙන්? දැනුමට පැමිණ වසර දහයක් වී ඇති
අය මෙය බවට නිරන්තරයෙන් පත් වෙයිද, නැද්ද? ඔබ ‘ඔව්’ නොකියයි. ඔබ තවමත් ඒ ගැන
සිතමින් සිටිනවාද? තෘප්තිමත් බවේ අඩුවක් ඇත්නම් ඉන් අදහස් වන්නේ ලැබීම් වල අඩුවක්
ඇති බවත් ලැබීම් වල අඩුවක් යනු, තවමත් එක් හෝ තව ආශාවක් ඉතිරිව තිබීමය. ඊර්ෂ්‍යාවේ
පදනම වන්නේ යම් ආශාවක් සහ ලැබීම් නොමැතිකමකි. ඉතා සූක්ෂම ආශාවන් ඔබව යම් නොලැබීමක්
වෙතට ඇද ගන්න අතර ඉන්පසුව ඔබ රාජකීය භාෂාවකින් පවසන්නේ: එය මගේ ආශාව නොවෙයි, නමුත්
එය සිදුවෙනවා නම් හොඳයි. කෙසේවෙතත්, තාවකාලික ආශා ඇත්නම්, එතැන කිසිම හොඳක් තිබිය
නොහැක. එබැවින් මෙම දැනුම මාවතේ ඔබගේ ජීවිතයේ කිසියම් ස්වරූපයක රාජකීය ආශාවන්
තිබෙන්නේද නැත්නම් දළ ආශාවන් තිබෙන්නේද කියා පරීක්ෂා කර බලන්න. දළ ආශාවන් දැන්
අවසන් වී ඇති බව පෙනෙන්ට තිබෙන නමුත් මෙම දැනුමට පැමිණීමෙන් පසුවත් සූක්ෂම
ස්වරූපයකින් රාජකීය ආශාවන් තවමත් ඉතිරිව තිබේ. එබැවින් මේවා පරීක්ෂා කරන්න.
බාප්දාදා දැන් පතන්නේ ඔය සියලුම දරුවන් පියා හා සමානව පරිසමාප්ත සහ අංගසම්පූර්ණ
කිරීමටයි. ඔබ තුළ කෙනෙක් කෙරෙහි සෙනෙහස ඇත්නම් එම කෙනා හා සමාන වීම අපහසු නැත.
බාප්දාදා කෙරෙහි ඔබ
තුළ බොහෝ සෙනෙහස තිබෙනවාද, නැත්නම් නිකම්ම සෙනෙහස පමණයිද? (බොහෝ සෙනෙහස). ඔබට
නිසැකද? එසේ නම් සෙනෙහස නිසා යම් දෙයක් අතහැරීම හෝ යමක් පරිවර්ථනය කිරීම ලොකු
දෙයක්ද? (නැහැ). එසේ නම් ඔබගේ අතහැරීම සම්පූර්ණද? පියාට අවශ්‍ය දේ සහ ඔහු ඔබට
කිරීමට පැවසූ දේ ඔබ කළාද? සෑම විටම? මෙය ඇතැම් විට පමණක් කිරීම නොසෑහෙයි. රාජධානියේ
භාග්‍යය හිමි කර ගැනීමට ඔබ පතන්නේ ටික කාලයකට පමණක්ද, සෑම කලටද? ඔබ පතන්නේ එය සෑම
කලටම හිමි කරගැනීමටයි එහෙම නේද? එබැවින් නිරන්තරයෙන් තෘප්තිය තිබිය යුතුයි; ඔබගේ
මුහුණේ හෝ ක්‍රියාකාරකම් වල වෙනත් හැඟීමක් දිස් නොවිය යුතුයි. විටෙක මෙසේ කියැවෙයි:
අද මේ සහෝදරයා හෝ සහෝදරියගේ මූඩ් එක වෙනස්. ඔබත් ඇතැම් විට මෙසේ කියයි: අද මගේ මූඩ්
එක වෙනස්. ඔබ මෙය හඳුන්වන්නේ කුමක් කියාද? එය නිරන්තර තෘප්තියද? බොහෝ දරුවන්
තෘප්තිය (ප්‍රශාන්ත) අත්විඳින්නේ තමන්ට දෙන ප්‍රශංසාවේ පදනමට අනුවයි. කෙසේවෙතත්, එම
තෘප්තිය තාවකාලිකයි. අද ඔවුන්ට එම තෘප්තිය තිබෙන නමුත් ටික වෙලාවකට පසුව එය අවසන්
වෙයි. තවද ඔබගේ තෘප්තියේ පදනම ප්‍රශංසාවද කියාත් පරීක්ෂා කර බලන්න. ඔවුන් මෙකළ
ගොඩනැගිලි තනන විටද එය මෙසේම වෙයි: ඔවුන් සිමෙන්ති වලට වඩා වැලි ටිකක් වැඩියෙන්
භාවිතා කරයි. එය මිශ්‍ර වෙයි. මෙහිද එය එසේමයි: අත්තිවාරම මිශ්‍රිතයි, එය නිවැරදි
නැහැ. එවිට යම් අහිතකර සිදුවීමක සුළු කුණාටුවක් හෝ කිසියම් චංචලත්වයක් ඇත්නම්, එය
ඔබගේ තෘප්තිය අවසන් කරයි. ඔබට එවන් අත්තිවාරමක් නැහැ නේද?
බාප්දාදා මින් පෙරත්
ඔබට පවසා ඇති අතර ඔහු දැන් එය වැදගත් බව පවසයි, එනම් ආශාවේ රාජකීය ස්වරූපය වන්නේ,
නම, ගරු බුහුමන් සහ සම්මානයි. ඔබ සේවයේ ආධාරය ගෙන, ඔබ සිදු කරන සේවයෙන් ඔබගේ නම
කීර්තිමත් කර ගැනීමට ඔබට අවශ්‍ය වෙයි. නමුත් නමක් පිටුපස හඹා යමින් සේවය කරන අයගේ
කාරණාව වන්නේ, ඔවුන් බොහෝ සේවය කළ හැකි අය වන අතර අන් අයව හොඳින් ආකර්ෂණය කරන
නමුත්, ඔවුන්ගේ නම් කීර්තිමත් වන්නේ තාවකාලික කාලයකට පමණයි. නමක් උපයා ගැනීමේ
පදනමින් සේවය කරන අය, තම නම, උසස් තත්ත්වයක් හිමි කරගන්නා අයගේ ලැයිස්තුවේ පිටුපසට
යවයි, මන්ද, ඔවුන් කිසිදා නොඉදෙන, අමු ඵල බුදින බැවින්. ඉතිං, ඔබ දැනටමත් අමු
පලතුරු කා ඇත්නම්, ඔබ ඉදුණු පලතුරු කන්නේ කෙසේද? ඔබ සේවය සිදු කර නමක් උපයා ගත්තා;
එය අමු පලතුරයි. නැත්නම් ඔබට මෙවන් ආශාවක් තිබෙයි: මා බොහෝ සේවය සිදු කළා, එමෙන්ම
වැඩිම සේවයක් කිරීමට මා උපකරණයකි. එබැවින් නමක් උපයා ගැනීමේ පදනමින් සේවය කරන අය,
අමු පලතුර බුදින අයයි. අමු පලතුරු වල කිසිදු ශක්තියක් තිබිය හැකිද? ඔබ සිතන්නේ: මා
මෙතරම් සේවය කළා, ඒ නිසා ප්‍රතිඵලයක් ලෙස මට ගෞරවය ලැබිය යුතුයි. මෙය ගෞරවය (මාන්)
නොවෙයි, නමුත් අහංකාරකමයි (අභිමාන්). අහංකාරකම ඇති තැන, කිසිම තෘප්තියක් තිබිය
නොහැක. ශ්‍රේෂ්ඨතම සම්මානය වන්නේ බාප්දාදාගේ හදවතේ සම්මානය හිමි කරගැනීමයි. ඔබට
වෙනත් ජීවාත්මයන්ගේ හදවතේ සම්මාන ලැබුණත් එම ජීවාත්මද ලබා ගන්න අය හෝ මාස්ටර්
පරිනමන්නන්ය, ඒකායන පිරිනමන්නා නොව. එබැවින් ඔබට ගෞරවය හිමි කරගැනීමට අවශ්‍ය නම්
නිරන්තරයෙන් බාප්දාදාගේ හදවතේ සම්මානය දිනා ගන්න. ඒ සියලුම රාජකීය ආශාවන් ඔබට
ලැබීම්වල ප්‍රතිරූ වීමට ඉඩ නොදෙයි, එබැවින් ඔබගේ මුහුණේ හෝ ක්‍රියාකාරකම්වල
තෘප්තියේ පෞරුෂත්වය දිස් නොවෙයි. ඕනෑම අවස්ථාවකදී ඔබගේ තෘප්තියේ මූඩ් එක වෙනස්
වන්නේ නම් එය සදාතනික තෘප්තිය නොවෙයි. බ්‍රහ්මින් දිවියේ මූඩ් එක වන්නේ නිරන්තරයෙන්
ප්‍රබෝදමත් වීම සහ ප්‍රවේසම් වීමය; ඔබගේ මූඩ් එක වෙනස් කර නොගන්න. කෙසේවෙතත්, ඔබ
රාජකීය වචන වලින් පවසන්නේ: අද මට හුදකලාවේ සිටීමට අවශ්‍යයි. ඔබට මෙය අවශ්‍ය ඇයි?
ඔබට සේවය කිරීමෙන් හෝ පවුලේ අයගෙන් ඉවතට පියවර තැබීමට අවශ්‍යයි, එවිට ඔබ පවසන්නේ
ඔබට සාමය සහ හුදකලාව අවශ්‍ය බවයි. අද මගේ මූඩ් එක මෙවැනිය. එබැවින් ඔබගේ මූඩ් එක
වෙනස් කර නොගන්න. යම් හේතුවක් තිබෙන්නට පුළුවනි, නමුත්, ඔබ හේතු, විසඳුම් වලට
පරිවර්ථනය කරන අයද, නැත්නම් හේතු වල සිර වෙන අයද? ඔබ විසඳුම් සොයා ගන්න අයයි. ඔබ
ගෙන ඇති කොන්ත්‍රාත්තුව කුමක්ද? ඔබ කොන්ත්‍රාත්කරුවන් නේද? ඉතිං ඔබ ගෙන ඇති
කොන්ත්‍රාත්තුව කුමක්ද? ඔබ පදාර්ථ වල මූඩ් එකත් වෙනස් කරන බව. ඔබ පදාර්ථත් වෙනස් කළ
යුතුයි. එබැවින් පදාර්ථ වෙනස් කරන අයට තම මූඩ් එක වෙනස් කළ නොහැකිද? ඔබගේ මූඩ් එක
වෙනස් වෙනවාද නැද්ද? විටෙක ඔබ තම මූඩ් එක වෙනස් කරගන්නවාද? එවිට ඔබ පවසන්නේ ඔබ
සාගරය අසලට ගොස් අසුන් ගැනීමට ප්‍රියා කරන බවයි, ඥාන සාගරය නොව භෞතික සාගරය අසල. ඔය
විදේශිකයන් මෙය කරනවා නේද? එසේ නැත්නම් ඔබ මෙසේ කියයිද: මා හේතුව නොදන්න නමුත් අද
මට තනිකමක් දැනෙනවා. එසේ නම්, පියා සමග ඒකාබද්ධ ස්වරූපය ගියේ කොහාටද? ඔබ ඔහුගෙන්
තමාව වෙන් කර ගත්තාද? ඔබ ඒකාබද්ධ වීමෙන් වෙන් වෙනවා: මෙය සෙනෙහස ලෙස හැඳින්විය
හැකිද? ඇත්ත වශයෙන්ම “මූඩ් එක නරක් වීම” ඉතා බරපතල දෙයක්, එමෙන්ම තම මූඩ් එක වෙනස්
වෙමින් තිබීමත් හොඳ දෙයක් නොවෙයි. මූඩ් එක නරක් කරගත් අය බොහෝ විවිධ ක්‍රීඩා
පෙන්වයි. ඔවුන් තම ජ්‍යෙෂ්ඨයින්ට සහ සහකරුවන්ට පවා බොහෝ ක්‍රීඩා පෙන්වන බව බාප්දාදා
දකියි. එවන් ක්‍රීඩා නොකරන්න, මන්ද බාප්දාදා තුළ සියලුම දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස
තිබේ. බාප්දාදාට අවශ්‍ය වන්නේ විශේෂ උපකරණ ජීවාත්ම පමණක් පියා හා සමාන වී, අන් අය
එසේ වන්නේද නොවන්නේද කියා බාබා නොසලකා හරිනවා නොවෙයි; නැහැ. බාප්දාදා සියලු දෙනාව
සමාන කළ යුතුයි: බාප්දාදාගේ සෙනෙහස මෙයයි. සෙනෙහසට ප්‍රතිචාර දැක්වීමට ඔබ දන්නවාද?
එසේ නැත්නම් ඔබ මෙයට ප්‍රතිචාර දක්වන්නේ ඔබගේ දඟකාර ක්‍රීඩා වලින්ද? විටෙක ඔබ දඟකාර
ක්‍රීඩා පෙන්වන අතර විටෙක ඔබ සමාන වීමෙන් ප්‍රතිචාර දක්වයි. එම කාලය දැන් අවසන් වී
ඇත.
ඔබ දැන් දියමන්ති
ජුබිලිය සමරනවා නේද? වසර 60කට පසුව ඔබ සාමාන්‍යයෙන් විශ්‍රාමික අවදිය ආරම්භ කරයි.
ඔබ තව දුරටත් කුඩා දරුවන් නොවෙයි, නමුත් ඔබ ඉන්නේ විශ්‍රාමික අවදියේ, එනම්, ඔබ සෑම
දෙයක් ගැනම දන්නා, අත්දැකීම් ඇති ජීවාත්මයි: දැනුමින් පිරිපුන්, බලයෙන් පිරිපුන් සහ
සාර්ථකත්වයෙන් පිරිපුන්. එබැවින් ඔබ නිරන්තරයෙන් දැනුමින් පිරිපුන් වනවා සේම ඔබ
බලයෙන් පිරිපුන් මෙන්ම සාර්ථකත්වයෙන්ද පිරිපුන් නේද? විටෙක ඔබ සාර්ථක නොවන්නේ ඇයි?
මෙයට හේතුව කුමක්ද? ඇත්ත වශයෙන්ම සාර්ථකත්වය ඔබ සියලු දෙනාගේම උපත් අයිතියයි. ඔබ
මෙය පවසනවා නේද? ඔබ මෙය නිකමට පවසනවා පමණක්ද, නැත්නම් ඔබ මේ ගැන විශ්වාසත් කරනවාද?
ඉතිං ඔබ සාර්ථකත්වය අත්නොදකින්නේ මන්ද? එය ඔබගේ ජන්ම උරුමය බැවින් මෙයට හේතුව
කුමක්ද? ඔබ මෙම අයිතිය ලබා ගැනීම හෝ එය අත්විඳීම සිදු නොවන්නේ ඇයි? මෙයට හේතුව
කුමක්ද? ඔබගෙන් වැඩි දෙනෙක් කල් තියාම දුර්වල සිතිවිලි වලට පැමිණීමට ඉඩ දෙන බව
බාප්දාදා දැක තිබෙනවා: මෙය සිදු වෙයිද, නොවෙයිද කියා මා නොදනී. ඔබගේ මෙම දුර්වල
සිතිවිලි ඔබට තෘප්තියේ ප්‍රතිරුවක් වීමට ඉඩ නොදෙන අතර ඔබව ප්‍රශ්න වල ප්‍රතිරුවක්
බවට පත් කරවයි. “ එය සිදු වෙයිද? එය සිදු නොවෙයිද? කුමක් වෙයිද? මා දන්නේ නැහැ...”
මෙම සිතිවිලි පවුරක් වී සාර්ථකත්වය මෙම පවුර පිටුපස සැඟව යයි. ඔබගේ පාඨය වන්නේ:
බුද්ධියේ විශ්වාසය ඇති කෙනෙක් ජය ලබයි. එය මෙකලට ඇති පාඨය බැවින් එය අනාගතය
වෙනුවෙන් නොව වර්තමානය වෙනුවෙන්ය. මෙය වර්තමාන කාලයේ පාඨය බැවින් ඔබ සෑම විටම රැඳී
සිටිය යුත්තේ කෙසේද? තෘප්තිමත්වද, ප්‍රශ්න වලින් පිරිලාද? ඉතිං මායා ඔබගේම දුර්වල
සිතිවිලි වල දැළක් එලන අතර ඔබ තමන්ගේම දැළේ සිර වෙයි. මෙම අවධානයෙන් එම දුර්වල
සිතිවිලි දැළ අවසන් කරන්න: “ මා ජයග්‍රාහීය”. එහි සිර නොවන්න, නමුත් එය අවසන්
කරන්න. එය අවසන් කිරීමට ඔබට බලය තිබෙනවාද? එය සෙමින් අවසන් නොකරන්න, නමුත්
තත්පරයකදී එය සැනෙකින් සිදු කරන්න. මෙම දැළට වර්ධනය වීමට ඉඩ නොදෙන්න. ඔබ මෙම දැළ
තුළ සිර වුණොත් එය හැර යාම ඉතාම අපහසුයි. ‘ජයග්‍රහණය මගේ ජන්ම උරුමයයි’. මෙම ජන්ම
උරුමය කිසිවෙකුට මගෙන් උදුරා ගත නොහැකි දේවමය ජන්ම උරුමයකි. එවන් විශ්වාසය බුද්ධිය
තුළ ඇති අය, පහසුවෙන් සහ ඉබේටම නිරන්තරයෙන් තෘප්තිමත්ව රැඳී සිටියි. මේ සඳහා ඔවුන්ට
වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවෙයි.
සාර්ථකත්වය නොමැති
වීමට දෙවන හේතුව කුමක්ද? ඔවුන්ට කාලය, සිතිවිලි සහ ධනය වටිනා ලෙස භාවිතා කිරීමට
කියා ඔබම අන් අයට පවසයි. යම් දෙයක් වටිනා ලෙස භාවිතා කිරීම යනු සාර්ථකත්වය අත්කර
ගැනීමයි. සාර්ථකත්වයේ පදනම වන්නේ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමයි. ඔබ
සාර්ථකත්වය අත්කර නොගන්නේ නම් එයට හේතුව වන්නේ, ඔබ එක හෝ තව සම්පතක් වටිනා ලෙස
භාවිතා නොකිරීමයි. ඔබ සාර්ථකත්වය අත්කර නොගන්නේ ඒ නිසයි. බොහෝ සම්පත් තිබෙන අතර ඔබ
සියලු සම්පත් වල ලැයිස්තුව දන්නවා නේද? එබැවින් ඔබ වටිනා ලෙස භාවිතා නොකර නිකම්ම
අපතේ හැරියේ කුමන සම්පතද කියා පරීක්ෂා කර බලන්න. එවිට ඔබට ඉබේටම සාර්ථකත්වය ලැබෙයි.
මෙය උරුමයක් මෙන්ම ආශිර්වාදයකි. සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර සාර්ථකත්වය ලබා
ගන්න. සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට ඔබ දන්නවාද, නැද්ද? එවිට ඔබට සාර්ථකත්වය
ලැබෙනවාද? යම් දෙයක් වටිනා ලෙස භාවිතා කිරීම, බීජය වන අතර සාර්ථකත්වය එහි ඵලයයි.
බීජය හොඳ නම් එයින් කිසිම ඵලයක් නොලැබීම සිදු විය නොහැක. ඔබට සාර්ථකත්වයේ ඵලය
නොලැබෙන්නේ, සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමේ බීජයේ යම් අඩුවක් ඇති. එසේ නම් ඔබ
කළ යුත්තේ කුමක්ද? නිරන්තරයෙන් ඔබගේ තෘප්තියේ පෞරුෂත්වය පවත්වා ගන්න. තෘප්තිමත් අයට
ඉතා හොඳ අත්දැකීම් ලැබෙයි. ඇත්ත වශයෙන්ම ඔබ තෘප්තිමත් අයව දුටු විට ඔවුන් බොහෝ
ලස්සණට පෙනෙයි. ඔවුන්ගේ ඇසුරේ සිටීම සහ ඔවුන් සමග කතාබස් කිරීම ඉතා හොඳ බව හැගෙයි,
නමුත් බොහෝ ප්‍රශ්න අසන කෙනෙක් පැමිණෙන්නේ නම් ඔබට එපා වෙයි. එබැවින් ඔබ විය යුත්තේ
කවුරුන් බවටද යන අරමුණ තබා ගන්න. බොහෝ ප්‍රශ්න අසන කෙනෙක් නොවන්න, නමුත් තෘප්තිමත්
කෙනෙක් වන්න.
අද දින වාරයේ අවසන්
දිනයයි, එබැවින් අවසන් දිනයේ නිමාවේ සිදු කරන්නේ කුමක්ද? මිනිසුන් යාග ගින්නක්
නිර්මාණය කරන විට ඔවුන් අවසානයේ කරන්නේ කුමක්ද? ඔවුන් සියලු දේ බිලි දෙයි. එසේ නම්
ඔබ කරන්නේ කුමක්ද? ප්‍රශ්න වල ප්‍රතිමූර්ති වීම බිලි දෙන්න. ‘මෙය සිදු වන්නේ ඇයි?
සිදු වෙන්නේ කුමක්ද...? නැහැ. ඔබ දැනුමින් පිරිපුන් බැවින් “ඇයි?” හෝ “ කුමක්ද?” යන
ප්‍රශ්න නොතිබිය යුතුයි. එබැවින් අද සිට ඒ සියලු නිෂ්ඵල ප්‍රශ්න බිලි දෙන්න. ඔබගේ
කාලය මෙන්ම අන් අයගේ කාලයත් ඉතිරි වෙයි. දාදීන්ගේ කාලයත් මෙයට වැය වෙයි: මෙය මෙසේ
වෙන්නේ ඇයි? මේ කුමක්ද? මෙය සිදු වන්නේ කොහොමද? එබැවින් මෙම කාලය ඉතිරි කරගන්න.
ඔබගේ කාලය මෙන්ම අන් අයගේ කාලයත් ඉතිරි කර ගන්න. ඔබගේ ඉතිරි කිරීමේ ගිණුමේ රැස්
කරගන්න. ඉන්පසුව උපත් 21කට කන්න, බොන්න සහ සැපෙන් ජීවත් වන්න. එහිදි ඔබට කිසිවක්
රැස් කිරීමට සිදු නොවෙයි. එසේ නම්, ඔබ මෙය බිලි දුන්නාද, නැත්නම් ඔබ ඒ ගැන තවමත්
සිතනවාද? ඔබට ඒ ගැන සිතන්න අවශ්‍ය නම් එය කරන්න. තමන්ගෙන් විමසන්න: මෙය සිදු විය
හැක්කේ කෙසේද? මට මෙය කිරීමට හැකි වෙයිද, නැද්ද? මේ ගැන විනාඩියක් සිතන්න. මෙම
කාර්යය ඉතා හොඳින් නිම කරන්න. විනාඩියකදි තමන්ගෙන් අවශ්‍ය තරම් ප්‍රශ්න අසන්න. ඔබ
තමන්ගෙන් මෙය විමසුවාද? තවද ඔබ ඒවා බිලි දුන්නාද නැත්නම් ඔබ ප්‍රශ්න ඇසුවා පමණක්ද?
අනාගතය ගැන සියලු ප්‍රශ්න ඔබ අවසන් කළාද? (විනාඩියක නිහඬතාවයෙන් පසුව). ඔබ ඒවා
අවසන් කළාද? (හා ජී). කියනවාට නිකම්ම “ඔව්” නොකියන්න. ප්‍රශ්න ඇසීම යනු අසහනයට පත්
වීම සහ අන් අයවත් අසහනයට පත් කිරීම බව ඔබ බොහෝ කාලයක් අත්විඳ තිබෙනවා. එබැවින් ඔබගේ
විශ්වාසයේ සහ ජන්ම උරුමයේ ගෞරවය පවත්වාගන්න, එවිට ඔබ අසහනයට පත් නොවෙයි. ඔබ
ගරුත්වයට සැලකිල්ලක් නොදක්වන විට ඔබ අසහනයට පත් වෙයි. ඔබට වැටහෙනවාද? ඔබට මෙය
පැහැදිලිව වැටහෙනවාද? නැත්නම් ඔබට දැන් එය වැටහෙන බව පවසා ඔබ ආපසු විදෙස් ගත වූ විට
එය අපහසු බව කියයිද? එය එහෙම නොවෙයි නේද? අච්චා.
තත්පරයකදි අශාරීරික
වීමේ පාඩම ස්ථිරද? එක මොහොතකින් විස්තාරණයට යන්න, ඊලග මොහොතේ එහි සාරයේ තමන්ව මුසු
කරගන්න. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය). අච්චා. නිරන්තරයෙන් මෙම පුහුණුව ඔබ සමග තබා
ගන්න.
ප්‍රශ්න වල ප්‍රතිරූප
වලින් තමන්ව පරිවර්ථනය කරගන්නා සියලු දිශාවන්හි සිටින සියලුම ජීවාත්මයන්ට,
නිරතුරුවම තෘප්තිමත්ව සිටීමේ පෞරුෂත්වය තිබෙන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, ඔවුන්ගේ
ජයග්‍රහණය සහ ජන්ම උරුමය පිළිබඳ අවධානය ඇති ජීවාත්මයන්ට, ස්මරණයේ ප්‍රතිමූර්ති වන
විශේෂ ජීවාත්මයන්ට, සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර ඒ අනුව පහසුවෙන් සාර්ථකත්වය
අත්කර ගන්නා ජීවාත්මයන්ට, පියාට සමීප ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම
සහ නමස්කාරය.
වසර දහයකට වැඩියෙන්
මෙම දැනුමේ සිටින සෑම දිශාවකම සිටින ද්විත්ව විදේශික දරුවන්ට, විශේෂ සුබ පැතුම්,
සෙනෙහස සහ ස්මරණය.
බාප්දාදා දාදීන්
මුණගැසෙමින්:
පවුලේ කිරුළ වන ඔය උපකරණ ජීවාත්ම වෙනුවෙන් බාප්දාදා තුළ මෙම සිතිවිල්ල නිරන්තරයෙන්
තිබේ: “ඔබ සදාකාලිකව ජීවත් වේවා, ඔබ නිරන්තරයෙන් පියාසර කර අන් අයවත් පියාසර
කරත්වා.” ඔබ තපස්යා බලයෙන් ඔබගේ ශරීර ක්‍රියාත්මක කරවනවා, එමෙන්ම ඔබටත් වඩා
බාප්දාදා සැලකිල්ලක් දක්වනවා. එබැවින් දැන් කාලයට අනුව, වේගවත් සංචාර වල නොයන්න.
සුව පහසුවෙන් ගොස් සුව පහසුවෙන් ආපසු එන්න. දැන් ලෝකයේ සිදුවීම්ද වේගයෙන් වෙනස්
වෙමින් පවතිනවා. බාප්දාදා ඔබට සේවය කිරීම තහනම් කරන්නේ නැහැ, නමුත් ඔබට තුලනයක් තබා
ගන්න ලෙස පවසනවා. සියලු දෙනාගේ ජීවිත තිබෙන්නේ ඔබගේ ශරීර වලයි. (දාදීන්ගේ) ඔබගේ
සිරුරු නිරෝගිමත් නම්, එවිට හොඳ සේවයක් සිදු විය හැක. එබැවින් බොහෝ සේවය සිදු
කරන්න, නමුත් තමන්ව එයට තල්ලු නොකරන්න. තමන්ට සුළු තල්ලුවක් දෙන්න. තමන්ව වැඩියෙන්
තල්ලු කළ විට සිදු වන්නේ කුමක්ද? බැටරිය අඩු වෙනවා. එබැවින් දැන් සිට, සමබරතාවයක්
තබා ගැනීමට අවශ්‍යයි. මෙසේ නොසිතන්න: ලබන වසරේ කුමක් සිදුවන්නේද කියා නොදන්න නිසා,
මේ වසරේ මා මෙය කළ යුතුයි. නැහැ, ඔබ ජීවත් වී අන් අයව පියාසර කරවිය යුතුයි. මෙය
දැන් ඔබගේ චරිත කොටසයි, එහෙම නේද? එබැවින් ඔබගේ චරිත කොටස් වටහාගෙන ඉන්පසුව තමන්ව
තල්ලු කරන්න, නමුත් සමබරතාවයක් තබාගෙන තමන්ට තල්ලුවක් ලබා දෙන්න. හොඳද? එක් ස්ථානයක
දවස් දෙකක් සිට, තුන්වන දිනයේ වෙනත් ස්ථානයක සිටීමේ, වේගවත් වැඩසටහන් නොසාදන්න:
නැහැ. එයට තවම කාලය නොවෙයි. එවන් කාලයක් පැමිණි විට, ඔබට එක් දිනයකදි විවිධ ස්ථාන
හතරකට යාමට සිදුවෙයි, නමුත් දැන්ම නොවෙයි. අච්චා.
වරදානය:
ඔබගේ සියලු
දුර්වලතාවල පිදුම, යාගහෝමය තුළට දැමීමෙන්, ඔබ දිව්‍යමය ගුණදම් එළිදක්වන තෘප්තිමත්
ජීවාත්මයක් වේවා.
දීපාවලියේදි
පිරිසිදුතාවයට සහ ආදායමක් උපයා ගැනීමට විශේෂ අවධානයක් යොමු කරයි. ඒ අන්දමින්ම, සෑම
අන්දමකින්ම පිරිසිදුතාවය තබා ගැනීමට, ආදායමක් උපයාගැනීමට සහ තෘප්තිමත් ජීවාත්මයක්
වීමේ අරමුණ ඔබටද තිබිය යුතුයි. ඔබගේ සියලුම දිව්‍යමය ගුණධර්ම ඔබට එළිදැක්වීමට හැකි
වන්නේ තෘප්තිය තුළින් පමණයි. එවිට දුර්වලතා පූජා කිරීම ඉබේටම සිදු වෙයි. ඔබ තුළ
ඉතිරි වී ඇති දුර්වලතා, අඩු පාඩු, බෙලහීනතාවයේ හැඟීම් සහ සියලු සංවේදී ස්වභාවයන්
අවසන් කර, දැන් අළුත් ගිණුමක් විවෘත කරන්න. අළුත් සංස්කාර වල අළුත් ඇඳුම් පැලඳගෙන
සැබෑ දීපාවලිය සමරන්න.
පාඨය:
පරම පියාට
කීකරු වන්න, එවිට නිසි වෙලාවට, ඔබට අඛණ්ඩව, ආශිර්වාද අදෘෂ්‍යමාන අන්දමකින් උපකාර
කරයි.