13.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නිරන්තරයෙන් ඔබගේ දෙතොලින් ඥාන මිණිමුතුම පිටවීමට ඉඩ හරින්න. ඔබගේ මුහුණු සෑම විටෙකම ප්‍රබෝධමත්ව තිබිය යුතුයි.

ප්‍රශ්නය:
තම බ්‍රාහ්මණ ජීවිතයේදී ඥානය හොදින් ධාරණය කරගත් දරුවන්ගේ ගති ලක්ෂණ මොනවාද?

පිළිතුර:
1. ඔවුන් කරන කියන දේ දේවතාවරුන් සේ කරයි. දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගනී. 2. ඥාන සාගරය මත් ගෑමේ පුරුද්ද ඔවුනට ඇත. කිසිම විටෙක ඔවුන් නොවැදගත් දේ, කුණුකසල දේ හාරා අවුස්සමින් කතා බහ කරන්නේ නැත. 3. ඔවුන් අන් අයට අපහාස උපහාස කරන්නේ නැත. 4. ඔවුන්ගේ මුහුණු සෑම විටෙකම ප්‍රබෝධමත්ව තිබේ.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා මෙහි සිට භක්තිය හා ඥානය ගැන ඔබට කරුණු පහදා දේ. භක්තියෙන් කිසිම ගැලවීමක් ලද නොහැකි බවත් ස්වර්ණමය යුගයේදී කිසිම භක්ති ක්‍රියාවක් නොකරන බවත් ඔය දරුවන් අවබෝධ කර ගෙන සිටී. ස්වර්ණම යුගයේදී ඔබට ඥානය ලැබෙන්නේත් නැත. ක්‍රිෂ්ණා කටවත් වන්දනා කර්නේවත් ඥාන බටනලාව වාදනය කරන්නේවත් නැත. බටනලාව (මුරලිය) වාදනය කරනවා යනු ඥානය දීමයි.බටනලාවක විජ්ජාවක් තිබෙනවා කියා සඳහන් වී තිබෙනවා. එසේනම් අනිවාර්යෙන්ම එහි යම් විජ්ජාවක් ඇති. එක් එක් තැන්වල සිටිනා යාචකයිනුත් බටනලා වාදනය කරනවා. මෙම බටනලාවේ ඥාන විජ්ජාවක් තිබෙ නවා. අවිද්‍යාවට විජ්ජාවක් යයි කිව නොහැකියි. විජ්ජාව කියා හඳුන්වන්නේ මුරලියයි. මෙම ඥානයෙන් සාමාන්‍ය මනුෂ්‍යයින්ව දේවතාවරුන් බවට පත් කරවාලයි. ස්වර්ණමය යුගය පවතින කාලයේදී ඔබට ඥානයේ උරමය තිබුණා. එහි කිසිම භක්ති වන්දනාවක් කරන්නේ නැහැ. භක්තිය ඇරඹෙන්නේ ඔබ දේවතාවරුන්ගෙන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයට පත් වන තඹ යුගයේ දීයි. මනුෂ්‍යයින් පාපකාරී අය වන අතර දේවතාවරුන් පාපයෙන් තොර අය ලෙස හැඳින්වේ. දේවතාවරුන්ගේ ලෝකය පාරිශුද්ධ ලෝකයක් කියා හඳුන්වයි. ඔබලා දැන් දේවතාවරුන් වෙමින් සිටියි. ඥානය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? ඥානය යනු පළමුවෙන්ම තමාවත් පරමාත්ම පියාවත් හඳුනා ගැනීම වන අතර දෙවනුව ලෝකයේ මුල, මැද හා අග ගැන දැන ගැනීමයි. විමුක්තිය ලැබෙන්නේ ඥානයෙනුයි. පසුව භක්තිය ඇරඹෙනවා. එය එවිට බැසගෙන යන කාලය කියා හඳුන්වන්නේ භක්තිය රාත්‍රිය වන අතර ඥානය උදෑසන වන නිසායි. මෙම ඥානය ඕනෑම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු විය හැකියි. නමුත් සෑම කෙනෙකුටම දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත නොහැකියි. කෙනෙකුට දිව්‍යමය ගුණධර්ම තිබෙනවා නම් ඔහු ඥානය අවබෝධ කරගත් අයෙක් කියා තේරුම් ගත හැකියි. මෙම ඥානය උකහා ගත් අයගේ ක්‍රියාකාරකම් දේවතාවරුන්ගේ මෙන් වේ. අඩුවෙන් අවබෝධ කරගත් අයගේ ක්‍රියාකලාපය සංකරය (මිශ්‍ර). කිසිම දෙයක් ධාරණය කරගෙන නොමැති නම් ඉන් අදහස් වන්නේ ඔවුන් බාබාගේ දරුවන් නොවන බවයි. මිනිස්සු පරමාත්ම පියාව අපහාසයට ලක් කරනවා. බ්‍රහමින් වංශයට පැමිණි පසු ඔබ එකිනෙකාට අපහාස කිරීම් හා නිග්‍රහ කිරීම් නතර කර දමනවා. ඥානය ලබනා ඔබ එම ඥානය හොඳින් මත් ගා අමෘතය ලබා ගන්නවා. ඥාන සාගරය මත්ගෑවේ නැතිනම් ඔබ මත් ගාමින් ආවර්ජණය කරන්නේ මොනවාද? රකුසු සිතිවිලියි. ඉන්මතු වන්නේ කුණු ජරාව පමණයි. ඔබලා දැන් දේවමය සිසුන්ය. තමන් දැන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් වීම සඳහා ඉගෙන ගනිමින් සිටිනවා කියා ඔබලා දන්නවා. දේවතාවරුන් කිසිම විටෙක මෙම ඥානය උගන්වන්නේ නැහැ. දේවතාවරුන්ව ඥාන සාගර කියා හඳුන්වන්නත් බැහැ. ඒ එකම එක ඒකායනයටම පමණයි ඥාන සාගරය කියා කිව හැක්කේ. දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත හැක්කේ මෙම ඥානයෙන්ම පමණයි. ස්වර්ණමය යුගයේදී මෙය ලැබෙන්නේ නැහැ. ඒ දේවතවරුන්ට දිව්‍යමය ගුණධර්ම තිබෙනවා. ගුණදම් වලින් පිරුණු අය ලෙස ඔබ ඔවුන්ගේ ගුණ ගයනවා. එමනිසා, ඔබ දැන් ඒ තත්ත්වයට පත්විය යුතුයි. තමාගෙන්ම අසා දැන ගන්න: මා ලඟ සියළුම දිව්‍යමය ගුණධර්ම තිබෙනවා ද නැතිනම් මගේ ක්‍රියාකලාපය දරුණුද?එවන් දරුණු යක්ෂ ගති තිබෙනවා නම් ඔබ ඒවා අතහැර දැමිය යුතුයි. දේවතාවරයෙක් කියා ඔබව හැඳින්විය හැක්කේ එවිට පමණයි. නැතිනම්, ඔබට ලැබෙන්නේ පහළ තත්ත්වයකි. ඔය දරුවන් දැන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගනිමින් සිටිනවා. ඔබ ඉතාමත් හොඳ දේවල් ගණනාවක් කියනවා. ඉතාමත් උතුම් සංගම යුගය කියා මෙය හඳුන්වන්නේ ඔබලා උතුම්ම උතුම් අය වන විටයි. එමනිසා වාතාවරණයත් ඉතාමත් හොඳ විය යුතුයි. ඔබගේ දෙතොලින් කිසිම නරක වචනයක් පිට නොවිය යුතුයි. නැතිනම් ඔබ පහළ තත්ත්වයක් දිනා ගැනීමට යන අයෙක් කියා තමයි කීමට සිදු වන්නේ. ඔබගේ හැසිරීමෙන් හා වාතාවරණයෙන් මෙය ඉතාමත් ඉක්මනින්ම අවබෝධ කර ගත හැකියි. ඔබගේ මුහුණු නිරන්තරයෙන් ප්‍රබෝධමත්ව තිබේවා. නැතිනම් කියන්න වෙන්නේ ඔබ කිසිම ඥානයක් නැති කෙනෙක් කියලයි. ඔබගේ දෙතොලින් නිරන්තරයෙන්ම ඥාන මිණිමුතු මතු වේවා. ලක්ෂ්මි හා නරායන් දෙස බලන්න. බලන්න ඔවුන්ගේ මුහුණු කෙතරම් ආකර්ශණීය ද කියලා. ඒ ජීවාත්මයන් ඥාණ මිණිමුතු උකහා ගත් අයයි. ඔවුන්ගේ දෙතොලින් මතු වන්නේ ඥාන මිණි මුතුම පමණයි. ඥාන මිණිමුතු ගැන කතා කරනා විටත් ඒවාට ඇහුම් කන් දෙන විටත් විශාල සතුටක් දැනෙනවා. දැන් ඔබ ලබනා ඥාන මිණිමුතු පසුව දියමන්ති මුතු මැණික් වෙනවා. නවරත්න මාලාව මුතුමැණික් වලින් සෑදුනක් නොවෙයි. එය ඥාන මිණිමුතු මාලාවයි. එය භෞතික මැණික් වලින් සාදන්නක් කියා සිතනා මිනිසුන් එවන් මුද්දක් සාදාගෙන පළඳිනවා. ඥාන මිණිමුතු මාලාව නිර්මාණය වන්නේ මෙම සුබම සුබ වූ සංගම් යුගයේදීයි. මේ මුතු මැණික් ඔබව අනාගත උපත් 21 කට යස ඉසුරින් පුරවයි. කිසිම කෙනෙකුට මේවා ඔබගෙන් පැහැර ගන්න බැහැ. මෙහිදී ඔබලා දියමන්ති මුතු මැණික් පැළඳුව හොත් කවුරු හෝ ඉක්මනින්ම ඒවා කඩා ගනීවි. එමනිසා, ඔබ ඉතාමත් ඥානවන්ත අය වී යක්ෂ ගතිපුරුදු ඉවත් කර ගත යුතුයි. ඒ යක්ෂ ගති පුරුදු නිසා මුහුණත් හොඳටම කැත වෙනවා. කේන්ති ගිය අයෙකුගේ මුහුණ තඹ රතු වෙනවා. කාම රාගයෙන් සිටිනා අයෙක් අවලස්සන වෙනවා. එමනිසා ඔය දරුවන් සෑම කරුණක් සම්බන්ධයෙන්ම ඥාන සාගරය කැලතිය යුතුයි. මෙම ඥානය ඇත්තේ බොහෝ ධනය ඉපයීමටයි. අනිකුත් ඉගෙනුම් මුතු මැණික් වටින්නේ නැහැ. ඔව් මිනිසුන්ට ඒ ඥානය හදාරා ඉහළ තත්ත්වයක් දිනා ගත හැකියි. එමනිසා වඩා වටින්නේ අධ්‍යාපනයයි. ධනය නොවෙයි. ඥානය ධනය වේ. ඒ ධනය සීමිත වන අතර මෙම ධනය අසීමිත වේ. ඔව් දෙකම ඉගෙනීමක් තමයි. පරමාත්ම පියා දැන් ඔබට උගන්වා ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවන බව ඔබලා දැන් තේරුම් ගෙන තිබෙනවා. ඒ ඥානය තාවකාලික වන අතර එක් උපතකට පමණක් සුළු වටිනාකමක් ඇත්තකි. පසුව ඊලඟ උපතේදී නැවතත් අළුතින් ඉගෙන ගැනීමට සිදුවේ. එහිදී නම් මුදල් ඉපයීමටයි කියා ඉගෙන ගැනීමට සිදු වන්නේ නැත. එහිදී ඔබට මෙහිදී දරණා උත්සාහයේ තරමට ඕනෑ තරම් ධනය ලැබෙනු ඇත. මෙම ධනය අවිනාශියි. දේවතාවරුන්ට මහා ධනස්කන්ධයක් තිබුණා. භක්ති මාර්ගයට එනම් රාවන රාජ්‍යයට යන විට ඔවුන්ට කෙතරම් නම් දෙයක් තිබුණා ද? දේවාල ගණනාවක් සෑදුවා. පසුව මුස්ලිම්වරුන් පැමිණ ඒ ධනය සියල්ල පැහැර ගත්තා. ඔවුන් (දේවතාවරුන්) ඉතාමත් ධනවත්ව සිටියා. අද කාලයේ ඉගෙනීමකින් කිසිම කෙනෙකුට ඒ තරම් ධනවත් විය නොහැකියි. දේවතාවරුන් විය හැකි ආකාරයේ ඉතාමත් උසස් ඥානයක් තමන් දැන් හදාරමින් සිටිනා බව ඔබලාට වැට‍හෙනවා. ඉගෙනීමෙන් මිනිස්සු පත් වන්නේ කුමන තත්ත්වයකට දැයි කියා බලන්න: දිළිඳු බවින් ධනවත් වෙනවා. භාරතයත් දැන් දිළිඳුයි. ධනවතුන්ට කිසිම වෙලාවක් නැහැ. මම අහවල් අහවල් කෙනායි කියන පුහු මාන්නය තමයි ඔවුන්ට තිබෙන්නේ. මෙහිදී ඒ සෑම මාන්නයක්ම අවසන් කර දැමිය යුතුයි. මම ජීවාත්ම සත්තාවක්මි. ජීවයකට මිල මුදල් දේපල දියමන්ති මුතු මැණික් නැහැ. පරමාත්ම පියා කියනවා : ශරීරයත් සියළුම ශාරීරික ඥාතීනුත් අතහැර දමන්න. ජීවාත්මයක් තම ශරීරය අතහැර දැමූ පසු නැවත ඉගෙනගෙන යමක් උපයා ගන්නා තෙක් සියලු ධන වස්තූන් අහවර වී යනවා. පෙර උපතේදී ඉතාමත් හොඳ දානමාන කලා නම් ධනවත් පවුලකට උපදීවි. ඒ ඔහුගේ පෙර කර්ම ඵලය කියා කියාවි. කෙනෙක් අන් අයට හොඳ අධ්‍යාපනයක් ගැනීමට පාසලක් සාදා වන්දනාකරුවන්ට ධර්ම ශාලාවක් සෑදුවා නම් එහි ඵලය ඔහු අනිවර්යෙන්ම ලබනවා. නමුත් කෙටි කාලයකට. නියම ලෙස දානමාන දී ඔබ පින් දහම් කරන්නේ මෙහිදියි. ස්වර්ණමය යුගයේදී ඒවා කරන්නේ නැහැ. ස්වර්ණමය යුගයේ ඇත්තේ හොඳ ක්‍රියා පමණයි. මන්ද මේ කාලයේ උරුමය ඔබට හිමි වෙනවා. එහි කිසිම කෙනෙක් පාපක්‍රියා කරන්නේ නැහැ. මන්ද එහි රාවන නැහැ. එහි සිටිනා අඩු ආදායම් මට්ටමක අයෙක් වුවත් පව් කරන්නේ නැහැ. මෙහි නම් ධනවතුන් පවා පව් කරනවා. ඒ නිසා තමයි එවන් ලෙඩ රෝග හා දුක් කරදර මෙහි තිබෙන්නේ. එහිදී ඔවුන් පාපයේ ගැලෙන්නේ නැති නිසා පවක් සිදු වන්නේ කෙසේද? සියල්ල රඳා පවතින්නේ කර්මය මතයි. මෙය මිනිසුන් දූෂිත කරවන මායාකාර රාවන රාජ්‍යයයි. පරමාත්ම පියා ඔබව පාපයෙන් තොර අය බවට පත් කරවීමට මෙහි පැමිණ උගන්වනවා. පියා ඔබව පාපයෙන් තොර කරවන අතර මායා පසුව ඔබ පාපකාරී කරවනවා. රාම වංශයත් රාවන වංශයත් අතර යුද්ධයක් ඇති වෙනවා. ඔබලා පියාගේ දරුවන් වන අතර ඔවුන් රාවනගේ දරුවන් වෙනවා. ඉතාමත් හොඳ දරුවන් රැසක් මායාට පැරදෙනවා. මායා හරිම බලවත්. ඒ වුනත් බලාපොරොත්තුවක් තිබෙනවා. සම්පූර්ණයෙන්ම පහළටම ඇද වැටුණු අයවත් ඉහළට එසවිය යුතුයි. පරමාත්ම පියා මුළු ලෝකයම ඉහළ නැංවිය යුතුයි. බොහෝ දෙනා පරදිනවා. ඔවුන් මුළුමනින්ම අන්ත පරිහාණියට ඇද වැටෙනවා. පරමාත්ම පියා එවන් දරුවන්ව පවා ඉහළට ගන්නවා. රාවන රාජ්‍ය ‍යේ සිටිනා සෑම කෙනෙක්ම පරිහාණියට පත් වුණු අයයි. කෙසේවෙතත්, පරමාත්ම පියා ඔබව බේරා ගන්නවා. ඒ වුණත් ඔබ එන්න එන්නම ඇද වැටී පහළම තැනට වැටෙනවා. එවිට ඔබට තවත් ඉහළ නැඟිය හැකි වන්නේ නැහැ. තමන් පහළම තැනට ඇද වැටිලයි කියා ඔබගේ හෘද සාක්ෂිය ඔබට වද දේවි. අවසන් මොහොතේ සිහි කරනා දේ ... කියා කියනවා. ඒ කෙනාගේ බුද්ධිය ඇත්තේ එවන් පහළ තත්ත්වයකයි. එමනිසා, පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට කරණු පහදා දෙනවා: සෑම කල්පයකදීම දේවතාවරුන් වන්නේ ඔබලායි. සිව්පාවුන් දේවතාවරුන් වෙන්නද? මෙය තේරුම් ගෙන ඒ තත්ත්වයට පත් වන්නේ මිනිසුන් පමණයි. ලක්ෂ්මි නාරායන කියන්නේත් ඇස්, කන්, නාසා තිබෙන මිනිසුන්මයි. කෙසේවෙතත් ඔවුන්ට දිව්‍යමය ගුණධර්ම තිබෙනා නිසා තමයි දේවතාවරුන් කියා ඔවුන්ව හඳුන්වන්නේ. ඔවුන් එතරම් ලස්සන දේවතවරුන් වූයේ කෙසේද? පසුව ඔවුන් වැටුණේ කෙසේද? ඔබ දැන් මෙම චක්‍රය තේරුම් ගන්නවා. ඥාන සාගරය කලතනා අය ඉතාමත් හොඳින් මෙය ධාරණය කර ගනීවි. ඥාන සාගරය ආවර්ජණය නොකරන්නන් නිවටයින් වෙනවා.මුරලිය කියවන්නන් ඥාන සාගරය ආවර්නය කරමින් පැහැදිලි කිරීමට කරුණු කාරණා ගැනත් සිතාවි, ඔවුන් නිරායාසයෙන්ම ඥානය මත් ගානවා. එක් එක් වර්ගයේ මිනිසුන් පැමිණෙනවා ඒ සෑම කෙනෙකුටම උද්යෝගයෙන් පැහැදිලි කර කියා දිය යුතුයි. ඔවුන් යමක් අවබෝධ කර ගනීවි. ඒ සියල්ල රඳා පවතින්නේ ඔවුන්ගේ වාසනාව මතයි. ඇතැම් අය ඉක්මනින්ම ශ්‍රද්ධා විශ්වාසය ඇති කර ගන්නා අතර අනිත් අය නැහැ. ඔවුන් කෙරෙහිත් බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. අද නැතිනම් ඔවුන් ඉදිරි අනාගතයේදී අනිවාර්යෙන්ම මෙය අවබෝධ කර ගනීවි. දිගටම බලාපොරොත්තු තබා ගෙන සිටිය යුතුයි. ඔවුන් කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටිනවා යනු සේවය කිරීමේ ආසාව තිබීමයි. ඔබට වෙහෙසක් දැනෙන්න බැහැ. කෙනෙක් මෙම ඥානය ගෙන පසුව පරිහාණි තත්ත්වයකට ඇද වැටුණත් නැවතත් ඔහු පැමිණි විට ඔහුට අමුත්තන්ගේ කාමරයේ අසුනක් පිළිගැන්විය යුතුයි. නැතිනම් ඔබ ඔහුට පිට වෙන්න කියනවා ද? ඔබ අනිවාර්යෙන්ම ඔහුගෙන් ඇයි මෙපමණ කාලයක් ආවේ නැත්තේ කියා අසාවි. තමන් මායාට පැරදුණු බව ඔහු කියාවි. එවැනි අය රැසක් මෙහි පැමිණෙනවා. ඥානය ඉතාමත් හොඳ දෙයක් බව ඔවුන්ට තේරුනත් මායා ඔවුන්ව පරාජය කරනවා. අඩුම තරමින් ඔවුන්ට සියල්ල මතකයි. භක්ති මාර්ගයේදි ජය පරාජය කියා දෙකක් නැහැ. මෙම ඥානය ධාරණය කර ගත යුතුයි. ඔබලා දැන් දේවතාවරුන් බවට ඔබලාව පියා හරහා සැබෑ ගීතාවට ඇහුම් කන් දෙනවා. බ්‍රහමින්වරයෙක් නොවී දේවතාවරයෙක් වෙන්න බැහැ. ක්‍රිස්තියානුවන්, පාර්සීන් හෝ මුස්ලිම් වරුන් අතර බ්‍රාහ්මන කුළයක් නැහැ. මේ සියල්ල ඔබ අවබෝධ කර ගන්නේ දැනුයි. තමන් දැන් ඇල්ෆා තේරුම් ගත යුතුයි කියා ඔබ දන්නවා. ඒ ඇල්ෆාව සිහි කිරීමෙන් පමණයි ඔබට රාජ්‍යයක් හිමි වන්නේ ඕනෑම කෙනෙක් මුණ ගැසුණු විට ඇල්ෆා අල්ලා සිහි කරන්නයි කියන්න. ඔහු තමයි ඉහලම ඇල්ෆාව පෙන්වීම සඳහා මිනිස්සු ඉහළට ඇඟිල්ල ඔසවනවා. ඇල්ෆාව ඒකායනය කියාත් හඳුන්වනවා. සිටින්නේ එකම එක දෙවිකෙනෙක් වන අතර අන් සියල්ල දරුවන්ය. පරමාත්ම පියා සෑම විටම ඇල්ෆාවේ. ඔහු රාජ්‍ය පාලනය කරන්නේ නැහැ. ඔහු ඔබට ඥානය දී ඔබව තම දරුවන් කර ගන්නවා. එමනිසා ඔය දරුවන් ඉතාමත් සතුටින් සිටිය යුතුයි. බාබා අපට ඉතාමත් හොඳින් සේවය කරනවා. ඔහු අපව ලෝක පාලකවරුන් කරවනවා. ඔහු ඒ අළුත් පිරිසිදු ලෝකයට යන්නේ නැහැ. කිසිම කෙනෙක් ඔහුට පිරිසිදු ලෝකයට ආරාධනා කරන්නේ නැහැ. ඔහුට කතා කරන්නේ අපිරිසිදු අය පමණයි. පාරිශුද්ධ ලෝකයේ ඔහු මොනවා කරන්නද? ඔහුගේ නම ම පාරිශුද්ධකරු යන්නයි. ඉතින් ඔහුගේ රාජකාරිය පැරණි දේ අළුත් කරවීමයි. පරමාත්ම පියාගේ නම ශිවා වන අතර දරුවන් සලිග්‍රාමයින් වේ. ඔහුව වන්දනා කෙරෙයි. සෑම කෙනෙක්ම ශිව බාබා කියා ඔහුව සිහි කරයි. දෙවනුව ඔවුන් බ්‍රහ්මාටත් බාබායි කියයි. ප්‍රජාපිතා බ්‍රහ්ම ගැන බොහෝ දෙනා කතා කළත් ඒ කවුදැයි කියා හරියටම දන්නේ නැහැ. බ්‍රහ්මා කාගේ දරුවාද? පරමාත්ම පියා, පරමාත්ම ජීවය වන ශිවා ඔහුව භාරගෙන තිබෙනවා. ඔහු ශාරීරික කෙනෙකි. සෑම ජීවාත්මයක්ම පරමාත්ම දෙවියන්ගේ දරුවනුයි. සෑම ජීවයකටම තම තමන්ගේ ශරීර තිබෙනවා. තම තමන්ට රඟපෑමට ඒ සෑම කෙනෙකුටම චරිත කොටසක් හිමි වී තිබෙනවා. මෙය කාලාන්තරයක් තිස්සේ පවතින්නක්. සදාතනික යනු එයට ආරම්භයක්. මැදක්, අගක් නැහැ. අවසානය ගැන කියනා විට මිනිස්සු නැවතත් මෙය නිර්මාණය වන්නේ කෙසේදැයි කියා කලබලයට පත් වෙනවා. පරමාත්ම පියා කියනවා : මෙය සදාතනිකයි. එය නිර්මාය වූයේ කවදාදැයි කියා ගැටළුවක් නැහැ. මුළුමනින්ම ශූන්‍ය වී යාමක් සිදු වන්නේ නැහැ. එය ඔවුන් කියූ බොරු කතාන්දරයක් පමණයි. මිනිසුන් ටික දෙනෙක් පමණක් ඉතිරි වුණු නිසා ශූන්‍ය වීමක් ගැන ඔවුන් කිව්වා. බාබා ලඟ ඇති ඥානය ඉස්මතු වන්නේ මේ කාලයේ දී පමණි. මුළු මහා සාගරයම තීන්ත කර සෑම වනාන්තරයක්ම පෑන් කර මහ පොලොව කඩදාසි ලෙස ගෙන ලිව්වත් මෙම ඥානය ලියා අහවර කළ නොහැකියි කියන්නේ ඔහු සම්බන්ධයෙනුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ප්‍රබෝධමත් මුහුණින් පරමාත්ම පියාගේ නම කීර්තියට ලක් කරවන්න. ඥානයේ මිණිමුතු වලට පමණක් ඇහුම් කන් දී ඒ ගැනම පමණක් කතාබහ කරන්න. ඔබගේ ගෙල වටා ඥාන මිණිමුතු මාලාව පළඳා ගන්න. යක්ෂ ගති ඉවත් කර ගන්න

2. කිසිම විටෙක ඔබ කරනා සේවය වෙහෙසක් කර ගන්න එපා. බලාපොරොත්තුව රඳවා ගනිමින් මහත් උවමනාවකින් සේවය කරන්න. ඥාන සාගරය මත ගාමින් උද්යෝගයෙන් සිටින්න.

වරදානය:
ඔබ සියලු බලයන්ගෙන් පිරිපුන් වී, සෙනෙහසට ප්‍රතිලාභයක් ලෙස, සමාන වීම අත්විඳිත්වා.

සෑම විටම පරම පියා කෙරෙහි සෙනෙහසේ ගැලී සිටින දරුවන්, ඔවුන්ගේ සෙනෙහසේ ප්‍රතිලාභයක් ලෙස, පියාට සමාන වීමේ ආශිර්වාදය ලබයි. සෑම විටම ආදරණීය සහ නිවැරදිව යෝගාවේ සිටින අය, ඉබේටම සියලු බලයන්ගෙන් පිරිපුන් වෙයි. ඔබට සියලු බල ඇති විට, ජයග්‍රහණය සහතිකයි. සර්ව බලධාරී පියාණන්, තම සහකරුවාය, යන අවධානය ඇති අය, කිසිම සිදුවීමකින් කලබල වන්නේ නැත.

පාඨය:
ඔවුන්ගේ උත්සාහ දරන දිවියේ, තෘප්තිමත්ව සහ සතුටින් සිටින අයට, සතුටේ භාග්‍යය ඇත.