13.02.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශාන්ත වීමට නම් අශාරීරික වන්න. ශාරීරික අවධානයට පත් වුණු විට පමණයි ඔබ අසහනකාරී වන්නේ. එමනිසා, ඔබගේ මුල්ම ධර්මතාවයේ ස්ථාවර වන්න.

ප්‍රශ්නය:
නිවැරදිම සිහි කිරීම යනු කුමක්ද? සිහි කිරීමේ සිටිනා විට ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ කුමන කරුණ පිළිබඳව ද?

පිළිතුර:
නිවැරදිම සිහි කිරීමක් සිදු වන්නේ තමන් ශරීරයෙන් පරිබාහිර ජීවයක් බව සලකා පරමාත්ම පියාව සිහි කිරීමෙනුයි. කිසිම කෙනෙකුගේ ශරීරයක් සිහි නොකිරීමට වග බලා ගන්න. ඒ සිහියේ සිටීමට නම් ඔබ තුළ ඥානයේ කුල්මත් බව තිබිය යුතුයි. බාබා තමන් ලෝක පාලකවරයෙක් කරවනවා. තමන් මුළු ලෝකයටම අහස, පොළොව, මහ සයුර සියල්ලේම අධිපතිවරයෙක් වෙනවාය යන්න ඔබගේ සිහියේ තිබිය යුතුයි.

ගීතය:
ඔබ සොයා ගත් අප දැන් මුළු ලොවම සොයා ගෙන සිටිමු අහසත් පොළොවත් සියල්ල අයිති අපටයි.

ඕම් ශාන්ති.
ඕම් යන්නෙහි අරුත මම ජීව සත්තාවක්මි, යන්නයි. මිනිසුන් විශ්වාස කරන්නේ ඕම් කියන්නේ දෙවියන්ට කියලයි. නමුත් එය නිවැරදි නැහැ. ඕම් යනු මම ජීව සත්තාවක්. මේ මගේ ශරීරයයි. මිනිස්සු ඕම් ශාන්ති කියා කියනවා. ජීව සත්තාව වන මගේ මුල්ම ධර්මතාව සාමයයි. ජීවය තමාගේම හැඳින්වීම දෙනවා. මිනිස්සු ඕම් ශාන්ති කියා කිව්වත් ඕම් යන්නෙහි අරුත තවමත් දන්නේ නැහැ. ඕම් ශාන්ති යන වචනය ඉතාමත් හොඳයි. මම ජීව සත්තාවක්, මගේ මුල්ම ධර්මය සාමයයි. ජීවයක් වන මම ශාන්ත දේශයේ වැසියෙක්මි. එම අර්ථය ඉතාමත් සරළයි. එය දීර්ඝ බොරු පැහැදිලි කිරීමක් නොවෙයි. අද ලෝකයේ සිටිනා මිනිසුන් ලෝකය අළුත් ද පැරණි ද කියාවත් දන්නේ නැහැ. නව ලෝකය පැරණි වෙන්නේ කවදාද පැරණි ලෝකය අළුත් වෙන්නේ කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පැරණි ලෝකය අළුත් වෙන්නේ කවදාද නැවතත් එය පැරණි වෙන්නේ කවදාදැයි කියා ඔබ කාගෙන් හෝ ඇසුවහොත් කිසිම කෙනෙක්ට එය කීමේ හැකියාවක් නැහැ. දැන් මේ ඇත්තේ කලි යුග පැරණි ලෝකයයි. නව ලෝකය ස්වර්ණමය යුගය කියා හඳුන්වනවා. නව ලෝකය පැරණි වීමට කෙතරම් කාලයක් ගත වෙනවාද? ඔවුන් මිනිසුන් වූවත් ඔවුන් මේ ගැන දන්නේ නැහැ. එමනිසා, මිනිස්සු සත්වයින්ටත් වඩා අන්තයි කියා කියනවා. සතුන් අඩුම තරමින් තමන් ගැන කිසිවක් කියන්නේ නැහැ. ඒත්, මිනිසුන් කියනවා අපි අපිරිසිඳුයි. ඔවුන් කන්නලව් කරනවා අහෝ, පාරිශුද්ධකරුවාණනි, වඩිනු මැනවි! නමුත් ඒ කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ. පාරිශුද්ධ කියන වචනය හරිම හොඳයි. පාරිශුද්ධ ලෝකය වන දිව්‍යලෝකය පමණයි නව ලෝකය වන්නේ. ඒ දේවතාවරුන්ගේ පිළිම තිබෙනවා. නමුත් ලක්ෂ්මි හා නාරායන් නව, පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අසීමිත පියා පමණයි මෙහි සිට ඔය දරුවන්ට මේ සියල්ල පහදා දෙන්නේ. නව ලෝකය දිව්‍යලෝකය කියා හඳුන්වනා අතර එහි වාසය කරන්නන් වන්නේ දේවතාවරුන් යැයි කියයි. දැනට මෙම පැරණි ලෝකය අපායකි. මෙහි සිටිනා මිනිසුන් අපාය වාසීන්ය. කෙනෙක් මිය ගිය විට ඒ පුද්ගලයා ස්වර්ගස්ථ වී ඇතැයි කියා කියනවා. එමනිසා, මින් අදහස් වන්නේ ඔවුන් ජීවත් වන්නේ අපායේ බවයි. ඔවුන්ගේ අවබෝධයේ තරමටම මෙය සැබවින්ම අපායකි. කෙසේවෙතත්, ඔවුන් අපාය වාසීන් කියා කෙළින්ම කියුවහොත් ඔවුන් ඔබ සමඟ අමනාප වේවි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා ඔවුන් මිනිසුන් ලෙසින් පෙනුනත් මුහුණු මිනිස් මුහුණු වුණත් චරිත ලක්ෂණ වානරයින්ගේ වගෙයි. මෙහෙමත් කියනවා. දේවාල වල දේව පිළිම ඉදිරියට ගිහින් ඔවුන්ම කියනවා ඔබ සියලු ගුණධර්ම වලින් පිරි අයයි, කියලා. නමුත් තමා ගැන ඔවුන් කියා ගන්නේ කුමක්ද? තමන් මහා පාපකාරීන්, කියලා හඳුන්වා ගත්තත් ඔබ එය කියන්න ගියහොත් ඔවුන් ඔබ සමඟ අමනාප වේවි. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා ඔය දරුවන්ටම පමණක් කතා කර පැහැදිලි කරන්නේ. පිට සිටිනා අයට ඔහු කතා කරන්න යන්නේ නැහැ. එම කලි යුග මිනිසුන් අපාය වාසීන්. ඔබලා දැන් සංගම යුග වාසීන්. ඔබලා පාරිශුද්ධ වෙමින් සිටිනවා. අප බ්‍රහමිණ්වරුන්ට උගන්වන්නේ ශිව බාබා කියා ඔබලාට තේරෙනවා. ඔහු තමයි පාරිශුද්ධකරු. අප ජීවයන්ව නැවතත් නිවහන වෙත ගෙන යාමට පරමාත්ම පියා පැමිණ සිටිනවා. මෙය එතරම්ම සරළ කරුණක්. පරමාත්ම පියා කියනවා දරුවනි, ඔය ජීවයන් ශාන්ත දේශයේ සිට මෙහි පැමිණියේ ඔබගේ චරිත කොටස රඟදැක්වීමටයි. මෙම දුක්ඛිත ලෝකයේ සෑම කෙනෙක්ම සිටින්නේ දුකින්. මෙන්න මේ නිසා තමයි ඔවුන් මනසේ සාමය සොයන්නේ. ජීවය සාමකාමී විය හැක්කේ කෙසේදැයි කියා ඔවුන් අහන්නේ නැහැ. ඔබ ඕම් ශාන්ති කියා කියනවා. මගේ මුල්ම ධර්මය සාමයයි. ඉතින් ඇයි ඔබ සාමය ඉල්ලන්නේ. ඒ ඔබ තමන් ජීවයක් බව අමතක කර ශාරීරික අවධානයට වැටුණු නිසාය. ජීවාත්ම සත්තාවන් වාසය කරන්නේ සාම දේශයේයි. ඉතින් මෙහි සාමය තිබිය හැක්කේ කෙසේද? අශාරීරික වුණු විට පමණයි ඔබට සාමයක් ලද හැක්කේ. මෙහි සිටිනා සෑම ජීවයක්ම ශරීරයක් හා බැඳී සිටිනා නිසා ඔවුන් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම කතා බහ කිරීම් යාම් ඊම් කළ යුතුයි. ජීවය වන මම සාම දේශයෙන් පැමිණියේ චරිත කොටසක් රඟදැක්වීමටයි. රාවණ් සතුරා බව කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. රාවණ් ඔබගේ සතුරා වූයේ කවදාද? ඒ කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. රාවණ් කියන්නේ කවුදැයි කියා එකම එක විද්වතෙක්වත් දන්නේ නැහැ තමන් විසින් පුළුස්සන්නේ කාගේ පඹයෙක්දැයි කියා ඔවුන් දන්නේ නැහැ. උපත් ගණනාවක් තිස්සේ පුළුස්සමින් ආවත් කිසිම දෙයක් දන්නේ නැහැ. රාවණ් කවුදැයි කියා ඒ කාගෙන් හෝ ඇසුවොත්, ඒක නිකම් මවා ගැනීමක් කියා කියාවි. ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් කුමන ප්‍රතිචාරයක් දෙන්නද? එක් ග්‍රන්ථයකත් සඳහන් කර තිබෙනවා ඔහෝ රාමා මෙම ලෝකය නිර්මාණය කළ දෙයක් නොවෙයි, හිතළුවක් පමණයි කියලා. බොහෝ දෙනා මෙසේ කියනවා. හොඳයි, හිතළුව යන්නෙහි අර්ථය කුමක්ද? මෙය මනඃකල්පිත ලෝකයක් කියා කියනවා. කෙනෙකුට හිතෙන දේ සිදු වෙනවා. එහි අර්ථය ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට කරුණු පහදා දෙනවා. ඔබෙන් ඇතැම් අය ඉතාමත් හොඳින් එය තේරුම් ගන්නා නමුත් තවත් පිරිසක් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් සුළු දරුවන් (තමන්ගේම නොවන දරුවන්). ඔවුන් කවදාවත් උරුමක්කරුවන් වන්නේ නැහැ. බාබාටත් තමාගේම දරුවන් හා මෙවන් සුළු දරුවනුත් සිටිනවා. සැබෑම දරුවන් පියාගේ ශ්‍රීමත් මුළුමණින්ම අනුගමනය කරනා නමුත් අනිත් දරුවන් එසේ නැහැ. පරමාත්ම පියා එවිට කියනවා මොහු මගේ උපදෙස් අනුගමනය කරන්නේ නැහැ ඔහු අනුගමනය කරන්නේ රාවණ්ගේ උපදෙසුයි. රාමා හා රාවණ් කියා වචන දෙකක් තිබෙනවා. රාමාගේ රාජ්‍යයක් තිබෙන අතර මෙය රාවණ්ගේ රාජ්‍යයයි. දැන් මේ ඇත්තේ ඒ දෙකෙහි සංගමයයි. පියා ඔවුන්ට පහදා දෙනවා. මේ සියලුම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් ශිව බාබාගෙන් තම උරුමය දිනා ගන්නවා. ඔබටත් එය දිනා ගැනීමට අවශ්‍යද? ඔබ මේ උසස් උපදෙස් අනුගමනය කරනවාද? ඔවුන් අසාවි, කාගේ උපදෙස් ද? පරමාත්ම පියා ඔබට උපදෙස් දෙන්නේ ඔබව පාරිශුද්ධ කරවීමටයි. හා, හොඳයි, මම පාරිශුද්ධව සිටීමට කැමතියි කියා කියනා ඇතැම් අය පසුව අසනවා ඒත් මගේ සැමියා එයට අකමැති වුවහොත්, මම ඇහුම්කන් දිය යුත්තේ කාටද? මගේ සැමියා මගේ දෙවියාය. භාරතයේ කාන්තාවකගේ ස්වාමිපුරුෂයා ඇයගේ ගුරු, දෙවියා හා මුළු ලෝකයමයි කියායි කියන්නේ. කෙසේවෙතත්, කවුරුත් එවන් දෙයක් විශ්වාස කරන්නේත් නැහැ. හා, හොඳයි කියා ඒ මොහොතට පමණක් කිව්වත් ඔවුන් එය කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ගුරූන් ළඟටයි දේවාල වලටයි යාමත් ඔවුන් කිසිසේත්ම නවත්වන්නේ නැහැ. ස්වාමිපුරුෂයිනුත් විරෝධය පළ කරනවා එහේ මෙහේ ඇවිදින්න යන්න එපා, මම රාම් පිළිමයක් ගෙදරටම ගෙනත් දෙන්නම්, ගෙදර ඉඳගෙන වන්දනාමාන කරන්න. අයෝධ්‍යාවේ (රාමාගේ උපන් බිම) රස්තියාදු වෙන්න යන්නේ මොකටද? නමුත් ඇය කිසිම දෙයකට ඇහුම් කන් දෙන්නේ නැහැ. භක්ති මාර්ගයේ වැටි වැටී යන ගමන එහෙම තමයි. ඇය අනිවාර්යෙන්ම ඒ යන ගමන නතර කරන්නේත් නැහැ. කවුරුවත් කියන කිසිම දෙයකට ඇහුම් කන් දෙන්නේත් නැහැ. මන්ද, ඇයගේ විශ්වාසයට අනුව රාම් දේවාලය රාමාගේම යන්නයි. කෙසේවෙතත්, ඔබ සිහි කළ යුත්තේ කවුරුන්වද? රාමාව ද ඔහුගේ දේවාලය ද? ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. එමනිසා, පරම පියා පැහැදිලි කර කියා දෙනවා භක්ති මාර්ගයේ දී ඔබ දෙවියන්ට කන්නලව් කළා පැමිණ අපව දුකින් මුදවා ගන්න කියලා. මන්ද, ඔහු පමණයි සෑම කෙනෙක්ටම මුක්තිය දානය කරන්නා. අච්චා. ඔහු පැමිණියේ කවදාද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. රාවණ් ඔබගේ සතුරා බව පියා පැහැදිලි කර කියා තිබෙනවා. රාවණ්ගේ පුදුමය නම් මිනිස්සු ඔහුගේ පඹයෙක් සාදා අවුරුද්දක් අවුරුද්දක් පාසා පිළිස්සුවත් තවමත් රාවණ් මිය ගිහින් නැහැ. රාවණ් යනු කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අසීමිත පරම පියාගෙන් තමාට උරුමයක් හිමි වන බව ඔය දරුවන් දන්නවා. ශිව ජයන්තිය සැමරුවත් ශිවා කියන්නේ කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ. ශිව කියන්නේ දෙවියන්. සෑම කල්පයකදීම ඔහු මෙම යුගයේදී පමණක් පැමිණ භාරතය අපායකින් දිව්‍යලෝකයක් කරවනවා කියා ඔබ රජයේ නිලධාරීන්ටත් කියා දෙනවා. ඔහු යාචකයින්ව රාජ කුමාරයින් කරවනවා. ඔහු අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවනවා. ඔහු සැමට මුක්තිය දානය කරන්නායි. සෑම මනුෂ්‍ය ජීවයක්ම දැන් මෙහි පැමිණිලයි සිටින්නේ. ක්‍රිස්තු ජීවය පවා දැන් වෙනම ස්වරූපයකින් මෙහි සිටිනවා. කිසිම කෙනෙකුට තවම නිවහනට යා නොහැකියි. සෑම කෙනෙකුටම මුක්තිය ලබා දිය හැක්කේ එකම එක පරමාත්ම පියාට පමණයි. ඔහු පැමිණෙන්නේ භාරතයටම පමණයි. ඇත්තෙන්ම කියනවා නම්, ඔබ භක්ති වන්දනාවන් කළ යුත්තේ ඔබට ගැලවීමක් ලබා දෙන අයෙකුට පමණයි. ඒ අශාරීරික පියා මෙහි නැහැ. ඔහු සෑම විටම ඉහළ සිටිනා කෙනෙක් ලෙස තමයි සැලකෙන්නේ. නමුත් කිසිම කෙනෙක් ක්‍රිෂ්ණා ඉහළ තැනක සිටිනවා කියා සලකන්නේ නැහැ. ඔවුන් ක්‍රිෂ්ණා ඇතුළු අන් සෑම කෙනෙක්ම මෙහි පහළ සිටිනවා කියා තමයි සලකන්නේ. ඔය දරුවන්ගේ සිහි කිරීම හරියටම නිවැරදියි. ඔබ තමන් තම ශරීරයෙන් පිට සිටිනා අයෙක් ලෙස සලකනවා. තමන් ජිව බව සලකා ඔබ පරම පියාව සිහිපත් කරනවා. පරමාත්ම පියා කියනවා ඔබ කිසිම කෙනෙකුගේ ශරීරයක් සිහි නොකළ යුතුයි. මෙයට අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. තමන් ජීවයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. බාබා අපව මුළු ලෝකයේම පාලකවරුන් බවට පත් කරවනවා. ඔහු අපව, පොළොවේත්, මහ සයුරේත්, ගුවන් තලයේත් පාලකවරුන් බවට පත් කරවනවා. දැන් ඒ සියල්ල කෑලි කෑලි වලට කැඩී බිඳී ගිහින්. තම සීමා මායිම් පසු කර යාමට ඔවුන් ඔබට ඉඩ තබන්නේ නැහැ. මේ කිසිම දෙයක් එහි නැහැ. දෙවියන් වන්නේ පරමාත්මයම පමණයි. සෑම කෙනෙක්ම පියා කියා කියන්නත් බැහැ. හින්දු වරුන් හා චීන ජාතිකයන් සහෝදරයින් කියා කිව්වත්, හින්දුන් හා මුස්ලිම්වරුන් සහෝදර සහෝදරියන් කියා ඔවුන් කවදාවත් කියන්නේත් නැහැ නැහැ. සෑම ජිවයක්ම සහෝදරයෙක්. නමුත් ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ. ආගමික ග්‍රන්ථ වලට ඇහුම් කන් දෙන විට, නිකම් එහෙමයි එහෙමයි කිය කියා අහගෙන සිටියත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නම් නැහැ. සත්‍ය දේශයේ දී ඔවුන් කතා කරන්නේ සත්‍යයම පමණයි. නමුත් මෙහි බොරුවම මිසක් වෙන කිසිම දෙයක් නැහැ. ඔවුන් කියන්නේ බොරුයි කියා ඒ කාට හෝ කියුවොත් ඔවුන් ඔබ සමඟ බොහොම අමනාප වේවි. ඔබ ඇත්ත කතා කළත් ඇතැම් අය ඔබට අපහාස කරන්න පටන් ගනීවි. පරම පියාව හඳුනන්නේ ඔය බ්‍රහමිණ්වරුන් පමණයි. ඔය දරුවන් දැන් දිව්‍යමය ගුණධර්ම උකහා ගනිමින් සිටිනවා. පංච මහා භූතයින් පවා දැන් මුළුමනින්ම අපිරිසිඳු වෙමින් පවතින බව ඔබලා දන්නවා. මේ දිනවල, මිනිස්සු යක්ෂ භූතයින්ව පවා මහා ඉහළින් වන්දනා කරනවා. නිතර නිතර යක්ෂාත්මයන්ව සිහි කරනවා. පරමාත්ම පියා කියනවා තමන් ජිවයක් බව සලකා නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. යක්ෂයින්ව සිහි කරන්න එපා. ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර බුද්ධියේ යෝගාව පරමාත්ම පියා හා සමඟම තබා ගන්න. ඔබ දැන් ජීව අවධානයට පත් විය යුතුයි. ඔබ පරමාත්ම පියාව සිහි කළ තරමට ඔබගේ පාප දුරු වී යාවි. ඔබට දැන් තෙවෙනි ඇස ලැබී තිබෙනවා. ඔබ දැන් පාපකාරී ක්‍රියා දමනය කළ අය විය යුතුයි. පාපකාරී ක්‍රියා ජයගත් අයගේ යුගය එයයි. නමුත් මෙය පාප ක්‍රියා කරනා අයගේ යුගයයි. ඔබ පාප ක්‍රියා දමනය කර දමන්නේ යෝගාවේ බලයෙන්. භාරතයේ යෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් මිනිස්සු ඒ ගැන දන්නේ නැහැ. සන්‍යාසීවරුන් පිට රටවලට ගිහින් තමන් පැමිණ සිටින්නේ භාරතයේ යෝගාව ඉගැන්වීමටයි කියා කියනවා. නමුත් එහි සිටිනා කවුරුවත් හතා යෝගීන් වන සන්‍යාසීවරුන්ට රාජයෝගාව ඉගැන්විය නොහැකි බව දන්නේ නැහැ. ඔබලා රාජඍෂීන්ය. ඔවුන් සීමිත සන්‍යාසීවරුන්. නමුත් ඔබලා අසීමිත සන්‍යාසී වරුන්. එහි දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. ඔය බ්‍රහමිණ්වරුන් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට රාජයෝගාව උගන්වන්න බැහැ. මෙය අළුත් කරුණක්. අළුතින් පැමිණෙන අයට මේවා තේරෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි අළුත් අයට මෙහි පැමිණීම වලක්වා තිබෙන්නේ. මෙය ඉන්ද්‍ර සභාවයි. (ඥාන වැසි වස්සන්නේ ඉන්ද්‍රා දෙවියනුයි) දැන් සෑම කෙනෙක්ටම ඇත්තේ ගල් බුද්ධියක්. ස්වර්ණමය යුගයේ සිටිනා සෑම කෙනෙක්ටම ඇත්තේ දිව්‍යමය බුද්ධියක්. දැන් මේ ඇත්තේ ඒ දෙකෙහි සංගමයයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ගල් ඔබව දියමන්තියක් කරවන්න බැහැ. ඔබ මෙහි පැමිණ සිටින්නේ ඔබගේ බුද්ධිය දිව්‍යමය කර ගැනීමටයි. භාරතය සැබවින්ම රන් කුරුල්ලෙක්ව තිබුණා. ලෝක පාලකවරුන් ලෙස සිටියේ ලක්ෂ්මි හා නාරායනුයි. ඔවුන්ගේ පාලනය තිබුණේ කොයි කාලයේ ද කියා කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. මීට වසර 5000කට පෙර තිබුණේ ඔවුන්ගේ රාජධානියයි. පසුව ඔවුන් ගියේ කොහිද? ඔවුන් උපත් 84ක් ගනිමින් සිටි බව ඔබට පැහැදිලි කර දිය හැකියි. දැනට ඔවුන් තමෝප්‍රධාන්. පරමාත්ම පියා විසින් ඔවුන්ව සතෝප්‍රධාන් කරවමින් තිබෙනවා. ඔබටත් එය අදාලයි. පරමාත්ම පියාටම හැරෙන්න වෙන කිසිම සාදු සන්‍යාසීවරයෙකුට මෙම ඥානය දිය නොහැකියි. එය භක්ති මාර්ගය වන අතර මෙය ඥාන මාර්ගයයි. ඔය දරුවන් ළඟ ඇති ඉතාමත් හොඳ ගීත වලට ඇහුම් කන් දෙන විට හිරිගඬු පිපෙන සතුටකින් ඔබ ඉපිල යාවි. මෙම කුල්මත් බව නිරන්තරයෙන් තිබිය යුතුයි. මෙය ඥාන අමෘතයයි. මත්පැන් බී මිනිස්සු කුල්මත් වෙනවා. නමුත් ඔබට ඥාන අමෘතය ලැබී තිබෙනවා. ඔබගේ කුල්මත් බව අඩු නොවිය යුතුයි. එය සෑම විටම ඉහළින්ම තිබිය යුතුයි. ලක්ෂ්මි නාරායන් පින්තූර දැන ඔබ සතුටු වෙනවා. ශ්‍රීමත් අනුගමනය කර ඔබ එතරම් උසස් අය බවට පත් වන බව ඔබලා දන්නවා. මෙහි සෑම දෙයක්ම අනුගමනය කරමින් යන අතර ඔබගේ සිහිය පරමාත්ම පියාත් ඒ උරුමයත් හා යෝගා වී තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පාපකාරී ක්‍රියා දමනය කළ අයෙක් වීමට නම් යෝගා බලයෙන් ඔබ ඒවා ජය ගත යුතුයි. මෙහි ඇති සෑම දෙයක්ම නිරීක්ෂණය කරනා අතර ඔබගේ සිහියේ යෝගාව පරමාත්ම පියා හා උරුමය සමඟ සම්බන්ධව තිබිය යුතුයි.

2. පරමාත්ම පියාගෙන් තමාගේ උරුමයේ මුළු අයිතියම දිනා ගැනීමට නම්, ඔබලා සැබෑම දරුවන් විය යුතුයි. එකම එක පරමාත්ම පියාගේ ශ්‍රීමත් උපදෙස් පමණක් පිළිපදින්න. පියා විසින් උගන්වනා සෑම දෙයක්ම පැහැදිලිව තේරුම් ගෙන ඒවා අන් අයටත් පහදා දෙන්න.

වරදානය:
ඔබ පරිපූර්ණත්වය නම් වූ ආලෝකයෙන් අවිද්‍යාව නම් වූ තිරය ඉවත් කර විමසුම් ආලෝකයක් බවට පත් වන්න.

එළිදරව් කිරීමේ කාලය දැන් සමීපයටම පැමිණ ඇත. ඒ නිසා අභ්‍යන්තරකරණයට පත් වී අත්දැකීම් නම් වූ මිණිමුතු වලින් ඔබව පුරවාගන්න. ඔබේ පරිපූර්ණතාවය නම් වූ ආලෝකය මඟින් අවිද්‍යාව නම් වූ තිරය ඉවත් කරන ලද විමසුම් ආලෝක ධාරවක් බවට පත් වන්න. ඔබ වූ කලී ලෝකය සතුටින් පිරි ස්වර්ණමය බවට පත් කරන, වියසන වලින් ලෝකය ආරක්ෂා කරන පෘතුවියේ තාරකාවකි. ඔබ වූ කලී සතුටේ සුසුමත් සාමයත් ලෝකයට ගෙනෙන උපකරණයක් වන උසස්ම ජීවාත්ම සත්තාවකි.

පාඨය:
මායාගේ සහ පදාර්ථයන්ගේ ආකර්ෂණයෙන් ඈත් වී නිරන්තරව සතුටින් සිටින කෙනෙක් වන්න.