13.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නිද්‍රාගතව තිබෙනා ඔබගේ වාසනාව අවදි කර ගැනීමට ඔබලා දැන් පරමාත්ම පියා ලඟට පැමිණ සිටියි. තම වාසනාව අවදි කර ගන්නවා යනු ලෝක පාලකවරයෙක් බවට පත් වීමයි.

ප්‍රශ්නය:
පරමාත්ම පියා සේම ඔබව ප්‍රඥාවන්ත කරවන්නේ කුමණ පෝෂණය ද?

පිළිතුර:
මෙම අධ්‍යාපනය ඔය දරුවන්ගේ බුද්ධියට ඇති පෝෂණයයි. දිනපතා මෙම ඥානය හදාරන්නන්ගේ බුද්ධිය. එනම් දිනපතා මෙම පෝෂණය ගන්නා අයගේ බුද්ධිය දිව්‍යමය වේ. සියළුම බුද්ධින්ගේ මහා ප්‍රාඥයා. දිව්‍යත්වයේ දෙවියන් වන පරමාත්ම පියා ඔය දරුවන්ගේ බුද්ධිය ද තමාගේ මෙන්ම ප්‍රඥාවන්ත හා දිව්‍යමය කරවයි.

ගීතය:
මගේ වාසනාව අවදි කර ගනිමින් මා පැමිණ සිටිමි ...

ඕම් ශාන්ති.
එම ගීතයේ මෙම පද වැල ඇසීමෙන් ඔය ආදරණීය දරුවන්ට හිරිගඩු පිපෙනා සතුටක් දැනිය යුතුයි. එය සාමාන්‍ය ගීතයක්. නමුත් එහි සාරය වෙන කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ගීත වලත් ග්‍රන්ථ වලත් සැබෑ අරුත ඔබට කියා දෙන්නේ පියා පමණයි. කලි යුගයේ සිටිනා සෑම කෙනෙකුගේම වාසනාව නිද්‍රාබරිතව තිබෙනා බව ඔය සුමිහිරි දරුවන් දැන් දන්නවා. ස්වර්ණමය යුගයේදී සෑම කෙනෙකුගේම වාසනාව අවදි වෙනවා. නිදිබර ඔබගේ වාසනාව අවදි කරවන්නේ පරමාත්ම පියාම පමණයි. ඔහු ඔබට ශ්‍රීමත් උපදේශ ලබා දී ඔබගේ වාසනාව නිර්මාණය කරවනවා. මෙහි අසුන් ගෙන ඔය දරුවන්ගේ වාසනාව අවදි කරවන්නේ ඔහුම පමණයි. දරුවන් ඉපදුණු සැනකින් ඔවුන්ගේ වාසනාව අවදි වෙනවා. දරුවෙක් ඉපදුණු පසු, තමන් උරුමක්කරුවෙක් බව ඔහු දැන ගන්නවා.මෙහිදීත් එය එසේමයි. නමුත් මෙය අසීමිත කරුණක්. සෑම කල්පයකදීම තම වාසනාව අවදි වන බවත් නැවතත් වතාවක් එය නිද්‍රාවට යන බවත් ඔය දරුවන් දන්නවා. පාරිශුද්ධ වුණු විට ඔබගේ වාසනාව අවදි වෙනවා. පිරිසිඳු ගෘහවාසී ආශ්‍රමය කියා කියනවා. ආශ්‍රමය යන වචනය පිරිසිඳු වචනයක්. පිරිසිඳු ගෘහ ආශ්‍රම තිබෙනා අතර අනිත් පැත්තෙන් අපිරිසිඳු ගෘහ ධර්මයනුත් තිබෙනවා. අපිරිසිඳු දෙයකට ඔබ ආශ්‍රමයක් කියා කියන්නේ නැහැ. ගෘහවාසී ධර්මය සෑම කෙනෙකුටම අයිති දෙයක්. සිව්පාසතුන් අතර පවා එය තිබෙනවා: ඒ සෑම කෙනෙක්ම දරුවන් හදනවා. සිව්පා සතුන් පවා ගෘහවාසී ධර්මයට අයිති අය කියලයි කියන්නේ. ස්වර්ණමය යුගයේ දී ඔබ පිරිසිඳු ගෘහ ආශ්‍රමයකට අයිතිව සිටි බව ඔය දරුවන් දැන් දන්නවා. ඔබලා දේවතාවරුන්ව සිටියා. ඔවුන්ගේ ගුණ ගායනා වී තිබෙනවා: සියලුම ගුණදහමින් පිරි, සොලොස්කලාවෙන් සපිරි, ඔබම මේ ලෙස කියා ගනිමින් සිටියා. තමන් දැන් නැවතත් වතාවක් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් බවට පත් වෙමින් සිටිනා බව ඔබලාට තේරෙනවා. මිනිසුන්ව දේවතාවරුන් කරවීමට දෙවියන්ට එතරම් කාලයක් ගත වුණේ නැහැයි කියා කියනවා. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර්ටත් කියන්නේ දේවතාවරුන් කියලයි. ඔවුන් කියනවා: දේව බ්‍රහ්මාට නමස්කාර වේවා කියා ඔවුන් පරමාත්ම පරම ශිවාට නමස්කාර වේවා කියලත් කියනවා. මේවායේ අරුත දැන් ඔබලා දන්නවා. ඔවුන් මෙසේ කියන්නේ අන්ධ විශ්වාසයෙනුයි. දේව ශංකර්ට නමස්කාර වේවා කියලත් ඔවුන් කියනවා. ශිවා වෙනුවෙන් ඔවුන් කියන්නේ. උත්තරීතර පරම ශිව ජීවාත්මයට නමස්කාර කියලයි. ඉතින් එහි වෙනසක් තිබෙනවා. අනිත් කෙනා දේවතාවරයෙක් වන අතර මොහු උත්තරීතර ජීවය වෙනවා. ශිවා හා ශංකර් එකම කෙනෙක් කියා ඔබට කියන්න බැහැ. තමන්ට ඇත්තටම තිබුණේ ගල් බුද්ධියක් කියා ඔබ දන්නවා. දැන් ඔබ දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් වෙමින් සිටිනවා. දේවතා වරුන් ගල් බුද්ධි ඇති අයයි කියා කියන්න බැහැ. නාටකයට අනුව ඔබට ඉණිමඟේ පහළට පැමිණ රාවණ රාජ්‍යයට ඇතුළු වීමට සිදු වුණා. දැන් ගල් බුද්ධි ඇති අයගෙන් ඔබ දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් විය යුතුයි. ප්‍රඥාවන්තම කෙනා එකම එක පරමාත්ම පියායි. ඔබලාගේ බුද්ධියේ දැන් කිසිම බලයක් ඉතිරිව නැහැ. පරමාත්ම පියා මෙහි සිට එවන් අයගේ බුද්ධිය දිව්‍යමය කරවනවා. ඔබ මෙහි පැමිණෙන්නේ ඔබගේ බුද්ධිය දිව්‍යමය කර ගැනීමටයි. දිව්‍යත්වයේ දෙවඟන සඳහා දේවාල තිබෙනවා. එහි විවිධ මේලාවන් පැවැත්වෙනවා. කෙසේවෙතත් දිව්‍යත්වයේ දෙවඟන කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම්, සෑම කෙනෙක්වම දිව්‍යමය කරවන්නේ එකම එක පරමාත්ම පියාම පමණයි. ඔහු තමයි මහා ප්‍රාඥයා. මෙම ඥානය ඔය දරුවන්ගේ බුද්ධියට ලැබෙනා පෝෂණයයි. බුද්ධිය බොහෝ සෙයින් පරිවර්තනය වෙනවා. මෙම ලෝකය කටු කැළයක් කියා හඳුන්වනවා. මිනිසුන් එකිනෙකාට කෙතරම් නම් දුක් දී ගන්නවාද ? මෙය තමෝප්‍රධාන් ලෝකයේ අන්ත අපායයි. ගරඬපුරාණයේ නොයෙකුත් භයංකර කතාන්දර ලියා තිබෙනවා. ඔය දරුවන්ගේ බුද්ධිය දැන් පෝෂණය ලබමින් සිටිනවා. අසීමිත පියා ඔබට පෝෂණය දෙනවා. මෙය හැදෑරීමක්. මෙයට ඥාන අමෘතය කියාත් කියනවා. යුද්ධයක් ආදිය නැහැ. මේ දින වල සෑම දෙයකටම අමෘතය යයි කියනවා. ගංඟා නදියේ වතුරටත් අමෘකතය යයි කියනවා. ඒ ජලයෙන් දේවතාවරුන්ගේ දෙපා සෝදා එය අමෘතයයි කියා ඔවුන් ලඟ තබා ගෙන සිටිනවා. මෙයත් ඔබගේ බුද්ධියෙන් අවබෝධ කර ගත යුතු කරුණකි. ඒ වතුර පොද අමෘතය වෙනවා ද නැතිනම් පාරිශුද්ධකරු වන මහා ගංඟාවේ වතුර අමෘතය වෙනවාද? වතුර පොද දෙන කෙනා ඉන් අපිරිසිඳු අය පිරිසිඳු වේවි කියා කියන්නේ නැහැ. ගංඟා නදියේ වතුරට පාරිශුද්ධකරු කියලත් කියනවා. කෙනෙක් මිය ගිය විට, ගංඟා නදියේ වතුර පොදක් දෙතොලේ තැබිය යුතුයි කියනවා. අර්ජුණ ඊතලයක් විද්ද විට එතැනින් අමෘතය මතු වුණා යයි කියනවා. ඔය දරුවන් කිසිම ඊතලයක් පෙන්වන්නේ නැහැ. දුනු ඊතල වලින් සටන් කර ගන්නා ගම්මානයක් තිබෙනවා. එහි රජු දේව අවතාරයක් කියාත් කියනවා. කෙසේවෙතත්, කිසිම කෙනෙකුට දේව අවතාරයක් කියා කියන්න බැහැ. සැමටම විමුක්තිය දානය කරනා එකම එක සත්ගුරු කෙනෙක් පමණයි සිටිය හැක්කේ. ඔහු දැන් සෑම කෙනෙක්වම තමා සමඟ ආපසු ගෙන යනවා. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබව නිවහනට ගෙන යන්න බැහැ. බ්‍රහ්ම ලෝකය සමඟ මුසුවීම කියා දෙයකුත් නැහැ. මෙම නාටකය කල්තබාම තීරණය වූවකි: ලෝක චක්‍රය සදාකාලිකව කැරකෙනවා. ලෝක ඉතිහාසය හා භූගෝලය කැරකෙන්නේ කෙසේදැයි කියා දැන් ඔබට තේරෙනවා. වෙන කිසිම කෙනෙකුට මෙය තේරෙන්නේ නැහැ. මානව ජීවයන් තමන් විසින්ම සිහිපත් කරමින් අහෝ දෙවි පියාණනි කියාත් කියනා ඒ නිර්මාණකරු ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. භෞතික පියෙකුට දෙවි පියාණන් කියා කිසිම විටෙක කියන්නේ නැහැ. දෙවි පියාණන් යන්න භාවිත වන්නේ ලොකු ගෞරවයකින්. පාරිශුද්ධකරුවාණනි, දුක නැති කර සතුට දානය කරන්නාණනි කියා ගයන්නේ ඔහුටයි. එක් පැත්තකින් ඔහු දුක නැති කර සතුට දානය කරන්නායි කියා කියනා ඔවුන් තමුන්ට දුකක් විඳීමට සිදු වුණු විටෙකදී, තම දරුවෙක් මිය ගිය මොහොතක දී දෙවියන් සතුටත් දුකත් දෙකම දෙනවා. දෙවියන් තම දරුවාව ආපසු ගත්තා කියා කියනවා. ඔහු මොනවා කළාටද? දේව ප්‍රශංසා ගී ගායනා කළත් කුමන හෝ දෙයක් සිදු වුණු විටක දී ඔහුට අපහාස කරන්න පටන් ගන්නවා. දෙවියන් තමාට දරුවෙක් දුන්නා කියා ඔවුන් කියනවා. ඉතින් එසේ නම් ඒ දෙවියන්ම දරුවාව ආපසු ගත් විට ඇයි අඬාදොඩා වැලපෙන්නේ? ඔහු දෙවියන් ලඟට ගිහින්. ස්වර්ණමය යුගයේදී කිසිම කෙනෙක් අඬන්නේ නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ: ඇඬීමට හේතුවක් නැහැ. ජීවාත්මය පිටව ගොස් තම කර්ම ගිණුම් වලට අනුව තවත් චරිත කොටසක් රඟදැක්විය යුතුයි. ඥානය නොමැති නිසා මිනිස්සු අඬන්න පටන් ගන්නවා. හරියට නිකම් උන්මාද වෙලා වගේ. මෙහිදී පරමාත්ම පියා විස්තර කර කියා දෙන්නේ ඔබගේ මව මියගියත් හල්වා කන්න. බැඳීම් ජය ගත්තෙක් විය යුතුයි. මගේ කියා සිටින්නේ එකම එක අසීමිත පියා පමණයි. වෙන කිසිවෙක් නොමැත. එවන් තත්ත්වයක් ඔය දරුවන්ට තිබිය යුතුයි. බැඳීම් ජය ගත් රජතුමාගේ කතාව ඔබලා අසා ඇති නේද? ඒ සියල්ල බොරු කතාන්දරයි. ස්වර්ණමය යුගයේ දුකක් කියා දෙයක් නැහැ. අකල් මරණ නැහැ. තමන් දැන් මරණය ජය ගන්නා බව ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියාට කියන්නේ මහා මාරයා කියලයි. මරණයේත් මරණය ඔබට මාරයා දමනය කිරීමට උනන්දු කරවනවා. ඉන් අදහස් වන්නේ ඔබ කවදාවත් අකල් මරණ වලට හසු නොවනා බවයි. ජීවාත්මයන්ට මරණයක් දැනෙන්නේ නැහැ. ජීවයක් එක් ශරීරයක් අතහැර ගිහින් තවත් එකක් ගන්නවා. මරණය යනු එයයි. මරණය කියන්නේ වෙන කිසිවක් නොවෙයි. මිනිස්සු ගුණ ගායනා කළත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ප්‍රශස්ත ගී ගැයුවත් ඒ ගීත වල අර්ථය ඔවුන් දන්නේ නැහැ. දැන් සියල්ල මිනිස් අවබෝධයෙන් ඔබ්බෙහි තිබෙන දේවල් වෙලා. පරමාත්ම පියා පහදා කියනවා: මේ පස් පව් ඔබගේ බුද්ධිය ඉතාමත් නරක අතට පත් කරවලා. බොහෝ අය බද්‍රනාථය ආදියට යනවා. අද ලක්ෂ 2 ක් 4 ක් යාවි. ලොකු ලොකු නිලධාරින් පවා එතැනට වන්දනාවේ යනවා. ඔබලා එහි නොයනා නිසා මිනිස්සු කියනවා බ්‍රහ්ම කුමාරීන් භක්ති ක්‍රියා නොකරන අදේවවාදීන් වෙලායි කියලා. දෙවියන්ව නොදන්නා අයයි අදේවවාදීන් කියා එවිට ඔබ කියනවා. කිසිම කෙනෙක් පරමාත්ම පියාව දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මෙය අනාථයින්ගේ ලෝකයක් කියා හඳුන්වන්නේ: ඔවුන් එකිනෙකා අතර විවිධ අඬදබර ඇති කර ගන්නවා. මේ මුළු ලෝකයම බාබාගේ නිවහනයි නේද? පරමාත්ම පියා පැමිණෙන්නේ මුළු ලෝකයේම දරුවන්ව පාරිශුද්ධ කරවීමටයි. කල්ප බාගයක් පුරාවට පාරිශුද්ධ ලෝකය තිබුණා. රාම රජු කොයි වගේද ඔහුගේ පරවැසියනුත් එසේමැයි කියා කියනවා. රාමා ධනවත් නිසා ඔහුගේ පුරවැසියනුත් එසේමැයි කියා කියනවා. අනාගාමික දෙයක් එහි තිබිය හැක්කේ කෙසේද? සිංහයාත් බැටළුවාත් එකම පොකුණෙන් වතුර බොන ආකාරයත් පෙන්වනවා. ඉතින් රාවණ කොහෙන් පැමිණෙන්නද? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පිටරටවල අයට මේ දේවල් ඇසුණු විට ඔවුන් පුදුමයට පත් වෙනවා. ඥානයේ මහා සාගර පරමාත්ම පියා දැන් පැමිණ ඔය දරුවන්ට ඥානය කියා දෙනවා. මෙම ලෝකය අපිරිසිඳුයි. අපිරිසිඳු අයව ඔහු උඩ සිට සිතිවිල්ලෙන් පිරිසිඳු කරන්න ද? මිනිස්සු කන්නලව් කරනවා: අහෝ පාරිශුද්ධකරුවාණනි, වඩිනු මැනව. පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම භාරතයට පැමිණෙන්න ඇති. අදට පවා ඔහු කියන්නේ: මම මහා ඥාන සාගරයයි මේ පැමිණ සිටින්නේ. මුළු ඥාන සම්භාරයම ඇත්තේ ශිව බාබාටයි කියා ඔය දරුවන් දන්නවා. ඒ පියා පැමිණ මේ සෑම දෙයක්ම ඔය දරුවන්ට පහදා දෙනවා. ග්‍රන්ථ වල ඇති සෑම දෙයක්ම කතාන්දරයි. ව්‍යාස් දෙවියන් ගැන ඔවුන් කියනවා. ඔහු ග්‍රන්ථ ලිව්වා කියා කියනවා. ඒ ව්‍යාස් අයිති භක්ති මාර්ගයටයි. මේ ව්‍යාස් දෙවියන් ගැන ඔවුන් කියනවා. ඔහු ග්‍රන්ථ ලිව්වා කියා කියනවා. ඒ ව්‍යාස් අයිති භක්ති මාර්ගයටයි. මේ ව්‍යාස් දේව්. ඔබලා ඔහුගේ දරුවන්. සුඛී දේව් (සතුට දානය කරන්නන්) ඔබලා දැන් සතුට දානය කරන්නන් වෙමින් සිටිනවා. ව්‍යාස, ශිව ආචාර්යවරයාගෙන් ඔබ ඔබගේ සතුටේ උරුමය දිනා ගනිමින් සිටිනවා. ඔබලා ව්‍යාසගේ දරුවනුයි. එවිට මිනිස්සු පටලැවිල්ලට පත් වන්නේ නැහැ. ඔබලාට කියන්නේ ශිවාගේ දරුවන් කියලයි. ඔහුගේ සැබෑම නම ශිවායි. පරමාත්ම පියා දැන් කියනවා: ශිව බාබාම ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටිනා නිසා ශාරීරික අය දෙස බැලීම නතර කරන්න. ජීවාත්මයක් අවබෝධ කර ගත හැකි අතර පරමාත්මයවත් අවබෝධ කර ගත හැකියි. ඔහු පරම පියා. පරමාත්ම ශිවායි. ඔහු පැමිණ අපිරිසිඳු බවින් පාරිශුද්ධ වීමේ මඟ පෙන්වා දෙනවා. මම ඔය ජීවාත්මයන්ගේ පියායි කියා ඔහු කියනවා. ජීවාත්මයක් අවබෝධ කර ගත හැකියි. දැකිය නොහැකියි. පරමාත්ම පියා අසනවා: තමන් ජීවාත්මයක් බව ඔබ අවබෝධ කරගෙනද සිටින්නේ? ඉතාමත් කුඩා ජීවාත්මයක් තුළ අවිනාශි චරිත කොටසක් පටිගත වී තිබෙනවා. ඔය ජීවාත්මයන් ශරීර ගන්නා බව ඔබලා දන්නවා. මුලදී ඔබලා ජීව අවධානයෙන් සිටියා පසුව ශාරීරික අවධානයට ලක් වුණා. ඔය ජීවාත්මයන් උපත් 84 ක් ගන්නා බව ඔබලා දන්නවා. මෙහි අවසානයක් නැහැ. මෙම නාටකය ඇරඹුනේ කවදාදැයි කියා ඇතැම් අය අසනවා. කෙසේවෙතත් මෙම නාටකය සදාතනිකයි. එය කවදාවත් විනාශ වන්නේ නැහැ. කල්තබාම තීරණය වී ඇති. අවිනාශී ලෝක නාටකය කියන්නේ මෙයටයි. පරමාත්ම පියා මෙහි අසුන් ගෙන ඔය දරුවන්ට නූගත් දරුවන්ට උගන්වන්නාක් සේ උගන්වනවා. ජීවාත්මයක් ශරීරයේ සිටිනවා. මේ ගල් බුද්ධියට ආහාරයි. බුද්ධිය අවබෝධය ලබමින් සිටිනවා. බාබා පින්තූර සාදා තිබෙන්නේ ඔය දරුවන්ටයි. ඒක ඉතාමත් පහසුයි. මේ ත්‍රිමූර්තියයි: බ්‍රහ්ම, විෂ්ණු, ශංකර්. ඇයි බ්‍රහ්මට ත්‍රිමූර්තියි කියන්නේ? දේව දේව මහා දේව කියා කියනවා. එක් අයෙක් මත තවත් අයෙක් තැබුවත් ඒ කිසිවක අරුත ඔවුන් දන්නේ නැහැ. බ්‍රහ්ම දේවතාවරයෙක් වන්නේ කෙසේද? ප්‍රජාපිතා බ්‍රහ්මා සිටින්නේ මෙහියි. මේ දේවල් ග්‍රන්ථ වල සඳහන් වී නැහැ. පරමාත්ම පියා කියනවා: මම මෙම ශරීරයට ඇතුළු වී ඔහු හරහා ඔබට කියා දෙනවා. මම මොහුව මට අයිති කර ගන්නවා. ඔහුගේ උපත් ගණනාවක අවසානයේ දී මා පැමිණෙනවා. මොහුත් පස් පව් අත්හරිනවා. අත්හැරීමක් කරන්නන් යෝගීන් හෝ සෘෂිවරුන් කියා හඳුන්වනවා. ඔබලා දැන් රාජ සෘෂීන් වෙලා. පස් පව් අත් හළ නිසා ඔබගේ නම වෙනස් වෙලා . ඔබ රාජ යෝගීන් වෙනවා. පොරොන්දුවක් වෙනවා. ඒ සන්යාසීවරුන් තම ගෙවල් දොරවල් අතහැර දමා යන්න යනවා. මෙහි නම් ස්වාමි පුරුෂයාත් භාර්යාවත් එකටම ජීවත් වෙමින් පාපයේ නොගැලී සිටීමට පොරොන්දු වෙනවා. ප්‍රධානම දෙය පාපයයි. ශිව බාබා නිර්මාණකරු බව ඔය දරුවන් දන්නවා. ඔහු නව ලෝකය නිර්මාණය කරනවා. බීජය, සත්‍යය, ජීවාත්මය,ආනන්ද සාගරය හා ඥාන සාගරය ඔහුයි. ස්ථාපනය, විනාශය හා පෝෂණය සිදු වන්නේ කෙසේද කියා දන්නේ පරමාත්ම පියා පමණයි. මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. ඔවුන් ඉක්මනින්ම කියන්නේ: ඔය බ්‍රහ්ම කුමාරීන් ලෝක විනාශ ඇති කරවාවි. අච්චා. ඔබගේ කටේ රෝස මල් පිපේවා (ඔබ කියූ දෙය ඇත්තක්ම වේවා) ඔබලා විනාශය සඳහා උපකරණ බවත් ග්‍රන්ථ විශ්වාස නොකරන බවත් භක්තියේ නොයෙදෙමින් ගුරුන් ඇසුරු නොකර දාදාට පමණක් ඇහුම් කන් දෙන අය යයි කියාවි. කෙසේවෙතත් පියාම කියන්නේ: මෙය අපිරිසිඳු ශරීරයක්. මට ඒ වෙතට ඇතුළු වීමට සිදු වුණා. අපිරිසිඳු ලෝකයේ පිරිසිඳු කිසිම කෙනෙක් නැහැ. මිනිස්සු කරන්නේ අන් අය කියූ දේ නැවත කීමයි. භාරතය පවා මෙතරම් විශාල අගාධයකට ඇද වැටී ඇත්තේ මේ කටකතා නිසායි. පරමාත්ම පියා පැමිණෙන්නේ එවිටයි. ඔහු පැමිණ ඔබට සත්‍ය පවසා සෑම කෙනෙක්ටම විමුක්තිය දානය කරනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැතිවී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියා ගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම පියාගෙන් සතුටේ උරුමය දිනා ගෙන සතුටේ දෙවඟනක් බවට පත් වන්න. සෑම කෙනෙකුටම සතුට දානය කරන්න. රාජසෘෂිවරයෙක් වීම සඳහා සෑම පාප දුර්ගුණයක්ම අතහැර දමන්න.

2. මෙම ඥානය හැදෑරීම සැබෑම පෝෂණය වේ. විමුක්තිය ලබා ගැනීම සඳහා කටකතා වලට ඇහුම් කන් දීම නතර කර දමා ශ්‍රීමත් පිළිපදින්න. එකම එක පරමාත්ම පියාට පමණක් ඇහුම් කන් දෙන්න. බැඳීම් ජය ගත්තෙක් වන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් ඔබගේ ස්ව-අභිමානයේ ස්ථාවරව රැඳී සිටීමෙන්, ගෞරවය ලැබීමට සහ පිදුම් ලැබීමට සුදුසු වී, ඔබගේ නිරංකාරී ස්ථීතියෙන් සියලු දෙනාටම ගෞරවය ලබා දෙත්වා.

පරම පියාගේ වර්ණනාව ඔබගේ ස්ව-අභිමානයයි. මෙම ස්ව-අභිමානයේ ස්ථාවරව රැඳී සිටින්න, එවිට ඔබ නිරහංකාරී වී, නොකඩවා ඉබේටම සියලු දෙනාගෙන් ගෞරවය ලබයි. ඔබට ගෞරවය ලැබෙන්නේ එය ඉල්ලීමෙන් නොව, මන්ද ගෞරවය ලබා දීමෙන් සහ තම ස්ව-අභිමානයේ ස්ථාවරව රැඳී සිටීමෙන් සහ ගෞරවය අත්හැරීමෙන්, ඔබ ගෞරවය ලැබීමට සහ පිදුම් ලැබීමේ භාග්‍යයට සුදුසු වෙයි, මන්ද ගෞරවය ලබා දීම, එය ලබා දීම නොව නමුත් ලබා ගැනීමය.

පාඨය:
සියලු දේ දන්නා කෙනෙක් වීමත් සමඟම, සියලු දේ කරන කෙනා සහ දුර්වල (බෙලහීන) ජීවාත්මයන්ට අත්දැකීම් වල ප්‍රසාද් (පූජනීය ආහාර) නොකඩවා බෙදා දෙන කෙනෙක් වන්න.