13.03.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ බෝට්ටුව එතෙර කිරීම සඳහා තොටියා පැමිණ ඇත. පියා වෙත සත්‍යය ලෙසම සිටීම මඟින් ඔබේ බෝට්ටුව පැද්දුනත් ගිලෙන්නේ නැත.

ප්‍රශ්නය:
දරුවන් නිවැරදි ලෙසම ස්මෘතියෙන් නොසිටීමට හේතු වන ප්‍රධාන කරුණ කුමක්ද?

පිළිතුර:
ඔබ ශාරීරික ස්වරූපයෙන් සිටින හේතුව නිසා ඔබ අශරීරික ජීව සත්තාවක් බව අමතක වී පියාද අශරීරික බව අමතක වෙයි. ඔබ ශාරීරික ස්වරූපයක නිසා ඔබට පහසුවෙන් ශාරීරික ස්වරූප සිහි කළ හැකියි. ඔබ ජීව සත්තා විඥානයෙන් සිටිමින් ලක‍්ෂ්‍යයක් ලෙස සලකමින් පියා සිහිකළ යුතුව ඇත. මේ සඳහා පමණයි උත්සාහය උවමනා වන්නේ.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් කතා කරයි. මොහුගේ නම ශිව නොවේ. ඔහුගේ නම බ්‍රහ්මා වන අතර ශිව දෙවියන් ඔහු තුළින් කතා කරයි. ඔබට බොහෝ විට විස්තර කර දී තිබෙනවා කිසිඳු මනුෂ්‍යයෙකුට දෙවි දේවතාවෙකුට හෝ සූක‍්ෂම කලාපයේ සිටින බ්‍රහ්මා, විශ්ණු හෝ ශංකර්ට, දෙවියන් යැයි කිව නොහැක. සූක‍්ෂම හෝ දළ පෙනුමක් ඇති කිසිවෙකුට දෙවියන් යැයි හැඳින්විය නොහැක. අසීමිත පියාට පමණයි දෙවියන් යැයි කියන්නේ. දෙවියන් කවුරුන් දැයි කිසිවෙක් නොදනී. ඔවුන් නිකම්ම නෙති, නෙති යැයි කියයි. එනම්, ඔවුන් නොදන්නා බවයි. ඔබ අතරිනුත් සුළු දෙනෙක් පමණයි මෙය හරියටම දන්නේ. ජීවාත්ම සත්තාවන් මෙසේ කියයි ඕ දෙවියනි! කොහොම නමුත්, ජීවාත්ම සත්තාවක් වූ කලී ලක‍ෂ්‍යයකි, තිතක් වන අතර පියාද තිතක්ම විය යුතුයි. පියා දැන් මෙහි සිට ඔබ දරුවන්ට විස්තර කර දෙයි. බාබා ලඟ සිටින සමහර දරුවන් අවුරුදු 30-35 ක් ඥානය තුළ සිටිමින් වයස ගියත්, දැනුත්, ඔවුන් තිත් වැනි වූ ජීවාත්ම සත්තාවන් බව තේරුම් නොගනී. කෙසේ වුවත්, මෙය ඉතා හොඳින් තේරුම් ගන්නා අය ඇත. ඔවුන් පියාගේ ස්මෘතිය තුළ සිටින්නෝය. අසීමිත පියා වූ කලී ඇත්තම දියමන්තියයි. දියමන්ති සැමවිට තබන්නේ ඉතා හොඳ කුඩා පෙට්ටි වලය. තමා වෙත දියමන්තියක් අන් අයට පෙන්වීමට අවශ්‍ය විට ඔවුන් එය කරන්නේ රත්රන් හෝ රිදී පෙට්ටියක් තුළ තබාය. දියමන්තියක් හඳුනා ගත හැක්කේ හොඳ ස්වර්ණාභරණ කරුවෙකුට පමණි. අන් අයට එසේ නොහැකිය. ව්‍යාජ දියමන්තියක් පෙන්වුවත් කිසිවෙක් එය නෙදනී. එසේ රැවටෙන අයද බොහෝය. සැබෑම පියා දැන් පැමිණ ඇති නමුත්, එබඳු ව්‍යාජ මිනිසුන් කිසිවෙකුට එසේ හඳුනා ගැනීමට හැකියාවක් නැත. ගීත ගැයෙන්නේ සත්‍යයේ බෝට්ටුව බොහෝ පැද්දුනත් ගිලෙන්නේ නැත කියාය. අසත්‍යයේ බෝට්ටුව ඔබ කෙතෙක් පැද්දුවත් කෙසේවත් පැද්දෙන්නේද නැත. මෙහි සිටිනා සමහරුන්ද එම බෝට්ටුව පද්දන්න උත්සාහ කරයි. ඔවුන්ට කියන්නේ ද්‍රෝහීන් කියාය. ඔබ දරුවන් දන්නවා තොටියා වන පියා දැන් පැමිණ ඇති බව. ඔහු උද්‍යානයේ භාරකරුවාද වෙයි. පියා මෙය විස්තර කරන්නේ කටු අකුලක් ලෙසය. සැම දෙනාම අපිරිසිඳුයි. ඔවුන් එතරම්ම ව්‍යාජය! කලාතුරකින් හෝ කිසිවෙක් සැබෑම පියාව නොදනී. මෙහි සිටිනා ඇතැම් අයද ඔහුව සම්පූර්ණයෙන් නොදනී. ඔවුන් ඔවුන්ව නිවැරදිවම නොදන්නේ ඔහු අදෘෂ්‍යමාන නිසයි. හැම කෙනෙක් ම දෙවියන් සිහිකරන අතර ඔහු නොදන්නවා ඔහු අශරීරික බවත් උත්තරීතර කලාපයේ සිටිනා බවත්. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ද අශරීරික ජීවාත්ම සත්තාවන් බව. ඔවුන් ශාරීරික ස්වරූපයෙන් සිටින කළ මෙය ඔවුන්ට අමතක වී ඇත. ඔවුන් ශාරීරික ලෝකයේ සිටින විට ඔවුන් සිහිකරන්නේ ශාරීරික අයයි. ඔබ දරුවන් දැන් ජීවාත්ම සත්තා විඥානයට පත් වෙමින් සිටියි. දෙවියන් හඳුන්වන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්ම සත්තාව කියාය. මෙය තේරුම් ගැනීම ඉතා පහසුය. උත්තරීතර පියා යනුවෙන් අදහස් වන්නේ සියල්ල අභිබැවූ දේශයේ සිටිනා උත්තරීතර ජීවාත්ම සත්තාව යනුවෙනි. ඔබ හඳුන්වන්නේ ජීවාත්ම සත්තාවන් ලෙසයි. ඔබට උත්තරීතර යැයි නොකියැවේ. ඔබ නැවත නැවත උපදී. කිසිවෙක් මේවා දන්නේ නැත. ඔවුන් දෙවියන් සර්ව ව්‍යාපී යනුවෙන් ද කියයි. භක්ති වන්තයින් දෙවියන් කඳු මුදුන් වල සොයා යයි. ඔවුන් වන්දනා ස්ථාන වලට සහ ගංඟා වලට ද ගොස් සොයයි. ඔවුන් සිතන්නේ ගංඟා, පාරිශුද්ධ කරුවා ලෙස සහ එහි නෑමෙන් ඔවුන් පිරිසිඳු වේය කියාය. භක්ති මාර්ගයේ කිසිවෙක් ඔවුන්ට අවශ්‍ය දෙය නොදනී. ඔවුන් නිකම්ම කියන්නේ ඔවුන්ට අවශ්‍ය විමුක්තිය හෝ මෝක‍්ෂය වන සදාකාලික විමුක්තිය බවයි. අසහනය නිසා ඔවුන් අසතුටින් ඇත. සත් යුගයේ දී කිසිවෙක් මෝක‍්ෂය හෝ විමුක්තිය පතන්නේ නැත. එහි කිසිවෙක් දෙවියන්ට කතා කරන්නේද නැත. මෙහි ඔවුන් අසතුටින් නිසා දෙවියන්ට හඬගා කතා කරයි. ඔහුට භක්තියෙන් සිටීම මඟින් කිසිවෙකු දුකින් තොර නොවේ. කෙනෙක් මුළු දවස පුරාම වාඩි වී රාමා, රාමා යැයි ගායනා කළත් ඔහුගේ දුක අස්වන්නේ නැත. මෙය රාවණ් රාජ්‍යයයි. එය හරියට දුක බෙල්ලේ බැඳ ඇති සේය. ඔවුන් මෙසේ ද ගයයි. හැම කෙනෙක්ම දෙවියන් සිහි කරන්නේ දුක ඇති විට වන අතර සතුට ඇති විට කිසිවෙකු ඔහු සිහි නොකරයි. මෙහි තේරුම වන්නේ යම් කලෙක නියතයෙන්ම සතුට තිබුණු බවත් දැන් එහි දුක ඇති බවත්ය. සත් යුගයේ සතුට තිබුණු අතර දැන් කලි යුගයේ ඇත්තේ දුකයි. ඒ නිසයි මෙයට කටු අකුලක් යැයි කියන්නේ. පළමු අංකයේ කටුව වන්නේ ශරීර අවධානයයි. ඊළඟට ඇත්තේ කාම රාගය නම් වූ කටුවයි. පියා දැන් විස්තර කරයි ඔබේ ඇසට පෙනෙන සියලු දේ විනාශ වන සුළුය. ඔබ දැන් නිහඬ දේශයට යා යුතුව ඇත. ඔබ ඔබේ නිවස සහ රජදහන සිහිකළ යුතුව ඇත. ඔබ නිවස සිහි කරනා අතර ම පියාද සිහි කිරීම අවශ්‍ය වන්නේ, නිවස නොව ඔහු පාරිශුද්ධකරුවා වන නිසාය. ඔබ පියා හඳුන්වන්නේ පාරිශුද්ධකරුවා යනුවෙනි. ඉතින් ඔබ පියා සිහි කළ යුතුමයි. ඔහු මෙසේ ද කියයි නිරතුරුවම මාව පමණක් සිහි කරන්න. මට පමණි ඔබ මෙසේ කෑ ගසා අඬගසන්නේ බාබා, පැමිණ අපව පිරිසිඳු කරන්න. ඔහු ඥාන සාගරය වන අතර නියතයෙන්ම පැමිණ කටක් පාවිච්චි කරමින් විස්තර කර දෙයි. ඔහු කුළු ගැන්වීම් නොකරයි. එක අතකින් ඔවුන් ශිව ජයන්ති සමරන අතර අනෙක් අතින්, ඔවුන් නම හා ස්වරූපය අභිබවා ඇතැයිද කියයි. නමක් ස්වරූපයක් අභිබවන කිසිවක් තිබිය නොහැකියි. තවද ඔහු ගස් ගල් ආදිය හැම එකකම ඇතැයිද කියයි. විවිධ අදහස් බොහෝය! පියා මෙසේ තේරුම් කරයි රාවණ් නම් වූ පාප පහ මඟින් ඔබේ බුද්ධිය පිරිහිලා ඇති නිසා ඔබ දේවි දේවතා ප්‍රතිමා වන්දනා කරයි. සමහර අය අදේවවාදීන් වන අතර කිසිවක් විශ්වාස නොකරයි. මෙහි පැමිණෙන්නේ මීට අවුරුදු 5000 කට පෙර මෙම විස්තරය පියාගෙන් අසාගත් බ්‍රහ්මිණ්වරු පමණයි. ලියැවී ඇත්තේ ද බ්‍රහ්මා මඟින් උත්තරීතර ජීවාත්ම සත්තාව වන උත්තරීතර පියා ස්ථාපන කාර්යය කරන අතර ඔබ එම බ්‍රහ්මාගේ දරුවන් බවයි. ප්‍රජාපිතා බ්‍රහ්මා කවුරුත් දනී. එමෙන්ම බ්‍රහ්ම කුමාරවරු සහ කුමාරීන්ද සිටිය යුතුමයි. ඔබ දැන් ක‍්ෂුද්‍ර ආගමෙන් පිට වී බ්‍රහ්මිණ් ආගමට ඇතුල් වී ඇත. ඇත්තෙන්ම හින්දු ආගමේ යැයි කියාගන්නා අය ඔවුන්ගේම ආගම නොදනී. විටෙක එක දෙවි දේවතාවෙකුත් තවත් විටෙක තව කෙනෙකුත් විශ්වාස කරයි. ඔවුන් දිගටම එසේ බොහෝ අය වෙත යයි. කිතුණුවන් කිසිවෙක් වෙත යන්නේ නැත. ඔබ දැන් ඔප්පු කර සිටිනවා පියා දැන් මෙසේ කියන බව මා පමණක් ම නිරතුරුවම සිහි කරන්න. දිනෙක පත්තර වල යාවි දෙවියන් මෙසේ කියන බව මා සිහි කිරීමෙන් ඔබ අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වෙයි. විනාශය කිට්ටු වන විට මේ හඬ පුවත්පත් හරහා ජනතාවගේ කනට ළඟා වේ. පුවත් පත් වල හැම දෙයක් ගැනම පුවත් ඇත. ඔබට දැන් මෙයද ඇතුළු කළ හැකිය. දෙව් පියාණන් කතා කරයි. උත්තරීතර ජීවාත්ම සත්තාව වන උත්තරීතර පියා මෙසේ කියයි මා පමණයි පාරිශුද්ධකරුවාණන් වන්නේ, මා සිහි කළ විට ඔබ පාරිශුද්ධියට පත් වෙයි. මේ ජරාජීර්ණ වූ ලෝකය ඔබ ඉදිරියට පැමිණ ඇත. හැම කෙනෙකුගේම විශ්වාසය වන්නේ නියතයෙන්ම විනාශය සිදු විය යුතු බවයි. පෙර පුහුණු දිගටම සිදුවේ. ඔබ දරුවන් දන්නවා රජ දහන ස්ථාපණය වන තෙක් විනාශය නොසිදුවන බව. භූමිකම්පා ආදිය ඇති විය යුතුයි. එක පසෙක බෝම්බ පුපුරණ අතර අනෙක් පස ස්වභාවික ව්‍යසන ඇති වෙයි. කෑම නොලැබේ. නැව් ගමනාගමනය නැතිවී දුර්භික‍්ෂයක් ඇති වේ. එවිට මිනිසුන් කුස ගින්නේ මිය යයි. ආහාර වර්ජනය කරන අය දිගටම වතුර සහ පැණි ආදිය ගන්නා නිසා බර අඩු වේ. හිටි හැටියේ භූමිකම්පා සිදුවන විට මිනිසුන් සිටින සිටින තැන් වල මිය යයි. විනාශය නියතයෙන්ම සිදු විය යුතු මයි. මුණිවරු හා ශුද්ධවන්තයින් ආදීන් විනාශය ගැන නොකියන අතර ඔවුන් රාමාගේ නම වැනි දෑ දිගටම ගායනා කළ යුතු යැයි කියයි. මිනිසුන් දෙව් පියාණන් දන්නේම නැත. දෙව් පියාණන් ම පමණි ඔහු ගැන දන්නේ. කිසිවෙකුට ඔහු ගැන දැන ගත නොහැකියි. ඔහු ආ යුතු වේලාව නියමිත අතර මෙම නාකි වූ ශරීරයට පැමිණ ඔහු මුළු ලොවම ආරම්භය, මැද සහ අවසානය ගැන ඥානය කියා දෙයි. ඔබ දරුවන් දැන් දන්නවා අප දැන් ගෙදර යා යුතු බවත් එම සාම දේශයට යාමේ ඇති සතුටත්. මිනිසුන්ට සාමය අවශ්‍ය නමුත් සාමය ලබා දිය හැක්කේ කාටද? උන් සාමදායකයා ගැන කතා කියයි. කොහොමනමුත්, දේවි දේවතාවුන්ගේත් ඉහළම ඉහළ දේවතාවා වන ඉහළම ඉහළ කෙනා පියා ම පමණි. ඔහු මෙසේ කියයි මම ඔබ සැම පිරිසිඳු කර ආපසු රැගෙන යමි. එක්කෙනෙක් වත් තබා නොයමි. නාටකය අනුව සියලුම දෙනා ආපසු යා යුතුව ඇත. සිහිපත් කරන්නේ සියලුම ජීවාත්ම සත්තාවන් මදුරු රෑනක් සේ ආපසු යන බවයි. ඔබ දන්නවා සත් යුගයේ දී මිනිසුන් ඉතා සුළු සංඛ්‍යාවක් ඉන්නා බවත් දැන් කළි යුගය තුළ බොහෝ මිනිසුන් සිටින බවත්. ඔවුන්ගේ සංඛ්‍යාව අඩු කරන්නේ කෙසේ ද? දැන් මේ සංගම යුගයයි. ඔබ සත් යුගයට යාමට උත්සාහ කරයි. ඔබ දන්නවා විනාශය සිදුවී සියලුම ජීවාත්ම සත්තාවන් මදුරු රෑනක් සේ ආපසු ගෙදර යන බව. මුළු පිරිසම ආපසු ගෙදර යන නමුත් සත් යුගයට එන්නේ ඉතා සුළු දෙනෙකි. පියා මෙසේ කියයි. එකම ශාරීරික කෙනෙක්වත් සිහි නොකරන්න. ඔවුන් දැක්කත්, නොදැක ඉන්න. මම ජීවාත්ම සත්තාවක් වන අතර ආපසු ගෙදර යමි. ඔබ ඔබේ පරණ ශරීරය අතහැරිය යුත්තේ සතුටිනි. ඔබ සාම දේශය දිගටම සිහිකළහොත් අවසාන සිතිවිලි ඔබව ගමනාන්තය තෙක් ගෙන යනු ඇත. උත්සාහය තිබිය යුත්තේ පියා සිහි කිරීමට පමණි. උත්සාහය නැතිව ඉහළ තත්ත්වයක් ලැබිය නොහැක. පියා පැමිණෙන්නේම ඔබ සාමාන්‍ය මිනිසකුගෙන් නාරායන් තත්ත්වයට පත් කරවීමටයි. මෙම පැරණි ලෝකයේ දැන් කිසිම විවේකයක් හෝ සනීපයක් නැත. ඒවා ඇත්තේ සාම දේශයේ පමණි. මෙහි නිවෙස් තුළ ඇත්තේ සාමයෙන් තොර බව සහ රණ්ඩු සරුවල් මය. පියා මෙසේ කියයි මේ කැත ලෝකය අමතක කරන්න. මිහිරිම මිහිරි දරුවනි, මම ඔබට දෙව් ලොව තනා දීමට පැමණ සිටිමි. අපායේ දී ඔබ අපිරිසිඳු වී ඇත. ඔබ දැන් දෙව් ලොව වෙත යා යුතුව ඇත. දැන් පියාත් දෙව් ලොවත් සිහි කළ විට ඔබේ අවසාන සිතිවිලි ඔබ ගමනාන්තය කරා ඔබව ගෙන යනු ඇත. ඔබ මඟුල් තුලා ආදියට ගියත් පියා පමණයි සිහි කළ යුත්තේ. බුද්ධිය තුළ සියලු ඥානය තබා ගත යුතුය. ඔබ ඔබේ ගෘහයන් තුළ සිටිමින් දරුවන් ආදිය බලා ගන්නා නමුත් බුද්ධිය තුළ මෙය තබා ගන්න. බාබාගේ අණ වන්නේ මාව සිහි කරන්න යන්නයි. ඔබ ඔබේ ගේ දොර අත හැරිය යුතු නැත. නැත්නම් ඔබේ දරුවන් බලා ගන්නේ කවුද? භක්තිවන්තයින් නිවෙස් තුළ සිටියි. ඔවුන් නිවෙස් තුළ ඉන්නා ගමන් භක්තිවන්තයින් ලෙස හැඳින්වෙන්නේ ඔවුන් භක්ති කටයුතු කරන නිසාය. ඔවුන් ගෙවල් දොරවල් වල සිටිනා අතර පාපයෙහි ගැලෙයි. ඒ මදිවට ඔවුන්ගේ ගුරු කියන්නේ ක්‍රිෂ්ණා වැන්නවුන් සිහි කළ විට එවැනි දරුවෙක් ලැබෙන බවය. ඔබ එවැනි දේ වලට නොයා යුත්තේ ඔබ දැන් සත් යුගයේ දේවල් ආදිය ස්ථාපණය වන බව අසා දන්නා නිසාය. ක්‍රිෂ්ණා වැන්නවුන්ට දෙව්ලොව සෑදිය නොහැකියි. ඔහු කරන්නේ එහි වැජඹීම පමණි. ඔහු එම උරුමයද ලබන්නේ පියාගෙනි. සත්‍ය ගීතයේ දෙව් පියාණන් පැමිණෙන්නේ සංගම යුගයේ දීය. ක්‍රිෂ්ණා වැන්නවුන් දෙව් පියාණන් විය නොහැකියි. ඔහු මෙහි ඉගෙන ගන්නා කෙනෙක් පමණි. පියා සත්‍ය ගීතාව කියා දෙන අතර දරුවා එය අසා සිටියි. භක්ති මාර්ගයේ දී ඔවුන් පියාගේ නම වෙනුවට දරුවා ඇතුළු කර ඇත. ඔවුන් පියා අමතක කළ විට සත්‍ය ගීතාව ව්‍යාජ බවට පත් වේ. අසත්‍ය දෙයක් හැදෑරීම තුළින් සිදු වන්නේ කුමක් ද? භක්ති මාර්ගයේ නාරායන්ගේ කතන්දරය අසනා කිසිවෙක් දෙව්ලොව හිමි කරුවෙක් වේද? කිසිවෙක් එවැනි සිතිවිල්ලකින් ඇහුම්කන් දෙන්නේද නැත. ඔවුන් එයින් කිසි යහපතක් නොලබයි. මුණිවරු සහ ශුද්ධවන්තයින් ආදීන් ඔවුන්ගේ මන්ත්‍රයක් හා ඔවුන්ගේ ඡායාරූපයක් දෙයි. මෙහි එවැනි දෙයක් අදාල නොවේ. අනෙක් සත්සන් වල ඔවුන් කියන්නේ ඒ අහවල් ස්වාමිගේ කතාන්දරය බවයි. කාගේ කතන්දරයද? වේදාන්ත කතාව, ගීතාවේ කතාන්දරය, භගවත් කතාන්දරය ආදියයි. ඔබ දරුවන් දැන් දන්නවා ඔබට උගන්වන්නේ ශාරීරික කෙනෙක් නොවන බව. ඔහු ආගමික ලේඛණ ආදිය කිසිවක් නොහදාරයි. ඒවා ඉගෙන ගන්නේ මිනිසුන්ය. ශිව බාබා මෙසේ කියයි මා ගීතා ආදිය ඉගෙන ගෙන නැත. ඒ සියල්ල ඉගෙන ගෙන ඇත්තේ මා මේ ලබා ගෙන ඇති කරත්තය විසිනි. මා කිසිවක් හදාරා නැත. මට මුළු ලොව ආරම්භය, මැද සහ අවසානය ගැන සම්පූර්ණ ඥානය ඇත. මොහු දිනපතාම ගීතාව හැදෑරුවා. ඔහු එය ගිරවෙක් වාගේ නැවත නැවත කියවූවා. පසුව පියා ඔහු තුළට ඇතුළු වූ පසු එක සැනින් ඔහු ගීතාව අතහැරියේ මේ සියල්ල පිළිබඳ ශිව බාබා කියා දුන් දේ ඔහුගේ බුද්ධියට වැටුණු නිසයි. පියා මෙසේ කියයි මම ඔබට දෙව් ලොව රජ දහන ලබා දෙමි. ඒ නිසා මේ පරණ ලෝකයේ සියලු බැඳීම් අවසන් කරන්න. මා පමණක් ම සිහිපත් කරන්න. ඔබ මේ උත්සාහය දැරිය යුතුමයි. සත්‍ය ප්‍රේමවන්තියෙක් නිරතුරුවම තම ප්‍රියයා සිහි කරයි. ඉතින් දැන් පියා පිළිබඳ ස්මෘතිය ද ඒ තරම්ම ස්ථීර විය යුතුයි. පාරලෞකික පියා මෙසේ කියයි දරුවනි, මාව සිහි කරමින් දෙව් ලොව උරුමයද සිහි කරන්න. කිසිඳු ශබ්දයක් හෝ සංගීත භාණ්ඩයක් වැයිය යුතු නැත. සමහර ගීත වල තේරුම ඉතා හොඳය. එහි තේරුම් ඔබට විස්තර කර දී ඇත. ඒවා රචනා කළ අයවත් ඒවා නොදනී. මීරා භක්තිවන්තියක් වූ අතර ඔබ දැන් ප්‍රබුද්ධය. දරුවන්ට යමක් හොඳින් කළ නොහැකි වූ විට බාබා කියන්නේ ඔවුන් භක්තිවන්තයින් වැනිය කියාය. එවිට දරුවන්ට තේරේවි පියා ඔවුන්ට එසේ කියන්නේ ඇයි කියා. පියා විස්තර කරයි දරුවනි, දැන් පියා සිහිකරමින් පණිවුඩය දෙන දූතයින් වන්න. හැම කෙනෙකුටම පියාගේ ස්මරණය පිළිබඳ පණිවුඩය දෙමින් ඔවුන්ගේ සියලු පව් දවා හළු කොට උරුමය ලබා දෙන්න. ඇත්තේ එකම දෙවි පියා පමණි. ඔහු අශරීරිකය. ඔහුටම කියා ශරීරයක් නැත. පියා මෙහි සිට ඔහුගේම හැඳින්වීම ලබා දෙයි. ඔහු මන්මනභාව් යන මන්ත්‍රය දෙයි. මුණිවරුන්, ශුද්ධවන්තයින් සහ සන්‍යාසීන් ආදිය කිසි විටෙක විනාශය අත ලඟ බවත්, පියා සිහි කළ යුතු බවත් නොකියයි. බ්‍රහ්මිණ් දරුවන් වන ඔබට මෙය සිහිගන්වන්නේ පියා විසින්ම පමණි. ඔබ ස්මෘතියෙන් සෞඛ්‍යයත් සුවපත් බවත්, හැදෑරීමෙන් ධනයත් ලබයි. ඔබ මරණයෙන් ජය ගනී. එහිදී අකල් මරණ කිසි විටෙක නැත. දේවි දේවතාවුන් මරණයෙන් ජයගත්තෝය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන් භක්තිවන්තයෙක් යැයි නම්වරයක් ලැබෙන ක්‍රියාවක් ඔබ නොකළ යුතුයි. දූතයෙක් බවට පත් වී හැම කෙනෙකුටම පියාත් උරුමයත් සිහි කිරීමේ පණිවුඩය ලබා දෙන්න.

2. මේ පරණ කැත ලෝකයේ විවේකය සහ සුවපහසුව ඇත්තේම නැත. ඒ නිසා එය අමතක කර දමන්න. පියාත් නිවහනත් සිහි කරනවා මෙන්ම පාරිශුද්ධියට පත් වීම සඳහා පියාද සිහිකළ යුතුමයි.

වරදානය:
ඔබ නිරතුරුවම සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්නේ අතහැරීම මඟින් සහ තපස්යාව මඟිනුත් සේවය කිරීමේ වුවමනාව ඇති විටය.

අත් හැරීම සහ තපස්යාව සාර්ථකත්වයේ පදනමයි. සත්‍ය වුවමනාවෙන් අත් හැරීම කරන අයට සැබෑ සේවකයන් බවට පත් විය හැකිය. තම වාසනාවත් අන් අයගේ වාසනාවත් ගෙන දිය හැක්කේ අත්හැරීම මඟින්ය. තපස්යා කිරීම යනු මෙම අධිෂ්ඨානය ඇතිව සිටීමයි. එවිට, ඔබේ අත්හැරීම, තපස්යාව සහ සේවා වුවමනාව, ඔබේ සීමිත වුවමනා සියල්ලන් ද අවසන් වී සමූහයක් ලෙස බලවත් වේ. කෙනෙක් යෝජනා කරන විට අනෙකා එය අනුගමනය කිරීමෙන්, මා යන්න නොමැතිව හෝ ඔබ යන්න ද මගේ ය යන්නද ඔබලාගේ යන්න ද නැති වූ කළ, එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන අතර සියලු බාධක වලින් නිදහස් වේ.

පාඨය:
කෙනෙකුට සිතිවිලි වලින් හෝ දුක නොදීම, සම්පූර්ණ ලෙස ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම වේ.