13.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ තරම් සිය දහස් කෝටි වාරයකින් වාසනාවන්ත ශිෂ්‍යයින් පිරිසක් මුළු ලෝකයේම තවත් නම් නැහැ. ඥාන සාගරය වන පරමාත්ම පියාම ගුරුවරයෙක් ලෙසින් පැමිණ දැන් ඔබලාට උගන්වනවා.

ප්‍රශ්නය:
ඔබගේ බන්ධන රැහැන් බිඳී යාමට නම් ඔබ විසින් නිරතුරුවම ආසාවෙන් සිටිය යුත්තේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද ?

පිළිතුර:
සේවයේ කිරීමේ ආශාවෙන් ඔබ නිතරම සිටිනවා නම් ඔබගේ බන්ධන රැහැන් ඉක්මණින්ම අවසන් කර දැමිය හැකි වෙනවා. මෙම ඇස් දෙකට පෙනෙන්න ඇති සෑම දෙයක්ම විනාශ වන සුළු දේවල් බව බුද්ධියට නිතර සිහිපත් කරවන්න. දැක්කත් ඒ දේවල් දෙස බලන්න එපා. පරම පියාගේ උසස් උපදේශය නම් නරක දේ දකින්න එපා. නරක දේ අහන්න එපා

ඕම් ශාන්ති.
ශිව පරමාත්මය දැන් ඔය ආධ්‍යාත්මික දරුවන් වන සලිග්‍රාම ජිව අමතනවා. තමන් අයිති වන්නේ ස්වර්ණමය යුගයේ ආදී සනාතන පාරිශුද්ධ දේවතා ධර්මයට බව ඔය දරුවන් දන්නවා. ඉතින් එසේනම් තමන් අයිති ඒ ධර්මයටයි කියා ඔබලා සිහියේ තබා ගත යුතුයි. ආදී සනාතන දේවී දේවතා ධර්මය ගැන බොහෝ දෙනා විශ්වාස කරනවා. නමුත් දේවතා ධර්මය කියා හඳුන්වනවා වෙනුවට මිනිසුන් එය නම් කර ඇත්තේ හින්දු ධර්මය ලෙසිනුයි. ආදිතම හා මුල්ම අය කවුරුන්දැයි කියා දැන් ඔබලා අවබෝධ කරගෙන ඇති. නැවත උපත් ගනිමින් පැමිණ ඔබලා දැන් මේ තත්ත්වයට පත්වෙලා. පරමාත්මය මෙහි සිට දැන් ඔබලාටම කතා කර පහදා දෙනවා. පරමාත්මය ශාරීරික ජීවයක් නොවෙයි. අන් සෑම කෙනෙක්ටම තම තමන්ටම කියා ශරිර තිබෙනවා. ශිව බාබා දැන් කවුරුත් දන්නේ අශාරිරික කෙනා වශයෙනුයි. ඔහුට ඔහුගේම කියා ශරිරයක් නැහැ. අන් සෑම කෙනෙක්ටම ඒ ඒ අයටම කියා වෙනම ශරිරයක් තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් කෙනෙක් අශාරිරික බව අත් විඳීම ඉතාමත් මිහිරි ජනක දෙයක්. ඔබ සිටියේ කෙසේද, දැන් පත්වීමට යන්නේ කුමන තත්ත්වයකටද ? මෙම නාටකය නිර්මාණය වී ඇත්තේ කෙසේද කියා ඔබට තේරෙනවා. මෙම දේවතා ධර්මය පාරිශුද්ධ ගෘහ ජීවිතයකට මාර්ගයයි. දැන් තව දුරටත් එය පිරිසිඳු ගෘහ ජීවිතයක් ලෙසින් නැහැ. තමන් දැන් ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපනය කරනා බව ඔබලා දන්නවා. හින්දු යන නාමය දී තිබෙන්නේ බොහෝ මෑත කාලයකදීයි. ආදී සනාතන හින්දු ධර්මය කියා දෙයක් නැහැ. ආදි සනාතන ධර්මයට අයිති අයට පැහැදිලි කර කියා දෙන්න කියා බාබා කිහිප වතාවක්ම ඔබට කියා තිබෙනවා. තමන් අයිති කුමන තැනට ද කියා ලියන්න කියන්න පාරිශුද්ධ වූ ආදී සනාතන දේවි දේවතා ධර්මයද නැති නම් හින්දු ධර්මයද. උපත් 84 ගැන එවිට ඔවුන් අවබෝධ කර ගනීවි. මෙම ඥානය ඉතාමත් පහසුයි. කල්පයක් වසර සිය දහස් ගණනක් පුරා පවතිනවායි කියා කීමෙන් මිනිස්සු පටලැවිල්ලට පත් වෙලා. මෙයත් නාටකයේ තීරණය වී ඇති දෙයක්. සතෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝප්‍රධාන් වීමත් නාටකයේ තීරණය වී ඇති දෙයක්. උපත් 84ක් ගෙන පැමිණීමෙන් දේවතා ධර්මයට අයිති අය ඉතාමත් අපිරිසිදු අය බවට පත් වෙලා. මුලදී භාරතය ඉතාමත් උසස්ව තිබුණා. භාරතයේ ගුණ ගායනා කළ යුතුයි. ඔවුන් අනිවාර්යෙන්ම දැන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතුයි. පැරණි අය අළුත් විය යුතුයි. ඔබ තවත් ඉදිරියට වර්ධනය වන විට ඔබ කියන්නේ කුමක්දැයි කියා මිනිස්සු තේරුම් ගනීවි. ඔවුන්ට කියන්න ඔය තද නින්දෙන් අවදි වන්න. ඔබගේ පරම පියාවත් උරුමයත් සිහි කරන්න. මුළු දවස පුරාම ඔය දරුවන් සතුටින් සිටිය යුතුයි. පොදුවේ මුළු ලෝකයත් විශේෂයෙන්ම භාරතයත් ගත් විට ඔබ තරම් වාසනාවන්ත සිසුන් පිරිසක් තවත් නම් නැහැ. තමන් දැන් තමන් සිටි මුල්ම තත්ත්වයටයි පත් වන්නේ යන්න ඔබට තේරෙනවා. තේරුණු එකම පිරිසක් තමයි මතුවන්නේ. මේ සම්බන්ධයෙන් ඔබ පටලැවිල්ලට පත්විය යුත්තේ නැහැ. ප්‍රදර්ශනයකදී ඥානයෙන් බිඳකට හෝ ඇහුම්කන් දුන් කෙනෙක් පවා පුරවැසියෙක් වේවි. මෙය අවිනාශී ඥාන මිණිමුතු කවදාවත් විනාශ කළ නොහැකි නිසායි. දවසින් දවස මෙම ආයතනය තව තවත් බලවත් වෙනවා. එවිට නොගිණිය හැකි තරම් මිනිසුන් ප්‍රමාණයක් ඔබලා ළඟට ඒවි. ක්‍රම ක්‍රමයෙන් ආගමක් ස්ථාපනය වෙනවා. වැදගත් පුද්ගලයෙක් පිට රට සිට පැමිණි විට ඔහුව දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. මෙහි එය ඒ වගේ නොවෙයි. මෙම ලෝකයේ ඇති සෑම දෙයක්ම විනාශ වන සුළුයි. ඔබ එය නොදැකිය යුතුයි. නරක දෙයක් දකින්න එපා. ඒ සියලුම කුණුකන්දල් පිළිස්සී දැවී අළු වීමටයි යන්නේ. මිනිසුනුත් ඇතුළුව ඔබට දකින්නට ඇති සෑම දෙයක්ම කලි යුගයේ බව ඔබට තේරෙනවා. ඔබලා සංගම යුගයේ බ්‍රහමින්වරුනුයි. වෙන කිසිම කෙනෙක් මෙම සංගම යුගය දන්නේ නැහැ. මෙය සංගම යුගය බවත් තමන් දැන් නැවතත් නිවහන බලා යා යුතු බවත් පමණක් මතක තබා ගන්න. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. පරම පියා දැන් කියනවා. මෙම රාගය නම් වු පාපය එහි ආරම්භයේ පටන් අවසානය දක්වාම දුකමයි දෙන්නේ. එමනිසා, එය දමනය කරන්න. ඇතැම් අය විෂ නිසා නොසෑහෙන සේ කරදරයට ලක් වෙනවා. පරම පියා කියනවා ඔබගේ ලොකුම සතුරා රාගයයි. එය දමනය කළ යුතුයි. මේ කාලයේ මිනිසුන් රාශියක් සිටිනවා. එකිනෙකාට වෙන වෙනම කොපමණ කාලයක් තිස්සේ පැහැදිලි කරන්නද ? එක් අයෙකුට පැහැදිලි කළ විට තවත් කෙනෙක් කියයි මේක මැජික් එකක් කියලා. එවිට ඔවුන් නතර වෙනවා. මෙන්න මේ නිසා තමයි පරම පියා කියන්නේ ආදී සනාතන දේවී දේවතා ධර්මයට අයිති අයට පැහැදිලි කර දෙන්න. ආදී සනාතන ධර්මය දේවතා ධර්මයයි. ලක්ෂ්මී හා නාරායන් තම තත්ත්වය දිනා ගත්තේ කෙසේද, ඔවුන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් වූයේ කෙසේද කියා පැහැදිලිකර දෙන්න. අනිවාර්යෙන්ම ඔවුන්ගේ මීට පෙර උපතේදි ඔවුන් උපත් 84ම සම්පුර්ණ කර මෙම තත්ත්වයට පත් වෙන්න ඇති. සේවය කිරීමේ ආසාවෙන් සිටිනා අය එහි හොඳින් නිරත වී සිටිනවා. එවිට ඔබගේ බැඳිම් ආදිය සියල්ලගෙන්ම අවසන් වී යනවා. මෙම ඇස් වලින් දකින්න ඇති සෑම දෙයක්ම අමතක කර දැමිය යුතුයි එය හරියට ඔබ ඒවා නොදකිනවා වගේ විය යුතුයි. නරක දේ දකින්න එපා. මිනිස්සු මෙය පෙන්වීමට වඳුරු රූප යොදා ගන්නවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. දරුවන් විශාල උත්සාහයක් දරනවා. අන් අයටත් පහදා දි ඔවුන්වත් යහපත් අය බවට පත් කරවනා නිසා බාබා ඔවුන්ට ස්තුති කරනවා. තමන් කළ දෙයෙහි ප්‍රතිඵල පෙන්විය හැකි අය තමයි ත්‍යාගයක් ලබන්නේ. බාබා ඔබට තෑගි කීයක් දෙන්න යනවාද කියා ඔබ දන්නවා. පළමු ත්‍යාගය සූර්ය වාංශික රාජ්‍යය වන අතර දෙවන ත්‍යාගය චන්ද්‍ර වාංශික රාජ්‍යයයි. සියල්ල ඇත්තේ එක් පිළිවෙලකටයි. භක්ති මාර්ගයේ ග්‍රන්ථ රාශියක් ලියා තිබෙනවා. පරම පියා දැන් පහදා දෙනවා ඒ ග්‍රන්ථ හැදෑරීමෙන් හෝ යාග හෝම බිලි පුජා පවත්වා කිසිම කෙනෙකුට මා මුණ ගැසිය නොහැකියි. දවසින් දවස, ජීව තව තවත් පාපකාරි වෙනවා. කිසිම කෙනෙකුට පාරිශුද්ධ පුණ්‍යවන්ත ජීවයක් වන්න බැහැ. පින්වත් ජීව බවට ඔබලාව පත් කරවන්නේ පරම පියාම පමණයි. සීමිත දාන මාන පින් දහම් තිබෙනවා. අසීමිත පින් දහම් තිබෙනවා. භක්ති මාර්ගයේ අය දෙවියන්ගේ නාමයෙන් වක්‍රව පින් දහම් කළත් දෙවියන් යනු කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ. ඔබ දැන් ඔහුව හඳුනනවා. තමන් සිටි තත්ත්වයෙන් ශිව බාබා ඔබව සම්පුර්ණයෙන් වෙනස් කර ඇති බව ඔබලා කියනවා. දෙවියන් කියා සිටින්නේ එකම එක කෙනායි. ඒත් ඔවුන් ඔහු සෑම තැනකම සිටිනවායි කියාත් කියනවා. ඉතින් ඔවුන් කරමින් සිටි දේවල් ගැන ඔබලා ඔවුන්ට පහදා දිය යුතුයි. ඔවුන් ඔබ ළඟට පැමිණ ටිකක් ඇහුම්කන් දෙනවා. පසුව ඇසු දේවල් සියල්ලම එතැනම දමා පිටතට යන්න යනවා. මෙහිදී ඇසු දේවල් මෙහිම තිබෙනවා, ඔවුන් සියල්ල අමතක කර දමනවා. මෙම ඥානය ඉතාමත් හොඳ බවත් ආපසු එන බවත් ඔවුන් කියනවා. කෙසේවෙතත්, තමන්ගේ බැඳීම් රැහැන් ඔවුන්ට කඩා දමා ගන්න බැහැ. මොහිජිත් රජුගේ (බැඳීම් අත්හළ කෙනාගේ) කතාව හරිම හොඳයි. හොඳම මොහිජිත් රජු ලක්ෂ්මී හා නාරායනුයි. ඒක පුදුමයක්. කෙසේවෙතත්, මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඉණිමගේ පහළට රාවන්ගේ රාජ්‍යයටම පැමිණ ඔවුන් පහළට ඇදගෙන වැටිලා. දරුවන් ඉහළ පහළ යාමේ සෙල්ලමක් කරනවා. ඔබගේ සෙල්ලමත් ඉතාමත් පහසුයි. පරම පියා කියනවා ඉතාමත් හොඳින් මෙම ඥානය අවබෝධ කර ගන්න. කිසිම අපිරිසිඳු ක්‍රියාවක් කරන්න එපා. පරම පියා කියනවා මම තමයි බීජය, සත්‍යය, සජීවී සත්තාව, ප්‍රමෝදයේ ප්‍රතිමුර්තිය හා ඥාන සාගරය. ඥාන සාගරයක් නිකම් ඉහළට වී සිටීවිද ? කුමන හෝ වෙලාවක ඔහු අනිවාර්යෙන්ම පැමිණ දැනුම දිය යුතුව තිබෙනවා. ඒ ඥානය කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරම පියා කියනවා මා දැන් පැමිණ සිටින්නේ ඔබලාට ඉගැන්වීමටයි. ඉතින් ඔබලා එය විධිමත්ව ඉගෙන ගත යුතුයි. එක දවසක්වත් මෙම අධ්‍යයනය අතපසු නොකළ යුතුයි. අනිවාර්යෙන්ම කුමන හෝ හොඳ කරුණක් ඔබට සෑම දිනකම සොයා ගත හැකි වේවි. මුරලිය අධ්‍යයනය කළේ නැති නම් ඔබ අනිවාර්යෙන්ම කරුණු අතපසු කර ගන්නවා. කරුණු ගණනාවක් තිබෙනවා. භාරතයේ මිනිසුනුත් අයිති ආදී සනාතන දේවි දේවතා ධර්මයට බව ඔබ ඔවුන්ටත් පහදා දිය යුතුයි. දැන් ආගම් ගණනාවක් තිබෙනවා. ඉතිහාසය නැවතත් දිග හැරෙනවා. ඉණිමගේ ඉහළ පහළ යන්නයි කියා ජිනීට කීවාක් සේ මෙයත් ඔබගේ ඉහළ පහළ යාමේ ගමනයි. ඔබ සෑම කෙනෙක්ම ජිනීලා නේද ? ඉණිමගේ ඉහළ නැඟ, පසුව උපත් 84ක් පහළට පැමිණෙනවා. මිනිසුන් රාශියක් සිටිනා අතර ඒ සෑම කෙනෙක්ම තම තමන්ගේ චරිත කොටස රඟ දැක්විය යුතුයි. ඔය දරුවන් පුදුම විය යුතුයි. මෙම අසීමිත නාටකයේ සම්පුර්ණ හැඳින්වීම ඔබ දැන් ලබා තිබෙනවා. මුළු ලෝක නාටකයේම මුල, මැද හා අග ගැන දන්නේ ඔබ පමණයි. වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් නරක භාෂාවක් කතා කරන්නේ නැහැ. මෙහි මිනිස්සු නිතර නිතරම අන් අයට අපහාස කරනවා. මෙය වස ගංගාවක්, අපායේ ආගාධය. මෙහි සිටිනා සෑම කෙනෙක්ම සිටින්නේ අන්ත අපායක. එහි නම් රජ හා රැජිණ කෙසේද, පුරවැසියනුත් ඒ වගේයි. ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපනය කළේ කවුදැයි කියා සෑම කෙනෙක්ම අවබෝධ කර ගත් දින අවසානයේදී ඔබට ජය ලැබේවි. කිසිම කෙනෙක් නොදන්නා ප්‍රධානම දෙය මෙයයි. පරම පියා කියනවා මම දුප්පතුන්ගේ ස්වාමියායි. ඔවුන් අවසානයේදී මෙය තේරුම් ගනීවි. කෙසේවෙතත්, ඒ වන විට ප්‍රමාද වැඩි වී තිබෙයි. ඔබට දැන් තෙවන ඇස තිබෙනවා. ඔබගේ මිහිරි නිවහනත් මිහිරි රාජ්‍යයත් සිහියේ තබාගෙන සිටින්න. පරම පියා කියනවා සාමයේ දේශයත්, සතුටේ දේශයත් වෙතට ඔබ යා යුතුයි. තමන් විසින් රඟ දැක් වු ජවනිකා ඔබගේ සිහියට ඒවි. ඔය බ්‍රහමින්වරුන් හැරෙන්න අන් සෑම කෙනෙක්ම මිය ගිහින්. ඔය බ්‍රහමින්වරුන් සිහියෙන් සිටිය යුතුයි. දේවතාවරුන් වන්නේ ඔබලා පමණි. මෙම එකම එක ධර්මය දැන් නිර්මාණය වෙමින් පවතිනවා. අනිකුත් ආගම් නිර්මාණය වන්නේ කෙසේද කියාත් ඔබලා දන්නවා. මේ සියල්ල පහදා දෙන්නේ එකම එක පියා පමණයි. එමනිසා, එවන් පියෙක්ව ඔබ නිතර නිතරම සිහි කළ යුතුයි. ඔබගේ ව්‍යාපාර කටයුතු ආදියත් කරන්න. නමුත් පාරිශුද්ධව සිටින්න. ආදී සනාතන දේවී දේවතා ධර්මය පාරිශුද්ධ ධර්මයක්. දැන් නැවතත් පාරිශුද්ධ වන්න. යන එන ගමන් ඔබගේ පියා වන මා සිහි කරන්න. එවිට ඔබ සතෝප්‍රධාන් වේවි. සතෝප්‍රධාන් වුණු විට ඔබලාට ශක්තිය ලැබේවි. ස්මරණ වන්දනාවේ සිටිනාතාක් කල් ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට හැකි වන්නේ නැහැ. සියලුම පාප දුරුවුණු දාට පමණයි ඔබගේ සතෝප්‍රධාන් තත්ත්වයට ඔබලා පත් වන්නේ. මෙය යෝග ගින්නයි. ගීතාවේ මෙම වචන සඳහන් වී තිබෙනවා. සන්යාසීන් යෝගාව ගැන හරියට හොයනවා. පිටරට වල අය පැමිණ යෝගා ඉගෙන ගැනීමටයි කියා ඔවුන් තුළ ආසාව ඇති කරවනවා. ඔබ කියන්නේ මොනවාදැයි කියාවත් ඔවුන් තේරුම් ගත යුතුයි. පරමාත්ම සත්‍යය, පරමාත්මය එකයි. ඔහු පැමිණ සෑම කෙනෙක්වම උත්තරීතර කරවනවා. දවසක පුවත් පත් පවා මේවා පළ කරාවි. ඒක ඇත්ත, පරමාත්ම පරම පියාටම හැරෙන්න වෙන කිසිම කෙනෙකුට රාජයෝග ඉගැන්විය නොහැකි බව ඔවුන් කියාවි. එවන් දේවල් ලොකු අකුරින් ලියා තබා ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සුර්ය වාංශික ත්‍යාගය දිනා ගැනීමට නම් පළමුවෙන්ම බාප්දාදාගෙන් වරම් ලබා ගන්න. තමන් කරනා සේවයේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම ඔබ පෙන්විය යුතුයි. සියලුම බැඳිම් රැහැන් කඩා ඉවත් කර දමන්න.

2. පරම පියා, ඥාන සාගරය, අශාරීරික කෙනාම පැමිණ ඔබට ඥානය උගන්වනවා. එමනිසා, ඔබ සෑම දිනකම ඉගෙන ගත යුතුයි. එක දවසක්වත් ඔබ මෙම ඉගෙනීම අතපසු නොකළ යුතුයි. පරම පියා සේම අශාරීරික වීමට උත්සාහ කරන්න.

වරදානය:
ඔබ විශේෂ සේවාධාරියෙකු වී ඔබේ ප්‍රායෝගික ජීවිතයේ සාක්ෂි සමඟ නිශ්ශබ්දතාවයේ බලයේ හඬ පතුරුවන අයෙකු බවට ඔබ පත්වේවා.

නිශ්ශබ්දතාවයේ බලයේ හඬ අත්දැකීම සෑම කෙනෙකුටම ලබා දීම යනු විශේෂ සේවයක් කිරීමයි. විද්‍යාවේ බලය ප්‍රකට වන්නා සේම, එපරිද්දෙන් ම නිශ්ශබ්දතාවයේ බලය ද ප්‍රකට වේවා. නිශ්ශබ්දතාවයේ බලය විද්‍යාවේ බලයට වඩා වැඩි බව හැමෝගෙම මුවින් පිටවේවා. ඒ දවස පැමිණේවි. නිශ්ශබ්දතාවයේ බලය හෙළිදරව් කිරීම යනු පරමාත්ම පියාගේ හෙළිදරව්වයි. නිශ්ශබ්දතාවයේ බලය පිළිබඳ ප්‍රායෝගික සාක්ෂිය වන්නේ ඔබ සැමගේ ප්‍රායෝගික ජීවිතයන්ය. ඔබ ඇවිදින විටත් එහා මෙහා යන එන විටත් ඔබ සැවොම සාමයේ ආදර්ශයක් ලෙස දකින්නට ඉඩදෙන්න. එවිට විද්‍යාඥයින්ගේ ඇස් නිහඬව සිටින ඔබ වෙතට වැටෙනු ඇත. එවැනි සේවාවක් කරන විට, ඔබ විශේෂ සේවාධාරියෙකු යැයි කියනු ඇත.

පාඨය:
සේවය කිරීම සහ ඔබේ තත්වය පවත්වා ගැනීම අතර සමබරතාවයක් තබා ගන්නා විට ඔබට සැමගෙන් ආශීර්වාද නිරතුරුවම ලැබෙනු ඇත.

මතේෂ්වරිජිගේ අමිල වදන්.

ගීතය: ආදරණීය දෙවියනි, අන්ධයින්ට මාර්ගය පෙන්වන්න.

ජනයා මෙම ගීතය ගයන විට එයින් අදහස් කරන්නේ මාර්ගය පෙන්විය හැක්කේ එකම දෙවියන්ට පමණක් බවයි. ජනයා දෙවියන්ට කන්නලව් කරන්නේ මේ නිසාවෙනි. ඔවුන් දෙවියන්ට මාර්ගය පෙන්වන්න යැයි කියනා විට ඔවුන් නිසැකවම දෙවියන්ට කියන්නේ මනුෂ්‍යයින්ට මාර්ගය පෙන්වන්න කියාය. එමනිසා, නිසැකවම අශාරීරික දෙවියන් ශාරීරික ස්වරූපයෙන් පැමිණ ප්‍රායෝගිකව මාර්ගය පෙන්විය යුතුය. මෙහි නොපැමිණ ඔහුට මාර්ගය පෙන්විය නොහැක. ව්‍යාකූල ජනයාට මාර්ගය පෙන්විය යුතු වේ. ඔවුන් අන්ධයින්ට මාර්ගය පෙන්වන්න යැයි දෙවියන්ට කියන්නේ මේ නිසා වේ. ඔහුට ඔරුව පදවන්නා යැයි ද කියන්නේ ඔහු අපව අනික් පැත්තට ගෙන යන නිසා වේ. එනම්, ඔහු අපව පංච මහා භූතයන්ගෙන් සෑදුණු ලොවෙන් ඔබ්බට එනම්, හයවෙනි මහලට, උතුම් නිරන්තර ආලෝකයට ගෙන යයි. එබැවින් ඔහුගේ ලොවින් ඔහු මෙම පැත්තට පැමිණි විට පමණයි ඔහුට අපව එම පැත්තට ගෙන යා හැකි වන්නේ. දෙවියන් ඔහුගේ ලොවින් මෙහි පැමිණි හේතුවෙන් ඔරුව පදවන්නා යැයි ව්‍යවහාර කරයි. අපගේ ඔරුව (ජීවය යන ඔරුව) ඔහු අනික් පැත්තට ගෙන යයි. ඔහු සමඟ යෝගා කරන අය ඔහු සමඟම ගෙන යයි. ඉතිරි වූ අය ධර්මරාජ්ගෙන් දඬුවම් ලබා, පසුව නිදහස් වේ.

ජනයාට අන්ත දුක ඇති විට ඔවුන් දෙවියන් සිහිකරයි. ’දෙවියනි, මෙම කටු ලොවින් අපව මල් සෙවනට ගෙන යන්න' යැයි කියයි. එසේනම්, නිසැකවම තවත් ලොවක් ඇත යන්න මෙයින් කියැවේ. මෙකල ලොව කටු වලින් පිරි ඇති නිසා ඔවුන් දුක සහ අසාමය අත්විඳින බව ජනයා දනී. ඉන් පසු ඔවුන් මල් වැනි ලොව මතක් කරයි. ජීවාත්මය මෙවැනි සංස්කාර වලින් පිරී ඇත්තේ නිසැකවම එවැනි ලොවක් තිබෙන්නට ඇත. දුක හා අසාමය ඇත්තේ අපගේ කර්ම බන්ධන වල කර්ම ගිණුම් නිසා බව අප සියලු දෙනාම දනී. රජවරුන්ගේ සිට සිඟන්නා දක්වා සෑම මනුෂ්‍යයෙක්ම මෙම ගිණුම් වලට හසු වී ඇත. පරමාත්ම දෙවියන් වර්තමාන ලොව යකඩ යුගය යැයි පවසන්නේ මේ නිසා වේ. එය කර්ම බන්ධන වලින් පිරී ඇති අතර මීට පෙර ලොව මල් ලොව යැයි පවසන ස්වර්ණම යුගය විය. එය කර්ම බන්ධන වලින් නිදහස් වු ජීවන මුක්තියෙන් යුතු දේවතාවරුන්ගේ රාජධානියයි. දැන් එය එසේ නොවේ. අප ’ජීවන මුක්තිය' කියන විට එය අප ශරිර වලින් මිදුණු බව නොවේ. ඔවුනට ශරිර අවධානයක් නොමැති විය. ශරිර වල සිටි ඔවුනට කිසිම දුකක් නොතිබිණි. එනම්, එහි කර්ම බන්ධන අවුලක් නොතිබිණි. ඔවුන් ඔවුන්ගේ උපතේ සිට මරණය දක්වාම මුල, මැද හා අග තෙක් සතුටින් සිටියහ. එමනිසා, ජිවන මුක්තිය යනු ජීවත් වෙමින් කර්මාතීත් වීමය. දැන් මෙම මුළු ලොවම සම්පූර්ණයෙන්ම පස්පව් වල පැටලී ඇත, එනම්, පස්පව් සෑම තැනම පැතිරී ඇත. කොහොමනමුත්, මනුෂ්‍යයාට මෙම පස්පව් පරාජය කිරීමට ශක්තිය නැත. පරමාත්ම දෙවියන්ම පැමිණ අපව පස්පව් වලින් මුදා අනාගත දේවතා තත්ත්වය ලබා දෙන්නේ මේ නිසාවෙනි.