13.05.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අම්රිත් වේලාවේදී ඔබගේ අන් සියලුම සිතිවිලි වලට අගුල් දමා, බොහෝ සෙනෙහසින් යුතුව, එක් පියාව පමණක් සිහිපත් කරන්න. පියා සමඟ හදවතට සමීප මිහිරි කතා බහක යෙදෙන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන් කියන සෑම දේකම අරුතක් තිබේ. අරුත් බර වචන කිව හැක්කේ කුමන දරුවන්ටද?

පිළිතුර:
ජීව අවධානයෙන් සිටින දරුවන් වැදගත්කමින් පිරුණු වදන් පවසයි. පියා ඔබට සංගම යුගයේ උගන්වන දේ, වැදගත්කමින් පිරි ඇත. මිනිසුන් ශරීර අවධානයෙන් කියන කුමන දේක වුවත්, තේරුමක් නැතෟ ඒ සියල්ලම තේරුමක් නැති දේවල් වන අතර, ඉන් කිසිම සෙතක්ද නැත.

ගීතය:
අන්ධයින්ට පාර පෙන්වන්න දෙවියනේ !

ඕම් ශාන්ති.
එම ගීත ආදිය අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔබට දැන් එම ගීත වල අවශ්‍යතාවයක් නැත. මෙහි කිසිම අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. භක්ති මාර්ගයේ බොහෝ අපහසුතා තිබේ. බ්‍රහ්මණ පූජකයන්ට ආහාර සැපයීම, වන්දනා ගමන් යෑම ආදි නොයෙක් දේවල් කිරීම, වැනි බොහෝ චාරිත්‍ර වාරිත්‍ර තිබේ. ඔබට කිරීමට බොහෝ දේ තිබේ! ඔබ මෙහි පැමිණි විට, ඔහු ඔබව, සියලු අපහසුතාවයන්ගෙන් මුදවයි. එවැනි කිසිවක් ඔබට කිරීමට නොමැත. ඔබගේ මුවින් ශිවා, ශිවා කියා කීමටද අවශ්‍ය නැත. එය, මෙහි නීති වලට පටහැනිය. එසේ කිරීමෙන් කිසිම ඵලයක් ලැබෙන්නේ නැත. පියා පවසන්නේ ඔබ ජීවයක් බව, ඇතුලාන්තයෙන් වටහා ගත යුතුයි. පියා පවසා තිබෙන්නේ මා සිහිපත් කරන්න! අභ්‍යන්තර ගත වී, පියාව පමණක් සිහිකරන්න. ඔබගේ සියලුම පාපයන් පිළිස්සී යන බව පියා ඔබට ප්‍රතිඥාවක් දෙයි. ඔබගේ සියලු පාපයන් පිළිස්සී යන යෝගාවේ ගින්න මෙයයි, එවිට ඔබට ආපසු නිවසට යෑමට පුළුවනි. ඉතිහාසය නැවත ඒ අන්දමින්ම සිදුවෙයි. මේ සියල්ල, තමන්ටම කතා කිරීමට ඇති ක්‍රමයි. තමන් සමඟම ආධ්‍යත්මික කතාබහක යෙදෙන්න. පියා පවසන්නේ මම සෑම චක්‍රයකදීම ඔබට මෙම ක්‍රමය ලබා දෙන්නෙමි. වෘක‍්ෂය වැඩෙන්නේ ක්‍රම ක්‍රමයෙන් බව ඔබ දන්නවා. මායාගේ කුණාටු ආරම්භ වන්නේ, මා පැමිණ ඔය දරුවන්ව මායාගේ බන්දන වලින් නිදහස් කරන, දැන්ය. ස්වර්ණමය යුගයේ බන්දන නොමැත. සංගම යුගයේ මුළු අරුතම ඔබගේ බුද්ධියේ තිබේ. මෙහි ඇති සෑම දෙයක්ම අරුත්බරය. ශරීර අවධානය තිබෙන මිනිසුන් කුමක් කීවත්, එහි තේරුමක් නැත. ජීව අවධානයෙන් සිටින මිනිසුන් කියන කුමක් වුවත්, අරුත්බර මෙන්ම, එය ඵල දරනු ඇත. භක්ති මාර්ගයේ බොහෝ අපහසුතා තිබේ. මිනිසුන් සිතන්නේ, වන්දනා ගමන් යෑම, අර දේ කිරීම, මේ දේ කිරීම යන සියලු දේවල්, දෙවියන් වෙතට යෑමේ මාර්ග කියාය. කෙසේවෙතත්, කිසිම කෙනෙකුට තවම ආපසු නිවසට යෑමට නොහැකි බව, ඔය දරුවන්ට දැන් වැටහී තිබේ. ලෝකයේ අංක එකේ අධිපතියන් වන ලක‍්ෂ්මි සහ නාරායන් උපත් 84 ක් ගන්නා බව පෙන්වා තිබේ. එබැවින් වෙනත් කෙනෙක් ඉන් විමුක්තිය ලබන්නේ කෙසේද? සෑම කෙනෙක්ම චක්‍රයට ඇතුළු වෙයි, එබැවින් ඔවුන් කියන අන්දමට, ක්‍රිෂ්ණා සෑම විටෙකම පවතින්නේ කෙසේද? ඔව්, එම ජීවාත්මය, එක් හෝ තව නමකින් හා රුවකින් සෑම විටෙකම පවතිනවා, නමුත් ක්‍රිෂ්ණාගේ නම සහ රූපය පැවතුණු අතර, එය දැන් නොමැත. පියා පැමිණ මේ සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. මෙය ඉගෙනුමකි. ශිෂ්‍ය ජීවිතයක් ගත කරන විට, අවධානය යොමු කළ යුතුයි. ඔබගේ වාර්තාව ලිවීමට සෑම දිනෙකම වේලාවක් වෙන් කරවා ගන්න. ව්‍යාපාරිකයන්ට බොහෝ බැඳීම් තිබේ. රැකියා කරන අයට ඒතරම්ම බන්ධන නොමැතෟ ඔවුන් තම රැකියාව අවසන් කරනවා, එපමණයි! ඔවුන්ගේ පාරිභෝගිකයන් පැමිණෙන ඕනෑම වෙලාවක, ව්‍යාපාරිකයන් ඔවුන්ට සැපයීම් කළ යුතුයි. ඔවුන්ගේ බුද්ධියේ යෝගාව පිටත සැරිසරයි. එබැවින් සිහිපත් කිරීම සඳහා වේලාවක් යොදාගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඒ සඳහා උදෑසන කාලය, ඉතා හොඳ වේලාවකි. ඒ වේලාවේදී බාහිර දේවල් ගැන, ඔබගේ සිතිවිලි වලට අගුල් දැමිය යුතුයි. අන් සිතිවිලි ඇති කර නොගන්න පියාගේ සිහිපත් කිරීමේ පමණක් සිටින්න. පියාගේ ප්‍රශංසා ලියා ගන්න බාබා දැනුමේ සාගරයයි, පාරිශුද්ධකරුවායි. බාබා අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරනවා. අපි ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. අපට ලැබෙන වඩාත්ම ශ්‍රේෂ්ඨ උපදේශය වන්නේ, මන්මනභවයි. වෙනත් කිසිවෙකුට මෙසේ කිව නොහැක. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පරිවර්ථනය වීම සඳහා සෑම චක්‍රයකදීම ඔබට මෙම උපදෙස ලැබෙනවා. පියා සරලව පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. මෙයට, මනස හසුරුවන මන්ත්‍රය, යැයි කියයි. වැටහීමෙන් යුතුව, සිහිපත් කිරීමේ සිටීමේ, සතුටක් තිබේ. පියා පවසන්නේ අමිශ්‍ර සිහි කිරීම අවශ්‍යයි. භක්තියේදී ශිව වන්දනාව, ආරම්භයේදී අමිශ්‍රය. පසුව, ඔවුන් බොහෝ දෙනෙක් වන්දනා කිරීම ආරම්භ කරන විට, එය මිශ්‍ර වෙයි. මුලදී තිබුණේ ඒකායන කෙනාගේ වන්දනාව පමණයි. ඔබ දැන් සවන් දිය යුත්තේ, මෙම එක් අයගේ දැනුමට පමණයි. ඔය දරුවන් වන්දනා කළ කෙනා, ඔහුම ඔබට කියන්නේ මිහිරිතම දරුවනි, මා දැන් පැමිණ සිටිනවා. භක්තියේ සියලුම ඇදහිලි, දැන් අවසන් වනවා. ශිව බාබාට පළමුවෙන්ම දේවාලයක් තැනුවේ ඔබලාය. එකල, ඔබලා අමිශ්‍ර බැතිමතුන් විය. එබැවින් ඔබ බොහෝ සතුටින් සිටියා. පසුව, ඔබ මිශ්‍ර බැතිමතුන් වූ විට, ඔබ අන් අය සමඟ ගැටුම් ඇති කරගත් අතර, එමනිසා සුළු වශයෙන් දුක හට ගත්තේය. සෑම කෙනෙකුටම සතුට ලබා දෙන්නේ, ඒකායන පියා පමණයි. පියා පවසන්නේ මා පැමිණ ඔය දරුවන්ට මෙම මන්ත්‍රය ලබා දෙන්නෙමි. එම කෙනාගේ මන්ත්‍රයට පමණක් සවන් දෙන්න. මෙහි ශාරීරික ජීවයක් නැත. ඔබ මෙහි පැමිණෙන්නේ බාප්දාදා වෙතටයි. ශිව බාබාට වඩා ඉහළ කෙනෙක් නොමැත. සෑම කෙනෙක්ම සිහිපත් කරන්නේ ඔහුවයි. භාරතය දිව්‍යලෝකයව පැවතුණි එය ලක‍්ෂ්මි සහ නාරායන් ගේ රාජධානිය විය. පසුව ඔබ, ඔවුන්ව වන්දනාමාන කිරීමට තරම්, ඔවුන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කළේ කවුද? මහා ලක‍්ෂ්මි යනු කවුරුන්ද කියා කිසි කෙනෙක් නොදනී. ඇය මහා ලක‍්ෂ්මි වීමට පෙර, ඇගේ උපත කුමක්ද? ඇය ජගදම්බා (ලෝක මාතාව) වූ බව ඔය දරුවන් දන්නවා. මව්වරුන්ට නමස්කාර වේවා යැයි කියයි. මෙය, ඔය සියලුම මව්වරුන්ට බලපායි. ඔබ මුළු ලොවටම අයිතියක් ලබා ගනී. භාරත මාතාව කියා කියන්නේ එක්කෙනෙකුට පමණක් නොවෙයි. ඔය සෑම කෙනෙක්ම යෝගාව තුළින් ශිවාගෙන් ශක්තිය ලබා ගන්නා, ශිව ශක්තින්ය. ඔබ ශක්තිය ගැනීමේදී මායා ඔබට එරෙහි වෙයි. සටනකදී, කෙනෙක් ඔබට පහර දෙන විට, ඔබ එඩිතර වී සටන් කළ යුතුයි. ඔබට පහර දෙන කෙනෙකුට ඔබව සිරගත කිරීමට ඉඩ නොදිය යුතුයි. ඔබගේ සටන තිබෙන්නේ මායා සමඟයි. කෞරවයන් සහ පාණ්ඩවයන් අතර සටනක් නැත. ඔවුන් (කෞරවයන්) එකිනෙකා සමඟ සටන් වදියි. මිනිසුන් සටන් කරන විට, යාරයක හෝ දෙකක ඉඩම් ප්‍රමාණයකට ඔවුන් එකිනෙකාගේ ගෙල කපා දැමීමටද සූදානම්ය. මෙය නාටකයේ පෙර නියම වී ඇති බව, පියා පැමිණ විස්තර කර දෙයි. රාමාගේ (දෙවියන්) රාජධානිය මෙන්ම රාවණගේ (රකුසා) රාජධානියද තිබේ. ඔබ රාමාගේ රාජධානියට යනවාය, යන දැනුම ඔය දරුවන්ට දැන් තිබේ එහි අසීමිත සතුට තිබේ. එහි නාමයම වන්නේ සතුටු දේශයයි (සුඛ්දාම්). එහි දුකක නාමයක් හෝ සලකුණක්වත් නැත. ඔය දරුවන්ට එවන් රාජධානියක් ලබා දීමට පියා දැන් පැමිණ සිටියි. එබැවින් ඔය දරුවන් බොහෝ උත්සාහ දැරිය යුතුයි. බාබා ඔබට නැවත නැවතත් පවසන්නේ දරුවනි, මෙයින් වෙහෙසට පත් නොවන්න. අඛණ්ඩව පියාව සිහිපත් කරන්න. ඔහු තිතක් වන අතර ජීවාත්ම වන අපත් තිත් වන්නේය. අප මෙහි පැමිණ ඇත්තේ අපගේ චරිත කොටස් රඟපෑමටයි. අපගේ චරිත කොටස් දැන් අවසන් වනවා. පියා දැන් පවසන්නේ මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් දුරු වී යාවි. පාප එක්රැස් වන්නේ ජීවය මතයි. ශරීරය මෙහිදී අවසන් වෙයි. සමහර මනුෂ්‍යයින් පාප සිදුකර ඉන්පසුව සිය දිවි හානි කරගනී (ඔවුන්ගේ සිරුරු). කෙසේවෙතත් එසේ කිරීමෙන් ඔවුන්ගේ පාපයන් දුරු වන්නේ නැත. මෙසේ කියවෙයි පාපකාරී ආත්මයක්. ඍෂිවරු සහ පූජකයන් පවසන්නේ, ජීවය, ක්‍රියාවල බලපෑමට හසු නොවන බවයි. තවද ජීවය, උත්තරීතර ජීවය බවද ඔවුන් කියයි. බොහෝ විවිධ මත තිබේ. ඔබට දැන් උත්තරීතර ජීවාත්මයෙන් ශ්‍රීමත් ලැබෙනවා. පියා ඔබට දැනුමේ තෙවැනි ඇස ලබා දී ඇත. සෑම දෙයක්ම දැනගන්නේ ජීවයයි. පෙරකල ඔබ දෙවියන් ගැන හෝ ලෝක චක්‍රය භ්‍රමණය වන ආකාරය ගැන කිසිම දෙයක් දැන සිටියේ නැත. ජීවාත්ම ඉතාමත්ම කුඩාය. පළමුවෙන්ම ජීවය පිළිබඳ අවබෝධය ඔබට ලබා දෙනවා. ජීවාත්ම, ඉතාමත්ම සියුම්ය. මිනිසුන්ට ලැබෙන සෑම දර්ශනයක්ම භක්ති මාර්ගයේ කාරණාය. දැනුම මාර්ගයේ කාරණා විස්තර කර දෙන්නේ පියා පමණයි. ඔහු පැමිණ මෙම කෙනා අසලින්, නළල මධ්‍යයේ අසුන් ගනී. මේ කෙනාටද විගසින් වැටහෙයි. මේ සෑම දෙයක්ම අළුත් කාරණා වන අතර පියා මෙතැන අසුන් ගෙන ඒවා විස්තර කර දෙයි. මෙය දැඩි ලෙස ස්ථීර කරගන්න එය අමතක නොකරන්න. ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී යයි. ඔබගේ අනාගතය රඳා පවතින්නේ ඔබගේ පාපයන් දුරු වීම මතයි. ඔය දරුවන් සමඟම, භාරත දේශයද වඩාත්ම භාග්‍යවන්තයි. භාරතය තරම් භාග්‍යවන්ත තවත් දේශයක් නොමැත. පියා පැමිණෙන්නේ මෙහිය. භාරතය දිව්‍යලෝකයව පැවතුණා. එයට අල්ලාගේ උයන යැයි කීහ. පියා නැවත වතාවක්, භාරතය, මල් උයනක් බවට පත් කරවන බව ඔබ දන්නවා. අප ඉගෙනගන්නේ එහි යෑමටයි. අපට දර්ශන ඇති වනවා. මෙය, එම මහාභාරත යුද්ධයම බව අපට වැටහෙනවා එයට පසුව නැවත එවන් යුද්ධ ඇති වන්නේ නැත. ඔය දරුවන්ට අලුත් ලොවක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. එය නව ලෝකයව පැවති විට, භාරතය දිව්‍යලෝකය විය. එය වසර 5000 කට පෙර පමණයි එය වසර සිය දහස් ගණනක ප්‍රශ්නයක් නොවෙයි. එය වසර සිය දහස් ගණනක් වූයේ නම්, නොගිණිය හැකි මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටිනු ඇත. මෙයවත් කිසිවෙකුගේ බුද්ධියට ඇතුලු වන්නේ නැත. එවන් විශාල ජන සංඛ්‍යාවක් නොමැති බැවින්, චක්‍රය එපමණ දීර්ඝ වන්නේ කෙසේද? අපි වසර 5000කට පෙර ලෝකය පාලනය කළ බව ඔබට දැන් වැටහෙනවා. එකල වෙනින් කිසිම දේශයක් තිබුණේ නැත. ඒවා මතු වුණේ පසු කාලීනවයි. මේ සෑම දෙයක්ම ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. වෙනත් කිසිම කෙනෙකුගේ බුද්ධියේ මේ දේවල් ඇත්තේම නැහැ. ඔවුන්ගේ ආගමට පෙර, වෙනත් ධර්මයක් තිබුණු බව, ඔවුන්ට වැටහෙන පරිදි, ඔවුනට කුඩා ඉඟියක් ලබා දෙන්න. පෙර පැවති, එක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය දැන් අතුරුදහන් වී ඇති බව ඔබට විස්තර කර දිය හැක. දැන් කිසිම කෙනෙක් දේවතා ධර්මයට අයත් බව නොකියයි. ඔවුන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් ව සිටි බව, ඔවුන්ට නොවැටහෙයි. එම ධර්මය ගියේ කොහාටද? හින්දු ආගම පැමිණියේ කොහින්ද? කිසි කෙනෙක් මෙම දේවල් ගැන සිතන්නේ නැත. පියා දැනුමේ සාගරය බව, දැනුමේ අධිකාරී බව, ඔය දරුවන්ට විස්තර කළ හැක. එබැවින් ඔහු නිසැකයෙන්ම පැමිණ, දැනුම පවසන්නට ඇති. විමුක්තිය ලැබෙන්නේ දැනුම තුළින් පමණයි. මෙහි සිතිවිලි මඟින් සංඥා ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ මා දැන් පැමිණ ඇති සේම, මා සෑම චක්‍රයකදීම පැමිණෙනවා. මා නැවත වතාවක්, චක්‍රයක් ගෙවී ගිය පසු පැමිණ, ඔය සියලුම දරුවන්ව මුණ ගැසෙනවා. ඔබද චක්‍රය වටා යයි. ඔබ ඔබගේ රාජධානිය හිමි කරගෙන, ඉන්පසුව එය නැති කර ගනී. මෙය අසීමිත නාටකයකි. ඔබ සියල්ලන්ම නළුවන්ය. ජීව, නළුවන් වශයෙන්, නිර්මාණකරුව, අධ්‍යක‍්ෂක සහ ප්‍රධාන නළුවන්ව නොදන්නේ නම්, ඔවුන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔය ජීවාත්ම, ඔබගේ චරිත කොටස් රඟ පෑම සඳහා, ශරීර ගන්නා අන්දම ඔය දරුවන් දන්නවා. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. එය දැන් මෙම පැරණි ලෝකයේ නිමාවයි. මෙය තේරුම් ගැනීමට ඉතාමත්ම පහසු කාරණාවකි. පියා මෙතැන අදෘෂ්‍යමාන අන්දමකින් අසුන් ගෙන සිටින අයුරු ඔය දරුවන්ට වැටහෙනවා. මෙවැනි ගීතයක් තිබේ ඇතිරිල්ලකින් වැසී, සෑම දෙයක්ම කරන කෙනාව ඔහු දුටුවේය. ඔහු එම කෙනාව දුටු බව කීවත්, ඔහු එම කෙනාව හඳුනාගත්තා කීවත් එය එකමයි. ජීවාත්මයක් දැක ගැනීමට හැකි වුවද, එහි කිසිම ප්‍රයෝජනයක් නැත. ඉන් කිසි කෙනෙකුට කිසි දෙයක් වටහා ගැනීමට හැකි වන්නේ නැත. දැඩි භක්තියේ යෙදෙන බොහෝ දෙනෙකුට දර්ශන ලැබෙයි. පෙර, ඔය දරුවන්ටද බොහෝ දර්ශන ලැබුණි. ඒ සඳහා ඔබට බොහෝ වැඩසටහන් ලබා දුනී. ඒ සියලු විනෝදජනක ක්‍රීඩා ඔබ අවසානයේදී දකිනු ඇත. පියා දැන් පවසන්නේ ඉගෙන ගෙන දක‍්ෂ වන්න. ඔබ දැන් ඉගෙන ගත්තේ නැති නම්, ප්‍රතිඵල නිකුත් වන විට, ඔබට බිම බැලීමට සිදුවෙයි. ඔබ බොහෝ කාලයක් අපතේ හැරිය බව ඔබට වැටහෙයි. ඔබ පියාගේ සිහිපත් කිරීමේ වැඩියෙන් සිටින තරමට, එම සිහි කිරීම තුළින් ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී යනු ඇත. ඔබ පියාව සිහිපත් කරන තරමට ඔබගේ සතුටේ රසදිය කඳ වැඩියෙන් ඉහළට නගිනු ඇත. දෙවියන්ව සිහිකරන්නේ ඇයිද කියා මිනිසුන් නොදනි. ඔහු මවත්, පියාත්, බව ඔවුන් කියන නමුත් ඔවුන් එහි අරුත නොදනී. ඔබට දැන් වැටහෙන බැවින් ඔබට ශිවාගේ පිංතූරය විස්තර කළ හැක - ඔහු දැනුමේ සාගරය මෙන්ම පාරිශුද්ධකරුවා වන අන්දම ගැන. ඔබ ඔහුව සිහිපත් කළ යුතුයි. එම පියා, ඔබට බොහෝ සතුට ලැබෙන මාවත පෙන්වීමට පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. මෙය ඉගෙනුමක්. ඔබ උත්සාහ දරණ තරමට අනුව ඔබට උසස් තත්ත්වයක් හිමි වනු ඇත. මෙම කෙනා, ඔහුගේ ගදිය (ගුරු කෙනෙකුගේ ආසනය), කාලයේ ආරම්භයේ සිටම පැවතුණු, ඍෂිවරයෙක් හෝ පූජකයෙක් හෝ නොවෙයි. මේ ශිව බාබාගේ ගදියයි. මේ කෙනා ඉවත්ව ගිය පසු, තව කෙනෙක් ගදියෙහි අසුන් ගන්නේ නැත. පියා සැවොම ඔහු සමඟ ආපසු රැගෙන යනු ඇත. තම දරුවන්ට සහ මුණුපුරන්ට ඉන් ජීවත් වීමට හෝ පසුව ප්‍රයෝජනයට ගැනීමට, තමන් බොහෝ ධනය රැස් කරන අන්දම ගැන, නිෂ්ඵල සිතිවිලි ඇති කරමින්, ඇතැම් දරුවන් තම කාලය අපතේ හරියි. ඔවුන්ගේ දරුවන්ට ඉන් ජීවත් වීමට හැකි පරිදි, තම බැංකුවේ ඇති අගුල් දැමිය හැකි කුඩා අල්මාරියක එය රැස් කිරීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. කෙසේවෙතත්, රජය කිසිවෙකු අත් නොහරියි. එබැවින් ඒ ගැන වැඩිය නොසිතා, ඔබගේ අනාගතය වෙනුවෙන් ආදායමක් උපයාගැනීමට ඔබ කාර්යබහුල විය යුතුයි. ඔය දරුවන් දැන් උත්සාහ දැරිය යුතුයි. එය නාටකයේ තිබේ නම් ඔබ එය කරන්නේ යැයි නොසිතිය යුතුයි. ඔබ උත්සාහ නොදරන්නේ නම්, ඔබට කෑමටවත් කිසිවක් නොලැබෙයි. කෙසේවෙතත්, එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන්ට එවැනි සිතිවිලි ඇතිවෙයි. ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම් ඔවුන් කුමන දේවමය උත්සාහයක් දරයිද? එය ඔවුනගේ භාග්‍යයේ ඇති අය, මෙම දේවල් ඉතා හොඳින් ධාරණය කරගෙන, අන් අයටත් එය ධාරණය කිරීමට දිරිගන්වයි. පියා ඔබගේ ගුරුවරයා මෙන්ම ඔබගේ ගුරු ද වෙයි, එබැවින් ඔබ ඔහුව සිහිපත් කළ යුතුයි. වැඩියෙන්ම සෙනෙහසට බඳුන් වන්නේ, පියා, ගුරුවරයා සහ ගුරුය. ඔවුන් සිහි කළ යුතුයි. බාබා ඔබට බොහෝ ක්‍රම පෙන්වා දෙයි. ඔබට ඍෂිවරුන් සහ පූජකවරුන්ටත් ආරාධනා කළ හැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කාර්යබහුල වී, ඔබගේ අනාගතය වෙනුවෙන් ආදායමක් උපයාගැනීමට උත්සාහ දරන්න. එය නාටකයේ ඇත්නම්, මා යමක් කරන්නම් යැයි කියමින්, උත්සාහ දැරීම නවත්වන්න එපා.

2. දවස පුරා ඔබ සිදුකරන පාපයන් සහ අන් අයට දෙන දුක්, සටහන් කරගන්න. එය අවංකව පියාට පවසන්න. ඔබගේ හදවත අවංකව සහ පිරිසිදුව තබා, එක් පියාගේ සිහිපත් කිරීම තුළින් ඔබගේ සියලු ගිණුම් පියවන්න.

වරදානය:
ඔබ බුද්ධිමත් වී ඔබේ සෑම සිතිවිල්ල සහ ක්‍රියාව ඥනාන්විතව (ප්‍රයෝජනවත්ව) උසස් කර සාර්ථක කරගනිත්වා.

බුද්ධිමත්ව ඥානාන්විතව සිතන්නන් සහ ක්‍රියා කරන්නන් සාර්ථකත්වයේ ප්‍රතිරූ වෙති. භක්ති මාර්ගයේ මෙහි සිහිවටනය නම් ඕනෑම සුබ කටයුත්තක් පටන් ගන්නට පෙර ඔවුන් ස්වස්ථික සලකුණ අඳිති හෝ ගණ දෙවියන්ට වඳිති. ස්වස්ථික වූ කලී ඔබේ නියම ස්ථිතියෙහි ඔබ ස්ථාවර වීමේ සලකුණ සහ ගණ දෙවියන් වූ කලී ඔබේ ඥානාන්විත ස්ථිතියේ සලකුණ වේ. ඔබ දරුවන් නැණවත්ව සහ බුද්ධිමත්ව ඉඳිමින් සෑම සිතිවිල්ලක් නිර්මාණය කරද්දී, සෑම ක්‍රියාවක් නිරූපණය කරද්දී ඔබ පහසුවෙන් සාර්ථකත්වය අත්දකිනවා ඇත.

පාඨය:
බ්‍රහමිණ් දිවියේ විශේෂත්වය සතුට වේ. එමනිසා, නොකඩවා සතුට දානය කරන්න.