13.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා විසින් රුද්‍ර ඥාන යග්යාව නිර්මාණය කළා. එවිට එය රැක බලාගන්නේ ඔබ බ්‍රහමිණ් වරුන්. එමනිසා ඔබ පාරිශුද්ධව ඉඳීම අනිවාර්යයි.

ප්‍රශ්නය:
පරම පියා අවසානයේදී උදව් කරන්නේ කොයි දරුවන්ට ද?

පිළිතුර:
අවසානයේදී, බොහෝ ව්‍යසනයන් එනවිට ඉතා හොඳින් සේවය කරනා දරුවන් හට පරම පියාගෙන් උදව් ලැබෙනවා ඇත. ඔහුගේ උදව්කරුවන් වූවන්ට පියා අනිවාර්යෙන්ම උදව් කරාවි.

ප්‍රශ්නය:
අපුරුතම මුහුණ ඇත්තේ කාට ද? එහි සිහි වටනය මොන ස්වරුපයෙන් තිබේද?

පිළිතුර:
තමාටම කියා මුහුණක් නැති ශිව් බාබා, උපකාරක වශයෙන් මේ මුහුණ ගත් කළ එය අපූරු මුහුණක් වුණා. අන්න ඒ නිසායි. ඔය දරුවන් පුද්ගලිකවම මේ මුහුණ බලන්නට එන්නේ. මෙහි සිහිවටනය රුන්ඩා රෝසරියෙහි ඇති මුහුණු වේ (ඒවායේ බීජවල මුහුණක් බැගින් ඇත).

ගීතය:
ශිවා තරම් අවිහිංසක දෙවියන් කොයිතරම් සුමිහිරිද, ආදරණීයද...

ඕම් ශාන්ති.
අසීමිත වූ පරම පියා පවසයි: සෑම වසර 5000කට වරක් දරුවන්ගේ මුහුණු මා දකිනවා. පරම පියාට තමාටම කියා මුහුණක් නැත. ශිව් බාබා පරණ ශරීරයක් ණයට ගනී. ඒ නිසා, ඔබ බාප් සහ දාදා දෙදෙනාගේම මුහුණු දකිනවා. එම නිසායි මෙසේ කියා ඇත්තේ: බාප් සහ දාදාගෙන් ස්නේහ ස්මරණය පිළිගන්න කියා. මුහුණු සහිත රුන්ඩා රෝසරිය ඔය දරුවන් දැකලා ඇති. රුන්ඩා රෝසරිය නිර්මාණය කර තිබෙන නිසා ඔබට ශිව් බාබාගේ මුහුණත් දකින්න පුළුවනි. ශිව් බාබා ඇවිත් ණයට ශරීරයක් ගන්නා බව කිසිවකුත් නොදනී. ශිව් බාබා මේ බ්‍රහ්මාගේ මුඛයෙන් කතා කරයි. එබැවින් මෙය ඔහුගේ මුහුණයි. මේ කාලයේ පරම පියා එක් වරක් පැමිණ දරුවන්ගේ මුහුණු බලයි. මේ මුහුණ ණයට අරගත් එකක් බව ඔය දරුවන් දන්නවා. එවන් පියෙකුට සිය මුහුණ ණයට දීමෙත් බොහෝ යහපත ලැබේ. සෑම දේම මුලින් ඇසෙනුයේ ඔහුගේ කණටයි. ඒත් එක්කම ඔබලාත් එසැනින් එයට සවන් දුන්නා වුවත් මුලින්ම ඔහුගේ කන් සැමට වඩා සමීපයි. ඔය ජීවාතමයන් දුරස්ව සිටියි. ජීවාත්මයන් සවන් දෙන්නේ කන් තුළින් එමනිසා, එහි යම් වෙනසක් ඇත. ඔය දරුවන් පුද්ගලිකවම මෙහි පැමිණ සිටින්නේ ඔහුගේ මුහුණ දකින්නයි. මෙය අපූරුතම මුහුණකි. මිනිස්සු ශිව් රාත්‍රිය සමරති. එමනිසා, සැබැවින්ම, මෙහි මොහු තුළ ඇතුල් වී සිටින්නා ඒ අශාරීරික ශිව් බාබා වේ. එමනිසා. ඔහුගේ දේශය භාරත දේශයයි. භාරතය පරමාත්ම පරම පියාගේ අවිනාශී ජන්ම භූමියයි. කෙසේවෙතත්, ඔහුගේ උපත සිදුවන්නේ මනුෂ්‍යයන්ගේ උපත මෙන් නොවේ. ඔහුම කියනවා: මා මොහු තුළට ඇවිත් ඔබ දරුවන්ට දැනුම පවසනවා. අන් සියලු ජීවාත්මයන්ට තමාටම හිමි ශරිර තිබෙනවා, මටම කියා ශරීරයක් නැහැ. ශිවාව ඔවුන් ඕවලාකාර රූපයකින් පෙන්වයි. ඔවුන් යාගහෝම පවත්වන විට මැටි වලින් ඕවලාකාර රූප සාදති. ඔවුන් සාලිග්‍රාම් කුඩාවටත් ශිව් ලිංගයක් ලොකුවටත් සාදති. ඇත්ත වශයෙන්ම ඒවා ලොකු හෝ කුඩා නොවේ. වෙනස් ප්‍රමාණයක් යැයි දැක්වීම පරම පියා සහ දරුවන් අතරේ ප්‍රභේදනයක් කිරීමයි. දෙගොල්ලන්ටම පූජා කරන්න දෙයාකාරයෙනි. ඔවුන් තේරුම්ගෙන තිබෙනවා ඔහු ශිවා බවත් ඉතිරි අය සාලිග්‍රෑම් බවත්. අඩුතරමින් සියල්ලම ශිවා යැයි ඔවුන් නොකියති. ඔවුන් ශිවා විශාලව සහ සාලිග්‍රෑම් කුඩාවට සාදති. ඔහු සමඟ මේ සියලු දරුවන් සිටිනවා. ඔබලාට. ඒ සාලිග්‍රෑම් වලට ඔවුන් වන්දනා කරන්නේ ඇයි ද කියා බාබා පහදා දී ඇත. ඒ ඔබ සියලු දෙනා ජීව සන්තාවන් නිසායි. ඔබ ඔබේ ශරිර වලින් භාරතය උසස් කරවනවා. ශිව බාබාගෙත් සාලිග්‍රෑම් ශ්‍රීමත් ලබමින් සිටිනවා. මේ රුද්‍ර ඥානයේ යාග ගින්න නිර්මාණය කළේ ශිව් බාබායි. ශිව බාබා කතා කරයි. සැලිග්‍රෑමුත් කතා කරයි. මෙය අමරණීය කතාවයි. සත්‍ය නාරායනගේ කතාවයි. මිනිසුන්ව ඔහු සාමාන්‍ය බවින් නාරායන බවට පත්කරනවා. ඔහුගේ පූජනීයත්වය අති උසස් වේ. ජීවාත්ම ලොකු නැහැ. ඒවා ඉතා කුඩා තිත්ය. ජීවාත්මයට බොහෝ දැනුම ඇත. එවන් කුඩා ජීවාත්ම කියයි: මා මේ ශරීරය තුළට පිවිස මාගේ චරිතාංග රඟදක්වනවා. ශරීරය ඉතා විශාලයි. ඒ තුළට ජීවය පිවිසු විට ළමා කල පටන් ඔහුගේ චරිත කොටස රඟ දක්වන්න පටන් ගනී. ජීවාත්මයත් සදාතනික අවිනාශ් චරිත කොටස් ලබා ඇත. ශරීරය අජීවමානයි. ජීවමාන සත්තාවන් ඇතුල් වූ විට ගර්භාෂය තුළදී දඩුවම් අත්විඳින්නට පටන් ගනී. ජීවාත්මයන් හට දඩුවම් ලැබෙන්නේ කෙසේද? විවිධ ශරීර ගනිමින් දිගින් දිගටම අන් අයට දුක දුන් ආකාරයේ දර්ශන ලබමින් දඩුවම් ලබනවා. ජීවාත්ම වේදනාවෙන් කෑගසති. අන්න ඒ නිසායි ගර්භාෂය සිර කුටියක් යැයි කියන්නේ. නාටකය කෙතරම් අපූරුවට නිර්මාණය කර ඇත්දැයි බලන්න. ජීවාත්ම එවන් චරිත කොටසක් රඟපායි. ජීවාත්ම පොරොන්දුවක් වෙයි. කිසිදා මම පවක් නොකරමි. එවන් වූ ඉතා කුඩා ජීවාත්මය අවිනාශී කොටසක් ලබා ඇත. ජීවාත්ම උපත් 84ක චරිත කොටස් රඟදක්වයි. අනතුරුව එයම යළිත් සිදුකරයි. මෙය පුදුමයකි. පරම පියා මෙහි ඉඳිමින් විස්තර කරයි. මෙය නිවැරදි දෙයක් ලෙස ඔය දරුවන් වටහා ගනී. එතරම් කුඩා තිතක ඒ තරම් ලොකු චරිත කොටසක් ඇත. බොහෝ අයට ජීවාත්මයේ දර්ශන ලැබී ඇත. ජීවාතමයන් නළල මත වාසය කරන තාරකාවක් යැයි ගයති. එවන් ලොකු චරිත කොටසක් ඔහු රඟ දක්වයි. මෙය ස්වභාව ධර්මය යැයි කියති. ඔබ ශරීර අරිමින් තවත් ශරීර ගන්නා බවත් ඔබ දනී. එවන් ලොකු චරිත කොටස් ඔබ රඟදක්වයි. බාබා ඇවිත් අපට පැහැදිලි කර දෙයි. මෙය එවන් වූ උසස් දැනුමකි. ලොවෙහි අන් කිසිවෙකුට මෙම දැනුම නොමැත. මොහුද මනුෂ්‍යයෙකි. පරම පියා දැන් මොහුව නිර්මාණය කර ඇත. ඔහු ගුරු කෙනෙකුගේ ශිෂ්‍යයෙක් වී ඍද්ධි බලය ලැබූ කෙනෙක් නොවේ. ඇතැමුන් සිතන්නේ ඔහු යම් ගුරු කෙනෙකුගෙන් වරයක් ලබා ඇත කියා හෝ යම් විශේෂ බලයක් ලබා ඇත කියාය. මේ ඔක්කොමත් එක්ක එය වෙනස් වූ දෙයකි. ඔහුගෙන් කෙලින්ම සවන් දීම මඟින් බොහෝ වින්දනයක් ඔබ ලබනවා. ඔබ දන්නවා බාබා ඔබට පුද්ගලිකවම පැහැදිලි කරන බව. බාබා ඉතා කුඩායි. ඔබ කුඩා ජීවාත්මයක් වාගේමයි. පරමපිතා පරමාත්මය කියන්නේ ඔහුටයි. ඔහු පරම දනව්වේ, අභිබැවූ දේශයේ වාසය කරන උත්තරිතර කෙනාය. ඔය දරුවන් සිටියේත් එම අභිබැවූ දේශයේය. පරම පියා එවන් සූක්ෂම වූ විෂයන් ඔබට පවසයි. මුල් කාලයේ ඔහු මේවා පැහැදිලි කළේ නැහැ. දවසින් දවස නොකඩවා එවැනි ගැඹුරු දැනුම ඔය දරුවන්ට ලැබෙනවා. මෙය දෙන්නේ කවුරු ද? අති උසස්ම දෙවියන්ය. ඔහු ඇවිත් කියනවා: දරුවනි, ජීවාතම ඉන්ද්‍රියන් තුළින් කතා කරන්නේ කෙසේද? ඔවුන් නළල මැද දිදුලන ජීවාත්මයක් ගැන කතා කරයි. එය ඔවුන් නිකම්ම කියනවාට කියනවා. මෙය කාගේවත් බුද්ධියට ඇතුල් වී නැහැ. කිසිවෙක් ලඟ අන් අයට පහදා දීමට මෙම දැනුම නැත. ඔබ අතරිනුත් මෙය තේරුම් ගෙන තිබෙන්නේ ඉතාමත් ටික දෙනෙකි. එය වටහාගත් අය ඉතා හොඳින් ධාරණය කරගෙන අන් අයටත් ධාරණය කිරීමට, ඒ ගැන කතා කිරීමට උනන්දු කරවයි. ඔහු පරම්පිතා පරමාත්මය යැයි කියනා නිසා නිසැකවම ඔබ පරම පියාගේ ප්‍රාප්තිය ලබාගත යුතුයි. ඔබ දෙලොව හිමිකරුවන් බවට පත්විය යුතුයි. ඒ අය පරම පියාගෙත් නිසැකවම දෙලොව ප්‍රාප්තිය ලබන්නට ඇති. ඔහු මෙම ප්‍රාප්තිය ලබා දුන්නේ කවදාද? ඔහු එය දුනේ ස්වර්ණමය යුගයේද? නියත වශයෙන්ම අතීතයේ ක්‍රියා තිබේ. ඔබ දැන් ක්‍රියාවන් පිළිබඳ න්‍යාය තේරුම් ගන්න. බාබා ඔබට උගන්වන්නේ එවැනි ක්‍රියාවත්තුළින් ඔබ එවැත්තන් බවට පත්වීමයි. ඔබ බ්‍රහ්මාගේ මුවිනුපන් නිර්මාණයන්. එමනිසායි, ශිව් බාබා බ්‍රහ්මාගේ මුවිනුපන් ඔබට දැනුම කියා දෙන්නේ. එහි දිවා රාත්‍රියේ වෙනස ඇත. එහි එවන් වූ ඝණ අඳුරක් ඇත. ඔවුන්ට ආලෝකය ලබාගත හැක්කේ පරම පියාගෙන් බව කිසිවෙකුත් නොදනී. මේ කර්ම ක්ෂේත‍්‍රයට අප අපගේ චරිත කොටස් රඟපාන්න පැමිණියා කියා ඔවුන් කියයි. එහෙත් ඔවුන් කවුද හෝ ඔවුන්ගේ පියා කවුද කියාවත් ඔවුන් නොදනී. ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද කියාවත් ඔවුන් නොදනී. සියලු ගල් බුද්ධි, කුදු සහ යහගුණ නොමැති අයට දෙවියන් පැමිණ උගන්වයි කියා සිහිපත් කෙරේ. ප්‍රදර්ශන වලට බොහෝ ප්‍රභූවරු පැමිණෙන නමුත් ඔවුන්ගේ වාසනාවේ මෙය නොමැත. පරම පියා දිළින්දන්ගේ ස්වාමියා වේ. කලාතුරකින් සියයකින් එක් ධනවත් කෙනෙක් පමණ මතු වනු ඇත. එසේ වුවත් එයිනුත් උසස් තනතුරක් ලබතේ ඉතා ස්වල්ප දෙනෙකි. ඔබ දුපතය: මව්වරුන්ට මුදල් එපමණ ඇත. දියණියන්ට කොහෙද? පතිකුලයට ගිය විට ඇය සහකාරියක් වෙයි. උරුමයක් ඇයට තොලැබේ. පුණ උරුමය ලැබෙන්නේ පුතුන්ටයි. එවන් වූ කුමාරිත්වයි පරම පියා තමාට අයිති කරගත්තේ. ඔවුන්ට ශිෂ්‍ය බ්‍රහ්මචර්ය දිවියක් ඇත, ඔවුන් දුප්පත්, ඔවුන් පාරිශුද්ධයි එසේම ඔවුන් පූජිත වේ. ඒ සියල්ලම මේ කාලය හා සම්බන්ධයි. මේ කාලයේ කෙරෙන ඔබේ සියලු ක්‍රියාවනීය වේ. මුලින්ම ශිවාගේ උපන්දිනයෙත් තොරව ක්‍රිෂ්ණාගේ උපන් දිනයක් තිබිය නොහැක. මුලින් ශිවාගේ උපන්දිනය. පසුව ක්‍රිෂ්ණාගේ, ඉන්පසු රාමාගේ වත බව ඔබ දන්නවා. ශිවාගේ උපන්දිනය තුළින් ලෝක මවගේ සහ ලෝක පියාගේ උපත සිදුවිය. එබැවින්, ඔබ සමත ලොවේම අධිපතීන් බවට පත්වේ. ලෝක මාතාව ලෝකාධිපතිනිය වේ. ලෝක මාතාවගේ නමින් බොහෝ පූජා උත්සව ඇත. ඒ තරමට බ්‍රහ්මා වන්දනීය නොවුණි. පරම පියා ඉදිරියෙන් තැබුවේ මව්වරුන්ටයි. සෑම කෙනෙකුම පාහේ, විශේෂ්යයෙන් ශිව් ශක්තීන් වන මව්වරු තම සැමියාගෙන් පා පහර කා ඇති. එම ඒකායන කෙනා සියලුම සැමියන්ගේ සැමියා වේ. ඔහු කුමාරිට පහදා දෙයි. ජගදම්මාගේ දියණියන් මාස්ටර් ජගදම්මා වරුන් වේ. මේ දියණියන්ද කරමින් සිටින්නේ තමාගේ කාර්යයමයි. ඔබත් ත්‍රිකාලදර්ෂී වේ. එහි ගැහැණු පිරිමි දෙගොල්ලම සිටි. මෙය පවුල් මාර්ගය වන අතර වැඩි පිරිසක් මව්වරුය. ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියට පත් වේ. බ්‍රහ්මාගේ නම එතරම් ප්‍රකට වුණේ නැත. සර්ශිධ් බ්‍රහ්මන් විශේෂයෙන් වන්දනා කරන්නේ බ්‍රහ්මාවයි. බ්‍රාහ්මණ වර්ග දෙකකි. සර්ශිධ් බ්‍රහ්මින් සහ පුකර්ණී බ්‍රහ්මින්. ඔවුන් හදාරන ග්‍රන්ථත් වෙතය. පරම පියා මෙහි ඉඳිමින් චක්‍රය කැරන්කෙත ආකාරය සහ ඔහු පැමිණෙන ආකාරය විස්තර කරයි. ඔහු වසර 5000කට පසු නැවත පැමිණෙනවා යැයි පොරොන්දු වී ඇත. මෙය ගීතයක ද සඳහන් වී ඇත. අතීතයේ සිදු වූ දේවල් භක්ති මාර්ගයේ සිහිපත් කෙරේ. මෙම නාටකය සදාතනිකය. එය කිසිදා කැමරාගත කර නැත. එයට ආරම්භය. මැද සහ අග යැයි තොමැත, එය නොකඩවා පැවැත්තේ. පරම පියා ඇවිත් නාටකය පැවැත්වෙන ආකාරය පහදා දෙයි. ඔබ උපත් 84ක් අත්විඳීම ලැබිය යුතුයි. ඔබ බ්‍රහමින් කුලයටත් පසුව දේවතා වංශය, පසුව ක්ෂත්‍රීය වංශය ආදියට එනවා. ඔවුන් ශිව් බාබා සහ ක්‍රම බාබා අතුරුදහන් කළා. ඔබ බ්‍රහ්මන් වූයේ බ්‍රහමා තුළිනි. යාගහෝම රැකබලා ගන්නේ බ්‍රහ්මණ පූජක වරුය. අපිරිසිදු අයට යාගහෝම රැකබලාගත නොහැක. ඔවුන් යාගයක් නිර්මාණය කළ විට, ඔවුන් පාපයේ නොගැලෙති. ඔවුන් වන්දනා ගමනේ යනවිටත් පාපයේ නොගැලෙති. එමනිසා, ඔබට පාපයේ ගැලිය නොහැකියි. එහිදී බාධක ඇතිවේවි. ඔබේ වන්දනා ගමන ආධ්‍යාත්මික එකකි. බාබා කියයි: මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව රැගෙන යන්නයි. මා ඔබව මදුරු රැළක් මෙන් රැගෙන යනවා. අප ජීවාතම සිටින්නේ එහියි. අප වාසය කරන තැන පරම දනව්වයි. අනතුරුව අප මෙහි පැමිණ දේවතා, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර බවට පත්වෙනවා. අපි දැන් බ්‍රහමිණ් වී සිටිනවා. බ්‍රහ්මන් වූ අය දිව්‍ය ලෝකයට යනවා ඇත. ඔවුන් එහිදීත් ඔන්චිලි පදිති. එහි ඔබ දියමන්ති සහ මැණික් ඔබ්බවන ලද රන් ඔන්චිලි පදිනවා. ඔවුන් ශ්‍රී ක්‍රිෂ්ණාගේ තොටිල්ල ඉතාමත් ලස්සනට අලංකාර කරති. සැවොම ඔහුට ආදරය කරති. රාෂ්ඨ ගෝවින්දා නාමය මතුරමිත්, අපි වෘත්තුවත් යමු කියා ඔවුන් යති. ඔබ දැන් එහි යන්නට ප්‍රායෝගික අයුරින් සූදානම් වෙමින් සිටිනවා. ඔබේ සිතේ තිබූ ආශාවන් සියල්ල දැන් ඉටු වෙමින් තිබෙන බව ඔබ දන්නවා. ඔබ දැන් දෙවියන්ගේ දේශයටයි යන්නේ. බාබා සියලු දෙනාවම ගෙන යන ආකාරයත් ඔබ දන්නවා. එය වෙඩරු වලින් කෙස් ගහක් ඉවත් කරනවා සේය. පරම පියා ඔබට කිසිම අපහසුවක් දෙන්නේ නැහැ. ඔහු ඒ තරම් පහසුවෙන් ස්වාධිපත්‍යය ඔබට දෙනවා. පරම පියා කියන්නේ. ඔබ යා යුතු ක්‍රිෂ්ණ දේශය සිහිපත් කරන්න. පළමුවෙන්ම, ශිව් බාබා ඔබව අනිවාර්යෙන්ම නිවහනට ගෙන යයි. එතැනින්, ඔහු දිව්‍ය ලෝකයට ඔබව යවනවා. එය ඔබ දිල්ලිය හරහා යනවා වාගෙයි. ඔබ දැන් නිශබ්ද දේශය හරහා ශ්‍රී ක්‍රිෂ්ණාගේ දේශයට යනවා. අප බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරමින් සිටිනවා. එමනිසා, පරම පියා සිහිපත් කර පාරිශුද්ධ වන්න. පාරිශුද්ධත්වය අනිවාර්යයි. ඔය දරුවන්ට උත්සාහ කිරීමට පියා උනන්දු කරයි. මෙකල ඔබ කරන උත්සාහය තමයි සැම චක්‍රයේම සිදුකෙරෙන උත්සාහය වන්නේ. ඔබට උත්සාහ කරන්න වෙනවා. මෙම පාසල ඉතා ශ්‍රේෂ්ඨ එකකි. එබැවින්, ඔබ අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන. දෙවියමයි ඔබට උගන්වතේ. එක් දිනක් වත් පාඩු නොකරන්න. මෙය ඉතාමත් වටිනා අධ්‍යපනයයි. මේ බාබා කිසිසේත් එක් දිනයක් වත් පාඩු කරගත්තේ නැහැ. මෙහිදී. ධනවතු ගබඩාවෙත් ඔය දරුවට ඔබේ ඒප්‍රනය පුරවා ගත හැකියි. ඔබ ඉගෙන ගන්නා තරමට වඩාත් කුල්මත්භාවයේ වින්දනය ඔබ ලබාවි. ඔබට බන්ධනයක් නොමැති නම් ඔබට මෙහි සිටිය හැකියි. කෙසේවෙතත්, මායා එවැන්නකි. ඇය ඔබව බැඳීමක බඳවයි. බොහෝ දෙනෙක් නිවාඩු ගත කරති. බාබා කියයි: සම්පූර්ණයෙන් නැවත ප්‍රාණවත් බවට පත්වන. එම කුල්මත්භාවය ඔබ පිටත ගිය විට නොරැඳේ. බොහෝ අය සරළව මුරලිය කියවීමෙන්ම කුල්මත් වෙනවා. බොහෝ ව්‍යසනයත් ඒමට ඇත. උදව් කරුවත් වූ අය සහ ඉතා හොඳින් සේවය කළ අයට උදව් ලැබේවි. පසුව. අවසානයේදීත් ඔවුන්ට උදව් ලැබේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බදාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අධ්‍යපනය ඉතාමත් අගනා එකකි. දෙවියන්ම ඔබට උගන්වයි. එබැවින්, එක් දිනක් වත් පාඩු කරගන්න එපා. දිනපතා දැනුමේ ධන වස්තුවෙන් ඔබේ ඒතය පුරවා ගන්න.

2. මෙය ඉගෙන ගන්නා කාලය වන අතර වන්දනාවේ යෑමක් ද වේ. ඔබ රුදු ඥාන යයාව රැක බලාගත යුතුයි. ඒ හෙයින් මෙය කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඔබ පාරිශුද්ධ වෙන්න ඕන. කිනම් පාපයකටවත් යට නොවන්න. එසේම එමඟින් බාධක නිර්මාණය නොකරන.

වරදානය:
ඔබ භාග්‍යය පිරිනමන්නා පරම පියා වෙතින් ලබාගත් සතුටේ වාසනාව අන් අය සමඟ බෙදා ගැනීම මඟින් එය වැඩි කරගන්න.

භාග්‍ය විධාතා වූ පරම පියා ඔබව ඔහුට අයිති කරගැනීම ඔබේ ශ්‍රේෂ්ඨතම වාසනාව වේ. දෙවියන්ගේ එක් තත්පරයක බැමක් ලබතට ලොවේ මිනිසුන් දැඩි අපේක්ෂාවෙන් සිටිද්දී. ඔබ ඔහුගේ දැස තුළ නිරන්තරව ගිලී සිටිනවා. වාසනාවන්තයි කියන්නේ මේකටයි. වාසනාව ඔබේ උරුමයයි. සමත චක්‍රයේම, ඔබ දැන් පමණයි එවන් වාසනාවක් ලබන්නේ එමනිසා, නොකඩවා ඔබේ වාසනාව වැඩිකරගන්න. එය වැඩි කරගැනීමේ මාර්ගය තමයි අන් අය හා බෙදා ගැනීම, වැඩි වැඩියෙන් අන් අය හා බෙදාගන්නා තරමින් එනම්, ඔවුන්ට වාසනාවන්ත කිරිමෙන් ඔබේ වාසනාව තව තවත් වැඩි වේවි.

පාඨය:
බාධක වලින් නිදහස්ව සිටීම අත්විඳීම සහ නිරන්තර සහ ස්ථාවර අවධිය අත්විඳීම සඳහා වැඩි වැඩියෙන් සිත එක්තැන් කිරීම පුහුණු වන්න.