13.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පත්වන පාසැලයි. ඔබට උගන්වන කෙනා, සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා මෙන්ම සත්‍ය සත්ගුරූමයි. මේ ගැන ඔබගේ විශ්වාසය, ස්ථීර විය යුතුයි.

ප්‍රශ්නය:
ඔය දරුවන්ට සුළුවෙන්වත් නොතිබිය යුතු සිත් පීඩාව කුමක්ද, ඒ ඇයි?

පිළිතුර:
මෙම මාවත අනුගමනය කිරීමෙන් පසුව, කෙනෙකුට හදවත් ආබාධයක් සෑදී, ඔහුගේ සිරුර අත්හරින්නේ නම්, ඔබ සිත් පීඩාවට පත් නොවිය යුතුයි, මන්ද, සෑම කෙනෙක්ම තමන්ගේම රංගනය සිදු කළ යුතුයි. එම ජීවාත්මය, දැනුමේ සහ යෝගාවේ සංස්කාර ගෙන ගොස් ඇති නිසා ඔහු දැන් වඩාත් හොඳින් භාරතයට සේවය කරනු ඇති නිසා, ඔබ සතුටු විය යුතුයි. සිත් පීඩාවට පත් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත එය නාටකයේ දෛවයයි.

ගීතය:
මවත් ඔබයි, පියාත් ඔබයි

ඕම් ශාන්ති.
පියා ඔය දරුවන්ට විස්තර කරයි. පියා ඔබට දරුවන් කියා අමතන බවත්, බාප්දාදා ඒකාබද්ධ වී සිටින බවත් ඔය දරුවන් දන්නවා. ප්‍රථමයෙන් බාප්දාදා සිටින අතර ඉන්පසුව ඇත්තේ ඔය දරුවන්ය. මෙය නව නිර්මාණය බවට පත් වනවා. පියා රාජයෝගාව උගන්වනවා. ඔහු වසර 5000කට පෙර අපට ඉගැන්වූ එම ආකාරයෙන්ම නැවතත් අපට උගන්වනවා. පසුකාලීනව, භක්ති මාර්ගයේ, ඔවුන් මෙය මත පදනම් වූ පොතක් සාදා, එයට ගීතාව යැයි කියයි. කෙසේවෙතත්, මෙකල, එය ගීතාව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් එම ග්‍රන්ථය පසුව සාදා, එය ශ්‍රීමත් භගවත් ගීතාව, පහසු රාජ යෝගාවේ ග්‍රන්ථය ලෙස හැඳින්වීය. භක්ති මාර්ගයේ ග්‍රන්ථ කියවීමෙන් කිසිදු සෙතක් සිදු විය නොහැකි අතර, ශිව බාබාව සිහි කිරීමෙන් පමණක් ද ඔබට උරුමය හිමි කර ගත නොහැක. උරුමය හිමි කර ගත හැක්කේ දැන්, සංගම යුගයෙදී පමණයි. අසීමිත උරුමය ලබා දෙන කෙනා පරම පියා වන අතර ඔහු එය ලබා දෙන්නේ සංගම යුගයෙදී පමණයි. පියා රාජයෝගාව උගන්වයි. එම කෙනා උගන්වන දේ සහ පැවිද්දන් සහ පූජකයන් ආදීන් උගන්වන දේ අතර දිවා රාත්‍රිය මෙන් වෙනසකි. ඔවුන්ගේ බුද්ධියේ තිබෙන්නේ ගීතාවයි. ක්‍රිෂ්ණා, ගීතාව පැවසූ බවත් ව්‍යාස් එය ලේඛන ගත කළ බවත් ඔවුන් විශ්වාස කරයි. කෙසේවෙතත්, ක්‍රිෂ්ණා ගීතාව පැවසුවේ නැත, මන්ද, එය ඔහුගේ කාලයේ නොවුනු අතර එකල ක්‍රිෂ්ණාගේ ස්වරූපය පැවතිය නොහැක. පියා විස්තර කර දී, සෑම දෙයක්ම පැහැදිලි කරයි. ඔහු පවසන්නේ දැන් ඔබම විනිශ්චය කරන්න! ඔහුගේ නාමය ප්‍රසිද්ධයි. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව නාරායන බවට පරිවර්ථනය කළ හැක්කේ, සත්‍යය පවසන ඒකායන කෙනාට පමණයි. අපි මෙම පාසැලේ සහ රුද්‍රාගේ දැනුමේ යාග හෝමයේ අසුන්ගෙන සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය වීමට බව, ඔය දරුවන් දන්නවා. ශිව බාබා යන නම හොඳයි. පියා සහ දාදා යන දෙදෙනාම අනිවාර්යෙන්ම සිටිනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ මෙම විශ්වාසයෙනි. පියා, බ්‍රහ්මාගේ මාර්ගයෙන් සියලුම වේද සහ ග්‍රන්ථවල සාරය විස්තර කර දී මෙසේද පවසයි මා ඔබව ත්‍රිකාලදර්ශි කරවනවා (තුන් කාලය පිළිබඳ දන්නා අය). ඔබ ත්‍රිලෝකිනාත් (තුන් ලෝකයට අධිපති) වන්නේ නැහැ නැත. ඔබ අධිපතීන් වන්නේ ශිවාගේ දනව්වට පමණක් වන අතර එයට ලෝකයක් යැයි නොකියයි. ලෝකයක් යනු මනුෂ්‍යයන් පමණක් වාසය කරන තැනක් වන අතර මනුෂ්‍ය ලෝකය, ජීවමාන ලෝකය, මෙය වන අතර අනෙක අශාරීරික ලෝකයයි. ඔබට තුන් ලෝකය පිළිබඳ දැනුම පමණක් ලබා දෙන අතර ඔහු ඔබව තුන් ලෝකයට අධිපතියන් බවට පත් කරවන්නේ නැත. ඔබට තුන් ලෝකය පිළිබඳ දැනුම ලැබී තිබේ, ඔබට ත්‍රිලෝකදර්ශි (තුන් ලෝකය දකින අය) යැයි කියන්නේ මේ නිසාය. ලක‍්ෂ්මි සහ නාරායනට පවා තුන් ලෝකයට අධිපතියන් යැයි කිව නොහැක. විෂ්ණුටද තුන් ලෝකයට අධිපති යැයි කිව නොහැක, මන්ද, ඔහුට තුන් ලෝකය පිළිබඳ දැනුමවත් නොමැත. ඔවුන්ගේ ළමා කාලයේ රාධේ සහ ක්‍රිෂ්ණා වන ලක‍්ෂ්මි සහ නාරායනට තුන් ලෝකය පිළිබඳ දැනුම නොමැත. ඔබ ත්‍රිකාලදර්ශි වී දැනුම ලබා ගත යුතුයි. ක්‍රිෂ්ණා, තුන් ලෝකයට අධිපතිව සිටි බව ඔවුන් පවසයි. කෙසේවෙතත්, එය එසේ නොවීය, තුන් ලෝකයට අධිපති වන කෙනා, තුන් ලෝකයේම පාලනය කරන කෙනා වනු ඇත. ඔහු අධිපති වන්නේ වයිකුන්ත්හි (පාරාදීසියේ) පමණයි. ස්වර්ණමය යුගයට, වයිකුන්ත් යැයි කියයි. රිදී යුගයට, වයිකුන්ත් යැයි කිව නොහැක. මට (ශිව බාබාට) මෙම ලෝකයේ අධිපති විය නොහැක. ශිව බාබා, අධිපති වන්නේ බ්‍රහම්, එනම්, උත්තරීතර පදාර්ථයේ පමණයි. ඔහු බ්‍රහ්මාන්ද්වල අධිපති පමණයි, ජීවාත්ම වන අප, ඕවලාකාර ස්වරූපයෙන් වාසය කරන්නේ එහිය. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්, සූක‍්ෂම කලාපයේ වාසය කරන බැවින් ඔවුන් එම ස්ථානයේ අධිපතියන් ලෙස හැඳින්විය හැකි වන අතර ඔබ, වයිකුන්ත්හි අධිපතියන් වෙයි. එකක් සූක‍්ෂම කලාපය පිළිබඳ කාරණයක් වන අතර අනෙක අශාරීරික ලෝකය පිළිබඳවයි. ත්‍රිකාලදර්ශි විය හැක්කේ ඔබට පමණයි. ඔබගේ තෙවැනි ඇස් විවර වී තිබේ. ඔවුන් නළල මැද තෙවැනි ඇසක් පෙන්වා ඇත. ඔවුන් ත්‍රිනේත්‍රී (ඇස් තුනක් ඇති කෙනා) යැයි කියන්නේ මේ නිසාය. ඔවුන් දේවතාවන්ව මෙම සංකේතය ඇතිව පෙන්වන නමුත්, ඔබ නෙත් තුනක් ඇති අය බවට පත්වන්නේ ඔබ කර්මතීට් වූ විටයි ඉන් හැඳින්වෙන්නේ මේ කාලය පිළිබඳවයි. දේවතාවන් දැනුමේ හක්ගෙඩිය පිඹින්නේ නැත. ඔවුන් භෞතික හක්ගෙඩියක් පෙන්වා ඇත ඉන් සංකේතවත් වන්නේ මුඛයයි. ඔබ දැනුමේ හක්ගෙඩිය පිඹින්නේ එතුළින්ය. ඔවුන් විශාල විශ්ව විද්‍යාලයක දැනුම ඉගෙන ගන්නා ආකාරයෙන්ම, ඔබද දැනුම ඉගෙන ගන්නවා. මෙය පාරිශුද්ධකරුගේ, දෙවි පියාණන්ගේ විශ්ව විද්‍යාලයයි. ඔබ මෙතරම් විශාල විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයන් වන අතර ඒ සමගම අපගේ බාබා, අපගේ පියා, අපගේ ගුරුවරයා සහ අපගේ සත්ගුරූ බවත් ඔබ දන්නවා ඔහු සියල්ලය. එම මව සහ පියා, සෑම අවස්ථාවකදීම ඔබට සතුට ලබා දෙයි. මවත් ඔබයි, පියාත් ඔබයි යැයි පවසන්නේ ඒ නිසාය. එම කෙනා සැකරිනයයි, ඉතාමත්ම මිහිරිය. දේවතාවන් තරම් මිහිරි වෙනත් කෙනෙක් සිටිය නොහැක. භාරතය ඉතා සතුටු, සදා නිරෝගි සහ සදා ධනවත් වූ බව ඔය දරුවන් දන්නවා. එය සම්පූර්ණයෙන්ම පිවිතුරු විය. මෙසේද කියයි දූෂණයෙන් තොර භාරතය. කෙසේවෙතත්, තව දුරටත් මෙය කිව නොහැක එය දැන් දූෂිත සහ අපවිත්‍ර බව ඔබ කියනු ඇත. පියා විස්තර කර සෑම දෙයක්ම බොහෝ සරළ කරයි. ඔබ පියා සහ උරුමය ගැන දන්නවා. බාබා ඔබව බොහෝ මිහිරි කරයි. ඔබ ඉගෙනගෙන ශ්‍රීමත් වලට අනුව වෙනත් අයට ඉගැන්විය යුතු බවත් ඔබට හැඟී යනවා. එකම ව්‍යාපාරය මෙයයි, මන්ද, මෙය හැරුණු කොට, බොහෝ උපත් ගණනාවක ක්‍රියා වෙනුවෙන් බොහෝ දුක් විඳිම තිබේ. කෙනෙක් රෝගාතුර වී පසුදින හෘදයාබාදයක් වැළෙඳන්නේ නම්, එය නාටකයේ ඉරණම බව පමණක් සලකන්න. ඇතැම් විට එම ජීවාත්මයට දැන් වෙනත් චරිත කොටසක් රඟ පෑමට ඇති, එබැවින් දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. නාටකය නියම වී තිබේ ඔහුට වෙනත් චරිත කොටසක් රඟපෑමට තිබේ. ඒ ගැන සිත කරදර කරගන්නේ කුමටද? වෙනත් අයට යහපත සිදුකිරීමේ එවන් සංස්කාර ඔහු ගෙන ගොස් ඇති නිසා, ඔහු ඊටත් වඩා හොඳින් භාරතයට සේවය කරයි, එබැවින් ඔබ සතුටු විය යුතුයි. ඔබගේ මව මිය ගියත්, ඔබ හල්වා කෑ යුතු බව විස්තර කර දී තිබේ! මෙහිදි බොහෝ සේ වටහාගැනීමට අවශ්‍ය වනවා. අප නළුවන් බව ඔබ දන්නවා. එක් එක් කෙනා තමන්ගේම රංගනය ඉදිරිපත් කළ යුතුයි. මෙය නාටකයේ නියම වී තිබේ. ඔබ එක් සිරුරක් අත්හැර ගොස් තව චරිත කොටසක් රඟ පෑ යුතුයි. ඔබ මෙහි සිට කුමන සංස්කාර ගෙන යන්නේද, ඔබ එහිදී අදෘෂ්‍යමාන ලෙසින් සේවය කරනු ඇත. සංස්කාර ජීවාත්මය තුළ රැඳී තිබෙයි. වැදගත්, සේවය කළ හැකි දරුවන්ට, ගරු කරයි. සේවය කර, භාරතයට යහපතක් කරන්නේ ඔය දරුවන් පමණයි. අන් සියලු දෙනාම අඛණ්ඩව පාඩු සිදු කරයි ඔවුන් භාරතය අපවිත්‍ර කරයි. නිදසුනක් ලෙස, අංක එකේ සන්යාසි කෙනෙක්, තම සිරුර දමා යාමට ආසන්න වූ විට, ඔහු එම සිරුර අතහැර, බ්‍රහම් තත්ත්වයට මුසු වන බවට විශ්වාසයෙන් අසුන්ගෙන සිටියි. එසේ නම් ඔහු සෙත සලසන පියාගේ දරුවෙක් නොවන බැවින්, ඔහුට කිසිවෙකුට යහපතක් සිදු කිරීමට නොහැකි වෙයි. ඔබ, සෙත සලසන්නාගේ දරුවන් නිසා ඔබ කිසිවෙකුට පාඩුවක් සිදු නොකරයි. ඔබ යන්නේ යහපතක් කිරීම සඳහාය. මෙය අපවිත්‍ර ලෝකයකි. පියා නියෝගයක් නිකුත් කර ඇත පාපයේ ගැලීමෙන් සැදී ඇති මෙම නිර්මාණය, අපට අවශ්‍ය නැහැ එය තමෝප්‍රධාන්ය. රාගයේ අසිපත භාවිත කිරීමෙන් චක්‍රයෙන් භාගයක් ඔබ එකිනෙකාට දුක ලබා දුන්නා. ඔබට දුක් ගෙන දෙන්නේ, රාවනගේ නපුරු භූතයන් පහයි, එබැවින් ඔබගේ විශාලතම සතුරන් වන්නේ මේවාය. ස්වර්ණමය ලංකාව ආදි වශයෙන් කිසිදු ස්ථානයක් තිබුණේ නැත. ඔවුන් නිකමට එම කතා ගොතා තිබේ. පියා පවසන්නේ මෙය අසීමිත බවේ කාරණාවකි. මේ මොහොතේ මුළු මනුෂ්‍ය ලෝකයම රාවනගේ යදම් වලින් බැඳ තිබේ. සඟරාවේ ඔවුන් හොඳ පින්තූරයක් පෙන්වා ඇත සෑම කෙනෙක්ම රාවනගේ කූඩුවේ සිටියි. සෑම කෙනෙක්ම ශෝක පැල්පතේ සිටියි. ශෝකයෙන් මිදුණු පැල්පතක් නැත. අශෝක (ශෝකයෙන් මිදි) හෝටලයක් නැත සියල්ල ශෝකයේ හෝටල්ය. ඔවුන් බොහෝ අපිරිසිදු ක්‍රියා සිදුකරයි! පිරිසිදු කවුරුන්ද, අපිරිසිදු කවුරුන්ද කියා ඔය දරුවන් දන්නවා. ඔබ දැන් මල් වෙමින් සිටිනවා. මෙම ජීවාත්මයේ පටිගත වී ඇති චරිත කොටස කෙතරම් දීර්ඝද කියා ඔය දරුවන්ට වැටහෙයි. මේවා ඉතා ආශ්චර්යමත් කාරණාය. මෙම කුඩා ජීවාත්මය, උපත් 84ක අවිනාශී චරිත කොටසකින් පිරී තිබේ. ඔවුන් මෙසේද පවසයි අපි අපවිත්‍ර මෙන්ම තමෝප්‍රධාන්ය. එය දැන් නිමාවයි. හේතුවක් නොමැති ලේ ගැලීම් තිබේ. එක් බෝම්බයකින් බොහෝ දෙනෙක් මිය යයි. මෙය පැරණි ලෝකය බවත් එය ඉතිරි නොවන බවත් ඔබ දන්නවා. මෙය පැරණි ලෝකය සහ පැරණි සිරුර වන අතර අප දැන් නව ලෝකයට ගොස් අළුත් ශරීර ගත යුතුයි. ශ්‍රීමත් අනුසාරයෙන් අප උත්සාහ දරන්නේ මේ නිසාය. මේ සියලු දරුවන් නියත වශයෙන්ම ඔහුගේ උදව්කරුවන්ය. ශ්‍රී ශ්‍රීගේ උපදෙස් පිළිපැදීමෙන්, අප ශ්‍රී ලක‍්ෂ්මි සහ ශ්‍රී නාරායන බවට පත් වනවා. ඔබ උප ජනාධිපති කෙනෙකුට, ජනාධිපති කියා අමතන්නේ නැත එය සිදුවිය නොහැක්කක්. දෙවියන්, ගල් සහ වැලි වල අවතරණය වන්නේ කෙසේද? ඔහු මෙසේ පැවසූ බව සිහිකර තිබේ උපරිම අධර්මිෂ්ඨකම රජයන විට මා පැමිණෙන්නෙමි. ඔබ සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී ඇති කලි යුගයේ අවසානයේදී මා පැමිණිය යුතුයි. ඔය දරුවන්, ඔබගේ පියා වන මාව දැන් සිහි කළ යුතුයි. බාබා විමසන්නේ ඔබට බාබා සිහි කිරීමට හැකිද? එවිට ඔබ පිළිතුරු දෙන්නේ බාබා අපට නැවත නැවතත් ඔබව අමතක වනවා. ඇයි? ඔබගේ ලෞකික පියාව ඔබට කිසිදා අමතක වන්නේ නැහැ. කෙසේවෙතත්, මෙය සම්පූර්ණයෙන්ම අළුත් කාරණාවක්. පියා, අශාරීරිකයි, තිතක්. ඔබ තවමත් මෙම අභ්‍යාසය වර්ධනය කරගෙන නැහැ. ඔවුන් පවසන්නේ අප මේ ගැන කිසිදා අසා නැති අතර, අප ඒ ආකාරයෙන් ඔහු සිහි කළේ නැහැ. එය සම්පූර්ණයෙන් අතුරුදහන් වන බැවින් දේවතාවන්ටවත් මෙම දැනුම නොමැත. විෂ්ණුගේ ද්විත්ව ස්වරූපය, ලක‍්ෂ්මි සහ නාරායන වන බව කියා ඇති නමුත්, ඔවුන්ටද ස්ව-දර්ශන චක්‍රධාරීන් යැයි කිව නොහැක. ගෘහ ජීවිතයක් සංකේතවත් කිරීම සඳහා, ඔවුන් ස්වරූප දෙකක් පෙන්වයි බ්‍රහ්මා සහ සරස්වතී, ශංකර් සහ පාර්වතී, ලක‍්ෂ්මි සහ නාරායන. උසස්ම උසස් වන්නේ ඒකායන කෙනා පමණයි ඉන්පසුව දෙවැන්නා සහ තුන්වැන්නා සිටියි. පියා දැන් පවසන්නේ දරුවනි, ඔබගේ සිරුරු සහ සියලුම ශාරීරික ආගම් අමතක කර, තමන් ජීවාත්ම බව සලකන්න ජීවාත්මය වන මා, පියාගේ දරුවෙක්මි. මා සන්යාසී කෙනෙක් නොවේ. පියා සිහිපත් කර, ශාරීරික ආගම් අමතක කරන්න. එය ඉතා පහසුයි. අප දැන් පියා සමග අසුන්ගෙන සිටිනවා. බාබා මෙහි අසුන් ගෙන, බ්‍රහ්මා තුළින් විස්තර කරදෙයි. බාප් සහ දාදා ඒකාබද්ධ වී සිටියි. ඔවුන් නිඹුල්ලන් එකට උපදින ආකාරය පෙන්වන සේම, මෙයත්, දෙදෙනෙකුගේ ඒකාබද්ධ වුනු චරිත කොටසක්ය. ඔය දරුවන්ට විස්තර කර දී ඇත ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ගමනාන්තය කරා ඔබව රැගෙන යයි. මිය යන මොහොතේ ඔබගේ බුද්ධිය කොහේ හෝ සැරිසරන්නේ නම්, ඔබ එහි උපත ලැබිය යුතු වනවා. මිය යන මොහොතේ ඔබගේ සැමියාගේ මුහුණ ඔබ දකින්නේ නම්, ඔබගේ බුද්ධිය එහි යයි. ඔබගේ අවසන් මොහොතේ, ඔබගේ සිහියේ ඇති දේ, විශාල බලපෑමක් ඇති කරයි. ඒ මොහොතේ, ක්‍රිෂ්ණා මෙන් දරුවෙක් වීමට අවශ්‍ය බව, ඔවුන්ගේ සිහියේ තිබේ නම්, අහන්නවත් එපා! එවිට ඔවුන් ඉතා ලස්සන දරුවෙක් ලෙස උපත ලබයි. ඔබ දැන් අවසන් මොහොත වෙනුවෙන් තබා ගත යුත්තේ එක් කුල්මත්භාවයක් පමණයි. ඔබ මේ මොහොතේ සිදු කරන්නේ කුමක්ද? ඔබ ශිව බාබා සිහි කරන බව ඔබ දන්නවා. සෑම කෙනෙකුටම දර්ශන ඇතිවනවා. මොණර පිහාටු ඔටුන්න සහිත කෙනා, රාධේ මෙන්ම ක්‍රිෂ්ණාද වෙයි, මන්ද, රාජකුමාරයන් මෙන්ම රාජ කුමාරිකාවන්ද සිටියි නමුත් කවදාද? ස්වර්ණමය යුගයේද නැතිනම් රිදී යුගයේද? මෙය රඳා පවතින්නේ ඔබගේ උත්සාහයන් මතයි. ඔබ දරණ උත්සාහයට අනුව ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබ පවසන්නේ අපි උපත් 21කට රාජධානියක් හිමි කරගන්නවා. මමා සහ බාබා එය හිමි කරගන්නේ නම්, අපි ඔවුන් අනුගමනය නොකරන්නේ ඇයි? ඔබ දැනුම ධාරණය කරගෙන ඉන්පසුව අන් අයට එය ධාරණය කිරීමට මඟ පෑදිය යුතුයි. ඔබ මෙතරම් සේවය කළ යුතුයි, එවිට උපත් 21කට ඔබට ප්‍රතිලාභයක් හිමි කරගැනීමට හැකි වෙයි. පාසැලේ හොඳින් උත්සාහ නොදරන අය, අඩුවෙන් ලකුණු ලබා ගනී. ඔබ පාපයන් පහ, මායා පරාජය කරයි ඔබගේ යුද්ධය, හිංසනයෙන් තොර එකකි. ඔවුන් රාමාව සංකේත සමග නොපෙන්වූයේ නම්, සූර්ය පෙළපතේ අය සහ චන්ද්‍ර පෙළපතේ අය අතර වෙනස, ඔබ හඳුනා ගන්නේ කෙසේද? පියා පවසන්නේ ඔබ කොපමණ ප්‍රමාණයක උත්සාහ දරන්නේද, එයට අනුව ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ගමනාන්තය කරා ඔබව රැගෙන යනු ඇති. ඔබගේ සිරුර පිළිබඳ සිතිවිල්ලක්වත් ඔබට නොතිබිය යුතුයි ඔබ සෑම දෙයක්ම අමතක කළ යුතුයි. පියා පවසන්නේ ඔබ පැමිණියේ අශාරීරිකව වන අතර ඔබ ආපසු යා යුත්තේද අශාරීරිකවයි. එම දෙකනින් සවන් දෙන සහ එම මුඛයෙන් කතා කරන ඔබ, බොහෝ සෙයින් කුඩා තිතකි ජීවාත්මය වන මා, එක් සිරුරක් අතහැර වෙනත් එකකට ඇතුළු වනවා. දැන් ජීවාත්ම වන අපට, ආපසු නිවසට යාමට තිබේ. බාබා කෙතරම් හොඳින් අපව සරසන්නේද යත්, අප මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පත් වනවා. ශිව බාබා සිහිපත් කිරීමෙන් අප ඔවුන් මෙන් වන බව, ඔබ දන්නවා. ගීතාවේද මෙසේ සඳහන් කර ඇත මා සහ උරුමය සිහිකරන්න, එවිට ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි. මෙය ඉතාමත්ම පහසුයි. ඔබට මෙයත් වැටහෙයි චක්‍රයෙන් චක්‍රයට අප බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඔබගෙන් උරුමයක් හිමි කරගන්නවා. මෙසේද ගායනා කරයි දේවතා ධර්මයේ ස්ථාපනය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් සිදුවිය. අසමත් වීමෙන්, ඔබ රිදී යුගයට, ක‍්ෂත්‍රීය ආගමට යයි. බ්‍රහ්මාගේ මාර්ගයෙන් ආගම් තුනක ස්ථාපනය සිදුවෙයි බ්‍රහ්මන, දේවතා සහ ක‍්ෂත්‍රීය. ස්වර්ණමය යුගයේ වෙනත් ආගමක් නැත අනෙක්වා පැමිණෙන්නේ පසුවයි, එබැවින් අපට ඔවුන් සමග කිසි සම්බන්ධයක් නැත. ඔවුන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් බව, භාරතයේ ජනතාවට අමතක වී තිබේ, නමුත් එයත් නාටකයේ කොටසක් වන අතර එය නිර්මාණය වී තිබෙන්නේ ඒ ආකාරයෙනි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් වලට අනුව, ඔබ ඉගෙන ගැනීමේ සහ අන් අයට ඉගැන්වීමේ ව්‍යාපාරය සිදුකළ යුතුයි. නාටකයේ දෛවය පිළිබඳ ස්ථීර වන්න. කිසි දෙයක් ගැන සිත කණස්සල්ලට පත් කර නොගන්න.

2. අවසානයේ පියා හැර, වෙනත් කිසිවෙක් සිහි නොවිය යුතුයි. එබැවින් එම සිරුර පවා අමතක කිරීම පුහුණු වන්න. ඔබ අශාරීරික විය යුතුයි.

වරදානය:
ඔබ ඔබේ මනසින් සහ බුද්ධියෙන් නොමනා කිසිවක් ස්පර්ශ නොකරන අංග සම්පුර්ණ වෛෂ්ණව සහ සාර්ථක තපස්වීවරයෙක් වේවා.

පාරිශුද්ධතාවයේ පෞරුෂත්වය සහ රාජකීයත්වය ඇත්තන් හට සිය මනස සහ බුද්ධියෙන් නොමනා දේ කිසිවක් ස්පර්ශ කළ නොහැක. හුදෙක් බ්‍රහමිණ් ජීවිතයෙහි මෙන්ම, ඕනෑම භෞතික ආකර්ෂණ හෝ භෞතික ස්පර්ශ කිරීම් අපවිත්‍රය. ඒ ආකාරයටම ඔබේ මනස සහ බුද්ධියෙන් ඕනෑම පාපයක් ඔබේ සිතිවිල්ලෙහි පවා ආකර්ෂණයට ස්පර්ශයට අවසර දීම අපවිත්‍රකමයි. එමනිසා, ඔබේ සිතිවිලි තුළින් පවා ඕනෑම නරක දෙයක් ස්පර්ශ නොකරන්න. සම්පූර්ණ වෛශ්ණවයකු සහ සාර්ථක තපස්වීවරයෙකු මෙයින් පෙන්නුම් කරයි.

පාඨය:
මනසේ ගැටළු සමාප්ත කර ඔබේ වර්තමානය සහ අනාගතය දීප්තිමත් කරගන්න.