13.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මුළු ලෝකය පුරාම නැවතත් වරක් සාමය ස්ථාපනය වෙමින් පවතිනවාය යන සුබ පණිවිඩය සැමට දෙන්න. පරමාත්ම පියා පැමිණ සිටින්නේ එකම එක ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කිරීමටයි.

ප්‍රශ්නය:
ස්මරණය වෙත ඔය දරුවන්ව නිතර නිතරම යොමු කරවන්නේ ඇයි?

පිළිතුර:
මන්ද සදාකල් නිරෝගී සුවයක් හා පිවිතුරු බවක් ඔබලාට ලැබෙන්නේ සිහි කිරීමෙන් පමණයි. මෙන්න මේ නිසා වෙලාව තිබෙනා සෑම මොහොතකදීම ස්මරණයේ රැඳී සිටින්න. උදේ පාන්දරින් තම පිරිසිදු වීම් කටයුතු ආදිය කරගත් පසු එක්කෝ තනිවම ඇවිදින්න යන්න නැතිනම් තැනක අසුන් ගෙන සිටින්න. මෙහි ආදායමක්ම මිසක් වෙන කිසිවක් නොමැත. සිහි කිරීමෙන් පමණයි ඔබට ලෝක පාලකවරුන් බවට පත් විය හැක්කේ.

ඕම් ශාන්ති.
ඔය ආදරණීය දරුවන් දැන් දන්නවා ලෝකයේ සිටිනා සෑම කෙනෙකුටම දැන් සාමය අවශ්‍ය බව. එවන් සාමයක් පැවතිය හැක්කේ කෙසේද කියා නිතර නිතරම අසනා මිනිසුන්ගේ හඬ ඔබට ඇසෙනවා. කෙසේවෙතත්, දැන් මේ ඕනෑකර තිබෙනා සාමය තිබුණේ කවදාදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ලෝකය පුරා සාමය පැවතියේ ලක්ෂ්මි නාරායන් රාජ්‍ය කාලයේ බව දන්නේ ඔය දරුවන් පමණයි. දැනටත් මිනිස්සු ලක්ෂ්මි නාරායන්ට දේවාල තනනවා. වසර 5000 කට පෙර සාමය තිබුණු බවත් දැන් නැවතත් එය ස්ථාපනය වෙමින් පවතින බවත් ඔබට ඕනෑම කෙනෙකුට කිව හැකියි. එය ස්ථාපනය කරන්නේ කවුද? මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. පරමාත්ම පියා සියල්ලම ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. එමනිසා, ඔබට පුළුවනි එය අන් අයට පහදා දෙන්න. ඔවුන්ට ලිවිය හැකියි. එහෙත් තවමත් කිසි කෙනෙකුට එසේ ලිවීමට කිසිම කෙනෙක් ධෛර්මත් වී නැහැ. සෑම කෙනෙක්ම ලෝක සාමය පතනා බව ඔබ පුවත් පත් වලින් දැන ගන්නවා. යුද්ධයක් සිදු වුණු විට ලෝක සාමය පතා මිනිස්සු යාගහෝම පවත්වනවා. කුමන යාගහෝමද? ඔවුන් රුද්‍රා යාග සාදනවා. රුද්‍රා ශිවා කියා හඳුන්වන පරමාත්ම පියා තමයි මෙම ඥාන යාගය නිර්මාණය කර ඇත්තේ කියා ඔය දරුවන් දැන් දන්නවා. දැන් ලෝකයේ සාමය ස්ථාපනය වෙමින් පවතිනවා. සාමය පැවති ස්වර්ණමය යුග නව ලෝකයේ අනිවාර්යෙන්ම පාලකවරුන් ඉන්න ඇති. අශාරීරික ලෝකය ගැන කියනා විට එහිත් සාමය පැවතිය යුතුයි කියා ඔබ කියන්නේ නැහැ: එය කොහොමත් සාමකාමියි. ලෝකයක් පවතින්නේ මිනිස් වාසයක් ඇති තැනකයි. අශාරීරික ලෝකයට ලෝකයක් යැයි කිව නොහැකියි. එය සාම දනව්වයි. බාබා මෙය නැවත නැවතත් පහදා දෙනවා. ඒ වුණත් ඇතැම් දරුවන්ට මෙය අමතක වන අතර අනිත් අය එය තම සිහියේ තබා ගෙන සිටිනා නිසා අන් අයටත් පැහැදිලි කර කියා දිය හැකි වෙනවා. ලෝකය පුරා සාමය පැවතියේ කෙසේද දැන් නැවතත් එය ස්ථාපනය වෙමින් පවතින්නේ කෙසේදැයි කියා පහදා දීම ඉතාමත් පහසුයි. භාරතීය දේවතාවරුන්ගේ ආදි සනාතන දේවි දේවතා රාජ්‍යය පැවති කළ පැවතුණේ එම එක් ධර්මය පමණයි. ලොව පුරා සාමය පැවතියා. මෙය පහදා දීමටත් ලිවීමටත් ඉතාමත් පහසු කරුණක්. ලොකු ලොකු දේවාල සාදනා අයටත් මෙය පහදා දීමට ඔබට පුළුවනි: ඔබ මේ දේවාලය සාදනා කෙනාගේ රාජ්‍යයක් හරියටම මීට වසර 5000 කට පෙර තිබුණා එය ඉතාමත් සාමකාමි ලෝකයක්. එය ඔවුන්ගේ භාරත රාජ්‍යය වුණා. එකළ වෙන කිසිම ධර්මයක් පැවතුණේ නැහැ. මෙය ඉතාමත් පහසු දෙයක් වන අතර සාමාන්‍ය දැනීමේ කරුණක්. නාටකයට අනුව ඔබ තවත් ඉදිරියට යන විට සෑම දෙයක්ම හොඳින් අවබෝධ වේවි. මෙම සුබ ආරංචිය සෑම කෙනෙකුටම කියන්න. ඒ වගේම ලස්සන කාඩ් මුද්‍රණය කළ හැකියි. වසර 5000 කට පෙර ලෝකයේ සාමය පැවතුණා. නව ලෝකය හා නව භාරතය පැවති කළ එය ලක්ෂ්මි හා නාරායන්ගේ රාජ්‍යයි. ලෝකය පුරා නැවතත් වතාවක් සාමය ස්ථාපනය වෙමින් පවතිනවා. මෙම කරුණු සිහිකිරීමෙන් පමණක්ම ඔය දරුවන් ඉතාමත් සතුටින් සිටිය යුතුයි. සියල්ල රඳා පවතින්නේ ඔය දරුවන් දරණා උත්සාහය මතයි. වෙලාව ඇති සෑම මොහොතකදීම ඔය දරුවන් බාබාව සිහි කළ යුතුයි කියා ඔහු කියා තිබෙනවා. උදේ පාන්දරින් ඇඟපත සෝදා ගෙන එක්කෝ තනිවම ඇවිදින්න යන්න නැතිනම් කොහෝ හෝ අසුන් ගෙන සිටින්න. මෙහිදී ඔබ කළයුත්තේ ආදායමක් උපයා ගැනීම පමණයි. මෙම ස්මරණය ඇත්තේ ඔබට සදාකල් පාරිශුද්ධත්වයක් හා නිරෝගී බවක් ලබා ගැනීමටයි. මෙහි සිටිනා සන්යාසිවරුන් පාරිශුද්ධ වුවත් ඇතැම් අය අනිවාර්යෙන්ම ලෙඩරෝග වලට හසු වෙනවා. මෙය රෝගී ලෝකයක්. එය රෝග වලින් තොර ලෝකයක්. මේ ගැන දන්නේ ඔබලා පමණයි. දෙව්ලොව සිටිනා සෑම කෙනෙක්ම ලෙඩරෝග වලින් නිදහස් අයයි කියා ලෝකයේ සිටිනා අය දන්නේ කෙසේද? දෙව්ලොව කියන්නේ කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ දැන් ඒ ගැන දන්නවා. බාබා කියනවා: ඔබට මුණගැසෙනා සෑම කෙනෙක්ටම මෙය පහදා දිය හැකියි. උදාහරණයක් ලෙස කිවහොත් මෙහි සිටිනා ඇතැම් අයව රජ රැජිණ කියා හැඳින්විය හැකියි නමුත් මෙහි සිටිනා කිසිම කෙනෙක් සැබවින්ම රජ හෝ රැජිණ වන්නේ නැහැ. ඔවුන්ට කියන්න: ඔබ රජකෙනෙක් වත් රැජිණක් වත් නොවෙයි. මෙය ඔවුන්ගේ සිහියෙන් ඉවත් කරවිය යුතුයි. ශ්‍රී නාරායන් අධිරාජ්‍යවරයාගේ හා ශ්‍රී ලක්ෂ්මි අධිරාජිණියගේ රාජ්‍යය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. එමනිසා, මෙහි කිසිසේත්ම කිසිම රජෙක් හෝ රැජිණක් සිටින්න බැහැ. තමන් රජ කොනෙක් හෝ රැජිණක් කියා සිතීම අමතක කර සාමාන්‍ය මිනිසුන් සේ වාසය කළ යුතුයි කියා ඔවුන්ට කියා තිබෙනවා. ඔවුන්ට මුදල් හා රත්රන් ආදිය තිබෙනවා. ඔවුන්ගේ සියල්ල ආපසු ගැනීමට නීති නියෝග කර තිබෙනවා. එවිට ඔවුනුත් සාමාන්‍ය අය වේවි. මෙම ක්‍රම විධි නිර්මාණය කර තිබෙනවා. ඇතැම් අයගේ ධනය පොළොවට පස් වී යන අතර අනිත් අයගේ ධනය රජවරුන් විසින් කොල්ල කා ගත්තා කියා සඳහන් වී තිබෙනවා. දැන් රජවරුන් කාගෙන්වත් කොල්ල කා ගන්නේ නැහැ. රජකෙනෙක් කියා කෙනෙක් දැන් ඇත්තෙත් නැහැ. මිනිසුන්ගේ ධනය කොල්ලකන්නේ මිනිසුන් විසින්මයි. අද කාලයේ ඇති රාජ්‍ය හරිම අපූරුයි. රජවරුන්ගේ නම් මුළුමනින්ම අතුරුදන් වී ගිය පසු එම රාජ්‍යය නැවතත් ස්ථාපනය වෙනවා. තමන් දැන් යන්නේ සාමකාමි ලෝකයකටයි කියා ඔබලාට දැන් වැටහෙනවා. එය සාම දේශයයි. සතෝප්‍රධාන් ලෝකයයි. අපගේ උත්සාහය ඒ වෙතට යාමටයි. ඔය දරුවන් මෙහි හිඳ මෙය හොඳින් පහදා දිය යුතුයි. බාහිර පිට ඔපය පමණක් මදි. මේ දිනවල එවන් කෘත්‍රිම අය රාශියක් සිටිනවා. මෙහිදී ඔබලා සැබෑම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරින් විය යුතුයි. ඔය බ්‍රාහමිණ්වරුන් බ්‍රහ්ම පියා සමග ලෝකය පුරා සාමය ස්ථාපනය කරමින් සිටිනවා. එවන් සාමයක් ස්ථාපනය කිරීම සඳහා ඉතාමත් සාමකාමී ඒ වගේම ඉතාමත් සුමිහිරි දරුවන් අවශ්‍යයි. මන්ද ලෝකය පුරාම සාමය ස්ථාපනය කිරීමට සිටිනා උපකරණ වන්නේ ඔබලායි. ඉතින් පළමුවෙන්ම අප තුළ දැඩි සාමකාමිත්වයක් තිබිය යුතුයි. ඔබගේ කතා බහත් ඉතාමත් මෘදු රාජකීය කතා බහක් විය යුතුයි. ඔබලා මුළුමනින්ම අදෘශ්‍යමානයි. ඔබලාගේ බුද්ධිය අවිනාශී ඥාන මිණිමුතු වලින් පිරී තිබෙනවා. ඔබලා පරමාත්ම පියාගේ හිමිකරුවනුයි. පියා ලඟ තිබෙනා තරම් ධනයෙන් ඔබලා තමන්වත් පුරවා ගත යුතුයි. ඔහුගේ සෑම දේපලක්ම අයිති ඔබලාටයි. කෙසේවෙතත්, නිසි ධෛර්යයක් නොමැති විට ඔබට එය ගත නොහැකියි. ගත් අයෙක් පමණයි උසස් තත්ත්වයක් දිනා ගන්නේ. අන් අයට පැහැදිලි කර දීමටත් ඔබ කැමති විය යුතුයි. අප නැවතත් වතාවක් භාරතය දෙව් ලොව කළ යුතුයි. තම තමන්ගේ ව්‍යාපාරික කටයුතු ආදිය කරගෙන යන ගමන් ඔබ මෙම සේවයත් කළ යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා අපට ඉක්මන් කරන්නැයි කියන්නේ. ඒ වුණත් සියල්ල සිදු වන්නේ නාටකයට අනුවයි. සෑම කෙනෙක්ම සෑම දෙයක්ම කරන්නේ තම තමන්ගේ වෙලාවටයි. උත්සාහ දැරීමට ඔය දරුවන්ව දිරිමත් කර තිබෙනවා. දැන් ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බව ඔය දරුවන් දන්නවා. මේ අපගේ අවසන් උපත් වන අතර පසුව අප නැවතත් ඉපදෙන්නේ දෙව්ලොවයි. මෙය දුකින් පිරි ලෝකය වන අතර එය සතුටේ දේශය බවට පත් වේවි. ඒ තත්ත්වයට පත් වීමට ටික කාලයක් ගත වේවි. මෙම විනාශය පොඩි දෙයක් නොවෙයි. නව නිවසක් සෑදෙමින් තිබෙනා විට කෙනෙක් නිතරම සිහි කරන්නේ ඒ අලුත් ලෝකයයි. එය සීමිත කරුණක්. එහිදි ඥාති සබඳතා ආදිය වෙනස් වන්නේ නැහැ. මෙහි මෙම පැරණි ලෝකය වෙනස් විය යුතුයි. පසුව හොදින් ඉගෙන ගත් අය රාජකීය පවුලට යාවි. නැතිනම්, ඔවුන් පුරවැසියන් වේවි. ඔය දරුවන් මහා සතුටකින් සිටිය යුතුයි. ඔබලා උපත් 50 ක් 60 ක් සතුට විඳිනවා කියා බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. තඹ යුගයේදී ඔබට මහා ධනස්කන්ධයකුත් තිබුනා. දුක පැමිණෙන්නේ පසුවයි. රජවරුන් එකිනෙකා වෙන් වී යුධ වදින්න පටන් ගත් විට තමයි දුක ආරම්භ වන්නේ. ඒ මුල් කාලයේ ධාන්‍ය වර්ග පවා ඉතාමත් ලාභයි. ආහාර අහේනි සිදු වීමට පටන් ගත්තේ පසුවයි. ඔබට ලොකු ධනයක් තිබෙනවා. සතෝප්‍රධාන් ව සිටි ඔබලා ක්‍රමයෙන් තමෝප්‍රධාන් වෙනවා. එමනිසා, ඔය දරුවන් තුළ විශාල අභ්‍යන්තර සතුටක් තිබිය යුතුයි. ඔබටම සතුට හා සාමය නොමැති නම් කොහොමද ඔබ සාමකාමි ලෝකයක් ගොඩනගන්නේ? බොහෝ දෙනෙකුගේ බුද්ධිය ඉතාමත් කලබලකාරියි. පරමාත්ම පියා පැමිණෙන්නේ සාමයේ ආශිර්වාදය දීමටයි. ඔහු කියනවා: මා සිහිකරන්න. එවිට මෙම සිහි කිරීමේ බලයෙන් තමෝප්‍රධාන් වීම නිසා කලබලකාරී වූ ජීවාත්මයන් සතෝප්‍රධාන් හා සාමකාමී වනු ඇත. කෙසේවෙතත්, ඇතැම් දරුවන්ට සිහි කිරීම සඳහා උත්සාහ දරන්න බැහැ. ඔවුන් පියාව සිහි නොකරනා නිසා මායා නොයෙකුත් කුණාටු ගෙන එනවා. ඔබ ස්මරණයේ රැඳී සිට මුළුමනින්ම පාරිශුද්ධත්වයට පත් වූයේ නැතිනම් දඬුවම් විඳීමට සිදු වී ඔබගේ තත්ත්වයත් විනාශ වී යාවි. තමන්ට කොහොම හරි දෙව්ලොව වෙත යා හැකියිනේ කියා සිතන්න එපා. අහා, ගුටි බැට කා පසුව පැන්ස කීපයක් වටිනා සතුටක් විඳීම හොඳ දෙයක්ද? උසස් තත්ත්වයක් දිනා ගැනීමට මිනිසුන් බොහෝ වෙහෙස දරනවා. ලැබෙන දෙයකින් තමන් තෘප්තිමත් වෙනවා කියා ඔබ නොසිතිය යුතුයි. කුමන හෝ උත්සාහයක් නොදරනා කිසිම කෙනෙක් නැහැ. සන්නාසීන් පවා මුදල් එකතු කිරීමට හිඟමනේ යනවා. සෑම කෙනෙක්ම සිටින්නේ මුදල් බඩගින්නේ. සල්ලි තිබෙනවා නම් හැම සතුටක්ම ගත හැකියි. තමන්ට දැන් බාබාගෙන් අසීමිත ධනයක් ලැබෙනවා කියා ඔය දරුවන් දන්නවා. අඩු උත්සාහයක් දැරුවොත් ඔබට ලැබෙන්නේ අඩු ධනයක්. පරමාත්ම පියා ඔබට ධනය දෙනවා. මිනිස්සු කියනවා: මට මුදල් තිබෙනවා නම් ඇමරිකාවට ගිහින් එන්න පුළුවන් කියලා. වැඩි වැඩියෙන් පියාව සිහිපත් කර සේවය කළ තරමට ඔබට ලැබෙනා සතුටත් වැඩි වේවි. සෑම කරුණකින්ම හොඳ උත්සාහයක් දරා උසස් කෙනෙක් බවට පත් වන්නැයි කියා පියෙක් තම දරුවන්ව දිරිමත් කරවනවා. තම දරුවන් තම පවුලේ නම ගෙන යාවි කියා ඔහු විශ්වාස කරනවා. එය දරුවන් පරමාත්ම පවුලේ නමත් පරමාත්ම පියාගේ නමත් කීර්තියට ලක් කළ යුතුයි. ඔහු සැබෑම පියා, සැබෑම ගුරුවරයා හා සැබෑම සත් ගුරු වෙනවා. පරමාත්ම පියා ඉහළම ඉහළ කෙනා වන අතර ඔහු සැබෑම සත්ගුරුත් වෙනවා. සිටින්නේ එකම එක ගුරු කෙනෙක් මිසක් වෙන කිසිම කෙනෙක් නැති බව ඔබට කියා තිබෙනවා. සියලු දෙනාට දානය කරන්නා එකම එක කෙනායි. මේ ගැන දන්නේ ඔබම පමණයි. ඔබ දැන් දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් වෙනවා. ඔබලා දේවතා දේශයේ දිව්‍යමය රජවරුන් හා රැජිණියන් වෙමින් සිටිනවා. භාරතය ස්වර්ණමය යුගය ලෙස තිබුණා කියා පහදා දීම ඉතාමත් පහසු කරුණක්. ලෝකයේ සාමය පැවතියේ කෙසේද කියා ලක්ෂ්මි නාරායන් පින්තූරය පෙන්වා පැහැදිලි කළ හැකියි. දෙව්ලොව සාමය තිබුණා. දැන් මේ ඇත්තේ අපායයි. එය කලබලකාරියි. මේ ලක්ෂ්මි හා නාරායන් සිටින්නේ දෙව්ලොවයි. ක්‍රිෂ්ණාව හඳුන්වන්නේ ක්‍රිෂ්ණ හිමියනේ කියලයි. සාමිවරුන්, හිමිවරුන් ගණනාවක් සිටිනවා. ඉඩකඩම් බොහෝමයක් ඇත්තෙක් පවා වතු හිමියෙක් කියා හඳුන්වනවා. ක්‍රිෂ්ණා රජකුමරෙක් වී සිටියේ සාමකාමි ලෝකයකයි. රාධේ හා ක්‍රිෂ්ණා ලක්ෂ්මි නාරායන් වෙනවා කියා කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. ඔබලා ගැන නොයෙකුත් ආකාරයේ කතාන්දර ගොතා තිබෙනවා. ඒ කතාන්දර මහා විශාල පටලැවිලි ඇති කරවනවා. ඔබ සෑම කෙනෙක්වම සහෝදර සහෝදරියන් කරවනවායි කියාත් ඔවුන් කියනවා. ඔය බ්‍රහමිණ්වරුන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් කියා පහදා දී තිබෙනවා. දේවතාවරුන් වීමට සිටිනා බ්‍රහමිණ්වරුන්ට නමස්කාර වේවා කියා කියන්නේ ඔබලා ගැනයි. ලෞකික බ්‍රහමිණ්වරුන්ට නමස්කාර වේවා කියා කියන්නේ ඔබලා ගැනයි. ලෞකික බ්‍රහමිණ්වරුන් ඔබලාට නමස්කාර කරනවා. මන්ද ඔබලා සැබෑම සහෝදර සහෝදරියනුයි: ඔබ පාරිශුද්ධව සිටිනවා. ඉතින් ඇයි ඔබලා පාරිශුද්ධ අයට ගරු නොකරන්නේ? පිරිසිදු කුමාරියක් ඉදිරියේ සෑම කෙනෙක්ම දණ නමනවා. පිටින් පැමිනෙන අමුත්තෙක් පවා කුමාරියක් ඉදිරියේ හිස නමනවා. ඇයි මේ කාලයේ කුමාරීන්ට එතරම් ගරු සැලකිල්ලක් තිබෙන්නේ? මන්ද ඔබලා බ්‍රහ්ම කුමාරීන් හා කුමාරයිනුයි. වැඩි පිරිසක් කුමාරිනුයි. ශිව්ශක්ති පාන්දව සේනාව කියන්නේ මෙයටයි. මෙහි පිරිමි පක්ෂයේ අයත් සිටිනවා නමුත් ඔබලාගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වන නිසා ඔබව වැඩියෙන් සිහි වෙනවා. හොඳින් ඉගෙන ගත් අය උසස් අය වේවි. ඔබලා දැන් මුලු ලෝකයේම ඉතිහාසය හා භූගෝලය ගැන දන්නවා. කල්ප චක්‍රය පහදා දීම ඉතාමත් පහසුයි. දිව්‍යමයව පැවති භාරතය දැන් ගල් දේශයක් බවට පත්වෙලා. එමනිසා, සෑම කෙනෙක්ම ගල් දෙවිවරුන් වෙලා. උපත් 84 චක්‍රය ගැන ඔය දරුවන් දන්නවා. ඔබලා දැන් නිවස බලා යා යුතුයි. එමනිසා, ඔබගේ පාපයනුත් දුරුකරගත යුතු නිසා ඔබලා පරමාත්ම පියාවත් සිහි කළ යුතුයි. කෙසේ වෙතත්, ඇතැම් දරුවන් තමන්ගේම නොසැලකිලිමත්කම් නිසා සෑහෙන පමණක උත්සාහයක් දරා ගත නොහැකිව සිටිනවා. ඔවුන් උදේ පාන්දරින් අවදි වන්නේ නැහැ. අවදි වුණත් ඔවුන් ඉන් වින්දනයක් ලබන්නේ නැහැ. නිදිමත හැදෙන්න පටන් ගෙන ඔවුන් නැවතත් නින්දට යනවා. ඔවුන් බලාපොරොත්තු බිඳුන අය බවට පත් වෙනවා. බාබා කියනවා: දරුවනි, මෙය සටන් බිමක්. මෙහිදී ඔබ බලාපොරොත්තු කඩ කරගෙන හරි යන්නේ නැහැ. ස්මරණයේ බලයෙන් මායාව ජය ගත යුතුයි. මේ සඳහා උත්සාහ දැරිය යුතුයි. පරමාත්ම පියාව හරිහැටි සිහි නොකරනා හොඳ දරුවන් රැසක් සිටිනවා. වර්ධන වාර්තාවක් තබා ගන්නවා නම් තමන් කොපමණ දුරක ලාභයක් අලාභයක් හිමි කරගෙනදැයි කියා බලාගත හැකියි. ඇතැම් අය කියනවා: වර්ධන සටහන මගේ ස්ථිතියේ ලොකු වෙනසක් ඇති කළා කියලා. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි එහෙම වාර්තාවක් ලියන්නේ. මෙයට ලොකු උත්සාහයක් අවශ්‍යයි. බොහෝ මධ්‍යස්ථාන වල බොරුවට ඇවිත් වාඩි වී සිටිනා බොරුකාරයිනුත් රාශියක් සිටිනවා: ඔවුන් නිරතුරුවම පව්කාර වැඩ කරනවා. පරමාත්ම පියාගේ උපදෙස් පිළිනොපදිනා විට බොහෝ හානි සිදුවෙනවා. අශාරීරික කෙනා කතා කරනවාද ශාරීරික කෙනා කතා කරනවා ද කියා දරුවන්ට කියන්න බැහැ. තමන්ට මේ උපදෙස් දෙන්නේ ශිව් බාබායි කියා ඔය දරුවන් සැලකිය යුතුයි කියා ඔබලාට පැහැදිලි කර කියා දී තිබෙනවා. එවිට ඔබගේ බුද්ධිය ඉහළට සම්බන්ධ වී තිබේවි. මේ දිනවල විවාහ ගිවිස ගැනීමක් ගැන කතා කිරීමට යන විට ඡායාරූපයකුත් පෙන්වනවා. හොඳ පවුලකින් කෙනෙක් මේ කෙනාට අවශ්‍යයි කියා සඳහන් කර ඡායාරූපයක් දමා දැන්වීමුත් පළ කරනවා. බලන්න ලෝකයට වෙලා තියෙන දේ. තව මොනවා වේවිද? නොයෙකුත් වර්ගයේ මත අදහස් ඇති බව ඔය දරුවන් දන්නවා. ඔය බ්‍රහමිණ්වරුන්ට ඇත්තේ එකම එක උපදේශයකුයි: ඒ ලෝකයේ සාමය ස්ථාපනය කිරීම සඳහා වන උපදේශයයි. ඔබ ලෝකයේ සාමය ස්ථාපනය කරන්නේ ශ්‍රීමත් අනුගමනය කරලයි. එමනිසා, ඔය දරුවන් ඉතාමත් සාමකාමීව සිටිය යුතුයි. යමක් කළ කෙනෙක් අනිවාර්යෙන්ම එහි ඵලය ලබනවා. නැතිනම් සිදු වන්නේ ලොකු පාඩුවක්. උපතක් උපතක් පාසා ඒ පාඩුව විඳීමට සිදු වේවි. තම ලාභ අලාභ ගිණුම දෙස බලන්න කියා ඔය දරුවන්ට කියා තිබෙනවා. ඔබ කාට හෝ දුකක් දුන්නාද කියාත් වාර්තාව පිරික්සා බලන්න. පරමාත්ම පියා කියනවා: මේ කාලයේ ඔබගේ සෑම තත්ත්පරයක්ම ඉතාමත් වටිනවා. දඬුවම් විඳ යම් පොඩි දෙයක් ලැබීම එතරම් ලොකු දෙයක් නොවෙයි. ඔබගේ ආසාව ඉතාමත් ධනවත් කෙනෙක් වීමටයි. මුලදී වන්දනීයව සිටි අය දැන් වන්දනා කරන්නන් බවට පත් වෙලා. සෝමනාථ වෙනුවෙන් දේවාල සාදා වන්දනාමාන කළ හැක්කේ ලොකු ධනස්කන්ධයක් තිබෙනවා නම් පමණයි. මෙයත් ගිණුමක්. ඒ වුණත්, ඔය දරුවන්ට පහදා තිබෙනවා: වර්ධන සටහනක් තබා ගතහොත් ඔබට ප්‍රයෝජනවත් වේවි. සියල්ල ලියා තබාගන්න. නොනවත්වාම සෑම කෙනෙකුටම පණිවිඩය දෙන්න. නිකම් සද්ද නැතිව වාඩි වී සිටින්න එපා. දුම්රියක ගමන් කරනා විටත් ලිපි පත්‍රිකා ආදිය බෙදාදී යමක් පැහැදිළි කල හැකියි. ඔවුන්ට කියන්න: මෙය මිලියන ගණනක් වටිනා දෙයක්. භාරතීය ලක්ෂ්මි නාරායන් රාජ්‍යය පැවති කළ ලොව පුරා සාමය පැවතුණා. පරමාත්ම පියා දැන් නැවතත් වතාවක් පැමිණ සිටින්නේ ඒ අධිරාජ්‍යය ස්ථාපනය කිරීමටයි. පරමාත්ම පියාව සිහි කරන්න ඔබගේ පාප දුරු වී ගොස් ලෝකයට සාමය උදා වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බෙහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මුළු ලෝකය පුරාම සාමය ස්ථාපනය කිරීමට සිටින්නන් වන්නේ අප බ්‍රහමිණ්වරුන්ය. එමනිසා අප ඉතාමත්ම සාමකාමී විය යුතුයි. අප හෙමින් ලොකු රාජකීයත්වයකින් කතා කල යුතුයි.

2. නොසැලකිලිමත් වීම අත්හැර සිහි කිරීම සඳහා උත්සාහ දරන්න. කිසි විටෙක බලාපොරොත්තු රහිත නොවන්න.

වරදානය:
පාපයන්ගේ සර්පයා, ඔබගේ සයනය බවට පත් කරගැනීමෙන්, ඔබ විෂ්ණු මෙන් නිරන්තරයෙන් ජයග්‍රාහී සහ සැහැල්ලු වේවා.

විෂ්ණුව, සර්පයින්ගේ සයනයක් මත පෙන්වීම, ඔය ජයග්‍රාහී දරුවන්ගේ පහසු යෝගී දිවියේ සිහිවටනයකි. පාපයන්ගේ සර්පයා පවා යෝගාව තුළින් පහසුවෙන් පාලනය වෙයි. පාපයන්ගේ සර්පයා ජයගෙන, එය සැප පහසු සයනයක් බවට පත් කරගන්නා දරුවන්, විෂ්ණු මෙන් නිරතුරුවම සතුටින් සහ සැහැල්ලුවෙන් රැඳී සිටියි. එබැවින් පාපයන් පරාජය කළ සහ සියලු අයිතීන් ඇති ජීවාත්මයක් වීමේ මෙම පිළිරුව, සෑම විටම ඔබ ඉදිරියේ තබා ගන්න. ජීවාත්මයක් වන ඔබ, නිරන්තර විවේකී අවස්ථාවක සහ සැහැල්ලුවෙන් සිටියි.

පාඨය:
දරුවෙක් සහ පාලකයෙක් වීමේ සමබරතාවය තුළින්, ඔබගේ සැලසුම්, ප්‍රායෝගික ස්වරූපයකට දමන්න.