13.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට දෙව්ලොව අධිපතියන් වීමට අවශ්‍ය නම්, ඔබ පිවිතුරු වන බවත්, අනිවාර්යෙන් ඔහුගේ උදව්කරුවන් වන බවත්, ඔබ ඔහුගේ වටිනා දරුවෙක් වන බවටත්, පරම පියාට පොරොන්දු වන්න.

ප්‍රශ්නය:
ඔවුන්ගේ ගිණුම් නිරවුල් කරගැනීමට, අවසානයේදී අධිකරණයක් අසුන්ගන්නේ කවුරු වෙනුවෙන්ද?

පිළිතුර:
බෝම්බ දමා බොහෝ දෙනෙක්ව කෝපයෙන් මරාදමන අයට විරුද්ධව නඩුවක් පවරන්නේ කවුද? ඔවුන් වෙනුවෙන් අවසානයේදී අධිකරණයක් අසුන්ගන්නේ මේ නිසාය. සෑම කෙනෙක්ම තමන්ගේම කර්ම ගිණුම් පියවා පෙරළා නිවසට යයි.

ප්‍රශ්නය:
විෂ්ණුගේ දේශයට යාමට සුදුසු වන්නේ කවුද?

පිළිතුර:
1) පැරණි ලෝකයේ ජීවත් වන නමුත් තම හදවත් එයට බැඳ නොගන්නා අය. ඔවුන් නව ලෝකයට යාමට සිටින බැවින්, ඔවුන් දැන් අනිවාර්යෙන් පිවිතුරු විය යුතු බව, ඔවුන්ගේ හදවත්වල රැඳී තිබෙයි.

ගීතය:
මවත් ඔබයි, පියාත් ඔබයි.

ඕම් ශාන්ති.
අසීමිත පියාගේ ප්‍රශංසාව ගායනා කරන්නේ, අසීමිත සාමයේ සහ සතුටේ උරුමය ලබා දෙන්නේ අසීමිත පියා බැවින්ය. භක්ති මාර්ගයේ ඔවුන් කන්නලව් කරන්නේ: බාබා එන්න! ඇවිත් අපට සාමය සහ සතුට දෙන්න. භාරතයේ ජනයා, උපත් 21ක් සතුටු දේශයේ වාසය කරයි: ඉතිරි ජීවාත්ම සියල්ලම සාම දේශයේ සිටියි. එබැවින් පරම පියා දෙයාකාරයක උරුමයක් ලබා දෙයි, සාම දේශයේ සහ අනෙක සතුටු දේශයේ. මෙකල මෙම ලෝකය දූෂිත බැවින් සතුට හෝ සාමය නැත. එබැවින් සැබවින්ම දුක් දේශයේ සිට සතුටු දේශයට ජීවාත්ම ගෙන යන ඒකායන කෙනා අවශ්‍ය වෙයි. පරම පියා, තොටියා ලෙසද හැඳින්වෙයි. ජීවාත්මයන්ව විෂ සාගරයෙන් කිරි සාගරයට ගෙන යන ඒකායන කෙනා ඔහුයි. කාලය දැන් අවසානයකට පැමිණෙන බැවින්, පරම පියා අපව මුලින් සාම දේශයට ගෙන යන බව, ඔය දරුවන්ට වැටහෙනවා. මෙය අසීමිත නාටකයකි. මෙම නාටකයේ උසස්ම-උසස් නිර්මාණකරු, අධ්‍යක්‍ෂක සහ ප්‍රධාන නළුවා කවුද? උසස්ම-උසස් පරමාත්ම දෙවියන්. ඔහු සියල්ලන්ගේම පරම පියා ලෙස හැඳින්වෙනවා. දිව්‍යලෝකයේ නිර්මාණකරු ඔහු වන අතර ඉන්පසුව සියලුම මනුෂ්‍යයන් දුකට පත් වූ කල, ඔහු ඔවුන් සියලු දෙනාවම මුදවා ගනී. ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාද ඔහුයි. ඔහු සියලු දෙනාවම ඔවුන් වාසය කරන සාම දේශයට පෙරළා රැගෙන යයි. ඔවුන්ට කතා කිරීමට හැකි වන මෙම ඉන්ද්‍රියන්, ජීවාත්මයන්ට ලැබෙන්නේ මෙහිදීය. ජීවාත්මය පවසන්නේ: මා සතුටු දේශයේ සිටි විට, ශරීරය සතෝප්‍රධාන් විය. ජීවාත්මය වන මා, උපත් 84ක් ගන්නවා: මා සත්යුගයේ උපත් 8ක්ද, රිදී යුගයේ උපත් 12ක්ද සම්පූර්ණ කරනවා. මා නැවතත් ප්‍රථම අංකය හිමි කරගත යුතුයි. පරම පියා පැමිණ, ජීවාත්ම පිවිතුරු කරයි. ඔහු කතා කරන්නේ ජීවාත්මයන්ටයි. ජීවාත්මයක් සිරුරින් වෙන්ව සිටින විට, ඔහුට කිසිවක් පැවසීමට නොහැක. රාත්‍රියේදී, ජීවාත්මය සිරුරින් වෙන් වන්නාක් සේය. ජීවාත්මය පවසන්නේ: මා මෙම සිරුර තුළින් ක්‍රියා කළා, දැන් මා වෙහෙසට පත්ව සිටියි, එබැවින් මා විවේක ගැනීමට යනවා. ජීවාත්මය සහ සිරුර, වෙනස් දෙකකි. මෙම සිරුර දැන් පැරණි වී ඇත. මෙය අපවිත්‍ර ලෝකයයි. භාරතය අලුත්ව තිබු විට, එයට දිව්‍යලෝකය යැයි කීහ: එය දැන් අපාය වී ඇත. සෑම කෙනෙක්ම සිටින්නේ දුකින්ය. පරම පියා පැමිණ පවසන්නේ: මෙම දියණියන්ගේ මාර්ගයෙන් ඔබ දිව්‍යලෝකයට දොරටුව සොයා ගනී. පරම පියා උපදෙස් ලබා දෙයි: පිවිතුරු වී, දිව්‍යලෝකයේ අධිපතියන් වන්න. අපවිත්‍ර වීමෙන් ඔබ අපායේ අධිපතියන් වී ඇත. පාපයන් පහේ දානය දෙන්නේ මෙහිදීය. ජීවාත්මය පවසන්නේ: බාබා, ඔබ අපව දෙව්ලොව වැසියන් බවට පත් කරවයි. මා පිවිතුරු වී නියත වශයෙන්ම ඔබගේ උදව්කරුවෙක් වන බව, පොරොන්දු වනවා. පියාගේ කීකරු දරුවන්, වටින බව කියයි. නොවටිනා දරුවන්ට උරුමය ලබාගත නොහැක. පරම පියා මෙහි අසුන්ගෙන මෙය විස්තර කරයි. අශාරීරික පියාට ඔහුගේ දරුවන් ලෙසින් අශාරීරික ජීවාත්ම සිටියි. පසුව, ඔවුන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වූ විට ඔවුන් සහෝදර සහෝදරියන් වෙයි. මෙය පරමාත්ම දෙවියන්ගේ නිවහනයි: මෙහි වෙනත් සබඳකමක් නැත. ඔබගේ නිවසේදී ඔබ නෑදෑ මිතුරන් ආදිය දුටුවත්, ඔබ අයත් වන්නේ බාප්දාදාට බව ඔබගේ බුද්ධිය තුළ තිබේ. පරම පියා සහ මෙම දාදා මෙහි අසුන්ගෙන සිටිනවා. මෙහිදි, ජීවාත්මය, මව් කුසක සිරමැදිරිය තුළ දඬුවම් විඳියි. ස්වර්ණමය යුගයේ සිරමැදිරි නොමැත. එහි රාවන නොමැති බැවින් එහි පාපයන් නැත, එහි මව් කුසක් මාලිගාවක් ලෙස හැඳින්වෙන්නේ ඒ නිසාය. ඔවුන් ක්‍රිෂ්ණා බෝ පත්‍රයක් මත පාවෙන අයුරු පෙන්වයි. එහිදි මව් කුස, කිරි සාගරයක් වැනිය. සත් යුගයේ මව් කුසක සිර මැදිරියක් හෝ වෙනත් ආකාරයක සිර මැදිරියක් නැත. චක්‍රයෙන් භාගයක් සතුට ඇති නව ලෝකය තිබෙයි. ආරම්භයේදී ගොඩනැගිල්ලක් අළුත් වන අතර පසුව එය පැරණි වෙයි. ඒ ආකාරයෙන්ම ස්වර්ණමය යුගය නව ලෝකය වන අතර කලි යුගය, පැරණි ලෝකයයි. කලි යුගයට පසුව එය අනිවාර්යෙන් ස්වර්ණමය යුගය වෙයි. මෙම චක්‍රය නොකඩවා නැවත නැවතත් සිදුවෙයි. මෙම චක්‍රය අසීමිත වන අතර එහි ඥානය පහදා දෙන්නේ පරම පියා පමණයි. ඥානයෙන් පිරිපුන් වන්නේ පරම පියා පමණයි. මෙම කෙනාගේ ජීවාත්මයටවත් විස්තර කිරීමට නොහැකි විය. මෙම කෙනා මුලදි පිවිතුරුව සිටි අතර පසුව උපත් 84ක් ගැනීමෙන් අනතුරුව ඔහු අපවිත්‍ර වී ඇත. ඔය ජීවාත්මද පිවිතුරුව සිටි අතර පසුව ඔබ අපවිත්‍ර විය. පරම පියා පවසන්නේ: අපවිත්‍ර අය මෙසේ අඬගසන බැවින්, අපවිත්‍ර ලෝකයට පැමිණෙන සංචාරකයා මමයි: පැමිණ අපව පිවිතුරු කරවන්න. මා මගේ පරමදාමය (උත්තරීතර දනව්ව) අතහැර මෙම අපවිත්‍ර ලෝකයට සහ පැරණි සිරුරකට පැමිණිය යුතුයි. මෙහි පිවිතුරු සිරුරු කිසිවක් නැත. හොඳ ක්‍රියා කරන අය, හොඳ පවුලක උපත ලබන බවත්, නරක ක්‍රියා කරන අය, නරක පවුලක උපත ලබන බවත් ඔබ දන්නවා. ඔබ දැන් පිවිතුරු වනවා. ඔබ ප්‍රථමයෙන් විෂ්ණුගේ වංශයේ උපත ලබයි. ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වනවා. සැබවින්ම වසර 5000ක් පවතින චක්‍රය, වසර සිය දහස් ගණනක් පවතින බව ඔවුන් ග්‍රන්ථ ශාස්ත්‍රවල පවසා ඇති බැවින්, ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කළේ කවුරුන්ද කියා, කිසිවෙක් නොදනී. මෙම භාරතයම දිව්‍යලෝකයව තිබුණා: එය දැන් අපාය වී ඇත. දැන් පරම පියාගේ මාර්ගයෙන් බ්‍රහ්මනයන් වන අය පමණක්, දේවතාවන් වෙයි. ඔවුන්ට දෙව්ලොව දොරටු දැකීමට හැකි වෙයි. දිව්‍යලෝකය යන නාමයම ඉතා අලංකාරයි! දේවතාවන්, අපායේ මාර්ගයට වැටෙන විට ඔවුන් පුදන්නන් බවට පත් වෙයි. සෝම්නාථ දේවාලය ගොඩනැගුවේ කවුද? විශාලතම වන්නේ මෙම සෝම්නාථ දේවාලයයි. ධනවත්ම අය, එය ගොඩනගන්නට ඇති. ඒ ස්වර්ණමය යුගයේ, ලක්‍ෂ්මි සහ නාරායන අධිරාජයා සහ අධිරාජිනිය වශයෙන් සිටි අයයි. ඔවුන් පිදුම් ලබන්නට සුදුසු අයව සිට පුදන්නන් බවට පත් වූ විට, ඔවුන්ව ලෝකයේ අධිපතියන් බවට පත් කළ ශිව බාබා වෙනුවෙන් දේවාලයක් ගොඩනගයි. මහමුද් ගුස්නාවී විසින් කොල්ලකන ලද, එතරම් විශාල දේවාලයක් නිර්මාණය කිරීමට, ඔවුන් කෙතරම් ධනවත්ව සිටින්නට ඇතිද! විශාලතම දේවාලය තිබෙන්නේ ශිව බාබා වෙනුවෙනි. දිව්‍යලෝකයේ නිර්මාණකරු ඔහුයි. ඔහු දිව්‍යලෝකයේ අධිපති වන්නේ නැත. පරම පියා සිදුකරන සේවය, පරහිතකාමී සේවය ලෙස හැඳින්වෙයි. ඔහු ඔය දරුවන්ව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කරවන නමුත් ඔහු එය බවට පත්වන්නේ නැත. මිනිසුන් වයස 60 සම්පූර්ණ වූ විට, විශ්‍රාම ගන්නා ආකාරයෙන්, ඔහු ගොස් නිර්වාණ දේශයේ අසුන් ගෙන සිටියි. ඔවුන් සත්සංගම් ආදිය පවත්වයි: ඔවුන් දෙවියන් මුණගැසීමට තැත් කරයි. කෙසේවෙතත්, කිසිවෙකුට මා මුණගැසීමට නොහැක. සියල්ලන්ටම විමුක්තිදායකයා සහ මාර්ගෝපදේශකයා වන්නේ එක් බාබා පමණයි. අන් සියලු දෙනාම මිනිසුන්ව භෞතික වන්දනා ගමන්වල ගෙන යන අයයි. ඔවුන් විවිධ මාදිලියේ වන්දනා ගමන්වල යයි. මෙය ආධ්‍යාත්මික වන්දනා ගමනයි. පරම පියා සියලුම ජීවාත්ම ඔහුගේ සාම දේශයට ගෙන යයි. පරම පියා දැන් ඔය දරුවන්ව විෂ්ණු දේශයට යාමට සුදුස්සන් බවට පත් කරවනවා. පරම පියා පැමිණෙන්නේ ඔබට සේවය කිරීම සඳහාය. ඔහු පවසන්නේ: මෙම පැරණි ලෝකයේ කිසිවෙකු වෙත, ඔබගේ හදවත් බැඳ නොගන්න. ඔබ දැන් නව ලෝකයට යා යුතුයි. ජීවාත්ම වන ඔබ සියලු දෙනා සහෝදරයන්ය: පිරිමි සහ ස්ත්‍රීන් යන දෙපිරිසම මෙහි ඇතුලත්ය. අප ස්වර්ණමය යුගයේ පිවිතුරුය: එය පිවිතුරු ලෝකය ලෙස හැඳින්වෙයි. මෙහි එකවර දරුවන් පස් දෙනෙක් හෝ හත් දෙනෙක් බිහි කිරීම සඳහා ඔවුන්ට ශල්‍යකර්ම කිරීමට සිදුවෙයි. සත් යුගයේ නීතියක් තිබේ: එය නිසි කාලය වන විට, දෙමාපියන් දෙදෙනාටම ඔවුන්ට දරුවෙක් ලැබීමට යන බවට දර්ශනයක් ලැබෙයි. එය යෝගා බලය ලෙස හැඳින්වෙයි. දරුවන් ඔවුන්ගේ නිසි කලට උපත ලබයි: කිසිම අපහසුතාවයක් නොමැත: අඬන හඬක් නැත. මෙකල දරුවන් බොහෝ අපහසුතා මැද උපත ලබයි. මෙය දුක් දේශය වන අතර සත් යුගය, සතුටු දේශයයි. ඔබ දැන් සතුටු දේශයේ අධිපතියන් වීමට ඉගෙන ගන්නවා. ලෞකික ඉගෙනුමක ඵලය, මෙම උපතෙදීම ලැබෙයි. ඔබට මෙම ඉගෙනුමෙහි ඵලය ඔබගේ මතු උපතෙදි ලැබෙයි. පරම පියා පවසන්නේ: මා ඔබව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කරවනවා, දෙවි දේවතාවන් ලෙස හැඳින්වෙන අය බවට: ලක්‍ෂ්මි දෙවඟන සහ නාරායන දේවතාව. කලි යුගය අවසානයේ කිසිවක් නොතිබුණු බැවින්, සත් යුගයේ ඔවුන්ව එවන් ආකාරයකට පත් කළේ කවුද? බලන්න, භාරතය බොහෝ දුප්පත් වී තිබේ! මා පැමිණෙන්නේ සියලු දෙනාටම විමුක්තිය ලබා දීම පිණිසයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී ඔබ නිරන්තරයෙන් සතුටින් සිටියි. පරම පියා කෙතරම් සතුට ලබා දෙන්නේද යත්, ඔබ පසුව භක්ති මාර්ගයේ පවා ඔහුව සිහි කරයි. දරුවෙක් මිය ගිය විට මිනිසුන් කියන්නේ: අහෝ දෙවියණේ, ඔබ අපගේ දරුවා මරා දමා ඇත! පරම පියා පවසන්නේ: සෑම දෙයක්ම ලබා දෙන්නේ දෙවියන් බව ඔබ පවසන බැවින්, ඔහු දරුවා ගෙන ගිය විට ඔබ අඬන්නේ ඇයි? ඔබට මෙතරම් බැඳීම් තිබෙන්නේ ඇයි? සත් යුගයේ බැඳීම් නැත. එහි, සිරුර හැර යාමට කාලය පැමිණි විට, නිසි කලට ජීවාත්මය, සිරුර හැර යයි. එහි බිරිඳක් කිසිදා වැන්දඹුවක් වන්නේ නැහැ. කාලය අවසන් වූ විට, ඔවුන් මහළු වූ විට, ඔවුන් ගොස් නැවත දරුවන් විය යුතු බව ඔවුන්ට වැටහෙයි, එබැවින් ඔවුන් තම සිරුරු ඉවත් කරයි. සර්පයාගේ නිදසුනක් තිබේ. මෙම කලි-යුගී සිරුර, ඉතා පරණ සමක් බව ඔබට දැන් වැටහෙයි. ජීවාත්මය අපවිත්‍ර අතර සිරුරද අපවිත්‍රයි. දැන් පරම පියා සමග යෝගාවේ සිට පිවිතුරු වන්න. මෙය භාරතයේ ඉපැරණි රාජයෝගාවයි. සන්යාසීන් හත යෝගාව කරයි. ශිව බාබා පවසන්නේ: මා දෙව්ලොව දොරටු විවර කරන්නේ මෙම මව්වරුන්ගේ මාර්ගයෙනි. මව්ගුරු නොමැතිව කිසි කෙනෙකුට විමුක්තිය ලබා ගත නොහැක. පරම පියා පැමිණ සියලු දෙනාට විමුක්තිය ලබා දෙයි. ඒ සමගම ඔහු ඔබට උගන්වන අතර ඔබ අධිපති විමුක්තිදායකයන් බවට පත්වනවා. මරණය, ඔවුන් ඉදිරියේ සිටින බව ඔබ සියලු දෙනාට පවසයි. පරම පියා සිහිපත් කරන්න. සෑම දෙයක්ම විනාශ වීමට යනවා. බෝම්බ ආදිය නිපදවන අය, ඒවා තුළින් විනාශය සිදුවන බව පිළිගනී, නමුත් ඔවුන්ව දිරිගන්වන්නේ කවුරුන්ද කියා ඔවුන් නොදනී. එක බෝම්බයක් හෙළීමෙන් පමණක්ම සියල්ල විනාශ වන බව ඔවුන්ට වැටහෙයි. ඔබට කටු බවින් මල් බවට පරිවර්ථනය වීමට දැන් ඉතිරිව තිබෙන්නේ ඉතාමත්ම කෙටි කාලයකි. මෙය කටු ලෝකයයි. භාරතය, මල් ලෝකයව තිබුණා: එය දැන් ගණිකා මඩමක් බවට පත්වෙලා. පසුව එය ශිව දේවාලය, එනම්, ශිවා විසින් ස්ථාපනය කරන ලද දිව්‍යලෝකය බවට පත්වෙයි. ඒකායන අශාරීරික කෙනා පමණයි දෙවියන් වන්නේ. මනුෂ්‍යයන් කිසිදා දෙවියන් ලෙස හැඳින්විය නොහැක. දුක ඉවත් කර සතුට පිරිනමන්නා වන්නේ ඒකායන පියා පමණයි. පරමාත්ම දෙවියන් පවසයි: මා ඔබව සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය කරනවා. මෙම පැරණි අපවිත්‍ර ලෝකය විනාශ වීමට යනවා. මා ඔබව අපවිත්‍ර මනුෂ්‍යයන්ගෙන් පිවිතුරු දේවතාවන් බවට පරිවර්ථනය කරන අතර ඉන්පසුව ඔබ ඔබගේ නිවහනට ආපසු යනවා. ඔබ මෙම නාටකය වටහාගත යුතුයි. බලන්න, මෙකල මනුෂ්‍යයන්ට කෙතරම් කෝපය තිබේද කියා: ඔවුන් රිලවුන්ටත් වඩා අන්තයි! ඔවුන්ට තරහ ගිය විට, ඔවුන් බෝම්බ දමා එකිනෙකාව මරා දමන අන්දම! දැන් ඔවුන්ට විරුද්ධව නඩුවක් පැවරිය හැක්කේ කාටද? අවසානයේදී ඔවුන් වෙනුවෙන් අධිකරණයක් අසුන්ගන්නා අතර ඔවුන්ගේ සියලු කර්මික ගිණුම් පියවෙයි. මේ සියලු කාරණා වටහාගත යුතුයි. පරම පියා පවසන්නේ: අහෝ ජීවාත්මයනේ, ඔබගේ පියා වන මා පැමිණ සිටිනවා. මගේ ශ්‍රීමත් අනුගමනය කරන්න, එවිට ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨ දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත්වෙයි. මනුෂ්‍යයන්, මනුෂ්‍යයන්ට මාර්ගෝපදේශකයන් වී ඇත. පරම පියා, සියලුම ජීවාත්මයන්ට මාර්ගෝපදේශකයා වෙයි. ජීවාත්ම පවසන්නේ: අහෝ පාරිශුද්ධකරුවාණෙනි! පරම පියා දැන් අපව පිවිතුරු පුණ්‍යවන්ත ආත්ම බවට පත් කරවනවා. ආධ්‍යාත්මික පියා, සත් යුගයේ නොසිටියි. එහි තිබෙන්නේ ප්‍රතිලාභය පමණයි. මෙය විශ්වවිද්‍යාලයක්. පරම පියා හැර වෙනත් කිසිවෙකුට රාජ යෝගාව ඉගැන්විය නොහැක. පරම පියා පවසන්නේ: මා පැමිණ මෙම සිරුර ණයට ගන්නවා: ජීවාත්මයකට වෙනත් සිරුරකට ඇතුළු විය හැක. මෙය නාටකයේ නියමිත වී තිබේ: නාටක චක්‍රයට බ්‍රමණය වීමට වසර 5000ක් ගත වෙනවා. ඔවුන් පවසන්නේ, දෙවියන් සෑම පත්‍රයකම සිටින බව, සෑම පත්‍රයක්ම සෙලවෙන්නේ එය තුළ ජීවාත්මයක් තිබෙන බැවින්, කියා. කෙසේවෙතත්, එය එසේ නොවේ: එය සෙලවෙන්නේ සුලඟ සමගයි. ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර ඔබ මේ ආකාරයෙන් නැවතත් වසර 5000කට පසුව අසුන් ගනී. පරම පියාගෙන් දැන් ඔබගේ උරුමය ලබා ගන්න, එසේ නැතහොත් ඔබට කිසිදා ඔබගේ උරුමය හිමිකරගැනීමට නොහැකි වෙයි. ඔබට උසස්ම ආදායම උපයා ගැනීමට හැකි වන්නේ මෙකල පමණයි. ඉතිරි චක්‍රය පුරාවටම ඔබට මෙතරම් උසස් ආදායමක් උපයා ගැනීමට නොහැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉතිරිව ඇති කාලය ඉතාමත්ම කෙටියි: ඒ නිසයි ඔබ කටු බවින් මල් බවට පරිවර්ථනය වී, සෑම කෙනෙක්වම මල් බවට පත් කරවා, ඔවුන්ට සාම දේශයට සහ සතුටු දේශයට මාර්ගය පෙන්විය යුත්තේ.

2. විෂ්ණුගේ වංශයට යාම සඳහා, යහපත් ක්‍රියා සිදුකරන්න. අනිවාර්යෙන් පිවිතුරු වන්න. නිරතුරුවම මෙම ආධ්‍යාත්මික වන්දනා ගමනේ නිරතව සිට අන් අයටත් එසේ කිරීමට දිරිමත් කරන්න.

වරදානය:
ඔබ මාස්ටර් පිරිනමන්නෙක් වී උදාර හදවතින් සැම අපරිමේය ධනවස්තු වලින් පිරේවා.

ඔබ පිරිණමන්නාගේ දරුවන් මාස්ටර් පිරිණමන්නන්ය. කෙනෙකුගෙන් අරන් තව කෙනෙකුට දෙන එක ඇත්ත ම දීම නොවෙයි. ඔබ යමක් අරගෙන තව එකක් දෙන්නේ නම් එය ව්‍යාපාරයකි. ඔබ පිරිණමන්නාගේ දරුවන් වූ නිසා උදාර හදවතින් නොකඩවා දෙන්න. මේ ධනවස්තු අපරිමේයයි. එමනිසා, සැමටම ඔවුන්ට උවමනා දේ දෙමින් ඔවුන් පුරවන්න. යම් කෙනෙකුට සතුට අවැසිය. යම් කෙනෙකුට සෙනෙහස අවැසිය එසේම, යම් කෙනෙකුට සාමය අවැසිය. එමනිසා, නොකඩවා දෙන්න, මෙය විවෘත ගිණුමකි. කර්ම ගිණුමක් නොවේ. මෙවෙලෙහි, පිරිණමන්නාගේ අධිකරණයෙහි සියල්ල විවෘතයි. එබැවින්, කෙනෙකුට කොපමණ උවමනා ද ඇයට හෝ ඔහුට එපමණ දෙන්න. මෙහිදී, මසුරු නොවන්න.

පාඨය:
ඕනෑම නරක දෙයක් හොඳ දෙයක් වන්නට ඔබේ මනසේ ආකල්පය ඉතා බලවත් කරගන්න.