13.09.20    Avyakt Bapdada      Sinhala Murli     22.03.86    Om Shanti    Madhuban


සතුට, සාමය සහ ප්‍රීතියේ අත්තිවාරම පාරිශුද්ධත්වයයි.


අද දින බාප්දාදා, සෑම තැනකම සිටින, පූජනීයත්වය සහ සතුට තිබෙන ඔහුගේ සියලුම දරුවන් දෙස බලනවා. පූජනීයත්වය සහ සතුට යන විශේෂත්ව දෙකම ඇති මෙතරම් විශාල දරුවන් සංඛ්‍යාවකගේ එකතුවක් මෙම මුළු නාටකයේ වෙනත් කිසිම කාලයක තිබිය නොහැක. මෙකල මිනිසුන්ට අති පූජ්‍ය හෝ අති උතුම් යන නම්බු නාම ලබා දෙන නමුත් එහි ප්‍රායෝගික සහතිකය දෙස බලන්නේ නම්, එම පිවිතුරු බව හෝ ශ්‍රේෂ්ඨත්වය පෙනෙන්නට නොමැත. මෙතරම් ශ්‍රේෂ්ඨ සහ පිවිතුරු ජීවාත්මයන්ගේ එකතුවක් තිබිය හැක්කේ වෙන කුමන ස්ථානයකද කියා බාප්දාදා බලමින් සිටියා. සෑම දරුවෙක් තුළම පිවිතුරු වීමට අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබේ, ඔවුන්ගේ ක්‍රියාවන්හි පමණක් නොව නමුත් තුනෙන්ම අනිවාර්යෙන් පිවිතුරු වීමට සිතිවිලි, වචන සහ ක්‍රියාවන්හි. වෙනත් කිසිම තැනක වෙනත් කිසිවෙකුට පිවිතුරු වීමට මෙම ශ්‍රේෂ්ඨ සහ අධිෂ්ඨානගත සිතිවිල්ල තිබිය නොහැක. වෙනත් කිසිම තැනක එය සදාකාලික විය නොහැක වෙනත් කිසිම තැනක එය පහසු විය නොහැක. කෙසේවෙතත්, පාරිශුද්ධත්වය ධාරණය කරගැනීම ඉතා පහසු බව ඔබ සියලු දෙනාම සලකයි. මෙයට හේතුව වන්නේ ඔබට බාප්දාදාගෙන් ඥාන මිණිමුතු ලැබීමයි, එමෙන්ම ඥාන මිණිමුතු වල බලය සමඟම මා, වන ජීවාත්මයේ ආදිතම සහ සදාතනික ස්වරූපය පාරිශුද්ධත්වය බව, ඔබ හඳුනාගෙන තිබීමයි. ඔබගේ ආදිතම සහ සදාතනික ස්වරූපය ඔබගේ අවධානයේ තිබෙන නිසා, මෙම අවධානය ඔබව ශක්තිමත් කර, සෑම දෙයක්ම පහසු බව, ඔබට අත්විඳින්නට මඟපාදයි. ඔබගේ සැබෑ ස්වරූපය, ඇත්ත වශයෙන්ම පාරිශුද්ධත්වයේ එකක් බව, ඔබ දැන් දන්නවා. නරක ඇසුරේ බලපෑමේ ස්වරූපය වන්නේ අපවිත්‍ර බවය. එබැවින්, සැබෑව දිවියට එකතු කරගැනීම පහසු වී තිබේ.

ඔබගේ ආදිතම ධර්මය, ඔබගේ ආදිතම නිවහන, ඔබගේ පියාණන් සහ ඔබගේ ආදිතම ස්වරූපය සහ ක්‍රියා ගැන ඥානය, ඔබට ලැබී ඇත. එබැවින්, ඔබට ඥානයේ බලය තිබෙන නිසා, එම අපහසු දෙය උපරිම ලෙස පහසු වී තිබේ. ශ්‍රේෂ්ඨ ජීවාත්ම ලෙස හඳුන්වනු ලබන, වර්තමානයේ එම ජීවාත්ම පවා ඒ දෙය අස්වාභාවික සහ කිසිසේත් කළ නොහැකි බව සලකන නමුත් ඔය පිවිතුරු ජීවාත්ම එම කිසිසේත් කළ නොහැකි දේ ඉතා පහසු බව අත්දැක තිබේ. පාරිශුද්ධත්වයට අනුව දිවි ගෙවීම පහසුද, අපහසුද? ඔබගේ ආදිතම ස්වරූපය පාරිශුද්ධත්වය බව, ඔබට මුළු ලොවටම අභියෝග කළ හැක. පිවිතුරු බවේ බලය නිසා, පිවිතුරු බව ඇති තැන ඉබේටම සාමය සහ සතුට තිබෙයි. අත්තිවාරම පාරිශුද්ධත්වයයි. දරුවන් වන සාමය සහ සතුටේ මව වන්නේ, පිවිතුරු බව යැයි, කියයි. එබැවින් පිවිතුරු බව ඇති තැන, ඉබේටම සාමය සහ සතුට තිබෙයි. ඔබ සතුටින් සිටින්නේ ඒ නිසයි. ඔබට කිසිම විටෙක අසතුටෙන් සිටිය නොහැක. ඔබ නිරන්තර සතුටින් සිටින අයයි. ඔබ පූජනීය වන විට, ඔබ නියත වශයෙන්ම සතුටින්ද සිටියි. පිවිතුරු ජීවාත්මයන්ගේ සලකුණ වන්නේ, ඔවුන් සෑම විටම සිටින්නේ සතුටින්ය. ඉතිං තම බුද්ධිය තුළ ශ්‍රද්ධා විශ්වාසය තිබෙන පිවිතුරු ජීවාත්ම කොපමණ සංඛ්‍යාවක් මෙහි අසුන්ගෙන සිටින්නේද කියා බාප්දාදා බලමින් සිටියා. ලෝකයේ මිනිසුන් සාමය සහ සතුට වෙනුවෙන් වටේ දුවමින් සිටින නමුත් සාමය සහ සතුටේ අත්තිවාරම වන්නේ පාරිශුද්ධත්වයයි. ඔවුන් එම අත්තිවාරම ගැන නොදන්නා නිසා, පිවිතුරු බවේ අත්තිවාරම ශක්තිමත් නැති නිසා, ඔවුන්ට ලැබෙන්නේ තාවකාලික සාමය සහ සතුට පමණයි ඔවුන්ට එය එක මොහොතක් තිබෙන අතර ඊලඟ මොහොතේ නැත. පාරිශුද්ධත්වය නොමැතිව, සදාකාලික සාමය හෝ සතුට ලබා ගැනීම කිසිසේත් විය නොහැක්කක්. ඔබ සියලු දෙනාම අත්තිවාරම දිවියට එකතු කරගෙන තිබේ. මේ නිසයි ඔබට සාමය සහ සතුට වෙනුවෙන් වටේ දිවීමට අවශ්‍ය නොවන්නේ. දරුවන් ඉබේටම තම මව වෙත යන ආකාරයෙන්, සාමය සහ සතුට, ඉබේටම පිවිතුරු ජීවාත්ම වෙතට පැමිණෙයි. ඔවුන් වෙන් කිරීමට ඔබ කෙතරම් තැත් කළත්, ඔවුන් තම මව වෙතට කෙසේ හෝ යයි. එබැවින් සාමය සහ සතුටේ මව වන්නේ පිවිතුරු බවයි. පිවිතුරු බව ඇති තැන, ඉබේටම සාමය, සතුට සහ ප්‍රීතිය තිබෙයි. එසේනම්, ඔබ කවුරු බවටද පත්ව සිටින්නේ? ශෝකය නොමැති ලෝකයේ අධිරාජවරුන්. ඔබ මේ පැරණි ලෝකයේ අධිරාජවරු නොවෙයි, නමුත් ශෝකය නොමැති ලොවෙහි අධිරාජවරුන්ය. මෙම බ්‍රහ්මණ පවුලට කිසිම දුකක් නැත, එනම්, එය සතුටේ ලෝකයකි. එබැවින් ඔබ මේ සතුටු ලෝකයේ අධිරාජවරුන්, දුක නැති ලොවෙහි අධිරාජවරුන් බවට පත් වී ඇත. එමෙන්ම ඔබ අති පූජ්‍ය ද වෙයි, එහෙම නේද? ඔබ සෑම සියලු කෙනෙකුටම කිරුළක් තිබෙන අතර සිහසුනක්ද තිබෙනවා. තවත් අඩු මොනවාද? එය ඉතාම අලංකාර කිරුළක්. ආලෝක කිරුළ, පාරිශුද්ධත්වයේ සංකේතයක් වන අතර ඔබ බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන් ගෙන සිටිනවා. එබැවින්, ශෝකය නොමැති දේශයේ අධිරාජවරුන්ගේ ඔටුනු අසහාය වන අතර ඔබගේ සිහසුනද අසහායයි. ඔබගේ අධිරාජ්‍යය අසහාය වන අතර ඔය අධිරාජවරුන්ද අසහායයි.

මෙකල සියලුම මනුෂ්‍ය ජීව බොහෝ සේ එහෙ මෙහෙ දිව යන ආකාරය දැක, ඒ දරුවන් කෙරෙහි බාප්දාදාට අනුකම්පාවක් දැනෙයි. ඔවුන් නොකඩවා බොහෝ උත්සාහ කරයි. උත්සාහ යනු එහෙ මෙහෙ දිව යාමයි ඔවුන් බොහෝ උත්සාහ දරන නමුත් ඉන් අත් වන්නේ කුමන ලැබීමක්ද? සතුට තිබෙන නමුත් සතුට සමඟම ඔවුන්ට එක් හෝ තව දේකින් දුකද අත් වී තිබෙයි. වෙන දෙයක් නොවෙයි නම්, තාවකාලික සතුට සමඟ, තව දේවල් දෙකක්ද තිබෙයි - කණස්සල්ල සහ බිය. එබැවින් කණස්සල්ල ඇති තැන සහනයක් තිබිය නොහැක. බිය ඇති තැන සාමයක් තිබිය නොහැක. එබැවින් සතුට සමඟම, එම දුක සහ අසාමයේ හේතුද තිබෙන අතර, ඔබ සියලු දෙනා, දුකෙහි හේතුවලට විසඳුම් සොයා ගෙන තිබේ. ඔබ සියලු ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්නා, විසඳුම් වල ස්වරූප බවට දැන් පත්ව සිටියි. ප්‍රශ්න ඔබ වෙතට පැමිණෙන්නේ ඔබත් සමඟ ක්‍රිඩා කිරීමට, ක්‍රිඩා භාණ්ඩ ලෙසින්ය. ඒවා ඔබ වෙතට එන්නේ ඔබත් සමඟ ක්‍රිඩා කිරීමටයි, ඔබව බියට පත් කිරීමට නොවෙයි. ඔබ බියට පත් වන අය නොවෙයි නේද? ඔබගේ ජන්ම උරුමය ලෙසින් සියලු බල ඇති තැන, අඩුවක් තිබිය හැක්කේ කුමකින්ද? ඔබ පිරිපුන්, එහෙම නේද? මාස්ටර් සර්ව බලධාරියෙක් වන කෙනෙක් ඉදිරියේ ප්‍රශ්න නැහැ නේද? ඇතෙකුගේ දෙපයට කූඹියෙක් පෑගුන විට එය දැනෙයිද? එබැවින් ඔය මහාරතීන් ඉදිරියේ එම ප්‍රශ්නද කුහුඹුවන් වැනිය. සෑම දෙයක්ම ක්‍රිඩාවක් බව සැලකීමෙන්, ඔබ සතුටින් සිටියි. එවිට යම් සිදුවීමක් කෙතරම් විශාල වුවත්, එය කුඩා වෙයි. මේ දිනවල, තම බුද්ධිය සමඟ දරුවන්ට ක්‍රීඩා කිරීමට සලස්වන්නේ කුමන ක්‍රිඩාවද? ඔබ දරුවන්ට ගණන් සෑදීමට කියු විට ඔවුන්ට එය එපා වන නමුත් ඔවුන් ක්‍රිඩාවක් ලෙස ඉතා සතුටින් ඔවුන්ගේ ගණිත වැඩෙහි යෙදෙයි. එබැවින් ඔබ සියලු දෙනාටද ගැටළු, කූඹීන් වැනිය, එහෙම නේද? පාරිශුද්ධත්වය, සාමය සහ සතුට ඇති තැන, ඔබගේ සිහිනෙන්වත් දුක හෝ අසාමයේ රළ තිබිය නොහැක. බලගතු ජීවාත්ම ඉදිරියට, දුක සහ අශාන්තියට පැමිණීමට එඩිතරකමක් නොතිබෙයි. පිවිතුරු ජීවාත්ම, නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටින ජීවාත්මයි. මෙය සෑම විටම ඔබගේ අවධානයේ තබාගන්න. ඔබ දැන් බොහෝ අන්දමේ අවුල්, වැටි වැටී ගමන් කිරීම, දුක සහ අශාන්තියේ දැල් වලින් ඉවත් වී ඇත, මන්ද, එක දෙයකින්වත් දුකක් නොමැත. එක දුකක් වුවද, එහි සියලු පරම්පරාවම රැගෙන එයි. කෙසේවෙතත්, ඔබ ඒ සියලු දැල් වලින් ඉවත් වී ඇත. ඔබ තමන් භාග්‍යවන්ත බව සලකනවා නේද?

අද, ඔස්ට්‍රේලියාවේ අය මෙහි අසුන්ගෙන සිටිනවා. බාප්දාදා සෑම විටම ඔස්ට්‍රේලියාවේ අයගේ විශේෂත්ව ගැන කතා කරනවා - ඔවුන්ගේ තපස්යාව සහ මහා දානපතියන් වීමේ ආකල්පය ගැන. නොකඩවා සේවය කිරීම වෙනුවෙන් ඇති ගැඹුරු සෙනෙහසේ තපස්යාව, ඔය තපස්වී ජීවයන්ට සහ තව බොහෝ ජීවාත්මයන්ට අඛණ්ඩව ඵල ලබා දෙයි. දේශයට අනුව ක්‍රමවේදය සහ ව්‍යාප්තිය දැක, බාප්දාදා වැඩිපුරත් සතුටු වෙයි. ඔස්ට්‍රේලියාව කොහොමත් අති- විශේෂයි. එහි සිටින සියලු දෙනාම, සේවය කිරීම වෙනුවෙන්, අත්හැරීමේ ආකල්පය, ඉතා විගසින් වර්ධනය කරගන්නවා. මෙතරම් මධ්‍යස්ථාන සංඛ්‍යාවක් විවෘත වී තිබෙන්නේ මේ නිසයි. මෙම සිතිවිල්ල තිබෙනවා අපට භාග්‍යය ලැබී ඇති සේම අප දැන් අන් අයටද භාග්‍යය නිර්මාණය කළ යුතුයි. අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කිරීම, තපස්යාවයි. එබැවින් අත්හැරීම සහ තපස්යාවේ ක්‍රමවේදයෙන්, ඔබ දියුණු වනවා. සේවය කිරීමේ චේතනාව බොහෝ විවිධ සීමිත හැඟීම් අවසන් කරයි. සාර්ථකත්වයේ පදනම වී ඇත්තේ අත්හැරීම සහ තපස්යාවයි. ඔබට වැටහෙනවාද? ඔබට සමූහයේ බලය තිබෙනවා. එක් අයෙක් යමක් පවසන අතර අනෙකා එය සිදු කළා. එක් අයෙක් යමක් පවසා, අනෙකා එය කළ නොහැකි බව කියනවා නොවෙයි. එයින් සමූහයක් දෙකඩ වෙයි. කෙනෙක් යමක් පවසන අතර අනෙකා උද්යෝගයෙන් සහයෝගය ලබා දී එය ප්‍රායෝගිකත්වයට දමයි. සමූහයේ බලය, එයයි. පාණ්ඩවයන්ගේද හොඳ සමූහයක් සිටිනවා. ඔවුන් කිසිම විටෙක ඔබද, මමද යන්නෙහි පැටලෙන්නේ නැත. ඔවුන් පවසන්නේ බාබා, බාබා පමණයි, එවිට සිදුවීම් අවසන් වෙයි. ගැටුම් ඇති වන්නේ ඔබ, ඔබද, මමද හෝ මගේ සහ ඔබගේ තුළ සිර වූ විට පමණයි. ඔබ පරම පියාව ඔබ ඉදිරියේ තැබූ විට, කිසිදු බාධකයකට ඔබ ඉදිරියට පැමිණිය නොහැක. නිරතුරුවම බාධක වලින් නිදහස්ව සිටීම අත්දකින සහ සීඝ්‍ර වේගයකින් පියාසර කිරීමේ මනෝ ස්ථීතිය අත්දකින ජීවාත්ම ඔබලාය. දිගු කාලයක් පුරා බාධක වලින් නිදහස්ව සිටීමේ ස්ථීතිය, ශක්තිමත් ස්ථීතියකි. නැවත නැවතත් බාධක වල බලපෑමට හසුවන අය, තම අත්තිවාරම දුර්වල කරගන්නවා. දීර්ඝ කාලයක් පුරා බාධක වලින් නිදහස්ව සිටින ජීවාත්ම, ශක්තිමත් වන අතර ඔවුන් අන් අයවත් ශක්තිමත් කරවයි, මන්ද ඔවුන්ගේ අත්තිවාරම ශක්තිමත්ය. බිඳුනු යමක් නැවත එකට කර ඇලවූ විට, එය දුර්වල වෙයි. දීර්ඝ කාලයක් ශක්තිමත්ව සහ බාධක වලින් නිදහස්ව හිඳ ඇති ජීවාත්ම, අවසානයේදිත් බාධක වලින් නිදහස් වන අතර සම්මාන ඇතිව සමත් වී, ප්‍රථම කොට්ඨාශයට යයි. එබැවින් නිරන්තරයෙන් අනිවාර්යෙන් දීර්ඝ කාලයක් බාධක වලින් නිදහස් ස්ථීතිය අත්විඳීමේ අරමුණ තබා ගන්න. බාධකයක් පැමිණි නමුත්, ඔබට එය අවසන් කිරීමට හැකි වූ බැවින් එයට කම් නැති බව නොසිතන්න. ඒවා පැමිණි විට නැවත නැවතත් ඒවා අවසන් කිරීමට සිදුවීමෙන් ඔබගේ කාලය සහ ශක්තිය අපතේ යයි. එම කාලය සහ ශක්තිය සේවය කිරීමට ඔබ භාවිත කරන්නේ නම්, ඔබ එකක් වෙනුවෙන් කෝටි ගුණයක් රැස් කරගනී. මේ නිසයි දීර්ඝ කාලයක් බාධක වලින් නිදහස්ව හිඳ ඇති ජීවාත්ම, බාධක විනාශ කරන්නන් ලෙස පිදුම් ලබන්නේ. බාධක විනාශ කරන්නෙක් වීමේ නම්බු නාමය අයත් වන්නේ, පිදුම් ලැබීමට සුදුසු ජීවාත්මයන්ටයි. මා බාධක විනාශ කරන්නෙක් වන, පිදුම් ලැබීමට සුදුසු ජීවාත්මයක්. මෙම අවධානය තිබීමෙන්, ඔබ නිරන්තරයෙන් බාධක වලින් නිදහස්ව රැඳී සිට නොකඩවා පියාසර ස්ථීතියේ පියාසර කරමින් අන් අයවත් පියාසර කරවයි. ඔබට වැටහෙනවාද? ඔබ තමන්ගේම බාධක විනාශ කර තිබේ, නමුත් ඔබ අන් අයගේ බාධක විනාශ කරන්නෙක්ද විය යුතුයි. බලන්න, ඔබට එවන් උපකරණ ජීවාත්මයක් හමු වී තිබේ (වෛද්‍ය නිර්මලා), ආරම්භයේ සිට ඇය කිසිම බාධකයකට මුහුණ දී නැහැ. ඇය සෑම විටම සෙනෙහසින් යුතුව සහ නොබැඳීව සිට ඇත. ඇය ටිකක් සැරින් සිටින නමුත් මෙයත් අවශ්‍යයි. ඔබට එවන් සැර ගුරුවරයෙක් නොසිටියා නම්, මෙතරම් ව්‍යාප්තියක් නොතිබෙනු ඇත. මෙයත් අවශ්‍යයි. රෝගයක් සුව කිරීමට තිත්ත ඖෂධ අවශ්‍ය වන සේම, නාටකයට අනුව, උපකරණ ජීවාත්මයන්ගේ පැහැයෙන් ඔබ අනිවාර්යෙන් පැහැ ගැන්වෙනවා. ඇය පැමිණි සැනින් සේවය වෙනුවෙන් ඇය උපකරණයක් වූ සේම, ජීවාත්ම ඔස්ට්‍රේලියාවට ගිය සැනින් මධ්‍යස්ථාන විවෘත කිරීමේ සේවය සඳහා ඔවුන් උපකරණ වෙනවා. මෙම අත්හැරීමේ හැඟීමේ චිත්ත තරංග වලින් මුළු ඔස්ට්‍රේලියාව පුරාම සහ එය සමඟ සම්බන්ධ ස්ථාන වල ව්‍යාප්තිය සිදුවනවා. තපස්යාව සහ අත්හැරීම ඇති අය, ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. ඔය සියලුම ජීවාත්ම වේගයෙන් උත්සාහ දරන්නන් වන අතර ඔබ උත්සාහ දරන්නන් වන නමුත්, විශේෂතාද අනිවාර්යෙන් ඒවායේ බලපෑම ඇති කරයි. මෙකල සෑම කෙනෙක්ම පරිසමාප්ත වෙමින් සිටිනවා. කිසිවෙකුට තවමත් සම්පූර්ණ වීමේ සහතිකය ලැබී නැහැ. කෙසේවෙතත්, ඔබ පරිපූර්ණත්වයේ සමීපයට පැමිණ ඇත. එය අංක පිළිවෙලයි. ඇතැම් අය ඉතා සමීපයට පැමිණ ඇති අතර වෙනත් අය අංක පිළිවෙලට ඉදිරියෙන් හෝ පසුපසින් සිටියි. ඔස්ට්‍රේලියාවේ අය වාසනාවන්තයි. අත්හැරීමේ බීජය, ඔබගේ භාග්‍යය ලබා ගැනීමට ඔබට මඟ පාදනවා. ඔබට එඩිතරකම තිබෙන නිසා, ශක්ති සේනාව බොහෝ සේ බාප්දාදාගේ සෙනෙහසට පාත්‍ර වනවා. එඩිතරකම ඇති තැන, බාප්දාදාගේ උපකාර නිරන්තරයෙන් ඔබ සමඟ තිබෙයි. ඔබ නිරන්තරයෙන් තෘප්තිමත්ව සිටින අයයි, එහෙම නේද? සාර්ථකත්වයේ පදනම වන්නේ තෘප්තියයි. ඔබ සියලු දෙනාම තෘප්තිමත් ජීවාත්මයි, එබැවින් සාර්ථකත්වය ඔබගේ ජන්ම උරුමයයි. ඔබට වැටහෙනවාද? ඔස්ට්‍රේලියාවේ අය, සමීපතම සහ ආදරණීයම අයයි, ඔවුන් මත අතිරික්ත අයිතියක් තිබෙන්නේ මේ නිසයි. අච්චා.

අව්‍යක්ත මුරලි වලින් ගත් ප්‍රශ්න සහ පිළිතුරු:

ප්‍රශ්නය: ශක්ති සේනාවේ නාමය, ලොවෙහි කීර්තිමත් වන්නේ කවදාද?

පිළිතුර: නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියක සාමූහික පුහුණුවක් ඇති විට සහ එක් පිවිතුරු සිතිවිල්ලක ස්ථාවර වීම තිබෙන විට. සමූහයක, එක් පුද්ගලයෙකුටවත් වෙනත් සිතිවිල්ලක් නොතිබිය යුතුයි. සෑම කෙනෙක්ම ඒකායන කෙනා තුළ ගිලී සිටීම පුහුණු වන විට සහ අශාරීරික වීමේ එක් පිවිතුරු සිතිවිල්ලේ ස්ථාවරව රැඳී සිටින විට, ශක්ති සේනාවේ නාමය එවිට ලොවෙහි කීර්තිමත් වෙයි.

ප්‍රශ්නය: භෞතික යුද්ධයකදි, සොල්දාදුවන් සටන් බිමේ ජයගන්නේ කුමන පදනමට අනුවද? ඔබගේ ජයග්‍රහණයේ බෙර හඬ වාදනය වන්නේ කවදාද?

පිළිතුර: සේනාවක සොල්දාදුවන් යුද පිටියට ගිය විට, ඔවුන් එක් නියෝගයකින් වෙඩි තැබීම ආරම්භ කරයි. එක් නියෝගයකින් පමණක් ඔවුන් විරුද්ධවාදීන්ව එකවර වටලයි, ඔවුන් ජය ලබන්නේ එවිට පමණයි. ඒ ආකාරයෙන්ම, ආධ්‍යාත්මික සේනාවේ සියලු දෙනාම සාමූහික ලෙසින්, එක සංඥාවකින් පමණක්, එකවර නිරන්තර ස්ථීතියක තත්පරයකදි ස්ථාවර වූ විට පමණයි, ජයග්‍රහණයේ බෙර හඬ වැයෙන්නේ.

ප්‍රශ්නය: ඔබ පරම පියාගේ කුමන නියෝගය පිළිපැදීමට නිති සූදානමින් සිටින විටද, කලි-යුගී කන්ද එසවීමට හැකි වන්නේ?

පිළිතුර: පරම පියා මෙම නියෝගය පමණක් දෙයි සියලු දෙනාම එක තත්පරයකදි නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියක ස්ථාවර වන්න. සියලු දෙනාගේම සිතිවිලි, එක් සිතිවිල්ලක් තුළ මුසු වන විට, කලි-යුගී කන්ද එසවෙනු ඇත. එම එක තත්පරය, සදාකාලිකව පවතින තත්පරයක් වෙයි. ඔබ තත්පරයකදි ස්ථාවර වී ඉන්පසුව පහළට පැමිණෙනවා නොවෙයි.

ප්‍රශ්නය: සෑම සියලු බ්‍රහ්මිණ් දරුවෙකුගේම යුතුකම කුමක්ද?

පිළිතුර: සෑම බ්‍රහ්මිණ් දරුවෙකුගේම යුතුකම වන්නේ, නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියක ස්ථාවරව සිටීමට, මුළු සමූහය සමඟ සහයෝගී වීම. අවිද්‍යාවේ සිටින ජීවාත්මයන්ට, නොකඩවා ඥාන මිණිමුතුවල ආලෝකය ලබා දීමට තැත් කිරීමේ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම්, ඔබට සෑම විටම තිබේ. ඒ ආකාරයෙන්ම, මෙම දිව්‍යමය සමූහයට, නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියක ස්ථාවරව සිටීමට මඟපෑදීම සඳහා සහ සමූහයේ බලය වැඩි කිරීමට, විවිධ අන්දමින් එකිනෙකා කෙරෙහි සුබ පැතුම් ඇති කිරීමට උත්සාහ දරන්න. මෙයට සැලසුම් සාදන්න. සෑහීමට පත් වී, මෙසේ නොසිතන්න, මා තනිව හොඳින් ඉන්නවා.

ප්‍රශ්නය: පරමාත්ම දෙවියන්ගේ ඥාන මිණිමුතුවල විශේෂත්වය කුමක්ද?

පිළිතුර: පරමාත්ම දෙවියන්ගේ ඥාන මිණිමුතුවල විශේෂත්වය වන්නේ සමූහයේ බලයයි. බ්‍රහ්මිණ් සමූහයන්ගේ විශේෂත්වය, එක් ධර්මයක්, එක් රාජධානියක් සහ එක් උපදෙසක් ලෙසින්, ප්‍රායෝගික අන්දමකින් දේවතා ස්වරූපය තුළ අඛණ්ඩව පැවතෙයි.

ප්‍රශ්නය: පරිසමාප්තිය සහ අංග සම්පූර්ණත්වය සමීපයට ගෙන එන්නේ, කුමන එක් කාරණාවේ සම්පූර්ණ පරිවර්ථනයද?

පිළිතුර: සෑම කෙනෙකුටම, ඔබ ගති ස්වභාවය ලෙස හඳුන්වන, ශරීර අවධානයේ එක ප්‍රධාන සංස්කාරයක් තිබේ. එම සංස්කාරයේ සුළු සලකුණකටවත් ඉතිරි වන්නට ඉඩ නොතබන්න. ඔබගේ එම සංස්කාරය පරිවර්ථනය කර බාප්දාදාගේ සංස්කාර ධාරණය කරගන්න. අවසන් උත්සාහය මෙයයි.

ප්‍රශ්නය: බාප්දාදාගේ හෙළිදරව්ව සිදුවන්නේ කුමන පදනමට අනුවද?

පිළිතුර: බාප්දාදාගේ සංස්කාර සෑම කෙනෙක් තුළම දිස්වන විට. බාප්දාදාගේ සංස්කාර අනුකරණය කර ඔහුට සමාන වන්න, එවිට කාලය සහ ශක්තිය ඉතිරි වන අතර ඔබට පහසුවෙන් බාප්දාදාව හෙළිදරව් කිරීමට හැකි වෙයි. භක්ති මාර්ගයේ ඔවුන්ට මෙම කියමන තිබේ මා කොහේ බැලූවත් දකින්නේ ඔබව පමණයි, නමුත් මෙහිදි ඔබ කවුරු දෙස බැලූවත් ඔබට බාප්දාදාගේ සංස්කාර දැකගත හැක.

වරදානය:
ඔබ ලොකුකමේ සියලු සලකුණු අත්හැරීමෙන් ස්ව-අභිමානය ඇති පුණ්‍යාත්මයක් වේවා.

ස්ව-අභිමානය ඇති දරුවන්, සියලු දෙනාට ගරු කරන දානපතියන්ය. දානපතියෙක් යනු, දයානුකම්පාව ඇති අයෙකි. ඔහු තුළ කිසිම ජීවාත්මයක් කෙරෙහි ලොකුකමේ සුළු සිතිවිල්ලක්වත් නොතිබෙයි. මෙය මේ ආකාරයට සිදුවන්නේ ඇයි? ඔබ මෙය මේ ආකාරයට නොකරන්නට තිබුණා. එය මේ අන්දමින් නොවිය යුතුයි. ඥාන මිණිමුතුවල පවසන්නේ මෙයද? මේ සියල්ල සූක‍්ෂම ස්වරූපයේ ලොකුකමේ සලකුණුය. කෙසේවෙතත්, ස්ව-අභිමානය ඇති පුණ්‍යාත්ම, වැටී ඇති අයව ඉහළ නංවා ඔවුන්ව සහයෝගි අය බවට පත් කරවයි. ඒ කෙනා ඔහුගේම කර්මයේ ප්‍රතිඵල විඳින බවත් යමක් කරන කෙනෙකුට නියත වශයෙන්ම එහි ප්‍රතිඵලය ලැබී වැටිය යුතු බවත්, ඔවුන්ට කිසිසේත් සිතිය නොහැක. ඔය දරුවන්ට එවන් සිතිවිලි තිබිය නොහැක.

පාඨය:
තෘප්තිය සහ සතුටේ විශේෂතා, ඔබට පියාසර ස්ථීතිය අත්විඳින්නට මඟපාදයි.