13.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ලේ ඥාති සබඳතාවන්ගෙන් ලැබෙන්නේ දුකම පමණයි. ඔවුන්ව ඔබ අත්හැරිය යුතුයි. සෑම කෙනෙක් වෙතම ආධ්‍යාත්මික සෙනෙහසක් තබා ගන්න. සතුටේත් ආනන්දනීය ප්‍රීතියේත් පදනම මෙයයි.

ප්‍රශ්නය:
ජයග්‍රාහී මල්දාමයේ කොටසක් බවට පත් වීම සඳහා ඔබ විසින් දැරිය යුතු විශේෂ උත්සාහය කුමක්ද?

පිළිතුර:
ජයග්‍රාහී මල්දාමයේ කොටසක් වීමට නම්, පුජනීය (පාරිශුද්ධ) වීමට විශේෂ උත්සාහයක් දරන්න. ඔබ සැබෑම සන්යාසීවරයෙක් බවට පත් වුණු විට එනම්, පාපයෙන් තොර කෙනෙක් බවට පත් වුණු විට පමණයි ජයග්‍රාහී මල්දාමයේ කොටසක් බවට පත් විය හැක්කේ. කර්ම බන්ධනයන්ගේ ගිණුම් තිබෙනවා නම් ඔබට සැබෑම උරුමකරුවෙක් බවට පත්වෙන්න බැහැ. ඒ වෙනුවට ඔබ පත්වන්නේ තවත් එක් පුරවැසියෙක් බවට පමණයි.

ගීතය:
සතුටු සමනලුන් මැද පහන් දැල්ල දැල් වී ඇත ...

ඕම් ශාන්ති.
බලන්න, අපි අපේ පියාගේ ගුණ වර්ණනා කරනවා. මම නම් වූ ජීවය අනිවාර්යෙන්ම මගේ පියාව එලිදරව් කරනවා. පුතා පියාව එලිදරව් කරනවා. මම ජීවයක්. ඔබ කියාවි: අපි ජීව වන අතර අපේ පියා උත්තරිතර ජීවයයි. ඔහු සෑම දෙනාගේම පියායි. සෑම කෙනෙක්ම මෙය පිළිගනීවි: ජීව වන අපගේ පියා වෙනම කෙනෙක් කියා ඔවුන් කියනා එකක් නැහැ. සෑම කෙනෙකුගේම පියා එකම එක කෙනෙකි. දැන් අපි ඔහුගේ දරුවන්ය. අපි ඔහුගේ රැකියාව දන්නවා. දෙවියන් සර්ව ව්‍යාප්තියි කියා අපට කියන්න බැහැ. එසේ කියනවා නම් දෙවියන් සෑම කෙනෙක් තුළම ඉඳීවි. පියෙකුට අයිති ඕනෑම දෙයක් පසුව උරුමය වශයෙන් දරුවන්ට ලැබෙන නිසා තම පියාව සිහි කරනා විට සෑම දරුවෙක්ම සතුටු වෙනවා. අපි දැන් දෙවියන්ගේ උරුමක්කරුවනුයි: ඉතින් ඔහු ලඟ ඇත්තේ මොනවා ද? ඔහු ආනන්දනීය ප්‍රමෝදයේ සාගරයයි. දැනුමේ සාගරයයි, සෙනෙහසේ සාගරයයි. මේ ගැන අපි දන්නා නිසා තමයි අපි ඔහුගේ ගුණ වර්ණනා කරන්නේ. අනිත් අය මෙය කියන එකක් නැහැ. ඇතැම් විට කියාවි, නමුත් ඔහු එහෙම වන්නේ කෙසේද කියා ඔවුන් දන්නේ නැහැ. අන් සෑම කෙනෙක්ම දෙවියන් සර්ව ව්‍යාප්තියි කියා කියාවි. කොහොම නමුත්, අපි ඔහුගේ දරුවන් වන නිසා අපි අපේ අශාරිරික අමරණීය පියාගේ ගුණ වර්ණනා කරනවා. ඔහු තමයි ආනන්දනීය ප්‍රමෝදයේ සාගරය. දැනුමේ සාගරය, ඒ වගේම ඔහු තමයි සෙනෙහසේ නිධානය. කොහොම නමුත්, කෙනෙක් ප්‍රශ්නයක් අසාවි: අශාරීරික ලෝකයේ දී ඔබ සිටින්නේ සතුටටත් දුකටත් ඔබ්බෙහි ඇති අවධියක කියා ඔබ කියනවා. සතුට හෝ ආනන්දය හෝ සෙනෙහස එහාට එන්නේ කොහොම ද? මේවා තේරුම් ගත යුතු කරුණුයි. ආනන්දනීය ප්‍රීතිය සතුට හා සෙනෙහස ගැන කතා කරනා විට එහි ඇත්තේ සතුටේ එක් අවධියක්, නමුත් සාම දේශයේ ආනන්දනීය ප්‍රීතියක්, සෙනෙහසක් හෝ දැනුමක් තිබිය හැක්කේ කෙසේද? ඒ සතුටේ සාගරය මෙම භෞතික ලෝකයට එන්නේ කවදාද, ඇවිත් අපට සතුට දෙන්නේ කවදාද? එහි ඔබ සිටින්නේ සතුටටත් දුකටත් එහායින් ඇති අවධියකයි. මන්ද එය සතුටටත් දුකටත් එහායින් ඇති ලෝකයක් කියා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. එය හඳුන්වන්නේ අශාරිරික ලෝකය කියලයි. අනිත් ලෝකය නිරන්තර සතුටින් හා ප්‍රමෝදයෙන් පිරි සතුටේ ලෝකයයි. එය හැඳින්වෙන්නේ දිව්‍ය ලෝකය කියලයි. මෙය දුකින් පිරි ලෝකයයි. අපාය එනම් කලියුග ලෝකය කියන්නේ මේ ලෝකයටයි. දැන්, උත්තරීතර පියා වන උත්තරීතර ජීවය සතුටේ සාගරය පැමිණ මෙම කලි යුග ලෝකය පරිවර්තනය කර එය ආනන්දනීය ප්‍රීතියෙන් සතුටින් හා සෙනෙහසින් පිරි සතුටම මිසක් වෙන කිසිම දෙයක් නැති වඩ වඩාත් සතුටම, වඩ වඩාත් සෙනෙහසම පමණක් ඇති ලෝකයක් බවට පත් කරවනවා. එහේ, සිව්පා සතුන් තුළ පවා ලොකු සෙනෙහසක් තිබෙනවා. එළදෙනුන් හා සිංහයින් දෙගොල්ලන්ම එකම ගඟෙන් වතුර බොනවා. ඔවුන් එකිනෙකා තුළ ලොකු සෙනෙහසක් තිබෙනවා. ඉතින් දෙවියන් පැමිණ ස්ථාපනය කරනා ලෝකයේ ඇත්තේ සතුට හා ආනන්දනීය ප්‍රීතියම පමණයි. කොහොම නමුත් අශාරිරික ලෝකයේ සතුට, ආනන්දය හෝ සෙනෙහස ගැන සඳහනක් නැහැ. එය අශාරීරික ජීවයන්ගේ වාසස්ථානයයි. එය විශ්‍රාමික ජීවිතයයි. එනම් සෑම කෙනෙකුගේම සතුටේ දුකේ කිසිදු හැඟීමක් නැති නිර්වාණ අවධියයි. සතුටේ හා දුකෙහි චරිත රඟදැක්වෙන්නේ මෙම භෞතික ලෝකයේ දීයි. මෙම ලෝකය පුරා දිව්‍ය ලෝකය පැතිරී තිබුණු කල, සදාකාලික වූ ආධ්‍යාත්මික සෙනෙහසක් තිබුණා. නමුත් ලේ ඥාති හිත මිතුරු සබඳතාවන්ගේ ඇත්තේ දුකම පමණයි. සන්යාසීන්ටත් කිසිම ලේ නෑකමක් නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන්ට කිසිම දෙයක් ගැන කිසිදු දුකක් නැත්තේ. "මම සත්‍යයයි,සචේතනික බීජයක්, ආනන්දනීය ප්‍රීතියේ ප්‍රතිමූර්තියක්" කියා ඔවුන් කියනවා, මන්ද ඔවුන් තම ලේ ඥාතීන් අත්හැර දමා තිබෙනවා. ඒවගේම මෙතනත් ඔබලා කිසිම කෙනෙක් අතර කිසිම ලේ ඥාතීත්වයක් නැහැ. මෙහි අප සෑම කෙනෙක් අතරම ඇත්තේ දෙවියන් අපට උගන්වනා ආධ්‍යාත්මික සෙනෙහසයි. පියා කියනවා: ඔබලා මගේ ආදරණීය පුතණුවන්ය. මගේ ආනන්දය, සතුට හා සෙනෙහස ඔබලාගේයි. මන්ද ඔබලා ඒ ලෝකය අතහැර මගේ ඔඩොක්කුවට පැමිණ සිටිනවා. ඔබ සැබවින්ම ඇවිත් මගේ ඔඩොක්කුවේ වාඩි වුණා. එය අනිකුත් මිනිසුන් තම ගුරූන් ලඟට ගොස් පසුව නැවතත් තම තමන්ගේ නිවෙස් බලා යනවා වගේ දෙයක් නොවෙයි. ඔවුන්ට ආදරණීය පුතුන් කියා කියන්න බැහැ. ඔවුන් ඒ ගුරුන්ගේ පුරවැසියන් වගෙයි. කොහොම නමුත්, සියල්ල අතහැර ගුරු ගේ භාරයට පැමිණි අයට ආදරණීය පුතණුවන් කියා කියනවා. මන්ද ගුරුට පසුව ඒ ආසනය හිමි වන්නේ ඔවුන්ට නිසා. දරුවනුත් පුරවැසියනුත් අතර දිවා රෑ මෙන් වූ වෙනසක් තිබෙනවා. දරුවන් උරුමකරුවන් වී උරුමයකට හිමිකම් කියනවා; ඒ ලෙසින්ම ඔබත් ඔබගේ ලේ ඥාතීන් අතැර දමා අශාරීරික කෙනාගේත් ශාරීරික කෙනාගේත් භාරයට පැමිණ සිටින නිසා ඔබලා උරුමකරුවන් වෙනවා. මෙහිදීත්, වැඩි වැඩියෙන් දැනුම ගත් තරමට ඔබට අත්විඳීමට ලැබෙන ආනන්දනීය ප්‍රීතිය ද වැඩි වනු ඇත. අධ්‍යාපනය ප්‍රමෝදයක් වශයෙන් හැඳින්වෙනවා. ඉතින් වැඩි වැඩියෙන් මෙම අධ්‍යපනය ලබා ගත් තරමට ඒ අධිරාජ්‍යයේ දී මිනිස් රූපයෙන් ඔබට ලැබෙන සතුට ද වැඩි වනු ඇත. මෙම දේවමය අධ්‍යාපනය උත්තරීතර සාමයක් හා සතුටක් ඔබට ලබා දෙන ආනන්දනීය ප්‍රීතියකි. දරුවන් වන ඔබලා ලබන මෙම සතුටේ හා සාමයේ ස්ථාවර හා අඛණ්ඩ ඒ ආධිපත්‍යය දෙවියන්ගේ බූදලයකි. පසුව, ඔබලා මෙම දැනුම ගැනීමේ පිළිවෙල අනුව පියාගේ උරුමයට ද හිමිකම් කියනු ඇත. උදාහරණයක් වශයෙන් කියනවා නම්, විවිධාකාර වූ ගවේශකයින් ඔබ ලඟට එනවා: ඔවුන් ඔබගේ ආදරණීය පුරවැසියන්. ඔවුන් නිතර නිතරම ඇවිත් ආපසු යන නිසා දරුවන් වන්නේ නැහැ. ඇතැම් අය පුරවැසියන්ගෙන් උරුමකරුවන් බවට පත් වන නිසා ඔවුනට දරුවන් විය හැකියි. මෙම දැනුම ගෙන මෙහි අසීමිත සතුටක් හා සාමයක් ඇති බවත් බාහිර ලෝකයේ ඇත්තේ දුකම පමණක් බවත් දුටු විට ඔවුන් දෙවියන්ගේ ඔඩොක්කුවට ඒවි. කිසිම කෙනෙක් එක් ක්ෂණයකින් දරුවෙක් වන්නේ නැහැ. මීට පෙර ඔබත් ආවා ගියා. පසුව මෙයට ඇහුම් කන් දුන්නායින් පසුව නැවතුන නිසා ඔබලා උරුමක්කරුවන් බවට පත් වුණා. සන්යාසීන්ලත් ඒ වගේමයි. අත්හැරීම තුළ සාමයක් හා සතුටක් ඇති බව තේරුණු විට ඔවුන් සියල්ල අත් හරිනවා. මෙහිදීත්, මෙහි රසය වින්දායින් පසුව ඔවුන් ආදරණීය පුතණුවන් බවට පත් වෙනවා. එයින් ඔවුන් උපතක් උපතක් පාසා උරුමයකට උරුමකම් කියනවා. පසුව ඔවුන් දිගටම දේවතා පරම්පරා ගසට එකතු වෙනවා. පුරවැසියන් ඔබ සමඟ ඉතිරි වන්නේ නැහැ. ඔවුන්ගේ කර්ම බන්ධන වලට අනුව ඔවුන් වෙන කොහේ හෝ යනවා. ගීතයේ කියැවුණා: සතුටු සමනලුන් මැද පහන් දැල්ල දැල්විලා කියලා. ඉතින් ඒ සතුන් පහන් දැල්ලට ආකර්ෂණය වී මිය යනවා. ඇතැමුන් වටේ කැරකි කැරකී ඉඳ යන්න යනවා. සියලු බල ඇති බාබා ඇතුළු වුණු මෙම ශරීරය පහන් දැල්ලක් වගෙයි. ඔබත් මෙරු රෑනක් සේ මෙහි පැමිණ පසුව සියලු රහස් අවබෝධ වූවායින් පසුව මෙහිම නැවතුණා. දහස් ගණන්, සිය දහස් ගණන් දිගටම මෙහි පැමිණ ඔබ කියනා දෙයට ඇහුම් කන් දේවි. අමරණීය පියාගේ මෙම ඉගැන්වීම් කිසිම දිනෙක විනාශ කළ නොහැකි නිසා වැඩි වැඩියෙන් එයට ඇහුම් කන් දුන් තරමට ආනන්දනීය ප්‍රීතියේ හා සාමයේ ආශිර්වාද ඔවුන් ලබනු ඇත. මෙය හැඳින්වෙන්නේ අවිනාශී දැනුම් ධනස්කන්ධය ලෙසයි. එය කවදාවත් විනාශ කළ නොහැකියි. ඉතින්, ටිකකට හෝ ඇහුම් කන් දෙන අය අනිවාර්යෙන්ම පුරවැසියන්ගෙන් කොටසක් බවට පත් වනු ඇත. එහි පුරවැසියන් පවා සිටින්නේ ඉතාමත් සතුටින්. එහි සෑම කෙනෙක්ම ජීව අවධානයෙන් සිටිනා නිසා සෑම කෙනෙක් තුළම ඇත්තේ ඇතුලාන්ත ප්‍රමෝදයක්. මෙහිදී අපි ශාරිරික අවධානයට පත්ව ඇති නිසා තමයි අපි දුකින් සිටින්නේ. එහි ඇත්තේ දිව්‍ය ලෝකයයි: එහි දුකක කියා සේයාවක්වත් නැහැ. එහි සිව්පා සතුන් පවා සිටින්නේ ලොකු සාමයකින් හා සෙනෙහසකින්. එහෙනම් මිනිසුන් අතර කෙතරම් සාමයක් හා සෙනෙහසක් තිබෙන්න ඇති ද? සෑම කෙනෙක්ම උරුමකරුවෙක් නොවන බව අනිවාර්යයි. මෙහි සිටිනා හොඳම නෛෂ්කර්මය කළ 108 දෙනා ජයග්‍රහණයේ මල්දාමයට එකතු වේවි. ඔවුන් තවමත් ඒ තත්වයට පත් වී නැහැ. තවමත් පත්වෙමින් සිටිනවා. ඒ ගමන්ම පුරවැසියනුත් නිර්මාණය වෙමින් පවතිනවා. ඔවුනුත් දිගටම පිටත (මධ්‍යස්ථානයකට) ජීවත් වෙමින් දිගටම මෙයට ඇහුම් කන් දෙනවා. නිවසේ සිටිනා ගමනුත් ඔවුන් යෝගාවේ සිටිනවා. යෝගාවේ සිටිනා විට ඔවුන් මෙම සාමාජිකත්වයේ කොටසක් වන නිසා පුරවැසි තත්ත්වයෙන් උරුමක්කාර තත්ත්වයට පත් වෙනවා. තවමත් ඉතිරි වී ඇති කර්ම බන්ධන ගිණුම් නිසා දිගටම පිටත ජීවත්වෙමින් යෝගාවේ සිටිනා අතර දිගටම පාපයෙන් තොර අය බවට පත් වෙනවා. ඉතින්, නිවසේ සිටිනා අතර, පාපයෙන් තොරව සිටීමට ඔවුන් පුහුණු වුවහොත්, අනිවාර්යයෙන්ම රණ්ඩු සරුවල් ඇති වේවි. මන්ද රාගික හා කේන්තිකාර මිනිසුන් සිටිනවා... රාගය පරාජය කර වස දීම නැවැත්වූ විට රණ්ඩු සරුවල් පටන් ගැනෙනවා. දෙවියන් කියනවා, දරුවනි, මරණය ඔබ ඉදිරියේයි. මුළු ලෝකයම විනාශ වීමටයි යන්නේ. මිනිස්සු මහළු අයට කියනවා: මරණය ඔබ ඉදිරියේයි. දෙවියන් සිහි කරන්න කියලා. පියා මෙහි අසුන්ගෙන කියනවා: දරුවනි, පාපයෙන් තොර වන්න. දෙවියන් සිහි කරන්න. ඒ වගේම වන්දනා ගමනක් යන විට ඔබ පාපයේ ගැලෙන්නේ හෝ කේන්ති ගන්නේ හෝ නැහැ. යන අතරමඟ පාපයේ ගැලෙන්නේ තැහැ. ගමන යන ගමන් අමරනාථ අමරණීයං කියා කිව්වත් පසුව ආපසු ගෙදර යන ගමන් පාපයේ ගැලෙන්න පටන් ගන්නවා. ඔබ ආපසු යන්නේ නැහැ. ඔබ රාගික හෝ කෝපාවිෂ්ඨ වෙන්න යන්නේ නැහැ. පාපයන්ගේ ගැලුණොත් ඔබගේම තත්වය තමයි විනාශ වී යන්නේ. ඔබ අති පූජනීය වන්නේ නැහැ. පුජනීය වන්නෝ ජයග්‍රාහී මල්දාමයේ කොටසක් බවට පත් වෙනවා. පරදින අය චන්ද්‍ර වංශිකයත් වෙනවා. උත්තරීතර පියා වන උත්තරීතර ජීවය, මෙහි ඉඳගෙන ඔබ සැමට උගන්වනවා. දැනුම් සාගරය වන්නේ ඔහු පමණි. ඔහු අශාරීරික ලෝකයේ ඉඳගෙන ජීව වන ඔබලාට දැනුම් දෙන්න යන්නේ නැහැ. ඔහු මෙහි පැමිණ ඔබලාට දැනුම කියා දෙනවා. ඔහු කියනවා: ඔබලා මගේ දරුවන්. මම පාරිශුද්ධව සිටිනවාක් සේ ඔබලාත් පාරිශුද්ධ විය යුතුයි. එවිට ඔබට පාරාදීසය කියා හඳුන්වන සෙනෙහසින් හා සතුටින් පිරි ස්වර්ණමය යුගයේ ලෝකය පාලනය කළ හැකි වේවි. මෙම ලෝකය දැන් කලි යුගයෙන් සත් යුගය බවට පත් වෙමින් තිබෙනා නිසා වෙනසකට ලක් වෙමින් පවතිනවා. පසුව එය ස්වර්ණමය යුගයෙන් රිදී යුගය බවට පත් වනු ඇත. රිදී යුගයෙත් තඹ යුගය බවට පත් වී පසුව තඹ යුගයෙන් කලි යුගය බවට පත් වෙනවා. මේ විදියට ලෝකය දිගටම වෙනස් වෙමින් යනවා. ඉතින් දැන් මේ ලෝකය වෙනස් වී ගෙන යනවා. කවුද එය වෙනස් කරන්නේ? දෙවියන්ම තමයි. ඔබලා ඔහුගේ ආදරණීය දරුවන් බවට පත් වෙලා. පුරවැසියනුත් නිර්මාණය වෙමින් පවතිනවා. නමුත් දරුවන් දරුවන්මයි. පුරවැසියන් පුරවැසියන්මයි. අත්හැරීමක් කළ අය උරුමකරුවන් වෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම රාජකීය පවුලේ කොටසක් බවට පත් වෙනවා. කොහොම නමුත්, ඔබ එතරම් දැනුමක් ගෙන නැතිනම්, ඔබට තත්ත්වයක් හිමි වන්නේ නැහැ. හොඳින් ඉගෙන ගත් අය දේවතාවරු වේවි. නිකම් ඇවිත් යන අය පුරවැසියන් වේවි. ඒ වගේම ඔබ පුජනීය වුණු තරමට සතුට ලබනු ඇත. ඔවුනුත් ආදරණීය අය වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වයට පත් වන්නේ දරුවන් වුණු විට පමණයි. තේරුණාද? අත්හැරිමේ වර්ග රාශියක් තිබෙනවා. එකක් තම නිවස හා පවුලේ අයව අත්අරිනා අය. අනිත් අය නිවසේ සිටිනා ගමන් නමුත් පාපයේ ගැලී සිටිනා අය. ඔවුන් තම අනුගාමිකයන්ට ග්‍රන්ථ කියව කියවා සිටිනවා. ජීවය ගැන දැනුමත් දෙනවා. ඔවුන්ටත් ගෝලයින් සිටිනවා. නමුත් ඒ ගෝලයින්ට ඔවුන්ගේ ආදරණීය දරුවන් බවට පත් වෙන්න බැහැ. මන්ද ඔවුන්ට ගෙවල් දොරවල් පවුල් ආදිය තිබෙන නිසා. ඉතින් එමනිසා ඒ කිසිම කෙනෙක්ව තමා සමඟ තබා ගැනීමට ඔවුනට හැකි වන්නේ නැහැ. තමනුත් අත්හැරීමක් කර නොමැති අන් අයටත් අත්හැරීමට යොමු කළ නොහැකි අයයි ඔවුන්. ඔවුන්ගේ ගෝලයිනුත් තම තමන්ගේ පවුල් වලම තමයි ජීවත්වන්නේ: නමුත් දිගටම ඔහු ලඟට යනවා. ඔහුත් දිගටම දැනුම හෝ මන්ත්‍රයක් හෝ දෙනවා. ඔවුන් ඔහුගේ උරුමකරුවන් වන්නේ නැහැ. ඉතින් එවිට ඔවුන් අතර වර්ධනයක් ඇති වන්නේ කෙසේද? ඔවුන් කරන්නේ දැනුම දී ශරීරය අතහැර යන්න යන එක පමණයි. බලන්න එකක්. 108 මාලාව. අනික 16,108 ලොකු මාලාව. එය චන්ද්‍ර වංශයේ රාජ කුමර කුමරියන්ගේ මාලාවයි. එතරම් දැනුමක් නොගෙන පාරිශුද්ධ විය නොහැකිව සිටින්නන්ට දඩුවම් විඳ චන්ද්‍ර වංශයේ මාලාවේ කොටසක් බවට පත් වීමට සිදු වේ. රාජ කුමර කුමරියත් රාශියක් සිටිනවා. මේ කාලයේදී ඔබ මේ දේවල් වලට ඇහුම් කන් දී රහස් දැන ගන්නවා. දැනුමේ මේ කරුණු එහේ නැහැ. මෙම දැනුම ලැබෙන්නේ දේවතා ධර්මය ස්ථාපනය වත සංගම යුගයේ දී පමණයි. ඉතින් ඔබලාට කිව්වා: සම්පූර්ණයෙන්ම තම භෞතික ඉන්ද්‍රියන් පරාජය නොකරනා අය චන්ද්‍ර වංශිකයන් බවට පත් වේවි. ඒවායින් ජය ගන්නෝ සූර්ය වංශිකයන් වේවි. ඒ අතරත් ඔවුන් අනිවාර්යෙන්ම විවිධ තත්ව ගන්නවා. කෙනෙක්ට ශරීරයක් ලැබෙන්නේ ඒ අයගේ තත්ත්වයට අනුව. බලන්න, මම කාටත් ඉදිරියෙන් ගිය නිසා ඇයට ශිෂ්‍යත්වයක් හිමි වුණා: ඇය නායකයා වුණා. දැනුමේ මුළු කලසම දුන්නේ ඇයටයි. මමත් ඇයට කියන්නේ අම්මා කියලයි. මන්ද මම මගේ ශරීරය, මනස, ධනය සියල්ල ඇයගේ දෙපා ලඟ කැප කරවා ලේ ඥාතීන් වන මගේම භෞතික දරුවන්ටවත් කිසිවක් දුන්නේ නැහැ. මෙහිදී ඔබලා සදාකාලික දරුවන් වෙනවා. ඔබ සියල්ල අතහැර දමා මෙහි එනවා. ඒනිසා ඔබ කෙරෙහි ඇත්තේ මහත් වූ සෙනෙහසක්. ශක්තිමත්ම බැම්ම සදාකාලික වූ සෙනෙහසයි. සන්යාසීනුත් තම ගෙවල් දොරවල් අතහැර දමා යනවා. ඔබ සියල්ල මෙහි ගෙනැවිත් කැප කළා. දෙවියන්ම පැමිණ සියල්ල ඔබ ඉදිරියේම කර පෙන්වනවා. මෙහිදී ඔබට ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර ලබා ගත හැකියි. දෙවියන්ම පැමිණ එය ඔබට කියන්නත් පුළුවන්. ඔහු විජ්ජාකරුයි. ඔහුගේ විජ්ජාවේ කොටසක් තමයි දැන් සිදුවෙමින් පවතින්නේ. ඔබලා ඉතාමත් ආදරණීය දරුවන්: පියා කවදාවත් ඔබව කලබලයට පත් කරවන්නේ නැහැ. ඔහු ඔබව කලබලයට පත් කෙරෙව්වොත්. දරුවන් වන ඔබ තරහ ගන්න ඉගෙන ගනීවි. මෙහි, සෑම කෙනෙක් අතරම ඇත්තේ ඇතුලාන්ත සෙනෙහසක්. දිව්‍ය ලෝකයේදීත් ඔවුන් එකිනෙකා අතර ඇත්තේ ලොකු සෙනෙහසක්. එහිදී. ඔවුන් සතෝප්‍රධාන්. මෙහි පැමිණෙන අමුත්තන්ට අපි හොඳින්ම සේවය කරනවා. ඔවුන්වත් සාමයෙන් හා සතුටින් නහවනවා. ඔවුන් ආදරණීය පුරවැසියන් බවට පත් වීමටයි සිටින්නේ. දෙමාපියන් (මමා හා බාබා) හා දරුවන් සේවයේ නිරතව සිටිනවා. ඔබලා දේවතාවරුන් බවට පත්වෙමින් සිටියා වුවත් ඒ තත්ත්වය පිළිබඳව ඔබට මෙහිදී කිසිම අහංකාරයක් නැහැ. සෑම කෙනෙක්ම කීකරු සේවකයින් වී සේවයේ නිරත වෙනවා. දෙවියනුත් කීකරු සේවකයෙක් වී තම ආදරණීය පුතණුවන්ට හා පුරවැසියන්ට සේවය කරනවා. ඔහු දරුවන් මත ආනන්දනීය ප්‍රීතියේ වැසි වස්සවනවා. අච්චා.

සුමිහිරි, ආදරණිය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාප්දාදා කිසිම විටෙක දරුවන් වන ඔබලාව කලබලයට (upset) පත් නොකරන්නාක් සේ ඔබත් කිසිම කෙනෙක්ව කලබලයට (upset) පත් නොකළ යුතුයි. කිසිම විටෙක තරහ ගන්න එපා.

2. සාමයේ හා ආනන්දනීය ප්‍රීතියේ ආශිර්වාදය විඳීමට නම්, මුළුමනින්ම ඔබව පහන් දැල්ලට කැප කරවන්න. මෙම අධ්‍යයනයෙන් උත්තරීතර සාමයට හා සතුටට දේවමය අයිතිය දිනා ගන්න.

වරදානය:
ඔබ සියලු දෙනාගේ සුබ පතන්නෙක් වී, සමූහය තුළ සහයෝගයේ බලයෙන්, ජය ලබත්වා.

සමූහයේ සිටින සියලු දෙනාම, එකිනෙකාගේ උදව්කරුවන් සහ සුබ පතන්නන් නම්, එවිට සමූහය තුළ ඔබ සහයෝගයේ බලයෙන් වටවී සිටීම හේතුවෙන්, ආශ්චර්යයන් සිදුකළ හැක. එකිනෙකාගේ සුබ පතන්නෙක් මෙන්ම එකිනෙකා සමඟ සහයෝගී වන්න, එවිට මෙම වටය තුළට ඇතුළු වීමට මායා නිර්භීත නොවෙයි. කෙසේවෙතත්, සමූහය තුළ සහයෝගයේ බලය ඇති වන්නේ, ඔබට කොපමණ දේවලට මුහුණ දීමට සිදු වුණත් අනිවාර්යෙන් ඒවාට මුහුණ දී, ජයගෙන, සියලු දෙනාට පෙන්වන බවට අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබට තිබෙන විට පමණයි.

පාඨය:
ඕනෑම ආශාවක් (ඉච්චා) ඔබට හොඳ (අච්චා) වීමට ඉඩ නොදෙයි. එබැවින් ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වන්න.