13.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය අවුල් ජාලයක ක්‍රිඩාවකි. ඔබට නැවත නැවතත් පරම පියාව අමතක වෙයි. ඔබගේ බුද්ධියේ විශ්වාසය තබා ගන්න, එවිට ඔබ මෙම ක්‍රීඩාවේ සිරගත නොවෙයි.

ප්‍රශ්නය:
ගිණුම් පියවීමේ කාලය දකිද්දී, ඔය දරුවන්ගේ වගකීම වන්නේ කුමක්ද?

පිළිතුර:
ඔබගේ වගකීම වන්නේ මෙම ඉගෙනුමෙහි බොහෝ කාර්ය බහුල වී, වෙනත් කාරණා වලට මැදිහත් නොවී සිටීමයි. පරම පියා ඔබව ඔහුගේ දෑසේ හිඳුවා, ඔබව ඔහුගේ ගෙල වටා මාලයක් කර, ඔහුත් සමග ආපසු රැගෙන යයි. සෑම කෙනෙක්ම තම ගිණුම් පියවා ආපසු නිවසට යා යුතුයි. පරම පියා පැමිණ සිටින්නේ සෑම කෙනෙක්ම ඔහුත් සමග ආපසු රැගෙන යාමටයි.

ගීතය:
දුර ඈත දේශයේ වාසය කරන්නා, විදේශයකට පැමිණිලා.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙතැන අසුන් ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙන්නේ, සාමාන්‍යයෙන් ලෝකයේ සියලුම දෙනාට මෙන්ම විශේෂයෙන් භාරතයට, ලෝක සාමය අවශ්‍ය බව. ලෝක සාමය ස්ථාපිත කරන්නේ, ලෝක අධිපතියා පමණක් බව, වටහා ගත යුතුයි. ලොවෙහි සාමය පැතිරීමට කෙනෙක් අඬගැසිය යුත්තේ, දෙවි පියාණන්ට පමණයි. කෙසේවෙතත්, ඔවුන් අඬගැසිය යුත්තේ කාටද කියාවත්, අසරණ මිනිසුන් නොදනී. මින් හැඳින්වෙන්නේ මුළු ලෝකයම ගැනයි, ඔවුන්ට මුළු ලෝකය පුරාම සාමය අවශ්‍යයි. ඔය ජීවාත්ම සහ පරමාත්ම පියා වාසය කරන සාම දේශය වෙනම තිබේ. මෙය විස්තර කරන්නේ අසීමිත පියා පමණයි. ඔවුන් පවසන්නේ එක් ආගමක් තිබුණේ නම්, සාමය තිබෙයි. කෙසේවෙතත්, සියලුම ආගම් එකමුතු කළ නොහැක. ත්‍රිමූර්තියේ වර්ණනාව තිබේ. බොහෝ දෙනෙක් ත්‍රිමූර්තියේ පිංතූරයක්ද තබා ගනී. ස්ථාපනය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙන් බව, ඔබ දනී. කුමක ස්ථාපනයද? එය සාමයේ පමණක් විය නොහැක. සාමයේ සහ සතුටේ ස්ථාපනය තිබේ. වසර 5000 කට පෙර භාරතයේ, එය ඔවුන්ගේ රාජධානිය වූ කළ, අනෙක් සියලුම මනුෂ්‍යයන් තම ශරීර හළා, ආපසු නිවසට ගොස් තිබුණා. දැන් ඔවුන්ට එක් ආගමක්, එක් රාජධානියක් සහ එක් භාෂාවක් අවශ්‍ය වී තිබේ. පරම පියා දැන් සාමය, සතුට සහ සමෘද්ධිය ස්ථාපිත කරන බව ඔය දරුවන්ට වැටහෙනවා. එක් රාජධානිය නිසැකයෙන්ම මෙහි පැවතෙයි. එක් රාජධානියේ ස්ථාපනය සිදුවනවා මෙය අළුත් යමක් නොවෙයි. මින් පෙර බොහෝ වාර ගණනක්, එක් රාජධානිය ස්ථාපිත කරන ලදී. ඉන්පසුව ආගම් ප්‍රමාණය වැඩිවෙත්ම, ගස දිගටම වැඩී, පරම පියා පැමිණිය යුතු වනවා. සවන් දී, ඉගෙනගන්නේ, ජීවාත්මයයි. ජීවාත්මය වන මා, විවිධ ශරීර ගන්නවා. ඔබගේ බුද්ධිය තුළ මෙම විශ්වාසය වර්ධනය කරගැනීමට පවා ඔය දරුවන්ට බොහෝ උත්සාහයක් ගැනීමට අවශ්‍ය වනවා. ඔබ පවසන්නේ බාබා, අපට මෙය නැවත නැවතත් අමතක වෙනවා. පරම පියා විස්තර කරන්නේ මෙය අවුල් ජාලයක ක්‍රිඩාවක්. ඔබ මෙය තුළ සිර වී ඇති සේය. ආපසු නිවසට හෝ ඔබගේ රාජධානියට යන්නේ කෙසේද කියා ඔබ නොදනී. පරම පියා ඔබට දැන් එය විස්තර කර දී ඇති නමුත්, පෙර කළ ඔබ කිසිවක් දැන සිටියේ නැත. ජීවාත්මයන්ගේ බුද්ධි, ගල් මෙන් වී ඇත. ගල් වැනි බුද්ධි සහ දිව්‍යමය බුද්ධි, භාරතයේ සිහි කෙරෙයි. ගල් වැනි බුද්ධි ඇති රජවරුන් සහ දිව්‍යමය බුද්ධි ඇති රජවරුන් සිටින්නේ මෙහිය. දේවත්වයේ ස්වාමියාගේ දේවාලය ද තිබේ. ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා, ඔබ පැමිණියේ කොහේ සිටන්ද කියා, ඔය ජීවාත්මයන්ට දැන් වැටහෙයි. පෙර කළ ඔබ කිසිවක් දැන සිටියේ නැත. මෙම ලෝකයට, කටු කැලයක් යැයි කියයි. මුළු ලෝකයම කටු කැලෑවකි. මල් උයනක ගින්නක් ඇතිවීම ගැන ඔබ කිසි දිනක අසා නැත. සෑම විටෙකම ගිණි ගන්නේ කැලෑවකි. මෙයද කැලයක් එය අනිවාර්යෙන්ම ගිණි ගනු ඇත. පිදුරු ගොඩ ගිණි ගැනීමට යනවා. මුළු ලෝකයටම පිදුරු ගොඩක් යැයි කියයි. ඔය දරුවන් දැන් පරම පියාව හඳුනන අතර, ඔබ පෞද්ගලිකවම ඔහු ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. ඔබ ගායනා කළේ මා අසුන් ගන්නේ ඔබත් සමග පමණයි... ඒ සියල්ලම දැන් සිදුවෙමින් පවතිනවා. ඔබ අනිවාර්යෙන්ම ඉගෙනගන්නේ පරමාත්ම දෙවියන්ගේ වදන්ය. දෙවියන් කතා කරන්නේ ඔය දරුවන්ට පමණයි. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියන් බව ඔබ දන්නවා. පරමාත්ම දෙවියන් යනු කවුරුන්ද? අශාරීරික ශිවාට දෙවියන් යැයි කියයි. ශිව දෙවියන්ට මෙහිදි වන්දනා කරයි. ස්වර්ණමය යුගයේ වන්දනා කිරීම් සිදුවන්නේ නැත. එහිදී ඔවුන්ට ඔහුව සිහි වන්නේවත් නැත. ඔවුන්ගේ භක්තියේ ඵලය ලෙසින්, බැතිමතුන්ට ස්වර්ණමය යුග රාජධානිය ලැබෙයි. ඔබ උපරිම භක්තිය සිදුකර ඇති බවත්, පරම පියා වෙතට පළමුවෙන්ම ඔබ පැමිණියේ මේ නිසා බවත්, ඔබට වැටහෙනවා. ඉන්පසුව ඔබ රාජධානියට යයි. නව ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කරගැනීමට ඔය දරුවන් සම්පූර්ණ උත්සාහය දැරිය යුතුයි. නව නිවසට විගසින් යාමට ඔය දරුවන් ආශා කරයි. නිවසක් අළුත් වන්නේ ආරම්භයේදී පමණයි ඉන්පසුව එය අඛණ්ඩව පරණ වෙයි. නිවසක දරුවන් සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවනවා. දරුවන් සහ මුනුපුරන් ආදිය පැරණි නිවසේ සිටියි. ඔවුන් මෙසේ කියනු ඇත මෙම නිවස අයත් වන්නේ අපගේ සීයාට හෝ මීමුත්තාටය. පසුව පැමිණෙන බොහෝ දෙනෙක් සිටියි. ඔබ දරණ උත්සාහය තීව්‍ර වන තරමට, ඔබ නව නිවසට කලින් යනු ඇත. ඔබට උත්සාහ දැරිය හැකි ඉතා පහසු ක්‍රම පරම පියා විස්තර කර දෙයි. භක්තියේදී ද ඔවුන් උත්සාහයන් දරයි. බොහෝ භක්තියේ යෙදෙන අයගේ නාමයන් කීර්තිමත් වෙයි සමහර බැතිමතුන්ගේ මුද්දර පවා ඔවුන් නිකුත් කරයි. ඥානයේ මාලාව ගැන කිසිවෙකු නොදනී. පළමුව ඥානය තිබෙන අතර ඉන්පසුව භක්තිය තිබෙයි. කාලයෙන් භාගයකදී, එනම් ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී, ඥානය තිබෙන බව, දැන් ඔය දරුවන්ගේ බුද්ධියේ ඇත. ඔය දරුවන් දැන් ඥානයෙන් පිරිපුන් වනවා. ගුරුවරයෙකුට සෑම විටෙකම සම්පූර්ණ දැනුම ඇත. ශිෂ්‍යයන්ට ලකුණු ලැබෙන්නේ අංක පිළිවෙලටයි. එම කෙනා අසීමිත ගුරුවරයාය. ඔබලා අසීමිත ශිෂ්‍යයින්ය. පෙර චක්‍රයේදී ඔබ සමත් වුණු එම ආකාරයෙන්ම, අංක පිළිවෙලට, ඔය ශිෂ්‍යයන් සමත් වෙයි. උපත් 84 ක් ගෙන ඇති අය ඔබ බව, පරම පියා පහදා දෙයි. උපත් 84 ක් පුරා, ඔබට ගුරුවරුන් 84 ක් හිඳ තිබේ. ඔබ අනිවාර්යෙන්ම නැවත උපත් ගත යුතුයි. මුලදී ලෝකය සතෝප්‍රධාන් වන අතර ඉන්පසුව එය පැරණි සහ තමෝප්‍රධාන් වෙයි. මනුෂ්‍යයන්ද තමෝප්‍රධාන් වෙයි. ආරම්භයේදී ගස, අළුත් සහ සතෝප්‍රධාන්ය. නව පත්‍ර ඉතා හොඳයි. මෙය අසීමිත ගසකි. බොහෝ ආගම් තිබේ. ඔබගේ බුද්ධි දැන් අසීමිතභාවයට යා යුතුයි. ගස බොහෝ විශාලයි! මුලදී ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබෙන අතර පසුව විවිධ ආගම් ඇතිවෙයි. ඔබ විවිධ උපත් 84 ක් ගෙන තිබේ. මෙයද අවිනාශීය. ඔබ සෑම චක්‍රයකදීම උපත් 84 හි චක්‍රය වටා යන බව, ඔබ දන්නවා. උපත් 84 හි චක්‍රය වටා යන්නේ ඔබම පමණයි. කිසිම මනුෂ්‍ය ජීවයක් උපත් මිලියන 8.4 ක් ගන්නේ නැත. බොහෝ විවිධ සත්වයින් ආදියි සිටියි. කිසිම කෙනෙකුට උන්ව ගණන් කිරීමට පවා නොහැක. මනුෂ්‍ය ජීවාත්මය, උපත් 84 ක් ගනී. ඔබගේ චරිත කොටස් රඟපෑමෙන්, ඔබ දැන් සම්පූර්ණයෙන්ම වෙහෙසට පත් වී ඇත. ඔබ අසතුටට පත්ව ඇත. ඉනිමග දිගේ පහළට පැමිණෙන අතර, ඔබ සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වී ඇත. තමෝප්‍රධාන් බවින්, පරම පියා ඔබව නැවතත් සතෝප්‍රධාන් කරවයි. පරම පියා පවසන්නේ මම තමෝප්‍රධාන් ලෝකයකට සහ තමෝප්‍රධාන් සිරුරක් තුළට එන්නෙමි. මුළු ලෝකයම දැන් තමෝප්‍රධාන්ය. මුළු ලෝකයේම සාමය තිබෙන්නේ කෙසේද කියා මනුෂ්‍යයින් විමසයි. ලෝකයේ සාමය තිබුණේ කවදාද කියා ඔවුන් නොදනී. පරම පියා පවසන්නේ ඔබගේ නිවෙස් වල මෙම පිංතූර තිබෙනවා නේද? එය ඔවුන්ගේ රාජධානිය වූ සමයේ, මුළු ලොකයේම සාමය තිබුණා. එයට දිව්‍යලෝකය යැයි කියයි. නව ලෝකයට දෙව්ලොව, ස්වර්ණමය යුගය යැයි කියයි. මෙම පැරණි ලෝකය දැන් පරිවර්ථනය විය යුතුයි. රාජධානිය ස්ථාපිත වනවා. මුළු ලොවෙහිම වූයේ ඔවුන්ගේ රාජධානිය පමණයි. බොහෝ මිනිසුන් ලක්ෂ්මි සහ නාරායන්ගේ දේවාලයට යයි. මෙම භාරතයේ අධිපතියන්ව සිටියේ ඔවුන් බවත්, ඔවුන්ගේ රාජධානියේ සැබවින්ම සාමය සහ සතුට තිබුණු බවත්, ඔවුන්ගේ බුද්ධියට ඇතුළු නොවෙයි. ඔවුන්ගේ රාජධානිය පැවතුනු කළ, එය වසර 5000 ක කාරණාවකි. චක්‍රයෙන් භාගයකට පසුව, ලෝකය පැරණි යැයි කියයි. ව්‍යාපාරිකයන්ගේ ගිණුම් පොත් වල ස්වස්ථිතිකයක් තිබේ. එහිද අරුතක් ඇත. ඔවුන් එයට නිකම්ම ගනේශ් යැයි කියයි. ඔවුන් සලකන්නේ ගනේශ් බාධක විනාශ කරන, දේවතාවක් බවයි. ස්වස්ථිකයට සමාන කොටස් 4 ක් තිබේ. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. මිනිසුන් දීපාවලී (ආලෝක උත්සවය) සමරති. ඇත්ත වශයෙන්ම සත්‍ය දීවාලි වන්නේ ඔය ජීවාත්මයන්ගේ ආලෝකය, උපත් 21 කට දැල්වෙන, සිහිපත් කිරීමේ වන්දනාවයි. ඔබ විශාල ආදායමක් උපයා ගනී. ඔය දරුවන්ට විශාල සතුටක් තිබිය යුතුයි. මෙය ඔබගේ නව ලෝකයට තිබෙන නව ගිණුමයි. ඔබ දැන් උපත් 21 කට ආදායමක් උපයාගත යුතුයි. පරම පියා ඔය දරුවන්ට මෙය විස්තර කර දෙයි. ඔබ ජීවාත්ම බව සලකමින් ඔබ දැන් සවන් දෙනවාද? ඔබ ජීවාත්මයක් බව සලකා සවන් දෙන්නේ නම්, ඔබ සතුට අත්විඳියි. පරම පියා අපට උගන්වනවා! මේවා පරමාත්ම දෙවියන්ගේ වදන්ය! දෙවියන් එක්කෙනෙක් පමණයි. ඔහු අනිවාර්යෙන්ම පැමිණ, සිරුරක් ගන්නවා, මන්ද දෙවියන්ගේ වදන් තිබිය හැක්කේ එවිට පමණයි. කිසිවෙක් මෙය නොදනී, මේ නිසයි මිනිසුන් නැති, නැති (මෙයත් නොවෙයි, එයත් නොවෙයි) කියමින් සිට ඇත්තේ. ඔවුන් කියන්නේ ඔහු පරම පියා, පරමාත්ම ජීවය කියාය. ඉන්පසුව ඔවුන් ඔහුව නොදන්නා බව කියයි. ඔවුන් ශිවාට බාබා යැයි කියන අතර ඉන්පසුව බ්‍රහ්මාට ද බාබා යැයි කියයි. ඔවුන් විෂ්ණුට කිසි විටෙක බාබා යැයි අමතන්නේ නැත. ප්‍රජාපිතා ද බාබාය. ඔබ බීකේවරුන්ය. ඔබ ප්‍රජාපිතා යන ගරු නාමය භාවිත නොකරන විට, ඔවුන්ට වැටහෙන්නේ නැත. බීකේවරුන් බොහෝ දෙනෙක් සිටින බැවින්, සැබවින්ම ප්‍රජාපිතා ද සිටිය යුතුයි. මේ නිසයි ඔබ අනිවාර්යෙන්ම ප්‍රජාපිතා යන නම ලිවිය යුත්තේ. එවිට ප්‍රජාපිතා ඔවුන්ගේ පියා බව, ඔවුන්ට වැටහෙයි. නව ලෝකය නිසැකයෙන්ම නිර්මාණය වන්නේ ප්‍රජාපිතා මගින්ය. ජීවාත්ම වන අප, මුලදි සහෝදරයන්ය. ඉන්පසුව අපි සිරුරු අරගත් විට, අපි සහෝදර සහෝදරියන් වනවා. පරම පියාගේ දරුවන්, අවිනාශී ජීවාත්මයි. ඉන්පසුව ශාරීරික ස්වරූපයන්හිදි අපි සහෝදර සහෝදරියන්ය. ප්‍රජාපිතා යන නම තිබෙන්නේ මේ නිසාය. කෙසේවෙතත්, අප බ්‍රහ්මාව සිහි කරන්නේ නැත. ලෞකික පියවරුන් සහ ලොවට එපිටින් සිටින පරම පියාව පමණයි සිහි කෙරෙන්නේ. කිසිවෙක් ප්‍රජාපිතා බ්‍රහ්මාව සිහි නොකරයි. දුකක් පැමිණි කළ, මිනිසුන් සිහි කරන්නේ පරම පියාවයි, බ්‍රහ්මාව නොවෙයි. ඔවුන් පවසන්නේ අහෝ දෙවියනේ! ඔවුන් කිසි විටෙක මෙසේ නොකියයි අහෝ බ්‍රහ්මා! සතුට තිබෙන කළ, ඔවුන් කිසිම කෙනෙක්ව සිහි නොකරයි. එහි සතුටම හැර වෙනත් දෙයක් නැත. කිසිවෙකු මෙය නොදනී. මෙකල ඔබට පියවරුන් තිදෙනෙක් සිටින බව ඔබ දන්නවා. භක්ති මාර්ගයේදී, ඔවුන්ගේ ලෞකික පියවරු සහ ලොවට එපිටින් සිටින පරම පියාව සිහි කරයි. ස්වර්ණමය යුගයේදී ඔවුන් සිහි කරන්නේ තම ලෞකික පියාව පමණයි. සංගම යුගයෙදී ඔබ පියවරුන් තිදෙනාම සිහි කරයි. ඔබටත් ලෞකික පියවරුන් සිටින නමුත් ඔවුන් සීමිත පියවරුන් බව ඔබට වැටහෙයි. ඔබට ඔවුන්ගෙන් සීමිත උරුමයක් ලැබෙයි. අපට අසීමිත උරුමය ලැබෙන අසීමිත පියාව අපට දැන් හමුවී තිබේ. මෙය වටහා ගත යුතු දෙයක්. අසීමිත පියා දැන් බ්‍රහ්මාගේ සිරුරට ඇතුළු වී තිබෙන්නේ ඔය දරුවන්ට අසීමිත සතුට ලබා දීම පිණිසයි. ඔහු සතු වීමෙන් ඔබට අසීමිත උරුමය ලැබෙයි. මෙය බ්‍රහ්මා මගින් ඔබගේ සීයාගේ උරුමය ලබා ගැනීම මෙනි. ඔහු පවසන්නේ මා ඔබට උරුමය ලබා දෙනවා. මා ඔබට උගන්වනවා. මට ඥානය තිබෙනවා. මනුෂ්‍යයින්ට හෝ දේවතාවන්ට ඥානය නැත. මා තුළ තිබෙන ඥානය, මා ඔය දරුවන්ට ලබා දෙනවා. මෙය ආධ්‍යාත්මික ඥානයයි. ඔබට ආධ්‍යාත්මික පියාගෙන් තත්ත්වයක් හිමි වන බව ඔබ දන්නවා. ඔබ මේ අන්දමින් ඥාන මහා සයුර මත ගෑ යුතුයි. මෙසේ සිහි කෙරෙයි මනස ජයගන්නා අය, සෑම දෙයක්ම ජයගන්නා අතර මනස මගින් පරාජය වන අය, සෑම දේකින්ම පරාජය වෙයි. ඇත්ත වශයෙන්ම කිව යුත්තේ මායා පරාජය කරන අය කියාය, මන්ද, මනස ජය ගත නොහැකි නිසා. මනුෂ්‍යයින් විමසන්නේ මනසේ සාමය තිබිය හැක්කේ කෙසේද? පරම පියා විමසන්නේ තමන්ට මනසේ සාමය අවශ්‍ය බව, ජීවාත්මයක් කියන්නේ කෙසේද? ජීවාත්ම, සාම දේශයේ වාසය කරන්නන්ය. ජීවාත්මයක් සිරුරක් තුළට ඇතුළු වූ පසුවයි ඔහු ක්‍රියා කිරීම ආරම්භ කරන්නේ. පරම පියා පවසන්නේ දැන් ඔබගේ ආදිතම ධර්මයේ තමන්ව ස්ථාවර කරගන්න. තමන් ජීවාත්මයක් බව සළකන්න. ජීවාත්මයේ ආදිතම ධර්මය, සාමයයි. ඔබ සාමය වෙන කොහෙන් සොයාගන්නද? රැජිණගේ මාලයේ නිදසුනේ පදනම වන්නේ මෙයයි. සන්යාසීන් මෙම නිදසුන ලබා දී, ඉන්පසුව ඔවුන්ම සාමය සොයා, වනගත වෙයි. පරම පියා පවසන්නේ ජීවාත්ම වන ඔබගේ ධර්මය, සාමයයි. ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා ඔබ පැමිණියේ සාම දේශයේ සිටයි, එය ඔබගේ නිවහනයි. ඔබ ක්‍රියා කළ යුත්තේ සිරුරු තුළිනුයි. ඔබ ඔබගේ සිරුරෙන් වෙන් වන විට, දැඩි නිහඬතාවයක් ඇතිවෙයි. ජීවාත්මයක් තවත් සිරුරක් ගනී, එබැවින් ඔබ සිත කණස්සල්ලට පත් කරගන්නේ කුමකටද? එම ජීවාත්මය නැවත පැමිණෙන්නේ නැත. කෙසේවෙතත්, බැඳීම් ඔබට කරදර කරයි. එහිදී බැඳීම් ඔබට කරදරයක් නොවෙයි. එහි පාපයන් පහ නොපවතී. එහි රාවනගේ රාජධානියක් නැත. එය රාමාගේ රාජධානියයි. එය සෑම විටෙකම රාවනගේ රාජධානිය වූයේ නම්, මිනිසුන් වෙහෙසට පත් වෙයි. ඔවුන්ට කිසිමදාක සතුට අත්විඳින්නට නොහැකි වනු ඇත. ඔබ දැන් පරමාත්ම දෙවියන් හඳුනන අය බවට පත්ව ඇත. තවද ඔබ ත්‍රිකාලදර්ශීය. මනුෂ්‍යයින් පරම පියාව නොහඳුනති, ඔවුන්ට අදේවවාදීන් යැයි කියන්නේ මේ නිසාය. අතීතයේ සිට පැවතෙන ආගමික ග්‍රන්ථ සියල්ලම අයත් වන්නේ භක්ති මාර්ගයට බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. ඔබ දැන් සිටින්නේ ඥාන මාවතේය. පරම පියා බොහෝ සෙනෙහසින් යුතුව, ඔබව ඔහුගේ දෑසේ හිඳුවා, ඔහුත් සමග ආපසු නිවහනට රැගෙන යයි. ඔහු පවසන්නේ මා ඔබ සියල්ලන්ව මගේ ගෙල වටා මාලාව බවට පත් කර, ඔබව ආපසු රැගෙන යමි. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ ඔහුටයි. රාගය නමැති කොතෙහි අසුන් ගැනීමෙන් අවලස්සණ වී ඇති අයව, ඔහු ඥාන කොත මත අසුන් ගන්වයි. ඔහු ඔවුන්ගේ ගිණුම් පියවන්නට ඔවුන්ට සලස්වා, ඔවුන්ව ආපසු නිවහනට ගෙන යයි. දැන් ඔබගේ වගකීම වන්නේ ඉගෙනගැනීමයි. ඔබ වෙනත් කාරණා වල නියැලෙන්නේ කුමකටද? මිනිසුන් කෙසේ මිය යයිද? කුමක් සිදුවෙයිද? ඔබ ඒ කිසි දේකට මැදිහත් වන්නේ කුමකටද? මෙය ගිණුම් පියවීමේ කාලයයි. සෑම කෙනෙක්ම ඔවුන්ගේ ගිණුම් පියවා, ආපසු නිවසට යයි. ඔය දරුවන්ගේ බුද්ධිය තුළ, මෙම අසීමිත නාටකයේ රහස ඇත වෙනත් කිසිවෙකුට මෙය නොමැත. ඔබ සෑම චක්‍රයකදීම ඔබගේ අසීමිත උරුමය හිමිකර ගැනීමට බාබා වෙතට පැමිණෙන බව, ඔය දරුවන් දන්නවා. අප ජීවමාන ජීවාත්මයි. පරමාත්ම පියා පැමිණ සිරුරක් තුළට ඇතුළු වී ඇත. පරම පියා පවසන්නේ මම සාමාන්‍ය සිරුරකට ඇතුළු වන්නෙමි. ඔහු ඔහුගේම උපත් නොදන්නා බව, මා මෙතැන අසුන් ගෙන ඔහුට විස්තර කර දෙමි. වෙනත් කිසිවෙකුට මෙසේ පැවසිය නොහැක දරුවනි, ජීවාත්ම අවධානයට පත් වී පරමාත්ම පියාව සිහි කරන්න! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සිහිපත් කිරීමේ වන්දනාවේ සිට දිනපතාම සත්‍ය දීපාවලිය සමරන්න. ඔබ උපත් 21 කට ඔබගේ නව ගිණුමේ ආදායමක් එකතු කර ගත යුතුයි.

2. නාටකයේ රහස ඔබගේ බුද්ධියේ තබාගෙන මෙම ඉගෙනුම හැර වෙනත් කිසි දෙයක කාර්ය බහුල නොවන්න. ඔබගේ සියලුම කර්ම ගිණුම් පියවන්න.

වරදානය:
ඔබ ඒකායන පහනේ සෙනෙහස් දැල්ලෙන්, තව බොහෝ පහන් දල්වන, සත්‍ය සේවාධාරීවරයෙක් වේවා.

දීපාවලි දිනයේ, එක පහනකින් බොහෝ පහන් දල්වා දීපමාලාව (ආලෝක මාලාව) සමරයි. දීපක් (පහනක්) තුළ දැල්ලක් තිබේ. ඒ ආකාරයෙන්ම ඔය දීපක් තුළ සෙනෙහස් දැල්ල තිබේ. එක් එක් දීපක් වල සෙනෙහස, ඒකායන පහනට සදම්බන්ධ වූ විට, එය සැබෑ දීපමාලාවයි. එබැවින් ඔබගේ ගැඹුරු සෙනෙහසින්, ඔබ දැල්ලක ස්වරූපයක් බවට පත් වන්නේද කියා, ඔය දීපක් බැලිය යුතුයි. තමන්ගේම ආලෝකයෙන් අවිදු අන්ධකාරය දුරු කරන අය, සැබෑ සේවාධාරීවරුන්ය.

පාඨය:
සෑම විටම එක් ශක්තියක් සහ එක් විශ්වාසයක් යන පාඩම ස්ථීර කරගන්න, එවිට ඔබට ඕනෑම කැලඹීමකින් පහසුවෙන් ඉවත් වීමට හැකි වෙයි.