13.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ සැබෑ දීපමාලාව (ආලෝක උත්සවය) පැවැත්වෙන්නේ නව ලෝකයේදීයි. මෙන්න මේ නිසා තමයි මෙම පැරණි ලෝකයේ කිසිම මිත්‍යා උත්සවයක් ගැන ඔබ තුළ කිසිම ආසාවක් නොතිබිය යුත්තේ.

ප්‍රශ්නය:
ඔබලා පූජනීය හංසයින්ය. ඔබගේ රාජකාරිය කුමක්ද?

පිළිතුර:
ඔබගේ ප්‍රධානම රාජකාරිය නම් එකම එක පියා පිළිබඳ වූ සිහියේ සිටීමයි. එමෙන්ම අන් සෑම කෙනෙක් වෙතම යොමු වී ඇති යෝගාව එකම එක පියා වෙත යොමු කර ගැනීමයි. ඔබ පාරිශුද්ධත්වයට පත් වී අන් සෑම කෙනෙක්වමත් පාරිශුද්ධත්වයට පත් කරවනවා. සාමාන්‍ය මනුෂ්‍යයින් දේවතාවරුන් බවට පත් කරවීමේ කාර්යයේ ඔබ අඛණ්ඩව නිරත වී සිටිය යුතුයි. ඔබ සෑම කෙනෙක්වම දුකින් ගලවා ගත යුතුයි. මඟ පෙන්වන්නන් වී සෑම කෙනෙක්ටම මුක්තියේ හා ජීවන මුක්තියේ මාවත පෙන්වා දෙන්න.

ගීතය:
ඔබව සොයා ගැනීමෙන් අපට මුළු ලෝකයම ලැබී ඇත. අහසත් පෙළොවත් දෙකම අයිති අපටයි...

ඕම් ශාන්ති.
දරුවන් ගීතයට ඇහුම්කන් දුන්නා. තමන් දිව්‍ය ලෝකඅධිරාජ්‍යයේ උරුමය හිමි කර ගන්නවා කියා දරුවන් කියනවා. කිසිම කෙනෙක්ට එය පුළුස්සා දමන්න බැහැ. කිසිම කෙනෙක්ට එය අපගෙන් උදුරා ගන්නත් බැහැ. කිසිම කෙනෙක්ට එම උරුමය අපගෙන් දිනා ගන්න බැහැ. ජීව, පියාගෙන් හිමි කර ගන්නා අතර එවන් පියෙක්ව මව හා පියා කියා හැඳින්වෙනවා. මෙම මව හා පියාව හඳුනා ගත් අයට පමණයි මෙම ආයතනයට පැමිණිය හැක්කේ. පියාත් කියනවා මම දරුවන් ඉදිරියේ මාව එළිදරව් කර ඔවුන්ට රාජයෝගා උගන්වනවා. දරුවන් පැමිණ අසීමිත පියාව තමාට අයිති කර ගන්නවා. දරුවන්ව ගත්තේත් ජීවත්ව සිටියදීමයි. ඔබ මට අයිතියි මා ඔබට අයිතියි. ඇයි ඔබ මට අයිති වුණේ? ඔබ කියනවා බාබා, ඔබගෙන් උරුමය දිනාගැනීම සඳහා අපි ඔබගේ අය බවට පත්ව සිටින්නෙමු. හොඳයි, දරුවනි, එවන් පියෙක්ව කවදාවත් අතහැර නොදමන්න. නැතිනම්, එහි ප්‍රතිඵලය කුමක් වේවිද? අධිරාජ්‍යයේ සම්පූර්ණ උරුමය දිනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනා එකක් නැහැ. බාබා හා මමා අධිරාජ්‍යවරයා හා අධිරාජිණිය බවට පත් වෙනවා. එමනිසා, ඔබ උත්සාහ දරා එවන් උරුමයක් දිනා ගත යුතුයි. කොහොමනමුත්, උත්සාහ දරනා අතරේ, ඇතැම් දරුවන් පියාව අතහැර දමා යනවා. පසුව පාප වල පැටලී අපායට වැටෙනවා. ඔබ කියනවා අපි දැන් සිටින්නේ අපායේ වන නිසා සෑම කාලයකටම දිව්‍ය ලෝකයේ පාලකයින් වශයෙන් සිටීමට අපි පියාව අපේ කර ගත්තා. දිව්‍ය ලෝකයේ පියා හා එහි නිර්මාණකරු වන ඔහු පැමිණෙන තෙක්, කිසිම කෙනෙක්ට දිව්‍ය ලෝකය වෙත යන්න බැහැ. ඔහුගේ නම දිව්‍ය ලෝකයේ පියා යන්නයි. ඔබ ඒ ගැන දන්නවා. පියා කියනවා දරුවනි, මීට වසර 5000 කට පෙර කළා සේ පියාගෙන් තමාගේ උරුමය දිනා ගැනීම සඳහා තමන් දැන් පියා වෙත පැමිණ සිටිනා බව ඔබලාට දැන් වැටහෙනවා. කොහොමනමුත්, ඒ වුණත්, මායාගේ කුණාටු සම්පූර්ණයෙන්ම ඔබව නටඹුන් කර දමනවා. එවිට ඔබ ඉගෙනීම නතර කර දමනවා. එනම්, මිය යනවා. පියාට අයිති වීමෙන් පසුව, ඔහුගේ අත අතහැරියොත්, ඉන් අදහස් වන්නේ ඔබ නව ලෝකයෙන් මිය ගොස් නැවතත් පැරණි ලෝකයටම ගොස් ඇති බවයි. අපායේ දුකින් ඔබව මුදවා ගන්නේ එම පියාම පමණයි. ඔහු ඔබගේ මඟපෙන්වන්නා බවට පත් වී ජීව වන අප පැමිණි ඒ නිහඬ දේශය වෙත ඔබව ගෙන යනවා. පසුව දිව්‍ය ලෝකයේ අධිරාජ්‍යය ඔහු අපට ලබා දෙනවා. පියා මුක්තියේ හා ජීවන මුක්තිය යන දෙක ලබා දීමට පැමිණෙනවා. සත් යුගය සතුටේ දේශයයි. කලි යුගය දුකින් පිරි දේශයයි. ජීව වන අපි පැමිණියේ සාම දේශයේ සිටයි. මෙම පියා සාමය දානය කරන්නා සේම අනාගතය සඳහා සතුට දානය කරන්නා ද වේ. මෙම සාමයෙන් තොර වූ දේශයේ සිටත්, පළමුවෙන්ම අපි සාමයේ දේශය වෙත යමු. එය හඳුන්වන්නේ මිහිරි නිහඬ දේශය ලෙසයි. අපි සිටින්නේ එහියි. ඒ අපගේ මිහිරි නිවහනයි කියා කියන්නේ ජීවයයි. මේ කාලයේ දී අප මේ ඉගෙන ගන්නා දැනුමින් අපි දිව්‍ය ලෝකයේ අධිරාජ්‍යය දිනා ගනිමු. පියාගේ නම විමුක්තිය ලබා දෙන්නා. මඟපෙන්වන්නා හා දැනුමින් පිරි, ප්‍රමෝදයෙන් පිරි, දැනුමේ සාගරය යන්නයි. ඔහු ඉතාමත් කරුණාවන්තයි. ඔහු සෑම කෙනෙක්ටම කරුණාව දක්වනවා. ඔහු ස්වභාවධර්මය වෙතත් කරුණාව දක්වනවා. සෑම කෙනෙක්ම දුකින් නිදහස් වෙනවා. සිව්පාවුන් පවා දුක් විඳිනවා. සතෙක්ව මැරුවොත් ඌට එය දුකක් වෙනවා නේද? පියා කියනවා මම සෑම කෙනෙක්වම දුකින් මුදවා ගන්නවා. මිනිසුන්ගෙන් පමණක් නොවෙයි. කොහොමනමුත්, මම සිව්පාවුන්ව නම් මා සමඟ ගෙන යන්නේ නැහැ. මෙය අදාළ වන්නේ මිනිසුන්ටයි. එවන් අසීමිත පියවරුන් සිටින්නේ එකම එක්කෙනයි අන් සෑම කෙනෙක්ම ඔබව ගෙන යන්නේ පරිහාණියටයි. අසීමිත පියා පමණයි තමාට දිව්‍ය ලෝකයේ ත්‍යාගය, මුක්තියේ දේශය ලබා දෙන්නේ කියා දරුවන් වන ඔබලා දන්නවා. ඉහළම ඉහළ කෙනා වන්නේ එකම එක පියායි. සෑම භක්තිවන්තයෙක්ම එම පියාව සිහි කරනවා. ක්‍රිස්තියනුවනුත් දෙවියන්ව සිහි කරනවා. ශිවා උසස්ම පියායි. දැනුමින් පිරි ප්‍රමෝදයෙන් පිරි කෙනා වන්නේ ඔහු පමණයි. දරුවන් වන ඔබට මෙහි අර්ථය වැටහෙනවා. ඔබ අතරිනුත් එය විවිධයි. ඇතැම් අයව දැනුමින් කොපමණ සැරසුවත්, ඔවුන් පාපයටම වැටෙනවා අපිරිසිඳු ලෝකය වෙතම ආකර්ෂණය වෙනවා. ඇතැම් දරුවන් දීපමාලාව බලන්න යනවා. ඇත්තෙන්ම කියනවා නම්, මාගේ දරුවන් එම බොරු දීපමාලාව බැලිමට නොයා යුතුයි. නමුත් ඔවුන්ට දැනුමක් නොමැති නිසා ඒ ආසාව තිබෙනවා. ඔබගේ දීවාලිය ඇති වන්නේ සත් යුගයේදීයි, ඔබ පාරිශුද්ධත්වයට පත් වුණු කලයි. මිහිරි නිවහන වෙත හා මිහිරි දිව්‍ය ලෝකය වෙත ඔබව ගෙන යාමට පියා පැමිණෙනවා කියා දරුවන් වන ඔබලා පැහැදිලි කර කියා දිය යුතුයි. හොඳින් ඉගෙන ගන්නා අය හා දැනුම උකහා ගන්නා අය දිව්‍ය ලෝකරාජ්‍යය වෙත යනු ඇත. කොහොමනමුත්, එය ඔබගේ වාසනාවේ තිබිය යුතුයි. ශ්‍රීමත් අනුගමනය කළේ නැති නම්, උසස් වෙන එකක් නැහැ. මේවා ශ්‍රී ශ්‍රී ශිව බාබා කියූ දේවල්ය. මිනිසුන්ට දෙවියන් ගැන අවබෝධය ලැබෙනා තෙක්, දිගින් දිගටම භක්තියම කර කර සිටීවි. විශ්වාසය ස්ථීර වුණු කළ, භක්තිය නිරායාසයෙන්ම නතර වෙනවා. ඔබලා පූජනීයයි. පියාගේ උපදෙස් වලට අනුව ඔබ සෑම කෙනෙක්වම පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඒ මිනිස්සු හින්දුවරුන්ව හෝ මුස්ලිම්වරුන්ව ක්‍රිස්තියානුවන් බවට පත් කරවනවා. ඔබ යක්ෂ මිනිසුන්ව පාරිශුද්ධ කරවනවා. එලෙස ඔවුන් පාරිශුද්ධ වුණු විට පමණයි දිව්‍ය ලෝකයට හෝ මිහිරි නිවහන වෙතට යන්නේ. එකම එක කෙනා පමණයි. එකම එක පියා හැරෙන්න ඔබ වෙන කිසිම කෙනෙක්ව සිහි කරන්නේ නැහැ. ඔබට උරුමය හිමි විමට ඇත්තේ එකම එක පියාගෙන් පමණයි. එමනිසා, අනිවාර්යෙන්ම, ඔබ සිහි කරන්නේ එම එකම එක පියාව පමණයි. ඔබ පාරිශුද්ධත්වයට පත් වී අන් අයවත් පාරිශුද්ධ කරවීමට උදව් වෙනවා. අනිකුත් පූජකවරියන් කිසිම කෙනෙක්ව පාරිශුද්ධ කරවන්නේත් නැහැ, තවත් කෙනෙක්ව පූජකවරියක් බවට පත් කරවන්නේත් නැහැ. ඔවුන් කරන්නේ හින්දුවරුන්ව ක්‍රිස්තියානුවන් බවට පත් කරවනා එක පමණයි. පූජනීය පූජකවරියන් වන ඔබලා සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවා සෑම ජීවයකටම තමාගේ උත්තරීතර පියා වෙත සම්බන්ධ වීමට මෙහෙය වනවා. ගීතාවේ කියනවා ඔබගේ ශරීරයත් සියලුම ශාරීරික ඥාතීනුත් අතහැර දමන්න. තමා ජීවයක් බව සලකමින් පියාව සිහි කරන්න. දැනුම උකහා ගැනීමෙන් පමණයි ඔබට රාජ්‍යය හිමි වන්නේ. ඔබ සදා නිරෝගී කෙනෙක් බවට පත් වන්නේ පියාගේ ස්මරණයෙන්ම පමණයි. දැනුම මඟින් ඔබ සදා නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. පියා දැනුමේ සාගරයයි. ඔහු සෑම වේද ග්‍රන්ථයකම හා ආගමික ග්‍රන්ථයකම සාරය ඔබට කියා දෙනවා. මිනිස්සු බ්‍රහ්මාගේ අත මත ආගමික ග්‍රන්ථ පෙන්වා තිබෙනවා. මොහු බ්‍රහ්මායි. ශිව බාබා මොහු මඟින් සෑම වේද ග්‍රන්ථයකම හා ආගමික ග්‍රන්ථයකම ඇති සාරාංශය කියා දෙනවා. ඔහු දැනුමේ සාගරයයි. ඔබ මොහු මඟින් දිගටම දැනුම ලබා ගන්නවා. අන් අය පසුව ඔබ මඟින් එය ලබා ගන්නවා. ඇතැම් දරුවන් කියනවා බාබා, රෝගී වුණු මිනිසුන්ට මෙහි පැමිණ නිරෝගී වී දිව්‍ය ලෝකයෙන් තමාගේ උරුමය හිමිකර ගත හැකි වන ලෙස මම මෙම ආධ්‍යාත්මික රෝහල ඉදි කරනවා. ඔවුන්ගේ ජීවිත ඉතාමත් වටිනා ඒවා බවට පත් කර ගනිමින් ඔවුන්ට සතුට විඳිය හැකියි. එමනිසා, බොහෝ අයගේ ආශිර්වාද ඔවුන්ට ලැබෙනු ඇත. ගිතාව, භගවතය, වේදාවන්, උපනිෂද් ග්‍රන්ථ වැනි දේවල් හැදෑරීම, යාග හෝම පැවැත්වීම, තපස්යා කිරීම, නොකා නොබී ඉඳීම, බාර හාර වීම් සහ වන්දනා ගමන් යාම් වැනි සෑම දෙයක්ම යෝගට් වගෙයි ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ සැරසිලියි. එකම එක පියාගේ එකම එක ශ්‍රීමත් පමණක් අනුගමනය කිරීමෙන් භාරතයට කිරි ලැබෙනවා. ශ්‍රීමත් භගවත් ගීතාව පවා වෙනස් කර තිබෙනවා. දැනුමේ සාගරය, පාරිශුද්ධකරු, අශරීරික උත්තරීතර පියා, උත්තරීතර ජීවය, යන නම් වෙනුවට, ඔවුන් දමා ඇත්තේ ශ්‍රී ක්‍රිෂ්ණාගේ නමයි. එසේ කර ඔවුන් එය යෝගට් කරවලා. මෙය විශාල වැරැද්දක්. දැනුමේ සාගරය ඔබට ඍජුවම දැනුම ලබා දේ. මෙම ලෝකය කැරකෙන්නේ කෙසේද ලෝක ගස වර්ධනය වන්නේ කෙසේද වැනි දේවල් දැන් ඔබ දන්නවා. බ්‍රහ්මින්වරුන් වන ඔබලා ඉහළින්ම සිටින්නන්ය. ශිව බාබා බ්‍රහ්මින්වරුන්ගේ පියායි. පසුව ඔබලා බ්‍රහමින් තත්ත්වයෙන් දේවතාවරුන් බවට පත් වී, ක්ෂත්‍රියින්, වෛශ්‍යයින් හා ශුද්‍රයින් බවට පත් වේ. මේක තමයි පිනුම් ගැහිල්ල. උපත් 84 චක්‍රය යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. වේද ග්‍රන්ථ කියවනා තැන් වල සිටිනා කණ්ඩායම් වලටත් මේ දේවල් තේරුම් කර කියා දිය හැකියි භක්තිය යෝගට් වගේ නමුත් දැනුම මුක්තිය හා ජීවන මුක්තිය ලබා දෙන බටර් වගෙයි. ගැඹුරින්ම දැනුම අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම්, ඉවසීමෙන් ඇහුම් කන් දෙන්න. බ්‍රහ්ම කුමාරීන්ට පුළුවන් එය ඔබට පැහැදිලි කර කියා දෙන්න. මෙම දරුවන් බිෂම්පිතාම්ටත් ආෂාතමාටත් අවසානයේදී දැනුම දුන්නා කියා සඳහන් වී තිබෙනවා. අවසානයේ දී සෑම කෙනෙක්ම තේරුම් ගනීවි ඔබ කියනා දේ නිවැරදියි කියලා. අනිවාර්යෙන්ම ඔවුන් අවසානයේදී පැමිණේවි. ප්‍රදර්ශන ආදිය පැවැත්වූ විට, මිනිස්සු දහස් ගණනින් පැමිණෙනවා. නමුත් සෑම කෙනෙක්ම සම්පූර්ණ විශ්වාසය ඇති අය බවට පත් වන්නේ නැහැ. ඉතාමත් හොඳින් තේරුම් ගෙන එම විශ්වාසය ඇති අය බිහි වන්නේ කෝටි ගණනකින් අතේ ඇඟිලි ගණනක ප්‍රමාණයක් පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණිය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, ඥානයේ වාසනාවන්ත තාරකාවන්ට, ඔබගේ උත්සාහයට අනුව අංක පිළිවෙලට, මව, පියා බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර කරයි.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ පාරිශුද්ධත්වයට පත් වී අන් අයවත් ඔබ සේම පාරිශුද්ධ කරවන්න. එකම එක පියා හැර කිසිවෙක් සිහි නොකරන්න.

2. බොහෝ ජිවයන්ගෙන් ආශිර්වාද, ලැබීමට නම්, ආධ්‍යාත්මික රෝහලක් විවෘත කරන්න. සැම කෙනෙක්ටම මුක්තිය හා ජීවන මුක්තිය වෙත මාවත පෙන්වා දෙන්න.

වරදානය:
ඔබ පරම පියාට සමාන වී, බ්‍රහ්ම පියාව අනුගමනය කිරීමෙන් ප්‍රථම ශ්‍රේණියට පැමිණෙත්වා.

ඔය සියලු දරුවන් තුළ බ්‍රහ්ම පියා කෙරෙහි බොහෝ සෙනෙහස තිබෙන අතර සෙනෙහස තිබීමේ සලකුණ වන්නේ, ඔහුට සමාන වීමය. මේ සඳහා නිරන්තරයෙන් මෙම අරමුණ තබා ගන්න: පළමුව මම! ඊර්ෂ්‍යාවෙන්, ‘පළමුව මම’ නොවෙයි, මන්ද, එය හානි ගෙන එයි. කෙසේවෙතත්, ඔබ පියාව අනුගමනය කිරීමේදි ‘පළමුව මම’ කියන විට සහ එය සැබැවින්ම සිදුකරන විට පළමු කෙනා සමග ඔබත් ප්‍රථමයෙන් පැමිණෙයි. බ්‍රහ්ම පියා අංක එක බවට පත් වූ ආකාරයෙන්ම, ඔහුව අනුගමනය කරන අයත් අංක එක බවට පත්වීමේ අරමුණ තබා ගත යුතුයි. මුල පුරන කෙනා, ප්‍රථම කෙනා, අර්ජුනාය. සෑම කෙනෙකුටම ප්‍රථමයෙන් පැමිණීමට අවස්ථාවක් තිබේ. ප්‍රථම ශ්‍රේණිය අසීමිතයි, එය අඩු නැහැ.

පාඨය:
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීම සඳහා, තමන්ට සේවය කරන අතරම අන් අයටද එකවර සේවය කරන්න.

මාතේශ්වරීගෙන් ශ්‍රේෂ්ඨ වදන් - 1957/01/21

මෙම දේවමය සත්සංගමය සාමාන්‍ය එකක් නොවෙයි.

අපගේ මෙම දේවමය සත්සංගමය සාමාන්‍ය එකක් නොවෙයි. මෙය, ඔබ නිතිපතා ඉගෙනගත යුතු දේවමය පාසැලක්, කොලිජියක්. එසේ නැත්නම්, ඔබ නිකමට සත්සංගමයකට ගොස් එයට කෙටි කාලයකට සවන් දෙන්නේ නම්, ඔබට ප්‍රතිලාභයක් නිර්මාණය කරගත හැකි, නිතිපතා ඉගෙනුමක් නොමැති නිසා, ඔබ එවිට සිටි අන්දමින්ම සිටියි. අපගේ සත්සංගමය සාමාන්‍ය සත්සංගමයක් නොවන්නේ මේ නිසයි. දෙවියන් අසුන්ගෙන අපට උගන්වන මෙය, අපගේ දේවමය කොලිජීයයි, එමෙන්ම අප එම ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම ධාරණය කරගෙන උසස් තත්ත්වයක් හිමිකර ගන්නවා. ගුරුවරයෙක් පාසැලක දිනපතා උගන්වා, ඉන්පසුව උපාධියක් පිරිනමන ආකාරයෙන්ම, මෙහිදීද, පරමාත්ම දෙවියන්ම, ගුරූ, පියා සහ ගුරුවරයා ස්වරූපයෙන් අපට උගන්වා, අපට උසස්ම දේවතා තත්ත්වය හිමිකර ගැනීමට මඟ පාදයි. මෙම පාසැලට ඇතුලත් වීමට අවශ්‍ය වන්නේ මේ නිසයි. මෙහි පැමිණෙන අය, මෙම දැනුම සහ මෙහි ලබාදෙන ඉගැන්වීම් මෙන්ම, මෙම ඉගැන්වීම් ලැබීමෙන් අප හිමි කරගන්නේ කුමක්ද කියා වටහා ගැනීම අවශ්‍ය වනවා. දෙවියන්ම පැමිණ අපට උපාධියක් ලබා ගැනීමට මඟ පාදන අතර ඉන්පසුව අප එක උපතකදී මුළු පාඨමාලාවම සම්පූර්ණ කළ යුතු බව අප දන්නවා. ආරම්භයේ සිට අවසානය දක්වාම මෙම දැනුමේ පාඨමාලාව මුළුමනින් හදාරන අය, සම්පූර්ණයෙන් සමත් වෙයි. පාඨමාලාවේ මැදදී සම්බන්ධ වන අය, එතරම් දැනුම ලබා නොගනී. පාඨමාලාවේ ආරම්භය කුමක්ද කියා ඔවුන් දැනගන්නේ නැහැ. ඔබ මෙහිදි නිතිපතා ඉගෙන ගත යුත්තේ මේ නිසයි. ඔබ ඉදිරියට ගමන් කරන්නේ, මෙම දැනුම ගැන දැන ගැනීමෙන් පමණයි, ඔබ නිතිපතා ඉගෙන ගත යුත්තේ මේ නිසයි.

දෙවියන්ගේ සැබෑ දරුවෙක් වී, කිසිම සැකයක් ඇති කර නොගන්න.

දෙවියන්ම මෙම පොළවට පැමිණ ඇති බැවින් අප ඔහුට ස්ථීරවම අපගේ දෑත් ලබා දිය යුතුයි, නමුත් බාබාට තම දෑත් ලබා දීමට හැකි වන්නේ, සැබෑ, ශක්තිමත් දරුවන්ට පමණයි. මෙම පියාගේ හස්තය කිසිදා අත් නොහරින්න. ඔබ ඔහුගේ හස්තය අත්හරින්නේ නම්, ඔබ අනාථ දරුවෙක් වූ පසුව ඔබ යන්නේ කොහාටද? ඔබ දෙවියන්ගේ අත අල්ලාගෙන ඇති බැවින්, සූක්ෂම අන්දමකින්වත් ඔහුගේ හස්තය අතහැරීමේ සිතිවිලි ඇති කර නොගන්න. කිසිම සැකයක් නොතිබිය යුතුයි: මට මෙය කිරීමට හැකි වෙයිද කියා මා නොදනී. පියාව හඳුනා නොගැනීම නිසා, පියා ඉදිරියට පැමිණ, ඔවුන් කිසි දෙයක් ගැන නොතකන බව පවසන එවන් දරුවන් ද සිටිනවා. එවන් සිතිවිලි තිබේ නම්, එවන් නොවටිනා දරුවන්ව පියා රැක ගන්නේ කෙසේද? ඔබ එවිට වටහා ගත යුතුයි, ඔබ ඇද වැටෙන බව, මන්ද, මායා ඔබව වැට්ටීමට තදින් වෙර දරයි ඔබ කෙතරම් දුරට එඩිතර, ශක්තිමත් සටන්කාමියෙක්ද කියා, ඇය අනිවාර්යෙන් ඔබව පරීක්ෂා කර බලයි. මෙයද අවශ්‍යයි. ඔබ දෙවියන් සමඟ දක්ෂයෙක් වන තරමට, මායා ද දක්ෂ වී, ඔබව වැට්ටීමට උත්සාහ දරයි. යුගල වීම නිසි ආකාරයට සිදුවෙයි. දෙවියන් ශක්තිමත් වන තරමට, මායා ඒ තරමින්ම ඇගේ බලය පෙන්වයි, නමුත් අවසානයේ සියල්ලටම වඩා බලවත් වන්නේ දෙවියන් බවත්, එය ඔහුගේ ජයග්‍රහණය වන බවටත් ස්ථීර විශ්වාසය අපට තිබේ. අප සෑම හුස්මකම මෙම විශ්වාසය තබාගෙන, මායාට අපගේ බලය පෙන්විය යුතුයි. ඇය දෙවියන් ඉදිරියේ ඇගේ දුර්වලතා නොපෙන්වයි. ඔබ වරක් දුර්වල වුණොත් එය අවසානයයි. එබැවින් මායා ඇගේ බලය පෙන්වුවත්, අප මායාගේ අධිපති වන ඒකායන කෙනාගේ හස්තය, අත් නොහැරිය යුතුයි. ඔබ සම්පූර්ණයෙන් ඔහුගේ දෑත අල්ලා ගත්විට, එවිට ජයග්‍රහණය ඔබගේ බව, ඔබට සැලකිය හැක. දෙවියන් අපගේ ස්වාමී බැවින් ඔහුගේ හස්තය අතහැරීමේ කිසිදු සිතිවිල්ලක් ඇති නොවිය යුතුයි. ඔබ ඔහුගේ හස්තය අත්හලහොත් ඔබ මහා මෝඩයෙක් වනු ඇත, දෙවියන් මෙසේ පවසන්නේ ඒ නිසයි: දරුවනේ, මම සර්ව බලධාරියාමයි, එබැවින් ඔබ මා සමඟ සිටින නිසා, ඔබ ද සර්ව බලධාරී විය යුතුයි. දරුවනේ, ඔබට වැටහෙනවාද? අච්චා.