14.01.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ සිරුරු දැන් සම්පූර්ණයෙන්ම පරණ වී තිබේ. ඔබගේ සිරුරු කල්ප වෘක්‍ෂය මෙන් අමරණීය කිරීමට, පියා පැමිණ සිටියි. ඔබ චක්‍රයෙන් භාගයක් අමරණීය වෙයි.

ප්‍රශ්නය:
මෙම නාටකයේ වටහා ගැනීමට ඉතා වැදගත් වන්නේ කුමන කරුණද?

පිළිතුර:
මෙම නාටකයේ සියලුම නළුවන්ගේ මුහුණු ඔබට දැක ගත හැකි වන්නේ එක් වරක්, එනම්, මෙකල පමණයි. ඔබ නැවතත් එම මුහුණුම වසර 5000කට පසුව දකියි. උපත් 84හි මුහුණු 84ක් තිබෙන අතර ඒ සෑම එකක්ම වෙනස් වනු ඇත. එක් අයෙකුගේ ක්‍රියා කලාපයද වෙනත් කෙනෙක් හා සමාන විය නොහැක. කුමන ක්‍රියා සිදුකළත් එම ක්‍රියාම නැවතත් වසර 5000කට පසුව ඒ ආකාරයෙන්ම කරයි. මෙම කරුණු වටහා ගැනීම සැබවින්ම වටින්නේය. දැන් ඔය දරුවන්ගේ බුද්ධියේ අගුලූ විවර වී ඇති නිසා, ඔබට සියලු දෙනාටම මෙම රහස් පහදා දිය හැක.

ගීතය:
අවිහිංසක ස්වාමි අසහායයි...

ඕම් ශාන්ති.
අවිහිංසක ස්වාමි ලෙස හැඳින්වෙන්නේ ශිව බාබා පමණයි. ශංකර් එලෙස හැඳින්විය නොහැක. ඔහු විනාශ කරන අතර ශිව බාබා නිර්මාණය කරයි. නිර්මාණය වන්නේ අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකය වන අතර විනාශ කෙරෙන්නේ අපායයි. එබැවින් අවිහිංසක ස්වාමි, ඥානයේ මහා සයුර, ලෙස හැඳින්විය හැක්කේ ශිව බාබාව පමණයි. ඔය දරුවන්ට දැන් අත්දැකීම් තිබේ. ශිව බාබා නිසැකයෙන්ම පෙර චක්‍රයේද පැමිණෙන්නට ඇති අතර ඔහු නියත වශයෙන්ම දැන් පැමිණ ඇත. ඔහු මනුෂ්‍ය ලෝකය අලුත් කළ යුතු නිසා ඔහු අනිවාර්යෙන් පැමිණිය යුතුයි. ඔහු නාටකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් ඔබට කිව යුතු බැවින්, ඔහු අනිවාර්යෙන් මෙහි පැමිණිය යුතුයි. ඔහුට එය සූක්‍ෂම කලාපයේදී ඔබට කිව නොහැක. සූක්‍ෂම කලාපයේ භාෂාව වෙනස් අතර අශාරීරික ලෝකයේ භාෂාවක් නැත. මෙහිදි එය කතා නාද වෙයි. නරක් වී ඇති දේ නැවත සකස් කරන්නේ ශිව බාබාය. සියලු දෙනාටම විමුක්තිය පිරිනමන ඒකායන කෙනා වන පරමාත්ම දෙවියන් පවසන්නේ: ලෝකය තමෝප්‍රධාන් වූ විට මා පැමිණිය යුතුයි. ඔහුගේ සිහිවටන ද මෙහි ඇත. මෙම නාටකයේ සියලුම මනුෂ්‍යයන්ගේ මුහුණු දැක ගත හැක්කේ එක් වරක් පමණයි. ලක්‍ෂ්මි සහ නාරායනගේ මුහුණු වුවද, සත් යුගයෙන් පිටත කොහේවත් දැකිය නොහැක. ඔවුන් පුනර්භව ගන්නා විට ඔවුන්ගේ නම් සහ රූප වෙනස් වෙයි. ඔබ ලක්‍ෂ්මි සහ නාරායනගේ රූප, වරක් දැක ගත් පසුව, ඔබ තව වසර 5000කට එම රූපයම නොදකියි, ඒ ආකාරයෙන්ම ඔබ ගාන්දිගේ එම මුහුණම නැවත දකින්නේ වසර 5000කට පසුවයි. මනුෂ්‍යයන් අසංඛේය ප්‍රමාණයක් සිටියි. ඔබ දැන් දකින මනුෂ්‍යයන්ගේ මුහුණු ඔබ නැවත දකින්නේ වසර 5000කට පසුවයි. උපත් 84ට මුහුණු 84ක් තිබෙන අතර ඒ සෑම එකක්ම එකිනෙකට වෙනස් වෙයි. එක් අයෙකුගේ ක්‍රියා ද, වෙනත් කෙනෙකුගේ ක්‍රියා හා සැසඳිය නොහැක. කෙනෙක් කුමන ක්‍රියා සිදුකළත් එම ක්‍රියාවන්ම වසර 5000කට පසුව ඒ ආකාරයෙන්ම නැවතත් සිදුවෙයි. මෙම කරුණු වටහාගැනීම බොහෝ වටින්නේය. බාබාගේ ප්‍රතිරූ තිබේ. ඔහු නියත වශයෙන්ම, ලෝකය නිර්මාණය කිරීමට පළමුව පැමිණෙන්නට ඇති බව ඔබට වැටහෙයි. දැන් ඔබගේ බුද්ධියේ අගුළු විවර වී ඇති නිසා ඔබට වැටහෙයි. ඔබ දැන් අන් අයගේ බුද්ධියේ අගුළු ද මේ ආකාරයෙන් විවර කළ යුතුයි. අශාරීරික පියා නිසැකයෙන්ම පරම දනව්වේ වාසය කරයි. ඔබ ද මා සමඟ එහි වාසය කරයි. මා ප්‍රථමයෙන් පැමිණෙන විට, බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් මා සමඟ සිටියි. මනුෂ්‍ය ලෝකය ඒ වන විටත් පවති. එසේනම් එය බ්‍රමණය වන්නේ කෙසේද, එසේම එය නැවත ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදුවන්නේ කෙසේද? ප්‍රථමයෙන් සූක්‍ෂම කලාපය නිර්මාණය කළ යුතු අතර ඉන්පසුව ඔහු භෞතික ලෝකයට පැමිණිය යුතුයි. දේවතාවන් වීමට ඇති මනුෂ්‍යයන්, දැන් ශූද්‍රයන් වී ඇති නිසා, ඔවුන් ප්‍රථමයෙන් බ්‍රහ්මණයන් විය යුතු අතර ඉන්පසුව දේවතාවන් බවට පත් කළ යුතුව ඇත. එබැවින් මා පෙර චක්‍රයේ ඔබට ලබා දුන් දැනුම නැවත වරක් ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. මා අසුන්ගෙන ඔබට රාජයෝගාව උගන්වන්නේ මේ කාලයේය. පසුව චක්‍ර භාගයකට පසුව, භක්තිය ඇරඹෙයි. පැරණි ලෝකය අලුත් වන්නේ කෙසේද, ඉන්පසුව අවසානයේදී, නැවතත් මුල ආරම්භ වන්නේ කෙසේද කියා, පියාම මෙහි අසුන්ගෙන විස්තර කරයි. පරමාත්ම ජීවය පැමිණි බව මිනිසුන්ට වැටහෙන නමුත් ඔහු පැමිණියේ කවදාද සහ කෙසේද කියා ඔවුන් නොදනී. ඔහු මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් හෙළි කළේ කෙසේද කියා ඔවුන් නොදනී. පියා පවසන්නේ: ඔබට විමුක්තිය පිරිනැමීම සඳහා, මා පෞද්ගලිකවම පැමිණ සිටියි. මායා, රාවණ, සෑම කෙනෙකුගේම භාග්‍යය නරක් කර ඇත. එබැවින් නරක් වී ඇති දෙය නැවත සකස් කිරීමට කෙනෙක් අනිවාර්යෙන් අවශ්‍යයි. පියා පවසන්නේ: මා වසර 5000කට පෙරත් බ්‍රහ්මාගේ ශරීරයේ පැමිණියා. මනුෂ්‍ය ලෝකය නිර්මාණය වන්නේ මෙහිදීය. මා මෙහි පැමිණෙන්නේ ලෝකය පරිවර්ථනය කිරීමට සහ ඔබගේ සිරුරු කල්ප වෘක්‍ෂය මෙන් අමරණීය කරවීමටයි. ඔබගේ සිරුරු දැන් මුළුමනින්ම පරණ වී තිබේ. බාබා ඒවා චක්‍ර භාගයකට අමරණීය කරවයි. ඔබ එහිදි ඔබගේ සිරුරු මාරු කරන නමුත් ඔබ එය කරන්නේ සතුටින්ය, මන්ද, ඔබ එක් පරණ ඇඳුමක් හලා දමා අලුත් එකක් ගන්නා බැවින්. අහවල් කෙනා මිය ගිය බව, ඔබ එහිදි නොකියයි: එහිදි එය මරණය ලෙස හැඳින්වෙන්නේ නැත. ඒ ආකාරයෙන්ම ඔබ මෙහිදි ජීවමානව මියැදී ඇත. ඔබ සැබවින්ම මිය ගියා නොවෙයි, නමුත් ඔබ තමන්ව ශිව බාබාට අයත් කර දී ඇත. බාබා පවසන්නේ: ඔබ මගේ දෑසේ ආලෝකයයි, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ය. ශිව බාබා මෙය පවසන අතර බ්‍රහ්ම බාබා ද මෙය පවසයි. එම කෙනා අශාරීරික පියා වන අතර මෙම කෙනා ශාරීරික පියාය. ඔබ මෙසේද කියයි: බාබා ඔබ එම කෙනාම වන අතර අප ඔබව නැවත වරක් මුණ ගැසීමට පැමිණි, එම දරුවන්මයි. පියා පවසන්නේ: මා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපිත කරනවා. ඔබට අනිවාර්යෙන් රාජධානියක් අවශ්‍යයි, එබැවින් මා ඔබට රාජයෝගාව උගන්වනවා. ඔබට අවසානයේ රාජධානිය හිමි වෙයි. එවිට මෙම දැනුමට අවශ්‍යතාවයක් නොතිබෙයි. ඒ සියලු ග්‍රන්ථ ශාස්ත්‍ර ආදිය භක්ති මාර්ගයේදී ප්‍රයෝජනවත් වෙයි. වැදගත් කෙනෙක් යම් කිසි ස්ථානයක ඉතිහාසය සහ භූගෝලය ලේඛන ගත කළ විට, වෙනත් අය එය දිගටම කියවන ආකාරයෙන්, මිනිසුන් නොකඩවා ඒවා හදාරයි. අසංඛේය පොත් තිබේ: මිනිසුන් නොකඩවා ඒවා කියවයි. දිව්‍ය ලෝකයේ එවන් කිසිවක් නොතිබෙයි. එහි එක් භාෂාවක් පමණක් තිබෙයි. එබැවින් බාබා පවසන්නේ: මා ලෝකය අළුත් කිරීමට පැමිණ සිටියි. පෙර එය අළුත්ව තිබුණු අතර එය දැන් පරණ වී ඇත. මායා මගේ සියලුම පුතුන් පුළුස්සා දමා ඔවුන්ව අළු බවට පත් කර තිබේ. ඒ අය ඔවුන්ව පෙන්වන්නේ සාගරයේ දරුවන් ලෙසයි. එය නිවැරදියි, මන්ද, ඔබ ඥාන සාගරයේ දරුවන්ය. ඔහු සැබවින්ම ඥානයේ මහා සයුරයි. ඇත්ත වශයෙන්ම සියලු දෙනාම මගේ දරුවන් වන නමුත් ප්‍රායෝගික ස්වරූපයෙන් සිහි කෙරෙන්නේ ඔබවයි. පියා පැමිණෙන්නේ ඔබ නිසයි. ඔහු පවසන්නේ: මා ඔය දරුවන්ට නැවත සිහිය ලබා දීමට පැමිණෙනවා. සම්පූර්ණයෙන් අවලස්සන සහ ගල් බුද්ධි ඇති අය බවට පත්ව ඇති අයව, දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් කරවීමට මා නැවත පැමිණෙනවා. මෙම දැනුම තුළින් ඔබගේ බුද්ධි දිව්‍යමය වන්නේ කෙසේද කියා ඔබට වැටහෙනවා. ඔබගේ බුද්ධි දිව්‍යමය වන විට, මෙම ලෝකයත්, ගල් දේශයෙන් දිව්‍යමය දේශය බවට පරිවර්ථනය වෙයි. මේ සඳහා උත්සාහ දරන ලෙස බාබා අඛණ්ඩව ඔබව දිරිමත් කරයි. එබැවින් මනුෂ්‍ය ලෝකය නිර්මාණය කිරීමට බාබා අනිවාර්යෙන්ම මෙහි පැමිණිය යුතුයි. ඔහු ඇතුළු වන ශරීරය අයත් කෙනා මාර්ගයෙන් ඔහු මුඛයෙන්-උපන් දරු පරම්පරාව නිර්මාණය කරයි. එබැවින් මෙම කෙනා මව වෙයි. මෙය බොහෝ සේ ගැඹුරු කරුණකි! ඔහු පිරිමියෙක්, එබැවින් බාබා ඔහු තුළට ඇතුළු වන විට ඔහු මව වීමේ අදහස, අනිවාර්යෙන් මිනිසුන්ව අවුලට පත් කරයි. මෙම මව සහ පියා, බ්‍රහ්මා සහ සරස්වතී දෙදෙනා, කල්ප වෘක්‍ෂය යට, රාජ යෝගාව හදාරන අන්දම පෙන්වීමෙන් ඔබ මෙය ඔප්පු කරයි. එබැවින් ඔවුන්ට අනිවාර්යෙන් ගුරූ කෙනෙක් අවශ්‍යයි. බ්‍රහ්මා, සරස්වතී සහ සියලුම දරුවන් හැඳින්වෙන්නේ රාජ ඍෂිවරුන් ලෙසයි. ඔබ රාජධානිය හිමි කරගැනීම සඳහා යෝගාවේ සිටියි. වෙනත් කිසිවෙකුට ඉගැන්විය නොහැකි රාජ යෝගාව සහ දැනුම, පියා පැමිණ උගන්වයි. වෙනත් අය රාජයෝගාව පුහුණු නොකරයි. ඔවුන් නිකම්ම පවසන්නේ: යෝගා හදාරන්න! විවිධ හත යෝගා වර්ග තිබේ. කිසිම සන්යාසී හෝ සාන්තුවරයෙකුට රාජ යෝගාව ඉගැන්විය නොහැක. පරමාත්ම දෙවියන් පැමිණ රාජ යෝගාව ඉගැන්වූවා. ඔහු පවසන්නේ: එය මනුෂ්‍ය ලෝකය අළුත් කිරීමට කාලය වන විට, මා සෑම චක්‍රයකදිම පැමිණිය යුතුයි. පූර්ණ සමූල ඝාතනයක් කිසි විටෙක ඇති වන්නේ නැත. සමූල ඝාතනයක් සිදුවූයේ නම් මා ඇතුළු වන්නේ කවුරුන් තුළටද? අශාරීරික කෙනා පැමිණ කුමක් කරයිද? පියා විස්තර කරන්නේ: ලෝකය දැනටමත් පවතිනවා. බැතිමතුන් ද සිටිනවා: ඔවුන් දෙවියන්ට කන්නලව් කරයි. මින් ඔප්පු වන්නේ බැතිමතුන් ද සිටින බවයි. සියලුම බැතිමතුන් බොහෝ දුකින් සිටින විට, පරමාත්ම දෙවියන් කලි යුගය අවසානයේ පැමිණිය යුතුයි. රාවණගේ රාජධානිය අවසන් වීමට ඉතා අසන්න වන විට මා පැමිණිය යුතුයි. මෙකල සියලු දෙනාම අනිවාර්යෙන් සිටින්නේ දුකින්ය. මහාභාරත යුද්ධය අත ළඟය. මෙය පාසැලක්. මෙහි අරමුණක් සහ ඉලක්කයක් තිබේ. සත් යුගයේ ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය තිබුණු බව ඔබට වැටහනවා: ඉන්පසුව එක් ඔටුන්නක් පමණක් තිබෙන අයගේ රාජධානිය පැමිණියා. පසුව වෙනත් ආගම්වල ව්‍යාප්තිය සිදුවිය. ඉන්පසුව රාජධානිය ව්‍යාප්ත වීම සඳහා යුද්ධ ආදිය සිදුවිය. ගෙවී ගිය සෑම දෙයක්ම නැවතත් සිදුවන බව ඔබට වැටහෙයි. ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය දැන් ආරම්භ වීමට තිබේ. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ සියලුම රහස් බාබා විස්තර කරයි. වැඩි විස්තර තුළට යාමට අවශ්‍යතාවයක් නැත. සූර්ය පෙළපතට අයත් ඔබ, අනිවාර්යෙන් සූර්ය පෙළපතේ පුනරුත්පත්ති ගන්නා බව, ඔබට වැටහෙයි. ඔබගේ නම් සහ රූප වෙනස් වන අතර ඔබට විවිධ මව්වරුන් සහ පියවරුන් සිටියි. මෙම මුළු නාටකයම ඔබගේ බුද්ධිය තුළ ඔබ තබාගත යුතුයි. පරම පියා පැමිණෙන්නේ කෙසේද කියා ඔබ දැනුවත් වී ඇත. එම පැරණි ගීතාවේ දැනුම, මිනිසුන්ගේ බුද්ධිය තුළ තිබේ. පෙර කල එම පැරණි ගීතාවේ දැනුම, අපගේ බුද්ධියේ ද තිබුණි. දැන් මෙවන් බොහෝ ගැඹුරු කරුණු වලට සවන් දීමෙන් පසු, සෑම දෙයකම මුළු වැදගත්කම ගැන අපට වැටහී තිබේ. පෙර අපගේ දැනුම වෙනස් වූ අතර එය දැන් ඉතා හොඳ බව මිනිසුන් ද කියයි. ඔබගේ ගෘහයන් වල වාසය කරන නමුත් ඔබ නෙළුම් මලක් මෙන් රැඳී සිටින්නේ කෙසේද කියා ඔබට දැන් වැටහී තිබේ. මෙය සියලු දෙනාගේම අවසන් උපතයි: සියලු දෙනාම මිය යා යුතුයි. අසීමිත පියාම පවසන්නේ: ඔබ පිවිතුරුව රැඳී සිට, පසුව උපත් 21කට දිව්‍ය ලෝකයේ අධිපතියන් වන බවට පොරොන්දු වන්න. මෙහි, කෙනෙක් කෝටිපතියෙක් වුවත්, ඒ තිබියදි ඔහු අසතුටින් සිටියි: ශරීරය පිවිතුරු නැත. ඔබගේ සිරුරු පිවිතුරු වෙයි. ඔබ උපත් 21කට මිය නොයයි. පියා පවසන්නේ: මෙහි පැමිණෙන අය, සූර්ය සහ චන්ද්‍ර වංශවලට අයත් වූවන්ය. ඔවුන් රාග චිතකයේ අසුන් ගැනීමෙන් අවලස්සන විය: රාධේ, ක්‍රිෂ්ණා සහ නාරායන, අවලස්සන ලෙසින් පෙන්වා තිබෙන්නේ ඒ නිසයි. දැන් සෑම කෙනෙක්ම අවලස්සන වී ඇත. ඔවුන් රාග චිතකයේ අසුන් ගැනීමෙන් අවලස්සන විය. ඔබ දැන් රාග චිතකයෙන් පහළට පැමිණ, දැනුම චිතකයේ අසුන් ගත යුතුයි. විෂ බන්දනය අවලංගු කර, ඥානය නම් අමෘතයේ බන්දනය බැඳ ගන්න. ඔබ ශ්‍රේෂ්ඨ කාර්යයක් කරන බව මිනිසුන් පවසන ආකාරයට ඔවුන්ට විස්තර කරන්න. කුමාරි හෝ කුමාර් කෙනෙක් අපවිත්‍ර බව කිව නොහැක. පියා පවසන්නේ: ඔබ කිසිදා කිලිටි නොවිය යුතුයි! කාලය ගත වෙත්ම ගණන් කළ නොහැකි තරම් පිරිසක් පැමිණෙයි. මෙය ඉතා හොඳ බව ඔවුන් පවසයි. දැනුම චිතකයේ අසුන් ගැනීමෙන් ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි. බොහෝ විට විවාහ තීන්දු කරන්නේ බ්‍රහ්මණ පූජකයන්ය. රජවරුන්ද බ්‍රහ්මණ පූජකයන්ව තබා ගනී: ඔවුන් රාජගුරු ලෙස හැඳින්වෙයි (රාජධානියේ ගුරූන්). මෙකල සන්යාසීන් පවා බන්දන බඳියි. ඔබ මිනිසුන්ට දැනුමේ මෙවන් කරුණු පවසන විට ඔවුන් බොහෝ සතුටට පත් වෙයි: ඔවුන් සැනෙකින් රාඛියක් බැඳ ගනී. ඉන්පසුව නිවස තුළ ගැටුම් ද ඇති වෙයි. ඔබ නියත වශයෙන්ම ටිකක් දරාගත යුතුයි. ඔබ අදෘෂ්‍යමාන ශක්ති සේනාවයි: ඔබ ළඟ කිසිදු ආයුධයක් නැත. දේවතාවන් පෙන්වා තිබෙන්නේ බොහෝ ආයුධ අතැතිවයි. කෙසේවෙතත්, ඒ සියල්ල දැනුමේ කාරණාය. මෙහි, මේවා, යෝගා බලයේ කාරණාය. ඔබ ලෝක රාජධානිය හිමි කරගන්නේ යෝගා බලයෙනි. භෞතික බලයෙන් ලබාගන්නේ සීමිත රාජධානි පමණයි. අසීමිත රාජධානිය ලබා දිය හැක්කේ අසීමිත පාලකයාට පමණයි. මෙහිදී යුද්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ: මා යුද්ධයක් දිරිගන්වන්නේ කෙසේද? මා පැමිණ ඇත්තේ සටන් සහ ගැටුම්වලට තිතක් තැබීමටයි, එවිට එහි සලකුණක්වත් ඉතිරි නොවෙයි. සියලු දෙනාම පරමාත්ම ජීවය සිහි කරන්නේ මේ නිසයි. ඔහු පවසන්නේ: මගේ ගෞරවය රැකගන්න! ඒකායන කෙනා පිළිබඳ විශ්වාසයක් නොමැති විට, ඔවුන් වෙනත් අය අල්ලා ගනී. ඔවුන් තුළ ද දෙවියන් සිටින බව ඔවුන් පවසන නමුත්, ඔවුන්ට තමන් පිළිබඳ එම විශ්වාසය නොමැත, එබැවින් ඔවුන් ගුරූන් වෙතට යයි. දෙවියන් ඔබ තුළ සිටින්නේ නම් ඔබට ගුරූ කෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි? මෙහි, මෙය අසහායයි. පියා පවසන්නේ: මා දැන් පැමිණ ඇති ආකාරයෙන්ම මා පෙර චක්‍රයේද පැමිණියා. පියා, නිර්මාණකරු, අසුන්ගෙන නිර්මාණය සිදුකරන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. මෙයත් නාටකයයි. ඔබ මෙම නාටකය වටහාගන්නා තුරු, අනාගතයේ සිදුවීමට යන්නේ කුමක්ද කියා ඔබ වටහාගන්නේ කෙසේද? මෙය කර්ම ක්‍ෂේත්‍රය බව කියයි. අපි අශාරීරික ලෝකයේ සිට පැමිණියේ, අපගේ චරිත කොටස් රඟපෑමටයි. එබැවින් මුළු නාටකයේම නිර්මාණකරු සහ අධ්‍යක්‍ෂකව අප දැන සිටිය යුතුයි. මෙම නාටකය නිර්මාණය වන්නේ කෙසේද, සහ මෙම ලෝකයේ ව්‍යාප්තිය සිදුවන්නේ කෙසේද කියා, නළුවන් වන අප දැනුවත් වී ඇත. එය දැන් කලි යුගයේ අවසානය බැවින්, සත් යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ යුතුයි. චක්‍රය පිළිබඳ විස්තරය සම්පූර්ණයෙන්ම නිවැරදිය. බ්‍රහ්මණ වංශයට අයත් අයට වැටහෙයි. මෙම කෙනා ප්‍රජාපිතාය, එබැවින් අපගේ වංශය අඛණ්ඩව වර්ධනය වෙයි: එය වර්ධනය විය යුතුයි. සෑම කෙනෙක්ම, ඔවුන් පෙර චක්‍රයේ සිදුකළ ආකාරයෙන්ම උත්සාහ දරන අතර අප නොබැඳිව සිට එය නරඹනවා. ඔබ සෑම කෙනෙක්ම තම මුහුණ කැඩපතෙහි පරීක්‍ෂා කර බලා, ඔබ සත් යුගයේ රාජධානියක් හිමි කරගැනීමට කෙතරම් සුදුසුද කියා තමන්ගෙන් විමසිය යුතුයි. සෑම චක්‍රයේම ක්‍රිඩාව මෙයයි. ඔබ එක් එක් කෙනාගේ සේවයට අනුව, ඔබ ආධ්‍යාත්මික, අසීමිත, සමාජ සේවකයන්ය. ඔබ පරම ජීවයේ උපදෙස් පිළිපදියි. මෙවන් සුන්දර කරුණු නොකඩවා ධාරණය කරගන්න. පියා පැමිණ, ඔබව මරණයේ හකුවලින් නිදහස් කරයි. එහි, මරණය පිළිබඳ සඳහනක් නැත. මෙය මරණීය දේශය වන අතර එය අමරණීය දේශයයි. මෙම දේශයේ, මුල සිට මැද හරහා අවසානය දක්වා දුක තිබෙන අතර එම දේශයේ දුකෙහි සලකුණක් පවා නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අප දෑසේ ආලෝකයයි, අශාරීරික පියාගේ මෙන්ම ශාරීරික පියාගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ය. ජීවත්ව සිටින විටදි, ශිව බාබගේ උරුමකරුවන් වීම ගැන කුල්මත්භාවය පවත්වා ගන්න.

2. යෝගා බලයෙන් ලෝක රාජධානිය හිමි කරගන්න. පාරිශුද්ධත්වය සඳහා ඔබ රාඛියක් බැඳ ඇති බැවින්, ඔබ ටිකක් දරාගත යුතුයි. කිසිදා අපවිත්‍ර නොවන්න.

වරදානය:
ඔබ, මෙම දුක් ලෝකයේ ජීවත් වන අතර, සතුටේ සාගරය වන පියාගේ අවධානය තිබීමෙන් සතුටේ ප්‍රතිමූර්තියක් වේවා.

සතුටේ සාගරය වන පරම පියාගේ අවධානය නිරන්තරයෙන් තබාගන්න, එවිට ඔබ සතුටේ ප්‍රතිමූර්තියක් වෙයි. ලෝකයේ කෙතරම් දුක සහ අශාන්තියේ බලපෑම තිබුණත්, ඔබ නොබැඳී, ආදරණීයව රැඳී සිටිය යුතුයි. ඔබ සිටින්නේ සතුටේ සාගරය සමගයි, එබැවින් ඔබ සතුටු ඔංචිල්ලාවේ පැද්දෙමින් නිරතුරුවම සතුටින් රැඳී සිටියි. මාස්ටර් සතුටු සාගර වන ඔය දරුවන්ට දුක් සිතිවිලි තිබිය නොහැක, මන්ද, ඔබ දුක් ලෝකයෙන් ඉවතට පියවර තබා සංගම යුගයට පැමිණ ඇත. සියලුම රැහැන් බිඳ දමා ඇති බැවින් ඔබ සතුටු සයුරේ රළ මත නොකඩවා ගමන් කරමින් සිටියි.

පාඨය:
ඔබගේ මනස සහ බුද්ධිය එක් බලවත් ස්ථිතියක ස්ථාවර කිරීම යනු හුදෙකලාව සිටීමය.