14.02.21    Avyakt Bapdada      Sinhala Murli     02.11.87    Om Shanti    Madhuban


ස්ව-පරිවර්ථනයේ පදනම වන්නේ අවංක හදවතකින් අවබෝධ කරගැනීමයි.


අද දින, ලෝක පරිවර්ථකයා, ලොවට සෙත සලසන්නා වන බාප්දාදා, ඔහුගේ ආදරණීය, සහයෝගී සහ ලෝක-පරිවර්ථක දරුවන් දෙස බලනවා. ඔබගේ ස්ව-පරිවර්ථනය තුළින් ඔය සෑම කෙනෙක්ම ලෝකය පරිවර්ථනය කිරීමේ සේවයේ නියැලී සිටිනවා. ඔබ අනිවාර්යෙන්ම මේ ලෝකය පරිවර්ථනය කළ යුතු බවට එකම උනන්දුව සහ උද්යෝගය, ඔබ සියලු දෙනාගේ මනසේ තිබෙන අතර පරිවර්ථනය සිදුවන බවට විශ්වාසයද ඔබට තිබේ, එනම්, පරිවර්ථනය දැනටමත් සිදුවී ඇති බව කිව හැක. ඔබ නමට බාප්දාදාගේ සහයෝගී පහසු යෝගී දරුවන් වී ඔබගේ වර්තමානය සහ අනාගතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නවා පමණයි.

අද, බාප්දාදා ලෝක-පරිවර්ථක උපකරණ දරුවන් දෙස බලමින් සිටි අතර විශේෂයෙන් එක දෙයක් දෙස බැලුවා. සියලු දෙනාම එක කාර්යයකට උපකරණයි සියලු දෙනාගේ අරමුණ ස්ව-පරිවර්ථනය සහ ලෝක පරිවර්ථනයයි, එසේ නමුත් ස්ව-පරිවර්ථනයට සහ ලෝක පරිවර්ථනයට උපකරණ වන අතර, එය අංකානුරූප වන්නේ ඇයි? සමහර දරුවන් ඉතා පහසුවෙන් සහ විගසින් ස්ව-පරිවර්ථනය සිදුකර ගන්නා අතර තවත් සමහරෙකුට එක මොහොතකදි පරිවර්ථනය වීමේ සිතිවිල්ල ඇති වන නමුත් ඔවුන්ගේම සංස්කාර, මායා හෝ පදාර්ථ තුළින් හටගන්නා සිදුවීම් හෝ බ්‍රහ්මිණ් පවුල තුළින් පියවීමට ඇති කර්මික ගිණුම්, පරිවර්ථනය සඳහා ශ්‍රේෂ්ඨ උද්යෝගය දුර්වල කරයි. ඊලඟට, ස්ව-පරිවර්ථනය ගෙන ඒමට එඩිතරකම නොමැති තවත් සමහර දරුවන් සිටිනවා. එඩිතරකම නොමැති තැන උනන්දුව සහ උද්යෝගය නොමැති අතර ස්ව-පරිවර්ථනය නොමැතිව, ලෝක පරිවර්ථන කාර්යයේ ඔබ දකින්නට කැමති සාර්ථකත්වය නොමැති වෙයි. මෙයට හේතුව වන්නේ මෙම අලෞකික දේවමය සේවය, එකවර සිදුවන තුන් ආකාරයක සේවාවක් පෙන්නුම් කරයි. එකවර සිදුවන මේ තුන් වැදෑරුම් සේවාවන් මොනවාද? 1. ආකල්පය, 2. චිත්ත තරංග. 3. වචන. තුනම. නිරහංකාරකම සහ පරහිතකාමිත්වය ඇති උපකරණයක් ලෙසින් මේවායේ පදනමට අනුව බලවත් වන්න, මන්ද ඔබ ලබාගැනීමට කැමති සාර්ථකත්වය ඔබ අත්කර ගන්නේ මෙහෙමයි. එසේ නැත්නම් සේවය සිදුවන අතර ඔබ තමන්ව සහ අන් අයව සේවයේ යම් සාර්ථකත්වයක් නිසා කෙටි කාලයකට සතුටු කරවන නමුත් ඔබ සැබවින්ම දැකීමට කැමති සහ බාප්දාදාට අවශ්‍ය සාර්ථකත්වය නොලැබෙයි. ඔය දරුවන්ට සතුට තිබීම ගැන බාප්දාදා ද සතුටු වන නමුත්, ඔබගේ හැකියාවට අනුව ප්‍රතිඵලය, අනිවාර්යෙන් හදවත සනසන කෙනාගේ හදවතේ සටහන් වනවා. ඔහු අනිවාර්යෙන් මෙසේ කියනු ඇත, ඉතා හොඳයි, ඉතා හොඳයි මන්ද සෑම දරුවෙක් වෙනුවෙන්ම පරම පියාගේ දැක්ම සහ ආශිර්වාදයේ ආකල්පය සෑම විටම වන්නේ, අද නැත්නම් හෙට මේ දරුවන් නියත වශයෙන්ම සාර්ථකත්වයේ ප්‍රතිරූප වනවා. කෙසේවෙතත්, ආශිර්වාද පිරිනමන්නා වීම සමඟම ඔහු ගුරුවරයාද වෙයි, මේ නිසයි ඔහු ඔබගේ අවධානය, අනාගතය වෙතට යොමු කරන්නේ.

අද දින බාප්දාදා ලෝක පරිවර්ථන කාර්යයේ සහ ලෝක පරිවර්ථක දරුවන්ගේ ප්‍රතිඵලය දෙස බැලුවා. වර්ධනය තිබේ, හඬ සෑම තැනකම පැතිරී යන අතර හෙළිදරව්වේ තිරය විවර වීම ඇරඹී ඇත. සෑම තැනකම සිටින සියලුම ජීවාත්ම තුළ ඔවුන්ට අනිවාර්යෙන් සමීපයට පැමිණ බැලීමට අවශ්‍ය බවට ආශාව නිර්මාණය කෙරෙනවා. ඔවුන් අසා තිබුණු සියලු දේ, දැන් දැකීමට අවශ්‍ය වීම, බවට පරිවර්ථනය වී ඇත. මේ සියලුම පරිවර්ථන සිදුවනවා. කෙසේවෙතත්, නාටකයට අනුව, දැන් දිස්වන්නේ පරම පියාගේ සහ සමහර ශ්‍රේෂ්ඨ උපකරණ ජීවාත්ම සිදුකළ බලවත් බලපෑමේ ප්‍රතිඵලයයි. මේ අන්දමින් වැඩි දෙනෙක් සාර්ථකත්වය ලබා ගත්තේ නම්, සියලුම බ්‍රහ්මණයන් සාර්ථකත්වයේ ප්‍රතිරූ ලෙස ඉතා විගසින් හෙළිදරව් වනු ඇත. සාර්ථකත්වයේ පදනම වන - තමන්, වෙනත් මිනිසුන් සහ පරම පියා කැමති වන ස්ව-පරිවර්ථනය - වත්මන් මොහොතේ මද බව බාප්දාදා දුටුවා. එසේ නම් ස්ව-පරිවර්ථනයේ අඩුවක් තිබෙන්නේ ඇයි? මෙයට ප්‍රධාන හේතුව වන්නේ එක විශේෂිත බලයක් නොමැතිකමයි. එම විශේෂ බලය වන්නේ අවබෝධ කරගැනීමේ බලයයි.

ඕනෑම පරිවර්ථනයක පහසු පදනම, අවබෝධවීමේ බලයයි. ඔබට අවබෝධ කරගැනීමේ බලය ඇති වන තුරු ඔබට අත්දැකීම් තිබිය නොහැක, එමෙන්ම ඔබට අත්දැකීම් ඇති වන තුරු බ්‍රහ්මණ දිවියේ විශේෂත්වයේ පදනම ශක්තිමත් විය නොහැක. ආරම්භයේ සිට ඔබගේ බ්‍රහ්මණ දිවිය ඔබ ඉදිරියට ගෙන එන්න.

ප්‍රථම පරිවර්ථනය මා ජීවාත්මයක් වන අතර පරම පියා මගේය. මෙම පරිවර්ථනය සිදුවුණේ කුමන පදනමට අනුවද? ඔබ මෙය අවබෝධ කරගත් විට, ඔව්, මා ජීවාත්මයක් වන අතර මේ කෙනා පමණක් මගේ පියාය. මෙම අවබෝධය ඔබට අත්දැකීම් ඇති වීමට මඟපාදයි, මන්ද පරිවර්ථන සිදුවන්නේ එවිට පමණයි. ඔබ මෙය අවබෝධ කරගන්නා තෙක් ඔබ නොකඩවා සාමාන්‍ය වේගයකින් ගමන් කරයි, නමුත් අවබෝධ කරගැනීමේ බලය, ඔබට අත්දැකීම් ලබා දෙන මොහොතේදි, ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වෙයි. ඒ ආකාරයෙන්ම පරිවර්ථනය පිළිබඳ සියලුම විශේෂිත වූ දේවල්, එය නිර්මාණය හෝ නිර්මාණකරු පිළිබඳ වුවද, ඔබ සෑම කාරණයක්ම අවබෝධ කරගන්නා තුරු, එනම් ඔව්, මේ එම කාලයයි, මේ එම යෝගාවමයි එමෙන්ම මා එම ශ්‍රේෂ්ඨ ජීවාත්මයයි, ඔබට එම උනන්දුව සහ උද්යෝගය ඔබගේ ක්‍රියාකාරකම් වල නොතිබෙයි. සමහරුන්ට - වාතාවරණයේ බලපෑම නිසා කෙටි කාලයකට පරිවර්ථනය ඇතිවෙයි, නමුත් එය සෑම කලටම නොවෙයි. අවබෝධ කරගැනීමේ බලය, සෑම කලටම පහසු පරිවර්ථනය ගෙන එයි.

ඒ ආකාරයෙන්ම, ඔබට ස්ව-පරිවර්ථනයේදිද අවබෝධ කරගැනීමේ බලය තිබෙන තුරු, සෑම කලටම ශ්‍රේෂ්ඨ පරිවර්ථනයක් ඇති විය නොහැක. මෙහිදි විශේෂයෙන් කරුණු දෙකක් පිළිබඳ අවබෝධය අවශ්‍යයි. 1. තමන්ගේම දුර්වලතා පිළිබඳ අවබෝධ වීම. 2. අවස්ථාව සහ උපකරණය වන (එම සිදුවීමට) කෙනාගේ මනසේ ආශාවන් සහ හැඟීම් අවබෝධ කරගැනීම, එම පුද්ගලයාගේ දුර්වලතාවය හෝ බාහිර බලපෑමක් යටතේ සිටීම නිසා එම කෙනාගේ මනෝ ස්ථීතිය පිළිබඳ අවබෝධය. එම සිදුවීම තුළින් ඇති වූ පරීක‍්ෂණයට හේතුව දැන ගැනීමෙන්, ඔබගේ ශ්‍රේෂ්ඨ ස්වරූපයෙන් එය සමත් වීම පිළිබඳ අවබෝධය තිබිය යුතුයි මා ශ්‍රේෂ්ඨයි, මගේ ස්ථීතිය ශ්‍රේෂ්ඨයි එමෙන්ම එම සිදුවීම ප්‍රශ්න පත්‍රයක් පමණයි. මෙම අවබෝධය පහසුවෙන් පරිවර්ථනය ගෙන විත් ඔබ සමත් වෙයි. අන් අයගේ ආශාවන් පිළිබඳ අවබෝධය සහ ඔවුන්ගේ ස්වයං-ප්‍රගතියට අවශ්‍ය වන දේ පිළිබඳ අවබෝධය, ඔබගේ ස්වයං-ප්‍රගතියට පදනමයි. එබැවින්, අවබෝධ කරගැනීමේ බලය නොමැතිව, ස්ව-පරිවර්ථනය සිදුවිය නොහැක. මෙහිදීද, එකක් අවංක හදවතකින් අවබෝධ කරගැනීම වන අතර අනෙක, ඔබ බොහෝ දැනුමින් පිරිපුන් වී ඇති නිසා, දක‍්ෂ අන්දමකින් අවබෝධ කරගැනීමයි. එබැවින්, කාලය ගැන සැලකිලිමත් වී, ඔබගේ කාර්යය යුක්ති සහගත බව පෙන්වීමට සහ ඔබගේ නම කීර්තිමත් කිරීමට, ඔබට ඒ වෙලාවේ අවබෝධ වන නමුත් එම අවබෝධය තුළ පරිවර්ථනයක් ගෙන ඒමට බලය නොතිබෙයි. එබැවින්, හදවතින් අවබෝධ වීම, ඔබට හදවත සනසන කෙනාගේ ආශිර්වාද ලැබීමට මඟපාදන අතර දක‍්ෂකමින් අවබෝධ කරගැනීම ඔබව සහ අන් අයව කෙටි කාලයකට සතුටට පත් කරවයි.

තුන්වන ආකාරයේ අවබෝධ කරගැනීම වන්නේ, යමක් නිවැරදි නොවන බව ඔබගේ මනස පිළිගන්නා අතර ඔබගේ යටි සිතද එය නිවැරදි නැති බව ඔබට පවසන නමුත් මහාරති කෙනෙක් ලෙස දිගටම පෙනී සිටිම සඳහා හෝ තමන් දුර්වල බව පෙන්වීමට ඇති අකමැත්ත හෝ පවුල තුළ තමන්ගේ අඩුව නොපෙන්වීමට, ඔබ නොකඩවා ඔබගේ යටි සිත මැඩ පවත්වයි. මේ ආකාරයෙන් ඔබගේ යටි සිත මැඩ පැවැත්වීමත් පාපයකි. සිය දිවි හානි කරගැනීම විශාල පාපයක් වන ආකාරයෙන්ම මෙයත් පාප ගිණුමේ රැස් වෙයි. මේ නිසයි බාප්දාදා දිගටම සිනහ මුසුව බලා සිටින්නේ සහ ඔවුන්ගේ සිත්වල කතාබස් වලට සවන් දෙන්නේ. ඒවා ඉතා ලස්සන කතාබස්ය. ප්‍රධාන දේ වන්නේ මේ අන්දමේ අවබෝධ වීම ඇති අය සිතන්නේ වෙන අය මොනවද දන්නේ? මෙය දිගින් දිගටම සිදුවනවා. කෙසේවෙතත්, පරම පියා සෑම පත්‍රයක් ගැනම දන්නවා. ඔහු යමක් ගැන දන්නේ, ඔහුට ඒ ගැන පැවසූ විට පමණක් නොවෙයි. කෙසේවෙතත්, ඒ ගැන දැනගෙන සිටින අතර, ඔහු නොදත් කෙනෙක් වී, අහිංසකත්වයෙන්, ඔහුගේ අහිංසක ස්වරූපයෙන්, ඔහු දරුවන්ව ගමන් කරවනවා. ඔහු දන්නා බැවින්, ඔහු අහිංසක වන්නේ ඇයි? ඔහු දයාවන්ත පියා නිසා සහ ඔබ එම පාපයෙන් තව පාපයන් රැස්කර නොගන්නා සේ, ඔහු තුළ දයාව තිබේ. ඔබට වැටහෙනවාද? එවන් දරුවන් බොහෝ දක‍්ෂ වී, දක‍්ෂ පියා හෝ උපකරණ ජීවාත්ම ඉදිරියට පැමිණෙයි. මේ නිසයි පරම පියා දයාවන්ත සහ අහිංසක ස්වාමී වන්නේ.

සෑම දරුවෙකුගේම සෑම ක්‍රියාවක් සහ මනසේ සෑම සිතිවිල්ලක් ගැනම ඉතා පැහැදිලි ගිණුමක් බාප්දාදාට තිබේ. ඔවුන්ගේ හදවත් තුළ ඇත්තේ කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය නැහැ, මන්ද සෑම දරුවෙකුගේ හදවතේ සෑම හදගැස්මකම පිළිරුව පැහැදිලියි. සෑම කෙනෙකුගේම හදවතේ ඇත්තේ කුමක්ද කියා ඔහු නොදන්නා බව ඔහු පවසන්නේ මේ නිසයි - එය දැන ගැනීමට අවශ්‍ය නැති නිසා එය ඒ වන විටත් පැහැදිලියි. සෑම මොහොතකම හදගැස්මේ සහ මනසේ සෑම සිතිවිල්ලකම වාර්තාව බාප්දාදා ඉදිරියේ තිබේ. ඔහුට ඒ ගැන ඔබට කිව හැක ඔහුට ඒ ගැන ඔබට කීමට බැරිකමක් නැහැ. ඔහුට දිනය, ස්ථානය, වෙලාව සහ ඔබ හරියටම කළ දේ කිව හැක. ඔහුට සෑම දෙයක්ම ඔබට කිව හැක. කෙසේවෙතත්, ඒ සෑම දෙයක්ම දැනගෙනත් ඔහු ඒ ගැන අනවධානයෙන් සිටියි. එබැවින් අද, බාප්දාදා මුළු වාර්තාවම දුටුවා.

සීඝ්‍ර වේගයකින් ස්වයං-ප්‍රගතිය සිදු නොවීමේ හේතුව වන්නේ අවංක හදවතකින් අවබෝධ කර නොගැනීමයි. අවබෝධ කරගැනීමේ බලයට, ඉතා මිහිරි අත්දැකීම් ඔබට ලබා දිය හැක. ඔබට මෙය වැටහෙනවා නේද? ඇතැම් විට ඔබ පරම පියාගේ දෑසේ මැණිකක් වන ජීවාත්මයක් බව සලකන්න, එනම්, ඔබ දෑස්වල මුසු වූ ශ්‍රේෂ්ඨ තිතක් බව අවබෝධ කරගන්න. දෑස්වල මුසු විය හැක්කේ තිතකට පමණයි සිරුරට දෑස තුළ මුසු විය නොහැක. තවත් විටෙක ඔබ නළලේ දිලිසෙන, නළලේ මැණිකක් බව සලකන්න. ඇතැම් විටෙක ඔබ දිදුලන තාරකාවක් බව අවබෝධ කරගන්න. ඇතැම් විට ඔබ බ්‍රහ්ම පියාගේ සහයෝගී දකුණත බව, ශාරීරික බ්‍රහ්මණ ස්වරූපයේ බ්‍රහ්මගේ බාහුව බව අත්විඳ අවබෝධ කරගන්න. තවත් විටෙක ඔබ අව්‍යක්ත සුරඟන ස්වරූපය බව අවබෝධ කරගන්න. අවබෝධ කරගැනීමේ බලයෙන් බොහෝ අසහාය අලෞකික අත්දැකීම් විඳින්න. දැනුම ස්වරූපයෙන් ඒවා ගැන පැවසීම පමණක් නොකර, ඒවා අවබෝධ කරගන්න. මේ අන්දමේ අවබෝධ කිරීමේ බලය වැඩි කරගන්න, එවිට අනෙක් වර්ගය ගැන අවබෝධය, දුර්වලතා පිළිබඳව, ඉබේටම ඉතා පැහැදිලි වෙයි. බලසම්පන්න කැඩපතක ඉතා කුඩා පැල්ලමක් වුවත් පැහැදිලිව පෙනෙයි, එමෙන්ම ඔබට එය පරිවර්ථනය කිරීමට හැකි වෙයි. එබැවින් ඔබට වැටහෙනවාද? ස්ව-පරිවර්ථනයේ පදනම වන්නේ අවබෝධ කරගැනීමේ බලයයි. බලයන් භාවිත කරන්න, ඒවා ගණන් කිරීමෙන් පමණක් මෙසේ සිතමින් සතුටු නොවන්න, ඔව්, මට මේ බලය තිබෙනවා එමෙන්ම මට මේ බලයත් තිබෙනවා, නමුත් නිරන්තරයෙන් සෑම කාර්යයකදීම තමන් වෙනුවෙන්, අනුන් වෙනුවෙන් සහ සේවය වෙනුවෙන් ඒවා භාවිත කරන්න. ඔබට වැටහෙනවාද? සමහර දරුවන් විමසන්නේ පියා සෑම විටම කරන්නේ මෙය විතරක්ද? කෙසේවෙතත්, පියා කුමක් කරන්නද? ඔහු ඔය සෑම කෙනෙක්ම ගෙන යා යුතුයි. ඔහු ඔබව ඔහුත් සමඟ ගෙන යා යුතු නිසා, ඔහුට එවන් සහකරුවන් අවශ්‍යයි. එබැවින් ඔහු අඛණ්ඩව ඔබ දෙස බලා, නොකඩවා ඔබට තොරතුරු පවසන්නේ, ඔය සහකරුවන්ට සමාන වීම සඳහාය. එය පිටුපසින් පැමිණීමට යන අය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි එවන් අය බොහෝ සිටියි, නමුත් සහකරුවන් සමාන විය යුතුයි. එසේ නම් ඔබ සහකරුවන්ද නැත්නම් පෙරහැරේ කොටසක්ද? පෙරහැර බොහෝ දිගු වෙයි ශිවාගේ පෙරහැර ඉතා සුපතල මේ නිසයි. පෙරහැරේ විවිධ ආකාරයේ අය සිටියි, නමුත් සහකරුවන් මේ ආකාරයේ විය යුතුයි (පියා මෙන්). අච්චා.

මෙය නැගෙනහිර කලාපයයි. නැගෙනහිර කලාපය කරන්නේ කුමක්ද? ඔබ හෙළිදරව්වේ සූර්යයාට නැඟීමට සලස්වන්නේ කොහේද? පරම පියා අවතරණය කරන බව, දැන් පැරණි පුවතකි. කෙසේවෙතත්, ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද? එය පැරණි රාජධානිය වීම ගැන (බ්‍රහ්ම බාබාගේ මුල් තැන - කල්කටාව) ඔබට ඉතා හොඳ කුල්මත් බවක් තිබේ, නමුත් ඔබ දැන් කරන්නේ කුමක්ද? නවතාවයේ සූර්යයා, නැගෙනහිර කලාපයේ නැඟ ඇති බව සියලු දෙනාගේ මුවින් මතුවන අන්දමට දැන් යම් නවතාවයක සූර්යයාට නැඟීමට සලස්වන්න. වෙනත් කෙනෙක් තවම සිදුකර නොමැති කාර්යයක් කර, දැන් මෙය ප්‍රායෝගිකව පෙන්වන්න. ඔබ උත්සව, සම්මන්ත්‍රණ පවත්වා, ප්‍රභූවරුන්ට සේවය කර, පුවත්පත් වලින්ද සේවය සිදුකළ නමුත් සියලු දෙනාම ඒ දේවල් කරයි එබැවින් දැන් යම් නවතාවයක දීප්තිය පෙන්වන්න. ඔබට වැටහෙනවාද?

පරම පියාගේ නිවහන ඔබගේ නිවහනයි. ඔබ සුව පහසුවෙන් මෙහි ලඟා වී ඇත. හදවතේ සුවය, ඔබට කායික සුවයද ලබා දෙයි. හදවතේ සුවය නොමැති විට, සියලු සැප පහසුකම් තිබුණත් ඔබට අසහනයක් දැනෙයි. ඔබට හදවතේ සුවය තිබේ, එනම්, රාමා සෑම විටම ඔබගේ හදවතේ ඔබ සමඟ සිටියි, මේ නිසයි, සෑම අවස්ථාවකදීම ඔබ සුව පහසුව අත්විඳින්නේ. ඔබට සුව පහසුකම් තිබෙනවා නේද? එසේ නැත්නම් පැමිණීම සහ පිටත්ව යාම ඔබව අසහනයට පත් කරනවාද? කෙසේවෙතත්, එය මිහිරි නාටකයේ ඉරණම බව සලකන්න. ඔබ මේලාව සමරනවා නේද? පරම පියාව මුණ ගැසීම, පවුලේ අයව මුණ ගැසීම මේලාව සැමරීමත් මිහිරි ඉරණමයි. අච්චා.

සියලුම වඩාත් ශක්තිමත් ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, නිවැරදි වෙලාවට සෑම බලයක්ම භාවිත කරන සියලු තීව්‍ර උත්සාහ දරන ජීවාත්මයන්ට, තම ස්ව-පරිවර්ථනය තුළින් සෑම විටම සේවයෙන් තමන්ට අවශ්‍ය සාර්ථකත්වය ලබාගන්නා දරුවන්ට, හදවතට සැනසීම දෙන පියා ඉදිරියේ අවංක හදවත් ඇතිව නිරන්තරයෙන් පැහැදිලිව රැඳී සිටින සාර්ථකත්වයේ ප්‍රතිමූර්තීන්ට, බාප්දාදාගේ හදවතින් සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

බාප්දාදා කණ්ඩායමක් මුණගැසෙමින්

ඔබ සෑම විටම පරම පියාගේ ආරක‍්ෂක වියන යට සිටින විශේෂ ජීවාත්ම බව ඔබ සලකනවාද? පියාගේ ආරක‍්ෂක වියන ඇති තැන ඔබ සෑම විටම මායාගෙන් ආරක‍්ෂිතව සිටියි. මායාට වියන යටතට පැමිණීමට නොහැක. ඔබ සෑම විටම වෙහෙස වී වැඩ කිරීමෙන් ඈත්ව, සෑම විටම ප්‍රීතියෙන් සිටියි, මන්ද වෙහස වී වැඩ කිරීමට ඇති විට, ඔබට විනෝදයක් නොමැත. නිදසුනක් ලෙස දරුවන් පාඩම් කරන විට වෙහෙස වී වැඩ කිරීමට සිදුවෙයි. ඔවුන්ගේ විභාග දවස්වල ඔවුන් බොහෝ වෙහෙස වී වැඩ කරයි, ඔවුන් ක්‍රීඩා කරමින් විනෝද වන්නේ නැත. පසුව වෙහස වී සිදුකරන ක්‍රියා අවසන් වූ විට, ඔවුන්ගේ විභාග අවසන් වූ විට, ඔවුන් විනෝද වෙයි. එබැවින් වෙහෙස වී වැඩ කිරීමට සිදුවන විට ප්‍රීතියක් නැත. ප්‍රීතිය ඇති තැන, වෙහෙස වී වැඩ කිරීමට නැත. වියන යට සිටීම යනු, නිරන්තරයෙන් විනෝදයෙන් සිටීමයි, මන්ද මෙහිදි ඔබ උසස්ම ඉගෙනුම ඉගෙන ගන්නා නමුත්, මෙය උසස්ම ඉගෙනුම වුවත්, ඔබ අනිවාර්යෙන් ජය ලබන බව, ඔබ දැනටමත් සමත් වී ඇති බවට විශ්වාසය ඔබට තිබේ, ඔබ විනෝද වන්නේ මේ නිසයි. මෙය චක්‍රයෙන් චක්‍රයට සිදුකරන ඉගෙනුමයි. එය අළුත් දෙයක් නොවෙයි. එබැවින්, නිරන්තරයෙන් විනෝදයෙන් සිට, නොකඩවා අන් අයට විනෝද වීමේ පණිවිඩය ලබා දී අඛණ්ඩව සේවය කරන්න, මන්ද, ඔබ මේ කාලයේ මෙන්ම අනාගතයේද සේවයේ ඵලය නොකඩවා බුදියි. ඔබ සේවය කරන විට පමණයි, ඔබට එහි ඵලය ලැබෙන්නේ.

සමුගන්න වෙලාවේ, ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන්ට කතා කරමින්

ඔවුන්ව සමාන කිරීම සඳහා, බාප්දාදාට අවශ්‍ය වන්නේ, සියලුම දරුවන්ව පිවිතුරු පැතුම් වලින් පියාසර කරවන්නයි. උපකරණ සේවාධාරීන් අනිවාර්යෙන්ම පරම පියාට සමාන වීමට යනවා. එය කෙසේ සිදු කළත්, පරම පියා ඔබව එය බවට පත් කළ යුතුයි, මන්ද ඔහු ඕනෑම කෙනෙක්ව ඔහුත් සමඟ රැගෙන යන්නේ නැහැ. පියාටද ඔහුගේ අභිමානය තිබේ. පියා පරිසමාප්ත නමුත් ඔහුගේ සහකරුවන් අංගවිකල හෝ ආබාධිත නම් එය ඔබින්නේ නැත. ආබාධිත සහ අංගවිකල අය පෙරහැරේ කොටසක් වෙයි ඔවුන් සහකරුවන් වන්නේ නැත. මේ නිසයි, ශිවාගේ පෙරහැර සෑම විටම ආබාධිත සහ අංග විකල අයගෙන් සමන්විත බව පෙන්වා තිබෙන්නේ, මන්ද සමහර දුර්වල ජීවාත්ම ධර්මරාජ්ගේ දේශය පසුකර යෑමෙන් පසුව සුදුසු වෙයි.

වරදානය:
ඔබ හැඩගැසීමේ බලය ඇති මාස්ටර් සාගරයක් වී, ඒ අනුව සේවා වේදිකාවේ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ඔබ සේවා වේදිකාව මතට පැමිණි විට, බොහෝ විවිධ අන්දමේ සිදුවීම් ඔබ ඉදිරියට පැමිණෙයි. එබැවින් එම සිදුවීම් තමන් තුළ මුසු කරගන්න, එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වෙයි. ඒවාට හැඩගැසීම යනු, කිසිම දළ දෙයක සුළු සලකුණක් පවා සිතිවිල්ලක හෝ හැඟීමක ස්වරූපයෙන්වත් තමන් තුළ මුසූ වී නොතිබීමයි. හිතකාමී නොවන වචන, එම වචන කිසි විටෙක නොපැවසූ ආකාරයට, හිතකාමී හැඟීම් බවට පරිවර්ථනය කරන්න. දුර්වලතා, ගුණධර්ම වලටත්, අපහාස, වර්ණනාවටත් පරිවර්ථනය කරන්න, එවිට ඔබ මාස්ටර් සාගරයක් ලෙස හැඳින්වෙයි.

පාඨය:
ව්‍යාප්තිය දෙස නොබලා, සාරය දෙස බලා, එය තමන් තුළ මුසු කරගන්නා කෙනෙක්, තීව්‍ර උත්සාහ දරන්නෙකි.