14.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙම අධ්‍යයනය කිසිවිට අතපසු නොකළ යුතුයි. එය අධ්‍යයනය කිරීම මඟින් ඔබ ශිෂ්‍යත්වයක් අත්කර ගනී. එබැවින් පරම පියා විසින් ඔබට දෙනු ලබන දැනුම උකහා ගන්න.

ප්‍රශ්නය:
ඔබ යෝග්‍ය බ්‍රහමින්වරු කියන්නේ කාටද, ඒ අයගේ ලක්ෂණ මොනවාද?

පිළිතුර:
1) යෝග්‍ය බ්‍රහමින්වරුන්ට බාබාගේ ගීතාව නම් වූ දැනුම කට පාඩමින් කිව හැකි වේ. 2) ඔවුන් අන් අයවත් තමන් මෙන් පත් කරති. 3) ඔවුන් මෙම දැනුමේ ධනය බොහෝ අයට දානය කරති. 4) ඔවුන් කිසිවකු සමඟ ගැටුමක් ඇති නොකරති. 5) ඔවුන්ගේ බුද්ධි කිසිම මනුෂ්‍යයෙක් වෙත ආකර්ෂිත නොවේ. 6) බ්‍රහමින්වරු යනු ඔවුන් තුළ යක්ෂ ගති නොමැති අය වේ; ඔවුන් ශරීර අවධානය අත්හැරීමට උත්සාහ දරණ අතර ජීවාත්ම අවධානය ඇතිව සිටිති.

ඕම් ශාන්ති.
පරම පියා ඔහුගේ හැඳිනීම සහ ලෝක චක්‍රය පිළිබඳ දැනුම ඔහු විසින්ම දී තිබෙනවා. ලෝක චක්‍රය වෙනසක් නැතිව කැරකෙන බව ඔබ දරුවන්ගේ බුද්ධියේ පතිත වී ඇත. එය හරියටම නාට්‍ය නිර්මාණය කර ආකෘති සාදා ඇතිවාක් මෙනි. ඔබේ බුද්ධියෙහි මෙම චක්‍රය වටේට කරකැවිය යුතුයි. ඔබ ස්වදර්ශන චක්‍රයේ කවපෙත්ත කරකවන්නන් යැයි කියනු ලැබේ. එමනිසා, මේ සියල්ල ඔබේ බුද්ධියෙහි කරකැවිය යුතුය. පරම පියාගෙන් ඔබ ලද දැනුම උකහා ගන්න. එවන් අප්‍රමාණ අයුරින් උකහාගෙන තිබිය යුත්තේ අවසානයේදී, ඔබ තුළ පරම පියාගේ ස්මරණයත් නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුමත් පමණයි තිබෙන්නේ. ඔබ දරුවන් ඉතා හොඳ උත්සාහයක් කළ යුතුයි. මෙය අධ්‍යයනයකි. මෙම දැනුම ගැන ඔබ බ්‍රහමින්වරු හැර වෙන කිසිවකුත් නොදන්නා බව ඔය දරුවන් දනී. බොහෝ විවිධ වූ කුල ඇත. සෑම කෙනෙක්ම දැන් සමගිව එක්සත් විය යුතු යැයි මිනිසුන් විශ්වාස කරති. දැන්, මුළු ලොවම එකක් විය නොහැකිය. එක් අධිරාජ්‍යයක්, එක් ධර්මයක් සහ එක් භාෂාවක් මෙලොවෙහි තිබීම අවැසි වේ. නමුත් එසේ විය හැක්කේ ස්වර්ණම යුගයේදී පමණි. ලොවේ අධිපතීන් වූ ලක‍්ෂ්මී සහ නාරායන්ගේ ලෝක ස්වාධිපත්‍යය පවතින කාලයේය. එකල ලොවෙහි සාමය කෙසේ තිබුණේද කියා ඔබ මිනිසුන්ට පැහැදිලි කළ යුතුයි. මෙය භාරතයට පමණක්ම අදාල වූවකි. ඔවුන්ගේ රාජධානියේ මුළු ලොවම මත සාමය තිබුණි. ඔබ හැර වෙන කිසිවෙකුත් මෙය නොදනී. සැවොම භක්තිවන්තයන්, ඔවුන්ගේ භක්තිය හා මෙම දැනුම අතර වෙනස ඔබට දැකිය හැකියි. ඔබ භක්ති නොකළේ නම්, යක‍්ෂ ප්‍රේත භූතයන් ඔබට හානි සිදුකරයි කීම වැරදියි, එසේ වන්නේ නැහැ. ඔබ දැන් පියාට අයිති වීය. ඔබ තුළ මොන යක‍්ෂ ප්‍රේතයන් සිටියත් ඔබ ඒ සියල්ල ඉවත් කර තිබේවි. ප්‍රධාන යක‍්ෂයා තමයි ශරීර අවධානයේ අහංකාරය. මෙය අත්හැරීම සඳහා පියා ඔබව ජීව අවධානයට පත්කරයි. ඔබ පරම පියා ස්මරණය කළ විට කිසිම යක‍්ෂ ප්‍රේතයෙක් ඔබ ඉදිරියට ඒමට දිරිමත් නොවේ. උපත් 21ක් මොනම යක‍්ෂයෙක් වත් නොඒවි. යක‍්ෂයන් පස් දෙනා අයිති රාවණ්ගේ සමූහයටයි. රාවණ රාජධානියත් රාම රාජධානියත් එකිනෙකට පරස්පර විරෝධීයි. රාවණ රාජධානියේ දූෂණ ඇති අතර රාම රාජධානියේ ජීවයන් ඉතා උසස්ය. ඔබ හැරෙන්න වෙන කිසිවෙකුත් මෙය තේරුම් නොගනී. කෙසේවෙතත්, ඔබලා අතරේද, එය හොඳාකාරව තේරුම් ගන්නේ ද බුද්ධිමත් සහ ඥානවන්ත අය පමණි. මන්ද, මායා කියන පූසී, දෙවෙනි නැහැ. ඇතැම් විට දරුවන් ඉගෙන ගැනීම නතර කරයි, හෝ මධ්‍යස්ථානයට යෑම නතර කරයි. එසේම දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නේ නැහැ. ඔවුන්ගේ ඇස් ඔවුන්ව රවට්ටයි. ඔවුන් යම් දෙයක් හොඳ යැයි දැක්කොත් එය කා දමාවි. එබැවින්, පියා පැහැදිලි කරයි මේ (ලක‍්ෂ්මී සහ නාරායන්) අරමුණ සහ ඉලක්කය වේ. එවිට ඔබ ඔවුන් වාගේ වෙන්න ඕන. ඔවුන් වාගේ දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නත් ඕන. නරක සලකුණක්වත් එහි නොතිබේ, යක‍්ෂයිනුත් එහි නොසිටී. මෙම විෂයන් බ්‍රහ්ම කුමාරින් සහ බ්‍රහ්ම කුමාරයන් හැර වෙන කිසිවෙකුත් තේරුම් නොගනී. ඔබ දේවවාදීන් (උරුමැත්තන්) බවට පත්වීම ගැන ඔබට පවිත්‍ර ආඩම්බරයක් ඇත. මන්ද, ඔබ අයිති වී සිටින්නේ සුමිහිරිතම අධ්‍යාත්මික පියාටයි. එසේම කිසිම දේහධාරියෙකුට රාජයෝග ඉගැන්විය නොහැකි බවත් ඔබ දනී, කිසිම කෙනෙකුට මෙම දැනුම හෝ ස්මරණ වන්දනාවේ යාම ඉගැන්විය නොහැකිය. මෙය ඉගැන්විය හැක්කේ පරම පියාට පමණි. ඔබ ඉගෙන ගෙන පසුව අන් අයට උගන්වයි. ඇතැම් විට ඔවුන් ඔබෙන් අසාවි මේවා ඔබට ඉගැන්වූයේ කවුද. ඔබේ ගුරුන්නාන්සේ කවුද? කියා. මන්ද, ගුරුවරුන්ට මෙම ආධ්‍යාත්මික විෂයන් ඉගැන්විය නොහැකිය, ගුරුන්නාන්සේ කෙනෙකුට පමණයි මේවා ඉගැන්විය හැක්කේ. කෙසේවෙතත්, ඔබ දන්නවා ඔබට සත්ගුරු මිස වෙනත් ගුරුන්නාන්සේ කෙනෙක් නැති බව. ඔහුට පරමාත්මය කියාත් කියති. නාට්‍යය අනුව සත්‍ය වූ සත්ගුරු, ඔහු විසින්ම පැමණ සිය හැඳින්වීම දෙනවා. ඔහු අපට කියනා දේ සත්‍යම වේ. එසේම ඔහු අපව සත්‍ය දේශය කරා ගෙන යනවා. එකම එක සත්‍යයයි තිබිය හැක්කේ. ශරීරධාරියෙකු මතක් කිරීම වැරදියි. මෙහි ඔබ සිහි කළ යුත්තේ එක් පියාව පමණයි. සියලුම ජීවයන් ඉතා කුඩා ආලෝක ලක‍ෂ්‍ය මෙනි. ඒ හෙයින් පියාත් ආලෝක ලක‍ෂ්‍යයකි. සෑම ජීවයකුටම ඔහුට අදාල වූ සංස්කාර සහ කර්මය ඇත, සංස්කාර එක සමාන නොවිය හැකිය. ඔවුන්ගේ සංස්කාර සියල්ල එක සමාන වූයේ නම්, ඔවුන්ගේ හැඩරුව ද සමාන විය යුතුය. කෙසේවෙතත්, ඔවුන්ගේ හැඩරුව සමාන විය නොහැකිය, යම් වෙනසක් තිබිය යුතුයි. ඇත්තේ එකම එක නාට්‍යයයි. එකම එක ලෝකයයි. බොහෝ නැත. ඉහළින් ලොවක් ඇතැයි ද, පහළින් ලොවක් ඇතැයි ද හෝ තාරකාවල ලෝක ඇතැයි කියන්නේ කතන්දර වලය. බාබා අසනවා ඔබට මේවා කීවේ කවුදරෑ විවිධ ප්‍රබන්ධ කතා පොත්වල සඳහන් කර ඇතැයි ඔවුන් කියති. එම ග්‍රන්ථ ආදිය ලියා ඇත්තේ නිසැකවම මිනිසුන් විසින්ය. මෙම නාටකය කලින් නිශ්චය කරන ලද්දක් බව ඔබ දනී. තත්පරයෙන් තත්පරයට රඟ දැක්වූ සෑම භූමිකාවක්ම නාට්‍යයේ කලින් නිශ්චිත වූවකි. දරුවනි, මෙම ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද, මනුෂ්‍යයින් ඔවුන්ගේ භූමිකා රඟ දක්වන්නේ කෙසේද ආදිය ඔබේ බුද්ධියෙහි ඇතුල්වී ඇත. බාබා ඔබ දරුවන්ට කියා තිබෙනවා ස්වර්ණමය යුගයේ රඟපාන භූමිකා ඇත්තේ ඔබට පමණයි කියා. ඔබ අනුපිළිවෙලින් තමන්ගේ කොටස කිරීම සඳහා පහළ බසිනවා. බාබා සෑම දේම ඉතා හොඳාකාරව පැහැදිලි කරයි. එමනිසා, ඔබ විසින් අන් අයට මේ සියල්ල පැහැදිලි කරන්න ඕන. ලොකු මධ්‍යස්ථාන විවෘත වේවි. එවිට වැදගත් මිනිසුන්, ඒ වාගේම දුප්පත් අයද ඒවි. සාමාන්‍යයෙන් මෙම දැනුම දුප්පත් අයගේ බුද්ධිය තුළට ඉක්මණින් ඇතුල් වේ. වැදගත් මිනිසුන් පැමිණි විට ඔවුන්ට වැඩ තිබෙන නිසා ඉගෙන ගන්න වේලාවක් නැතැයි කියති. දරුවන් හොඳින් ඉගෙන ගන්නා බවට පොරොන්දු වී ඇත. එහෙත් ඔවුන් ඉගෙන ගැනීම නතර කළොතින් ඔවුන් තමන්ටම හානි ඇතිකර ගනී. මායා ඔවුන්ව ඈ වෙත ඇදගනු ඇත. මෙසේ බොහෝ දරුවන් ඉගෙන ගැනීම නතර කර ඇත. ඉගෙනුම අතපසු කළොත් නිසැකවම අසමත් වෙති. හොඳ ශිෂ්‍යයින් පාසැලේ කිසිවිට නිවාඩු ගන්නේ හෝ මගුල් උත්සව වලට හෝ වෙන කොහේවත් නොයති. මන්ද, ඔවුන් හොඳින් ඉගෙනගෙන හොඳ ශිෂ්‍යත්වයක් අරගත යුතු බව ඔවුන් බුද්ධිමත්ව තේරුම් ගෙන ඇත. ඔවුන් කිසිසේත් ඉගෙනුම අතපසු කිරීම නොසිතා හොඳින් ඉගෙන ගන්නේ මේ නිසයි. ඔවුන්ගේ ඉගෙනුමට වඩා වෙන රුචියක් ඔවුන්ට නැත. නැත්නම් අනවශ්‍ය ලෙස ඔවුන්ගේ කාලය අපතේ යනු ඇතැයි ඔවුන් තේරුම් ගෙන ඇත. මෙහි ඔබට උගන්වන්නේ එක් ගුරුවරයෙකි. එබැවින් ඔබේ ඉගෙනුම අහිමි කරගන්න එපා. ඔව්, ශිෂ්‍යයන් ඔවුන්ගේ උත්සාහය අනුව අනුපිළිවෙලින් සිටිනවා. එසේම ගුරුවරයාටත් තම ශිෂ්‍යයන් ඉතා හොඳින් කරන බව හැඟේ නම්, ඔහුත් උගන්වන්න ආසා කරයි. එවිට ඔවුන් හොඳින් කරන්නේ නම්, ගුරුවරයාගේ නම කීර්තිමත් වනු ඇත. ඔවුන්ගේ පන්ති වර්ධනය වන අතර ඔවුන් ඉහළ තනතුරක් ලබාවි. මෙහෙත්, ඉතා හොඳින් ඉගෙනගත් අය ඉහළ පදවියක් ලබනවා ඇත. එකම පන්තියෙන් ඇතැම් අය උසස් පදවියක් සහ ඇතැම් අය අඩු පදවියක්ද ලබාවි. එහෙයින් ඔවුන්ගේ ආදායම සමාන නොවනු ඇත. සෑම දේම බුද්ධිය මත රඳා පවතී. එහි මනුෂ්‍යයන්ට උගන්වන්නේ මනුෂ්‍යයන්ය. කෙසේවෙතත්, ඔබ දන්නවා මෙහි අසීමිත පියා ඔබට උගන්වනවා කියා. එමනිසා, ඔබ ඉතා හොඳින් ඉගෙනගත යුතුයි. නොසැලකිළිමත් නොවන්න. මෙම ඉගෙනුම ඔබ කිසිදා අත් නොහැරිය යුතුයි. ඇතැම් විට සමහරු එකිනෙකා සමඟ මහා අවුල් වූ දේවල් පවසමින් ද්‍රෝහීන් වෙති. ඔබ අන් අයගේ කීම අනුගමනය නොකළ යුතුය. ශ්‍රීමත් ගැන කවුරු කුමක් කීවත් ඔබට උගන්වන්නේ පරම පියාය යන විශ්වාසය ඔබට ඇත. ඒ හෙයින් ඔබ කිසිවිට මෙම ඉගෙනුම අත් නොහැරිය යුතුය. ඔබ දරුවන් අනුපිළිවෙලිනි. එහෙත් පරම පියා සැමවිටම නොම්මර එකේ ප්‍රථමයා වේ. ඔබ මෙම දැනුම අත්හැරියොත් ඔබ වෙන කොහේ යන්නද? මෙම දැනුම වෙන කොහෙන්වත් ලබා ගත නොහැකිය. ඔබ ශිව් බාබා සමඟ ඉගෙන ගන්න ඕන. ඔබ ශිව් බාබා සමඟ ගනුදෙනුවක් කරන්න ඕන. සමහරු උඩුයටිකුරු දේවල් පවසා අන් අයගේ මුහුණු හරවති. මෙය ශිව් බාබාගේ බැංකුවයි. උදාහරණයක් වශයෙන් ඔබලාගෙන් කෙනෙකුට ආධ්‍යාත්මික සභාවක් පිට තැනක පටන් ගන්න උවමනා වේ ශිව් බාබාගේ බැංකුවට එකතු කරන්න ඔබට උවමනා වේ එනමුත් ඔබ එය කරන්නේ කොහොමද ? දරුවන් මෙහි පැමිණ ශිව් බාබාගේ බණ්ඩාරියට ඔවුන්ට හැකි පමණින් දෙනවා. රුපියලක් දුන්නත් එය සිය ගුණයෙන් ඔවුන්ට හරවා ලැබේ. ශිව් බාබා කියයි ඒ වෙනුවෙන් ඔබට හරවා මාලිගාවක් ලැබේවි. මෙම පැරණි ලොව මුළුමනින්ම විනාශ වී යාවි. බොහෝ ධනවත් පවුල් වලින් පැමිණි අය ද ශිව් බාබාගේ වස්තු ගබඩාවෙන් පෝෂණය වුණේ නැතැයි කිව නොහැකිය. මන්ද, ඔබ සැවොම මෙහෙන් පෝෂණය ලබමින් සිටියි. ඇතැම් අය දුප්පත්, ඇතැම් අය ධනවත්ය. දුගී අයට ධනවතුන්ගෙන් රැකවරණය ලැබේ. මෙහි බියවීමට කාරණාවක් නැත. බොහෝ දරුවන්ට ශිව් බාබාට අයිති වෙන්න උවමනාව තිබෙනවා. නමුත් ඔවුන් සුදුස්සන් වෙන්න ඕන. ඔවුන් නිරෝගී වෙන්න ඕන. එසේම දැනුම දීමටත් හැකිවෙන්න ඕන. ආණ්ඩුවෙන් ද රැකියාවක් දීමට පෙර සෑම කෙනාවම තරයේ පරීක්ෂා කරයි. මෙහිදීත් සියල්ලන්ම මුලින්ම පරීක්ෂා කරනු ඇත. ඔවුන්ට සේවය කළ හැකිද? සැවොම සිටින්නේ අනුපිළිවෙලිනි. ඔබ සෑම කෙනාම තමන්ට හැකි තරම් උත්සාහයේ යෙදෙනවා. ඇතැම් අය හොඳින් උත්සාහ කර පසුව නෑවිත් සිටියි. කුමක් හෝ හේතුවක් මත ඔවුන් නෑවිත් සිටිනවා. පසුව මෙය ඔවුන්ගේ නිරෝගිමත් බවට බලපායි. මේ සියලු දේම ඔබට උගන්වා ඇති නිසා ඔබ සදා නිරෝගිමත් වේ. ස්මරණයෙන් පමණයි තමන්ගේ පව් නැති කළ හැක්කේ යන්න තේරුම් ගන්නේ කැමැත්තක් ඇත්තන් පමණයි. ඔවුන් ඉතාමත් හොඳින් උත්සාහ කරති. ඇතැමුන් මෙහි එන්නේ ඔවුන්ගේ කාලය ගත කිරීමටයි. මේ ගැන ඔබව පරීක්ෂා කරන්න ඕන. පරම පියා පැහැදිලි කරයි ඔබ වැරැද්දක් කළොතින් ඔබ විසින් කිසිවෙකුට උගැන්විය නොහැකි බව දැනගත හැකි වේ. බාබා කියයි ඔබ දින හතකින් යෝග්‍ය බ්‍රාහ්මණයන් වන්නට ඕන. නමට බ්‍රාහ්මණයන් වනවා නොවෙයි. නියම බ්‍රාහ්මණයෙක් වන්නේ බාබාගේ දැනුමේ ගීතාව මතකයෙන් ස්මරණය කිරීමට හැකි කෙනෙකි. බ්‍රාහ්මණ පූජකයන් ද අනුපිළිවෙලින් සිටී. මෙහිත් එසේමය. මෙම දැනුමට ඔබ අවධානය නොදුන්නොත් ඔබ කවුරු බවට පත් වේද? ඔබ සෑම කෙනෙක්ම උත්සාහ දරා සේවයේ සාධකය දෙන්න ඕන. කුමන කතාන්තරයක් ඔබ ලබා ගන්නේ දැයි එවිට තේරුම් ගත හැකි වේ. එසේම චක්‍රයක් චක්‍රයක් පාසාම එසේ නියම වනු ඇත. ඔබ ඉගෙන නොගෙන අන් අයට උගන්වන්නේ නැතිනම්, ඔබට කිසිවකුටත් උගැන්වීමට නොහැකි වූයේ හරිහැටි ඉගෙන නොගත් නිසා යැයි ඔබටම තේරුම් ගත හැකි වේ. තවමත් ඔබ අන් අයට උගැන්වීමට සුදුස්සන් නොවූයේ ඇයි? කොයි තරම් කාලයක් බ්‍රහමින් ගුරුවරයෙක් ඔබ වෙනුවෙන් එවන්න ඕනද? අන් අයව ඔබ හා සමාන බවට පත් කරන්න ඕන. හොඳින් ඉගෙන ගත් අය උදව් කළ යුතුයි. එහෙත් ඔබෙන් බොහෝ අය එකිනෙකා සමඟ යම් විදියක ගැටුමක යෙදී සිටිනවා, නැතිනම්, එකිනෙකා හා ඇල්මෙන් ඉගෙනීම නතර කරනවා. උත්සාහ කරන්නන් එහි ඵලය ලබාවි. ඔබ යම් කෙනෙකුගේ කීමට යට වී ඉගෙනුම නතර කරන්නේ ඇයි? මෙයද නාට්‍යයෙහි තිබෙන්නකි. එය ඔවුන්ගේ වාසනාවේ නැත. දිනෙන් දින මෙම අධ්‍යයනය වඩාත් දැඩි බවට පත් වෙනවා. එසේම තවත් මධ්‍යස්ථාන නොකඩවා විවෘත වේ. මෙය ශිව් බාබාගේ වියදමෙන් නොවේ. දරුවන් විසින් එම සියලු වියදම් සිදු කෙරේ. හොඳම දානය මෙය වේ. අන් අය දානය කළ විට හරවා ලැබෙන්නේ සීමිතවයි. කෙටි කාලීන සතුටයි. එහෙත් ඔබ මෙහි කුමක් දානය කළත් ඒ වෙනුවෙන් උපත් 21ක් සඳහා ප්‍රතිලාභය ඔබ ලබයි. ඔබ මෙහි පැමිණියේ සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් නාරායන් බවට පත්වීමටය. එමනිසා, ඔබ ඉතා හොඳින් ඉගෙන ගත් අය අනුගමනය කරන්න ඕන. ඔබ දිනපතා ඉගෙන ගන්න ඕන. සාමාන්‍යයෙන් ඔබ එකිනෙකා සමඟ රණ්ඩු වෙන්නේ ශරීර අවධානය නිසාවෙනි. ඔබේම වාසනාවට ඔබ පිටුපායි. මේ නිසයි වැඩි පිරිසක්ම මව්වරු සිටින්නේ. මව්වරුන්ගේ නාමය කීර්තිමත් වූයේ මේ නිසාය. මෙම මව්වරුන්ගේ උසස්වීම නාටකයේ නිශ්චිත වුවකි. එබැවින්, පරම පියා කියයි සුමිහිරි, සුමිහිරි දරුවනි, ඔබව ජීවයක් ලෙස සලකා මා පමණක් සිහි කරන්න. ජීව අවධානයෙහි සිටින්න. ශරීරයක් නොමැතිව අන් අය කියන දේ සවන් දෙන්නේ කොහොමද? මෙම පුහුණුව තරකර ගන්න මම ජීවයක්මි. මම දැන් නිවසට ආපසු යා යුතුය. බාබා කියයි අන් සියලු දේ අත්හැර පරම පියා පමණක් ස්මරණය කරන්න. සෑම දේම රඳා ඇත්තේ මේ මතයි. පරම පියා කියයි ඕනෑම විදියකට ඔබේ වැඩරාජකාරිය ආදිය කරන්න. පැය අටක් වැඩ කරන්න. පැය අටක් විවේක ගන්න. පැය අටක් මෙම ආණ්ඩුවට සේවය කරන්න. ඔබ සේවය කරන්නේ මට නොවේ. ඔබ සේවය කරන්නේ මුළු ලොවටයි. ඔබ කාලය මේ සඳහා වෙන්කර ගත යුතුව ඇත්තේ මේ නිසාය. වැදගත්ම දේ තමයි ස්මරණ වන්දනා ගමන. ඔබ කාලය නාස්ති නොකළ යුතුයි. රජය වෙනුවෙන් පැය අටක් වැඩ කරලා ඔබට මොනවද ලැබුණේ ? දාහක්, දෙදාහක් හෝ පන්දාහක් පමණ ලැබී ඇති. මෙම ආණ්ඩුවට සේවය කිරීම මඟින් ඔබ කෝටිපතීන් වනවා. එබැවින් ඔබ මෙම සේවය හද පත්ලෙන්ම කළ යුතුය. මිණිමුතු අටෙන් එක්කෙනෙක් වීමට උවමනා අය අනිවාර්යෙන් පැය අටක් බාබාගේ ස්මරණයේ සිටින්න ඕන. භක්ති මාර්ගයේ අයට බොහෝ ස්මරණය ඇත. නමුත් ඔවුන් කාලය නාස්ති කරති. ඔවුන් කිසිවක් නොලබයි. ගංගානම් ගඟේ නාමින්, ජප කරමින් උපවාස කරමින් සිටිති, ඔවුන්ට කවුරුන්ගෙන් ප්‍රාප්තයන් ලැබෙන්නේද, එම පියාව ඔවුන්ට හමුවීමට නොහැකිය. පරම පියාගෙන් එම ප්‍රාප්තයන් ලබා ගන්නේ මෙහිදීය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උන් අයගේ කීම අසා ශ්‍රීමත් වලට අකීකරු නොවන්න. වැරදි දේ අසා මෙම ඉගෙනුමෙන් ඔබේ මුහුණු නොහරවන්න. කිසිවකු සමඟ ගැටුමක් ඔබ නොකළ යුතුයි.

2. ඔබව පරීක්ෂා කරමින් විමසන්න කොතැනදී හෝ මා අතින් වැරැද්දක් වී ඇත්ද? මෙම දැනුමට මා මුළු අවධානය යොමු කරනවාද? මගේ කාලය මම නාස්ති කරනවාද? මම ජීවාත්ම අවධානයට පත්ව සිටිනවාද? මම ආධ්‍යාත්මික සේවය හද පත්ලෙන්ම කරනවාද?

වරදානය:
ඔබ අධ්‍යාත්මික අධිකාරීත්වයෙන් මෙම සත්‍ය ඥානයේ ප්‍රායෝගිකත්වය පෙන්වන නිරහංකාරී සත්‍ය සේවාධාරියෙකු වේවා.

ගසක ගෙඩිවල බර වැඩි වූ විට, එය පහළට නැමීමට පටන් ගනී, එනම්, නිහතමානීව සේවය කරයි. එලෙසම ආධ්‍යාත්මික අධිකාරිත්වය ඇති දරුවෝද මහා බලධාරි වන තරමට සැමට නිහතමානීව හා ආදරයෙන් කටයුතු කරනු ඇත. කෙටිකාලීන අධිකාරීත්වයක් ඇති අය මමත්වයට පත් වන අතර, සත්‍යයේ අධිකාරීත්වය ඇති අය මෙම අධිකාරීත්වය ඇති විට නිරහංකාරී වෙති. මේවා සත්‍ය ඥානයේ ප්‍රායෝගික ස්වරූපයන් වේ. සැබෑ සේවාධාරීන්ට ඔවුන්ගේ ආකල්පය තුළ කොතරම් අධිකාරීත්වයක් තිබුණද, ඔවුන්ගේ වචන වල ද එතරම් ආදරයක් සහ නිහතමානීකමක් පවතිනු ඇත.

පාඨය:
වාසනාවේ පදනම අත්හැරීමයි; අත්හැරීමකින් තොරව ඔබට වාසනාව ලැබිය නොහැකි වේ.