14.04.19    Avyakt Bapdada     Sinhala Murli     07.05.84     Om Shanti     Madhuban


සමබරතාවය තබාගැනීමෙන් ආශිර්වාද ලබාගැනීම.


අද දින, සෙනෙහස් සාගරය වන පියා, මෙම සෙනෙහසේ සතුටු හමුවට පැමිණ සිටින්නේ, සෙනෙහසේ සහ සිහිපත් කිරීමේ ප්‍රතිමූර්ති වන දරුවන්ට, සෙනෙහසේ සහ සිහි කිරීමේ ප්‍රතිලාභය ලබා දීමටයි. මෙම ආධ්‍යාත්මික සෙනෙහසේ ප්‍රීතිමත් සමූහය, ආධ්‍යාත්මික සබැඳියාවන්හි හමුවක් සිදුවන, සමූහයකි. මුළු චක්‍රයෙන්ම මෙය අත්විඳිය හැක්කේ මෙකල පමණයි. මෙම එක් උපතේ හැරෙන්නට වෙනත් කිසිම කාලයක ඔබට ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික සෙනෙහස ලබා ගත නොහැක. මෙම ආධ්‍යාත්මික සෙනෙහස, ජීවාත්මයන්ට සැබෑ සැනසීම ගෙන දෙයි. එය ඔවුන්ට සත්‍ය මාර්ගය පෙන්වයි. එය ඔවුන්ට සියලුම සත්‍ය ලැබීම් හිමි කරගැනීමට මඟපාදයි. ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර මුහුණට-මුහුණලා සිදුවන මෙම හමුවීම, මෙම භෞතික පොළෝතලය මත, මෙතරම් පහසු ආකාරයකට මෙම උපතේදී සිදුවෙයි කියා, ඔබ කවදාවත් සිතුවාද? ඔහු උසස්ම උසස් කෙනා බවත් ඔහු ඉතාමත්ම දීප්තිමත් බවත්, ශ්‍රේෂ්ඨතම වන්නේ ඔහු බවත්, ඔබ පියා ගැන අසා තිබුණු ආකාරයෙන්ම, ඒ පරිද්දෙන්ම ඔහුව හමුවීමට තිබෙන ක්‍රමවේදය අපහසු මෙන්ම විශාල පුහුණුවක් අවශ්‍ය වන එකක් බව ඔබ සිතූ බැවින්, ඔබ අධෛර්යමත් විය. කෙසේවෙතත්, අධෛර්යයට පත් වූ දරුවන් තුළ පියා බලාපොරොත්තු ඇති කළා. ඔහු අධෛර්යමත් දරුවන්ව ශක්තිමත් කළා. ඔවුන් විමසුවේ 'අපට කවදා ඔහු හමු වෙයිද?' එමෙන්ම දැන් ඔහුව මුණගැසීමට ඔහු ඔවුන්ට මඟපෑදුවා. ඔහුගේ සියලු දේපළ වලට අයිතිය ඔහු ඔවුන්ට ලබාදුන්නා. දැන් අයිතීන් ඇති ඔය ජීව, ඔබගේ අයිතීන් දන්නවා නේද? ඔබ ඒවා ඉතා හොඳින් දන්නවාද, නැත්නම් ඔබ තවමත් දැනගෙන නොමැතිද?

අද, දරුවන්ව දැකීමෙන්, බාප් සහ දාදා අතර හදවතින්-හදවතට කතා බහක් ඇති වුණා සියලුම දරුවන්ට නිරන්තර විශ්වාසය තිබේ, ඔවුන්ට සෙනෙහසද තිබේ සිහිපත් කිරීම වෙනුවෙන් ඔවුන්ට එම සෙනෙහස තිබෙන අතර සේවය වෙනුවෙන් උද්යෝගයද තිබේ. ඔවුන්ගේ අරමුණද ශ්‍රේෂ්ඨයි. ඔවුන් කිසිවෙකුගෙන්, ඔවුන්ට අවශ්‍ය කවුරු වීමටද කියා විමසුවොත්, සෑම කෙනෙක්ම පවසන්නේ ඔවුන් ලක්ෂ්මි හෝ නාරායන් වීමට යන බවයි. ඔවුන් රාමා හෝ සීතා වීමට යන බව කිසිවෙකු නොකියයි. 16,000 මාලාවේ කොටසක් වීමට ඔවුන්ගේ හදවත තුළ කැමැත්තක් නොමැත. 108 මාලාවේ පබුළු වීමට සියලු දෙනා තුළ උද්යෝගයක් තිබේ. සේවය කිරීමේදි සහ ඉගෙන ගැනීමේදී, තමන් අන් අයට වඩා සුදුසුකම් වලින් අඩු බව, කිසිවෙක් නොසලකයි. කෙසේවෙතත්, නිරන්තරයෙන් ස්ථාවර ස්ථීතියක් පවත්වා ගැනීමේදි, නිරන්තරයෙන් පියාසර කිරීමේ ස්ථීතිය අත්විඳීමේදී, නිරතුරුවම ඒකායන කෙනා තුළ මුසුව සිටීමේදී, තම සිරුරෙන් සහ සිරුරේ තාවකාලික ලැබීම් වලින් ඈත්ව සිටීමේදි සහ සෑම විටම සියලුම විනාශ වන දේවල් පිළිබඳ අවධානය අමතක කිරීමේදී, ඔබ අංක පිළිවෙලට පත්වෙයි. මෙසේ සිදුවන්නේ ඇයි? මෙයට විශේෂ හේතුව බාප්දාදා දුටුවා. ඔහු දුටු හේතුව කුමක්ද? හේතුවට තිබෙන්නේ එක වචනයයි.

ඔබ සියලු දේ දන්නවා. සියලු දෙනාම සියල්ල ලබාගෙන තිබේ. ක්‍රමවේදය පිළිබඳ දැනුම මෙන්ම සාර්ථකත්වය ගැන දැනුමද ඔබට තිබේ. ක්‍රියාව සහ එහි ඵලය යන දෙක පිළිබඳ දැනුම ඔබට තිබෙන නමුත් නිරන්තර සමබරතාවයක් තබාගන්නා අන්දම ගැන ඔබ නොදනී. මෙම සමබරතාවය නොතිබීම නිසා නිවැරදි වෙලාවට දේවමය ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ඔබව වලක්වයි. සෑම සිතිවිල්ලකින් සහ ක්‍රියාවකින්ම බාප්දාදාගෙන් සහ සියලුම උසස් ජීවාත්මයන්ගෙන් ඔබට ශ්‍රේෂ්ඨ ආශිර්වාද නොලැබෙන්නේ මේ නිසයි. ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ පහසුවෙන් සාර්ථකත්වය අත්නොවිඳියි. කුමන සමබරතාවයක් තබා ගැනීමටද ඔබට අමතක වන්නේ? එකක් සිහිපත් කිරීමේ සහ සේවයේ සමබරතාවය. සිහිපත් කිරීමේ සිටින අතර සේවය කිරීම, සිහිපත් කිරීම සහ සේවයේ සමබරතාවයයි. කෙසේවෙතත්, ඔබ සේවයේ කාර්යබහුල වී, ඉන්පසුව කාලයට අනුව සිහි කිරීමේ සිටියි. ඔබට කාලය තිබේ නම් ඔබ බාබා සිහි කරන අතර, නොඑසේ නම්, සේවය, සිහිකිරීම බව ඔබ සලකයි - මෙය අසමතුලිතතාවය ලෙස හැඳින්වෙයි. සේවයම, සිහි කිරීම බව පැවසීම, එක දෙයක් වන අතර, සේවයේදී සිහි කිරීම තිබෙන බව පැවසීම තවත් දෙයකි. ක්‍රමවේදයේ මෙම සුළු වෙනස, ප්‍රතිඵලය වෙනස් කරයි. එවිට ඔබගේ සිහිකිරීමේ ප්‍රතිශතයේ ප්‍රතිඵලය ගැන විමසූ විට, ඔබ පවසන්නේ කුමක්ද? ඔබ සේවයේ කෙතරම් කාර්යබහුලව සිටියාද යත් ඔබ වෙන කිසිවක් සිහි නොකළ බව. ඔබට වෙන කිසිම දේකට වෙලාවක් නොතිබුණු බව. නැත්නම් ඔබ පවසන්නේ සේවය, පියාගේ බැවින්, ඔව් මා නිසැකවම පියාව කොහොමත් සිහි කරමින් සිටියේ. කෙසේවෙතත්, ඔබ එම ගැඹුරු සෙනෙහසින් යුතුව, සේවය තුළ කෙතරම් වෙලාවක් ගත කළේද, ඔබට සිහිපත් කිරීමේ බලවත් අත්දැකීමක්ද ලැබුණාද? සේවයේදී ඔබට ස්ව-අභිමානයක් තිබුණු තරමටම, ඒ ආකාරයෙන්ම, ඔබට නිරහංකාරකමේ හැඟීමක් ඇති වුණාද? මෙම තුලනය තිබුණාද? ඔබ ඉතා හොඳින් ඉතා විශාල සේවයක් කළ බව සිතීම, ඔව්, සැබවින්ම හොඳ ස්ව-අභිමානයක් වන නමුත්, ස්ව-අභිමානය තිබෙන තරමටම නිරහංකාරකමත් ඇති කරගන්න. කරවන්හාර් පියා, උපකරණය වී, ඔබගේ මාර්ගයෙන් සේවය සිදුකළා. මෙය, නිරහංකාර උපකරණයක් වීමයි. ඔබ උපකරණයක් විය, ඉතා හොඳ සේවයක් සිදුවිය, ව්‍යාප්තිය ඇති වී ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් විය මෙම ස්ව-අභිමානය හොඳයි. කෙසේවෙතත්, ස්ව-අභිමානය පමණක් නොවෙයි එය නිරහංකාරකම සමග තුලනය කරගන්න. මෙම සමබරතාවය ඔබව පහසුවෙන් සහ නිරතුරුවම සාර්ථකත්වයේ ප්‍රතිරුවක් බවට පත් කරවයි. ස්ව-අභිමානයද අවශ්‍යයි ශරීරයේ අහංකාරකම නොව, නමුත් ස්ව-අභිමානය. කෙසේවෙතත්, ස්ව-අභිමානය සහ නිරහංකාරකම අතර සමබරතාවයක් නොතිබීම නිසා ස්ව-අභිමානය, තමන් පිළිබඳ අහංකාරකම බවට පරිවර්ථනය වෙයි. සේවය සිදුවී, සාර්ථකත්වය ඇති විට සතුට වන්න අපූරුයි බාබා! ඔබ මාව උපකරණයක් කළා. එය සිදුකළේ මා නොවෙයි.' මම' යන අවධානය, ස්ව-අභිමානය, තමන් පිළිබඳ අහංකාරකම බවට පරිවර්ථනය කරයි. සිහිකිරීම සහ සේවය අතර සමබරතාවයක් පවත්වාගන්නා අය, ස්ව-අභිමානය සහ නිරහංකාරකම අතර තුලනයක් ද තබාගනී. එබැවින් තුලනය චංචල කරවන්නේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද?

ඒ ආකාරයෙන්ම, ඔබ වගකීමේ කිරුළ පැලඳ සිටින බැවින්, ඔබ සෑම කාර්යයකදීම සම්පූර්ණ වගකීම ඉටු කළ යුතුයි. එය ලෞකික හෝ අලෞකික ක්‍රියාකාරකමක් වුවද, එසේ නැත්නම් දේවමය සේවයේ ක්‍රියාකාරකමක් වුවද, ඔබ ක්‍රියාකාරකම් දෙකේදීම වගකීම් ඉටු කිරීමේදී, ඔබ සෙනෙහසින් යුතු වන සේම නොබැඳීද සිටිය යුතුයි. මෙම තුලනය තබාගන්න. සෑම වගකීමක්ම ඉටුකිරීමට අවශ්‍ය නමුත්, ඔබගේ වගකීම් වැඩි වන තරමට ඔබ වැඩියෙන් ආලෝකමත් සහ සැහැල්ලු විය යුතුයි. ඔබගේ වගකීම ඉටුකරන අතර, එහි සියලු බරින් ඈත්ව සිටින්න. මෙය පියාට සෙනෙහසින් යුතුව සිටීම, ලෙස හැඳින්වෙයි. බිය නොවන්න මා කළ යුත්තේ කුමක්ද? බොහෝ වගකීම් තිබේ! මා මෙය කළ යුතුද නැද්ද? මා කළ යුත්තේ කුමක්ද? මෙය වගේම ඒ දෙයද කිරීම ඉතා අපහසුයි! මෙය අත්විඳීම යනු, බරක් තිබීමයි. එබැවින් එය ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටීම නොවෙයි. සැහැල්ලුවෙන් සහ ආලෝකමත්ව සිටීම යනු නොබැඳී සිටීමයි. කිසිම වගකීමක, කැලඹිල්ලක බරක් තබා නොගන්න. මෙයට, සෙනෙහසින් යුතු වීම සහ නොබැඳී සිටීම අතර සමබරතාවයක් ඇති කෙනෙකු වීම, ලෙස හැඳින්වෙයි.

දෙවනුව, ඔබ උත්සාහයේදී ඉදිරියට ගමන් කරන අතර, ඔබ දරන උත්සාහයෙන් ඔබ ලැබීමක් අත්විඳින අතර, එම ලැබීමෙන් ඔබ බොහෝ සතුටට මෙන්ම කුල්මත්භාවයට පත් වෙයි. මෙය එයයි! මා සියලු දේ ලබාගෙන ඇත. මා සියලු දේ අත්විඳ තිබේ. මා මහාවීරයෙක් වී ඇත. මා මහාරතී කෙනෙක් වී ඇත. මා ග්‍යානි සහ යෝගී වී ඇත. මා සේවකයෙක් වී තිබේ. මෙම ලැබීම ඉතා හොඳ නමුත් විටෙක මෙම ලැබීමේ කුල්මත්භාවය තුළ, නොසැලකිලිමත්කමද තිබෙයි. මෙයට හේතුව කුමක්ද? ඔබ ග්‍යානී, යෝගී මෙන්ම සේවකයෙක්ද වෙයි, නමුත් ඔබ සෑම ක්‍රියාවකින්ම පියාසර කිරීමේ ස්ථීතිය අත්විඳිනවාද? ඔබ ජීවත්ව සිටින තාක් කල්, ඔබ සෑම පියවරකදීම පියාසර කිරීමේ ස්ථීතියේ සිටිය යුතුයි. මෙම අරමුණ තබාගැනීමේදී, ඔබ අද සිදුකළ දේවල නවතාවයක් තිබුණාද? නැත්නම්, ඔබ දැන් ළඟා වී ඇති ස්ථානය, පරිසමාප්තියේ සීමාව ලෙස ඔබ වටහාගෙනද? ඔබ උත්සාහ දැරීමේදී, ලැබීමේ කුල්මත් බව සහ සතුටද ඔබට තිබිය යුතු නමුත් සෑම පියවරකදීම ප්‍රගතිය හෝ පියාසර කිරීමේ ස්ථීතිය අත්විඳීමද අත්‍යාවශ්‍යයි. මෙම සමබරතාවය නොමැතිනම්, එවිට නොසැලකිලිමත්කම, ඔබට ආශිර්වාද අත්විඳීමට ඉඩ නොදෙයි. එබැවින් ඔබගේ උත්සාහ දරන දිවියෙදී, ඔබ කෙතරම් හිමිකරගෙන තිබේද යන කුල්මත් බව තිබෙන අතරම, සෑම පියවරකදීම ප්‍රගතියේ අත්දැකීමද තිබිය යුතුයි. මෙය සමබරතාවයක් ලෙස හැඳින්වෙයි. සෑම විටම මෙම සමබරතාවය තබාගන්න, ඔබ සෑම දෙයක්ම දන්නා බවත්, ඔබ අත්දැකීම් ඇත්තෙක් වී ඇති බවත් ඔබ ඉතා හොඳින් ඉදිරියට ගමන් කරන අතර යහපත් වී ඇති බවත් නොසිතන්න. මෙය ඉතා හොඳයි, නමුත් ඔබ තව දුරටත් දියුණු විය යුතුයි. එවන් විශේෂ ක්‍රියා සිදුකර, සියලුම ජීවාත්මයන්ට නිදසුනක් වන්න. මෙය අමතක නොකරන්න. ඔබ තුලනයක් තබා ගත යුත්තේ කුමන දේවල් වලද කියා ඔබට වැටහෙනවාද? මෙම තුලනය තුළින් ඔබට ඉබේටම අඛණ්ඩව ආශිර්වාද ලැබෙයි. එබැවින් එය අංකානුරූප වන්නේ මන්ද කියා ඔබට වැටහෙනවාද? සමහරු යම් දෙයක තුලනය ගැන නොසැලකිලිමත් වන අතර වෙනත් අය තවත් දෙයක තුලනය ගැන නොසැලකිලිමත් වෙයි.

බොම්බායේ වැසියනේ, ඔබ නොසැලකිලිමත් නැහැ නේද? ඔබ සෑම අවස්ථාවකදීම තුලනයක් තබා ගන්නා අය නේද? ඔබ තුලනයක් තිබීමේ කලාවේ නිපුණතා ඇති අය නේද? තුලනයද කලාවකි. ඔබ මෙම කලාවේ ප්‍රවීණයින් නොවේද? බොම්බාය, ධනයෙන් පිරි දේශය ලෙස හැඳින්වෙයි. එබැවින් ඔබත් ඔබගේ තුලනය තබාගැනීමේ ධනයෙන් සහ ආශිර්වාදයන්ගේ ධනයෙන් පිරි සිටිනවා නේද? ඔබට නාර්දේසවරගේ ආශිර්වාද තිබේ. බොම්බායේ අය හෙළිදරව් කරන්නේ කුමන විශේෂත්වයද? බොම්බායේ කෝටි-ප්‍රකෝටිපතියන් බොහොමයක් සිටිනවා. එබැවින් අවිනාශී, ආධ්‍යාත්මික කෝටි-ප්‍රකෝටිපතියෙක්, සියලු සම්පත් වල අධිපතියෙක්, වීමේ අරුත කුමක්ද, යන අත්දැකීම එම ජීවාත්මයන්ට ලබා දීම, බොම්බායේ අය විසින් නියත වශයෙන් කළ යුතු දෙයකි. ඔවුන්ට මෙම අත්දැකීම ලබාදෙන්න. ඔවුන් විනාශ වන ධනයේ අධිපතියන් පමණයි. ඒ මිනිසුන්ට මෙම අවිනාශී සම්පත් වල වැදගත්කම පවසා, ඔවුන්ව අවිනාශී ධනයෙන් සම්පූර්ණයෙන් පුරවන්න. මෙම සම්පත්, ශ්‍රේෂ්ඨ, අවිනාශී සම්පත් බව ඔවුන්ට දැනෙන්නට සලස්වන්න. ඔබ එවන් සේවය කරනවා නේද? ඔබ අවිනාශී ධනය ඇති ශ්‍රේෂ්ඨ ජීව බව, එම ධනය ඇති අයගේ දෑසින් අත්විඳින්නට සලස්වන්න. ඔබට වැටහෙනවාද? මෙසේ නොසිතන්න ඔවුන්ගේ චරිත කොටස් වල මෙය නොමැත! අවසානයේදී, ඔවුන්ගේ කොටස වන්නේද අවදි වීමයි. ඔවුන් ඔබ සමග සමීප සබැඳියාවකට නොපැමිණෙන නමුත් ඔබ සමග සම්බන්ධකමක් පවත්වා ගෙන සිටීවි. එබැවින් එවන් ජීව අවදි කිරීමේ කාලය දැන් පැමිණ තිබේ. එබැවින්, ඔවුන්ව අවදි කරන්න, ඔවුන්ව ඉතා හොඳින් අවදි කරන්න, මන්ද ඔවුන් තම ධනයේ කුල්මත්භාවය නමැති නින්දේ නිද්‍රාගතව සිටියි. කුල්මත්ව සිටින අයව ඔබ නැවත නැවතත් අවදි කළ යුතුයි. එක් වරක් පමණක් අවදි කිරීමෙන් ඔවුන් අවදි වන්නේ නැහැ. එබැවින් දැන් කුල්මත්භාවය නමැති නින්දේ නිදා සිටින ජීවාත්මයන්ට, අවිනාශී ධනයේ අත්දැකීම හඳුන්වාදෙන්න. ඔබට වැටහෙනවාද? බොම්බායේ සිටින අය මායා පරාජය කරන්නන් නේද? ඔබ මායාව මුහුදට විසිකර තිබෙනවා නේද? ඔබ ඇයව මුහුදේ යටටම විසිකළාද නැත්නම් ඇය තවමත් ඉන්නේ මතුපිටද? යමක් තවමත් තිබෙන්නේ මතුපිට නම්, මුහුදේ රැළි එය නැවතත් වෙරළට ගෙන එයි. ඔබ යමක් යටටම විසි කරන්නේ නම්, එය බිලි වෙයි. එබැවින් මායා නැවතත් වෙරළට පැමිණෙන්නේ නැහැ නේද? බොම්බායේ වැසියන් සෑම අවස්ථාවකදීම නිදසුන් විය යුතුයි. සෑම විශේෂත්වයකම නිදසුනක් වන්න. බොම්බායේ සුන්දරත්වය දැක බලාගැනීමට මිනිසුන් ඈත සිට පැමිණෙයි. ඒ ආකාරයෙන්ම ඔවුන් ඔබව දැකීමට දුර සිට පැමිණෙයි. සෑම ගුණධර්මයකම ප්‍රායෝගික ස්වරූපයේ නිදසුනක් වන්න. ඔබට ජීවිතයේ සරල බව දැකගැනීමට අවශ්‍ය නම්, මෙම මධ්‍යස්ථානයට ගොස් මෙම පවුල දෙස බලන්න. ඔබට දරාගැනීම දැකගැනීමට අවශ්‍ය නම්, මෙම මධ්‍යස්ථානයට ගොස් මෙම පවුල දෙස බලන්න. ඔබට සමබරතාවයක් දැක ගැනීමට අවශ්‍ය නම්, මෙම විශේෂ ජීවාත්ම දෙස බලන්න. ඔබ එවන් විශ්මයන් සිදුකරන අය නොවේද? බොම්බායේ අය, දෙගුණයක ආපසු ගෙවීමක් කළ යුතුයි. එකක් නම් ඔබට ජගදම්බා මා, ගෙන් ලැබුණු පෝෂණය වන අතර අනෙක බ්‍රහ්ම පියාගෙන් ඔබට ලැබුණු විශේෂ පෝෂණයයි. බොම්බායේ සිටින අයට, ජගදම්බා මා ගෙන් විශේෂ පෝෂණය ලැබී තිබේ. එබැවින් බොම්බාය එපමණකින් ප්‍රතිඋපකාරයක් ලබා දිය යුතුයි නේද? සෑම ස්ථානයකම සහ සෑම ජීවාත්මයක් තුළින්ම පියාගේ, මවගේ සහ විශේෂ ජීවාත්මයන්ගේ විශේෂත්ව හෙළිදරව් විය යුතුයි. මෙය ප්‍රතිඋපකාරය ලබා දීම ලෙස හැඳින්වෙයි. අච්චා, සාදරයෙන් පිළිගන්නවා! පියාගේ නිවසට, ඔබගේ නිවසට සාදරයෙන් පිළිගන්නවා!

පියා දරුවන් දැකීමට සෑම විටම සතුටු වනවා. සෑම දරුවෙක්ම ලෝකයට පහනකි. ඔබ වංශයට පමණක් පහනක් නොවෙයි, නමුත් ලෝකයටම පහනක්. ඔබ සෑම කෙනෙක්ම ලෝක යහපත වෙනුවෙන් උපකරණයක් බවට පත් වී තිබේ, එබැවින් ඔබ ලොවට පහන් නොවේද? ඇත්ත වශයෙන්ම මුළු ලෝකයම අසීමිත වංශයකි. එසේ නම්, අසීමිත වංශයට පහන් ලෙසද ඔබව හැඳින්විය හැක. කෙසේවෙතත්, ඔබ සීමිත වංශයක පහන් නොවෙයි. ඔබ අසීමිත වංශයට පහන් හෝ ලොවට පහන් ලෙස හැඳින්විය හැක. ඔබ එවැනි අය නේද? ඔබ නිරතුරුවම දැල්වූ පහන් නොවේද? ඔබ නිවි නිවී ඇවිලෙන අය නොවෙයි නේද? ඔබ නිවි නිවී දැල්වෙන ආලෝකයක් දෙස බැලු විට, එය ඔබගේ දෑස් වලට හානිකරයි. ඔබ එයට කැමති නැහැ නේද? එබැවින් ඔබ නිරන්තරයෙන් දැල්වූ පහන් නොවේද? එවන් පහන් දැකීමට බාප්දාදා සෑම විටම සතුටු වෙයි. ඔබට වැටහෙනවාද? අච්චා.

සෑම ක්‍රියාවකම නිරන්තරයෙන් තුලනයක් තබාගන්නා අයට, පියාගෙන් නිරන්තරයෙන් ආශිර්වාද හිමි කරගන්නා අයට, සෑම පියවරකම පියාසර කිරීමේ ස්ථීතිය අත්විඳින අයට, සෙනෙහස් සාගරයේ නිරන්තරයෙන් මුසු වී සිටින අයට, සමාන තත්ත්වයක ස්ථාවරව රැඳී සිටින අයට, කෝටි ගුණයක් ශ්‍රේෂ්ඨ සහ භාග්‍යවන්ත ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

බාප්දාදා දාදීන්ට කතා කරමින්
ඔබ සියලු දෙනාම කිරුළේ මැණික් නොවෙයිද? ඔබට විශාලතම කිරුළ තිබෙන තරමට, ඔබ සෑම විටම සියල්ලට වඩා සැහැල්ලුවෙන් සිටියි. ඔබ කෙබඳු කිරුළක් පැලඳ සිටින්නේද යත්, සෑම ක්‍රියාවක්ම සිදුකරන අතර වුවද ඔබට එය පැලඳ සිටිය හැක. කාලයට අනුව, ඔබ මැණික් එබ්බවූ කිරුළ පැලඳ නැවත ගලවා තබයි, නමුත් මෙම කිරුළ ගලවා දැමීමට අවශ්‍ය නොවන ආකාරයේ එකකි. ඔබ නිදා සිටින විට කිරුළ පැලඳ සිටින අතර අවදි වන විටද එය පැලඳ ගෙන සිටියි. ඔබ මෙය අත්දකිනවා නේද? කිරුළ සැහැල්ලුයි නේද? එය බර නැහැ නේද? එහි නම ශ්‍රේෂඨයි, එහි බර සැහැල්ලුයි. එම කිරුළ කෙබඳු වන්නේද යත්, එය සතුට ලබා දෙයි. එය සතුට ලබා දෙන කිරුළකි. උපතින් උපතට ඔබට නොකඩවා කිරුළක් හිමි වන ආකාරයට පියා ඔබට කිරුළක් පලඳවයි. කිරුළු පැලඳ සිටින එවන් දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. බාප්දාදා දැන් ඔටුනු පලන්දන දිනය සමරා, මෙම ක්‍රමවේදයේ විනය, සෑම කලටම නිර්මාණය කර තිබේ. ස්වර්ණමය යුගයේද ඔටුනු පලන්දන උත්සවය සමරයි. සංගම යුගයේදි සමරන, ඔටුනු පලන්දන දිනයේ සිහිවටනය, සදාකාලිකව පැවතෙයි. බාබා, සූක්ෂම කලාපයේ සේවකයෙකි, මන්ද ඔහු භෞතික ලෝකයෙන් විශ්‍රාම ගියා, එහෙම නේද? පියාම භෞතික ලෝකයෙන් විශ්‍රාම ගියා ඔහු දරුවන්ට ඔටුන්න සහ සිහසුන ලබා දී, ඔහු සූක්ෂම කලාපයට පිටත් විය. එබැවින් ඔටුන්න පැලඳවූ දිනය එදින විය, එහෙම නේද? මෙම නාටකය අසහායයි නේද? ඔහු පිටව යාමට පෙර, බාබා ඔබට ඒ ගැන පැවසුවේ නම්, මෙය ආශ්චර්යමත් නාටකයක් නොවනු ඇත. එය කෙතරම් අසහාය නාටකයක්ද යත්, ඔබට එහි ඡායාරූපයක් ගැනීමට නුපුළුවනි. ඔබගේ බුද්ධියේ සිතිවිලි වලින් වත් ඔබට ඡායාරූපයක් ගැනීමට නොහැකි එවන් අසහාය චරිත කොටසක් පියාට තිබේ. මෙය අසහාය බව, ලෙස හැඳින්වෙයි - ප්‍රතිරුවක් නැති. මෙම ඔටුනු පැලඳීම අසහාය වන්නේ මේ නිසයි. බාප්දාදා සෑම විටම මහාවීර දරුවන්ව දකින්නේ ඔවුන්ගේ ඔටුනු පැලඳ සිටින ස්වරූපයෙන්, ඔවුන්ගේ අභිෂේක දිනයේ, ඔටුනු පැලඳීමට යන අය. ඔහුගේ ආශ්‍රය ලබා දීමේදී බාප්දාදා තමන්ව සඟවාගෙන නැහැ, නමුත් ඔහු භෞතික ලෝකයෙන් තමන්ව සූක්ෂම කලාපයට ඔසවා තබා ඇත. එකට සිටීමේ සහ එකට ආපසු යෑමේ පොරොන්දුව, සෑම කලටම තිබේ. මෙම පොරොන්දුව කිසිදා කඩ කළ නොහැක. බ්‍රහ්ම පියා, තවමත් ඔබ එනතුරු සිටින්නේ මේ නිසයි. එසේ නැත්නම්, ඔහු කර්මතීට් වී ඇති බැවින් ඔහුට එහි යා හැක. ඔහුට කිසිදු බන්දනයක් නැහැ නේද? කෙසේවෙතත්, සෙනෙහසේ බන්දනයක් තිබේ. මෙම සෙනෙහස් බන්දනය නිසා සහ ඔබත් සමග ආපසු යෑමේ ඔහුගේ පොරොන්දුව ඉටු කිරීම සඳහා, පියා ඔබ එනතුරු සිටිය යුතුයි. ඔහු, ඔහුගේ සහකාරිත්වයේ වගකීම ඉටු කළයුතු මෙන්ම ඔබත් සමග එකට ආපසු නිවසට යා යුතුයි. ඔබ මෙය අත්විඳිනවා නේද? අච්චා. සෑම කෙනෙක්ම විශේෂයි. සෑම කෙනෙකුගේම විශේෂතා ගැන බාබා කතා කරන්නට යන්නේ නම්, බොහෝ තිබෙයි - මාලාවක් නිර්මාණය වෙයි. ඔහු ඒවා ඔහුගේ හදවත තුළ තබා ගන්නේ ඒ නිසයි ඔහු ඒවා ගැන පවසන්නේ නැහැ. අච්චා.

වරදානය:
ඔබ අන් අයව කලබල කරන නිෂ්ඵල වචන වලින් නිදහස්ව සිටින, ආලෝකමත් සහ සැහැල්ලු අව්‍යක්ත සුරංගනාවක් වේවා.

අව්‍යක්ත සුරංගනාවක් වීම සඳහා, කිසි කෙනෙක් ප්‍රිය නොකරන නිෂ්ඵල වචන කතා කිරීම සෑම කලටම අවසන් කරන්න. සිදුවීමක්, වචන සුළු ප්‍රමාණයක එකක් වන නමුත්, ඒ ගැන දිගටම කතා කරමින් එම සිදුවීම විශාල කිරීම, නිෂ්ඵලත්වයයි. වචන සතරකින් පමණක් ඉටු කළ හැකි ඕනෑම දෙයක් ගැන වචන දොලහක් හෝ පහලවක් කතා නොකරන්න. අඩුවෙන් කතා කරන්න, සෙමින් කතා කරන්න... මෙම පාඨය, ඔබගේ ගෙල වටා තබාගන්න. නිෂ්ඵල හෝ අන් අය කලබල කරන වචන කතා කිරීමෙන් නිදහස් වන්න, එවිට ඔබට අව්‍යක්ත සුරංගනාවක් වීමට උපකාර ලැබෙයි.

පාඨය:
සාර්ථකත්වය, දෙවියන්ට සෙනෙහසින් යුතුව තමන්ව කැප කරන අයගේ ගෙල වටා මාලයක් වෙයි.