14.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ජීවිකාව වෙනුවෙන් ක්‍රියා සිදු කරන්න, නමුත් අඩුම තරමේ පැය අටක්වත් පියා සිහිපත් කර, මුළු ලෝකයටම සාමය දානය කරන්න. අන් අයව ඔබ හා සමාන කිරීමේ සේවයේ යෙදෙන්න.

ප්‍රශ්නය:
සූර්ය-පෙළපත් වංශයේ උසස් තත්ත්වයක් හිමි කරගැනීම සඳහා, අවශ්‍ය වන උත්සාහය කුමක්ද?

පිළිතුර:
1. සූර්ය-පෙළපත් වංශයේ උසස් තත්ත්වයක් හිමි කරගැනීම සඳහා, පියාව සිහි කර, අන් අයවත් ඔහු සිහිපත් කිරීමට දිරිමත් කරන්න. ඔබ වැඩියෙන් ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කර, අන් අයටත් එසේ කිරීමට දිරිමත් කරන පමණට, ඔබ ලබා ගන්නා තත්ත්වය වඩාත් උසස් වනු ඇත. 2. ගෞරව සම්මාන ඇතිව සමත් වීමට උත්සාහ දරන්න. ඔබට දඬුවම් විඳීමට සිදුවන අන්දමේ ක්‍රියා සිදු නොකරන්න. දඬුවම් විඳින අයගේ තත්ත්වය විනාශ වනවා.

ගීතය:
මෙම පාපකාරී ලොවෙන් ඈතට, විවේකය සහ සුවය ඇති තැනකට අපව ගෙන යන්න.

ඕම් ශාන්ති.
මෙය දරුවන්ගේ යාඥාවක්. කුමන දරුවන්ද? තවමත් වටහාගෙන නොමැති අයගේ. බාබා අපව මෙම පාපකාරී ලෝකයෙන්, පිවිතුරු පුණ්‍යවන්ත ලෝකයට රැගෙන යන බව, ඔය දරුවන් දන්නවා. එහි නිරන්තර සුවය තිබේ දුකෙහි සළකුණක් නැත. දැන් මෙම ප්‍රශ්නය ඔබගේ හදවතින් අසන්න එම සතුටේ දේශයෙන් මෙම දුක්ඛිත ලෝකයට අප පැමිණියේ කෙසේද? භාරතය, පෞරාණික දේශයක් බව සෑම කෙනෙක්ම දන්නවා. භාරතය, සතුටේ දේශය විය. තිබුණේ දේව දේවීන්ගේ එක් රාජධානියක් පමණයි ක්‍රිෂ්ණා දෙවියන් සහ රාධේ දේවතාවිය. එනම්, නාරායන දේවතාව සහ ලක‍ෂ්මි දේවතාවිය එහි පාලනය කළා. භාරතයේ ජනතාව නැවත වරක් තමන් පහත් බව කියාගන්නේ ඇයි කියා ඔබ දන්නවා. භාරතය රං කුරුල්ලා වශයෙන් තිබුණු බවත් ඔබ දන්නවා. දිව්‍යමය බුද්ධි ඇති අයගේ රාජධානිය පැවතුණා. එසේනම් ඔවුන් මෙතරම් පහත් තත්ත්වයකට පත් වූයේ කෙසේද? බාබා පහදා දෙන්නේ මාද මෙහි උපත ලබන නමුත් මගේ උපත දිව්‍යමයයි. ඔබ, ශිවාගේ වංශයට අයත් වන බවත් ඔබ ප්‍රජාපිතා බ්‍රහ්ම කමර කුමරියන් බවත් ඔබ දන්නවා. ඔබ ප්‍රථමයෙන් මෙසේ විමසිය යුතු බව බාබා විස්තර කර දී තිබේ ඔබ දෙවි පියාණන්ව හඳුනනවාද? ඔවුන් මෙසේ කියයි ඔහු පියාය. ඔහු සමඟ අපගේ සබඳතාවය කුමක්ද කියා ඔබ අසන්නේ ඇයි? ඔහු පියා බවට පත්වනවා. සියලුම ජීවාත්ම අයත් වන්නේ ශිවාගේ අශාරීරික වංශයටයි එබැවින් සියලු දෙනාම සහෝදරයන්ය. එවිට, ශාරීරික ප්‍රජාපිතා (ප්‍රජාවගේ පියා) බ්‍රහ්මා සමඟ සියලු දෙනාගේ සම්බන්ධතාවය කුමක්ද? ඔවුන් මෙසේ කියයි ආදි දේව් (ප්‍රථම දේවතාව) වශයෙන්ද හැඳින්වෙන පියා ඔහුයි. අශාරීරික පියා වන ශිවා අමරණීයයි. ජීවාත්මද අමරණීයයි. ඔවුන් තම භෞතික ශරීර හලා දමා වෙනත් ඒවා ගනී. ඔබ අයත් වන්නේ ශිවාගේ අශාරීරික වංශයටයි, එබැවින් ශිවාගේ වංශයට කුමර කුමරියන් යැයි ඔබට කිව නොහැක. ජීවාත්ම වශයෙන් සැලකීමේදී කුමර කුමරියන් යැයි ඔබට කිව නොහැක. ප්‍රජාවගේ පියා වන බ්‍රහ්මාගේ දරුවන් වශයෙන්, කුමර කුමරියන් සිටියි. ඔබ ආරම්භයේ සිටම ශිවාගේ වංශයට අයත්ය. ශිව බාබා, උපත් සහ පුනරුත්පත්ති චක්‍රයට ඇතුළු නොවන නමුත් ජීවාත්ම වන ඔබ පුනරුත්පත්ති තුළට ඇතුළු වෙයි. අච්චා, ඔබ බොහෝ පුණ්‍යවන්ත ජීවාත්ම විය. ඔබ පාපකාරී ජීවාත්ම වූයේ කෙසේද? පියා පවසන්නේ භාරතයේ ජවතාව වන ඔබ, තමන්ටම කම්මුල් පහර ගසාගත්තා. ඔබ ඔහුට පරම පියා කියා පවසන නමුත් ඉන්පසුව ඔහු සෑම තැනකම සිටින බව පවසයි. ඔබව පුණ්‍යවන්ත ජීව බවට පත් කරන පියාව, ඔබ බල්ලන්, බළලුන් සහ ගල් හා වැලි කැට තුළට දමා ඇත. ඔහු, ඔබ සිහි කරමින් සිටි, ඒකායන කෙනා, ඔබගේ අසීමිත පියාය. ඔහු බ්‍රහ්මනයන් නිර්මාණය කරන්නේ, ප්‍රජාවගේ පියා වන බ්‍රහ්මාගේ මුඛයේ මාර්ගයෙනි. ඔය බ්‍රහ්මනයන් ඉන්පසුව දේවතාවන් වෙයි. අපවිත්‍ර අයව පිවිතුරු කළ හැක්කේ ඒකායන පියාට පමණයි. ඔබ වැඩියෙන්ම අපහාස කර ඇත්තේ ඔහුටයි, එබැවින් ධර්මරාජ් ඔබට විරුද්ධව නඩුවක් පනවයි. ඇත්ත වශයෙන්ම ඔබගේ විශාලතම සතුරා වන්නේ පාපයන් පහ වන රාවනයි. ඔබට දැන් දිව්‍යමය බුද්ධීන් තිබේ අන් සියලු දෙනාටම තිබෙන්නේ රකුසු බුද්ධියක්. රාමාගේ රාජධානියේ ඔබ බොහෝ සතුටින් සිටි අතර, රාවනගේ රාජධානියේ ඔබ බොහෝ පීඩාවෙන් සිටියි. එහිදී එය පිවිතුරු රාජවංශයකි මෙහි, එය අපවිත්‍ර වංශයකි. දැන් ඔබ අනුගමනය කළ යුත්තේ කාගේ උපදෙස්ද? අශාරීරික කෙනා, පාරිශුද්ධකරුයි. මිනිසුන් පවසන්නේ, දෙවියන් සර්ව ව්‍යාප්ත බව හෝ ඔහු සෑම තැනකම සිටින බවයි. එම අවධානයෙන් ඔවුන් මිනිසුන් ලවා ප්‍රතිඥාවක්ද ලබා ගනී. පියා දැන් පෙනී සිටින බව දන්නේ ඔය දරුවන් පමණයි. අපට අපගේ දෑසින් එය දැක ගත හැක. පරම පියා, පරමාත්ම ජීවය, මෙම ශරීරය තුළට පැමිණ ඇති බව, ජීවාත්මය දන්නවා. අප දන්නා අතර, අප ඔහුව හඳුනගන්නවා. ශිව බාබා නැවත වරක් බ්‍රහ්මාගේ සිරුර තුළට ඇතුළු වී, සියලුම වේද ශාස්ත්‍රයන්හි සාරය විස්තර කරනවා. ඔහු ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ රහස් හෙළිදරව් කර අපව ත්‍රිකාලදර්ශි බවට පත් කරවනවා. ස්වදර්ශන චක්‍රධාරී වන අයට ත්‍රිකාලදර්ශී යැයි ද කියයි. විෂ්ණුව, චක්‍රයක් අතැතිව පෙන්වා ඇත. ඔය බ්‍රහ්මනයන් ඉන්පසුව දේවතාවන් වෙයි. දේවතා ජීවාත්ම සහ ශරීර, පිවිතුරු නමුත් ඔබගේ ශරීර නිර්මාණය වන්නේ පාපය තුළිනි. අවසානය ළඟා වන විට, ඔය ජීවාත්ම පිවිතුරු වන නමුත් තවමත් ඔබගේ ශරීර අපවිත්‍රයි. එබැවින් ඔබව, ස්වදර්ශන චක්‍රය සමඟ පෙන්විය නොහැක. ඔබට විෂ්ණුගේ ජයග්‍රාහී මාලාවේ කොටසක් විය හැක්කේ ඔබ අංග සම්පූර්ණ වූ විට පමණයි. ප්‍රථමයෙන් රුද්‍රාගේ මාලාව තිබෙන අතර ඉන්පසුව විෂ්ණුගේ මාලාව තිබේ. රුද්‍රාගේ මාලාව, අශාරීරික අයගෙන් සැදි අතර පසුව, ඔවුන් ශාරීරික ලෝකයට පැමිණ, රාජධානිය පාලනය කරන විට, ඔවුන් විෂ්ණුගේ මාලාවේ කොටසක් වෙයි. මෙම දේවල් ඔබට වැටහෙන්නේ දැන් පමණයි. මිනිසුන් පරම ජීවාත්මයට මෙසේ ගායනා කරයි අහෝ පාරිශුද්ධකරුවාණෙනි වඩිනු මැනව! එබැවින් ඔහු එක්කෙනෙක් පමණක් විය යුතුයි. සියලුම අපවිත්‍ර අයව පිවිතුරු කරන, ඒකායන පියා පමණක් සිටින බව ඔබ දන්නවා. වඩාත්ම ආදරණීය අශාරීරික දෙවි පියාණන්, පාරිශුද්ධකරු බව, මින් පෙන්නුම් කරයි. ශ්‍රේෂ්ඨතම පියා ඔහුයි. ඔවුන් තම සුළු පියාට අඬගසන නමුත්, දුක් විඳින විට, ඔවුන්ට පරම පියා, පරමාත්ම ජීවය සිහි වෙයි. මෙම දේවල් වටහාගත යුතුයි. ප්‍රථමයෙන් මෙම එක් කාරණාව විස්තර කරන්න, පරම පියා, පරමාත්ම ජීවය සමඟ ඔබගේ සම්බන්ධතාවය කුමක්ද? මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරයි. අශාරීරික පරම පියා, පරමාත්ම ජීවයගේ ප්‍රශංසාව ඉතා ඉහළයි. විභාගය උසස් වන තරමට, කෙනෙක් ලබන ගෞරව නාමය වඩාත් උසස් වෙයි. බාබාට ඉතා උසස් ගෞරව නාමයක් තිබේ. දේවතාවන්ගේ ප්‍රශංසාව සාමාන්‍යයි සියලු ගුණධර්ම වලින් සම්පූර්ණ, දිව්‍යමය කලා 16කින් සපිරි. විශාලතම හිංසනය වන්නේ, එකිනෙකා මත රාගයේ අසිපත භාවිත කර, ආරම්භයේ සිට මැද හරහා අවසානය තෙක් දුක ඇති කිරීමයි. එය මහා හිංසන විලාසයක්. ඔබ දැන් දෙගුණයක් අවිහිංසක විය යුතුයි. දෙවියන් පවසයි අහෝ දරුවනි, ඔබ ආත්ම වන අතර මා පරමාත්මයයි. ඔබ උපත් 63ක් විෂ සාගරයේ ගිලෙමින් සිට ඇත. මා දැන් ඔබව කිරි සයුරට ගෙන යනවා. අවසන් කාල වකවානුවේදී, මෙම කෙටි කාලයට, පාරිශුද්ධත්වයේ පොරොන්දුවක් වන්න. මෙය හොඳ උපදෙසක් නොවේද? ඔවුන් මෙසේ පවා කියයි අපව පිවිතුරු කරන්න! පිවිතුරු ජීවාත්ම වාසය කරන්නේ විමුක්ති දේශයේය. ස්වර්ණමය යුගයේ ජීවන-මුක්තිය තිබේ. පියා පවසන්නේ ඔබට සූර්ය පෙළපතේ ඉන්නට අවශ්‍ය නම්, සම්පූර්ණ උත්සාහයක් දරන්න. මා සිහි කරන්න, එමෙන්ම අන් අයටත් එසේ කිරීමට දිරි ගන්වන්න. ඔබ වැඩියෙන් ස්වදර්ශන චක්‍රධාරියෙක් වන තරමට, ඔබ අන් අයටත් මෙසේ කිරීමට වැඩියෙන් දිරිගන්වන අතර, ඔබ හිමි කරගන්නා තත්ත්වය වඩාත් උසස් වෙයි. දැන් බලන්න, දෙහෙරදූන් වල වාසය කරන මෙම ප්‍රේම් දරුවා දෙස. දෙහෙරදුන්වල වාසය කළ කිසිම වැසියෙක් ස්වදර්ශන චක්‍රධාරීයෙක් නොවීය. ඔවුන් දැන් එසේ වී ඇත්තේ කෙසේද? ප්‍රේම්, ඔවුන්ව ඇය හා සමාන බවට පත් කළා. අන් අයව තමා හා සමාන බවට පත් කිරීමෙන්, දේවතා වෘක‍්ෂය ක්‍රම-ක්‍රමයෙන් ව්‍යාප්ත වෙයි. අන්ධයින්ට පෙනීම ලබා දීමට උත්සාහ දරන්න. ඔබ පැය අටක් නිදහසේ සිටිනවා. ඔබගේ ශරීරයේ ජීවිකාව වෙනුවෙන් ඔබ ව්‍යාපාර ආදිය කළ යුතුයි, නමුත් ඔබ කොහේ ගියත්, මා සිහි කරන්න උත්සාහ දරන්න. ඔබ වැඩියෙන් බාබාව සිහිපත් කරන තරමට ඔබ වැඩියෙන් මුළු ලොවටම සාමය දානය කරයි. යෝගාව තුළින් සාමය දන් දීම බොහෝ අපහසු නොවේ. සමූහයක බලය වැඩි නිසා විටෙක කෙනෙකුට යෝගාවේ අසුන් ගැනීමට සලස්වයි. බාබා විස්තර කර දෙන්නේ ශිව බාබා සිහිපත් කර, ඔහුට මෙසේ පවසන්න බාබා, මෙම කෙනා අපගේ වංශයෙනි ඔහුගේ බුද්ධියේ අගුල විවර කරන්න. මෙයද සිහිපත් කිරීමේ හොඳ උපායක්. මෙම පුහුණුව තබා ගන්න. ඔබ එහෙ මෙහෙ යන අතරතුර ශිව බාබාව සිහිකළ යුතුයි බාබා, මොවුන්ට ආශිර්වාද දෙන්න! ආශිර්වාද ලබා දිය හැක්කේ දයාවෙන් පිරි පියාට පමණයි. අහෝ දෙවියණේ! මෙම කෙනාට දයාව දක්වන්න! මෙසේ පවසන්නේ දෙවියන්ට පමණයි. දයාවෙන් පිරි, දැනුමින් පිරි මෙන්ම, ආනන්දයෙන් පිරි ඒකායන කෙනා, ඔහුයි. එමෙන්ම ඔහු පාරිශුද්ධත්වයෙන් සහ සෙනෙහසින්ද පිරී සිටියි. එබැවින් බ්‍රහ්මන වංශයේ මාණික්‍ය වන ඔබලා අතරේ බොහෝ සෙනෙහස තිබිය යුතුයි. කිසි කෙනෙකුට දුකක් නොදෙන්න. එහි සතුන් පවා කිසිවෙකුට දුක නොදෙයි. ඔය දරුවන් තම ගෘහයන් වල සිටින නමුත්, සහෝදරයන් සුළු කාරණා වලට එකිනෙකා සමඟ ගැටුම් ඇති කරගනී! එහි, සතුන් පවා කිසි විටෙක දබර නොකරයි. ඔබ ඉගෙන ගත යුතුයි. පියා පවසන්නේ ඔබ ඉගෙනගන්නේ නැතිනම් ඔබට බොහෝ දඬුවම් විඳීමට සිදුවෙයි ඔබගේ තත්ත්වය විනාශ වෙයි. අප දඬුවම් විඳින්නේ කුමටද? අප සම්මාන සහිතව සමත් විය යුතුයි. ඔබ තව දියුණුවත්ම බාබා ඔබට සෑම දේකම දර්ශන ලබා දෙයි. කාලය දැන් වේගයෙන් ගෙවී යන බැවින්, ඉක්මන් කරන්න! මිනිසුන් රෝගාතුර වූ විට, ඔවුන්ට රාමා, රාමා යැයි කීමට කියයි. ඔවුන් ඇතුලාන්තයෙන්ද එය පවසයි. අවසානයේදී බොහෝ දක‍්ෂ වන සමහරෙක් සිටිවි. ඔවුන් උත්සාහ දරා ඉදිරියට ගමන් කරයි ඔබ බොහෝ විශ්මයන් දකියි. නාටකය අවසානයේදී ආශ්චර්යමත් කොටසක් සිදුවීමට තිබේ. ප්‍රශංසාව ගැයෙන්නේ අවසානයේදී. එකලට ඔබ බොහෝ ප්‍රීතිය අත්විඳියි. දැනුම නොමැති අය එවිට එතැනම සිහිසුන් වෙයි. ශල්‍යකර්මයක් සිදුකරන විට, දුර්වල කෙනෙකුට අසල සිටගෙන සිටීමට ශල්‍යවෛද්‍යවරයා ඉඩ නොදෙයි. බෙදීම සිදුවුණු කාලයේදී, සිදු වු දේවල් දෙස බලන්න! සිදු වූ දේ ඔබ සියලු දෙනා දුටුවා. එය ඉතා වේදනාකාරී කාලයක් වෙයි එයට හේතුවක් නැති ලේ ගැලීම යැයි කියයි. එය දැක බලාගැනීමට ඔබට බොහෝ එඩිතරකමක් අවශ්‍ය වෙයි. ඔබගේ කතාපුවත උපත් 84ක එකක්ය. අප, පාලනය කළා වූ දේවතාවන්ව සිටි අතර, ඉන්පසුව අපි මායාගේ බලපෑමට යටත් වී පාපයේ මාවතට වැටුණා. අප නැවත වතාවක් දේවතාවන් බවට පත්වනවා. මෙය අඛණ්ඩව සිහි කරන්න, එවිට ඔබගේ ඔරුව එගොඩට යයි. ස්වදර්ශන චක්‍රය (චක්‍රය බ්‍රමණය කිරීම) මෙයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා මෙන් සියලු ගුණදම් වලින් පිරෙන්න. එකිනෙකා සමඟ බොහෝ සෙනෙහසින් යුතුව වාසය කරන්න. කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න.

2. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, පියා සිහිපත් කිරීම පුහුණු වන්න. සිහිපත් කිරීමේ සිට, මුළු ලෝකයටම සාමය දානය කරන්න.

වරදානය:
දැනුමේ රහස් අවබෝධ කරගැනීම මඟින් ඔබ බාධක විනාශ කරන්නෙකු වී ඔබේ විශ්වසනීය බුද්ධිය සමඟ සදා නොසෙල්විය හැකි කෙනෙක් වේවා.

බාධක විනාශ කරන තත්ත්වයෙහි (වින විනාශ් ස්ථිති) ස්ථාවර වීමෙන් බාධක කොපමණ ලොකු එකක් වුවද, ඔබ එය අත්දකින්නේ ක්‍රීඩාවක් ලෙසටය. ක්‍රීඩාවක් ලෙස සලකන නිසා ඔබ බිය නොවන්නේය. එහෙත් ඔබ සතුටින් ජයග්‍රාහක සහ ද්විත්ව ආලෝකය ඇත්තෙකු වේවි. නාටකය පිළිබඳ දැනුමේ අවබෝධයෙන් සිටින විට සෑම බාධාවක්ම "අළුත් දෙයක් නොවේ" යැයි දැනේ. එය යම් අළුත් දෙයක් යැයි දැනෙනවා නොවෙයි එය ඉතා පරණ දෙයය. ඔබ බොහෝ වාරයක් ජයග්‍රාහීන්වී ඇත. විශ්වසනීය බුද්ධිය ඇතත් ඥානයේ රහස් අවබෝධ කරගන්නා අතර ඔවුන්ට තම සිහිවටනය වූ අචල් (ස්ථාවරත්වයේ නිවස) සිහිවේවි.

පාඨය:
ඔබට අධිෂ්ඨානයේ බලය තිබෙනා විට, සාර්ථකත්වය ඔබේ ගෙල වටා මාලයක් බවට පත් වේ.

මාතේෂ්වරී ජීගේ අමිල උසස් වදන්

අප විසින් කරන හොඳ හෝ නරක ක්‍රියාවන් වල ප්‍රතිඵලය අපට අනිවාර්යෙන්ම ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, මිනිසුන් දානමාන, පුණ්‍යකර්මයක් කරනවා, යාගහෝම පවත්වනවා නැතිනම්, ශාන්තිකර්ම ආදිය කරනවා. ඔවුන් සිතන්නේ දෙවියන්ගේ නාමයෙන් කරනා ඕනෑම පිනක් දෙවියන්ගේ ධර්මාධිකරණයෙහි තැත්පත් වී ඒවායේ ප්‍රතිඵලය සහ මුක්තිය නිසැකවම ඔවුන් ගේ මරණයෙන් පසු ලැබේවි කියායි. කොහොම වෙතත්, අප දන්නවා මේවායින් ස්ථිර ප්‍රතිඵලයක් නොලැබෙන බව. අප විසින් කරන ලද එවන් ක්‍රියාවත් වලට තාවකාලික සහ මොහොතක සතුටකුයි ලැබෙන්නේ. අපගේ ප්‍රායෝගික ජීවිතයෙහි සදාතෘප්තිමත් බව ඇතිවත තාක් අපට ප්‍රතිඵලයක් නොලැබේ. ඔබ මිනිසුන්ගෙන් ඇසුවොත්: "ඔබ කරන සියලු දේවලින් ඔබට යහපතක් ලැබී තිබේද?" කියා. ඔවුන්ට කීමට උත්තරයක් නොතිබෙනු ඇත. ඒවා දෙවියන් ළඟ තත්පත් වී ඇතිද හෝ නැතිද යන්න අප කියන්නේ කෙසේද? ඔබේ ප්‍රායෝගික ජීවිතයෙහි ඔබ උසස් ක්‍රියාවක් කරන තාක් ඔබ කොපමණ නම් උත්සාහ දැරුවත් ඔබට මුක්තිය සහ ජීවන්මුක්තිය නොලැබේ. සාන්තුවරු, මහාත්මාවරු බොහෝ සිටිය ද ඔවුන්ට කර්මයේ ඥානය නොතිබෙන හෙයින්, ඔවුන් කරන ක්‍රියාවත් ශුන්‍ය විය නොහැක. එසේ ඔවුන්ට මුති හෝ ජීවන් මුක්තිය ලබාගත නොහැක. සත්‍ය ධර්මය කුමක්ද සහ සත්‍ය ක්‍රියා මොනවාද කියා වත් ඔවුන් නොදනී. සරළව "රාමා රාමා" කියා මැතිරීමෙන් මුක්තිය ලබාගත නොහැක. ඔවුන් සරළව සිතන්නේ මරණයෙන් පසු ඔවුන්ට මුතිය ලැබෙනවා කියායි: මරණයෙන් පසුව යහපතක් ලැබෙන්නේ කොහොමද කියා පවා ඔවුන් නොදනී. කොහෙත්ම නැත. පුද්ගලයෙක් සිය ජීවිතයෙහි හොඳ ක්‍රියාවක් කරයිද නරක ක්‍රියාවක් කරයිද ඒවායේ ඵලවිපාක ඔහුගේ ජීවිතයෙහි ඔහුට මුහුණ පෑමට සිද්ධ වෙනවා. අප ප්‍රායෝගිකවම පිවිතුරු ක්‍රියාවක් කරන්නේ කෙසේද, සහ අපගේ ජීවිත නිර්මාණය කරන්නේ කෙසේද. ආදී සියලු ඥානය අපගේ ගුරුවරයා වූ දෙවියන් කෙරෙන් අප ලබනවා. අච්චා.