14.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, උපත් 21ක ප්‍රතිලාභය මුදුන්පත් කර ගැනීම පිණිස, පරම පියාට භාගෙට නොව මුළුමනින්ම තමන්ව කැප කරන්න. තමාව කැප කිරීම යනු පරම පියාට අයිති වීමයි.

ප්‍රශ්නය:
අසීමිත බුද්ධියක් අවැසි වන්නේ කිනම් ගැඹුරු විෂයක් වටහා ගැනීම සඳහා ද?

පිළිතුර:
මෙය කලින් නියම කරන ලද අසීමිත නාටකයයි. පසු වී ගිය ඕනෑම දෙයක් නාටකය වේ. මෙම නාටකය දැන් එහි අවසානයට ලඟා වෙනවා. අප ආපසු නිවසට යන අතර අපගේ කොටස යළි නැවුම්ව ඇරඹෙනවා ඇත. මෙම ගැඹුරු කාරණාව වටහා ගැනීමටයි අසීමිත බුද්ධියක් අවැසි වන්නේ. අසීමිත පියා පමණයි මෙම අසීමිත නිර්මාණයේ ඥානය දෙන්නේ.

ප්‍රශ්නය:
ලෝකයා සිත් පීඩාවෙන් හඬා වැළපෙන්න සලස්වන එහෙත් ඒ ගැන ඔය දරුවන් සතුටු වන කාරණාව කුමක් ද?

පිළිතුර:
අඥාන මිනිස්සු සුළු අසනීපයකට පවා හඬා වැළපෙති. එහෙත් ඔය දරුවන් සතුටට පත්වෙනවා. මන්ද. එය පරණ කර්ම ගිණුමක් ගෙවූ බව ඔබ වටහා ගනී.

ගීතය:
රෑ නිදියමින් දහවල කෑම කමින් ඔබ කල් ගෙව්වා...

ඕම් ශාන්ති.
ඇත්ත වශයෙන්ම "ඕම් ශාන්ති " යැයි කීම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. එනමුත් දරුවන්ට කුමක් හෝ දෙයක් කිව යුතු වෙනවා. හැඳින්වීමක් දී තිබෙන්න ඕන. මෙකල, බොහෝ දෙනෙක් "ඕම් ශාන්ති, ඕම් ශාන්ති" කියා මතුරමින් සිටිනවා. නමුත් ඔවුන් එහි අරුත වටහා නොගනී. ඕම් ශාන්තී - ජීවාත්මය වූ මාගේ මුල්ම ධර්මය සාමයයි. බොහෝම හොඳයි. එහෙත් ඒත් එක්කම කියන්නේ. ඕම් ශිවෝහම් (ජීවාත්මයක් වූ මා ශිවා වෙමි). එය වැරැද්දකි. ඇත්තෙන්ම එවැනි ගීත ආදියත් අනවශ්‍යයි. එවැනි සවන් පිනවන්නට බොහෝ දේවල් ලොවෙහි ඇත. එසේ සවන පිනවන දේ වලින් කිසිම යහපතක් නොමැත. දැන් තමයි එක් දෙයක් වෙනුවෙන් ඔබේ සිතෙහි රස වින්දනයක් වඩවා ඇත්තේ. පරම පියා පුද්ගලිකවම ඔබේ ඉදිරියේ අසුන්ගෙන පහදා දෙන්නේ: ඔබ බොහෝ සෙයින් භක්ති කර තිබෙනවා. එවිට භක්තියේ රාත්‍රිය දැන් අවසන් වන අතර හිමිදිරිය පැමිණෙනවා. මෙම හිමිදිරියට බොහෝ වැදගත්කමක් දී තිබෙනවා. මෙම හිමිදිරියේ පියා සිහිපත් කිරීම කළ යුතුයි. මිනිසුන් බොහෝ භක්තියේ යෙදෙන්නේ හිමිදිරියේය. ඔවුන් ඇට මාල පවා කරකවති. භක්ති මාර්ගයේ සම්ප්‍රදාය නොකඩවා කෙරේ. පරම පියා කියයි:දරුවනි, මෙම නාටකය දැන් අහවර වීමටයි යන්නේ දැන් චක්‍රය නැවත සිද්ධ වෙනවා. එහි භක්ති කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේවි. ඒ මිනිසුන් කියන්නේ භක්ති කිරීමෙන් පසු දෙවියන් හමුවෙනවා කියායි. සැවොම දෙවියන් සිහිපත් කරන්නේ ඔවුන් දුක් විඳින නිසාවෙනි. මිනිසුන් ලෙඩක් හෝ යම් කරදරයක් ඇතිවූ විටයි දෙවියන් සිහිපත් කරන්නේ. දෙවියන් සිහිපත් කරන්නේ බැතිමතුන් පමණයි. ස්වර්ණමය යුගයේ හෝ රිදී යුගයේ භක්ති නොමැත. එසේ වුවොත් එයද භක්තියේ ශාකාවක් වනු ඇත. මුලින්ම භක්තිය ඇත. ඉන් අනතුරුව ඥානය සහ වෛරාග්‍යය (නිරාශාව) ඇත. භක්තියෙන් පසුව යළිත් වරක් දහවල ඇතිවේ: නව ලොවටයි දහවල කියන්නේ. භක්තිය, ඥානය සහ වෛරාග්‍යය නිවැරැදියි. වෛරාග්‍යය මොනවාට ද? වෛරාග්‍යය පැරණි ලොවට සහ පැරණි ඥාති සබඳතා වලටයි. මිනිසුන් ගේ ආශාව බාබා වෙතට, මුක්ති දේශයට යාමටයි. භක්ති කිරීමෙන් පසු අප නිසැකවම දෙවියන් හමුවෙනවා. භක්තිවන්තයින් පමණයි දෙවිපියාණන් හමුවන්නේ. භක්තිවන්තයින් හට සත්ගතිය ලබා දීම දෙවියන්ගේ කාර්යයයි. පරම පියාව සරළව හඳුනාගැනීම මිස අන් කිසිම දෙයක් ඔබට කිරීමට නැත. පරම පියා මානව ලෝක වෘක්ෂයේ බීජයයි. එයට යටිකුරු වෘක්ෂය කියායි කියන්නේ. ශාකයක් බීජයකින් හට ගැනීම අවබෝධ කරගැනීම ඉතා පහසුයි. එම වේද ශාස්ත්‍ර පොත් සහ ග්‍රන්ථ ආදිය හැදෑරීම සහ උපවාස සහ තපස්සා කිරීම භක්ති මාර්ගයට අදාල බව ඔබට දැන් වැටහේ. එය දෙවියන් හමුවීමට ඇති සත්‍ය මාර්ගය නොවේ. මුක්තියට සහ ජීවන් මුක්තියට තිබෙන සත්‍ය මාර්ගය පෙන්වන්නේ පරමාත්ම දෙවියන් පමණි. නාටකය නිමා වීමට යන බව ඔබට දැන් වැටහෙනවා. පසු වූ ඕනෑම දෙයක් නාටකයයි. මෙය වටහා ගැනීමට පුළුල් බුද්ධියක් අවශ්‍යයි. සමස්ථ ලොවේ මුල, මැද සහ අග පිළිබඳ අසීමිත දැනුම දෙන්නේ අසීමිත ස්වාමියා වේ. ඔහුටයි නිර්මාපක,ඥානයේ දෙවියන් (ග්‍යානේශ්වර්) කියා අමතන්නේ. ග්‍යානේශ්වර් යනු ඥානවන්ත දෙවියන්. මෙයට ආධ්‍යාත්මික ඥානය, දෙවි පියාණන්ගේ ඥානය යැයි කියති. ඔබ දෙවි පියාණන්ගේ ශිෂ්‍යයන් වී සිටියි. නිසැකවම දෙවියන් කතා කරයි: මම ඔබට රාජයෝග උගන්වමි. එබැවින්, දෙවියන් ද ගුරුවරයෙක් වෙනවා. ඔබ ශිෂ්‍යයන් මෙන්ම දරුවන්ද වේ. දරුවන් උරුමය ලබන්නේ සියාගෙනි. මෙය ඉතාමත් පහසු කරුණකි. දරුවෙක් යෝග්‍ය නොවේ නම් ඔහුගේ පියා ඔහුව නිවසෙන් පන්නා දමයි. එමෙන්ම ව්‍යාපාර ආදියට හොඳින් උදව් කරන්නන් ඔවුන්ගේ කොටස ලබාගනී. ඔය දරුවන්ටත් සීයාගේ දේපළට උරුමයක් ඇත. ඔහු අශාරීරිකයි. ඔබ ඔබේ සීයාගේ උරුමය ලබමින් සිටිනවා කියා ඔය දරුවන් තේරුම් ගත්තා. දිව්‍යලෝකය ස්ථාපනය කරන්නා ඔහු වේ. ඔහු ඥානයෙන් පිරි කෙනා වේ. විෂ්ණු සහ ශංකර් පාරිශුද්ධකරුයැය කෙසේවෙතත්, මෙහි පැන නැගෙන්නේ ඉගෙනුමක් පිළිබඳවයි. පරම පියා කියයි: මා ඇවිත් ඔබ දරුවන්ට උගන්වනවා. ඔහු වෙනත් ගුරුවරු උගන්වන අයුරින් සාමාන්‍ය අන්දමින් උගන්වන ආකාරය ඔබට දකින්න පුළුවන්. අධිනීතිඥවරයෙක් කෙනෙකුට උගන්වන්නේ ඔහු මෙන්ම අධිනීතිඥවරයෙක් වීමටයි. භාරතය දිව්‍ය ලොවක් කළේ කවුද. භාරතයෙහි විසූ එම සූර්ය වාංශික දේවතාවරු කොහි සිට පැමිණියේද යන්න ඔබ තේරුම් ගෙන ඇත. මේවා මිනිස්සු කිසිසේත් නොදනී. දැන් සංගමයයි. ඔබ සංගමයේ සිටිනවා. සංගමයේ වෙන කිසිවෙකු නොමැත. සංගමයේ හමුවීම අති රමණීයයි. පරම පියා හමුවන්නයි ඔය දරුවත් ඇවිත් සිටින්නේ. මෙය සුන්දර හමුවීමකි. අන් කුම්භ මේලාවන් වල ලැබීමක් නොමැත. සත්‍ය කුම්භ මේලාව ඇති වන්නේ සංගමයේය. ජීවාත්ම සහ පරමාත්ම බොහෝ කල් වියෝග වී සිටීමෙන් පසුව සුන්දර හමුවීමක් සිදුවූවා යැයි කියා ඇත. මේ කාලය අති රමණීයයි. මේ කාලය පරිත්‍යාගශීලී යැයි කියනුයේ එහිදී සැමටම යහපත උදාවන බැවිනි. පරම පියා ඇවිත් සැමටම උගන්වයි. ඔහු අශාරීරික තාරකාවකි. එනමුත් පැහැදිලි කිරීම පිණිස ඕවලාකාර ස්වරූපයකින් ඔහුව පෙන්වා ඇත. තිතක් යැයි කීමෙන් ඔවුන් කිසිවක් වටහා නොගනී. ජීවාත්මයත් තාරකාවක්. එවිට පරමාත්මයත් තාරකාවක් යනුවෙන් ඔබට පැහැදිලි කළ හැකියි. ජීවාත්මයක් කෙසේ වේද, පරමාත්මයත් එසේම වේ. වෙනසක් නොමැත. ඔබ ජීවාත්ම සිටින්නේ අනුපිළිවෙලිනි. ඇතැම් අයගේ බුද්ධියෙහි බොහෝ දැනුම ඇත. එහෙත් අන් අයගේ බුද්ධියෙහි සුළු දැනුමක් ඇත. උපත් 84ක අත්දැකීම ඇතිව අප ජීවාත්මයන් සිටින බව දැන් ඔබ වටහාගත්තා. සෑම කෙනෙකුටම තම තමන්ගේ කර්ම ගිණුම පියවීමට විඳවිය යුතු වේ. කෙනෙක් ලෙඩ වේ නම් එහි තේරුම ඔහු සිය ගිණුම ගෙවන බවයි. මෙසේ නොසිතන්න: අප දේව දරුවන්ය. අප කුමටද විඳවන්නේ? ඒවා උපත් ගණනාවක් තිස්සේ කළ පාපයන් බව පරම පියා පහදා දී තිබෙනවා. කුමාරියක් වුවද, ඇය මේ උපතේ පාපයක් නොකර ඇතත්, බොහෝ උපත් වලදී කළ පාපය පියවිය යුතුව ඇත. බාබා පහදා දී තිබෙනවා. මේ උපතේදී ඔබ විසින් කළ පාපයන් ගැත බාබාට කීවේ නැත්තම්. ඒවා දිගටම අධික වේ. ඒවා බාබාට කීවොතින් අධික නොවනවා ඇත. භාරතයයි අති උසස්ව තිබුණේ දැන් අන්තිම අපවිත්‍රව තිබෙන්නේත් භාරතයයි. එමනිසා, ඔවුන්ට බොහෝ උත්සාහ දරන්න සිදුවනවා. බොහෝ සේවය කළ අයට තමන් ඉහළ අංකයක් ලබාගන්නා බව වැටහේ. තවමත් යම් කර්ම ගිණුම් ඉතිරි නම් විඳවීමට සිදුවේව්. මේ විඳවීම සතුටින් පියවා දැමිය හැකියි. පාරිශුද්ධව සිටි අප පසුව වඩාත් අපිරිසිදු අය බවට පත්වුණා. මේ වස්ත්‍රය ලැබී ඇත්තේ අපගේ චරිත කොටස් කිරීම සඳහායි. ඔබ අපවිත්‍ර වී ඇති බව ඔබගේ බුද්ධියට දැන් වැටහී ඇත. විශාල වශයෙන් උත්සාහ දැරීමට සිදුවනවා. යම් ලෙඩක් දැකීමෙන් පුදුම නොවිය යුතුයි. හුදෙක් "ශ්‍යම් සුන්දර්" (අවලස්සන ලස්සන) යනුවෙන් සිහිපත් කරන ක්‍රිෂ්ණාගේ නම දෙස බලන්න. ඒ පින්තූර සෑදු අයටම එය නොතේරේ. ඇතැම් විට රාධේ පැහැපත් ලෙසත් ක්‍රිෂ්ණා තද නිල් පැහැයෙනුත් පෙන්වා ඇත. රාධේ කුමරියක් යැයි වටහා ගෙන තිබෙන නිසායි ඇයට ගරු කර ඇත්තේ. කෙසේ ඇය අවලස්සන විය හැකි ද කියා ඔවුන් සිතන්නට ඇති. ඔබට මේ සියලු දේ වැටහී තිබෙනවා. දේවතා ධර්මයට අයත් අය තමන්ට දැන් හින්දුන් වශයෙන් සලකා ගෙන සිටිනවා. ශ්‍රීමත් වල පදනමින් ඔබේ කුලයේ අයව ඉහළ නංවන්න. මුළු කුලයම පාරිශුද්ධ කළ යුතුව ඇත. ගැලවීම ලබා දී ඔවුන්ව ඉහළ නැංවිය යුතුයි. එබැවින් ගැලවීමේ හමුදාව ඔබ වේ. අගාධයට වැටීමෙන් ඔබව මුදවා සතියට රැගෙන යන්නේ පරම පියායි. නිර්මාපක, අධ්‍යක්ෂක සහ කතා නායක නළුවා යැයි වර්ණනා කර ඇත්තේ ද ඔහුටමයි. ඔහු නළුවෙක් වන්නේ කෙසේද? පාරිශුද්ධ පියා අපවිත්‍ර ලොවට ඇවිත් සියලු දෙනාවම පාරිශුද්ධ කරවයි. එමනිසා, ප්‍රධාන නළුවා වනවා නොවේද? බ්‍රහ්මාට, විෂ්ණුට සහ ශංකර්ට කරන්කරවන්හාර් කියා නොකියයි. දැන් අත්දැකීමෙන්ම ඔබට කිව හැකියි බාබා තමයි මේ කාලයේදී රඟදක්වන කරන්කරවන්හාර් කියා. ඔහුගේ කොටස රඟ දක්වන්නේත් සංගම යුගයේයි. ඔහුව කිසිවෙකු නොදනී. මිනිස්සු තම කලා 14ට පත්වූවායින් පසුව වැටෙන්න පටන් ගත්තා. ඔවුන් ගේ කලාව කෙමෙන් අඩුවෙන්න ගත්තා. සෑම උපතකම කලා මදක් අඩු වේ. අප ස්වර්ණමය යුගයේ උපත් 8ක් ගෙන ඇත. නාටකය අනුව සෑම උපතකම අඩු වීගෙන යයි. එය ඉහළ නඟින්නේ මේ කාලයේයි. අප සම්පුර්ණයෙන්ම නැංඟාට පසුව නැවතත් පහළ බසිනවා. එම රාජ්‍යය නැවතත් ස්ථාපනය වෙමින් පවතින බව ඔය දරුවන් දන්නවා. රාජ්‍යයක සියලු විවිධතා අවශ්‍ය වෙනවා. ඔබේ සම්පුර්ණ ගිණුම බාබාට දුන්නේ නම් බාබාට අවවාද කළ හැකියි. සියලු දේ බාබා දන්නවා කියා නොසිතන්න. ඔහු ලොවේ මුල, මැද සහ අග පිළිබඳව දන්නා නිසායි. මෙසේය ඔබ වැටුණේ, මෙසේය ඔබ නැංඟේ කියා කිව හැක්කේ. භාරතයේ කොටස මෙයයි. සැවොම භක්ති කරති. උපරිම වශයෙන් භක්ති කළ අයට මුලින් සත්ගතිය ලැබේ. ඔවුන් පූජිත වීමට සුදුස්සන් වන අතර උපත් 84ක් ගනී. අනුපිළිවෙලින් භක්ති කරන්නත් ඔවුන් වේ. අදට ඔබ හොඳ ජීවිතයක් ගත කරනවා විය හැකියි. එහෙත් පෙර උපත් වල පාපයත් තවමත් ඉතිරිව ඇත. ඒවා කැපී යන්නේ ස්මරණ බලයෙන් පමණි. ස්මරණය කිරීම අපහසුයි. බාබා ඔබට කියන්නේ: ස්මරණයෙහි ඉඳින්නේ නම්, ලෙඩ රෝග ආදියෙන් ඔබ නිදහස් වේ. ඔබට බාබාගෙත් සාමය, සතුට සහ පාරිශුද්ධත්වය ලැබේ. එසේම සරළව ස්මරණය කිරීම මගින් නිරෝගී ශරීරයක් ද, එමෙන්ම දිඝායුෂත් ලැබෙනවා. දැනුම තුළින් ඔබ ත්‍රිකාල දර්ශින් බවට පත්වේ. ත්‍රිකාලදර්ශ යන්නෙහි අර්ථය කිසිවෙකුටත් නොවැටහේ. අත්භූත ශක්තිය ඇති අය බොහෝ දෙනෙකු සිටී. ඔවුන් මෙහි ඉඳිමින් ලන්ඩනයේ පාර්ලිමේන්තුව දකී. කොහොම නමුත්, එවැනි අත්භූත බල වලින් යහපතක් නැත. ඇතැමුන් දර්ශන දකී. එය ඔවුන්ගේ භෞතික ඇසින් නොවේ. දිව්‍යමය දැකීමෙන්. සැවොම මේ කාලේ අවලස්සනයි. ඔබ තමාව පරිත්‍යාග කළා. එනම්, පරම පියාට අයිති වුණා. මේ බාබාත් තමාව සම්පූර්ණ යෙන්ම බිලි දුන්නා. ඔහු සතුව තිබූ සියලු දේත් පරිත්‍යාග කළා. තමාවම පරිත්‍යාග කළ අය උපත් 27ක ප්‍රාප්තිය ලබාගනී. මෙය දිවිනසා ගැනීමක් නොවේ. දිවිනසා ගත් කෙනෙක්ව මහා පාපියෙකු ලෙස සැලකේ. ජීවාත්මයක් තමන්ගේම ශරීරය නසා ගැනීම හොඳ දෙයක් නොවෙයි. තව කෙනෙකුගේ බෙල්ල කැපීම යනු තමාගේම බෙල්ල කපාගැනීමක් සේය. එමනිසායි, දිවිනසා ගත් කෙනෙක්ව මහා පාපියෙකු යැයි සැලකෙන්නේ. පරම පියා ඉතා හොඳින් සුමිහිරි දරුවන්ට සියල්ල පහදා දෙනවා. මා චක්‍රයක් චක්‍රයක් පාසා මේ කුම්භ මේලාවට එන බව ඔය දරුවන් තේරුම් ගත්තා. මේ එම මව සහ පියා වේ. දරුවන් කියයි: බාබා, ඔබ අපගේ සියල්ලමයි. බාබාත් කියනවා: ඕ දරුවනි, ඔය දරුවන් මට අයිතියි. ඔය දරුවන් දන්නවා ශිව් බාබා පෙර චක්‍රයේ කළාක් මෙන්ම නැවතත් ඇවිත් සිටින බව. සම්පූර්ණ උපත් 84ක් ගත් අයව ඔහු අලංකාර කරයි. එම බාබා ඥානයෙන් සපිරි පාරිශුද්ධකරුවා බව ඔය ජීවාත්මයන්ට වැටහුණා. දැන් ඔහු අපට මුළු දැනුමම දෙමින් සිටිනවා. ඥාන සාගරයත් ඔහුම වේ. මෙහි පොත්පත් වල කිසිවක් නැත. මෙහි දී ඔබ ඔබේ ශරීරය ඇතුළු සියලු දේ අමතක කර තමන් ජීවාත්මයක් යැයි සැළකිය යුතුයි. ඔබ එක් පියාට අයිති වූවායින් ඔබ අන් සියලු දේ අමතක කළ යුතුයි. අප සියලු දෙනාගෙත් ඔබේ බුද්ධියේ සම්බන්ධය කඩා එක්කෙනා හා යා කළ යුතුයි. මෙසේද ගයා ඇත: අප බැඳෙන්නේ ඔබ සමඟ පමණයි. බාබා අපව ඔබ හට සම්පූර්ණයෙන් පරිත්‍යාග කරනවා. පරම පියා කියයි:මා ද ඔබට සම්පූර්ණයෙන්ම මාව පරිත්‍යාග කරනවා. සුමිහිරි දරුවනී, ඔබව ලොව රජදහනේ අධිපතීන් බවට පත්කරවමි. මම පරාර්ථකාමී වෙමි. මිනිස්සු කියයි ඔවුන් පරාර්ථකාමීව සේවය කරනවා කියා. නමුත් ඔවුන්ට ඵලය ලැබෙනවා. පරම පියා පරාර්ථකාමී සේවය කරනවා. ඒ බව තේරුම් ගන්නේ ඔබ පමණයි. ජීවාත්මයන්, පරාර්ථකාමීව සේවය කරනවා කියා කියයි නම් ඔවුන් එය ඉගෙන ගත්තේ කොහෙන් ද? බාබා පමණයි පරාර්ථකාමී සේවය කරන්නේ කියා ඔබ දන්නවා. ඔහු පමණයි චක්‍රයේ සංගමයේදී පැමිණෙන්නේ. එසේම දැන් ඔහු පුද්ගලිකවම ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. පරම පියාම කියනවා:මා අශාරිරිකයි. මේ ප්‍රාප්තිය මා ඔබට දෙන්නේ කෙසේ ද? ලොවේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම දෙන්නේ කෙලෙස ද? මෙහිදී පුබුදු කිරීමක් වැනි ගැටළුවක් නැත. මිනිස්සු ශිව ජයන්තිය සමරණවා. එමනිසා, මා ආවා. මා එන්නේ භාරතයටයි. ඔහු අපට භාරතයේ වර්ණනාව කියයි. භාරතය ඉතා ශ්‍රේෂ්ඨ සහ සම්පුර්ණ පාරිශුද්ධව තිබුණා. දැන් එය නැවතත් එසේ පත්වෙමින් තිබෙනවා. පියාට දරුවන් වෙනුවෙන් බොහෝ සෙනෙහස ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්හි පදනම මත ඔබේ කුලයේ අයට යහපත උදාකරන්න. ඔබේ සම්පූර්ණ කුලයම පිවිතුරු කරවන්න. ඔබේ සත්‍ය ගිණුම පරම පියාට දෙන්න.

2. ස්මරණ බලයෙන් ඔබේ ශරීරය රෝග ආදියෙන් නිදහස් කරන්න. පරම පියාට සම්පූර්ණයෙන් කැප වෙන්න. අන් සියලු දෙනාගෙන් ඔබේ බුද්ධියේ යෝගාව ඉවත් කර, එය ඒකායනයට සම්බන්ධ කරන්න.

වරදානය:
ඒකායන පියා හැර අන් කිසිවෙකු නැතැයි යන අවධානයෙන් උපකරණයක් සේවය කරයි ද ඔබ ඇලීමෙන් නිදහස් වේවි. අන් කිසිවෙකුට නොව එක් පියෙකුට පමණක් අයිති වූ අවධානයෙන් සිටින දරුවන්ගේ මනස සහ බුද්ධිය පහසුවෙන් ඒකාග්‍රත්වයට පත්වනු ඇත. ඔවුන් උපකරණයක් සේ සේවය කරන නිසා එහි කිසිම ඇලීමක් ඔවුන්ට නොතිබේ. ඇලීමේ සලකුණ වන්නේ, ඔබේ බුද්ධිය ගමන් කරන්නේ ඔබට ඇලීමක් තිබෙන දෙය වෙතටයි. එවිට ඔබේ මනසත් ඒ කරා දිව යනු ඇත. එබැවින්, ඔබේ සියලූ වගකීම් පරම පියාට භාරදී භාරකරුවෙකු සේ උපකරණයක් වශයෙන් සියල්ල රැකබලා ගනිද්දී ඔබ ඇලීමෙන් නිදහස් වනවා ඇත.

පාඨය:
බාධක ජීවාත්මයන් ශක්තිමත් කරයි. එමනිසා, බාධක වලට බිය නොවන්න.