14.08.22    Avyakt Bapdada      Sinhala Murli     13.02.92    Om Shanti    Madhuban


බොහෝ උපත් ගණනාවකට ඔබගේ ජීවිත සෙනෙහසින් පිරිපුන් කිරීමේ පදනම වන්නේ මේ උපතේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසයි.


අද, හදවත් සනසන්නා, සියලු ශක්තීන්ගේ සාගරය සහ සත්‍ය සෙනෙහසේ සාගරය වන බාප්දාදා, ඔහුගේ උපරිම ලෙස ආදරණීය සහ සමීප දරුවන්ව මුණගැසීමට ඇවිත්. මෙම සෙනෙහසේ ආධ්‍යාත්මික හමුව, මෙම ආදරණීය මුණගැසීම, අසහාය හමුවීමක්. ස්වර්ණමය යුගයේ ආරම්භයේ සිට කලි යුගයේ අවසානය දක්වා බොහෝ සෙනෙහස් හමුවීම් තිබී ඇත. කෙසේවෙතත්, මෙම සෙනෙහසේ ආධ්‍යාත්මික හමුව සිදුවන්නේ දැන් සංගම යුගයේ පමණයි. මෙම මුණගැසීම, ආධ්‍යාත්මික මුණගැසීමක්. මෙම මුණගැසීම, හදවත සනසන්නා වන පියා සහ අවංක හදවත් ඇති දරුවන් අතර හමුවකි. මෙම හමුව සියලු ආකාරයේ කම්කටොලු ඉවත් කරනා හමුවක්. එය ආධ්‍යාත්මික අභිමාන ස්ථීතියේ අත්දැකීම ලබා දෙන අන්දමේ එකකි. මෙම හමුව පැරණි දිවිය පහසුවෙන් පරිවර්ථනය කරයි. මෙම හමුව ඔබව සියලු ශ්‍රේෂ්ඨ ලැබීම්වල අත්දැකීමෙන් පුරවන එකකි. ඔය සියලුම කෝටි ගුණයක් භාග්‍යවන්ත ජීවාත්ම, මෙහි පැමිණ ඇත්තේ එවන් අසහාය සෙනෙහසේ හමුවක් සැමරීමටයි. පරමාත්ම දෙවියන් සමඟ ඇති මෙම හමුව, සියලු ලැබීම් හිමි කරගැනීමට සහ සියලු සම්බන්ධතාවන්ගේ අත්දැකීම ලබා ගැනීම සඳහා හමුවකි. එය සියලු සම්පත් වලින් පිරිපුන් වීමට ඇති හමුවකි. එය සංගම යුගී, ශ්‍රේෂ්ඨ සහ අලෞකික ලෝකයේ හමුවක්. එය කෙතරම් ආදරණීයද` පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන සහ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්්විඳීමට සුදුසු වී ඇති කෝටි ගණනක් අතරින් අතලොස්ස ඔබයි. අතලොස්සෙන් සමහරෙක් තවමත් මෙම අත්දැකීම සොයමින් සිටින අතර ඔබ මෙම හමුව සමරනවා. ඇත්ත වශයෙන්ම ඔබ නිරන්තරයෙන් දෙවියන් සමඟ මෙම හමුවේ සිටිනවා, මන්ද, ඔබ තුළ පරමාත්ම දෙවියන් කෙරෙහි සෙනෙහස ඇති අතර දෙවියන් තුළ ඔබ කෙරෙහි සෙනෙහස තිබේ. ඉතිං සෙනෙහස ලබන අය සිටින්නේ කොහේද? ඔවුන් නිරන්තරයෙන් සෙනෙහස් හමුවක සිටියි. ඔබ නිරන්තරයෙන් හමුවක සිටිනවාද නැත්නම් ඔබ වෙන්ව සිටිනවාද? ඔබ පියා සමඟ සිටින විට සිදුවන්නේ කුමක්ද? එය හමුවේ සැමරීමක් වනවා, එහෙම නේද? ඔබ වාසය කරන්නේ කෙහේද කියා කෙනෙක් ඔබගෙන් විමසන්නේ නම්, ඔබ බැබලෙමින් පිළිතුරු දෙන්නේ අප සෑම විටම පරමාත්ම දෙවියන් සමඟ හමුවක් සමරනවා. මෙය සෙනහෙස ලෙස හැඳින්වෙයි. සත්‍ය සෙනෙහස යනු, භෞතිකව හෝ මානසිකව දෙදෙනා අතර වෙන් වීමක් නොමැති වීමයි. ඔවුන්ට වෙන්ව සිටිය නොහැකි අතර කිසිවෙකුට ඔවුන්ව වෙන් කිරීමටද නොහැක. මුළු ලෝකයේ සිටින සියලුම ජීවාත්ම, කෝටි ගණනක ජීවාත්ම හෝ පදාර්ථ, මායා හෝ ඕනෑම සිදුවීමක් ඔබව වෙන් කිරීමට තැත් කළොත්, පරමාත්ම දෙවියන් සමඟ ඔබගේ මෙම මුණගැසීමෙන් ඔබව වෙන් කිරීමට ඔවුන් කිසිවෙකුට බලය නොමැති වෙයි. මෙය සත්‍ය සෙනෙහස ලෙස හැඳින්වෙයි. මෙම සෙනෙහස අවසන් කිරීමට තැත් කරන අය, ඇතැම් විට අවසානයකට පැමිණෙයි, නමුත් සෙනෙහස කිසිදා අවසන් වන්නේ නැත. ඔබ එවන් ශක්තිමත් සහ සැබෑ පෙම්වතුන්ද?

ඔබ මෙම දිනය බලවත් සෙනෙහසේ දිනය ලෙස සමරනවා නේද? ඔබට මෙවන් සෙනෙහසක් ලැබෙන්නේ මෙම එක උපතෙදි, දැන් පමණයි. මෙකල පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, බොහෝ උපත් ගණනාවකට, සෙනෙහසින් පිරි ජීවිත ලැබීමේ ප්‍රතිලාභය නිර්මාණය කරයි. කෙසේවෙතත්, එය හිමි කරගැනීමේ කාලය දැන්ය. බීජය වැපිරීමේ කාලය දැන්ය. මෙම කාලයට විශාල වැදගත්කමක් තිබේ. සත්‍ය හදවත් සනසන්නාගේ සෙනෙහස ලබන අය, නිරන්තරයෙන් සෙනෙහසේ මුසු වී සිටියි. සෙනෙහසේ මුසු වී සිටින එවන් ජීවාත්ම ඉදිරියට පැමිණීමට හෝ ඔවුන්ට විරුද්ධ වීමට කිසිවෙකුට නිර්භීතකමක් නොමැත. ඔබ සෙනෙහසේ මුසු වී සිටින නිසා කිසිම ආකර්ෂණයකට ඔබව ඇදගත නොහැක. විද්‍යාවේ බලය, මනුෂ්‍යයන්ව පෘථීවියේ ආකර්ෂණයෙන් ඉවතට ගෙන යන සේම සෙනෙහසේ මුසුවී සිටීමේ මනෝ ස්ථීතිය ඔබව සියලු සීමිත ආකර්ෂණ වලින් බොහෝ ඈතට ගෙන යයි. ඔබ සෙනෙහසේ මුසු වී නැත්නම්, චංචල වීම් තිබිය හැක සෙනෙහස තිබුණා වුණත් ඔබ සෙනෙහසේ මුසු වී නැත. ඔබගෙන් මෙසේ විමසන්නේ නම් ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබෙනවාද? ඔබ සියලු දෙනාම ඔව් කියයි, එහෙම නේද? නමුත් ඔබගෙන් මෙසේ විමසන්නේ නම් ඔබ නිරන්තරයෙන් සෙනෙහසේ මුසුවී සිටිනවාද, ඔබගේ පිළිතුර කුමක් වෙයිද? ඔබ ඔව් කීවේ නැත. ඔබ තුළ සෙනෙහස තිබෙනවා, නමුත් මෙයින් පමණක් නතර නොවන්න ඔබ සෙනෙහසේ මුසු වි සිටිය යුතුයි. බොහෝ ශ්‍රේෂ්ඨ ලෙසට මිනිසුන් සලකා ඇත්තේ, මෙම මුසුවී සිටීමේ ශ්‍රේෂ්ඨ ස්ථීතියයි. ඔබ ජීවන-මුක්තිය හිමි කරගැනීමට යන බව මිනිසුන්ට පැවසූ විට, ඔවුන් සිතන්නේ ඔබ චක්‍රය තුළට පැමිණීමට යන අතර ඔවුන් චක්‍රයෙන් නිදහස් වී මුසුවීමට යන බවයි. මුසුවීම යනු බන්දන වලින් නිදහස් වීමයි. මේ නිසයි ඔවුන් මුසුවීමේ ස්ථීතිය බොහෝ ශ්‍රේෂ්ඨ බව සලකන්නේ. මුසුවීම යනු එක්කෙනෙක් බවට පත් වීමය. කෙසේවෙතත්, මුසුවීම කියා ඔවුන් සලකන ස්ථීතිය, නාටකයට අනුව, කිසිවෙක් විසින් අත්කර නොගන්නා බව ඔබ දන්නවා. පරම පියාට සමාන වීම සිදුවිය හැකි වුවද, පියා තුළට මුසුවීම සිදු විය නොහැක්කක්. ඔවුන්ගේ මුසුවීමේ ස්ථීතිය තුළ කිසිම අත්දැකීමක් නොමැති අතර කිසිදු ලැබීමක්ද නැත, නමුත් ඔබ මුසුවන විට ඔබට අත්දැකීමක් සහ ලැබීමක් තිබේ. ඔවුන්ට අභියෝග කර ඔබට මෙසේ කිව හැක, ඔබ මුසුවී සිටීමේ ස්ථීතිය ලබා ගැනීමට තැත් කරමින් සිටින නමුත් අප මෙම මුසුවී සිටීමේ ස්ථීතිය අත්දකිනවා. ඔබ සෙනෙහසේ මුසු වී සිටින විට, ඔබ සෙනෙහසේ ගැලී සිටින විට ඔබට වෙනත් කිසිවක් මතක් වෙනවාද? තමා සහ පරම පියා සමාන බව, සෙනෙහසේ ගිලී සිටීන බව ඔබ අත්විඳියි. පියා හැර වෙනත් කිසිවක් නොමැත, එබැවින් දෙදෙනෙකුගෙන් ඔබ එක්කෙනෙක් බවට පත් වනවා. සමාන වීම යනු මුසු වීමය, එක්කෙනෙක් වීමයි. ඉතිං, ඔබ මෙය අත්විඳිනවාද? ඔබ කර්මයෝගාවේ යෙදී සිටින වෙලාවේ මුසුවී සිටීම අත්විඳීමට ඔබට හැකිද? ඔබ සිතන්නේ කුමක්ද? කර්මයෝගී ස්ථීතියේදි ඔබට මුසුවී සිටීමට හැකිද නොහැකිද? එය අපහසුද? ක්‍රියාවක් කරන අතරම මුසුවී සිටීම කළ හැකිද? ක්‍රියා කිරීම සඳහා ඔබට පහළට පැමිණීමට සිදුවන්නේ නැතිද? යමක් කරන අතර මුසුවී සිටීම සිදුවිය හැකි දෙයක්ද? ඔබ එතරම් දක‍්ෂ වී තිබෙනවාද?

කර්ම යෝගීවරයෙක් වන කෙනෙකුට, යමක් සිදුකරන වෙලාවේ, පරම පියාගේ ඇසුර තිබීම නිසා, අතිරික්ත උදව් ලබා ගැත හැක. එක්කෙනෙක්ව සිට ඉන්පසුව දෙදෙනෙක් සිටින බැවින් කාර්යය බෙදී යන නිසා. කාර්යයක් තනිව සිදුකරනවාට වඩා තව කෙනෙක් උදව්කරුවෙක් වුණොත් එම කාර්යය පහසු වෙනවාද නැත්නම් එම කාර්යය වඩාත් අපහසු වෙනවාද? ඔබට අත් තිබේ, පියා ඔහුගේ අත් පා භාවිතා කරන්නේ නැහැ. අත් ඔබගේය, නමුත් පියාගෙන් උදව් තිබෙන විට, එම දෙගුණයක බලයෙන් කාර්යය හොඳින් කෙරෙයි, එහෙම නේද? කාර්යය කෙතරම් අපහසු වුණත් පියාගේ උපකාරය, ඔබට නිරන්තරයෙන් උනන්දුව සහ උද්යෝගය මෙන්ම එඩිතරකම සහ වෙහෙස නොදැනෙන ලෙසින්, බලය ලබා දෙයි. ඕනෑම කාර්යයක් කිරීමට, උනන්දුව සහ උද්යෝගය මෙන්ම වෙහෙස නොදැනීම ඇති විට, එම කාර්යය සාර්ථකව නිමා වෙයි, එහෙම නේද? ඉතිං, පියා වැඩ කරන්නේ ඔහුගේ අත් වලින් නොවෙයි, නමුත් ඔබට උපකාර කිරීමේ කාර්යය ඔහු කරයි. එබැවින් කර්ම යෝගියෙකුගේ ජීවිතය, දෙගුණයක බලයකින් කාර්යයන් සිදු කිරීමේ ජීවිතයකි. පියා සහ මා - මෙම සෙනෙහස ලැබීමෙන් කිසි දෙයක් අපහසු බව ඔබට නොදැනෙයි, එමෙන්ම වෙහෙසක්ද නොදැනෙයි. සෙනෙහස යනු සියල්ල අමතක වීමය. එය කෙසේ සිදුවෙයිද? කුමක් සිදු වෙයිද? එය හොඳින් වෙයිද නැද්ද? ඒ සියල්ල අමතක කරන්න. සියලු දේ දැනටමත් නිම වී ඇත. දේවමය එඩිතරකම ඇති තැන, වෙනත් කිසිම ජීවාත්මයකට වෙන එඩිතරකමක් නොතිබෙයි. මෙම දේවමය එඩිතරකම ඇති තැන, උදව් ඇති තැන, උපකරණයක් වී ඇති ජීවාත්මයක් තුළ ඉබේම එඩිතරකම වර්ධනය වෙයි. එම ඇසුර අත්විඳින අය, එවන් උදව් අත්විඳින අය ඔවුන්ට තිබෙන්නේ කුමන සිතිවිලිද? කිසිවක් අළුත් නැත ජයග්‍රහණය සහතිකයි. සාර්ථකත්වය අනිවාර්යයි. සැබෑ පෙම්වතුන්ගේ අත්දැකීම මෙයයි. සීමිත පෙම්වතුන් පවසන්නේ මා කොහේ සිටියත් මා දකින්නේ ඔබවයි. ඔවුන් සර්ව බලධාරින් නොවෙයි, නමුත් පියා සර්ව බලධාරියාය. ඔහුට භෞතික සිරුරක් නොමැති නමුත් ඔහුට අවශ්‍ය ඕනෑම විටෙක, ඔහුට අවශ්‍ය ඕනෑම තැනකට, තත්පරයකදි ළඟා විය හැක. එබැවින් කර්ම යෝගිවරයෙකුගේ ජීවිතයේදි සෙනෙහසේ මුසුවී සිටීමේ ස්ථීතිය අත්විඳීම, කළ නොහැකි දෙයක් කියා නොසිතන්න. ඔබ නිරන්තරයෙන් ඔහුගේ ඇසුර අත්විඳියි, එනම්, ඔබට නිරන්තරයෙන් සෙනෙහසේ ප්‍රායෝගික සහතිකය තිබේ. එබැවින් ඔබ පහසු යෝගීවරු, නිරන්තර යෝගීවරු වනවා, එහෙම නේද? පෙම්වතුන් යනු නිරන්තර සහ පහසු යෝගීවරු වන අයයි. මේ නිසයි, තපස්යා වර්ෂය වෙනුවෙන් තිළිණය හිමි කරගැනීමේ කාලය, සමීපයට පැමිණෙන බවට උපදෙස ඔබට ලබා දී තිබෙන්නේ, නමුත් එය අවසානයකට පැමිණෙන්නේ නැත. ඔබට මෙය පුහුණු වීම සඳහා සේවය වඩාත් සැහැල්ලු කරවා ඇති අතර තපස්යාවට වැඩි වැදගත්කමක් ලබා දී ඇත. කෙසේවෙතත්, තපස්යාවේ වර්ෂය අවසන් වුණාට පසුව, තිළිණය හිමි කරගැනීමෙන් පසුව, සඳහන් කර ඇති ඔබගේ සමබරතාවයේ ස්ථීතිය පවත්වාගන්න කර්මය සහ යෝගාව අතර සහ සේවය සහ යෝගාව අතර සමබරතාවය. සමබරතාවයක් යනු සමානත්වය තිබීමයි. ඔබගේ සිහිකිරීමේ, තපස්යාවේ සහ සේවයේ සමානත්වයක් තිබිය යුතුයි. බලය සහ සෙනෙහස තිබීමේ සමානත්වයක් මෙන්ම සෙනෙහස තිබීමේ සහ නොබැඳී සිටීමේ සමානත්වයක් තිබිය යුතුයි. ක්‍රියා සිදුකරන වෙලාවේ නොබැඳී සිටීමේ සමානත්වය තිබිය යුතු අතර ඔබ වෙනම අසුන්ගෙන සිටිනවා විය හැකි වුවද, ඔබගේ මනෝ ස්ථීතියේ සමානත්වය තිබිය යුතුයි. සමානත්වය පවත්වාගැනීමේ කලාවේ අංකයක් හිමි කරගන්නා කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙයි. ඔබට මේ දෙකම කළ හැකිද, නැද්ද? එසේත් නැත්නම් ඔබ සේවය කිරීම ආරම්භ කළ විට, උඩ ඉහළ සිටින ස්ථීතියෙන් ඔබ පහළට එනවාද? ඔබ මෙම වර්ෂය තුළදි බලවත් වුණා නේද? ඔබට දැන් සමබරතාවයක් පවත්වා ගත හැකිද, නැද්ද? එසේ නැත්නම් සේවය කරන අතරතුර ව්‍යාකූලතා තිබෙනවාද? ඔබ මෙයින්ද සමත් විය යුතුයි, එහෙම නේද? ඔබ කර්ම යෝගිවරයෙක් ලෙස ක්‍රියා කරන විට, සෙනෙහසේ මුසුවී සිටීම කළ හැකි දෙයක් බව, ඔබට කලින් ඇසුණා නේද? එවිට ඔබ ජයග්‍රහණය කරයි, එහෙම නේද? දැන් සමබරතාවයක් තබාගැනීමෙන් ජයගෙන ඇති අය තිළිණයක් හිමි කරගනිවි.

අද ඔබ විශේෂ ආරාධනාවක් ලබා දී තිබේ. ඔබගේ දිව්‍ය ලෝකය මෙසේ වීමට යනවාද? ඔහුගේ සැමරීම දරුවන්ගේ සැමරීම තුළ ඇතුලත් වී ඇති බව බාප්දාදා සලකයි. ඔබ දිව්‍ය ලෝකයේ සමරන අතර පරම පියා සමරන්නේ මෙම සැමරුමේය. බොහෝ සමරන්න, බොහෝ සේ නටන්න, බොහෝ නැළවෙන්න, නිරන්තරයෙන් සතුටින් සමරන්න. ඔබ දරන උත්සාහයේ ප්‍රතිලාභය ඔබට නියත වශයෙන්ම ලැබෙයි. මෙහි ඔබ පහසු උත්සාහ දරන්නන් වන අතර එහිදි ඔබ පහසුවෙන් ප්‍රතිලාභය හිමි කරගන්නා අය වෙයි. කෙසේවෙතත්, ඔබ දියමන්ති සේ සිටීමෙන්, රත්තරං මෙන් බවට වෙනස් වී ඇත. මේ මොහොතේ ඔබ දියමන්තිය. ඉතිං, මුළු සංගම යුගයම, බාබා සහ දරුවන් විශේෂයෙන් සහකරුවන් වී ඇති, සෙනෙහසේ දවසයි. සෙනෙහස් දිනය අද පමණක්ද නැත්නම් සෑම දවසක්ම සෙනෙහසේ දවසක්ද? මේවා අසීමිත නාටකය නම් නාට්‍යය තුළ ඇති කුඩා නාටකයි. දිව්‍ය ලෝකය මෙතරම් සැරසීම වෙනුවෙන් සුබ පැතුම්. පියා මෙම සැරසිල්ල දකින්නේ සැරසිල්ලක් ලෙස නොව නමුත් සියලු දෙනාගේ හදවත්වල සෙනෙහස ලෙසයි. ඔබගේ සැබෑ සෙනෙහස සමඟ සසඳන විට මෙම සැරසිලි ලොකු දෙයක් නොවෙයි. බාප්දාදා ඔබගේ සෙනෙහස දකිනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට තැනකට ආරාධනා කළ විට, කතා කරන්නේ ආරාධනාව ලැබූ කෙනා නොව, නමුත් කතා කරන්නේ ආරාධනාව දුන් අයයි. ඔය දරුවන් තුළ කෙතරම් සෙනෙහස තිබේද යත් ඔබට පියා හැර වෙන කිසිවක් නොපෙනෙයි. එබැවින් හදවත තුළ ඇති මෙම සෙනෙහස ප්‍රකාශ කිරීමට අද දින මෙම නාටකය නිර්මාණය කර තිබෙනවා. අච්චා.

නිරන්තරයෙන් සෙනෙහසේ මුසු වී සිටින ජීවාත්මයන්ට, නිරන්තරයෙන් සෙනෙහසින් ඇසුර අත්විඳින ජීවාත්මයන්ට, එක් පියා හැර වෙනත් කිසිවෙක් නැත, යන අවධානයෙන් නිරන්තරයෙන් පියාට බොහෝ සමීප සහ සමාන ජීවාත්මයන්ට, සංගම යුගයේ ශ්‍රේෂ්ඨ කලාව විඳින විශේෂ ජීවාත්මයන්ට, සියලු සීමිත ආකර්ෂණ වලින් මිදී සෙනෙහසේ ගිලී සිටින, පරම පියා සමඟ සියලු සම්බන්ධතා පැවැත්වීමේ සෙනෙහසේ ගිලී සිටින ජීවාත්මයන්ට, සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

බාප්දාදා මහාරතී දාදීන් සහ ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ට කතා කරමින්.

උපකරණ වන අයට සෑම විටම පහසු ස්මරණය තිබේ. ඔය සියලු දෙනා තුළත් උපකරණ ජීවාත්ම වෙනුවෙන් විශේෂ සෙනෙහසක් තිබෙනවා නේද? ඔබ සියලු දෙනාම සෙනෙහසේ මුසු වී සිටින්නේ ඒ නිසයි. උපකරණ වී ඇති ජීවාත්මයන්ගේ චරිත කොටස් නාටකයේ නියමිත වී තිබේ. ශක්තීන් සහ පාණ්ඩවයන් යන දෙපිරිසම උපකරණයි. ශක්තීන් සහ පාණ්ඩවයන්ව එකවර උපකරණ බවට, නාටකය විසින් පත් කර ඇත, එබැවින් උපකරණ වීමේ විශේෂ තිළිණය ඔබට තිබේ. උපකරණයක් වීමේ චරිත කොටස ඔබව නිරන්තරයෙන් ආදරණීය සහ නොබැඳි බවට පත් කරවයි. උපකරණයක් වීමේ ඔබගේ ක්‍රියාකලාපය ස්වාභාවික සහ පහසු නම්, ඔබගේ සහ අන් අයගේ ප්‍රගතිය, ඔබගේ සෑම පියවරකම මුසු වී තිබේ. එම ජීවාත්මයන්ගේ පියවර තිබෙන්නේ බිම නොව වේදිකාව මතයි. සෑම තැනකම සිටින සියලුම ජීවාත්ම, වේදිකාව දෙස ඉබේටම බලයි. අසීමිත ලෝක වේදිකාව තිබෙන අතර පහසු උත්සාහයේ ශ්‍රේෂ්ඨ ස්ථීතියද තිබේ. වේදිකා දෙකම උසස්ය. ලෝකය ඉදිරියේ ආදර්ශ වීමේ අවධානය, පියාට සමාන වීමේ අවධානය, උපකරණ ජීවාත්ම තුළ සෑම විටම තිබෙයි. ඔබ එවන් උපකරණ ජීවාත්ම නේද? ස්ථාපනයේ ආරම්භයේ සිටම ඔබ උපකරණ වී ඇති අතර ඔබ සෑම විටම එය වෙයි. එය එසේද? තවද මෙය අතිරික්ත වාසනාවද වෙයි. වාසනාව ඔබගේ හදවතේ සෙනෙහස ඉබේටම වැඩි කරයි. එය හොඳයි. ඔබ උපකරණ ලෙස සැලසුම් සාදන අතර මේවා බාප්දාදා වෙතට ළඟා වෙයි. ප්‍රායෝගික ස්වරූපයකින් ශක්තිවන්ත වී, නොකඩවා අන් අයවත් ශක්තියෙන් පුරවා, අඛණ්ඩව හෙළිදරව්ව සමීපයට ගෙන එන්න. දැන් මේ ලෝකය දැක, ජීවාත්මයන්ගෙන් වැඩි දෙනෙක් වෙහෙසට පත්ව සිටියි ඔවුන්ට නවතාවයක් අවශ්‍යයි. ඔබට මෙකල නවතාවයේ අත්දැකීම ලබා දිය හැක. ඔබ සිදු කර ඇති සෑම දෙයක්ම හොඳ වී ඇති අතර එය ප්‍රායෝගිකවත් ඉතා හොඳ වෙයි. මේ දේශයේ සහ විදෙස් රටවල අය විසින් ඉතා හොඳ සැලසුම් සාදා ඇත. බ්‍රහ්ම පියාව හෙළිදරව් කිරීම යනු බාප් සහ දාදා යන දෙදෙනාව එකට හෙළිදරව් කිරීමය, මන්ද, බ්‍රහ්ම, බ්‍රහ්ම බවට පත් වුණේ පරම පියා ඔහුව එය බවට පත්කළ විටයි. එබැවින් බාප් (පියා) දාදා තුළ මුසු වී ඇති අතර දාදා, බාප් තුළ මුසු වී ඇත. මේ අන්දමින් බ්‍රහ්ම පියාව අනුගමනය කිරීම යනු සෙනෙහසේ මුසු වී ඇති ජීවාත්මයක් වීමය. එය මෙහෙමයි නේද? අච්චා.

බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්

සියලු දෙනාගේ හදවත්වල ඇති දේ, බොහෝ සීඝ්‍ර වේගයකින් හදවත සනසන්නා වෙතට ළඟා වෙනවා. ඔබට සිතිවිල්ලක් ඇති වූ සැනින්ම එය බාප්දාදා වෙතට ළඟා වෙනවා. තවද බාප්දාදා නොකඩවා ඔබගේම ක්‍රමවේදයන්ට අනුව, ඔබගේ සිතිවිලි, සේවය සහ ඔබ සියලු දෙනාගේ මනෝ ස්ථීතිය දෙස බලයි. ඔබ සියලු දෙනාම උත්සාහ දරන්නන්. ඔබ සියලු දෙනා තුළ සෙනෙහසද තිබේ, නමුත් අනිවාර්යෙන් විවිධත්වයක් තිබේ. ඔබ සියලු දෙනාගේ අරමුණ ශ්‍රේෂ්ඨයි, එමෙන්ම ශ්‍රේෂ්ඨ අරමුණක් තිබීම නිසා ඔබ ඉදිරියට ගමන් කරනවා. සමහරු සීඝ්‍ර වේගයකින් ඉදිරියට ගමන් කරන අතර අනෙක් අය සාමාන්‍ය වේගයකින් ගමන් කරයි. ප්‍රගතිය තිබේ නමුත් එය අංක පිළිවෙලයි. තපස්යාවේ යෙදීමට සියලු දෙනා තුළ උනන්දුව සහ උද්යෝගය තිබේ. කෙසේවෙතත්, එය නිරන්තර වීමේ සහ පහසු වීමේ වෙනසක් තිබේ. නිරන්තර සෙනෙහස තිබීමේ පහසුම මඟ වන්නේ සෑම විටම පියාගේ ඇසුර අත්විඳීමයි. ඔහුගේ ඇසුරේ අත්දැකීම, ඔබට සිහි කිරීමේ සිටීමට දැරිය යුතු වෙහෙසෙන් ඔබව මුදවයි. ඔහු ඔබත් සමඟ සිටින විට, ඔබට ඔහු සිහිවෙයි, එහෙම නේද? ඔහුගේ ඇසුර යනු ඔහු ඔබත් සමඟ නිකම්ම අසුන්ගෙන සිටිනවා නොවෙයි, නමුත් ඔහු ඔබගේ සහකරුය, එනම්, ඔබගේ උදව්කරුය. ඔවුන් තම කාර්යයන්හි කාර්යබහුල වූ විට, ඕනෑම කෙනෙකුට ඔබව අමතක විය හැක, නමුත් මේ සහකරු කිසිම විටෙක අමතක වන්නේ නැත. එබැවින් ඔබගේ සෑම ක්‍රියාවකදීම, ඔබගේ සහකරු ලෙස, ඔබට පරම පියාගේ ඇසුර තිබේ. ඔබට ඇසුර ලබා දෙන කෙනාව කිසි විටෙක අමතක වන්නේ නැහැ. ඔහු ඔබ සමඟ සිටින අතර ඔහු කෙබඳු සහකරුවෙක්ද යත්, ඔහු ඔබට සෑම දෙයක්ම පහසුවෙන් කිරීමට මඟපාදයි. ඔබ ඔහුව අමතක කරන්නේ කෙසේද? සාමාන්‍ය අන්දමකින් වුණත්, යම් කාර්යයකට කෙනෙක් ඔබට සහයෝගය ලබා දෙන්නේ නම්, ඔබ නැවත නැවතත් එම කෙනාට හදවතින්ම තුති පුදනු ඇත. කෙසේවෙතත්, පරම පියා ඔබගේ සහකරු වී අපහසු දේවල් පහසු කරවයි. එවන් සහකරුවෙක් ඔබ අමතක කරන්නේ කෙසේද?

වරදානය:
ඔබගේ අවධානයේ වැදගත්කම දැන, ඔබගේ මනෝ ස්ථීතිය ශ්‍රේෂ්ඨත්වයට පත්කර ගැනීමෙන් ඔබට අවිනාශී තිලකයක් තිබේවා.

භක්ති මාර්ගයේ, තිලකයකට විශාල වැදගත්කමක් තිබේ. රාජධානියක් යමෙකුට භාර දෙන විට ඔහුට තිලකයක් තබයි. විවාහයේ සලකුණ සහ භාග්‍යයේ සලකුණද තිලකයකි. ඥාන මාර්ගයේ, ඔබගේ අවධානයේ තිලකයට විශාල වැදගත්කමක් ලබා දෙයි. ඔබගේ අවධානය කෙබඳුද, ඔබගේ මනෝ ස්ථීතිය එබඳු වෙයි. ඔබගේ අවධානය ශ්‍රේෂ්ඨ නම් ඔබගේ ස්ථීතියද ශ්‍රේෂ්ඨ වෙයි. මේ නිසයි බාප්දාදා ඔය දරුවන්ට ශ්‍රේෂ්ඨ ක්‍රියා කිරීම සඳහා තුන් ආකාරයක අවධාන පිළිබඳ තිලකයක් ලබා දී තිබෙන්නේ. තමන් පිළිබඳ අවධානය, පියා පිළිබඳ අවධානය සහ නාටකය පිළිබඳ අවධානය. අම්රිත් වේලාවේ, මේ තුන් ආකාරයේ අවධානයන්ගේ අවිනාශී තිලකයක් තබන දරුවන්ගේ ස්ථීතිය, නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨයි.

පාඨය:
නොකඩවා නිරතුරුවම යහපත් දේ සිතන්න එවිට සියලු දේ යහපත් වෙයි.