14.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සැබෑ පාඨශාලාවේ අසුන්ගෙන සිටිනවා. මෙය සැබෑ සත් සංගමයක් (සත්‍යයේ ඇසුර) ද වනවා. මෙහිදී ඔබට සත්‍ය පියාගේ ආශ්‍රය ලැබෙන අතර, ඔබව එතෙර කරවන්නේ මෙයයි.

ප්‍රශ්නය:
කර්ම ගිණුම් පිළිබඳව ඔබගේ වැටහීම සහ වෙනත් මිනිසුන්ගේ වැටහීම අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර:
මෙම සතුට සහ දුක ඇති නාටකයේ, සතුට සහ දුක යන දෙකම ලබා දෙන්නේ දෙවියන් කියා මිනිසුන් විශ්වාස කරන නමුත්, මෙය එක් එක්කෙනාගේ කර්ම ගිණුම් පිළිබඳ නාටකයක් බව ඔය දරුවන් දන්නවා. පරම පියා කිසිම කෙනෙකුට දුක ගෙන දෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඔහු පැමිණෙන්නේ ඔබට සතුට වෙතට යන මාවත පෙන්වීමටයි. බාබා පවසන්නේ දරුවනි, මා කිසිම කෙනෙක්ව අසතුටට පත් කර නැත. එම අසතුට ඔබගේම ක්‍රියා වල ඵලයයි.

ගීතය:
මෙම පාපී ලෝකයෙන් ඉවතට, සුව සහනය ඇති තැනකට අපව රැගෙන යනු මැනවි.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආදරණීය දරුවන් ගීතයට සවන් දුන්නා. ඔවුන් අඬගැසුවේ කාටද? පියාට. බාබා, පැමිණ අපව මෙම පාපී කලි යුගයෙන් ඉවතට, පුණ්‍යවන්ත ස්වර්ණමය යුග ලෝකයට රැගෙන යන්න. සියලුම මනුෂ්‍ය ජීවාත්ම දැන් කලියුගී අයයි. ඔවුන්ගේ බුද්ධිය ඉහළට යයි. පියා පවසන්නේ කිසිම කෙනෙක් මා කවුරුන්ද, හෝ කුමක්ද කියා නිසියාකාරයෙන් නොදනී. ඍෂිවරු සහ මුනිවරුන්ද කියමින් සිටියේ අප නිර්මාණකරු, අධිපති, අසීමිත පියාව හෝ ඔහුගේ අසීමිත නිර්මාණයේ මුල, මැද හෝ අවසානය ගැන නොදන්නෙමු. ජීවාත්ම වාසය කරන ස්ථානය බ්‍රහම් පදාර්ථයයි, ඉර හෝ සඳ නොපවතින ආලෝක පදාර්ථයයි. ඒවා අශාරීරික දේශයේ හෝ සූක‍්ෂම දේශයේ නොපවති. කෙසේවෙතත්, මෙම වේදිකාවට ආලෝකය ආදිය අවශ්‍යයි. එබැවින් රාත්‍රියේදී සඳ සහ තරු වලින්ද දහවලේදී සූර්යාගෙන්ද මෙම වේදිකාවට ආලෝකය ලැබෙයි. මේවා ආලෝකයි. මෙම ආලෝකය තිබුණත් අන්ධකාරය පවතින බව කියයි. රාත්‍රියේදී ඔබට ආලෝකය ලැබීමට ස්විචයක් දැමීමට සිදුවෙයි. ස්වර්ණමය සහ රිදී යුගවලට දහවල කියාත්, භක්ති මාර්ගයට රාත්‍රිය යැයිද කියයි. මෙය වටහාගැනීමට ඇති කාරණාවකි. නව ලෝකය ඉන්පසුව නිසැකයෙන්ම පරණ වෙයි. එය ඉන්පසුව නැවතත් අළුත් වී පැරණි එක අනිවාර්යෙන්ම විනාශ වී යයි. මෙය අසීමිත ලෝකයයි. ඇතැම් රජවරු ආදීන්ගේ නිවෙස් ඉතා විශාලයි. මෙම නිවස අසීමිතයි. මෙය වේදිකාවකි. මෙම වේදිකාවට කර්ම ක්ෂේත්‍රය යැයිද කියයි. ඔබ අනිවාර්යෙන්ම ක්‍රියා සිදු කළ යුතුයි. මෙය සියලුම මනුෂ්‍යයින්ට කර්ම ක‍්ෂේත්‍රයයි. සියලුම දෙනා ක්‍රියා සිදු කළ යුතුයි. සෑම කෙනෙක්ම තමන්ගේ චරිත කොටස රඟ පෑ යුතුයි. සෑම ජීවාත්මයකටම පෙර තියා චරිත කොටසක් ලැබී ඇත. මෙම දේවල් ඉතා හොඳින් වටහා ගැනීමට හැකි අය ඔබ අතරද සිටිනවා. ඇත්ත වශයෙන්ම මෙය ගීතා පාඨශාලාවයි. මහළු අය පාඨශාලාවක කිසි දිනෙක ඉගෙනගන්නවාද? මෙහි සෑම කෙනෙක්ම ඉගෙන ගන්නවා - තරුණ සහ මහළු. මෙයට වේදයන්ගේ පාඨශාලාව යැයි නොකියයි එහි අරමුණක් හෝ ඉලක්කයක් නැත. ඔවුන් බොහෝ සේ වේද සහ ග්‍රන්ථ හදාරන නමුත් එසේ කිරීමෙන් ඔවුන් කවුරුන් බවට පත් වෙයිද කියා ඔවුන් නොදනී. ඒ එකදු සත්සංගමයකටවත් අරමුණක් හෝ ඉලක්කයක් නැත. දැන් එයට සත්සංගමයක් (සත්‍යයේ ආශ්‍රය) යැයි කීමට පවා කෙනෙක් පසුබට වෙයි. ඒකායන පියා පමණයි සත්‍යය වන්නේ එමෙන්ම මෙසේ කියැවෙන්නේ ඔහු ගැනයි යහපත් ඇසුර ඔබව එතෙර කරවන අතර නරක ඇසුර ඔබව ගිල්වා දමයි. නරක ආශ්‍රය යනු කලි යුගයේ මිනිසුන්ගේ ආශ්‍රය වන අතර සත්‍යයේ ආශ්‍රය වන්නේ ඒකායන කෙනාගේ ආශ්‍රය පමණයි. පියා ඔබට මුළු ලෝකයේම ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ ඥානය ලබා දෙන්නේ කෙසේද කියා ඔබ දැන් පුදුමයට පත් වෙයි. ඔබ සත්‍ය පාඨශාලාවේ අසුන් ගෙන සිටීම ගැන දැනගැනීමෙන් ඔබ සතුටු විය යුතුයි. අන් සියලුම පාඨශාලාවන් ව්‍යාජයි. එම සත්සංග ආදියට යෑමෙන් කිසිම කෙනෙක් විශේෂ කෙනෙක් වන්නේ නැත. පාසැලකට හෝ කොලිජීයකට යෑමෙන් ඔවුන් ඉගෙන ගන්නා නිසා, අඩු තරමින් යමෙක් බවට පත් වෙයි වෙන කිසිම තැනක ඉගෙනුමක් නැත. සත්සංගමයකට ඉගෙනුමක් කියා නොකියයි. මිනිසුන් ග්‍රන්ථ හදාරා ඉන්පසුව සාප්පු විවෘත කරයි ඔවුන් ඒ අන්දමින් මුදල් උපයා ගනී. ඔවුන් ග්‍රාන්ත් නම් පොත ටිකක් ඉගෙනගෙන ඉන්පසුව ගුරුද්වාරයක් (සීක් දේවස්ථානයක්, ගුරු වෙතට යන දොරටුව) විවෘත කරයි. ගුරුද්වාරයන් බොහොමයක් විවෘත කර තිබේ. ගුරුගේ ද්වාරය (දොරටුව) නිවහන නොවෙයිද? ඔවුන් විශාල ගුරුද්වාරාවල දොරටු විවර කරන විට, මිනිසුන් එහි ගොස් ආගමික ග්‍රන්ථ හදාරයි. ඔබගේ ගුරුද්වාරය, සත්ගුරු වෙතට යන දොරටුව, විමුක්ති දේශය සහ ජීවන-මුක්ති දේශය වෙතටයි. සත්ගුරුගේ නම කුමක්ද? අමරණීය පිළිරුව. සත්ගුරුට අමරණීය ප්‍රතිරුව යැයි කියයි. ඔහු පැමිණ, මුක්තියට සහ ජීවන මුක්තියට දොරටු විවෘත කරයි. ඔහු අමරණීය පිළිරුව නොවේද? මරණයට ඔහු වෙතට පැමිණිය නොහැක. ජීවාත්මයක් යනු කුඩා තිතක් පමණයි. ජීවාත්මයක් මරණය අත්විඳින්නේ කෙසේද? ජීවය සිරුර අතහැර දිවයයි. ජීවාත්මයක් ඔහුගේ පැරණි සිරුර අතහැර අළුත් එකක් ගන්නා බව මිනිසුන්ට වැටහෙන්නේ නැත. ඉතිං කුමකටද අඬන්නේ? ඔබ දන්නවා මෙම නාටකය සදාතනිකව නිර්මාණය වී ඇති බව. සෑම කෙනෙක්ම තමන්ගේම චරිත කොටස රඟපෑ යුතුයි. ස්වර්ණමය යුගයේ සිටි අය, බැඳීම් ජයගෙන සිටි බව, පියා විස්තර කර දී ඇත. බැඳීම් ජයගත් රජුගේ කතාපුවත තිබේ. පණ්ඩිතයන් ග්‍රන්ථ හඬ නගා කියවන අතර, ග්‍රාන්ත් පොතට සවන් දුන් මව්වරුන්ද එය හඬ නගා කියවයි. බොහෝ මිනිසුන් එහි ගොස් එයට සවන් දෙති. මෙයට දෙසවන් සතුටු කිරීම යැයි කියයි. නාටකයේ සැලසුමට අනුව, මිනිසුන් අසන්නේ මට වරද පටවන්නේ ඇයි? පියා පවසන්නේ පැමිණ ඔබව දුක් ලොවින් ඉවතට ගෙන යන්නට කියා ඔබ මට කන්නලව් කළා, මා දැන් පැමිණ සිටියි. එබැවින් ඔබ මට සවන් දිය යුතු නැද්ද? පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔබට හොඳ උපදෙස් ලැබෙන විට, ඔබ ඒවා පිළිපැදිය යුතු නොවේද? ඔබට වරද පැටවිය නොහැක. මෙයද නාටකය විය. රාමාගේ සහ රාවනගේ රාජධානිය පිළිබඳ නාටකය, නිර්මාණය කරන ලදී. නාටකයක ඇතැමුන් පරාජය වන නමුත් ඔවුන්ට වරදක් කිව නොහැක ජය සහ පරාජය තිබේ. මෙහි සටන් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට එම රාජධානිය තිබුණා. පෙර කල ඔබ මෙය දැන සිටියේ නැත. සේවය කළ හැකි අය සහ නම් ප්‍රසිද්ධ අයව ඔබ දැන් හඳුනනවා. දිල්ලියේ මෙම ඥානය පහදා දෙන වඩාත්ම ප්‍රසිද්ධ කෙනා කවුද? ඔවුන් සැනෙකින් ජග්දිශ් සහෝදරයාගේ නම සඳහන් කරයි. ඔහු ඔබ වෙනුවෙන් සඟරාවක්ද මුද්‍රණය කරයි. එහි සෑම දෙයක්ම අඩංගුයි. එහි නොයෙක් විවිධ කරුණු ලියා තිබේ. බ්‍රිජ් මෝහන් සහෝදරයාද එවන් කරුණු ලියයි. මෙම කරුණු ලිවීම ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ පහසු දෙයක් නොවෙයි! එබැවින් ඔවුන් නිසැකයෙන්ම ඥානයේ මහා සයුර කලතනවා ඇති. ඔවුන් සිදු කරන සේවය ඉතාමත්ම හොඳයි. එය කියවන විට බොහෝ දෙනෙක් බොහෝ සතුටට පත් වනවා. දරුවන් නැවුම් වනවා. සමහරු ප්‍රදර්ශන වලදී බොහෝ සෙයින් වෙහෙස වනවා. වෙනත් අය, ඔවුන්ගේ කර්ම බන්දන වල සිරගත වී සිටියි. මේ නිසයි ඔවුන්ට එතරම් ඥානය ගැනීමට නොහැකි වන්නේ. මෙයටද නාටකය යැයි කියයි. අහිංසක අය පහර කෑමට ලක් වීමද නාටකයේ කොටසක්. එවන් කොටසක් ඇත්තේ මන්ද කියන ප්‍රශ්නය මතු වන්නේ නැත එය නාටකයේ පෙර නියම වූවක්. ඔබට ඒ ගැන කිසිවක් කළ නොහැක. ඇතැම් අය විමසන්නේ මට එවන් චරිත කොටසක් නිර්මාණය වන්නට, මා සිදු කර ඇති අපරාධය කුමක්ද? අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. එය චරිත කොටසක් පමණයි. ඇතැම් අහිංසක අය පහරකෑමට උපකරණ වෙයි. එසේ නම් ඔවුන් සෑම කෙනෙක්ම මෙසේ කියනු ඇත මට මෙම කොටස ලබා දී ඇත්තේ ඇයි? නැහැ! මෙම නාටකය පෙර නියම වූවක්. සමහර පිරිමින්ටද පහර දෙයි. ඔබ එම දේවල් ගැන බොහෝ ඉවසිලිමත් විය යුතුයි. ඔබට බොහෝ ඉවසීම අවශ්‍යයි. මායාගේ බොහෝ බාධා පැමිණෙයි. ඔබ ලෝකයේ ආධිපත්‍යයට හිමිකම් කියන බැවින්, ඔබ යම් උත්සාහයක් දැරිය යුතු වනවා. නාටකයේ බොහෝ ව්‍යසන සහ ගැටුම් තිබේ. අහිංසකයන්ට සිදු කරන පහරදීම් ගැන ලියා තිබේ. ලේ ගංඟාවන්ද ගලනු ඇත. කිසිම තැනක ආරක‍්ෂාවක් නොතිබෙයි. ඔබට දැන් උදෑසන පංති වලට මධ්‍යස්ථාන වලට යා හැක. ඔබට එළියටවත් යන්නට නොහැකි වන කාලයක් පැමිණෙයි. දවසින් දවස අයහපත් කාල උග්‍ර වන අතර ඒවා තවත් අයහපත් වීමට තිබේ. දුක් දිනයන් විශාල බලයකින් පැමිණෙයි. කෙනෙකුට රෝගයක් වැලඳී වේදනා විඳින විට, ඔහු දෙවියන් සිහිකර ඔහුට කන්නලව් කරයි. දැන් ඉතිරී වී ඇත්තේ දින කිහිපයක් පමණක් බවත්, ඉන්පසුව අපි අනිවාර්යෙන්ම අපගේ සාම දේශයට සහ ඉන්පසුව අපගේ සතුටු දේශයට යන බව, ඔබ දන්නවා. ලෝකයේ කිසිම කෙනෙක් මෙය දන්නේවත් නැහැ. ඔබ දැන් පරම පියාව සම්පූර්ණයෙන්ම හඳුනන බව ඔය දරුවන්ට දැනෙයි. ඔවුන් සෑම කෙනෙක්ම සිතන්නේ පරමාත්ම දෙවියන් ඕවලාකාර හැඩයක් කියාය. ඔවුන් එම ඕවලාකාර හැඩයට (ශිව ලිංගමය) වන්දනාමානද කරති. ඔබ ශිව දේවාලයකට යන කාලයේදී, ශිව ලිංගමය යනු කුමක්ද කියා ඔබ කෙදිනකවත් සිතුවාද? එම අජීවී පිළිරුව පවතින බැවින්, ඉන් නියෝජනය වන සජීවී ජීවයක් ඇති. ඒ සියල්ල කුමක්ද? නිර්මාණකරු වන පරමාත්ම දෙවියන් සිටින්නේ උඩ ඉහළයි. එම පිළිරුව ඔහුගේ සංකේතයක් වන අතර ඔහුට වන්දනාමාන කිරීමට භාවිත කරනු ලබයි. වැඳුම් ලබන්නට සුදුසු අය සිටින කල්හි, මෙම දේවල් නොපවති. පරමාත්ම දෙවියන් අශාරීරික බවත් ඔවුන් ඔහුගේ දරුවන් බවත්, කාශි හි ශිවාගේ දේවාලයට යන මිනිසුන් නොදනී. අප ඔහුගේ දරුවන්ය, එසේනම් අපි දුක් විඳින්නේ ඇයි? මෙය සිතිය යුතු දෙයක්. ජීවාත්මය පවසන්නේ මම පරමාත්ම දෙවියන්ගේ දරුවෙක්මි. එසේ නම් මා දුකින් සිටින්නේ ඇයි? පරම පියා, සතුට පිරිනමන්නාය. ඔබ කන්නලව් කළා අහෝ දෙවියණේ, අපගේ දුක නැති කරන්න! ඔහු එය නැති කරන්නේ කෙසේද? දුක සහ සතුට ඔබගේම කර්ම ගිණුම්ය. මිනිසුන් විශ්වාස කරන්නේ දෙවියන් සතුටෙහි ප්‍රතිලාභය වශයෙන් සතුට දෙන බවත් දුකෙහි ප්‍රතිලාභය ලෙසින් දුක දෙන බවත්ය. ඔවුන් සෑම දෙයක්ම ඔහුට ආරෝපණය කරයි. පරම පියා පවසන්නේ මා කිසිම විටෙක දුක දෙන්නේ නැහැ. චක්‍රයෙන් භාගයකට ඔබට සතුට පිරිනමා, මා ආපසු නිවසට යනවා. මෙය සතුට සහ දුක පිළිබඳ නාටකයකි. එය සතුට පමණක් පිළිබඳ නාටකයක් වූයේ නම්, වන්දනා කිරීම ආදිය නොතිබෙනු ඇත. මිනිසුන් වන්දනාමාන ආදිය කරන්නේ දෙවියන් මුණ ගැසීමටයි. පරම පියා මෙතැන අසුන් ගෙන ඔබට සෑම දෙයක්ම විස්තර කරයි. ඔහු පවසන්නේ ඔය දරුවන් බොහෝ වාසනාවන්තයි! එම ඍෂිවරු සහ මුනිවරු බොහෝ ප්‍රසිද්ධයි. ඔබ රාජ ඍෂිවරුන්ය. ඔවුන් හත යෝගා ඍෂිවරුන්ය. ඍෂි යනු පිවිතුරු කෙනෙකි. ඔබ දිව්‍යලෝකයේ රජවරු බවට පත් වෙමින් සිටිනවා, එබැවින් ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. ස්වර්ණමය සහ රිදි යුගයන්හි රාජධානිය අයත් වූයේ කාටද, එය නැවත වරක් ඔවුන්ටම අයත් වෙන අතර, අන් සෑම කෙනෙක්ම පසුව පැමිණෙයි. ඔබ දැන් කියන්නේ අප ශ්‍රීමත් පිළිපැදීමෙන් අපගේම රාජධානිය ස්ථාපිත කරගන්නවා. පැරණි ලෝකය විනාශ වීමට කාලයක් ගත වනවා. ස්වර්ණමය යුගය පැමිණිය යුතු අතර කලි යුගය යා යුතුයි. ලෝකය බොහෝ විශාලයි. සෑම නගරයක්ම බොහෝ ජනයාගෙන් පිරී ඇත. ධනවත් මිනිසුන් ලෝක චාරිකා වල යයි. කෙසේවෙතත්, මෙහි, කිසිම කෙනෙකුට මුළු ලෝකයම දැකගත නොහැක. ඔව්, ඔවුන්ට ස්වර්ණමය යුගයේ සහ රිදී යුගයේදී එය දැක ගත හැක, මන්ද එවිට තිබෙන්නේ එක් රාජධානියක් වන අතර සිටින්නේ රජවරු සුළු දෙනෙක් පමණයි. මෙහි, ලෝකය බොහෝ විශාලයි. කවුරුන් මුළු ලෝකයම සංචාරය කරයිද? එහිදී ඔබට මුහුදින් සංචාරය කිරීමටද අවශ්‍ය නොවෙයි. එහි ලංකාව, බුරුමය ආදිය පවතියිද? කොහොමටවත් නැහැ! එම කිසිම ස්ථානයක් එහි නොපවති. එහි කරච්චියවත් නොපවති. ඔබ සියලු දෙනාම සුමිහිරි ගංඟාවන් අසබඩ වාසය කරයි. බොහෝ ගොවිපලවල්, කෙත් ආදිය තිබේ. ලෝකය විශාලයි. මුලදි මනුෂ්‍යයින් ඉතාමත්ම සුළු පිරිසක් සිටින අතර පසුව ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වෙයි. ඉන්පසුව ඔවුන් පිටරට ගොස් ඔවුන්ගේම රාජධානි ස්ථාපිත කරගනි. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් සෑම දෙයක්ම අත්පත් කරගෙන තම තමන්ගේම රාජධානි ස්ථාපනය කරගනී. දැන් සෑම කෙනෙක්ම ඒවා අත්හල යුතුයි. කිසිවෙකුගේ රාජධානිය අත්පත් කර නොමැත්තේ භාරතය පමණයි, මන්ද භාරතය සත්‍ය වශයෙන්ම අවිහිංසාවාදිය. මුළු ලෝකයේම අධිපති වූයේ භාරතය පමණයි. අන් සෑම කෙනෙක්ම පසුව පැමිණ භූමියෙන් කැබලි ලබා ගත්තේය. මේ සෑම දෙයක්ම ඔය දරුවන්ගේ බුද්ධියේ ඇත. මහළු මව්වරුන්ට මේ කිසිම දෙයක් වැටහෙන්නේ නැත. පරම පියා පවසන්නේ ඔබ කිසිම දෙයක් ඉගෙනගෙන නැති එක හොඳයි. ඔබ ඉගෙන ගෙන ඇති සෑම දෙයක්ම ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගත යුතුයි. එක් දෙයක් පමණක් ධාරණය කරගන්න සුමිහිරි දරුවනි, පරම පියාව සිහි කරන්න! ඔබ කීවේ බාබා, ඔබ පැමිණි විට අප ඔබ වෙනුවෙන් කැප වෙනවා. එවිට ඔබ අප වෙනුවෙන් කැප විය යුතුයි. ගනුදෙනුවක් තිබේ. ඔවුන්ගේ විවාහ උත්සවයේදී, මනාලිය සහ මනාලයා එකිනෙකාට ලුණු දෙති. ඔබ පරම පියාට පවසන්නේ මගේ පරණ සෑම දෙයක්ම ඔබට දෙන්නෙමි. සෑම කෙනෙක්ම මිය යා යුතුයි. සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. ඉන්පසුව ඔබ ඒ සෑම දෙයක්ම අපට නව ලෝකයේදී ලබා දෙයි. පරම පියා පැමිණ ඇත්තේ සියලු දෙනාව ආපසු නිවහනට රැගෙන යාමටයි. ඔහු මහා මරණයයි. සින්දි වලදී ඔවුන් විමසන්නේ සෑම කෙනෙක්වම රැගෙන යන මෙම මරණය කුමක්ද? පරම පියා ඔබව ආපසු නිවහනට රැගෙන යාමට පැමිණ ඇති බැවින් ඔය දරුවන් බොහෝ සතුටට පත් වනවා. ඔබ විශාල සතුටකින් ඔබගේ නිවහනට ආපසු යයි. දරාගත යුතු බොහෝ දේ තිබේ. මාහැඟි නිවෙස් වල ඉතා හොඳ මව්වරුන් පවා පහරකෑම අත්විඳිති. ඔබ සැබෑ ආදායමක් උපයාගන්නවා. මිනිසුන් කිසිම දෙයක් නොදනී. ඔවුන් කලි යුගයේ ශුද්‍ර සමාජය වන අතර ඔබ සංගම යුගයේ සමාජයයි. ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බවට පත් වෙමින් සිටිනවා. නොම්මර එකේ වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් බව ඔබ දන්නවා. ඉන්පසුව ඔවුන්ගේ අංශක දිගින් දිගටම අඩුවෙයි. ඔවුන් පළමුවෙන්ම උඩ ඉහළ සිට පහළට පැමිණෙන අතර ඉන්පසුව ඔවුන් ක්‍රම ක්‍රමයෙන් අඛණ්ඩව ඇද වැටෙයි. මෙකල සෑම කෙනෙක්ම වැටී ඇත. වෘක‍්ෂය බොහෝ පැරණි වී ඇති අතර කඳ දිරාගොස් ඇත. එබැවින් දැන් ස්ථාපනය සිදු වෙමින් පවතිනවා අත්තිවාරම දමමින් තිබෙනවා. පැළෑටිය ඉතාමත්ම කුඩාය. ඉන්පසුව එයින් එතරම් විශාල ගසක් වැඩෙයි. ස්වර්ණමය යුගයේද මෙම ගස තිබේ. එකල ගස ඉතාමත්ම කුඩාය. දැන් එය ඉතා විශාලය. මනුෂ්‍ය ලෝකයේ බොහෝ විවිධ මල් වර්ග තිබේ එකම ගසේ බොහෝ විවිධ වර්ග තිබේ. මෙය විවිධ ආගම් වල මනුෂ්‍ය ගසයි. එක් අයෙකුගේ මුහුණ තවත් කෙනෙකුට සමාන විය නොහැක. මිනිසුන් දෙදෙනෙකුට එකම චරිත කොටස රඟ පෑ නොහැකිවීම නාටකයේ පෙර නියම වී ඇත. එයට අසීමිත, පෙර නියමිත වූ, ආශ්චර්යමත් නාටකය යැයි කියයි, එහිද බොහෝ කෘත්‍රිම දේවල් තිබේ. සැබෑ දේවල් දිගින් දිගටම භාවිත වීමෙන් අවසන් වීගෙන යයි. ඉන්පසුව නැවත වතාවක් වසර 5000 කට පසුව, ඒවා සැබෑ වෙයි (පැවතෙයි). සාදා ඇති පිංතූර ආදිය සැබෑ නොවෙයි (ඇති සැටියෙන් නැත). ඔබ නැවත වරක් බ්‍රහ්මාගේ මුහුණ, වසර 5000 කට පසුව දකීවි. මෙම නාටකයේ රහස් වටහාගැනීමට ඔබට පුළුල් සහ අසීමිත බුද්ධියක් අවශ්‍යයි. ඔබට වෙන කිසිවක් වැටහුණේ නැතත්, එක් දෙයක් පමණක් ඔබගේ බුද්ධියේ තබාගන්න මා අයත් වන්නේ ශිව බාබා හැර වෙනත් කිසිවෙකුට නොවෙයි! ජීවාත්මය පවසන්නේ බාබා, මා ඔබව පමණක් සිහි කරන්නෙමි. මෙය පහසුයි, නොවේද? ඔබගේ දෑත් වලින් ඔබ දිගටම ක්‍රියා සිදුකරන අතර, ඔබගේ බුද්ධියෙන් අඛණ්ඩව පරම පියාව සිහිපත් කරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දරාගැනීමේ බලය ධාරණය කරගෙන, මායාගේ සියලුම බාධක වලින් සමත් වන්න. බොහෝ ව්‍යසන සහ බොහෝ පහරදීම් සිදුවන කාලයේදී, ඔබ පරම පියාගේ සිහි කිරීමේ සිට, සෑම දෙයක්ම දරාගත යුතුයි. සැබෑ ආදායමක් උපයාගන්න.

2. පුළුල් සහ අසීමිත බුද්ධියක් ඇති අයෙක් වනවාත් සමඟම, මෙම පෙර නියමිත වූ නාටකය ඉතා පැහැදිලිව වටහාගන්නා කෙනෙක් වන්න. මෙම ආශ්චර්යමත් නාටකයේ සෑම දෙයක්ම පෙර නියම වූවකි. එබැවින් කිසිම ප්‍රශ්නයක් පැන නැඟිය නොහැක. පරම පියා ඔබට ලබා දෙන හොඳ උපදෙස් අඛණ්ඩව පිළිපදින්න.

වරදානය:
ඔබ හදවතට සැනසිල්ල ලබා දෙන මාස්ටර් කෙනෙක් වී, පරම පියා මෙන් ආශිර්වාද දානපතියෙක් වී, සෑම කෙනෙකුගේම හදවතට සැනසීම ලබා දෙත්වා.

ආශිර්වාද වල ප්‍රතිරුවක් වන, ආශිර්වාද දානපති දරුවන්, පියා හා සමානව, කිසි කෙනෙකුගේ දුර්වලතා දෙස නොබලයි. ඔවුන් සෑම කෙනෙක් කෙරෙහිම දයාවන්තයි. පරම පියා, කිසිවෙකුගේ දුර්වලතා තම හදවතේ තබා නොගන්නා සේම, ආශිර්වාද දානපතියන් වන දරුවන්ද, කිසි කෙනෙකුගේ දුර්වලතා ධාරණය කර නොගනී. ඔවුන් සෑම කෙනෙකුගේම හදවතට සැනසිල්ල ලබා දෙන මාස්ටර් හදවත් සනසන්නන්ය, එබැවින් ඔවුන් සහකරුවන් වුවත් පුරවැසියන් වුවත්, සියලු දෙනාම ඔවුන්ගේ ප්‍රශංසා ගායනා කරයි. සියලු දෙනාගෙන්ම ඔවුන් වෙනුවෙන් මතුවන ආශිර්වාදය වන්නේ ඔබ සෑම විටම ආදරණීය සහ සහයෝගීය.

පාඨය:
සංගම යුගයෙදි, ශ්‍රේෂ්ඨ ජීවාත්ම වන්නේ, සැහැල්ලු අධිරාජයන් වන අයයි.