14.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සත්‍ය වාර්තාවක් පවත්වා ගන්න, එවිට ඔබගේ ස්ථීතිය හොඳින් රැඳී තිබෙයි. ඔබගේ දින වාර්තාව ලිවීමෙන් ඔබට අඛණ්ඩව යහපත සිදුවෙයි.

ප්‍රශ්නය:
ඔබට පැරණි ලෝකයෙන් පහසුවෙන් ඉවතට පියවර තැබීමට උදව් වන්නේ කුමන අවධානයද?

පිළිතුර:
ඔබ සෑම කල්පයකම, පියාගෙන් ඔබගේ අසීමිත උරුමය හිමි කරගන්නා බව, ඔබගේ උරුමය හිමි කරගැනීම සඳහා, ඔබ දැන් නැවත වරක් ශිව බාබාගේ ඔඩොක්කුව අරගෙන ඇති බව. බාබා ඔබව දරුකමට හදාගෙන ඇති බැවින්, ඔබ සැබෑ බ්‍රහ්මණයන් බවට පත් වී ඇති බව සහ ශිව බාබා ඔබට ගීතාව පවසන බව යන මෙම සියලුම අවධානයන්, ඔබට පැරණි ලෝකයෙන් ඉවතට පියවර තැබීමට උපකාරී වෙයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙහිදී ශිව බාබාගේ සිහිපත් කිරීමේ අසුන්ගෙන සිටින අතර, තවද ඔහු නැවත වරක් ඔබව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කරවන බවත් ඔබ දන්නවා. මෙහි අසුන්ගෙන සිටින අතර මෙවන් නිධානයන් ලැබීම ගැන, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ බොහෝ සතුට තිබිය යුතුයි. බොහෝ විවිධ කොලිජී සහ විශ්වවිද්‍යාලවල සිටින අයගේ බුද්ධියේ මෙම කරුණු නොමැත. බාබා, අපව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බව දන්නේ ඔබ පමණයි. ඔබට මෙම සතුට තිබිය යුතුයි. මෙකල ඔබ අන් සියලුම සිතිවිලි ඉවත් කරගෙන, ඒකායන පියා පමණක් සිහි කළ යුතුයි. ඔය දරුවන් මෙහි අසුන්ගන්නා විට, ඔබ දැන් සතුටු දේශයේ අධිපතියන් වනවා යන කුල්මත්භාවය, ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. ඔබ සෑම කල්පයකම සාමය සහ සතුට යන උරුමය හිමිකරගනී. මිනිසුන් කිසි දෙයක් නොදනී. පෙර කල්පයේදීද, අවිදු අඳුරේ, කුම්භකරණ නින්දේ නිදමින් සිටි අතර, බොහෝ මනුෂ්‍යයන් විනාශ විය. එම දේම නැවතත් සිදුවෙයි. ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරන පියා, ඔබව දරුකමට හදාගෙන ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. අපි දැන් බ්‍රහ්මණයින්. අපි සත්‍ය ගීතා කථාංගයට සවන් දෙමින් සිටිනවා. රාජයෝගාව සහ දැනුමේ බලයෙන්, අපි නැවත වරක් බාබාගෙන් අපගේ උරුමය හිමි කරගනිමින් සිටිනවා. ඔබ තුළ එවන් සිතිවිලි තිබිය යුතුයි. පියා පැමිණ, ඔබට සතුටේ දේවල් පවසයි. රාග කොතේ අසුන් ගැනීමෙන් දරුවන් පිළිස්සී අවලස්සන වී ඇති බව, ඔහු දන්නවා. අමරණීය දේශයෙන් මරණීය දේශයට මා පැමිණෙන්නේ මේ නිසාය. ඔබ නැවත වතාවක් මරණීය දේශයේ සිට අමරණීය දේශයට යන බව ඔබ පවසයි. පියා පවසන්නේ සෑම කෙනෙක්ම මිය ගොස් ඇති මරණීය දේශයට මා පැමිණෙනවා. මා ඔවුන්ව නැවත වරක් අමරණීය දේශයට රැගෙන යනවා. බලන්න, ඔවුන් ග්‍රන්ථවල ලියා ඇත්තේ කුමක්ද කියා! ඔහු සර්ව බලධාරියා, සියලුම බල ඇති කෙනාය. ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ඔහුට කළ හැක. ඔවුන් ඔහුට මෙසේ කන්නලව් කරන බව, ඔය දරුවන් දන්නවා, අහෝ පාරිශුද්ධකරු බාබා, පැමිණ අපව පිවිතුරු කරන්න. අපගේ දුක නැති කර සතුට ලබා දෙන්න! මෙහි මැජික් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පැමිණෙන්නේ ඔබව කටු වලින් මල් බවට පරිවර්ථනය කිරීමටයි. සතුටු දේශයේ අපි දේවතාවන් වූ බව ඔබ දන්නවා අපි සතෝප්‍රධාන් විය. සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් විය යුතුයි. මෙහි අසුන් ගෙන සිටින අතර ඔය දරුවන්ට අති මහත්වූ ප්‍රීතියක් තිබිය යුතුයි. ඔබට සිහිපත් කිරීම තිබිය යුතුයි. මුළු ලෝකයම පියාව සිහි කරයි. අහෝ විමුක්තිදායකයා, අහෝ මාර්ගෝපදේශකයා, අහෝ පාරිශුද්ධකරු, වඩිනු මැනව! ඔවුන් ඔහුට අඬගසන්නේ, රාවණගේ රාජධානියේ සිටින විටයි. ස්වර්ණමය යුගයේ කිසි කෙනෙක් ඔහුට අඬගසන්නේ නැත. මෙම දේවල් වටහාගැනීමට ඉතා පහසුයි. ඔබට මේ සියලු දේ පැවසුවේ කවුද? ඔවුන් පියාගේ, ගුරුවරයාගේ සහ සත්ගුරුගේ ප්‍රශංසා ගයති. තිදෙනාම එක්කෙනෙක්ය. ඔහු පියා, ගුරුවරයා සහ සත්ගුරු බව, ඔබගේ බුද්ධිය තුළ ඇත. ශිව බාබාගේ ව්‍යාපාරය වන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමයි. අපවිත්‍ර අය, නියත වශයෙන්ම දුක අත්විඳියි. සතෝප්‍රධාන් අය සතුටින් සිටින අතර තමෝප්‍රධාන් අය, දුකින් සිටියි. දේවතාවන්ට බොහෝ සතෝගුණී ස්වභාවයන් තිබේ! මෙහි මනුෂ්‍යයන්ට කලි යුගී, තමෝගුණී ස්වභාවයන් තිබේ. කෙසේවෙතත්, මනුෂ්‍යයන් අංක පිළිවෙලට හොඳ හෝ නරකය. ස්වර්ණමය යුගයේ කිසි කෙනෙක් කිසි විටෙක මෙසේ නොකියයි මේ කෙනා නරකයි. මේ කෙනා මේ වගෙයි. එහි කිසිම කෙනෙකුට නරක චරිතයක් නැත ඔවුන් දේවතා සමාජයයි. ඔව්, ඔවුන් ධනවත් හෝ දුප්පත් විය හැක, නමුත් ගුණදම් අතින් හොඳ හෝ නරක සැසඳීමක් කළ නොහැක. සෑම කෙනෙක්ම සතුටින් සිටින අතර දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. එහි නාමයම වන්නේ සතුටු දේශයයි. එබැවින් ඔය දරුවන් පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඔබට තමන්ගේම පිංතූරයක් සහ ලක‍්ෂ්මි සහ නාරායනගේ පිංතූරයක් ඔබ ලඟ තබා ගත හැක. ඔවුන්ට උගන්වන කවුරුන් හෝ සිටිනවා ඇති, කියා මිනිසුන් පවසාවි. මේවා දෙවියන්ගේ වදන්, නොවේද? පරමාත්ම දෙවියන්ට තමන්ගේම සිරුරක් නැත. ඔහු පැමිණ, මෙය ණයට ගනී. භාග්‍යවන්ත රථය (භගීරත්) සිහි කර තිබේ, එබැවින් ඔහු නියත වශයෙන්ම රථයක් තුළ ඇති. ඔහු ගවයෙක් පිට නොයයි. ඔවුන් ශිවා සහ ශංකර්ව එක්කෙනෙක් බවට පත් කර ඇත ඔවුන් ගවයෙක් (ඔහුගේ රථය ලෙසින්) පෙන්වා ඇත්තේ ඒ නිසාය. පියා පවසන්නේ ඔබ දැන් පියාට අයත් වීම ගැන, බොහෝ සතුටු විය යුතුයි. පියා, මෙසේද පවසයි ඔබ මගේය. තත්ත්වයක් හිමි කරගැනීමේ කිසිදු සතුටක් පියාට නැත. ගුරුවරයෙක්, ගුරුවරයෙක්ය, ඔහුට තිබෙන්නේ ඉගැන්වීම පමණයි. පියා පවසන්නේ අහෝ දරුවනේ, මා සතුටේ මහා සාගරයයි. මා ඔබව දරුකමට හදාගෙන ඇති බැවින්, දැන් ඔබ අතීන්ද්‍රීය සතුට අත්විඳිය යුතුයි. බොහෝ විවිධ හදාගැනීම් වර්ග තිබේ. මිනිසෙක්, ඔහුගේ බිරිඳ වීම සඳහා, ගැහැණියක් තෝරාගනී. ඔහු, ඇගේ ස්වාමියා බව, ඇයට වැටහෙයි. ශිව බාබා දැන් ඔබව දරුකමට හදාගෙන ඇති බව, ඔබට වැටහෙයි. ලෝකයේ මිනිසුන්ට මෙම දේවල් වැටහෙන්නේ නැත. ඔවුන්ගේ තෝරාගැනීම තිබෙන්නේ එකිනෙකා මත රාගයේ අසිපත භාවිත කිරීම සඳහාය. නිදසුනක් ලෙස, රජකෙනෙක් දරුවෙක්ව දරුකමට හදාගත් විට, ඔහු එසේ කරන්නේ, සතුට සඳහාය. කෙසේවෙතත්, එය තාවකාලික සතුටකි. සන්යාසීන්ද අන් අයව හදාගනී. මිනිසුන් මෙසේ පවසයි මේ කෙනා අපගේ ගුරූය, එවිට ගුරූ පවසන්නේ ඔවුන් මගේ අනුගාමිකයන්ය. බොහෝ විවිධ ආකාරයේ හදාගැනීම් තිබේ. පියෙක් දරුවන්ව දරුකමට හදාගෙන ඔවුන්ට සතුට ලබා දෙයි. ඉන්පසුව ඔහු ඔවුන්ව විවාහ කර දීමෙන් පසු, ඔහු දුකෙහි උරුමයක් ලබා දුන්නා වැනිය. ගුරූගේ මෙම හදාගැනීම, පළමු ඝණයේ එකකි. මෙය, ජීවාත්ම ඔහු සතු කරගැනීම සඳහා, දෙවියන් විසින් දරුකමට හදාගැනීමය. ඔය දරුවන් දැන් සෑම අන්දමකම හදාගැනීම් දැක තිබේ. සන්යාසීන් සිටින නමුත්, මිනිසුන් අඛණ්ඩව ගායනා කරන්නේ අහෝ පාරිශුද්ධකරු පැමිණෙන්න! පැමිණ අපව දරුකමට හදාගෙන, අපව පිවිතුරු කරන්න! සියල්ලන් සහෝදරයන්ය. කෙසේවෙතත්, මෙය, ඔහු පැමිණ ඔබව, ඔහු සතු කළ විට පමණයි. ඔබ පවසන්නේ බාබා, අපි දැන් දුක් විඳිනවා. ඔවුන්ට රාවණගේ රාජධානියේ අරුත වැටහෙන්නේ නැත. ඔවුන් නොකඩවා රාවණගේ පඹයෙක් සාදා එය පුළුස්සා දමයි. කෙනෙක් අන් අයට වද දෙන විට, ඔවුන් සිතන්නේ ඔහුට විරුද්ධව නඩුවක් පැවරිය යුතු බවයි. කෙසේවෙතත්, රාවණ ඔබගේ සතුරා වූයේ කවදාද? මෙම සතුරා අවසානයේදී මිය යයිද, නැද්ද? මෙම සතුරාව හඳුනන්නේ ඔබ පමණයි. ඔබව දරුකමට හදාගන්නේ, ඔහුව දමනය කිරීම සඳහාය. විනාශය සිදු වීමට ඇති බව දන්නේ ඔය දරුවන් පමණයි. පරමාණුක බෝම්බද නිපදවා ඇත. විනාශයේ ගිණිදැල් මතු වූයේ, මෙම දැනුමේ යාග හෝමයෙනි. ඔබ රාවණ පරාජය කර, ඉන්පසුව නව ලෝකය පාලනය කරන බව, ඔබ දැන් දන්නවා. අන් සෑම දෙයක්ම බෝනික්කන් සෙල්ලමක් වැනිය. රාවණ බෝනික්කා ඔබට විශාල වියදමක් ගෙන එයි. මිනිසුන් අනවශ්‍ය ලෙස බොහෝ මුදල් අපතේ හරියි. දිවාකල සහ රාත්‍රිය මෙන් වෙනසකි. ඔවුන් වැටි වැටී ගමන් කරමින් දුක් වෙයි. ඔවුන් සෑම තැනකම වැටි වැටී ගමන් කරන අතර අපි ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, දැන් අපගේ ශ්‍රේෂ්ඨ, ස්වර්ණමය යුගී ස්ව-ආධිපත්‍යය හිමි කරගන්නවා. ස්වර්ණමය යුගය ස්ථාපනය කරන, වඩාත්ම ශ්‍රේෂ්ඨ ශිව බාබා, අපව ලෝකයේ අධිපතියන්, වඩාත්ම ශ්‍රේෂ්ඨ දේවතාවන් බවට පත් කරවනවා. ශ්‍රී ශ්‍රී ශිව බාබා අපව ශ්‍රී (ශ්‍රේෂ්ඨ) කරවනවා. ශ්‍රී ශ්‍රී (දෙගුණයක් ශ්‍රේෂ්ඨ) ලෙස හැඳින්වෙන්නේ ඒකායන කෙනාව පමණයි. දේවතාවන් පුනර්භව ගන්නා බැවින් ඔවුන් ශ්‍රී ලෙස හැඳින්වෙයි. ඇත්ත වශයෙන්, පාපයේ ගැලෙන රජවරුන්වත් ශ්‍රී ලෙස ඇමතිය නොහැක. ඔබගේ බුද්ධි, දැන් බොහෝ සීමා රහිත විය යුතුයි. මෙම ඉගෙනුම තුළින් ඔබ ද්විත්ව ඔටුනු පළඳින බව ඔබ දන්නවා. ඔබට ද්විත්ව කිරුළක් තිබුණු අතර ඔබට දැන් එක් කිරුළක්වත් නැත ඔබ අපවිත්‍රයි. මෙහි කිසි කෙනෙකුට ආලෝකමත් කිරුළක් දිය නොහැක. ඔබ තපස්යාවේ සිටින අයුරු පෙන්වා ඇති මෙම පිංතූරු වල, ආලෝකමත් කිරුළක් ඇතිව ඔබව පෙන්විය නොහැක. ඔබ අනාගතයේදී ද්විත්ව කිරුළු පලන් අය විය යුතුයි. ද්විත්ව කිරුළු පලන් අධිරාජවරුන් සහ අධිරාජිනියන් වීමට, ඔබ පියා වෙතට පැමිණ ඇති බව, ඔය දරුවන් දන්නවා. ඔබට මෙම සතුට තිබිය යුතුයි. ඔබට අපවිත්‍ර බවින් පිවිතුරු වීමට සහ දිව්‍ය ලෝකයේ අධිපතියන් වීමට හැකි වීම සඳහා, ඔබ ශිව බාබාව සිහි කල යුතුයි. මෙහි අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබ මෙහි අසුන්ගෙන සිටින්නේ ශිෂ්‍යයන් ලෙසයි. ඔබගේ නෑදෑ මිතුරන් වෙතට ඔබ පිටතට ගිය විට, ඔබගේ ශිෂ්‍ය ජීවිතය ඔබට අමතක වෙයි. ඔබගේ නෑදෑ හිත මිතුරන්ව ඔබට සිහිවන නිසා, මායාගේ බලය තිබේ. ඔබ නේවාසිකාගාරයක සිටින විට, ඔබට හොඳින් ඉගෙනගැනීමට හැකි වෙයි. ඔබ එන යන විට, ආශ්‍රයේ බලපෑමෙන් ඔබ නරක් වෙයි. ඔබ මෙහි සිට පිටතට ගිය විට, ඔබගේ ශිෂ්‍ය දිවියේ කුල්මත්භාවය අතුරුදහන් වෙයි. පිටත උගන්වන ගුරුවරුන්ට පවා, මෙහි සිටින විට තරම් කුල්මත් බවක් පිටතදී නැත. ප්‍රධාන කාර්යාලය, මධුබාන්, මෙයයි. ශිෂ්‍යයන්, ගුරුවරයා ඉදිරියේ සිටින අතර, ලෞකික කාර්යයන් කිසිවක් නැත. දිවා රාත්‍රීය මෙන් වෙනසක් තිබේ. ඇතමුන් මුළු දවස පුරාම වුවද ශිව බාබාව සිහි නොකරයි ඔවුන් ශිව බාබාගේ උදව්කරුවන් වන්නේ නැත. ඔබ ශිව බාබාගේ දරුවන් වී ඇත. එබැවින් සේවය කරන්න! ඔබ සේවය නොකරන්නේ නම්, ඉන් කියැවෙන්නේ ඔබ නොවටිනා බවයි. පියාට මෙය වැටහෙයි. කෙසේවෙතත්, ඔහුව සිහිකිරීමට කියා ඔබට කීම, ඔහුගේ වගකීමය. මා අනුගමනය කරන්න, එවිට බොහෝ සෙත සැලසෙයි. පාපයන් මත පදනම් වූ සම්බන්ධතා දූෂිතයි. එබැවින් දිගටම ඒවා අත්හරින්න. ඔවුන්ව ආශ්‍රය නොකරන්න. පියා ඔබට විස්තර කරන නමුත් එය ඔබගේ භාග්‍යයේද තිබිය යුතුයි. බාබා පවසන්නේ ඔබගේ දින වාර්තාව පවත්වාගන්න. එය තුළින් ඔබට බොහෝ යහපතක් සැලසෙයි. ඇතමුන් පැයක්වත් සිහිපත් කිරීමේ සිටින්නේ නැත. පැය 8ක සිහිපත් කිරීමේ සිටීමේ තත්ත්වයට ඔබ අවසානයේදී ලඟා විය යුතුයි. ඔබ කර්මයෝගීන්ය. ඔබගෙන් සමහරුන්ට ඇතැම්විට උද්යෝගය ඇති බැවින් ඔබගේ දින වාර්තාව පවත්වයි. එය හොඳයි. ඔබ පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඉන් ඔබට වැඩි යහපතක් සිදු වෙයි. ඔවුන්ගේ අවසාන මොහොතේ දෙවියන් සිහි කරන අයට හොඳ උපතක් ලැබෙන බව, සිහි කර තිබේ. මෙහි අරුත කුමක්ද? ඔවුන්ගේ බොහෝ උපත් ගණනාවක පාපයන්ගේ බර නිසා, මාව හොඳින් සිහි නොකරන අය, දිගින් දිගටම දර්ශන ලැබෙන උපත් ගනී, මෙය දඬුවම් ලබනවා වැනිය. නිදසුනක් ලෙස, ඔවුන් කාශීහි තමන්ව බිලි දෙන විට, ඔවුන්ගේ පාපයන්ගේ දර්ශනයක් ඔවුන්ට ඍජුවම ලැබෙයි. ඔවුන් සිදුකර ඇති පාපයන් වෙනුවෙන් දඬුවම් ලැබීම අත්විඳියි. බොහෝ දඬුවම් අත්විඳින අය සිටියි. බාබාගේ සේවයට බාධා ඇති කරන අය දඬුවම් ලැබීමට සුදුසු වෙයි. ඔවුන් පියාගේ සේවයට බාධා ඇති කරයි. ඔහුගේ දකුණත, ධර්මරාජ්ය. පියා පවසන්නේ තමන්ට පොරොන්දුවක් වන්න, මන්ද පියාගේ සිහිපත් කිරීම තුළින් පමණයි ඔබ පිවිතුරු වන්නේ. නැත්නම්, එසේ නොවෙයි. පියා, ඔබට පොරොන්දුවක් වීමට දිරිමත් කරවයි. කෙසේවෙතත්, ඔබ එය කරන්නේද, නැද්ද යන්න, ඔබගේ වැඩක්. යමක් කරන අයට එහි ඵලය ලැබෙයි. පොරොන්දුවක් වී, ඉන්පසුව දිගටම නරක ක්‍රියා සිදුකරන බොහෝ දෙනෙක් සිටියි. භක්ති මාර්ගයේ මිනිසුන් නොකඩවා ගායනා කරන්නේ මගේ වන්නේ එක් අය මිස වෙන කෙනෙක් නොව. කෙසේවෙතත්, ජීව මෙය ගායනා කරමින් සිටින්නේ මන්ද කියා ඔබගේ බුද්ධියේ තිබේ. ඔවුන් දවස පුරාම ගායනා කරන්නේ මගේ වන්නේ එක් ගිරිදාර් ගෝපාල්ය (ක්‍රිෂ්ණාට කියන තවත් නමක්). පියා සංගම යුගයේ පැමිණි විට පමණයි, ඔහුට ඔබව ආපසු ඔහු සමඟ නිවහනට රැගෙන යාමට හැකි වන්නේ. ඔබ ඉගෙන ගන්නේ ක්‍රිෂ්ණාගේ දේශයට යාමටයි. රජ කුමර කුමරියන්ට ඉගෙන ගැනීමට කොලිජීයක් තිබේ. එය සීමිත කරුණකි. ඔවුන් (රජ කුමර කුමරියන්) රෝගී වී හෝ මිය යා හැක. මෙය රජ කුමර කුමරියන් වීමට ඇති දෙවි පියාණන්ගේ විශ්වවිද්‍යාලයයි. මෙය රාජයෝග ඉගෙනුමයි. ඔබ සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවට පත් වනවා. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගෙන, ස්වර්ණමය යුගයේ රජ කුමර කුමරියන් වෙයි. පියා මෙහි අසුන්ගෙන ඔබට බොහෝ ප්‍රීතිජනක දේවල් පවසයි. ඔබ ඒවා සිහියේ තබාගත යුතුයි. සමහරුන් මෙහි සිට පිටව ගිය සැනින් සිරගත වෙයි. ඔබ අංකානුරූපව පියාව සිහි කරයි. ඔහුව වැඩියෙන් සිහිපත් කරන අය, ඔහුව සිහි කිරීමට අන් අයවත් දිරිගන්වයි. ඔබ බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරන්නේ කෙසේද කියා ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. ඔබ තව තව දියුණුවත්ම, ඔබට සෑම දේකම දර්ශන ඇතිවී, ඔබ සැබවින්ම සම්පූර්ණ උත්සාහය නොදැරූ බව ඔබට දැනෙයි. ඔබට බොහෝ හාස්කම් පෙනෙයි. හොඳින් ඉගෙන ගන්නා අය, ස්වාමීන් සහ අධිපතියන් වෙයි. පියා ඔබට අඛණ්ඩව බොහෝ දේ පවසයි. මම මධ්‍යස්ථානයකට ප්‍රදර්ශන කට්ටලයක් ලබා දෙන්නේ, දරුවන්ට උගන්වා, ඔවුන්ව දක‍්ෂයින් බවට පත් කිරීමටයි. එවිට බීකේවරුන් සේවය කරන්නේ කෙසේද කියා දන්නා බව, බාබාට වැටහෙයි. ඔබ සේවය කරන විට, ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. ප්‍රදර්ශන කට්ටල සෑදීමට බාබා අවධාරණය කරන්නේ මේ නිසාය. මෙම පිංතූර නිකම්ම සෑදීම බොහෝ සාමාන්‍ය දෙයකි. එඩිතර වී, ප්‍රදර්ශන සඳහා පිංතූර සෑදීමට උපකාර කරන්න, එවිට දරුවන්ට විස්තර කිරීමට පහසු වෙයි. ගුරුවරුන්, කළමනාකරුවන්, ටිකක් මන්දගාමී බව පියාට වැටහෙයි. සමහර ගුරුවරු, කළමනාකරුවන් වී, ඉන්පසුව ශරීර අවධානයට පත් වෙයි. ඔවුන් තමන් බොහෝ දක‍්ෂ බව සලකයි මා ඉතා හොඳින් ඉදිරියට යනවා! ඔවුන්ගෙන් එක් අයෙක් පිළිබඳව ඔබ අන් අයගෙන් විමසුවේ නම්, එම පුද්ගලයා ගැන ඔවුන් දහයක් දේ පවසනු ඇත. මායා ඔබව බොහෝ සේ කරකවයි. ඔය දරුවන් සේවයේ, තව වැඩියෙන් සේවයේ නියැලී සිටිය යුතුයි! පියා දයාවෙන් පිරි කෙනා, දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නාය. එබැවින් ඔය දරුවන්ද එයම විය යුතුය. පියාගේ හැඳින්වීම ලබා දෙන්න, එපමණයි. පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එපමණයි, එවිට ඔබ අපායේ නිවැසියන්ගෙන් දෙව්ලොව නිවැසියන් බවට පත් වෙයි. මෙය බොහෝ පහසුයි! පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වී, සාම දේශයට සහ සතුටු දේශයට යයි. ඔවුන්ට විශ්වාසය තිබෙන විට, ඔබ සැනෙකින් ඔවුන් ලවා මෙය ලිවිය යුතුයි. බ්‍රහ්ම කුමර කුමරියන් සැබවින්ම ශිව බාබාගෙන් ඔවුන්ගේ උරුමය හිමි කරගන්නා බවද, සමහරු ලියයි. එබැවින් ඔවුන් එවන් පියෙකුට අනිවාර්යෙන්ම අයත් විය යුතු බව, ඔවුන්ට වැටහිය යුතුයි. ඔවුන් ඔහු සරණ යා යුතුයි. ඔබ, මෙහි පැමිණ ඇත්තේ ඔහුගේ සරණ පතාය, එනම්, ඔබ ඔහුගේ උකුලට පැමිණ ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා මෙන්, දයාවෙන් පිරි, දුක නැති කර, සතුට පිරිනමන්නෙක් වන්න.

2. නරක ආශ්‍රයේ බලපෑම ගැන බොහෝ ප්‍රවේසම් වන්න. ඒකායන පියා පමණක් අනුගමනය කරන්න. තව බොහෝ දෙනෙකුට යහපතක් සිදුවන සේවයේ යෙදෙන්න. අහංකාර වී, ඒ අනුව ඔබ බොහෝ දක‍්ෂ බව කිසි විටෙක නොසලකන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් ඔබගේ ආලෝක කිරුළ පැළඳ සිට, සියලු ක්‍රියාකාරකම් ඔබගේ සිතිවිලි වලින් සංඥා මඟින් සිදු කරත්වා.

නිරන්තරයෙන් ආලෝකමත්ව සිටින දරුවන් කිසිම විටෙක තම කාලය හෝ සිතිවිලි අපතේ නොයවයි. ඔවුන් ඇති කරන්නේ ප්‍රායෝගිකව සිදු වීමට යන සිතිවිලි පමණයි. ඔබ යම් දෙයක් පැහැදිලි කරගන්නේ ඒ ගැන කතා කිරීමෙන් වන සේම, ඔවුන්ගේ සියලුම ක්‍රියාකාරකම් සිදු වන්නේ සිතිවිලි මගිනි. ඔබ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ විට, භෞතික ලෝකය, සූක‍්ෂම ලෝකය බවට පත් වෙයි. මේ සඳහා නිහඬතාවයේ බලය රැස් කරගෙන නිරන්තරයෙන් ඔබගේ ආලෝක කිරුළ පැළඳ සිටින්න.

පාඨය:
මෙම දුක් ලෝකයෙන් ඉවතට පිය නඟන්න එවිට කිසිම විටෙක ඔබ වෙත දුක් රළ නොඑයි.