14.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීව අවධානයට පත් වීමට ඔබට උත්සාහ දැරීමට සිදු වන්නේ මෙම සංගම යුගයේ දී පමණයි. ස්වර්ණම යුගයේ දී හෝ කලි යුගයේ දී ඔබට මේ ලෙසින් වෙහෙස වීමට සිදු වන්නේ නැහැ.

ප්‍රශ්නය:
ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම ඔහුගේ දෙමව්පියන්ගේ නම් වලටත් වඩා ප්‍රසිද්ධ වන්නේ ඇයි?

පිළිතුර:
1. ශ්‍රී ක්‍රිෂ්ණාට පෙර උපත ලබනා කිසිම කෙනෙක් යෝගා බලයෙන් උපත ලබාගෙන නැහැ. ක්‍රිෂ්ණාගේ දෙමව්පියන් පවා උපත ලැබුවේ යෝගා බලයෙන් නොවෙයි. 2. සම්පූර්ණ කර්මාතීත් තත්ත්වය ලබා ගන්නේ රාධේ හා ක්‍රිෂ්ණා යන ජීව පමණක් වන අතර සම්පූර්ණ තත්ත්වය ලබා ගන්නේ රාධේ හා ක්‍රිෂ්ණා ජීව පමණක් වන අතර සම්පූර්ණ ගැලවීමත් ලබන්නේ ඔවුන් පමණි. පාපකාරි ජීව තව දුරටත් ඉතිරි නොවි සිටිනා විට, පාරිශුද්ධ පාරාදීසය කියා හැඳින්වෙනා අලුත්ම අලුත් ලෝකය තුළ ශ්‍රී ක්‍රිෂ්ණා උපත ලබනු ඇත. 3. මෙම සංගම යුගයේ දි වැඩියෙන්ම උත්සහ දරන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා ජීවයයි. මෙන්න මේ නිසා තමයි ඔහුගේ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි අසුන් ගෙන ඉතාමත් මිහිරි ආධ්‍යාත්මික දරුවන් වන ඔබලාට කරුණුපැහැදිලි කර කියා දෙයි. ඔහු මෙහි පැමිණ දරුවන් වන ඔබලාට උගන්වන්නේ සෑම වසර 5000 කට වරක් පමණයි. මිනිස්සු කියනවා: පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න. මෙය අපිරිසිඳු ලෝකය බව මෙයින් ඔප්පු වෙනවා. නව ලෝකය පාරිශුද්ධ ලෝකයයි. අලුත් ගොඩනැගිල්ලක් ලස්සනයි. පැරණි ගොඩනැගිල්ලක් කල් ඉකුත්වී පැලෙනවා: වැස්සට ඇද වැටෙනවා. නව ලෝකය ස්ථාපනය කිරීම සඳහා පියා දැන් පැමිණ සිටිනා බව දරුවන් වන ඔබලා දන්නවා. ඔහු දැන් ඔබට උගන්වනා අතර නැවතත් වසර 5000 කට පසුව උගන්වාවි. කිසිදු පූජකවරයෙක්වත් සන්යාසි වරයෙක්වත් තම අනුගාමිකයින්ට මේ ආකාරයෙන් උගන් වන්නේ නැහැ. ඔවුන් අයිති හුදෙකලා මාර්ගයට නිසා ඔවුන් මේ ගැන දන්නේත් නැහැ, නාටකය ගැන දන්නේත් නැහැ. ලෝකයේ මුල, මැද හෝ අග ගැන පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට කියා දෙන්න බැහැ. දරුවන් වන ඔබලා වෙහෙස වන්නේ ජීව අවධානයට පත් වීමටයි. මන්ද කල්ප බාගයක් පුරාම ඔබලා ජීව අවධානයෙන් සිටියේ නැහැ. පියා කියනවා: දැන් තමා ජීවයක් බව සලකන්න. ජීව උත්තරීතර ජීවයයි කියා සිතන්න එපා. නැහැ. තමා ජීවයක් බව සලකා උත්තරීතර ජීවය වන ශිව බාබාව සිහිපත් කරන්න. අපිරිසිඳුතාවයේ සිට ඔබ පාරිශුධත්වයට පත් කරවන ස්මරණ වන්දනාව තමයි ප්‍රධානම දෙය වන්නේ. මෙය සම්බන්ධයෙන් කිසිදු භෞතික දෙයක් නැහැ. තම කන් නාසා වසා ගැනීමට අවශ්‍ය නැහැ. ප්‍රධනම දෙය වන්නේ තමා ජීවයක් වශයෙන් සලකා පියාව සිහිපත් කිරීමයි. කල්ප බාගයක් පුරාවටම ඔබලා ශාරීරික අවධානයෙන් සිටිමේ පුරුද්ද වර්ධනය කරගෙන තිබෙනවා. පළමුව තමා ජීවයක් වශයෙන් සැලකු විට. පසුව පියාව සිහිපත් කළ හැකි වේවි. භක්ති මාර්ගයේ දී පවා, මිනිස්සු බාබා, බාබා කිය කියා කන්නලව් කරමින් සිටියා. සත් යුගයේ දී තමාට සිටින්නේ තම භෞතික පියා වන එකම එක පියෙක් පමණක් බව දරුවන් වන ඔබලා දන්නවා. එහි සිටිනා සෑම කෙනෙක්ම සතුටින් සිටිනා නිසා එහායින් සිටිනා පියාව සිහිපත් කරන්නේ නැහැ. පසුව භක්ති මාර්ගයේ දී ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා: භෞතික හා ආධ්‍යාත්මික සෑම කෙනෙක්ම දුකින් සිටිනා විටෙක එහායින් සිටිනා පියාව සිහිපත් කරනවා. සත්යුගයේ භක්තිය නැහැ. එහිදී ඔබ අත්විදින්නේ ඥානයේ ඵලයයි. එහිදී ඔබලාට මෙම ඥානය ඇත්තේ නැහැ: තමන් දැන් ඉගෙන ගන්නා ඥානයේ ඵලය ලැබීම පමණයි ඔබලා එහිදි කරන්නේ. පියා පැමිණෙන්නේ එක් වතාවක් පමණයි. කල්ප බාගයක් පුරා ඔබලාට අසීමිත පියාගෙන් සතුටේ උරුමය ලැබෙනවා. පසුව තම භෞතික පියාගෙන් තාවකාලික උරුමයක් ලබනවා. මිනිස්සුන්ට මෙය පැහැදිලි කර දෙන්න බැහැ. මෙය කිසියම් අලුත් දෙයක්. වසර 5000 කටම පියා පැමිණෙන්නේ එකම එක වතාවයි. ඒ මෙම සංගම යුගයේදීයි. කලි යුගයේ අවසානයත් සත් යුගයේ ආරම්භයත් වන සංගම යුගයේ දී නැවත වතාවක් නව ලෝකය ස්ථාපනය කිරිම සඳහා පරම පියා පැමිණෙනවා. නව ලෝකයේ ලක්ෂ්මි හා නාරායන්ගේ රාජ්‍ය තිබුණු අතර රිදීයුගයේදී එය රාමාගේ රාජ්‍යය වුණා. මේ නිර්මාණය කර ඇති දේවතාවරුන්ගේ රූප ආදිය සියල්ල භක්ති මාර්ගයේ සැරසිලි පමණයි. පියා කියනවා: ඒ සියල්ල අමතක කර දමන්න. දැන් තම සුමිහිරි නිවසත් නව ලෝකයත් සිහිපත් කරන්න. ඥානයේ මාර්ගය අවබෝධයේ මගයි. මෙමගින් ඔබ උපත් 21 කටම ඥානවන්ත වෙනවා. එහි කිසිම දුකක් නැහැ. සත් යුගයේ සිටිනා කිසිදු කෙනෙක් තමාට සාමය ඕනේ කියා කියන්නේ නැහැ. හිඟා කනවාට වඩා මැරෙන එක හොඳයි කියා කියනවා. කිසිදු අයකුගෙන් කිසිවක් ඉල්ලීමට සිදු නොවන ආකාරයෙන් පියා ඔබව ඉතාමත් ධනවත් අයෙක් බවට පත් කරනවා. මෙහි සිටිනා මිනිස්සු ආශිර්වාද අයදිනවා පොප් තුමා පැමිණි විට ආශිර්වාද ලබා ගැනිම සඳහා මිනිස්සු රැසක් එකට එකතු වෙනවා. පෝප්තුමා පුද්ගලයින් ගණනාවකමගේම විවාහ මංගල්‍යයන් රාශියක් පවත්වනවා. බාබා ඒ වැඩ කරන්නේ නැහැ. අතීතයේ භක්ති මාර්ගයේ සිදු වුණු සැම දෙයක්ම නැවත වතාවක් දැන් නැවතත් සිදු වෙනවා. දවසින් දවස භාරතය කඩා වැටෙනවා. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේයි. අන් සෑම කෙනෙක්ම සිටින්නේ කලි යුගයේයි. ඔවුන් පැමිණෙන තෙක් මෙය සංගම යුගය ද නැතිනම් කලි යුගය ද කියා අවබෝධ කර ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. එකම පවුලක වුවත් දරුවන් තමන් සංගම යුගයේ වැසියන් කියා දරුවන් විශ්වාස කරාවී. නමුත් ඔවුන්ගේ පියා කියාවි තමන් සිටින්නේ කලි යුගයේයි කියලා. එවන් මොහොතක අපහසුතාවන් රැසක් ඇති වෙනවා: කෑම බීම සම්බන්ධයෙන් පටලැවිලි රාශියක් ඇති වේවි. සංගම යුගයට අයිති ඔබලා, පිරිසිඳු කෑම කන අයයි. දේවතාවරුන් කවදාවත් රතුළූණු ආදිය කන්නේ නැහැ. දේවතාවරුන්ට කියන්නේ පාපයෙන් තොර අයයි කියලයි. භක්ති මාර්ගයේ සිටිනා සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් වෙලා. පරම පියා කියනවා: දැන් සතෝප්‍රධාන් වන්න. මුලදී ජීව සතෝප්‍රධාන් බවත් තමා කරනා ක්‍රියා වල බලපෑමට ජීව ලක් නොවෙනවා කියා සලකනා නිසා දැන් ඔවුන් තමෝප්‍රධාන් වී ඇති බවත් කිසිම කොනෙක් තේරුම් ගන්නේ නැහැ. සෑම ජීවයක්ම උත්තරීතර ජීවයයි කියා ඔවුන් කියයි. පරම පියා කියනවා: මා පමණයි ඥානයේ සාගරය වන්නේ. මෙම දේවතා ධර්මයට අයිති සෑම කෙනෙක්ම නැවතත් වතාවක් තම උරුමය දිනා ගනීවී. දැන් ඒ පැළය පැළ කර තිබෙනවා. කෙනෙක් උසස් තත්ත්වයක් ලබා ගැනීමට තරම් සුදුසු තත්ත්වයක නොමැති විටෙක ඔබට ඔය තේරුම් ගත හැකිය. ඇතැම් අය නැවතත් නිවෙස් බලා ගොස් අපිරිසිඳු වීමට පටන් ගන්නවා. එවිට තමන්ට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකියි කියා ඔවුන්ට පැහැදිලි කර දෙනවා. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. පරම පියා කියනවා: මම ඔබලාව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. එමනිසා අනිවාර්යෙන්ම පුරවැසියන් නිර්මාණය කළ යුතුව තිබෙනවා. වෙන කොහොමද ඔබලා අධිරාජ්‍යයක් දිනා ගන්නේ? මේ වචන ගීතාවේ සඳහන් කර තිබෙනවා. මෙයට කියන්නේ ගීතාවේ යුගය කියලයි. ඔබලා ඉගෙන ගන්නේ රාජයෝගාවයි. ආදි සනාතන දෙවිදේවතා ධර්මයේ පදනම දැන් නැගෙමින් පවතින බව ඔබලා දන්නවා. සූර්යය වංශය හා චන්ද්‍ර වංශය ස්ථාපනය වෙමින් පවතිනවා. බ්‍රහ්මණ යුගය ස්ථාපනය වෙමින් පවතින අතර එම සූර්යය වංශයේ හා චන්ද්‍ර වංශයේ කොටස් බවට පත් වන්නේ බ්‍රහ්මින්වරුනුයි. ඉතාමත් හොඳින් උත්සාහා දරන්නන් සූර්යය වංශිකයින් වෙනවා. අනිකුත් ආගම් ස්ථාපිතයින් නිකම්ම පැමිණ තම ආගම ස්ථාපනය කර යනවා. පසුව ධර්මය වර්ධනය වෙනවාත් සමගම එම ධර්මයේ ජීව ඔවුන්ව ඔවුන්ව අනුගමනය කරමින් ඉදිරියට යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ක්‍රිස්තියානි ධර්මයේ බීජය ක්‍රිස්තුන් වහන්සේයි. ඔබගේ බීජය කවුද? උත්තරීතර පරමාත්ම පියායි. මන්ද ඔහු බ්‍රහ්මා මගින් දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. බ්‍රහ්ම පියාව හඳුන්වන්නේ ප්‍රජාවගේ පියා කියලයි (ප්‍රජාපිතා). ඔහුව නිර්මාණකරු කියා හඳුන්වන්නේ නැහැ. ඔහු මගින් දරුවන් හදා ගන්නවා. බ්‍රහ්මාත් නිර්මාණය වෙනවා නේද? පරම පියා පැමිණ ඔහු තුළට ඇතුල් වී ඔහුව නිර්මාණය කරනවා. ශිව බාබා කියනවා: ඔබ මගේ දරුවායි. බ්‍රහ්ම බාබා කියනවා: ඔබලා මගේ භෞතික දරුවනුයි. ඔබලා අපිරිසිඳු අවලස්සන අය බවට පත් වෙලා. දැන් ඔබලා බ්‍රහ්මීන්වරුන් වෙලා. මෙම සංගම යුලයේදී තමයි ඔබලා ඉතාමත් උසස් දේවතාවරුන් බවට පත් වීමට උත්සාහ දරන්නේ. දේවතාවරුන්ට හා ශුද්‍රයින්ට මේ උත්සාහය දැරීමට සිදුවෙන්නේ නැහැ. දේවතාවරුන් වීම සඳහා බ්‍රහ්මීන්වරුන් වන ඔබලාට උත්සාහ දැරීමට සිදුවෙනවා. පරම පියා පැමිණෙන්නේ සංගම යුගයේ දී පමණයි. මෙම යුගය ඉතාමත් කෙටි යුගයක්. ඒ නිසා තමයි මෙය අර්ධ යුගය කියා හැඳින් වෙන්නේ. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. පියාත් උත්සාහ දැරිය යුතුයි. එක්ෂණයකින්ම නව ලෝකය නිර්මාණය වෙන්නේ නැහැ. දේවතාවරුන් වීම සඳහා ඔබලාට කාලයක් ගත වෙනවා. යහපත් ක්‍රියාවන් කරන්නන් යහපත් නිවසක උපත ලබනවා. ඔබ දැන් ඔබ දරනා උත්සාහයේ තරමට පිළිවෙළින් ලස්සන වේගෙන එනවා. ඒ ජීවයනුයි ඒ තත්ත්වයට පත් වන්නේ. ජීව වන ඔබලා දැන් යහපත් ක්‍රියා කිරීමට ඉගෙන ගන්නවා. ජීව තම තමන් කරනා හොඳ හා නරක ක්‍රියා අරගෙන යනවා. ඔබලා දැන් ලස්සන මල් බවට පත් වෙමින් සිටිනා අතර පසුව දිගටම හොඳ පවුල් වලට දාව උපත ලබනවා. මෙහි දී හොඳ උත්සාහයක් දැරු අය අනිවාර්යයෙන්ම පසුව හොඳ ගෙදරක උපත ලබනවා. කොහොමත් ඒක ඒ පිළිවෙළෙට තමයි තිබෙන්නේ. ඔබ උපත් ලබන්නේ දැන් ඔබ කරනා ක්‍රියාවන් මත පදනම්වයි. නරක ක්‍රියා කරනා අය තව දුරටත් නොසිටිනා කාලයක දිව්‍ය ලෝකය ස්ථාපනය වේවි: තේරීම සිදු වී තිබේවී. තමෝප්‍රධාන් සෑම කෙනෙක්ම විනාශ වන අතර පසුව නව දේවතාවරුන් පහළට ඒමට පටන් ගනීවී. අවසානයේ දී දූෂිත අය විනාශ වුණු විටක තමයි ක්‍රිෂ්ණා උපදින්නේ. ඒ වෙන තෙක් වෙනස්කම් සිදු වෙනවා. ක්‍රිෂ්ණා පැමිණෙන්නේ කිසිම අපිරිසිඳු කෙනෙක් නැති විටෙකයි. ඒ වෙන තෙක් ඒ අය ඇවිත් ඇවිත් යනවා. ක්‍රිෂ්ණාව පිළිගැනීමට ඔහුගේ දෙමව්පියන් කල් තබාම අවශ්‍ය වෙනවා. ඒ කාලයේ දී ඉතිරි වී සිටින්නේ හොඳම අය පමණයි. අන් සෑම කෙනෙක්ම පිටව ගොස් සිටීවී. දිව්‍ය ලෝකය කියා කියවෙන්නේ එවිට පමණයි. මෙය තවමත් රාවණගේ රාජ්‍ය වන නිසා ඔබලා පාපායෙන් උපත ලබා සිටියා උවත් ක්‍රිෂ්ණාව පිළිගැනීමට සිටිනා ඔබලා පමණයි ඉතිරි වෙන්නේ. එය අපිරිසිඳු උපතක් වන්නේ නැහැ. පළමුවෙනි පිරිසිඳු උපත ලබන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා පමණයි. ඉන් පසුව ලෝකය හැඳින් වෙන්නේ පාරාදීසය නම් වූ නව ලෝකය වශයෙනුයි. ක්‍රිෂ්ණා පැමිණෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් වූ නව ලෝකයටයි. රාවණගේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේවී. ක්‍රිෂ්ණාගේ දෙමව්පියන්ගේ නම් වලට වඩා ඔහුගේ නම වඩාත් ප්‍රසිද්ධයි. ක්‍රිෂ්ණාගේ දෙමව්පියන්ගේ නම් එතරම් ප්‍රසිද්ධ නැහැ. ක්‍රිෂ්ණාට පෙර උපත ලබනා අය යෝගා බලයෙන් උපත ලබන්නේ නැහැ. ක්‍රිෂ්ණාගේ දෙමව්පියන් යෝගා බලයෙන් උපත ලබන්නේ නැහැ. එය එසේ යෝගා බලයෙන් සිදු වුණා නම් ඔවුන්ගේ නමුත් ඉතාමත් ප්‍රසිද්ධ වේවී. මෙයින් ඔප්පු වෙන්නේ ක්‍රිෂ්ණගේ දෙමව්පියන් ක්‍රිෂ්ණා තරම් උත්සාහ දරා නොමැති බවයි. තවත් ඉදිරියට යන විට ඔබලාට මේ දේවල් හොඳින් අවබෝධ වේවී. සම්පූර්ණ කර්මාතීත් තත්ත්වය ඇත්තේ රාධේ හා ක්‍රිෂ්ණාට පමණයි. පළමුවෙන් ම මුක්තියට යන්නේ ඔවුනුයි. සියලූම පාපාකාරි ජීව ඉතිරි නොවුණු විටෙක ඔවුන් උපත ලබනවා. එවිට එය හැඳින්වෙන්නේ පාරිශුද්ධ ලෝකය කියලයි. මෙන්න මේ නිසා තමයි ක්‍රිෂ්ණාගේ නම ඉතාමත් ප්‍රසිද්ධ. ඔහුගේ දෙමව්පියන්ගේ නම් එතරම් ප්‍රසිද්ධ නැහැ. තවත් හොඳින් ඉදිරියට යන විට ඔබලාට බොහෝ දර්ශන ලැබේවී. තවත් කාලය ඉතිරි වී තිබෙනවා. ඕනෑම කෙනෙකුට පැහැදිලි කර දිය හැකියි: අපි ඉගෙන ගන්නේ මෙන්න මේ තත්ත්වයට පත් වීමටයි. ලෝකය පුරා ඔවුන්ගේ අධිරාජ්‍යයන් ස්ථාපනය වෙමින් පවතිනවා. අප වෙනුවෙන් නව ලෝකයක් අවශ්‍යයි. තවමත් ඔබලාට දේවතා සමාජය කියා කියන්න බැහැ. ඔබලා බ්‍රහ්මණ සමාජයයි: ඔබලා දේවතාවරුන් බවට පත් වීමට යනවා. දේවතා සමාජය නිර්මාණය වූ විට ජීව වන ඔබලාත් ඔබලාගේ ශරීරයනුත් දෙකම පාරිශුද්ධව තිබේවී. දැනට ඔබලා සිටින්නේ සංගම යුගයේ වන අතර ඉතාමත් උසස් අය බවට පත් වෙමින් සිටිනවා. මේ සියල්ල උත්සාහ දැරීම හා සම්බන්ධ කාරණායි. ස්මරණයේ බලයෙන් ඔබ පාපකාරි ක්‍රියා ජය ගත යුතුයි. ඔබම කියනවා තමන්ට නිතරම බාබා සිහි කිරීමට අමතක වෙනවා කියලා. බ්‍රහ්ම බාබා විනෝද චාරිකාවක් ගියා වුණත් ඔහු හිතන්නේ: මම බාබාව සිහිපත් කළේ නැතිනම් ඔහු මොනවා හිතයි ද? මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ විනෝද ගමනක් ගියා වුණත් බාබාව සිහිපත් කරමින් සිටින්න. ක්‍රියා කරන අතරේ වුවත් ආදරවන්තයාව සිහිපත් කරන්න. ඔබගේ පාප දුරු වී යාවී. උත්සාහය රදා පවතින්නේ මේ මතයි. ජීව වන ඔබලා මෙම ස්මරණය තුළින් පාරිශුද්ධ වන අතර ඥානය නම් වූ අවිනාශි ධනය ද ඔබලා එකතු කර ගනු ඇත. පසුව කෙනෙක් අපිරිසිඳු වුවහොත්, සම්පූර්ණ ඥානයම නැති වී යනවා. ප්‍රධානම දේ පාරිශුද්ධත්වයයි. පරම පියා ඉතාමත් හොඳ කරුණු කියා දෙනවා. ලෝකයේ මුල මැද හා අග ගැන වූ ඥානය වෙන කිසිම කෙනෙක් ළඟ නැහැ. අනිකුත් සියලුම ආධ්‍යාත්මික කණ්ඩායම් සියල්ල අයිති වෙන්නේ භක්ති මාර්ගයටයි. බාබා පැහැදිලි කර තිබෙනවා: භක්තිය කළ යුත්තේ ගෘහවාසී ජීවිත ගත කරනා අය පමණයි. ඔබට ලොකු ශක්තියක් තිබෙනවා. ගෙදර ඉන්නා ගමන් ඔබ සතුට ලබනවා. සියලු බල ඇත්තාගෙන් ඔබට ලොකු ශක්තියක් ලැබෙනවා. වනවාසී ජීවිත ගත කරනා විට සන්යාසීවරුන්ටත් ඒ ශක්තිය තිබුණා. දැන් ඔවුන් ජීවත් වීම සඳහා ඉතාමත් ලොකු ගෙවල් සාදාගෙන තිබෙනවා. දැන් ඔවුන්ට ඒ ශක්තිය නැහැ. මුල් කාලයේ දී ඔබට සතුටේ ශක්තිය තිබුණා. නමුත් දැන් එය තව දුරටත් ඔබ ළඟ නැහැ. ඒ වගේම මුලදී ඔවුන්ට සාමයේ බලය තිබුණා. නමුත් දැන් තව දුරටත් ඔවුන්ට එය නැහැ. මීට පෙර තමන් නිර්මාපකයා හා නිර්මාණය ගැන කියනා විට ඇත්ත කිව්වා. දැන් ඔවුන් තම තමන්ව දෙවියන් කියා හඳුන්වා ගන්නවා. ශිවෝහම් කියා කියනවා. පරම පියා දැන් පැහැදිලි කර කියා දෙනවා: මේ කාලයේ දී මුළු ගසම තමෝප්‍රධාන්. මෙන්න මේ නිසා තමයි මම සන්යාසීන් හා පූජකවරුන්ව පවා ඉහළට නැංවීමට පැමිණ සිටින්නේ. මේ ලෝකය වෙනස් විය යුතුයි. සෑම ජීවයක්ම නිවස බලා යනවා. ජීවයක් තුළ අවිනාශි චරිතයක් පටිගත වී ඇත්තේ කෙසේ ද, පසුව එය නැවත නැවතත් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද කියා එකදු ජීවයක් වත් දන්නේ නැහැ. ජීව ඉතාමත් කුඩායි. ඒ තුළ පටිගත වී ඇති අවිනාශී චරිත කවදාවත් විනාශනොවේ. මෙය අවබෝධ කර ගැනීම සඳහා ඉතාමත් පිරිසිඳු බුද්ධියක් අවශ්‍යයි. මෙය සිදු වන්නේ ස්මරණ වන්දනාවේ ඔබ කූල්මත්ව නිමග්නව සිටි විටක පමණි. උත්සාහ දැරීමකින් තොරව ඔබට තත්ත්වයක් දිනා ගත නොහැකියි. මෙන්න මේ නිසා තමයි: ඉහළටම නැග්ගොත් දිව්‍ය ලෝකයේ අමෘත රසය විදින්න පුළුවන් කියා කියන්නේ. නමුත්... ද්විත්ව කිරුළ පලන් රජවරුන්ගේත් රජවරයෙක් බවට පත්වීමත් පුරවැසියන්ගෛන් කෙනෙක් බවට පත් වීමත් අතර ලොකු වෙනසක් තිබෙනවා. සෑම කෙනෙක්ටම උගන් වන්නේ එකම එක කෙනායි. ඔබ මෙය ඉතාමත් හොඳින් තේරුම් ගත යුතුයි. ප්‍රධානම දෙය වන්නේ ස්මරණ වන්දනාව බව බාබා නිතර නිතරම පැහැදිලි කර කියා දෙනවා. ඔබලාව ලෝක පාලකවරුන් බවට පත් කරවීම සඳහා මම ඔබලාට උගන්වනවා. එම නිසා ගුරුවරයා සත්ගුරුත් වෙනවා. සියලුම ගුරුවරුන්ගේ ගුරුවරයා වන්නේත් සියලුම පියවරුන්ගේත් පියා වන්නේත් උත්තරිතර පරම පියයි. ඔබගේ බාබා ඉතාමත් ආදරණීය බව දරුවන් වන ඔබලා දන්නවා. ඒ පියාව ඔබ ඉතාමත් හොඳින් සිහිපත් කළ යුතුයී. ඔබ හොඳින් ඉගෙන ගත යුතුයි. පියාව සිහි කළේ නැතිනම්, ඔබගේ පාප දුරු වන්නේ නැහැ. අච්චා පරම පියා සෑම ජීවයක්ම තමා සමග ගෙන යනවා. සියලුම ශරීර විනාශ වී යාවී. ජීව තම සුමිහිරි නිවහන වෙත ගොස් තම තමන්ගේ ආගම් වලට අයත් ස්ථාන වලට ගොස් නතර වෙනවා. අච්චා.

සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් නැති වී සිට මේ දැන් හමු වුණු දරුවන් සෑම කෙනෙක්වම සෙනෙහසින් සිහිපත් කර මව පියා වන බාප්දාදා ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ කියයි.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධිය පාරිශුද්ධ වීම සඳහා, ස්මරණ වන්දනාවේ කූල්මත් බවින් නිරතව සිටින්න. ඕනෑම ක්‍රියාවක් කරනා මොහොතකදීත් එකම එක ආදරවන්තයාව පමණක් සිහිපත් කරනා විට පාපකාරි ක්‍රියාවන්ගෙන් ජය ගැනීමට ඔබට හැකි වනු ඇත.

2. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත් වීම සඳහා මෙම කෙටි කාලය තුළ දී උත්සාහය දරන්න. යහපත් ක්‍රියා කර හොඳ සංස්කාර වගාකර ගන්න.

වරදානය:
ඔබ ලොවට ආලෝකයක් වී, දර්ශන ලබා දෙන පිළිරුවක් වීමෙන්, එක බැල්මකින් බැතිමතුන්ව එපිටට ගෙන යත්වා.

ලෝකයේ නේත්‍ර වන ඔය ජීවාත්මයන්ගෙන් ද්‍රිෂ්ඨි ලබා ගැනීමට, මුළු ලොවම බලා සිටියි. ලෝකයේ ආලෝකය වන ඔබලා, ඔබගේ පරිසමාප්ත සහ අංග සම්පූර්ණ අවස්ථාවට ලඟා වන විට, එනම් ඔබ, ඔබගේ අංග සම්පූර්ණත්වයේ දෙනෙත් විවර කරන විට, ලෝකය තත්පරයකදි පරිවර්ථනය වෙයි. එවිට දර්ශන ලබා දෙන ප්‍රතිරූ වන ඔය ජීවාත්මයන්ට, එක බැල්මකින් බැතිමත් ජීවාත්මයන්ව එපිට ගෙන යාමට හැකි වෙයි. බැල්මකින් එපිට යාමට අවශ්‍ය අයගේ පෝලිම දිගු වෙයි, එබැවින් ඔබගේ අංග සම්පූර්ණත්වයේ දෙනෙත් විවෘතව තබාගන්න. දැන් ඔබගේ දෑස් පිස දමමින් නිදි කිරා වැටීම හෝ ඔබගේ සිතිවිලි වලින් ගෙල සිරකර ගැනීම නතර කරන්න, එවිට ඔබට දර්ශන ලබා දෙන ප්‍රතිරුවක් වීමට හැකි වෙයි.

පාඨය:
පිවිතුරු ස්වභාවයක් නිරහංකාරකමේ සලකුණකි. පිවිතුරු වන්න, එවිට ඔබට සාර්ථකත්වය අත්වෙයි.