14.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා සැබෑම රාජරිශීන්ය. ඔබගේ කාර්යය වන්නේ තපස්යා කිරීමයි. දරුවන් වන්දනීයත්වයට සුදුස්සන් වන්නේ තපස්යා කිරීමෙන් පමණි.

ප්‍රශ්නය:
චිරාත් කාලයක් පුරාවටම ඔබ වන්දනීයත්වයට සුදුස්සන් බවට පත් කරවන්නේ කුමන උත්සාහයද?

පිළිතුර:
ජීවයේ පහන දල්වා තමෝප්‍රධාන් ජීවාත්මය සතෝප්‍රධාන් කරලීමට දරන්නා වූ උත්සාහයේ දී. ඔබ සදාකාලිකවම වන්දනීයත්වයට පාත්‍රවීමට සුදුස්සන් බවට පත් වේ. මේ කාලයේ නොසැලකිලිමත්ව වැරදි කරනා අයට බොහෝ සෙයින් හඬන්නට සිදු වනු ඇත. ඔබ උත්සාහ දරා සමත් නොවුණහොත්, ධර්මරාජ්ගෙන් දඬුවම් ලද හොත් වන්දනාවට පාත්‍ර නොවනු ඇත. දඬුවම් ලබනා අයට තම දෑස් කෙලින් තබාගෙන සිටීමට නොහැකි වනු ඇත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර කියා දෙනවා. පළමුවෙන්ම, ඔහු විස්තර කරන්නේ දරුවන් තමන් ජීවාත්මයක්ය යන විශ්වාසය ඇති කර ගත යුතු බවයි. පළමුවෙන්ම ජීවාත්මය. දෙවනුව ශරීරය. ප්‍රදර්ශන වලදීත් කෞතුකාගාරයේ හෝ පන්තියේ ආදී සෑම ස්ථානයකදීමත් පළමුවෙන්ම සෑම කෙනෙකුටම මෙම කරුණ අවධාරණය කළ යුතුය. තමා ජීවාත්මයක් ලෙස සළකා පරම පියා සිහිපත් කරන්න. මෙතන සිටිනා සෑම දරුවෙක්ම ජීවාත්ම අවධානයේ නැහැ. මෙතැන සිටියා වුවත් ඔබේ සිතිවිලි හතර වටේ සැරිසරනවා. ගුරු පැමිණෙන තුරු සත්සන් වල අය මොනවාද කරන්නේ? අනිවාර්යෙන්ම ඔවුන් කුමක් හෝ සිතමින් ඉන්නවා. පසුව ගුරු පැමිණි පසු ඔහු කියනා කතාන්දරය අසාගෙන ඉන්නවා. පරම පියා විස්තර කර දී තිබෙනවා: කෙනෙක් යමක් දෙසන විට එය අසාගෙන ඉන්නේ භක්ති මාර්ගයේ දී පමණයි. ඒ සෑම දෙයක්ම කෘත්‍රිම දේවල් බව පියා විස්තර කරනවා. එහි ගත යුත්තක් නැහැ. ඔවුන් සමරණ දීපාවලී උත්සවයත් කෘත්‍රිම එකක්. ඥානය නම් වූ තෙවෙනි ඇස විවෘත විය යුතු බවත් එවිට සෑම නිවෙසකම ආලෝකයක් ඇති වන බවත් පරම පියා ඔබට පවසා තිබෙනවා. දැන් සෑම නිවසක්ම ඇත්තේ අන්ධකාරයේයි. විදුලි බුබුළු වලින් ලැබෙනා ආලෝකය කෘත්‍රිමයි. ඔබ තම ආලෝකය දල්වා ගැනීම සඳහා ගැඹුරු නිහඬතාවයේ සිටිනවා. තමාගේ මුල්ම ස්වභාවය මත ස්ථාවර වීමෙන් පාප සියල්ල සිඳලිය හැකි බව දරුවන් වන ඔබලා දන්නවා. උපත් ගණනාවක සිට ඇති ඔබගේ පාප සියල්ල සිඳලිය හැක්කේ මේ ස්මරණ වන්දනාවේ යෙදීමෙන් පමණයි. ජීවාත්මයේ ආලෝකය වියැකී ගොස් ඇත. බලය නම් වූ පෙට්‍රල් සියල්ලම ක්ෂය වී ගොසින්. ඔබ මෙසේ පාරිශුද්ධත්වයට පත් වන විට ජීවාත්මය නැවතත් පරිපූර්ණ වෙනවා. මෙහි දිවා රෑ මෙන් වූ වෙනසක් තිබෙනවා. මිනිස්සු ලක්ෂ්මී දෙවඟනට වන්දනා මාන කරනවා. ඇතැම් දරුවන් ලක්ෂ්මී ද සරස්වතී ද වඩා උසස් යැයි අසමින් ලියුම් එවනවා. ලක්ෂ්මි අයිති වන්නේ ශ්‍රී නාරායන්ටම පමණයි. ඔවුන් මහා ලක්ෂ්මීට වන්දනා කරනා විට ඇයව අත් සතරකින් යුතුව පෙන්නුම් කරනවා. එම ප්‍රතිමූර්තියෙන් ඔවුන් දෙදෙනාවම පිළිබිඹු කරනවා. ඇත්තෙන්ම එය හැඳින්විය යුත්තේ ලක්ෂ්මි හා නාරායන් වන්දනාව ලෙසයි. ඔවුන් දෙදෙනාම එකට ගෙන අත් සතරකින් පෙන්වන්නේ මෙම අරුතිනි. කොහොම නමුත්, මිනිසුන්ට කිසිවක් වැටහෙන්නේ නැහැ. අසීමිත වූ පියා කියනවා: සෑම කෙනෙක්ම දැන් ඉන්නේ අවසිහියෙන්. සාමාන්‍ය භෞතික පියෙක් ලොව සිටිනා සෑම දරුවෙක්ටම ඔවුන් සිටින්නේ අවසිහියෙන් කියා කියනවාද? මුළු ලෝකයේම පියා කවුරුන්දැයි දරුවන් දැන් දන්නවා. ඔහුම මෙසේ කියනවා: සෑම ජීවාත්මයකගේම පියා මමයි. ඔබ සෑම කෙනෙක්ම මාගේ දරුවන්. ඒ සාධුන් කියන්නේ සෑම කෙනෙක්ම දෙවියෙක් බවයි. අසීමිත වූ පියා ජීවාත්ම වන ඔබට අසීමිත වූ ඥානයක් ලබා දෙන බව ඔබට වැටහෙනවා. මිනිස්සු ශාරීරික අවධානයට ලක් වෙලා. ඔවුන් මෙසේ කියනවා: මා අහවල් අහවල් කෙනායි. ඔවුන් සියළු සබඳතා පවත්වන්නේ තම නම හා ශරීරයේ පදනම මතයි. ශිව බාබා අශාරීරිකයි. ඔහු පරමාත්ම ජීවයයි. ඒ ජීවයේ නම ශිවායි. ශිව බාබාට පමණයි ජීවයට නමක් දී තිබෙන්නේ. ඔහු පරමාත්ම ජීවය. පරමාත්ම දෙවියන්. එමනිසා ඔහුගේ නම ශිවායි. අනෙක් සෑම මිනිසෙකුටම නම ලැබී තිබෙන්නේ ශරීරයටයි. ශිව බාබා මෙහි වාසය කරන්නේ නැහැ: ඔහු එන්නේ පරම දනව්වේ සිටයි. ශිවාගේ ප්‍රතිමූර්තිය තිබෙනවා. සෑම ජීවාත්මයක්ම තම චරිතය රඟ දැක්වීම උදෙසා මෙහි පැමිණෙන බව පරමාත්ම පියා ඔබට විස්තර කර දී තිබෙනවා. පියාටත් චරිතයක් තිබෙනවා. පරම පියා මෙහිදී ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ කාර්යයක් කරගෙන යනවා. මිනිස්සු ශිව පැමිණීම විශ්වාස කරනා නිසා අනිවාර්යෙන්ම ඒ සඳහා නිවාඩුවක් ද නියම කර තිබෙනා අතර ඔහුගේ මුද්දරයක් ද මුද්‍රණය කර තිබෙනවා. සෑම රටකම මේ සඳහා නිවාඩුවක් තිබිය යුතුයි. මන්ද සෑම විටම විමුක්තිදායකයා වන්නේ පරම පියායි. ඔහුගේ උපන් දිනය හෝ ඔහු සමුගන්නා දවස කීමට කිසිවෙක්ට හැකියාවක් නැහැ. මන්ද ඔහු අසහාය වූවෙකි. මේ නිසා තමයි ඔවුන් ශිව රාත්‍රිය ගැන කතා කරන්නේ කල්ප බාගයක් පුරා අසීමිත වූ හිමිදිරයත්, කල්ප බාගයක් පුරා අසීමිත වූ අන්ධකාරයත් තිබූ බව දරුවන් දන්නවා. අන්ධකාරය අවසන් වූ කල, හිමිදිරිය ඇරඹෙනවා. පරම පියා එන්නේ මේ දෙක අතර මැදයි. මේ නිවැරදිම වේලාවයි. දරුවෙක් උපත ලැබූ විට එය නගර සභා ලේඛණයේ සටහන් කෙරෙනවා. පසුව, දින හයකින් පසු දරුවාට නමක් ද තැබෙනවා. එය නම් තැබීමේ උත්සවය ලෙස හැඳින්වෙනවා. සමහරු එය වත්ති සවැනි දින උළෙල ලෙසත් හඳුන්වනවා. භාෂා බොහොමයක් තිබෙනවා. ඔවුන් ලක්ෂ්මීට වන්දනා කරනා විට ගිණිකෙළි පවා දක්නට පුළුවන්. ඔවුන්ගෙන් මෙසේ අසන්නට ඔබට පුළුවන්: ඔබ සමරන්නේ ලක්ෂ්මී උළෙලයි. නමුත් ඇය සිහසුනේ අසුන් ගත්තේ කවදාද? ඔවුන් ඇගේ මෞලි මංගල්‍යය සමරන්නේ ඇය සිහසුනෙහි අසුන් ගත් දිනයේයි. ඇයගේ උපන් දිනය සැමරෙන්නේ නැහැ. මිනිස්සු බන්දේසියක් මත ලක්ෂ්මී පින්තූරය තබා ඇයගෙන් ධනය ඉල්ලනවා. වෙන කිසිවක් ඇයගෙන් ඉල්ලන්නේ නැහැ. දේවාල වලදී නොයෙකුත් දේ ඉල්ලමින් කන්නලව් කරනවා. නමුත් දීපමාලා දිනයේ දී මිනිස්සු ඉල්ලන්නේ ධනය පමණයි. කොහොමනමුත් ඇය ධනය දෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ විශ්වාසයයි. කෙනෙක් නියම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරනා විට, කෙටි කලකට ඔහුට හෝ ඇයට යම් ධනයක් ලැබීම විය හැකි දෙයක්. එය තාවකාලික සතුටකි. නමුත් කොතැනක හෝ සදාකාලික සතුටක් තිබිය යුතුයි. ඔවුන් දිව්‍ය ලෝකය ගැන කිසිවක් දන්නේ නැහැ. දිව්‍ය ලෝකය හා සම කළ හැකි කිසිවක් නොමැත. කල්ප බාගයක් පුරා ඥානය තිබෙනා බවත්, කල්ප බාගයක් පුරා භක්තිය තිබෙනා බවත් ඔබ දන්නවා. පසුව නිරාශාව. මෙම ලෝකය පැරණි කිලිටි ලෝකයක් බවට පත්ව ඇති බවත් එමනිසාම අනිවාර්යෙන්ම නව ලෝකයක් අවශ්‍ය වන බවත් ඔබට විස්තර කර කියා දී තිබෙනවා. වෛකුන්ත් පරාදීසය- කියා හැඳින්වෙන්නේ නව ලෝකයයි. එය දිව්‍ය ලෝකයයි. පාරාදීසය ලෙසත් හැඳින්වෙනවා. මෙම නාටකයේ නළුවන් අවිනාශී වූවන්. ජීවාත්ම වන ඔබලා තම චරිතය රඟදක්වන්නේ කෙසේද යන්න ගැන දරුවන් දැන් වටහා ගෙන තිබෙනවා. බාබා ඔබට කියා තිබෙනවා: ප්‍රදර්ශනයකදී මිනිසුන්ට විස්තර කර දෙන විට, පළමුවෙන්ම ඔවුන්ට ඔබගේ ඉලක්කය හා අරමුණ පෙන්වා. එක් ක්ෂණයකින් ජීවන මුක්තිය ලබා ගත හැක්කේ කෙසේද යන්න ගැන විස්තර කර කියා දෙන්න. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම නැවත උපත් ලැබීමේ චක්‍රයට පැමිණිය යුතුයි. ඉණිමඟෙහි පින්තූරය යොදා ගනිමින් ඔබට ඉතා පහසුවෙන් මෙය විස්තර කර දිය හැකියි. වන්දනාව ඇරඹෙන්නේ රාවණ්ගේ රාජ්‍යයේ දීයි. ස්වර්ණමය යුගයේ වන්දනාවක් කියා නාමයක්වත් තිබුණේ නැහැ. ඥානය හා භක්තිය යනු එකිනෙකට වෙනස් කරුණු දෙකක්. ඔබ තුළ මේ පැරණි ලෝකය පිළිබඳ නිරාශාව ඇති වී තිබෙනවා. මේ පැරණි ලෝකය දැන් අවසන් වීමට තිබෙනා බව ඔබ දන්නවා. පියෙක් සෑම විටම තම දරුවන්ට සතුටක් ලබා දෙනවා. තම දරුවන් වෙනුවෙන් පියෙක් බොහෝ වෙහෙසෙනවා. ඔවුන් පිරිමි දරුවෙක් ලබා ගැනීමට ගුරුන් හෝ ශාන්තුවරුන් වෙත යනවා. පිරිමි දරුවෙක් සිටියහොත්, තමාගේ සියලු දේපල ඔහුට දිය හැකියි කියා ඔවුන් විශ්වාස කරනවා. - මට පුතෙක් ඉන්නවා නම්, ඔහු මගේ උරුමකරුවා වේවි - පියෙක් කිසිම විටෙක තම දරුවන්ට දුක් දෙන්නේ නැහැ. එය විය නොහැකි දෙයක්, ඔබ මව හා පියාට බොහෝ සෙයින් කන්නලව් කළා. එමනිසා, ආධ්‍යාත්මික පියා දරුවන්ට සතුටේ මඟ පෙන්වා දෙනවා. ඔබට සතුට ලබා දෙන්නේ ඒ එකම එක පරම පියා පමණයි. දුක නැති කර සතුට ලබා දෙන්නේ ඒ ආධ්‍යාත්මික පියා පමණයි. මේ විනාශය සිදුවන්නේත් සතුට සඳහායි. ඔබ වෙන කොහොමද මුක්තිය හා ජීව මුක්තිය ලබා ගන්නේ? කොහොමනමුත් කිසිවෙක් මෙය වටහා ගන්නේ නැහැ. දිළිඳු දුර්වල අය පමණයි මෙහි එන්නේ. මන්ද තමා ජීවාත්මයක්ය යන විශ්වාසය ඇති කර ගත හැක්කේ ඔවුන්ට පමණයි. කොහොමනමුත්, ධනවත් වැදගත් මිනිසුන්ගේ ශරීර අවධානය නොසෑහෙන ලෙස වැඩි වී තිබෙනවා. ඒ ගැන අහන්නවත් එපා. බාබා නැවත නැවතත් ඔබට කියනවා: ඔබලා රාජරිෂීන්ය. රිෂීන් සෑම විටම තපස්යා කරනවා. ඔවුන් ආලෝකය නම් වූ මහා භූතය සිහිපත් කරනවා. සමහරු කාලි දෙවඟන පවා සිහිකරනවා. බොහෝ සන්යාසීන් කාලි දේවියට වන්දනා කරනවා. පරම පියා කියනවා: මේ කාලයේ සෑම කෙනෙක්ම පාපකාරීයි. රාගය නම් වූ ගින්නට හසුව ඔවුන් අවලස්සන වී ඇත. මව පියා හා දරුවන් සෑම කෙනෙක්ම අවලස්සන වී ඇත. මෙය අසීමිත වූ කරුණකි. සත් යුගයේදී කිසිවෙක් අවලස්සන නැහැ! සෑම කෙනෙක්ම ලස්සනයි. දරුවන් වන ඔබලා නැවත නැවතත් අවලස්සන වන විට පරම පියා විස්තර කර කියා දෙනවා: ඔබලා අවලස්සන වී තිබෙන්නේ එන්න එන්නම තව තවත් අපිරිසිඳු වීමෙනුයි. පරම පියා කියනවා: රාවණ් ඔබව රාගයේ ගින්නට දමා ඔබව සම්පූර්ණයෙන්ම විරූපී කරළා. දැන් මා නැවතත් ඔබව ඥානය නම් වූ සෑය මත අසුන් ගන්වනවා. මෙහිදී පාරිශුද්ධත්වයට පත් විය යුත්තේ ජීවාත්මයයි. පාරිශුද්ධකරුවා වන පරම පියා දැන් පැමිණ ඔබට පාරිශුද්ධත්වයට පත්වන අයුරු පෙන්වා දෙනවා. ජලය කොහොමද ඔබලාට පිරිසිඳු වන ආකාරය කියා දෙන්නේ? කෙසේනමුත්, ඔබ මිලියනයක් දෙනෙකුට මෙය විස්තර කර දුන්නද මෙය වටහා ගනිමින් තත්ත්වයක් ලබන්නේ ඉතාමත් අතලොස්සයි. ඔබ දැන් උපත් 21 පුරා ඔබගේ උරුමය දිනා ගැනීමට පැමිණ සිටිනවා. ඔබ තව තවත් දියුණු වන විට තවත් බොහෝ දර්ශන දකිනු ඇත. ඔබගේ මෙම අධ්‍යාපනය පිළිබඳ සියලු කරුණු දැනගනු ඇත. මෙකල නොසැලකිලිමත් වන අය පසුව බොහෝ සෙයින් හඬනු ඇත. බොහෝ දඬුවම් විදීමට ද සිදු වන අතර තත්ත්වය ද විනාශ වනු ඇත. ඔබට ඔබගේ දෑස් පවා කෙලින් කර තබා ගත නොහැකි වනු ඇත. මේ නිසා තමයි පරම පියා කියන්නේ: සුමිහිරි දරුවනි, උත්සාහ දරා සමත් වන්න. එවිට ඔබට කිසිම දඬුවමක් විඳීමට සිදු නොවනු ඇත. ඔබ වන්දනාවට පාත්‍ර වන්නේ එවිට පමණයි. ඔබට දඬුවම් විඳීමට සිදුවුවහොත්, වන්දනීයත්වයට පාත්‍ර විය නොහැකියි. දරුවන් සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. ඔබ ජීවාත්මයේ පහන දැල්විය යුතුයි. වර්තමානයේ සෑම ජීවාත්මයක්ම තමෝප්‍රධාන් වී ඇත. එමනිසා එය සතෝප්‍රධාන් කළ යුතුයි. ජීවාත්මය තිතක් පමණයි: එය තාරුකාවක්. එයට වෙන කිසිම නමක් දීමට ඔබට බැහැ. සමහරු මේ පිළිබඳ දර්ශන දැක තිබෙන බව බාබා විස්තර කර දී තිබෙනවා. ස්වාමි විවේකානන්ද හා රාමක්‍රිෂ්ණ පරමහංස ආදී ආදර්ශමත් පුද්ගලයින් සිටිනවා. කෙනෙක් අනිත් කෙනාගෙන් ආලෝකයක් පිට වන බව දැක්කා. එය අනිවාර්යෙන්ම ජීවාත්ම විය යුතුයි. ඔහු සිතුවේ එය ඔහු තුළට ගියා කියලයි. ජීවාත්මයකට කිසි විටෙකත් එසේ පැමිණ වෙනත් කෙනෙකුට ඇතුළු විය නොහැකියි. ජීවාත්මය වෙනත් ශරීරයක් ගත හැකියි. අවසානයේ, ඔබට මෙවැනි දේ දැකගත හැකියි. නමක් හා ස්වරූපයක් නොමැති කිසිවක් ඇත්තේ නැහැ. ආකාශය අවකාශයක් පමණයි. නමුත් එයට ද නමක් තිබෙනවා. සෑම චක්‍රයකදීම ස්ථාපනය සිදු වන බවත් එය දැන් අනවාර්යෙන්ම සිදු වන බවත් ඔබ දන්නවා. බ්‍රාහමිණ්වරුන් වන අප දිගින් දිගටම අනුපිළිවෙලින් උත්සාහ දරනවා. පසුව සෑම මොහොතක්ම නාටකය ලෙස හඳුන්වනවා. මුළු ලෝකය නම් වු චක්‍රය නොකඩවාම කැරකෙනවා. මෙම චක්‍රය වසර 5000 ක චක්‍රයක් වන අතර එය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙනවා. දරුවන් වන ඔබලා දැන් කළ යුත්තේ පරම පියා සිහිපත් කිරීම පමණයි. සෑම දෙයක්ම කරනා අතර තුර පරම පියාව සිහිපත් කරන්න. ප්‍රයෝජනවත් දෙයක් වන්නේ මෙය පමණයි. ඇතැම් අවස්ථා වලදී මායා ඔබට පහර දේ ඔබලා බ්‍රහමිණ් දරුවන් ඉතින් ඔබත් බඹරුන් ගුමු ගුමු නද දෙන්නා සේ අන් අය වෙත ද ගොස් ඔවුන්වත් ඔබ හා සම තත්ත්වයට පත් කර ගත යුතුයි. එය උදාහරණයක් පමණයි. ඔබ නියම බ්‍රහමිණ්වරුන්, දේවතාවරුන් බවට පත් විය යුත්තේ බ්‍රහමිණ්වරුන් වන ඔබලායි. මේ නිසා තමයි උසස්ම වූ මනුෂ්‍යයින් බවට පත්වීම උදෙසා වූ මෙම සංගම යුගය තිබෙන්නේ. ඔබ මෙහි එන්නේ ඒ ශ්‍රෙෂ්ඨම වූ මනුෂ්‍යයන් බවට පත් වීමටයි. කොහොමනමුත් ඔබ පළමුවෙන්ම අනිවාර්යෙන්ම බ්‍රහමිණ්වරුන් විය යුතුයි. බ්‍රහමිණ්වරුන් මුදුනට කර බඳිනා කොණ්ඩය ඔබ දැක තිබෙනවා. ඒ බ්‍රහමිණ් පූජකවරුන්ටත් විස්තර කර දීමට ඔබට පුළුවන්. ඔබේ බ්‍රහමිණ් වංශය තිබෙනවා. නමුත් බ්‍රහමිණ් රාජ්‍යයක් ඇත්තේ නැහැ. ඔබේ වංශය ස්ථාපනය කළේ කවුරුන්ද? ඔබේ ජ්‍යෙෂ්ඨයා කවුද? ඔබ ඔවුනට මෙය විස්තර කළහොත් ඔවුන් සෑහෙන සතුටට පත් වේවි. මිනිස්සු ඒ බ්‍රහමිණ්වරුන්ට සෑහෙන ගෞරව දක්වනවා. මන්ද ඔවුන් ආගමික ග්‍රන්ථ ආදිය කියවන නිසායි. මුල් දින වල බ්‍රහමිණ් පූජකවරුන් රාඛි බැඳීමටත් ගියා. දැන් පුංචි දරුවන්ව මේ සඳහා යවනවා. ඔබ රාඛි බැඳිය යුත්තේ පාරිශුද්ධත්වය රැකීමට පොරොන්දුවක් දෙන අයටයි. අනිවාර්යෙන්ම පොරොන්දුවක් විය යුතුයි. අප මෙම පොරොන්දුව දෙන්නේ භාරතය නැවතත් පාරිශුද්ධත්වයට පත් කරවීමටයි. ඔබ පාරිශුද්ධත්වට පත්ව අන් අයවත් පාරිශුද්ධත්වයට පත් කරවිය යුතුමයි. මෙසේ පැවසීමට වෙන කිසිවෙකුට බලයක් නැහැ. මේ අවසන් උපතේ පාරිශුද්ධත්වයට පත් වීමෙන් ඒ නව ලොව පාලකයන් බවට පත් වන බව ඔබලා දන්නවා. මෙය ඔබගේ ව්‍යාපාරයයි. මෙවන් වූ වෙන කිසිම මනුෂ්‍යයෙක් ඇත්තේ නැහැ. ඔබ මෙම පොරොන්දුව දිය යුතුමයි. පරම පියා කියනවා: ලොකුම සතුරා රාගයයි. එය පරාජය කරන්න. එය පරාජය කිරීමෙන් ඔබ ලෝකයම ජය ගනු ඇත. ලක්ෂ්මි හා නාරායන් ඔවුන්ගේ කලින් උපතේ දී මෙම උත්සාහය දැරුවා. ඔවුන් ලක්ෂ්මි හා නාරායන් බවට පත් වූයේ ඒ අයුරින්. ඔවුන් එම තත්ත්වය ලැබීමට දැරූ උත්සාහය කුමක්ද යන්න ගැන මිනිසුන්ට විස්තර කර දෙන්නට ඔබට පුළුවන්. මේ ගැන කිසිසේත් පටලැවිල්ලට පත් විය යුතු නැහැ. මේ දීපමාලා අදියෙන් ඔබ සතුටක් ලබන්නේ නැහැ. තමා දැන් පරම පියාට අයිති බවත්, ඔහුගෙන් තම උරුමය ලැබෙනා බවත් ඔබ දැන් දන්නවා. භක්ති මාර්ගයේ දී , මිනිස්සු බොහෝ සෙයින් වියදම් කරනවා. එහිදී සෑහෙන පාඩු අලාභ සිදු වෙනවා. සමහර විට නොයෙකුත් අඬදබර පවා ඇති වෙනවා. කොහොමනමුත්, ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. තමා දැන් ඒ නව නිවස වෙත යාමට සිටිනා බව ඔබ දන්නවා. මෙම චක්‍රය එකම අයුරින් නැවත නැවතත් කැරකෙමින් තිබෙනවා. මෙය අසීමිත වූ චිත්‍රපටයක්. දැන් ඔබ අයත් වන්නේ අසීමිත වූ පියාටයි. මෙවන් වූ උතුරා යන සතුටක් ඔබ තුළ ඇති විය යුතුයි. අප අනිවාර්යෙන්ම පරම පියාගෙන් සත් යුග උරුමය හිමි කර ගන්නවා. පරම පියා කියනවා: උත්සාහ දරමින් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න. ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතුයි. උත්සාහ දැරීමෙන් පමණයි ඔබට ශ්‍රෙෂ්ඨත්වයට පත් විය හැක්කේ. මේ බාබාට මහළු පුද්ගලයාට- ඉතාමත් ශ්‍රෙෂ්ඨ බවට පත්විය හැකියි: ඉතින් ඔබටත් ඒ හා සම විය නොහැකිද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියා තම දරුවන්ට සෑම විටම සතුට දෙන්නාක් සේ, ඔබත් සතුට බෙදා හරින්නන් බවට පත්විය යුතුයි සෑම කෙනෙක්ටම මුක්තිය හා ජීවන මුක්තිය වෙත මාර්ගය පෙන්වා දෙන්න.

2. ජීවාත්ම අවධානයට පත්වීමට තපස්යා හි යෙදෙන්න. මේ කිලිටි වූ පැරණි ලෝකය අසීමිත ලෙස අත්හළ අයෙක් බවට පත් වන්න.

වරදානය:
ඔබ දිව්‍යමය ගුණදම් කැඳවීමෙන්, සියලු දුර්වලතා පුද කරන, තෘප්තිමත් ජීවාත්මයක් වේවා.

දීපාවලි දිනයේ, පිරිසිඳුකමට සහ ආදායමක් උපයා ගැනීමට විශේෂ අවධානයක් යොමු කරයි. ඒ ආකාරයෙන්ම ඔබත් සෑම අන්දමකම පිරිසිඳුකම පවත්වා ගැනීමේ සහ ආදායමක් උපයාගන්නා අරමුණ තබා ගන්නා අතර ඔබ ඒ අනුව තෘප්තිමත් ජීවාත්මයක් වෙයි. ඔබට සියලු දිව්‍යමය ගුණදම් කැඳවීමට හැකි වන්නේ, තෘප්තිමත්කම තිබීමෙන් පමණයි. එවිට සියලු දුර්වලතා පුද දීම ඉබේටම සිදු වෙයි. තමන් තුළ ඇති සියලුම දුර්වලතා, පළුදු, බෙලහීනතා සහ සියුමැලි බව අවසන් කර, නව ගිණුමක් ආරම්භ කරන්න. නව සංස්කාර යන අළුත් ඇඳුම් පැළඳගෙන සැබෑ දීපාවලි සමරන්න

පාඨය:
ස්ව-අභිමන් අසුනේ නිරන්තරයෙන් අසුන්ගෙන සිටීම සඳහා, අධිෂ්ඨානයේ බඳ පටිය ඉතා හොඳින් තද කරගන්න.