14.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මිනිසුන් දේවතාවරුන් කරවීමේ සේවයට අනිවාර්යෙන්ම බාධක පැමිණිය හැකියි. සියලුම අපහසුතාවන් ඉවසා දරා ගෙන ඔබ හොඳින් සේවයේ නිරත විය යුතුයි. කරුණාවන්ත විය යුතුයි.

ප්‍රශ්නය:
තම අවසන් උපත පිළිබඳ සිහියෙන් සිටිනා අයගේ සලකුණු මොනවාද?

පිළිතුර:
තමන් මෙම ලෝකයේ තවත් උපතකට නොයන බවත්, තමුන් අන් අයට තවත් උපත් නොදිය යුතු බවත් ඔවුන්ගේ සිහියේ තිබෙනවා. මෙය පාපකාරී ජීවයන්ගේ ලෝකයයි. එය වැඩි වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයක් අපට නැහැ; එය විනාශ විය යුතුයි. අප මෙම පැරණි ඇඳුම් අතහැර අපගේ නිවහන බලා යා යුතුයි. නාටකය දැන් අවසන් වීමටයි යන්නේ.

ගීතය:
නව යුගයේ මල් පොහොට්ටු ...

ඕම් ශාන්ති.
පරම පියා මෙහි සිට ඔය දරුවන්ට කියනවා; ඔය දරුවන් දැන් එකිනෙකාගේ පහන දල්වා ගත යුතුයි. මෙය ඇත්තේ ඔබලාගේ බුද්ධියේයි. මුක්තියට මඟ සෑම මානව ජීවයකටම පෙන්විය යුතුයි යන අසීමිත සිතිවිල්ල පරම පියා තුළත් තිබෙනවා. පරම පියා පැමිණෙන්නේ ඔය දරුවන්ට සේවය කර ඔබව දුකින් මුදවා ගැනීමටයි. දුකින් පිරි දේශය මෙය බවත් සතුටින් පිරි දේශයක් තිබිය යුතු බවත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් මේ ගැන දන්නේ නැහැ. ග්‍රන්ථ වල, ඔවුන් සතුටින් පිරි දේශය දුකින් පිරි තැනක් බවට පත් කර තිබෙනවා. පරම පියා කරුණාවන්තයි. සතුට යනු කුමක්ද, සතුට දෙන්නේ කවුද කියා මිනිස්සු දන්නේ නැති නිසා තමන් සිටින්නේ අසතුටින් බවත් මිනිස්සු දන්නේ නැහැ. මෙයත් නාටකයේ නියමිත වූවකි. සතුට කියන්නේ කුමක්ද, දුක කියන්නේ කුමක්දැයි කියා ඔවුන් දන්නේ නැහැ. සතුටත් දුකත් දෙකම දෙන්නේ දෙවියනුයි කියා ඔවුන් කියනවා. එලෙස ඔහුට අපහාස කරනවා. පරම පියා කියා තමන් අමතන දෙවියන් කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ. පරම පියා කියනවා: ඔය දරුවන්ට මම දෙන්නේ සතුටම පමණයි. බාබා දැන් පැමිණ සිටින්නේ අපිරිසිඳු අයව පාරිශුද්ධ කරන්නැයි කියා ඔබලා දන්නවා. ඔහු කියනවා: මම සෑම කෙනෙක්වම නැවත මිහිරි නිවහන වෙත ගෙන යන්නම්. ඒ මිහිරි නිවහනත් පාරිශුද්ධයි: එහි කිසිම අපිරිසිඳු ජීවයක් නැහැ. කිසිම කෙනෙක් ඒ තැන දන්නේ නැහැ. ඔවුන්: අහවල් අහවල් කෙනා නිර්වාණයට ගියායි කියනවා. නමුත් ඔවුන්ට කිසිවක් තේරෙන්නේ තැහැ. බුදුන් වහන්සේ නිර්වාණ දනව්වට ගියා නම් ඔහු අනිවාර්යයෙන්ම එහි වැසියෙක් විය යුතුයි. ආපසු එතැනටම ගියේ ඒ නිසායි. අච්චා. ඔහු ඒ දේශයට ගියා. නමුත් දැන් අනිත් අය කොහොමද යන්නේ? ඔහු කිසිම කෙනෙක්ව තමන් සමඟ ගෙන ගියේ නැහැ. ඇත්තටම කියනවා නම් ඔහුත් එහි ගියේ නැහැ. ඒ නිසා තමයි සෑම කෙනෙක්ම පාරිශුද්ධකරු වන පරම පියාව සිහි කරන්නේ. පාරිශුද්ධ ලෝක දෙකක් තිබෙනවා: එකක් මුක්තියේ දේශය අනික ජීවන මුක්තියේ දේශය. ශිව දේශයත් විශ්ණු දේශයත් තිබෙනවා. මෙය රාවණ්ගේ දේශයයි. පරම පියා වන පරමාත්මය රාමා කියාත් හඳුන්වනවා. රාමාගේ රාජ්‍යය කියා කියු විට, ඔබගේ සිහිය පරමාත්මය වෙතට ඇදී යනවා. සෑම කෙනෙක්ම මනුෂ්යයෙක්ව පරමාත්මය කියා පිළිගන්නේ නැහැ. ඉතින් එමනිසා, ඔබලා ඔවුන් කෙරෙහි අනුකම්පා විය යුතුයි. ඔබ අපහසුතාවන් ඉවසාදරා ගත යුතුයි. බාබා කියනවා: සුමිහිරි දරුවනි. මිනිසුන් දේවතාවරුන් කරවීමේ මෙම ඥාන යාගයේ දී ඔබට විවිධ බාධක රැසකට මුහුණ පෑමට සිදු වේවි. ගීතාවේ දෙවියන්ටත් අපහාස විඳීමට සිදු වුණා. මොහුත්, ඔබත් අපහාසයට ලක් වුණා. ඔවුන් කියනවා: මෙයා අමාවකට හඳ දකින්න ඇති කියලා. ඒ සෑම දෙයක්ම බොරු කතාන්දර. ලෝකය පුරා කුණු කන්දල් රාශියක්. බලන්න මිනිස්සු කෑමට ගන්නා දේවල්: මිනිස්සු සත්තුන්ව පවා කනවා. බලන්න ඔවුන් කරනා දේවල්. පරම පියා පැමිණ ඔබව ඒ සෑම දෙයකින්ම මුදවා ගන්නවා. ලෝකය පුරා පැතිරී ඇත්තේ මහා විශාල හිංසනයක්. පරම පියා ඔබට සෑම දෙයක්ම ඉතාමත් පහසු කරවනවා. පරම පියා කියනවා: මා සිහි කරන්න ඔබගේ පාප දුරු වී යාවි. මේ එකම එක කාරණය සෑම කෙනෙක්ටම පහදා දෙන්න පරම පියා කියනවා: ඔබගේ සාම දේශයත් සතුටේ දේශයත් සිහි කරන්න. ඔබලා මුලින්ම එහි සිටි අයයි. සන්‍යාසීවරුන් පවා ඔබට පෙන්වන්නේ ඒ වෙත යන මඟයි. කෙනෙක් නිර්වාණ දේශයට ගියා නම් ඔහු කොහොමද අනිත් අයව එහි ගෙන යන්නේ? කවුද ඔවුන්ව ගෙන යන්නේ? උදාහරණයක් ලෙස ගත්තොත් බුදුන් වහන්සේ නිර්වාණ දේශයට ගිහින් නම් සිටින්නේ, ඔහුගේ අනුගාමිකයින් වන බෞද්ධයින් මෙහේ. ඔහු ඔවුන්වත් ගෙන යා යුතුයි. සියලුම දූතයින්ගේ ජීවාත්මයනුත් මෙහි සිටිනා බවත් ඒ සෑම කෙනෙක්ම කුමන හෝ ශරීරයක් ගෙන සිටිනා බවත් කියැවෙනවා, ඒත් මිනිස්සු දිගටම ඔවුන්ගේ ගුණ ගයනවා. අච්චා, ආගමක් ස්ථාපනය කර ඔවුන් යන්න ගිහින්. එතැනින් පසුව සිදුවන්නේ කුමක්ද? මුක්තියට යාමට මිනිස්සු සෑහෙන වෙහෙසක් දරනවා. බාබා ඔබට මන්ත්ර ජප කිරීම්, තපස් රැකීම් හෝ වන්දනා ගමන් යන්න කිව්වේ නැහැ. පරම පියා කියන්නේ: මා පැමිණ සිටින්නේ සැමට මුක්තිය හා විමුක්තිය දානය කිරිමටයි. මම සෑම කෙනෙක්වම මා සමඟ අපසු ගෙන යනවා. සත් යුගයේ ඇත්තේ ජීවත මුක්තියයි. එහි ඇත්තේ එක් ධර්මයක් පමණයි. ඔහු සියලුම ජීවයන්ව ආපසු නිවහනට ගෙන යනවා. බීජ පැළ වන්නේ කෙසේදැයි කියා ඔබලා දකීවි. දියණියන් මහත් වෙහෙසක් දරා බීජ පැළ කළා. මමා. බාබා සහ සියලුම දරුවන් දිගටම බීජ පැළ කරනවා. ප්රධාන ගෙවතු පාලකයා බීජ පැළ කරන්නේ කෙසේදැයි කියා ඔබට උගන්වනවා. ගෙවත්තේ මාස්ටර් ඔහුයි. ඔබ බීජ පැළ කළා. ඒවා දළු දැම්මා. මායාගේ කුණාටු පැමිණ ඒවා නැති කළා. ඒවාට බලපාන කුණාටු වර්ග ගණනාවක් තිබෙනවා. කුණාටු ඇති විට ඔබ ඇසිය යුතුයි: බාබා. මේ සම්බන්ධයෙන් මා කළ යුත්තේ කුමක්ද? ඔබට ශ්රීමත් දෙන්නේ පරම පියායි. කුණාටු ඒවි. පළමුවෙන්ම ශාරිරික අවධානය. ඔවුන්ට තේරෙන්නේ නැහැ; ජීවය වන මා අවිනාශීයි. ශරීරය විනාශ වන සුළුයි. අපි දැන් අපේ උපත් 84 සම්පූර්ණ කර තිබෙනවා. නැවත උපත් ගන්නේ ජීවයයි. එක් ශරීරයක් අතහැර තව එකක් නැවත නැවතත් ගැනීම ජීවයේ කාර්යයි. පරම පියා කියනවා: දැන් මේ ඔබගේ අවසන් උපතයි. ඔබ තව දුරටත් මෙහි නැවත උපත් ගන්නෙත් නැහැ තවත් කෙනෙකුට උපතක් දෙන්නේත් නැහැ. ඇතැම් අය අහනවා: එහෙම වුණොත් ලෝකයේ පැවැත්ම කොහොමද? අහා. මේ වගේ මොහොතක මෙම ලෝකය තවත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් අපට නැහැ. එය දුෂණය වැඩි වර්ධනය කිරීමක් පමණයි. ඒ ක්රමය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ රාවණ් පැමිණියායින් පසුවයි. රාමා එය උසස් කරවනවා. ඒ සඳහාත් ඔබ හොඳ උත්සාහයක් දැරිය යුතුයි. ඔබ නැවත නැවතත් ශාරීරික අවධානයට පත් වෙනවා. ඔබ ශාරීරික අවධානයට පත් වුණේ නැතිනම් ඔබ තමන් ජීවයක් කියා සලකාවි. සත් යුගයේදීත් ඔවුන් තමන් ජීව බව සැලකුවා. තම ශරීර දැන් මහළු වී ඇති නිසා ඒවා අතහැර දමා අළුත් ඒවා ගත යුතු බව ඔවුන් දන්නවා. මෙහිදී ඔවුන්ට ජීවය පිළිබඳ දැනුමවත් නැහැ. තමන් ශරීර කියා තමයි සිතා ගෙන සිටින්නේ. කලකිරීමෙන් සිටිනා අය මෙලොව අතහැර දමා යාමට මඟබලා ගෙන සිටිනවා. එහිදී තිබෙන්නේ සතුටම පමණයි. නමුත් ජීවය පිළිබඳ දැනුම ඔවුනට තිබෙනවා. සෑම කෙනෙක්ම එක් ශරීරයක් අතහැර දමා තවත් එකක් ගන්නවා. මෙන්න මේ නිසා තමයි ඔවුන්ට ඒ පිළිබඳව දුකක් දැනෙන්නේ නැත්තේ. එය සතුටේ ඵලයයි. මෙහිදීත් ඔවුන් ජීවය ගැන කතා කරනවා. ජීවය උත්තරීතර ජීවය කියලත් කියනවා. ජීවයේ පැවැත්ම පිළිබඳ දැනුමක් ඔවුනට තිබුණත් තම චරිත අතරමැද දමා ආපසු යා නොහැකි බව ඔවුන් දන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම එක් ශරීරයක් අතහැර තවත් එකක් ගත යුතුයි. සෑම කෙනෙක්ම පුනරුත්පත්තිය ගැන විශ්වාස කරනවා. සෑම කෙනෙක්ම තම තමන් විසින් කළ ක්‍රියා පිළිබඳව පසුතැවිලි වෙනවා. මායාගේ රාජ්‍යයේදී කරන ක්‍රියා සෑම විටම පාපකාරියි. ඒ නිසා ඔවුන් තම තමන් විසින් කරනා ක්‍රියා සම්බන්ධයෙන් පසුතැවිලි වෙනවා. එහිදී ඔබ පසුතැවිලි වීමට සිදු වන ආකාරයේ ක්‍රියා කරන්නේ නැහැ. තමන් දැන් නිවහන බලා යා යුතු බවත් විනාශය සිදු විය යුතු බවත් ඔබට දැන් පැහැදිලියි. ඔවුන් තවමත් බෝම්බ අත්හදා බලනවා. කේන්ති ගිය විට බෝම්බ වලින් දමා ගසාවි. ඒවා ප්රබල බෝම්බ. යුරෝපයේ යාදවයින් සිහි කරනවා. සෑම ආගමකම අයව අප හඳුන්වන්නේ යුරෝප වැසියන් ලෙසිනුයි. එක් පැත්තකින් භාරතය තබා, අනිත් පැත්තේ අන් සියලුම දෙනාව එකට තබා තිබෙනවා. තම තමන්ගේ රටට ඔවුන් තුළ ඇත්තේ මහත් සෙනෙහසක්. කෙසේවෙතත්, දෛවය එහෙමයි. ඔවුන් මොනවා කරන්නද? බාබා ඔබ සෑම කෙනෙක්ටම ශක්තිය දෙනවා. ඔබ යෝග බලයෙන් රාජ්‍යය දිනා ගන්නවා. බාබා ඔබට කිසිම කරදරයක් කරන්නේ නැහැ. මා සිහි කර ශාරීරික අවධානය අතහැර දමන්න කියා පමණයි පරම පියා කියන්නේ. මම රාමාව හෝ ශ්රී ක්‍රිෂ්ණාව සිහි කරනවායි කියා ඇතැම් අය කියනවා. එවන් මොහොතක දී ඔවුන් තමන් ජීවයක් කියා සලකන්නේ නැහැ. තමන් ජීව බව ඔවුන් අවබෝධ කර ගත්තා නම්. ඇයි ඔවුන් ජීවයන්ගේ පියා වන පරම පියාව සිහි නොකරන්නේ? පරම පියා කියනවා; පරම පියා පරමාත්මය වන මා සිහි කරන්න. ඇයි ඔබ ශාරීරික අයව සිහි කරන්නේ? ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. ජීවයක් වන මා පරම පියාව සිහි කරනවා. බාබා ඔබට අණ කර තිබෙනවා: මා සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වී ගොස් උරුමයන් ඔබ සිහියට ඇතුළු වේවි: පියාත් - උරුමයත් මුක්තිය හා ජීවන මුක්තිය. මිනිස්සු මේ වෙනුවෙන් සෑම තැනම රස්තියාදු වෙනවා. යාගහෝම, බලිපූජා හා තපස් රැකීම් කරනවා. පෝප්තුමාගේ ආශිර්වාද ගැනීමට පවා මිනිස්සු යනවා. මෙහිදී, පියා ඔබට කියන්නේ ශාරීරික අවධානය අතහැර දමා තමා ජීවයක්ය යන විශ්වාසය ඇති කර ගන්න කියලයි. මෙම නාටකය අවසන් වෙලා. අපගේ උපත් 84 අවසන් වී දැන් අප නිවහන බලා යනවා. බාබා ඔබට මෙය ඉතාමත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර මෙය ඔබ සිහියේ තබා ගෙන සිටින්න. නාටකයක් අවසන් වන විට සියල්ල නිම වීමට තව විනාඩි 15ක් පමණයි ඉතිරිව තිබෙන්නේ කියා ඔවුන් තේරුම් ගන්නවා. තම ඇදුම් මාරු කර තමන් දැන් නිවස බලා යා යුතු බව නළුවන් තේරුම් ගන්නවා. සෑම කෙනෙක්ම දැන් නිවස බලා යා යුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් ඔබ එකිනෙකා සමඟ කතා බස් කර ගත යුතුයි. සතුටේ හා දුකෙහි චරිත තමන් කෙතරම් දුරට රඟදක්වා ඇත්දැයි කියා ඔබ දන්නවා. පරම පියා දැන් කියන්නේ: මා සිහි කරන්න. ලෝකයේ සිදු වන අන් සෑම දෙයක්ම අමතක කර දමන්න. ඒ සියල්ල විනාශ වීමටයි යන්නේ. ඔබ දැන් නිවහන බලා යා යුතුයි. මෙම කලි යුගය තවත් වසර දහස් ගණනක් පුරාවට දික්ගැස්සෙනවා කියලයි ඒ මිනිස්සු විශ්වාස කරන්නේ. ඝණ අන්ධකාරය කියන්නේ අන්න ඒකයි. ඔවුන්ට පරම පියා පිළිබඳ හැඳින්වීම ලැබී නැහැ. ඥානය ලබනවා යනු පරම පියා පිළිබඳව දැන ගැනීම වන අතර මෝහය යනු එම හැඳින්වීම නොමැති වීමයි. ඔබ දරණා උත්සාහයේ තරමට ඔබ දැන් සිටින්නේ ආලෝකයේයි. රාත්රිය අවසන් වී අප ආපසු නිවහන බලා යාමටයි සිටින්නේ. දැන් මෙය බ්‍රහ්මාගේ රාත්රිය වන අතර පසුව එය බ්‍රහ්මාගේ අළුයම වේ. වෙනසකට කාලයක් ගත වෙනවා. අප දැන් සිටින්නේ මාරයාගේ දේශයේයි. හෙට අපි අමරණීයත්වයේ දේශයට යමු. පළමුවෙන්ම අප නිවහනට යා යුතුයි. උපත් 84 කල්පය කැරකෙන්නේ මේ ආකාරයෙනුයි. එය කවදාවත් නතර වන්නේ නැහැ. බාබා අහනවා: ඔබ කී වතාවක් මා මුණගැසී තිබෙනවා ද? වාර ගණනාවක්ම තමන් මුණ ගැසී ඇති බව දරුවන් කියාවි. ඔබගේ උපත් 84 චක්රය අවසානයකට ඒවි. එවිට සෑම දෙනාටම කල්පයත් අවසන් වෙනවා. ඥානය යනු මෙයයි. නැණ සයුර පරම පියා පරමාත්මය, පාරිශුද්ධකරු පමණයි අපට ඥානය දෙන්නේ. පාරිශුද්ධකරු කවුදැයි කියා ඔබට කිව හැකියි. අශාරීරික කෙනා තමයි පරමාත්මය. රාගු රාජ්‍යයේ රජ රාමා රජු කියා ඇයි ඔබ කියන්නේ? සියලුම ජීවයන්ගේ පරම පියා ඒ අශාරීරික කෙනා යි. මේ දේවල් පැහැඳිලි කිරීමට හොඳ උපක්රම අවශ්‍යයි. දවසින් දවස ඔබ ඉදිරියට යාවි. මන්ද ඔබ ගැඹුරු ඥානයක් ලැබෙනවා. ඔබ පැහැදිලි කළ යුත්තේ ඇල්ෆාව ගැන පමණයි. ඇල්ෆා අමතක කළා නම් ඔබ අනාථයින් වෙනවා. දුක් විඳීමට සිදු වෙනවා. එකම එක කෙනා පිළිබඳව ඒ කෙනාගෙන් ම දැන ගැනීමෙන් ඔබ උපත් 21කටම සතුටු වෙනවා. මෙය ඥානය වන අතර දෙවියන් සෑම තැනකම සිටිනවායි කියූ විට එය මෝහ අන්ධකාරය වෙනවා. අහා ඔහු තමයි පරම පියා. මේ දේවල් පැහැදිලි කර කියා දිය යුතුයි. තමන් දැන් සිටින්නේ පියාගේ ඔඩොක්කුවේය යන සතුට ඔබ තුළ තිබිය යුතුයි. අනාගතයේ දී ඔබ දේවතා ඔඩොක්කුවට යාවි. එහි ඇත්තේ නිරන්තර සතුටක්. ශිව බාබා අපව හදාගැනීමට ගෙන සිටිනවා. අප ඔහුව සිහි කළ යුතුයි. තමන්ටත් අන් අයටත් යහපතක් ගෙන එමින් සිටි විට රාජ්‍යය ලද හැකි වේවි. මේවා අවබෝධ කර ගත යුතු හොඳ කරුණුයි. ශිව බාබා අශාරීරික වන අතර ජීව වන අපත් අශාරීරිකයි. අපි එහි සිටියේ අශාරීරිකවයි. නග්නවයි. බාබා සෑම විටම අශාරීරිකයි. බාබා කිසිම විටෙක ශරීර ආයිත්තමක් දමා ගත්තේවත්, නැවත උපත් ගන්නේවත් නැහැ. බාබා පැමිණෙන්නේ එකම එක වතාවයි. පළමුවෙන්ම ඔහු බ්‍රහ්මාව නිර්මාණය කරනවා. එමනිසා, ඔහු මොහුව ගෙන විවිධ නම් දෙනවා. බ්‍රහ්මා සිටියේ නැතිනම් බ්‍රහමිණ්වරුන් කොහින් එන්න ද? ඉතින් මේ එම උපත් 84 ගත් කෙනාමයි. ලස්සනට ඉඳ අවලස්සන වන්නේ ඔහුයි. ශ්‍යාම් සුන්දර් වී පසුව සුන්දර් ශ්‍යාම් වෙනවා. භාරතයටත් ශ්‍යාම් සුන්දර කියා කිව හැකියි. භාරතයට ශ්‍යාම් කියා කියනවා. ඒ වගේම එය සුන්දර පාරාදීසයක් ලෙස තිබුණු බවත් කියැවෙනවා. රාග ගින්නේ අසුන් ගෙන අවලස්සන වන්නේ භාරතයයි. එම භාරතයම තමයි ඥාන සෑයේ අසුන් ගෙන නැවතත් සුන්දර වන්නේ. බාබාට භාරතයත් සමඟම ඔළුව ගහ ගන්න වෙලා. භාරතයේ ඇතැම් අය වෙනත් ආගම් වලට ගිහින් සිටිනවා. යුරෝපීයයන් හා ඉන්දියානුවන් අතර එතරම් පේන්න වෙනසක් නැහැ. ඉන්දියානුවන් පිට රට වලට ගොස් විවාහ වුණු විට ක්‍රිස්තියානුවන් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට එම හැඩරුව ඇති වේවි. ඇතැම් අය අප්‍රිකාවටත් ගිහින් විවාහ වෙනවා. මෙම කල්පය තේරුම් ගැනීමට බාබා දැන් ඔබට පුළුල් හා අසීමිත බුද්ධියක් ලබා දෙනවා. විනාශය සිදුවන මොහොතේදී වෙන් වුණු සිහියක් ඇති අය කියා කියනවා. යාදවයින් හා කවුරවයින්ට සෙනෙහසක් නැහැ. සෙනෙහස තිබුණු අය ජයග්‍රහණය ලබනවා. සතුරෙක් වෙන් වුණු බුද්ධියක් ඇත්තෙක් වශයෙන් සලකනවා. පරම පියා කියනවා: මේ කාලයේ දී සෑම කෙනෙක්ම එකිනෙකාගේ සතුරන්. පරම පියා සෑම තැනම සිටිනවා කියා කියමින් ඔහු ඉපදීම සහ මරණය චක්රයෙන් එහා සිටිනා, නමක් හා රූපයක් නැති කෙනෙක් කියලත් කියනවා. පරම පියාණනි කියා තවමත් කියනවා. ජීවයේ හා උත්තරීතර ජීවයේ දර්ශනත් දකිනවා. ජීවය හා උත්තරිතර ජීවය අතර වෙනසක් නැති වූවත් ශක්තියේ අඩු වැඩි වීමක් තිබෙනවා. මානව ජීව මානව ජීවම වුවත් ඔවුන්ගේ තත්ත්වයේ වෙනසක් තිබෙනවා. ඔවුන්ගේ බුද්ධියේ වෙනසක් තිබෙනවා. ඥාන සාගරය ඔබට ඥානය දුන් නිසා තමයි ඔබ ඔහුව සිහි කරන්නේ. ඔබගේ ඒ තත්ත්වය අවසානයේ දී නිර්මාණය වේවි. අම්රිත් වේලාවේ දී පියාව සිහි කර සතුටු වන්න. බිම දිගා වී වුවත් ඔබට සිටිය හැකියි නමුත් නිදා ගන්න බැහැ. තම ධෛර්යයෙන්ම හිඳ ගත යුතුයි. මෙයට උත්සාහයක් අවශ්‍යයි. වෙද මහතුන් බෙහෙත් දෙන්නේ ඒ වෙලාවේ දී (අම්රිත් වේලාවේ දී) ගැනීමටයි. මෙයත් බෙහෙතක්. නිර්මාණකරු වන පරම පියා බ්‍රහ්මා මඟින් බ්‍රහමිණ්වරුන් සාදා, ඔවුනට මෙම ඥානය දෙනවා. සෑම කෙනෙක්ටම මෙය පහදා දෙන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්මයේ ඇකයට පැමිණ සිටිනා තමන් දැන් ඊළඟට දේවතා ඇකයට යනවාය යන ආධ්‍යාත්මික කුල්මත් බව රැක ගන්න. තමාටත් අන් අයටත් යහපත ගෙන එන්න.

2. අම්රිත් වේලාවට අවදි වී ඥාන සාගරයේ ඥානය කලතන්න. එකම එක පිරිසිඳු අමිශ්‍රිත ස්මරණයේ සිටින්න. ශාරීරික අවධානය අත්හැර දමා තමන් ජීවාත්මයක්ය යන ශ්‍රද්ධාව වර්ධනය කර ගන්න.

වරදානය:
ඔබ අම්රිත් වේලාවේ සිට රාත්‍රිය දක්වා සෑම ක්‍රියාවක්ම සිහිපත් කිරීම ඇතිව ක්‍රමානුකූලව සිදු කර ඒ අනුව සාර්ථකත්වයේ ප්‍රතිරූපයක් වේවා.

ඔබ අම්රිත් වේලාවේ සිට රාත්‍රිය දක්වා කුමන ක්‍රියාවක් සිදු කළත් ඒ සෑම එකක්ම සිහි කිරීමෙන් යුතුව ක්‍රමාණුකූලව සිදු කරන්න, එවිට සෑම ක්‍රියාවක්ම සාර්ථක වෙයි. උසස්ම සාර්ථකත්වය වන්නේ ක්ෂණික ඵල ලෙසින් අතීන්ද්‍රීය සතුට අත්විඳීමයි. ඔබ නිරන්තරයෙන් සතුටේ සහ ප්‍රීතියේ රළ තුළ අඛණ්ඩව ගමන් කරයි. එබැවින් ඔබට මෙම ඵලය ක්ෂණිකව ලැබෙන අතර ඔබට අනාගතයේද ඵලය ලැබෙයි. ඔබට මෙම උපතේ ක්ෂණිකව ලැබෙන ඵලය, ඔබගේ අනාගත බොහෝ උපත් වලදි ලැබෙන ඵලයටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඔබ දැන් යමක් සිදු කර, ඒ වෙලාවේදිම ක්ෂණිකව එහි ඵලය ලබා ගනී: මෙය ක්ෂණික ඵලය ලෙස හැඳින්වෙයි.

පාඨය:
තමා උපකරණයක් බව සලකා සෑම ක්‍රියාවක්ම සිදු කරන්න, එවිට ඔබ නොබැඳී, ආදරණීයව රැඳී සිටින අතර ‘මම’ යන අවධානයක් නොතිබෙයි.