15.01.23    Avyakt Bapdada      Sinhala Murli     18.11.93    Om Shanti    Madhuban


සංගම යුගයේ ආදරණීය, රාජකීය දරුවන්, එබැවින් අනාගත රාජධානියේ පාලකයන්.


අද දින, සියලුම දරුවන්ගේ හදවත් සනසන පියා, සෑම තැනකම සිටින ඔහුගේ සියලුම ආදරණීය රාජකීය දරුවන්ව දකිනවා. සෑම දරුවෙක්ම හදවත් සනසන්නාගේ සෙනෙහස ලැබීමට සුදුසුයි. මෙම දිව්‍යමය සෙනෙහස, මෙම උත්තරීතර සෙනෙහස, ලබා ගත හැක්කේ, කෝටි ගණනක් අතරින් සුළු පිරිසකගෙන්, භාග්‍යවන්ත ජීවාත්ම අතලොස්සකට පමණයි. බොහෝ උපත් ගණනාවක් ඔබ, ජීවාත්ම සහ මහාත්මයන්ගේ සෙනෙහස අත්විඳ තිබේ. දැන් මෙම එක් අලෞකික උපතෙදි ඔබ උත්තරීතර සෙනෙහස සහ ආදරය අත්විඳිනවා. මෙම දිව්‍යමය සෙනෙහස තුළින් ඔබ ආදරණීය, රාජකීය දරුවන් බවට පත් වී ඇත. මේ නිසයි හදවත් සනසන්නා වන පියා තුළ, ඔහුගේ සෑම දරුවෙක්ම රජ කෙනෙක් වීමට යන දරුවෙක්ය, යන අලෞකික කුල්මත් බව තිබෙන්නේ. ඔබ රජවරුයි, එහෙම නේද? ඔබ පුරවැසියන් නොවෙයි නේද? ඔබගේ වත්මන් නම්බු නාමය කුමක් කියාද ඔබ සියලු දෙනාම පවසන්නේ? රාජ යෝගීවරු. ඔබ සියලු දෙනාම රාජ යෝගීවරුද නැත්නම් සමහරු ප්‍රජා යෝගීවරුද? (පුරවැසි යෝගීවරු). ඔබ සියලු දෙනාම රාජ යෝගීවරු නම්, පුරවැසියන් පැමිණෙන්නේ කොහේ සිටද? ඔබ පාලනය කරන්නේ කාවද? පුරවැසියන් සිටිය යුතුයි. ප්‍රජා යෝගීවරු පැමිණෙන්නේ කවදාද? ආදරණීය, රාජකීය දරුවන් (රාජ් දුලාරේ) යනු, වර්තමානයේ මෙන්ම අනාගතයේද රජවරුන්ය. ඔබට අනාගත රාජධානිය පමණක් නොවෙයි, ද්විත්ව රාජධානියක් තිබෙනවා. අනාගත රජවරු වීමට පෙර ඔබ වත්මන් කාලයේ ස්ව-ආධිපත්‍යයට අයිතිය හිමි කරගෙන තිබෙනවා. එබැවින් ඔබගේ ස්ව-ආධිපත්‍ය රාජධානියේ ක්‍රියාකාරකම් ඔබ පරීක්‍ෂා කර බලනවාද? ඔබ අනාගත රාජධානියේ ප්‍රශංසාව ගායනා කරන සේම, එය එක් රාජධානියක්, එක ධර්මයක්, සම්පූර්ණ සාමය, සතුට සහ ධනය ඇති රාජධානියක් බවට, ඒ ආකාරයෙන්ම, ඔහෝ ස්ව-ආධිපත්‍ය රජවරුනේ, ඔබගේ ස්ව-ආධිපත්‍ය රාජධානිය තුළ, මෙම දේවල් නිරන්තරයෙන් පවතිනවාද?

එක රාජධානියක් යනු, මා වන ජීවාත්මය, රාජධානියේ කාර්ය ක්‍රියාත්මක කරන භෞතික ඉන්ද්‍රියන්ගේ රාජධානිය, නිරන්තරයෙන් පාලනය කරනවාද? එසේ නැත්නම්, ස්ව-අධිරාජයෙක් වනවා වෙනුවට අතර මැදදි වෙනත් කෙනෙක් ඇතැම් විට අයිතියක් හිමි කරගැනීම ආරම්භ කරන්නේ නැහැ නේද? වෙනත් කෙනෙකුට අයත් රාජධානිය මායාගේ රාජධානියයි. රාජධානිය වෙනත් කෙනෙකුට අයත් වීමේ සලකුණ වන්නේ එම කෙනා මත යැපෙන්නෙක් වීමයි. ස්ව-ආධිපත්‍යයේ ලක්‍ෂණය වන්නේ, ඔබ නිරන්තරයෙන් තමන් සියලු අයිතීන් ඇති ශ්‍රේෂ්ඨ කෙනෙක් බව අත්විඳීමයි. වෙනත් කෙනෙකුට අයිති රාජධානියක් ඔබව යැපෙන්නෙක් කරන අතර ඔබව වෙනත් අයගේ බලපෑම යටතට පත් කරයි. රජ කෙනෙක් වෙනත් රජ කෙනෙකුගේ රාජධානියකට අයිතිවාසිකම් කියන විට, ඔහු ප්‍රථමයෙන් රජුව සිරකරුවෙක් කරයි, එනම්, එවිට රජු වෙනත් කෙනෙක් මත යැපෙයි. එබැවින් ඔබට තිබෙන්නේ එක් රාජධානියක්ද කියා පරීක්‍ෂා කර බලන්න. එසේ නැත්නම්, මායාගේ රාජධානියට අයිතියක් ඇති අය, ස්ව-අධිපතිවරු, රජවරු වන ඔබව, හෝ රාජධානියේ කාර්යයන් ක්‍රියාත්මක කරන ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ව, විටින් විට ඔවුන්ගේ බලපෑම යටතට පත් කරනවාද? එසේ නම් ඔබට තිබෙන්නේ එක රාජධානියක්ද රාජධානි දෙකක්ද? පාලනය කරන්නේ ස්ව-අධිපතියන් වන ඔබගේ නීති සහ විනයන්ද, නැත්නම් විටින් විට මායාගේ නියෝගත් පාලනය කරනවාද?

මෙය සමගම, තිබෙන්නේ එක ධර්මයයි. ධර්මය යනු ධාරණාවයි. එසේ නම් ස්ව-ආධිපත්‍යයේ එක් ධර්මය හෝ ධාරණාව කුමක්ද? පාරිශුද්ධත්වය. සෑම දේකම පාරිශුද්ධත්වය: ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා සහ නෑ සම්බන්ධතා තුළ: මෙය එක් ධර්මයක් එනම්, එක් ධාරණාවක් ලෙස හැඳින්වෙයි. කිසිම අපවිත්‍රතාවයක්, එනම්, වෙනත් ධර්මයක් ඔබගේ සිහිනවල හෝ සිතිවිලි වල වත් නොතිබිය යුතුයි, මන්ද, පාරිශුද්ධත්වය ඇති තැන, අපවිත්‍ර බවේ නමක් හෝ සලකුණක් එනම්, කිසිම නිෂ්ඵල හෝ පාපකාරී දෙයක් තිබිය නොහැක. ඔබ ඒ තරමටම බලවත් වෙලාද? එසේ නැත්නම් ඔබ දුර්වල රජවරුන්ද? නැත්නම් ඔබ විටෙක දුර්වල සහ විටෙක බලවත්ද? ඔබට මෙම එක කෙටි උපතේ ඔබගේ රාජධානිය පාලනය කළ නොහැකි නම්, ඔබ උපත් 21ක් රාජධානියට අයිතියක් හිමි කරගන්නේ කෙසේද? ඔබ දැන් එම සංස්කාර වර්ධනය කර ගනිමින් සිටිනවා. අනාගත ලෝකය නිර්මාණය වන්නේ ඔබගේ මෙකල ශ්‍රේෂ්ඨ සංස්කාර වලින්ය. එබැවින්, ඔබගේ එක් රාජධානියක සහ එක් ධර්මයක වත්මන් කාලයේ සංස්කාර, අනාගත ලෝකයේ අත්තිවාරමයි.

එබැවින් පරීක්‍ෂා කර බලන්න: ඔබගේ සතුට, සාමය සහ ධනය රඳා පවතින්නේ සීමිත ලැබීම් මතද, එසේ නැත්නම් ඔබට තිබෙන්නේ උත්තරීතර දේවමය රාජධානියේ ආධ්‍යාත්මික අතීන්ද්‍රීය සතුටද? ඔබගේ සතුටේ අත්දැකීම් වල පදනම වන්නේ පහසුකම් සහ ප්‍රශංසාද, නැත්නම් ඔබගේ රාජධානිය, උත්තරීතරය මත පදනම් වූ අතීන්ද්‍රීය සතුටේ එකක්ද? නොබිඳි සාමයට අදාල වන්නේද එයමයි: අසාමයේ කිසියම් සිදුවීමක් ඔබගේ නොබිඳි සාමය විනාශ කරයිද? ස්ව-අධිපතියන් වන අයට, කුඩා හෝ විශාල වුවද අසාමයේ ඕනෑම කුණාටුවක් පැමිණෙන්නේ ඔවුන්ට අත්දැකීම් ලබා දීමටයි, එබැවින් ඒවා පියාසර ස්ථිතියට තිලිණයක් වෙයි. ඒවා ඉහළ යන සෝපානයක තිලිණයක් බවට පත් වෙයි. මෙය නිරන්තර සාමය ලෙස හැඳින්වෙයි. එබැවින් පරීක්‍ෂා කර බලන්න: ඔබගේ රාජධානිය, නොබිඳි සාමයේ සහ ස්ව-ආධිපත්‍යයේ එකක්ද?

ධනය සඳහාද එය එසේමයි: ස්ව-ආධිපත්‍යයේ ධනය වන්නේ දැනුම (ග්‍යාන්), ගුණදම් සහ බලයන්ය. ඔබ මේ සියලු ආකාරයේ ධනයෙන් පිරිපුන් ස්ව-අධිරාජවරුන්ද? පිරිපුන්ව සිටීමේ ලක්‍ෂණය වන්නේ, පිරුණු බව ඇති ඕනෑම තැනක, නිරන්තර තෘප්තිය තිබෙන අතර කිසිම ලැබීමක් අඩුවීමේ නමක් හෝ සලකුණක් නොමැති වීමය. සීමිත ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වීම, ධනවත් වීම ලෙස හැඳින්වෙයි, එමෙන්ම රජෙක් වීම යනු දානපතියෙක් වීමය. යම් කෙනෙකුට සීමිත ආශා තිබේ නම් හෝ යම් ලැබීමකට ආශාවක් ඇත්නම්, එවිට, රජෙක් වීම වෙනුවට එවන් ජීවාත්මයක් යාචකයෙක් වෙයි. එබැවින් ඔබගේ ස්ව-ආධිපත්‍යය ඉතා හොඳින් පරීක්‍ෂා කර බලන්න. පරීක්‍ෂා කරන්න: මගේ ස්ව-ආධිපත්‍යය, එක් රාජධානියක, එක ධර්මයක සහ සාමය සහ සතුටින් පිරි එකක්ද? එසේ නැත්නම් එය තවමත් එය බවට පත් වෙමින් තිබෙනවාද? ඔබ තවමත් රජවරු බවට පත්වෙමින් සිටින අතර ස්ව-අධිරාජයෙකුගේ ස්ථිතිය ඔබට නොමැති නම්, එසේ නම් ඒ වෙලාවට ඔබ කවුරුන්ද? ඔබ පුරවැසියන් වෙනවාද? නැත්නම් ඔබ පුරවැසියන් හෝ රජවරුන් නොවන අතරමැද සිටින්නන්ද? දැන්, අතරමැද නොසිටින්න. ඔබ අවසානයේ එය බවට පත් වෙයි කියා නොසිතන්න. ඔබට නියත වශයෙන්ම දීර්ඝ කාලයකට රාජධානියේ භාග්‍යය හිමි කරගැනීමට අවශ්‍ය නම්, එසේ නම්, දීර්ඝ කාලයක් පුරාවට ස්ව-ආධිපත්‍යයේ ඵලය වන්නේ, නියත වශයෙන්ම දීර්ඝ කාලයකට රාජධානිය හිමි කරගැනීමයි. සම්පූර්ණ කාලයටම රාජධානියට අයිතියක් හිමි කරගැනීමේ පදනම වන්නේ, වර්තමානයේ නිරන්තර ස්ව-ආධිපත්‍යයක් තිබීමයි. ඔබට වැටහෙනවාද? මෙසේ සිතමින් කිසිම විටෙක නොසැලකිලිමත් නොවන්න: එය සිදු වෙයි. එය සිදුවෙයි. දරුවන් බොහෝ මිහිරි දේවලින් පියාව විනෝදමත් කරනවා. රජවරුන් වෙනවා වෙනුවට ඔවුන් හොඳ නීතිඥයන් වෙයි. ඔවුන් කෙබඳු නීති කරුණු පවසනවාද යත්, පරම පියාගේ මුවගට නොකඩවා සිනහවක් නැගෙයි. ඉතිං රජෙකුට වඩා නීතිඥයෙක් හොඳද? ඔබ ඉතා දක්‍ෂ ලෙස නීතිමය කරුණු තර්ක කරයි. එබැවින් දැන් නීතිමය කරුණු තර්ක කිරීම නතර කරන්න. ආදරණීය, රාජකීය දරුවන් වන්න. පියා තුළ දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ, ඒ නිසයි ඒ සියලු දේවල් දකිමින් අසමින් සිටින අතර, ඔහුගේ මුවගට නොකඩවා සිනහවක් මතු වන්නේ. ඔහු මේ මොහොතේ ධර්මරාජ්ව භාවිතා කරන්නේ නැහැ.

සෙනෙහස සියලු දෙනාව ඉදිරියට ගමන් කරවනවා. ඔබ මෙහි පැමිණ ඇත්තේ සෙනෙහස නිසයි, එහෙම නේද? එබැවින් ඔබගේ සෙනෙහසට ප්‍රතිචාරයක් ලෙසින් බාප්දාදා කෝටි ගුණයක සෙනෙහස පෙරළා ලබා දෙනවා. මේ දේශයේ සහ විදෙස් රටවල දරුවන් මධුබාන් වලට සෙනෙහස් වාහනයේ පියාසර කරමින් පැමිණ සිටිනවා. බාප්දාදා ඔබ සියලු දෙනාවම (පැමිණ ඇති අය) සකාර් ස්වරූපයෙන් මෙහි දකිනවා, එමෙන්ම සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ ආදරණීය ස්වරූප දකිනවා. අච්චා.

සෙනෙහසේ ගිලී සිටින සියලුම සමීප දරුවන්ට, ස්ව-ආධිපත්‍යය ඇති එබැවින් ලෝක රාජධානියට අයිතියක් ඇති සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම අන්දමකම සම්පූර්ණ ලැබීම් ඇති විශේෂ, ශ්‍රේෂ්ඨ ධනවත් ජීවාත්මයන්ට, එක් රාජධානියක්, එක් ධර්මයක් සහ සම්පූර්ණ රාජධානියකට අයිතියක් හිමි කරගෙන ඇති සහ පියා වැනි දරුවන්ට, භාග්‍යවන්ත ජීවාත්මයන්ට, භාග්‍යය පිරිනමන බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

බාප්දාදා දාදීන් මුණගැසෙමින්:

සියලුම කාර්යයන් හොඳින් නොකඩවා සිදු වෙනවා නේද? කාර්යයන් හොඳ උනන්දුවකින් සහ උද්යෝගයකින් කෙරීගෙන යනවා. කරවන්හාර් එය සිදු වීමට මඟපාදන අතර උපකරණ වන අය එය සිදුකරනවා. ඔබ මෙය අත්දකිනවාද? සියලු දෙනාගේ සහයෝගයේ අතැඟිල්ලෙන් සෑම කාර්යයක්ම පහසුයි, සාර්ථකයි. මේ සියල්ල සිදුවන්නේ කෙසේද? එය විජ්ජාවක් මෙන් දැනෙනවා නේද? ලෝකයේ මිනිසුන් එය දැක පුදුමයට පත්වන අතර ඔය උපකරණ ජීවාත්ම නිරන්තරයෙන් නොකඩවා ඉදිරියට ගමන් කරයි, මන්ද, ඔබ සැහැල්ලු රජවරු නිසා. ලෝකයේ මිනිසුන් සෑම පියවරකදීම කණස්සල්ලට පත් වෙනවා නමුත් ඔබට සෑම සිතිවිල්ලකම පරමාත්ම දෙවියන්ගේ සිහිපත් කිරීම තිබෙන නිසා ඔබ සැහැල්ලුයි. ඔබ සැහැල්ලුයි නේද? එය හොඳයි. ඔබට තිබෙන්නේ සදාතනික සබඳතාවයක්. අච්චා. සෑම දෙයක්ම හොඳන් කෙරෙන අතර එය අඛණ්ඩව හොඳින් කෙරෙයි. ඔබට විශ්වාසය තිබෙන අතර ඔබ සැහැල්ලුයි. කුමක් සිදුවෙයිද හෝ එය කෙසේ සිදුවෙයිද කියා ඔබට කරදර වීමට අවශ්‍ය නොවෙයි.

ගුරුවරුන්ට යම් කණස්සලු තිබෙනවාද? මධ්‍යස්ථාන කෙසේ විස්තාරණය වෙයිද කියා ඔබ කණස්සලු වෙනවාද? සේවය කෙසේ වර්ධනය වෙයිද කියා ඔබ කණස්සලු වෙනවාද? ඔබ මේ ගැන කණස්සල්ලට පත් වන්නේ නැද්ද? ඔබ සැහැල්ලුද? යම් දෙයක් ගැන සිතීම, ඒ ගැන කණස්සලු වෙනවාට වඩා වෙනස්ය. සේවය වැඩි කිරීම ගැන ඔබට සිතිය හැක, එනම්, සේවය වෙනුවෙන් ඔබට සැලසුම් සෑදිය හැක. කෙසේවෙතත්, ඒ ගැන කණස්සල්ලට පත් වීමෙන් කිසිම විටෙක සාර්ථකත්වය ඇති නොවෙයි. ඔබව ගමන් කරවන ඒකායන කෙනා ඔබව ගමන් කරවනවා, සෑම දෙයක්ම සිදු වීමට මඟ පාදන ඒකායන කෙනා එය සිදු කරනවා. එබැවින් සෑම දෙයක්ම පහසුවෙන් සිදුවෙයි. සරළව උපකරණ බවට පත් වී ඔබගේ සිතිවිලි, සිරුරු, මනස, සහ ධනය වටිනා ලෙස භාවිතා කරන්න. ඕනෑම වෙලාවක කුමන කාර්යයක් සිදු කෙරෙමින් පවතිනවාද - එය අපගේ කාර්යයි. යමක් අපගේ කාර්යය වන විට, එය පෞද්ගලිකවම ඔබගේ කාර්යය වන විට, එවිට මගේ යන අවධානය ඇති විට, ඔබ සෑම දෙයක්ම ඒ වෙනුවෙන් භාවිතා කරයි. එසේ නම් බ්‍රහ්මිණ් පවුලේ විශේෂ කාර්යය කුමක්ද? ඔය ගුරුවරු ප්‍රතිචාර දැක්විය යුතුයි. ගුරුවරු, වත්මන් කාලයේ බ්‍රහ්මිණ් පවුලේ විශේෂ කාර්යය කුමක්ද? ඔබ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්නේ කුමක් සඳහාද? (ග්‍යාන් සරෝවර් වෙනුවෙන්). ඔබ සෑම දෙයක්ම සරෝවරයේ (විලට) කැප කරනවාද? යම් පවුලක විශේෂ කාර්යයක් සිදු කෙරෙන විට සියලු දෙනාගේ අවධානය යන්නේ කොහාටද? ඔවුන්ගේ අවධානය යන්නේ එම විශේෂ කාර්යය වෙතටයි. වත්මන් කාලයේ බ්‍රහ්මිණ් පවුලේ ශ්‍රේෂ්ඨතම කාර්යය මෙයයි, එහෙම නේද? සෑම මොහොතකටම, එයටම අයත් වැදගත්කමක් තිබේ. මෙහි සහ විදෙස් රටවල බ්‍රහ්මිණ් පවුලේ සියලුම දෙනාගේ සහයෝගය තිබෙන්නේ මෙම විශේෂ කාර්යයටයි, එහෙම නේද? එසේ නැත්නම් එය ඔබගේ මධ්‍යස්ථානය වෙනුවෙන් පමණක්ද? කාර්යයක් විශාල වන තරමට ඔබට එතරම්ම මහඟු හදවතක්ද තිබේ. ඔබට මහඟු හදවතක් තිබෙන තරමට කාර්යයක් ඉබේටම නිමා වෙයි. ඔබට තිබෙන්නේ කුඩා හදවතක් නම්, එවිට පැමිණීමට තිබුණු කුමක් වුණත් නතර වෙයි. සිදුවීමට තිබූ සියලු දේ නැවතෙයි, නමුත් මහඟු හදවතකින් කිසිසේත් කළ නොහැකි දේ පවා සිදු වෙයි. එය මධුබාන්වල ග්‍යාන් සරෝවර්ද නැත්නම් එය ඔබගේද? එය කාගෙද? එය මධුබාන්ගේ, එහෙම නේද? එය ගුජරාත්ගේ නොවෙයි. එය මධුබාන්ගේද? එය මහාරාශ්ත්‍රගේද? එය අයිති විදෙස් රටවලටද? එය සියලු දෙනාගේය. අසීමිත සේවය වෙනුවෙන් ඇති අසීමිත ස්ථානය, සියලු ජීවාත්මයන්ට ඔවුන්ගේ අසීමිත උරුමය හිමි කරගැනීමට මඟ පාදයි. මෙය හොඳද? අච්චා.

අව්‍යක්ත බාප්දාදා සමග පෞද්ගලික හමුවීම්:

ස්ව-පරිවර්ථනයේ සිතිවිලි තරංග ලෝක පරිවර්ථනය ගෙන එයි.

ඔය සියලු ජීවාත්ම සතුටේ භාග්‍යය ඇති අය බව, ඔබ අත්විඳිනවාද? ඔබ සිහිනෙන් පවා නොසිතූ සතුටේ භාග්‍යය ඔබට හිමි වී තිබෙනවා. එබැවින් සෑම කෙනෙකුගේම හදවත මෙම ගීතය ගයයි: යම් කෙනෙකුට සතුටේ මහා භාග්‍යය තිබේද, ඒ කෙනා මමයි. ඔබගේ සිත්වල ඇති ගීතය මෙයයි. මුවෙන් ගීතයක් ගායනා කිරීමට ඔබ උත්සාහයක් දැරිය යුතුයි, නමුත් ඔබ සියලු දෙනාටම ඔබගේ මනසින් ගීත ගායනා කළ හැක. සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ සතුටේ සම්පතයි, මන්ද, ලැබීම් ඇති විට සතුට තිබෙයි. ලැබීම් වල යම් අඩුවක් ඇති නම්, එවිට කෙනෙක් තවත් පුද්ගලයෙකුට සතුටින් සිටීමට කියා කෙතරම් කීවත්, ඔවුන් කෘත්‍රීමව සතුටින් සිටීමට කෙතරම් වෙර දැරුවත්, ඔවුන්ට සතුටින් සිටීමට නොහැකි වෙයි. එසේ නම් ඔබ සෑම විටම ඉන්නේ සතුටින්ද, නොඑසේ නම් ඇතැම් විට පමණක්ද? ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය, යන අභියෝගය ඔබ නිකුත් කරන බැවින්, දෙවියන් ඇති තැන ලැබීමක අඩුවක් තිබිය හැකිද? එමෙන්ම ඔබට සෑම විටම සතුටද තිබේ, මන්ද, ඔබ නිරතුරුවම සියලු ලැබීම්වල ප්‍රතිරූපයි. බ්‍රහ්ම පියාගේ ගීතය වුණේ කුමක්ද? මට අවශ්‍යව තිබූ දේ මට ලැබුණා. එසේ නම් එය බ්‍රහ්ම පියාගේ පමණක් වන ගීතයද, නැත්නම් එය ඔබ සියලු දෙනාගෙත් ගීතයද? ඇතැම් විට දුක් රැල්ලක් පැමිණෙනවාද? එය කවදා වෙන තුරු නොකඩවා පැමිණෙයිද? දැන් කෙටි කාලයකට වත් කිසිදු දුක් රැල්ලකට පැමිණීමට ඉඩ නොදෙන්න. ලෝක පරිවර්ථනයට ඔබ උපකරණ බැවින්, ඔබට තමන් තුළ මෙම පරිවර්ථනය සිදුකළ නොහැකිද? ඔබට දැන් පවා තව කාලය අවශ්‍යද? සරළව නැවතීමේ තිතක් තබන්න. ඔබට මුළු කල්පය පුරාවටම මෙතරම් ශ්‍රේෂ්ඨ කාලයක්, ශ්‍රේෂ්ඨ ලැබීමක් හෝ ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවයක් නොලැබෙයි. එබැවින් ප්‍රථමයෙන් ස්ව-පරිවර්ථනය තිබිය යුතුයි. ස්ව-පරිවර්ථනයේ මෙම චිත්ත තරංග, ලෝක පරිවර්ථනය ගෙන එයි.

ද්විත්ව විදේශික ජීවාත්මයන්ගේ විශේෂත්වය වන්නේ වේගවත් ජීවන රටාවක්. එබැවින් ඔබගේ පරිවර්ථනයේ ඔබ වේගවත්ද? විදෙස් රටකදි කෙනෙක් ඉතා සෙමින් ගමන් කරන්නේ නම් ඔවුන් එයට අකමැතිය. එබැවින් මෙම විශේෂත්වය, පරිවර්ථනය වෙනුවෙන් භාවිතා කරන්න. එය හොඳයි. ඔබ ඉදිරියට ගමන් කරන අතර ඔබ දිගටම ඉදිරියට ගමන් කරයි. ඔබගේ හැඳිනගැනීමේ ද්‍රිෂ්ඨිය ඉතා තියුණුයි, ඔබ පරම පියාව හැඳිනගෙන තිබෙන්නේ එනිසයි. දැන් ඔබගේ උත්සාහයන් වලදි තීව්‍ර වන්න, සේවයේ තීව්‍ර වන්න සහ ඔබගේ ගමනාන්තයට ළඟා වීමට පරිසමාප්ත වීමේ තීව්‍ර වන්න. ඔබට ප්‍රථම අංකය හිමි කරගැනීමට අවශ්‍යයි නේද? බ්‍රහ්ම පියා ප්‍රථමයා වූ සේම, බ්‍රහ්ම පියාගේ සහකරුවන් වන්න එවිට ඔබ ප්‍රථම බවට පත් වී, ප්‍රථමයා සමග පැමිණෙයි. ඔබට බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? අච්චා. මව්වරුන්, ඔබ විශ්මයන් සිදු කරනවා නේද? කිසිසේත් කළ නොහැකි බව ලෝකයා සලකන දේ, ඔබ සිදුකර එය පහසු බව පෙන්වා තිබේ. ඔබ එවන් විශ්මයන් සිදු කරනවා, එහෙම නේද? ලෝකයේ මිනිසුන් සිතන්නේ මව්වරුන් දුර්වල බවත් ඔවුන්ට කිසිවක් කළ නොහැකි බවත්ය, එනමුත් ඔබ කිසිසේත් කළ නොහැකි දේ කළ හැකි බවට පත් කරමින්, ලෝක පරිවර්ථනයේ සියල්ලටම වඩා ඉදිරියෙන් ගමන් කරනවා. පාණ්ඩවයන් කරන්නේ කුමක්ද? ඔබ කිසිසේත් කළ නොහැකි දේ, කළ හැකි බවට පත් කරමින් සිටිනවා නේද? ඔබ පාරිශුද්ධත්වයේ ධජය ඔසවා තිබෙනවා නේද? ඔබ ධජය ඉතා හොඳින් ඔබගේ අතේ තබාගෙන සිටිනවාද, නොඑසේ නම්, එය ඇතැම් විට පහත් වෙනවාද? නිරන්තරයෙන් පාරිශුද්ධත්වයේ අභියෝගයේ ධජය, නොකඩවා ඔසවා තබා ගන්න.

2) අම්රිත් වේලාවේ ඒකාබද්ධව සිටීමේ අවධානයේ තිලකයක් තබන්න.

ඔබ පහසු යෝගීවරු බව ඔබ නිරන්තරයෙන් අත්විඳිනවාද? සිදුවීම් ඔබට කෙතරම් අපහසුතා අත්විඳීමට සැලසුවත්, ඕනෑම අපහසු දෙයක් පහසු කරවන පහසු යෝගීවරු ඔබයි. ඔබ එවැනි අයද, නැත්නම් අපහසු අවස්ථාවකදි ඔබ යමක් අපහසු බව අත්දකිනවාද? එය සෑම විටම පහසුද? යමක් අපහසු වන හේතුව, ඔබ පරම පියාගේ ඇසුර අත්හැරීමයි. ඔබ තනි වන විට, ඔබ දුර්වල වෙයි, එමෙන්ම දුර්වල අයට පහසු දේවල් අපහසු වෙයි, මේ නිසයි නිරන්තරයෙන් ඒකාබද්ධව සිටින ලෙස බාප්දාදා ඔබට මින් පෙරද පැවසුවේ. ඒකාබද්ධව සිටින අයව කිසි කෙනෙකුට වෙන් කළ නොහැක. මෙකල ඔය ජීවාත්ම සහ ඔබගේ සිරුරු ඒකාබද්ධව ඇති සේම, ඔබ සහ පරම පියා ඒකාබද්ධව රැඳී සිටිය යුතුයි. ඔය මව්වරු සිතන්නේ කුමක්ද? ඔබ සිටින්නේ ඒකාබද්ධවද, නැතිනම් ඔබ විටෙක ඒකාබද්ධවත් විටෙක වෙන්වීත් සිටිනවාද? වෙනත් කිසිම කලෙක ඔබට මෙවන් ඇසුරක් ලැබෙනවාද? එසේ නම් ඔබ ඔහුගේ ඇසුර අත්හරින්නේ ඇයි? ඔහු ඔබට ලබා දී ඇති කාර්යය කුමක්ද? සරළවීමගේ බාබා! සිහි කිරීමට. මෙයට වඩා පහසු කාර්යයක් තිබෙනවාද? එය අපහසුද? (අපට මෙම සංස්කාර උපත් 63ක් තිබී ඇත). ඔබට දැන් නව උපතක් තිබෙනවා, එහෙම නේද? නව උපතක් සහ නව සංස්කාර. ඔබ දැන් සිටින්නේ ඔබගේ පැරණි උපතේද, නව උපතේද? එසේ නැත්නම් එය භාගයක් සහ භාගයක්ද? නව උපතෙදි ඔබට තිබෙන්නේ සිහි කිරීමේ සංස්කාරද අමතක වීමේ සංස්කාරද? එසේ නම් ඔබ අළුත් එක අතහැර ආපසු පරණ එකට යන්නේ ඇයි? ඔබ කැමති අළුත් දේකටද, පරණ දේකටද? එසේ නම් ඔබ ආපසු පරණ එකට යන්නේ ඇයි? දිනපතාම අම්රිත් වේලාවේ තමන් මත, බ්‍රහ්මිණ් දිවියේ අවධානයේ තිලකයක් තබන්න. බැතිමතුන් අනිවාර්යෙන් තමන් මත තිලකයක් තබයි, එබැවින් ඔබ අවධානයේ තිලකය තැබිය යුතුයි. කොහොමත් තිලකයක් තබන මව්වරු තබන්නේ, ඇසුරක තිලකයයි. එබැවින් සෑම විටම මෙම අවධානය ඇති කරගන්න: මා සිටින්නේ ඒකාබද්ධවයි. සෑම විටම මෙම ඇසුරේ තිලකය තබන්න. යමෙකුට සහකරුවෙක් සිටියි නම්, ඇය තිලකයක් තබයි, එමෙන්ම ඇයට සහකරුවෙක් නොමැති නම්, ඇය තිලකයක් තබා නොගනී. මෙය ඇසුරේ තිලකයකි. එසේ නම් ඔබ දිනපතාම අවධානයේ තිලකයක් තබනවාද, නැත්නම් ඔබට අමතක වෙනවාද? විටෙක ඔබට එය තැබීමට අමතක වන අතර විටෙක එය මැකී යයි. ඔබට කිසි විටෙක ඔබගේ සහකරුව, ඔහුගේ ඇසුර, අමතක නොවෙයි. එබැවින් ඔබගේ සහකරුව සෑම විටම ඔබ සමග තබාගන්න.

මෙම කණ්ඩායම ලස්සන මල් පොකුරකි. විවිධ මල් ඇති මල් පොකුරක් ලස්සනයි. එබැවින් ඔබ සියලු දෙනා, ඔබ කවුරු වුණත්, ඔබ කොහේ සිට පැමිණියත්, ඔය සෑම කෙනෙක්ම අනෙකාට වඩා සෙනෙහසට පාත්‍ර වනවා. ඔබ සියලු දෙනාම තෘප්තිමත් නේද? ඔබට නිරන්තරයෙන් ඇසුර තිබෙන අතර ඔබ සෑම විටම තෘප්තිමත්ය. එපමණයි, මෙම එක් වදන පමණක් සිහියේ තබාගන්න, මා ඒකාබද්ධයි, එමෙන්ම මා සෑම විටම ඒකාබද්ධව රැඳී සිට එකම වෙලාවේ ආපසු යනවා. කෙසේවෙතත්, ඔබ ඔහුත් සමග ආපසු යන්නේ ඔබ ඔහු සමග රැඳී සිටියොත් පමණයි. ඔබ ඔහු සමග රැඳී සිට, ඔහු සමග ආපසු යා යුතුයි. ඔබ සෙනෙහස දක්වන කෙනෙකුගෙන් ඔබට වෙන්ව සිටිය නොහැක. ඔබ එම කෙනා සමග සෑම තත්පරයක සහ සෑම සිතිවිල්ලකම සිටිනවා. අච්චා.

වරදානය:
ඔබ සමබරතාවයක් තබා ගැනීමේ විශේෂත්වය ධාරණය කරගැනීමෙන්, සියලු දෙනාට ආශිර්වාද ලබා දෙන බලවත් සේවාධාරියෙක් වේවා.

ඔය බලවත් ජීවාත්ම, දැන් කළ යුතු සේවය වන්නේ සියලු දෙනාටම ආශිර්වාද ලබා දීමයි, එය ඔබගේ දෑස් තුළින් හෝ නළලින් වුවද ලබා දිය හැක. සකාර් බාබා, ඔහුගේ කර්මතීට් ස්ථිතියේදි, ඔහුගේ අවසන් මොහොතේ, සමබරතාවයක් තබාගැනීමේ විශේෂත්වය ඔහුට තිබූ අන්දම මෙන්ම ආශිර්වාදවල ආශ්චර්යත් ඔබ දුටුවා. එබැවින් පියාව අනුගමනය කරන්න. මෙය පහසු සහ බලවත් සේවයයි. මෙය කිරීමට අඩු කාලයක්, අඩු උත්සාහයක් අවශ්‍ය වන අතර ඔබට වැඩි ප්‍රතිඵල අත්වෙයි. එබැවින් ඔබගේ ජීව අවධාන ස්වරූපයෙන් සියලු දෙනාටම අඛණ්ඩව ආශිර්වාද ලබා දෙන්න.

පාඨය:
තත්පරයකදි විස්තාරණය මුසු කොට, දැනුමේ සාරයේ අත්දැකීම ලබා දීම යනු, ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වීමය.

දැන්වීමයි: සියලුම රාජයෝගී තපස්වි සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා විශේෂ යෝගාවේ සිටින, මාසයේ තුන්වන ඉරුදින අදයි. මේ වෙලාවේ ඔබගේ ආලෝකය සහ බලයේ ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටිමින් ප්‍රදීපාගාරයක් වී, මුළු ලෝක ගෝලය පුරාම ශාන්තිය සහ ශක්තියේ සකාශ් බෙදා හරින්න.