15.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම සංගම යුගය, ඉහළ නැඟීමට ඇති යුගයයි. මෙම යුගයෙදී සෑම කෙනෙකුටම යහපතක් සිදුවෙයි. මේ නිසයි මෙසේ කියන්නේ ඉහළ නැඟීමේ ස්ථීතිය නිසා, සෑම කෙනෙකුටම යහපතක් සිදුවෙයි.

ප්‍රශ්නය:
බාබා, සියලුම බ්‍රහ්මිණ් දරුවන්ට බොහෝ සුබ පැතුම් දෙන්නේ ඇයි?

පිළිතුර:
බාබා පවසන්නේ මගේ ඔය දරුවන්, මනුෂ්‍යයන්ගෙන්, දේවතාවන් බවට පත් වන නිසාය. ඔබ දැන් රාවනගේ යදම් වලින් නිදහස් වනවා. ඔබ සම්මාන ඇතුව සමත් වී, දිව්‍ය ලෝකකයේ රාජධානිය හිමි කරගන්නවා. මා එසේ කරන්නේ නැත. එබැවින් බාබා ඔබට බොහෝ සෙයින් සුබ පැතුම් ලබා දෙයි. ඔය ජීවාත්ම, සරුංගල්ය. ඔය සෑම කෙනෙකුගේම නූල තිබෙන්නේ මගේ අතේය. මා ඔබව දිව්‍ය ලෝකකයේ අධිපතියන් බවට පත් කරවනවා.

ගීතය:
අප පුන පුනා බලා සිටි දවස අවසානයේ පැමිණිලා.

ඕම් ශාන්ති.
මෙම අමරණීයත්වයේ කතාව ඔබට පවසන්නේ කවුද? ඔබ එයට අමරණීයත්වයේ කතා පුවත කීවත්, සත්‍ය නාරායන් වීමේ කතා පුවත කීවත්, තෙවැනි ඇසේ කතාව කීවත්, තුනම වැදගත්ය. ඔබ අසුන් ගෙන සිටින්නේ කවුරු ඉදිරියේද, එමෙන්ම ඔබට කතාපුවත පවසන්නේ කවුද? මෙම කෙනා වුවද බොහෝ ආධ්‍යාත්මික සමූහ වලට ගොස් තිබේ. එහි ඔබට දැක බලා ගත හැක්කේ මුනෂ්‍යයන්ව පමණයි. ඔවුන් පවසන්නේ අහවල් සන්යාසී ආගමික කතාවක් කියන බවයි, ශිවානන්ද, කතාවක් පවසන බවයි. භාරතයේ බොහෝ ආධ්‍යාත්මික හමුවීම් තිබේ. සෑම මාවතකම ඔවුන් ආධ්‍යාත්මික රැස්වීම් පවත්වයි. ස්ත්‍රීන් පවා ආගමික පොතක් නිකම්ම අතට ගෙන, ආධ්‍යාත්මික රැස්වීමක් පවත්වයි. එබැවින් ඔබ එහි දකින්නේ මනුෂ්‍යයන් වන අතර, මෙහි එය ආශ්චර්යමත් කාරණාවකි. ඔබගේ බුද්ධිය තුළ සිටින්නේ කවුද? උත්තරීතර ජීවාත්මය, පරමාත්ම දෙවියන්ය. ඔබ පවසන්නේ, දැන් බාබා ඔබ ඉදිරියට පැමිණ ඇති බවයි, අශාරීරික බාබා, ඔබට උගන්වන බවයි. මනුෂ්‍යයන් පවසන්නේ අපූරුයි! නමුත් දෙවියන්, නමක් සහ රූපයක් ඉක්මවා සිටියි! පරමාත්ම පියා විස්තර කරන්නේ නමක් සහ රූපයක් ඉක්මවූ කිසිම දෙයක් නැත. මෙහිදී ඔබට උගන්වන්නේ ශාරීරික ජීවයක් නොවන බව ඔබට වැටහෙයි. ඔබ ලෝකයේ වෙන කොහේ ගියත් ඔබට උගන්වන්නේ ශාරීරික ජීවයි. මෙහි, අශාරීරික දෙවි පියාණන් වශයෙන් හැඳින්වෙන, උත්තරීතර පියා, අසුන්ගෙන, ශාරීරික කෙනාගේ මාර්ගයෙන් ඔබට උගන්වයි. මෙය සම්පූර්ණයෙන්ම අළුත් දෙයකි. උපතින් උපතට ඔබ ඔවුන් මෙසේ කියන අයුරු අසා සිටියා, මෙම කෙනා අහවල් පණ්ඩිතයෙක් හෝ ගුරු කෙනෙක්. ඔවුන්ට බොහෝ නම් තිබේ. භාරතය ඉතා විශාලයි. ඔබට උගන්වන හෝ විස්තර කරන කවුරු වුණත්, මනුෂ්‍යයෙකි. අනුගාමිකයන්ද මනුෂ්‍යයන්ය. මනුෂ්‍යයින් විවිධ මාදිලියේ අයයි. ඔවුන් සෑම විටෙකම ශරීරයේ නම සඳහන් කර මෙසේ කියයි, අහවලා මෙය විස්තර කර දෙනවා. භක්ති මාර්ගයේ ඔවුන් අශාරීරික කෙනාට කන්නලව් කරති ඕ පාරිශුද්ධකරු වඩිනු මැනවි! ඔහු පැමිණ, ඔය දරුවන්ට පහදා දෙයි. සෑම චක්‍රයකදීම මුළු ලෝකයම අපවිත්‍ර වන බවත්, එය නැවත පිවිතුරු කරන්නේ අශාරීරික පරම පියා පමණක් බවත්, ඔය දරුවන් දන්නවා. මෙතැන අසුන් ගෙන සිටින ඔබලා අතරින්, ඇතමුන් දුර්වල වන අතර ඇතමුන් ශක්තිමත්ය. ඔබ චක්‍රයෙන් භාගයක්ම ශරීර අවධානයෙන් සිටි නිසයි ඔබ දැන් මෙම උපතෙදී, ජීව අවධානයට පත් විය යුත්තේ. ඔබගේ සිරුර තුළ අසුන් ගෙන සිටින සෑම ජීවාත්මයකටම, උත්තරීතර ජීවාත්මය මෙතැන අසුන් ගෙන පහදා දෙයි. සංස්කාර රැගෙන යන්නේ ජීවාත්මයයි. ජීවාත්මය, ඔහුගේ අවයව තුළින් මෙසේ පවසයි මම අහවල් කෙනාය. කෙසේවෙතත්, කිසිවෙක් ජීව අවධානයෙන් නැත. භාරතයේ සූර්ය රජ පෙළපතට සහ චන්ද්‍ර රජ පෙළපතට අයත් වූ අය, මෙකල පැමිණ, බ්‍රහ්මනයන් වී, ඉන්පසුව දේවතාවන් වන බව, පරම පියා විස්තර කර දෙයි. ශරීර අවධානයෙන් සිටීමේ පුරුද්ද, මනුෂ්‍යයන්ට තිබේ ඔවුන්ට ජීව අවධානයෙන් සිටීමට අමතක වෙයි. මේ නිසයි පියා නැවත නැවතත් පවසන්නේ ජීව අවධානයට පත්වන්න! විවිධ පැළඳුම් ඇඳගෙන ඔහුගේ චරිත කොටස රඟපාන්නේ, ජීවාත්මයයි. ඔහුගේ ඉන්ද්‍රියන් මේවාය. පරම පියා දැන් දරුවන්ට පවසන්නේ දරුවනි, මන්මනභව වන්න! ගීතාව පමණක් හැදෑරිමෙන් කිසි කෙනෙකුට රාජධානියේ භාග්‍යය ලබා ගත නොහැක. මෙකල ඔබව ත්‍රිකාලදර්ශී බවට පත්කෙරෙනවා. දිවා රාත්‍රිය මෙන් වෙනසකි. පරම පියා විස්තර කරන්නේ මා ඔබට රාජයෝගා උගන්වන්නෙමි. ක්‍රිෂ්ණා, ස්වර්ණමය යුගයේ රජකුමරෙකි. සූර්ය වංශික දේවතාවන්ට මෙම දැනුම නොමැත. දැනුම අතුරුදහන් වී තිබෙයි. මෙම දැනුම, ජීවන-මුක්තිය ලබාගැනීම සඳහාය. ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් පහත් තත්ත්වයේ නැත. එය ස්වර්ණමය යුගය වන අතර, එය දැන් කලි යුගයයි. භාරතයේ පළමුවෙන්ම සූර්ය රජ පෙළපතේ උපත් 8ක් තිබෙන අතර, ඉන්පසුව රිදී රජ පෙළපතේ උපත් 12 ක් තිබෙයි. ඔබට දැන් තිබෙන මෙම එක් උපත, සියල්ලට වඩා හොඳම එකයි. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මගේ මුඛයෙන් උපන් පරම්පරාවයි. මෙය වඩාත්ම ශ්‍රේෂ්ට බ්‍රහ්මන ධර්මයයි. දේවතා ධර්මයට වඩාත්ම උසස් ධර්මය යැයි කිව නොහැක. වඩාත්ම උසස් වන්නේ බ්‍රහ්මන ආගමයි. දේවතාවන් ඔවුන්ගේ ප්‍රතිලාභය අත්විඳිනවා පමණයි. මෙකල බොහෝ සමාජ සේවකයන් සිටියි. ඔබගේ කාර්යය වන්නේ ආධ්‍යාත්මික සේවයයි. ඔවුන් කරන්නේ භෞතික සේවයකි. මෙම ආධ්‍යාත්මික සේවය කළ හැක්කේ එක් වරක් පමණයි. පෙර කල, සමාජ සේවකයන් ආදීන් සිටියේ නැත. රජ සහ රැජින, පාලනය කළෝය. ස්වර්ණමය යුගයේ, දේවතාවන් විසූහ. ඔබ, වැඳුම් ලබන්නට සුදුසු වී ඉන්පසුව වඳින්නන් විය. තඹ යුගයෙදී, ලක‍ෂ්මි සහ නාරායන පාපයේ මාර්ගයට ගිය පසු, මිනිසුන් එවිට ඔවුන් වෙනුවෙන් දේවාල තැනුවේය. ඔවුන් පළමුව ශිවාට දේවාලයක් තනයි. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නේ ඔහුයි. එබැවින් ඔහුව නිසැකයෙන්ම පිදිය යුතුයි. ජීවාත්මයන්ව පාපයෙන් තොර කළේ ශිව බාබාය. ඉන්පසුව දේවතාවන්ගේ වන්දනාව තිබෙයි. ඔබ වැඳුම් ලබන්නට සුදුසු වී ඉන්පසුව ඔබ වඳින්නන් විය. බාබා ඔබට කියා තිබෙන්නේ අඛණ්ඩව චක්‍රය සිහි කරන්න. ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණ, දැන් බිමට වැටී ඇත. එය දැන් ඔබගේ ඉහළට යන ස්ථීතියයි. මා දැන් ලෝකයේ ඇති සියලුම මනුෂ්‍යයන්ට, ඉහළ නඟින ස්ථීතිය රැගෙන එමි. පාරිශුද්ධකරු පැමිණ, සියල්ලන්ව පාරිශුද්ධ කරයි. ඔබගේ ඉහළ නැඟීමේ ස්ථීතියට පසුව, එය ස්වර්ණමය යුගය වූ කල්හි, ඉතිරි සියලුම ජීවාත්මයන් සිටියේ විමුක්ති දේශයේය. පරම පියා මෙතැන අසුන් ගෙන විස්තර කරයි මිහිරිතම දරුවනි, මා උපදින්නේ භාරතයේ පමණයි. ශිව බාබා, පැමිණි බව, සිහි කර තිබේ. ඔහු දැන් නැවතත් පැමිණ ඇත. මෙයට කියන්නේ ස්ව ආධිපත්‍යයට, අශ්වයා බිලි දෙන, අවිනාශී දැනුමේ යාග හෝමය කියාය. යාග හෝමය නිර්මාණය කළේ, ස්ව ආධිපත්‍යය ලබා ගැනීම සඳහාය. එවිට බාධක තිිබුණි. දැනුදු බාධක ඇත. මවුවරුන්ට පහර දෙනු ලබයි. ඔවුන් කියන්නේ බාබා, අපිව නිරුවත් කරනවා! ඔවුන් අපට ඉන්න දෙන්නේ නැහැ! ද්‍රෞපදීව ආරක‍ෂා කළ ආකාරය ඔවුන් පෙන්වා තිබේ. ඔබ පරමාත්ම පියා වෙතට පැමිණ සිටින්නේ උපත් 21 කට ඔබගේ උරුමය හිමි කරගැනීමටයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ සිට, තමන්ව පිවිතුරු කරගනී. ඉන්පසුව පාපයේ ගැලීමෙන්, සෑම දෙයක්ම අවසන් වී, ඔබ බිමටම ඇද වැටෙයි. මේ නිසයි පියා පවසන්නේ ඔබ අනිවාර්යෙන්ම පිවිතුරුව රැඳී සිටිය යුතුයි. පෙර චක්‍රයේදී මෙය වූ අය, පාරිශුද්ධත්වය සඳහා පොරොන්දුවක් වෙයි. ඉන්පසුව සමහරුන්ට පාරිශුද්ධව සිටීමට හැකි වන අතර තවත් සමහරෙකුට නොහැක. ප්‍රධානතම දෙය වන්නේ, සිහිපත් කිරීමය. ඔබ සිහිපත් කිරීමේ සිට, පාරිශුද්ධව රැඳී සිට, ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කරන්නේ නම්, ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගනී. විෂ්ණුගේ ද්විත්ව ස්වරූපය, රාජධානිය පාලනය කරයි. කෙසේවෙතත්, ඔවුන් විෂ්ණුට ලබා දී ඇති හක් ගෙඩිය සහ චක්‍රයේ ආභරණ, දේවතාවන්ට අයත් වන්නේ නැත ලක‍ෂ්මි සහ නාරායනට ඒවා නැත. විෂ්ණු වාසය කරන්නේ සූක‍ෂම කලාපයේය. ඔහුට චක්‍රය පිළිබඳ දැනුම අවශ්‍ය වන්නේ නැත. එහි තිබෙන්නේ චලන පමණයි. ඔබ සාම දේශයේ වැසියන් බව ඔබට දැන් වැටහෙනනවා. එය අශාරීරික ලෝකයයි. ජීවාත්මයක් යනු කුමක්ද කියා, මනුෂ්‍යයන්ට වැටහෙන්නේ නැත ඔවුන් පවසන්නේ, ජීවාත්මයක්, උත්තරීතර ජීවාත්මය බවයි. ජීවාත්මයක් ගැන ඔවුන් කියන්නේ එය, නළල මධ්‍යයේ වාසය කරන දිදුලන තාරකාවක් කියාය. මෙම දෑස් වලින් එය දැකිය නොහැක. ජීවාත්මයක් සිරුරක් හැර යන අන්දම දකින්නට, කෙනෙක් සිරුරක්, වීදුරු පෙට්ටියක දමා අගුල් දමන්නට කෙතරම් උත්සාහ දැරුවද, කිසි කෙනෙකුට මෙය වැටහෙන්නේ නැත. කෙසේවෙතත්, ජීවාත්ම, තාරකා මෙන් බවත්, දිව්‍යමය දර්ශනයකින් තොරව එය දැක ගත නොහැකි බවත් ඔවුන් කියයි. භක්ති මාර්ගයේ, බොහෝ මිනිසුන්ට දර්ශන පෙනෙයි. අර්ජුනට සදාතනික ආලෝකයේ දර්ශනයක් ලැබුණු බව, ලියා ඇත. එය දරා ගැනීමට නොහැකි බව, අර්ජුන හඬගා කීවේය. පරම පියා පහදා දෙන්නේ එවන් දීප්තිමත් කිසිවක් නැත. ජීවයක් සිරුරක් තුළට ඇතුළු වන විට, ඔබට එය නොදැනෙයි. බාබා ඇතුළු වී, කතා කරන අන්දම ගැන, ඔබට දැන් වැටහෙනවා. මෙහි පැමිණ කතා කරන්නේ, ජීවාත්මයයි. මේ සියල්ලද නාටකයේ නියම වී තිබේ. කිසි කෙනෙකුගේ ශක්තියක් පිළිබඳ ප්‍රශ්නයක් මෙහි නැත. ජීවාත්මයක්, තම සිරුර අතහැර වෙනත් තැනකට නොයයි එය දර්ශනයක් පිළිබඳ කරුණක් පමණයි. එය ආශ්චර්යමත් කාරණාවකි. පියා පවසන්නේ මා සාමාන්‍ය සිරුරකට ඇතුළු වන්නෙමි. ඔවුන් ජීවයක් කැඳවයි. පෙර කාලයේ, ඔවුන් පිටව ගිය ජීවයකට පැමිණෙන්නට යැයි ආරාධනා කර, ඉන්පසුව ඔහුගෙන් ප්‍රශ්න විමසයි. දැන් සෑම දෙයක්ම තමෝප්‍රධාන් වී තිබේ. පරම පියා පැමිණෙන්නේ, අපවිත්‍ර අයව පිවිතුරු කිරීම සඳහා පමණයි. ඔවුන් උපත් 84 ක් ගැන පවසයි. එබැවින් මුලින් පැමිණි අය, උපත් 84ක් ගන්නට ඇති බව, වටහාගත යුතුයි. ඔවුන් වසර සිය දහස් ගණනක් ගැන කතා කරති. පියා දැන් විස්තර කර දෙන්නේ මා ඔබව දිව්‍ය ලෝකකයට ඇරියා. ඔබ එහි ගොස් පාලනය කළා. ඔය භාරතයේ මිනිසුන්ව, දිව්‍ය ලෝකකයට යවනු ලැබුවා. සංගම යුගයෙදී ඔබට රාජයෝගාව උගන්වන ලදි. පරම පියා පවසන්නේ මම චක්‍රයේ, සංගම යුගයෙදී පැමිණෙන්නෙමි. එවිට ඔවුන් ගීතාවේ ලියා තිබෙන්නේ, ඔහු සෑම යුගයකම පැමිණෙන බව. ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණෙන ආකාරය සහ ඉන්පසුව ඔබ ඉහළ නඟින ආකාරය ගැන ඔබට දැන් වැටහෙයි. ඉහළ නැඟීමේ ස්ථීතිය තිබෙන අතර ඉන්පසුව පහළ බහින ස්ථීතිය ඇත. මෙය දැන් සංගම යුගයයි. එය සියල්ලන්ටම ඉහළ නැඟීමේ ස්ථීතියේ යුගයයි. ඔබ දැන් නඟිමින් ඉහළ යන අතර, ඉන්පසුව ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා, ඔබ පහළ දිව්‍ය ලෝකකයට පැමිණෙයි. ස්වර්ණමය යුගයෙදී වෙනත් ආගම් නොතිබිණි. එයට පාපයෙන් තොර ලෝකය යැයි කියූහ. ඉන්පසුව දේවතාවන්, පාපයේ මාවතට වැටුණු අතර සෑම කෙනෙක්ම දූෂිත වීම ආරම්භ විය. රජ සහ රැජින කෙසේද, පුරවැසියන්ද එසේමයි. පරමාත්ම පියා පහදා දෙන්නේ අහෝ භාරත ජනතාවනි, ඔබ පාපයෙන් තොර ලෝකයේ සිටි අතර එය දැන් දූෂිත ලෝකයයි. දැන් අසංඛේය ආගම් තිබෙන නමුත්, දේවතා ධර්මය නොපවති. එය තව දුරටත් නොපවතින විටයි, එය නිසැකයෙන්ම නැවත වරක් ස්ථාපිත කෙරෙන්නේ. පියා පවසන්නේ මා පැමිණ, බ්‍රහ්මගේ මාර්ගයෙන්, ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරනවා. ඔහු මෙය කරන්නේ මෙහිදි නොවෙයිද? ඔහු මෙය, සූක‍ෂම කලාපයේදී නොකරයි. ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ නිර්මාණය සිදුවූයේ බ්‍රහ්ම මගින් බව, ලියා තිබේ. මෙකල ඔබ, පිවිතුරු බව නොකියයි. ඔබ පිවිතුරු වෙමින් සිටිනවා එයට කලක් ගත වෙනවා. ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ කෙසේද කියා, කිසිම ශාස්ත්‍රයක සඳහන් කර නැත. ඇත්ත වශයෙන්ම ප්‍රශංසාව තිබෙන්නේ ඒකායන පියා ගැන පමණයි. එම පියාව අමතක කිරීම නිසා, ඔබ අනාථයන් බවට පත් වී, දිගින් දිගටම සණ්ඩු සරුවල් කර ගනී. මිනිසුන් විමසන්නේ සෑම කෙනෙක්ම එකමුතු වී එක් වන්නේ කෙසේද? ඔවුන් සියල්ලන්ම සහෝදරයන්ය. බාබාට අත්දැකීම් තිබේ. මෙම කෙනා සියලුම මාදිලියේ භක්තියේ යෙදී ඇත වැඩිම ගුරූන් සංඛ්‍යාවක් අනුගමනය කළේ ඔහුය. පරම පියා පවසන්නේ ඔවුන් සියල්ලම අත්හරින්න! ඔබට මා හමු වී තිබේ. ඔබ ඔහුව, සැමට විමුක්තිය පිරිනමන්නා, සත්, ශ්‍රී, අකල් (සත්‍යය, වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ අමරණීය කෙනා) යැයි හඳුන්වයි. මිනිසුන් මෙය බොහෝ සෙයින් කියවන නමුත්, ඔවුන්ට එහි අරුත වැටහෙන්නේ නැත. පරම පියා පහදා දෙන්නේ දැන් සෑම කෙනෙක්ම අපවිත්‍රයි. පසුව, පිවිතුරු ලෝකය, නිර්මාණය කෙරෙයි. අවිනාශී වන්නේ භාරතය පමණයි. භාරතය කිසිදා විනාශ නොවන බව හෝ සම්පූර්ණ නිරුද්ධියක් සිදු නොවන බව, කිසිවෙකු නොදනී. ක්‍රිෂ්ණා, බෝ පත්‍රයක් මත මහ සයුරේ පාවී එන ආකාරය ඔවුන් පෙන්වා තිබේ. ළදරුවෙකුට, බෝ පත්‍රයක් මත පාවී එන්නට නොහැක. පරමාත්ම පියා විස්තර කරන්නේ ඔබ මව් කුසයක් තුළින් ඉතා සැපවත් උපතක් ගනි. එහි මව් කුසයක්, මාලිගාවක් යැයි කියන අතර මෙහි මව් කුසයක්, සිර මැදිරියකි. ස්වර්ණමය යුගයෙදි මව් කුසයක් මාලිගාවක් මෙන් වන අතර, ජීවයකට පෙර තියාම ඔහු එම සිරුර අතහැර වෙනත් එකක් ගන්නා බවට දර්ශනයක් ලැබෙයි. එහිදී ඔවුන් සිටින්නේ ජීවාත්ම අවධානයෙනි. මනුෂ්‍යයන් නිර්මාපකයා හෝ නිර්මාණයේ මුල, මැද හෝ අවසානය පිළිබඳව නොදනී. පරම පියා, ඥානයේ මහා සයුර බව ඔබ දැන් දන්නවා. ඔබ අධිපති සාගරයි. ඔය මව්වරුන් ගංගාවල් වන අතර, සහෝදරයන් දැනුමේ විල් වෙයි. ඔවුන් දැනුමේ ගංගා වන අතර ඔබ විල් වෙයි. එහි තිබෙන්නේ ගෘහස්ත මාවතයි. ඔබගේ ආශ්‍රමය, පාරිශුද්ධ ගෘහස්ත මාවත වූ අතර, එය දැන් අපවිත්‍ර ගෘහ මාවතයි. පරම පියා පවසන්නේ සෑම විටෙකම ඔබ ජීවාත්ම බව මතක තබා ගන්න. ඒකායන පියා පමණක් සිහි කරන්න! බාබා ඔබට අණ කර තිබෙන්නේ කිසිම ශාරීරික ජීවයක් සිහි නොකරන්න! ඔබගේ දෑසින් දකින කුමක් වුවත් විනාශ වීමටයි යන්නේ. මේ නිසයි පියා පවසන්නේ මන්මනභව සහ මද්‍යජීභව! මෙම සොහොන් බිම දිගින් දිගටම අමතක කරන්න. මායාගේ බොහෝ කුණාටු පැමිණෙයි. ඔබ ඒවාට බිය නොවිය යුතුයි. බොහෝ කුණාටු පැමිණෙන නමුත් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් එවන් ක්‍රියා සිදු නොකළ යුතුයි. කුණාටු පැමිණෙන්නේ ඔබට පරමාත්ම පියාව අමතක වූ විට පමණයි. මෙම සිහිපත් කිරීමේ වන්දනා ගමන සිදු වන්නේ එක් වරක් පමණයි. එම වන්දනා ගමන්, මරණීය දේශයේ ඒවාය. මෙම වන්දනා ගමන අමරණීය දේශයට ඔබව ගෙන යයි. පියා පවසන්නේ කිසිම ශාරීරික ජීවයක් සිහි නොකරන්න! දරුවන්, ශිව ජයන්තිය වෙනුවන් බොහෝ විදුලි පණිවිඩ එවයි. පියා පවසන්නේ ඔබටත් එයම බලපායි! එමෙන්ම පියා, ඔය දරුවන්ට සුබ පතයි. ඇත්ත වශයෙන්ම ඔබට සුබ පතන්නේ, ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වන නිසාය. ඉන්පසුව සම්මාන සහිතව සමත් වන අයට වැඩියෙන් ලකුණු ලැබී, උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබ දැන් රාවනගේ යදම් වලින් නිදහස් වී ඇති බැවින්, පියා ඔබට සුබ පතනවා. සියලුම ජීවාත්ම, සරුංගල් වැනිය. සෑම කෙනෙකුගේම නූල තිබෙන්නේ පියාගේ දෑතේය. ඔහු සෑම කෙනෙක්වම ඔහු සමග ආපසු රැගෙන යයි. ඔහු සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන නමුත් ඔබ උත්සාහ දරන්නේ, දිව්‍ය ලෝකකයේ රාජධානිය හිමි කරගැනීමටයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සම්මාන සහිතව සමත් වීම සඳහා, කිසිම ශාරීරික ජීවියෙක් නොව, පරමාත්ම පියා පමණක් සිහි කරන්න. ඔබගේ දෑසින් කුමක් දුටුවත්, එය දකින මුත් නොදකින්න.

2. අපි අමරණීය දේශයට වන්දනා ගමනක යනවා. එබැවින් අපි මරණීය දේශයේ කිසිවක් සිහි නොකළ යුතුයි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකිරීමට අවධානය යොමු කරන්න.

වරදානය:
ඔබ ලෝක සේවාධාරීවරයෙක් වී, ඔබගේ අතීන්ද්‍රීය ස්ථීතියෙන් බොහෝ ජීවාත්මයන්ව මනසින් කැඳවන්න.

ඔබගේ අවසන් ස්ථීතිය නොකඩවා කර්මතීට් තත්ත්වයට වඩාත් සමීප වත්ම, ඔබ ශබ්දය ඉක්මවූ ස්ථීතියේ සිටීමට වඩාත් ප්‍රිය කරයි. මෙම අවස්ථාවේදි ඔබ නිරන්තරයෙන් අතීන්ද්‍රීය සුඛය අත්දකියි. එවිට, මෙම අතීන්ද්‍රීය සුඛයේ අවස්ථාවෙන් ඔබට බොහෝ ජීවාත්මයන්ව පහසුවෙන් මනසින් දිරිගැන්වීමට හැකි වෙයි. මෙම බලවත් ස්ථීතිය, ලොවට සෙත සලසන්නෙකුගේ මනෝ ස්ථීතියයි. මෙම ස්ථීතියෙන් ඔබට දුර ඈත අසුන්ගෙන සිටින ජීවාත්ම වෙත බාබාගේ පණිවිඩය ලඟා වීමට සැලැස්විය හැක.

පාඨය:
සෑම කෙනෙකුගේම විශේෂත්වය, ඔබගේ අවධානයේ තබාගැනීමෙන් විශ්වාසනීය වන්න, එවිට සමූහය එක උපදෙසක් යටතේ එකමුතු වෙයි.