15.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුම් සාගරය වූ පියා ඔබට දැනුම් මිණිමුතු වලින් පිරි පිඟානක් දෙයි. මෙම මිණිමුතු වලින් ඔබට අවශ්‍ය ප්‍රමාණයක්, ඔබේ සාක්කු පුරවාගෙන, සියලු දුක් කරදර වලින් නිදහස් වන්න.

ප්‍රශ්නය:
ඥාන මාර්ගයේ ඇති කුමන විෂයටද, භක්ති මාර්ගයේදී පවා ජනයා කැමැත්ත දක්වන්නේ?

පිළිතුර:
පිරිසිඳුකමටයි. ඥාන මාර්ගයේ ඔබ දරුවන් පිරිසිඳු වේ. පියා ඇවිත් සිටින්නේ ඔබේ කිලිටි ඇඳුම් පිරිසිඳු කරන්නටයි. එමනිසා, ඔබ ජීවාත්මයන් පිරිසිඳු වූ විට එනම්, පාරිශුද්ධ වූ විට පියාඹා ගෙදර යාමට ඔබ පියාපත් වඩවා ගනී. භක්ති මාර්ගයේ අයත් පිරිසිඳුකමට බොහෝ සේ කැමති වේ. ඔවුන් ගංඟා නම් නදියේ නා පිරිසිඳු වන්නට ගිය නමුත් ජලයෙන් ජීවාත්මයන් පිරිසිඳු නොවේ.

ඕම් ශාන්ති.
සුමිහිරි දරුවනි, ඔබ ස්මරණයේ වන්දනා ගමන අමතක නොකළ යුතුයි. උදේ පාන්දර ඔබ මෙය පුහුණු වන විට කතාව භාවිත නොවේ. මන්ද, මෙයයි ඔබව ආපසු නිර්වාණ දනව්වට ගෙන යන මාර්ගය වන්නේ. පාරිශුද්ධ නොවී දරුවන්ට නිවසට පියෑඹිය නොහැකියි. ස්වර්ණමය යුගය එළැඹි විට ගණන් කිරීමට නොහැකි තරම් ජීවයන් නිවස කරා පියාඹන්නට පටන් ගනී. දැන් ජීවයන් මිලියන ගණනින් ඇත. ස්වර්ණම යුගයේ ඇත්තේ දහස් ගණන් ටික දෙනෙකි. අන් සියලු දෙනාම නිවසට පියාඹා ගොස් සිටී. ජීවයන්ට පියාපත් දෙන කෙනෙක් නිසැකවම සිටිය යුතුයි. මෙම ස්මරණ වන්දනා ගමනේ යෙදී සිටීමෙන් ඔබ ජීවයන් පාරිශුද්ධ වේ. පාරිශුද්ධ වන්නට වෙනත් මඟක් නැත. පාරිශුද්ධකරුවා එකම එක පියා වේ. සමහරු ඊෂ්වර කීවත්, වෙනත් අය උත්තරීතර ජිවය කීවත්, එසේම සමහරු ඔහුට දෙවියන් කියා ඇමතුවත් ඔහු එක්කෙනාම වේ. හැම කෙනෙක්ටම වෙන් වෙන් වශයෙන් භෞතික පියෙක් සිටී. එහෙත් අභිබවා සිටින පියා සැම කෙනාගේම වේ. ඔහු පැමිණි විට, සියල්ලන්ටම සතුට දී ඉන්පසු නිවසට ආපසු යාවි. ඉන්පසු සතුටු කාලයේ ඔහුව ස්මරණය කිරීමට අවශ්‍ය වන්නේ නැත. පසුව එය අතීතය විය. පියා දැන් අතීතයේ රහස් ද, වර්තමානයේ සහ අනාගතයේ ද රහස් පැහැදිලි කරයි. ගසක අතීතය වර්තමානය සහ අනාගතය වටහා ගැනීම ඉතා පහසු වේ. බීජයකින් ගසක් හටගන්නා අන්දම සහ නොකඩවා එහි අවසානය තෙක් එය වැඩෙන අන්දමත් ඔබ දනී. එයට ආරම්භය, මැද සහ අවසානය කියයි. මෙය විවිධ ආගම් වල ගසයි. විවිධ හැඩරුව ඇති ගසයි. සියල්ලන්ගේම මුහුණුවර වෙනස්ය. ගසක විවිධත්වය අනුව මල් ද වෙනස් බව ඔබට පෙනේ. එකම වර්ගයේ මල් වල එකම හැඩ රුව ඇතත් මනුෂ්‍ය ලොවේ ගස තුළ බොහෝ විවිධාකාර මුහුණුවර ඇත. ගස තුළ සෑම කෙනෙක්ටම ඔහුටම ආවේණික වූ පියකරු බව ඇත. මේ ගස තුළ විවිධාකාර සුන්දරත්වයක් ඇත. එසේම ශ්‍යාම් සුන්දර් (කළු සුන්දරයා) හි තේරුම පියා පැහැදිලි කර ඇත. දේවතාවරුන්ට කියන දෙයකි. ඔවුන් සතෝප්‍රධාන්ව සිට තමෝප්‍රධාන් බවට පත් වූවා. ඔබ දැන් අවලස්සන බවෙන් ලස්සන වෙමින් සිටිනවා. වෙන කිසිම ආගමක මිනිසුන් මෙලෙස අවලස්සන බවෙන් ලස්සන බවට වෙනස් නොවේ. ඔවුන්ගේ හැඩරුව දෙස බලන්න. ජපන්, යුරෝපීය සහ චීන ආදී අයගේ හැඩරුව දෙස බලන්න. හැඩරුව වෙනස් වන්නේත් ඉන්දියාවේ ජනයාගේ පමණි. අවලස්සන බවින් ලස්සන වීමේ ප්‍රශංසාව ඇත්තේ භාරතයේ ජනයාට පමණි. අන් කිසිම ආගමකට නොවේ. මෙම ගස මනුෂ්‍ය ලොවේ ගස වේ. එය විවිධ ආගම් සහ ඒවා අනුපිළිවෙලට එන සැටි දක්වන ගස වේ. ඔබ දරුවන්ට දැන් මේ දැනුම ලැබේ. වෙන කිසිවෙකුට මෙම කරුණු කියා දිය නොහැක. චක්‍රය අවුරුදු 5000 කි. මීට ගසක් හෝ ලොවක් යැයි කිව නොහැක. කල්ප භාගයකට භක්තිය වේ. ඊට රාවණ්ගේ රාජධානිය යැයි කියනු ලැබේ. එය ජනයා රාගය නැමැති චිතකය මත සිට අවලස්සන සහ අපවිත්‍ර වන පස් පවේ රාජධානියයි. පව්කාර සමාජය වූ රාවණ්ගේ සමාජයේ ක්‍රියාවලිය සහ දේවතාවරුන්ගේ ක්‍රියාවලිය තුළ විශාල වෙනසක් ඇත. ජනයා තමා පහතට වැටුණු පව්කාර අය යැයි සලකමින් දේවතාවන්ගේ වර්ණනාව ගායනා කරති. ඔබ බොහෝ භක්ති කර ඇත. නැවත උපත් ගන්නා අය අතර නොකඩවා වැඳීම් සහ භක්ති කළා. ප්‍රථම වැඳීම කලවම් නොවූවකි. ඔබ වැඳීමට පටන් ගත්තේ එක්කෙනාට පමණි. ඉන්පසුව එය ටිකෙන් ටික කලවම් වී දැන් අවසානයේ සම්පූර්ණයෙන්ම කලවම් වී ඇත. එමනිසා පියා දැන් පැමිණ, ඔබට භක්තිය ලබාගන්නා කලවම් නොවූ දැනුම දෙයි. භක්තිමතුන්ට මෙය වැටහෙන තෙක් ඔවුන් භක්තිය ගැන නොකඩවා අහංකාර වෙයි. ඥාන සාගරය එකම උත්තරීතර ජීවය බව ඔවුන් නොදනී. භක්තිමතුන් වේද ශාස්ත්‍ර හා ආගමික ග්‍රන්ථ සිහි කරමින් ඒවා කියවයි. ඒ සියලු දේම භක්ති මාර්ගයේ පැතිරීම වේ. භක්තියේද ලස්සනක් ඇති, ඒ ලස්සන මිරිඟුවක් වැනි යැයි පියා කියයි. වැලි සහ ජලය රිදී මෙන් දිලෙනවාට සමාන වේ. පිපාසිත මුවෙකු වතුර යැයි සිතා ඒ වෙත දුව යයි. එහෙත් එය මිරිඟුවකි. එහි මඩ වතුරේ පැටලීම ගැන කතාවක් ඇත. භක්ති මාර්ගයේ ද එසේම වේ. සියලුම දෙනා එහි පැටලි ඇත. ඔවුන් එයින් මුදවා පියා ඔබව පවිත්‍ර කරන නිසා බාධා ඇති කරයි. ද්‍රෟපති සිය සාරිය ගැලවීමෙන් තමා බේරා ගන්නට හඬ නැගුවාය. ලොව සියලු දෙනාම ද්‍රෟපති සහ දුර්යෝධන වේ. අමරණීය කතාවට සවන් දෙන පාර්වතීන් යැයි ඔබ සියලු දෙනාටම කිව හැකිය. පියා ඔබට අමරණීය කතා කියා ඔබව අමරණීය දේශයට යවනවා ඇත. අකල් මරණ සිදුවන මරණ දේශය මෙය වේ. නිකම්ම ජනයාගේ හදවත් අක්‍රිය වේ. ඔබට රෝහල් වලට ගොස් විස්තර කළ හැකියි. මෙහිදී ඔබ ලෙඩ වේ නම් ඔබේ ආයුෂ කෙටි වේ. එහි කිසිම ලෙඩක් නැත. තමා ජීවයන් යැයි සලකා පියා වූ මා ස්මරණය කරන්නැයි පියා පවසයි. අන් සියලු දෙනාටම ඇති බැඳීම් ඉවත් කරන්න. ඔබගේ පව් වලින් ඔබ නිදහස් වේ. එවිට ඔබ කිසිවිට ලෙඩ නොවේ. මරණය ඔබ වෙත නොඑයි. ඔබට දීර්ඝ ආයුෂ ලැබේ. දේවතාවන්ගේ ආයුෂ දීර්ඝ වේ. දීර්ඝායුෂව සිටි අය ගියේ කොහාටද? නැවත උපත් ගනිමින් ඔවුන්ගේ ආයුෂ කෙටි විය. සතුට සහ දුක ඇති මෙම නාටකය කිසිවකු වටහා නොගනී. ඔවුන් බොහෝ උත්සව ආදී පවත්වති. (කුම්භ මේලා) උසස් උත්සවයට ගණන් කළ නොහැකි ප්‍රමාණයක් ජනයා රැස්වෙති. ජනයා දිනපතා ස්නානය කරන මුත් එයින් ඔවුන් ලද යහපතක් නැත. සෑම තැනම ඇති ජලය එන්නේ සාගරයෙනි. හොඳම වතුර ලිං වතුර යැයි කියති. මෙකල ගංඟා කුණු වලින් පිරී ඇති හෙයින්, ලිං වතුර ස්වභාවයෙන්ම පිරිසිඳු නිසා එම ජලයෙහි නෑම වඩත් හොඳ වේ. එකල සම්ප්‍රදාය එසේ වී නමුදු දැන් සම්ප්‍රදාය ගංඟා වල ස්නානය කිරීමයි. භක්ති මාර්ගයේ අය ද පිරිසිඳුකමට කැමති වේ. දැන් ඔවුන් උත්තරීතර ජීවයට, පැමිණ ඔවුන්ව පිරිසිඳු කරන්නැයි කතා කරයි. උත්තරීතර ජීවයට පැමිණ අපවිත්‍ර රෙදි සෝදන්නැයි ගුරුනානක් යාඥා කළා. පියා පැමිණ අපවිත්‍ර ඇඳුම්, කිලිටි ඇඳුම් සෝදයි. මෙහි පියා පැමිණ ජීවයන් පිරිසිඳු කරයි. ජීවයන් ක්‍රියාවන් හි ප්‍රතිඵල වලින් නිදහස් යැයි එම ජනයා සළකයි. මෙය රාවණ්ගේ රාජ්‍යය යැයි පියා පවසයි. එය මුළු ලොවේම පහළ බසින තත්ත්වය වේ. ඔබගේ තත්ත්වය ඉහළ යන විට මුළු ලොවෙහිම තත්ත්වය ඉහළට නගී යැයි කියා ඇත. සියලු දෙනාම මුක්තිය ලබයි. අහෝ බාබා, සියලු දෙනාම ඔබ තුළින් යහපතක් අත්විඳි. ස්වර්ණමය යුගයේ සියලු දෙනාම යහපතක් අත්විඳී. එහි ඇත්තේ එකම රාජ්‍ය නිසා සියලු දෙනාටම සාමය ඇත. එකල අන් සියලු දෙනාම සාම දේශයේ සිටිති. මෙකල ලොවෙහි සාමය නිර්මාණය කිරීමට ජනයා බොහෝ වෙහෙසෙති. ඔවුන් ඉල්ලන සාමය ලොවෙහි කවදා හෝ තිබුණේ දැයි ඔවුන්ගෙන් ඇසුවේ නම්, යකඩ යුගය තව අවුරුදු 40,000 ක් ඉතිරිව ඇතැයි ඔවුන් පිළිතුරු දෙයි. ඔවුන් සිටින්නේ එවැනි ගණඳුරකයි. මුළු චක්‍රයම අවුරුදු 5000 කි. එහෙත් යකඩ යුගයේ අවුරුදු 40,000 ක් තවත් ඇතැයි ඔවුන් කියති. බොහෝ විවිධ අදහස් ඇත. පියා පැමිණ අපට සත්‍යය කියා දෙයි. උපත් ඇත්තේ 84කි. චක්‍රය සිය දහස් ගණන් අවුරුදු ඇත්නම්, මනුෂ්‍යයින් සතුන් ආදී ඇතිවන්නට ඉඩ ඇත. කෙසේ වෙතත් නීතිය එය නොවේ. උපත් 84ම මනුෂ්‍ය උපත් වේ. පියා නිවැරදි ගණන කියයි. ඔබ දරුවන් මෙම දැනුම උකහාගත යුතු වේ. ඍෂිවරු සහ මුණිවරු නේති නේති අප ඔහුව නොදනී යැයි කියති. එමනිසා, අදේවවාදීන් වේ. නිසැකවම දේවවාදීන් ද වේ. දේවතාවරු දේවවාදීන් වේ. රාවණ රාජ්‍යයේ සිටින සියලු දෙනාම අදේවවාදීන් වේ. මෙම දැනුම ඉගෙන ගැනීමෙන් ඔබ දේව වාදීන්, උපත් 21ක උරුමයක් ලබා ගනී. ඉන්පසු මෙම දැනුම අවශ්‍ය නොවේ. ඔබ උසස් මනුෂ්‍යයන් වන දෙව් ලොව පාලකයන් වන ඉතාමත් සුබ සංගම යුගයේ කාලය වේ. ඔබ මෙහි ඉගෙන ගන්නා අන්දමට ඔබ උසස් තත්ත්වයක් ලබා ගන්නවා ඇත. දැන් හොඳින් ඉගෙන ගන්නා තරමින් ඔබ උසස් තත්ත්වයක් ලබා ගන්නවා ඇත. දැන් හොඳින් ඉගෙන ගන්නා අය ලොව පාලකයන් වනවා ඇත. නැතිනම්, තත්ත්වය අඩු වේ. කෙසේ වෙතත් රාජධානිය සතුටු එකකි. මෙහි ඇත්තේ දූත රාජධානියයි. දැන් දෙවියන් හඳුනාගන්නා අය එම සතුටු රාජධානිය පාලනය කරති. ඉන්පසු රාවණ් පැමිණි විට ඔවුන් නැවත දෙවියන් නොදන්නා අය වී දුක් අත්විඳියි. භාරතයේ අසීමිත ධනයක් තිබුණි. විශාල දේවාලයක් වූ සෝමනාත් සෑදූහ. එකල එවැනි දේවාලයක් සෑදීමට එපමණ මුදල් තිබුණේ නම්, ඔවුන්ට මීට පෙර බොහෝ ධනය තිබෙන්නට ඇත. එපමණ ධනය ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? සාගරය මිණිමුතු වලින් උතුරා යන පිඟන් දුන්නේ යැයි ග්‍රන්ථ වල ලියා ඇත. දැන් දැනුමේ සාගරය ඔබට දැනුම නැමති මිණිමුතු පිරුණු පිඟන් දෙයි. දැන් ඔබගේ සාක්කු පිරෙයි. භක්තිමතුන් ශංකර් ඉදිරියට ගොස් ඔවුන්ගේ සාක්කු පුරවන්නට කියති. ඔබ සෑම කෙනෙකුටම තමන්ට උවමනා ප්‍රමාණයක් ගත හැකියි. ඔබ බොහෝ ඉගෙන ගන්නේ නම් ඔබ ලබන ශිෂ්‍යත්වය උසස් වේ. ඔබට උවමනා නම්, ද්විත්ව ඔටුණු පැළඳගත් උසස්ම උසස් මනුෂ්‍යයන් විය හැක. එසේ නැත්නම් ඔබට උවමනා නම්, දුප්පත් පුරවැසියකු හෝ සේවිකාවක් හෝ සේවකයෙක් විය හැකියි. බාබාව දික්කසාද කරන අය ද බොහෝ වේ. මෙයද නාට්‍යයේ නියමිත ලෙස වෙයි. මට කිසි කණස්සල්ලක් නැහැයි කියා පියා කියයි. මම සියලු කණස්සලු වලින් මිදී ඔබව ද එසේ කරනවා. ස්වාමියාට, පාලකයාට සහ සත්ගුරුට අයිති අයට කණස්සලු නොමැති යයි කියති. සියලු දෙනාගේම ස්වාමියා වන පියාට පාලකයා යැයි ද කියති. මම ඔබගේ අසීමිත ගුරුවරයා යැයි පියා කියයි. භක්ති මාර්ගයේ ඔබට බොහෝ ගුරුවරු සිටියා. එසේම ඔබ විවිධ දේ ඉගෙන ගත්තා. පියා ඔබට උගන්වන දැණුම අසහාය වේ. ඔහු දැනුමේ සාගරය වේ. එහෙත් ඔහුට ජනීජනන්හාර් (සියලු දේ දන්නා කෙනා) නොකිව යුතුයි. ඔබ අප තුළ ඇති දේ දනී කියා කියන බොහෝ අය ඇත. මම ඒ කිසිවක් නොදනී. මම දරුවන්ට පමණක් එමි යැයි පියා කියයි. ඔබ ජීවයන් ඔබගේ සිහසුනේ අසුන්ගෙන ඇත. මාද මෙම සිහසුණේ අසුන්ගෙන සිටිමි. ජීවය ඉතා කුඩා තිතකි. මේ ගැන කිසිවකු නොදනී. පළමුව ජීවය වටහා ගන්න. එවිට ඔබට පියා වටහා ගැනීමට හැකි වෙනවා ඇතැයි පියා කියයි. පියා පළමුව ජීවයේ දැනුම දී පසුව පියාව හඳුන්වා දෙයි. භක්ති මාර්ගයේ ඔවුන් සෙලිග්‍රෑම් නිර්මාණය කර, ඔවුන්ට වැඳ ඒවා විනාශ කර දමයි. එම සියලු දේම බෝනික්කන්ට වැඳීමක් යැයි පියා කියයි. මේවා පැහැදිලිව තේරුම් ගන්නා අය අන් අයට ද යහපත කරති. පියා යහපත කරන්නා නිසා ඔබ දරුවන්ද එසේම විය යුතුයි. සමහරු අන් අය මඩ වගුරෙන් ගලවන්නට ගොස් ඔවුන් ද එහි හසු වෙනවා. ඔවුන් අපවිත්‍ර වුණා. රාග චිතකයේ සිටිමින් ඔබ අපවිත්‍ර වී ඇත. අප ලස්සනට සිට දැන් අවලස්සන වී ඇතැයි ඔබ කියයි. අපි දේවතාවරු විය. එසේම පහළට බැස්සේත් අපම වේ. නැති නම්, උපත් 84ක් ගත්තේ කවුරුන්ද? පියා මෙම ගිණුම් විස්තර කරයි. විෂ සාගරයේ කල්ප බාගයක් ගිලෙමින් සිටි අය ඉවත් කිරිමට ඔබ දරුවන් බොහෝ උත්සාහ කළ යුතු වේ. මෙය ඔබේ නැන්දාගේ ගෙදර යනවා වගේ නොවේ. යම් කෙනෙකු දැනුම ටිකක් හරි ගත්තේ නම්, එය කිසිවිට විනාශ නොවේ. මෙම සත්‍ය නාරායන් වීමේ කතාව සහ පුරවැසියන් ද නිර්මාණය කිරීම වේ. දැනුම ටිකක් රැගෙන ගිය අය තවත් වටහා ගැනීමට, පසුව එනවා ඇත. කාලයක් ගිය විට ජනයාට නිරාශාව වර්ධනය වේ. ජනයා සුසාන භූමියකට ගිය විට නිරාශාව ඇති වේ. කෙසේ වෙතත් ඔවුන් ඉවත් වූ විට ඔවුන්ගේ නිරාශාව අවසන් වේ. ඔබ ඔවුන්ට පැහැදිලි කරන විට ඔවුන් ඉතාමත් හොඳයි කියයි. එහෙත් ඔවුන් පිටතට ගිය විට සියල්ල අවසන් වේ. ඔවුන් වැඩ අවසන් කර ආපසු එනවා යැයි කීවත් ඔවුන් පිටතට ගිය විට මායා ඔවුන්ගේ මුහුණු හරවයි. මිලියන ගණනින් අතලොස්සක් මතු වේ. රාජකීය තත්ත්වයක් ලබා ගැනීමට උත්සාහ ගත යුතු වේ. කුමන තරමට මම අසීමිත පියා ස්මරණය කරම් දැයි ඔබ සෑම කෙනෙකුම ඔබගේ හදවතින් අසා ගත යුතු වේ. පියාගේ ස්මරණය අමතක වී යැයි ඔබ කියයි. හෝ හෝ ඔබ අඥාන මාර්ගය අනුගමනය කරන විට ඔබට පියා අමතක වුණි යැයි ඔබ කිසිදා කීවේද? කොපමණ කුණාටු පැමිණියත් ඔබ නොසෙල්වී සිටිය යුතු යැයි බාබා පවසයි. කුණාටු පැමිණේවි. එහෙත් ඔබගේ ඉන්ද්‍රින් මඟින් කිසි වරදක් නොකළ යුතුයි. මායා ඇගේ බැල්ම අප වෙත හෙලා ඇතැයි ඔවුන් කියයි. සුමිහිරි දරුවනි, ස්මරණයෙන් අවධිව සිටින්න. ඔබගේ මළකඩ ඉවත් වනවා ඇත. ජිවයේ බැඳී ඇති මළකඩ ඉවත් කළ හැක්කේ ස්මරණයෙන් පමණි. බාබා බිංදුවකි. තිතකි. මළකඩ ඉවත් කිරීමට පියාගේ ස්මරණය හැර වෙන කිසිම ක්‍රමයක් නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ යහපත සලස්වන පියාගේ දරුවන් වේ. එමනිසා, ඔබ ඔබටත් අන් අයටත් යහපතක් කළ යුතු වේ. එසේම ඔබගේ සියලු ආදායම අවසන් වන ලෙස ක්‍රියා නොකිරීමට ප්‍රවේශම් වන්න.

2. හොඳින් ඉගෙන ගෙන ඔබේ සාක්කු දැනුම නැමති මිණිමුතු වලින් පුරවා ගන්න. ශිෂ්‍යත්වයක් ලැබීමට උත්සාහ ගන්න. පියා මෙන් වී සියලු කණස්සළු වලින් නිදහස් වන්න.

වරදානය:
ඔබ අවබෝධ කිරීමේ බලයෙන් පැරණි ගති ස්වභාවයෙන් හා සංස්කාරයන්ගෙන් ඈත් වී මායාව ජයග්‍රහණය කරන්නෙකු වේවා.

ඔබේ පැරණි ශරීරයේ ස්වභාවය සහ සංස්කාර ඉතා දරුණු වන අතර ඒවා ඔබ මායාව දමනය කර ජයග්‍රහණය කරන්නෙකු වීමට විශාල බාධාවක් ඇති කරයි. ඔබේ පැරණි ස්වභාවයේ සහ සංස්කාරයේ සර්පයා විනාශ වූ විට පවා, පරම්පරාව තවමත් ඉතිරිව ඇති බැවින් කාලය පැමිණි විට ඔබව රවටා ගනී. සමහර විට මායා ඔබට කොතරම් බලපෑමක් ඇති කරයිද යත්, ඔබ වැරදි දෙයක් වැරදි ලෙස සලකන්නේ නැත; ඔබට බාහිර දේවල් බලපෑම් කරනු ඇත. මේ නිසා ඔබ ඔබවම පරීක්ෂා කර බලා අවබෝධයේ බලය භාවිත කර ඕනෑම පැරණි, සැඟවුණු ස්වභාවයකින් හෝ සංස්කාරයන්ගෙන් ඈත් විය යුතු අතර එවිට ඔබ මායාව ජය ගන්නෙකු බවට පත් වනු ඇත.

පාඨය:
"මගේ" යන අවධානයේ බොහෝ සබඳතා අවසන් කිරීම යනු සුර දූතයෙකු බවට පත්වීමයි.