15.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, එය දැන් ඔබ සියලු දෙනාගේම විශ්‍රාමික අවදියයි. ඔබ දැන් පෙරලා නිවසට යා යුතුයි. එබැවින් පියා සහ නිවස සිහි කරන්න. පිවිතුරු වී, ඔබගේ සියලු ගිණුම් අවසන් කරන්න.

ප්‍රශ්නය:
පියා ඔය දරුවන්ට ලබා දෙන්නේ කුමන ඉවසීමද?

පිළිතුර:
දරුවනි, මෙම රුද්‍රාගේ ඥානයේ යාගහෝමයේ බොහෝ විවිධාකාර බාධක තිබෙයි. කෙසේවෙතත්, ඔබට ඉවසීම තිබිය යුතුයි. ඔබගේ බලපෑම පැතිරුණු විට, අසංඛේය මිනිසුන් පැමිණ ඔවුන් සියලු දෙනාම ඔබ ඉදිරියේ හිස නමයි. එවිට බන්දන වල සිටින අයගේ බන්දන අවසන් වෙයි. ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, දිගින් දිගටම ඔබගේ බන්දන වැඩියෙන් බිඳී ගොස් ඔබ පාපකාරී ක්‍රියා ජයගත් අය බවට පත් වෙයි.

ගීතය:
අවිහිංසක ස්වාමියා මෙන් අසහාය වෙනත් කෙනෙක් නැත.

ඕම් ශාන්ති.
මෙම කීර්ති නාමයෙන් (බෝලානාථ) සෑම විටෙකම හැඳින්වෙන්නේ, ශිවාය. ශිවා සහ ශංකර් අතර වෙනස ඔබ දැන් පැහැදිලිව වටහාගෙන තිබේ. ශිවා, උසස්ම-උසස් අශාරීරික දේශයේ වාසය කරන අතර ශංකර්, සූක‍්ෂම කලාපයේ වැසියෙක්ය ඔහුට දෙවියන් යැයි කියන්නේ කෙසේද? උසස්ම-උසස් ස්ථානයේ සිටින්නේ ඒකායන පියා පමණයි. පසුව ඊලඟ මහලේ, දේවතාවන් තිදෙනා සිටියි. ඔහු, පියා, උසස්ම-උසස් ඒකායන අශාරීරික කෙනා වන අතර ශංකර්ට සූක‍්ෂම ස්වරූපයක් තිබේ. ශිවා, අහිංසක ස්වාමියාය, ඥානයේ මහා සාගරයයි. ශංකර්ට ඥානයේ මහා සාගරය යැයි කිව නොහැක. ඔබගේ ඒප්‍රන පුරවාලීමට, ශිව බාබා, අවිහිංසක ස්වාමියා, පැමිණ ඇති බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. ඔහු මුල, මැද සහ අවසානයේ වැදගත්කම විස්තර කරයි. නිර්මාණකරු සහ නිර්මාණයේ වැදගත්කම ඉතා සරළ නමුත්, මහා ඍෂිවරු සහ මුනිවරු පවා මෙම පහසු දේවල් දැන සිටියේ නැත. රජෝගුණී (පාරිශුද්ධත්වයේ මැද තත්ත්වය) අයට පවා මෙම දේවල් නොවැටහුනේ නම්, තමෝගුණි (අපවිත්‍ර අය) මේවා වටහාගන්නේ කෙසේද? ඔය දරුවන් දැන් ප්‍රායෝගිකවම පියා ඉදිරියේ අසුන්ගෙන සිටින අතර, ඔහු ඔබට අමරණීයත්වයේ කතාපුවත පවසනවා. අපගේ බාබා, ශිව බාබා, අපට අමරණීයත්වයේ සත්‍ය කතාපුවත පවසන බවට විශ්වාසය ඔය දරුවන්ට දැන් තිබේ. මේ පිළිබඳ සැකයක් නොතිබිය යුතුයි. අපට මෙම කතා පුවත පවසන්නේ මනුෂ්‍යයෙක් නොවෙයි. අවිහිංසක ස්වාමියා, ශිව බාබාය. ඔහු පවසන්නේ මටම කියා සිරුරක් මට නොමැත. මා අශාරීරික වන අතර මිනිසුන් මට වන්දනා කරන්නේ මගේ අශාරීරික ස්වරූපයටයි. ඔවුන් ශිවාගේ උපත සමරයි. පියා, උපත සහ මරණය ඉක්මවා සිටියි. ඔහු අවිහිංසක ස්වාමියාය, පැමිණ, අනිවාර්යෙන්ම සෑම කෙනෙකුගේම ඒප්‍රනය පුරවන ඒකායන කෙනාය. කෙසේවෙතත්, ඔහු, ඔබගේ ඒප්‍රන පුරවන්නේ කෙසේද කියා වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. ඔහු අවිනාශී ඥානයේ මාණික්‍යයන්ගෙන් ඔබගේ ඒප්‍රන පුරවයි. ඥානයේ මහා සාගරය ඔබට ලබා දීමට පැමිණෙන, ඥානය මෙයයි. තිබෙන්නේ එක් ගීතාව පමණක් වන අතර, සංස්කෘත භාෂාවෙන් වැකි නොමැත. සංස්කෘත භාෂාව ගැන අහිංසක ස්ත්‍රීන් දන්නේ මොනවාද? අහිංසක බාබා පැමිණෙන්නේ ඔවුන් වෙනුවෙන් පමණයි. ස්ත්‍රීන් ඔවුන්ගේ ගෙදර වැඩපලෙහි නියැලි, නිවෙස්වල පමණක් සිටි නමුත්, ඔවුන්ට රැකියාවක් තිබීම දැන් මෝස්තරයක් බවට පත්ව ඇත. සියල්ලට වඩාත් ශ්‍රේෂ්ඨතම ඉගෙනුම ඔබට ඉගැන්වීම සඳහා, බාබා දැන් පැමිණ ඇත. කිසිවක් ඉගෙනගෙන නොමැති අයටයි, ප්‍රථමයෙන්ම ඥානයේ අධ්‍යයනයෙහි කළස ලැබෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔබ සියලු දෙනාම බැතිමතුන් හෝ සීතාවන් වන අතර සියලු ජීවාත්ම රාවනගේ ලංකාවෙන් මුදවා ගැනීමට, එනම්, සියලු ජීවාත්ම දුකෙන් මුදවා ගැනීමට රාමා පැමිණ ඇත. ඔබ එවිට පියා සමග ආපසු නිවසට යයි. ඔබ වෙන කොහේ යන්නද? සෑම කෙනෙක්ම මෙසේ කියමින් නිවස සිහි කරමින් සිට ඇත අපට දුකින් මිදීමට අවශ්‍යයි. නාටකය මැදදි, කිසි කෙනෙකුට විමුක්තිය ලබා ගැනීමට නොහැකි බව, ඔය දරුවන්ට වැටහෙනවා සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් විය යුතුයි. ප්‍රධාන අත්තිවාරම පිළිස්සී යයි එම ධර්මයම අතුරුදහන් වන අතර එහි සමහර ප්‍රතිමා පමණක් ඉතිරි වෙයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ ප්‍රතිමාද අතුරුදහන් වූයේ නම්, ඔබ ඔවුන්ගේ සිහිවටන සොයාගන්නේ කෙසේද? දේවතාවන් පාලනය කළ බවත්, ඔවුන්ගේ ප්‍රතිමා තවමත් තිබෙන බවත් ඔබ දන්නවා. ඔය දරුවන් මේ සියලු දේ විස්තර කළ යුතුයි. ලක‍්ෂ්මි සහ නාරායන, ඔවුන්ගේ ළමා වියේ, රාධේ සහ ක්‍රිෂ්ණා යන රජකුමරා සහ රාජකුමාරිය වූ බවත්, ඔවුන් පසුව අධිරාජයා සහ අධිරාජිනිය වූ බවත්, ඔබට වැටහෙනවා ඔවුන් ස්වර්ණමය යුගයේ පාලකයන් විය. දේවතාවන්ගේ දෙපාවලට, අපවිත්‍ර ලෝකය ස්පර්ෂ කිරීමටවත් නොහැක. ශ්‍රී ක්‍රිෂ්ණා, වයිකුන්තයේ රජ කුමරෙකි ඔහුට ගීතාවේ දැනුම පැවසිය නොහැක. එබැවින් එතරම් විශාල වැරදීමක් සිදුවී තිබේ! ක්‍රිෂ්ණාට දෙවියන් යැයි කිව නොහැක ඔහු ආදි දේවතා ධර්මයට අයත් මනුෂ්‍යයෙකි. ඇත්ත වශයෙන්ම බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් යන දේවතාවන් සූක‍්ෂම කලාපයේ වාසය කරන අතර, මෙහි සිටින්නේ මනුෂ්‍යයන්ය. මනුෂ්‍යයන්ට සූක‍්ෂම කලාපයේ වැසියන් යැයි කිව නොහැක. ඔවුන් පවසන්නේ, බ්‍රහ්ම දේවතාවට සහ විෂ්ණු දේවතාවට නමස්කාර වේවා. එය දේවතා ධර්මයයි. ඔවුන් ලක‍්ෂ්මි දෙවඟන සහ ශ්‍රී නාරායන දෙවියන් ගැන පවසයි. මනුෂ්‍යයන් උපත් 84ක් ගනී. ඔබ මුලින් දේවතා ධර්මයට අයත් වූ බව, ඔය දරුවන් දන්නවා එම ධර්මය බොහෝ සතුට ලබා දුන්නා. කිසි කෙනෙකුට මෙසේ විමසිය නොහැක අප එහි නොසිටියේ ඇයි? මුලින්ම එක් ආදි සනාතන දේවතා ධර්මය තිබූ බවත්, අනෙක් ආගම් පසුව අංක පිළිවෙලට පැමිණි බවත් ඔබ දන්නවා. ඔය දරුවන්ට මේ සෑම දෙයක්ම විස්තර කළ හැක. මෙය සදාතනික, පෙර නියම වූ නාටකයකි, එබැවින් ස්වර්ණමය යුගය, නැවත පැමිණිය යුතුයි. එය සිදුවන්නේ භාරතයේ පමණයි, මන්ද භාරතය, සදාතනික භූමියයි, එය කිසිදා විනාශ වන්නේ නැත. ඔබ මේ සියලු දේ විස්තර කළ යුතුයි. පියාගේ උපත සිදුවන්නේ මෙහිදීය. ඔහුගේ උපත, දිව්‍යමයයි එය මනුෂ්‍යයන්ගේ මෙන් නොවෙයි. පියා පැමිණ සිටින්නේ ඔබව රැගෙන යාමටයි. එබැවින් පියාව සහ නිවහන පමණක් සිහිපත් කරන්න, එවිට ඔබ රාජධානියට ඇතුළු වෙයි. මෙය රකුසු රාජස්ථානය (රජවරුන්ගේ දේශය) වන අතර පියා ඔබව දිව්‍යමය රාජස්ථානයට ගෙන යයි. ඔහු ඔබට කිසිදු අපහසුතාවයක් නොදෙයි. ඔබට තිබෙන්නේ පියා සහ උරුමය සිහි කිරීම පමණයි. නිහඬ මන්ත්‍රය මෙයයි. ඔබගේ මුවින් කිසිවක් කීමට අවශ්‍ය නැත. ඔබට අභ්‍යන්තරයෙන් සූක‍්ෂම ලෙසින් කිසිවක් මැතිරීමට අවශ්‍ය නැත. නිවසේ අසුන්ගෙන සිටින අතර නිහඬව පියා සිහිපත් කරන්න, එපමණයි. බන්දන වල සිටින දරුවන්ද, නිවසේ අසුන්ගෙන සිටින අතර මෙම දේවල් වලට සවන් දෙයි. ඔවුන්ට මෙහි පැමිණිමට නිදහසක් නැත. එබැවින් ඔව්, නිවසේ සිට, පිවිතුරුව රැඳී සිටීමට උත්සාහ දරන්න. පවසන්න පිවිතුරු වීමට කියා මට සිහිනෙන් උපදෙසක් ලැබුණා. දැන් මරණය අත ළඟය. ඔබ සියලු දෙනාම දැන් සිටින්නේ විශ්‍රාමික අවදියේය. මිනිසුන් විශ්‍රාමික අවදියට පැමිණි විට, පාපය පිළිබඳ කිසිදු සිතිවිල්ලක් ඔවුන්ට ඇති වන්නේ නැත. පියා පවසන්නේ එය දැන් මුළු ලෝකයටම විශ්‍රාමික අවදියයි. සෑම කෙනෙක්ම ආපසු නිවසට යා යුතුයි, එබැවින් නිවහන සිහි කරන්න. ඔබ ඉන්පසුව ආපසු භාරතයට පැමිණිය යුතුයි. ඔබගේ මුහුණු නිවස දෙසට හැරී තිබෙයි. දරුවන්ට කිසි අපහසුතාවයක් නොදෙයි. එය ඉතා පහසුයි. නිවසේ ආහාර පිළියෙල කරන විට පවා, ශිව බාබා සිහිකරමින් එය සිදුකරන්න. සාමාන්‍යයෙන් කෙනෙක් නිවසේ ආහාර පිළියෙල කරන විට, ඇගේ සැමියා සිහිවෙයි. පියා පවසන්නේ මෙම කෙනා සියලුම සැමියන්ගේ සැමියාය. ඔබට උපත් 21කට උරුමය හිමිකර දෙන කෙනාව සිහි කරන්න. අච්චා, ඔබගෙන් කිසිවෙකුට මෙහි පැමිණීමට නිදහසක් නැතිනම්, නිවසේ සිට පියා සහ උරුමය සිහි කරන්න, එපමණයි. තමන්ව නිදහස් කරගැනීමට ඔබ ක්‍රමවේදයක් සොයා ගත යුතුයි. ඔබට පියාගෙන් ඔබගේ මුළු උරුමයම හිමි කරගත හැක. ක්‍රම-ක්‍රමයෙන් ඔබ නිදහස් වෙයි. ඔව්, රුද්‍රාගේ ඥානයේ යාගහෝමයේ අනිවාර්යෙන්ම බාධක තිබෙයි. ඔබගේ බලපෑම අවසානයේ පැතිරෙන විට, ඔබ ඉදිරියේ හිස නැමීමට මිනිසුන් පැමිණෙයි. කෙසේවෙතත්, මැදිහත් වන බාධකද ඇතිවෙයි. ඉවසන්න! නොඉවසිලිමත් වන්න එපා! නිවසේ අසුන්ගෙන සිටින අතර, ඔබගේ සැමියාට සහ ඔබගේ නෑ මිතුරන්ට එක් දෙයක් පහදා දෙන්න. පියාගේ උපදෙස් ඔවුන්ට පවසන්න මා සිහිකර, ඔබගේ උරුමය හිමිකරගන්න! මෙම දෙවල් පවසන කෙනා, ක්‍රිෂ්ණා විය නොහැක. සිහිකළ යුත්තේ පියාවයි. අපගේ බාබා, ශිව බාබා බව, සෑම කෙනෙකුටම දැනගන්නට ලැබෙන ආකාරයෙන්, ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඔබට දැන් ඉතා හොඳ සිහිකිරීමේ සිටීමට හැක. හිංසනය ආදියේ මෙම බන්දනය, තව කෙටි කාලයක් පමණක් පවති. ඔබ ඉදිරියට යත්ම, මේ සියලු දේ අවසන් වෙයි. සමහර රෝග සැනෙකින් සුව වන අතර අනෙක් ඒවා, වසරක් හෝ දෙකක්වත් පැවතෙයි. එබැවින් මෙහි ඇත්තේ එක් පිළිතුරක් පමණයි දිගටම පියා සිහිකරන්න, එවිට ඔබගේ සියලු බන්දන අවසන් වෙයි. සෑම සිදුවීමකදීම ඔබට ඉවසීම තිබිය යුත්තේ මේ නිසාය. පියා පවසන්නේ ඔබ වැඩියෙන් මා සිහිපත් කරන තරමට, ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී, ඔබගේ බුද්ධිය වැඩියෙන්, සියලුම බන්දන වලින් අඛණ්ඩව බිඳී යනු ඇත. පාපයන්ගේ බන්දනද තිබෙන අතර අංක එකේ පාපය වන්නේ රාගයයි. ඔබ දැන් පාපය පරාජය කරන්නන් බවට පත් වනවා. ඔබ පාපය ජයගන්නන් වන්නේ සිහිපත් කිරීම තිබීමෙනි. ඔබගේ සියලු ගිණුම් පියවීමෙන් පසුව, සතුටෙහි ගිණුම් ඇරඹෙයි. ව්‍යාපාරවල යෙදී සිටින අයට එය ඉතා පහසුයි, මන්ද, පැරණි ගිණුම අවසන් විය යුතු බවත්, එවිට අළුත් ගිණුම ආරම්භ වන බවත් ඔවුන්ට වැටහෙන නිසා. දිගටම සිහිපත් කිරීමේ සිටින්න, එවිට ඔබගේ ලාභය රැස් වෙයි. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඔබ රැස් කරගන්නේ කෙසේද? මෙයද ව්‍යාපාරයකි. පියා ඔබට කිසිදු අපහසුතාවයක් සිදු නොකරයි. ඔබට පිටත කිසි තැනක සැරිසැරීමට අවශ්‍ය නැත. ඔබ උපතින් උපතට සැරිසරමින් සිට ඇත. සත්‍ය පියා, ඔබට දැන් ඉතා හොඳින් පහදා දෙනවා. ඔබට සත්‍යය පැවසිය හැක්කේ දෙවියන්ට පමණයි අන් සියල්ල බොරුය. බාබා විස්තර කරන දේ සහ මනුෂ්‍යයන් විස්තර කරන දේ අතර ඇති වෙනස දෙස බලන්න! මෙය නාටකය වන අතර එම දේවල්ම නැවතත් සිදුවෙයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබට විමුක්තිය ලැබෙන බව, ඔබට දැන් වැටහෙනවා. එසේ නැත්නම්, ඔබට එතරම් උසස් තත්ත්වයක් හිමි නොවනු ඇත. ඔබ, දිව්‍ය ලෝකයට යාමට උපකරණ බවට පත්වනවා. එහි පාපය නොමැති අතර, මෙහි පාපය තිබේ, දුක් විඳීමේ දඬුවම තිබෙන්නේ මේ නිසාය. එබැවින් ශ්‍රීමත් අනුගමනය නොකරන අයට කවුරු කියා අමතන්නද? අදේවවාදීන්! බාබා ඔවුන්ව දේවවාදීන් බවට පත්කරවන බව ඔවුන් දන්නා නමුත්, ඔවුන් ඔහුගේ උපදෙස් නොපිළිපදින්නේ නම්, ඉන් කියැවෙන්නේ ඔවුන් අදේවවාදීන් බවයි. ශිව බාබාගේ උපදෙස් පිළිපැදිය යුතු බව ඔවුන්ට වැටහෙයි. ඒ තිබියදී ජීවාත්මයක් අනුගමනය නොකරන්නේ නම්, කුමක් කියන්නද? ශ්‍රීමත් දෙනු ලබන්නේ ඔබව උසස් කිරීමටයි. උසස්ම උසස් කෙනා සත්ගුරූය. පියා මෙහි මුහුණට මුහුණලා අසුන්ගෙන, ඔය දරුවන්ට පහදා දෙයි. ඔහු සෑම චක්‍රයකදීම ඔබට විස්තර කර දී ඇත. ශාස්ත්‍ර ආදිය අයත් වන්නේ භක්ති මාර්ගයටයි. නොගිණිය හැකි තරම් ශාස්ත්‍ර තිබේ. මිනිසුන් ආගමික ග්‍රන්ථ වලට බොහෝ සේ ගරු කරයි. ඔවුන් ග්‍රන්ථ, නගරය වටා ගෙන යන ආකාරයෙන්ම, ඔවුන් පිළිමද නගරය වටා ගෙන යයි. දැන් බාබා පවසන්නේ ඒ සියලු දේ අමතක කරන්න. තිතක් බවට පත් වන්න, එපමණයි. සරළව සෑම දේකටම තිතක් තබන්න. කිසිම දේකට සවන් නොදෙන්න. නපුරු දේ නොඅසන්න, නපුරු දේ නොදකින්න, නපුරු දේ නොපවසන්න! පියා ඔබට පවසන දේ හැර වෙනත් කිසිවකට සවන් නොදෙන්න. අශාරීරික වී, අන් සියලු දේ දිගින් දිගටම අමතක කරන්න. ඔය ජීවාත්ම, දැන් ඔබගේ සිරුරු මඟින් සවන් දෙනවා. පියා පැමිණ, බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඔබට විස්තර කර දී, ඔය දරුවන්ට ජීවන-මුක්තියට පාර පෙන්වයි. ඔබ පෙර, කුමන විවිධාකාරයේ ක්‍රම බොහොමයක් මඟින් උත්සාහ දැරුවද, ජීවාත්මයට මුක්තිය හෝ ජීවන-මුක්තිය ලබා ගැනීමට නොහැකි විය. ඔවුන් චක්‍රයේ කාල පරාසය පවා බොහෝ දීර්ඝ කර තිබේ. එය ඔවුන්ගේ භාග්‍යයේ ඇත්නම්, ඔවුන්ට මෙම දේවල් ඇසෙයි. එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, එවිට ඔවුන්ට පැමිණීමට නොහැකි වෙයි. එබැවින්, මෙහිදීද එය භාග්‍යය පිළිබඳ ප්‍රශ්නයකි. පියා බොහෝ සරළව පහදා දෙන නමුත් ඇතැම් අය පවසන්නේ අපට මෙම දේවල් පැවසීමට නොහැක. ඒත් එය ඉතා පහසුයි! සරළව පියාව සහ උරුමය සිහි කරන්න, එපමණයි! සංස්කෘත භාෂාවෙන් ඔවුන් මෙය හඳුන්වා ඇත්තේ මන්මනාභව යනුවෙනි. ශිව බාබා, සියලුම ජීවාත්මයන්ගේ පියාය. ක්‍රිෂ්ණාට පියා යැයි කිව නොහැක. සියලුම මනුෂ්‍යයන්ගේ පියා වන්නේ බ්‍රහ්මායි. වඩාත් ශ්‍රේෂ්ඨ කවුරුන්ද ජීවාත්මයන්ගේ පියාද, මනුෂ්‍යයන්ගේ පියාද? ජ්‍යෙෂ්ඨ බාබා සිහිපත් කිරීමෙන්, ඔබට දිව්‍ය ලෝක උරුමයේ ප්‍රතිලාභය හිමි වෙයි. කාලය ගෙවී යත්ම, බොහෝ දෙනෙක් ඔබ වෙතට පැමිණෙයි. ඔවුන් වෙන කොහේ යන්නද? එබැවින් ඔවුන් දිගටම මෙහි පැමිණෙයි. බොහෝ මිනිසුන් යම් කිසි ස්ථානයකට යන විට, ඔවුන්ව දකින වෙනත් අයද එහි යයි. ඔබ අතරේද අඛණ්ඩව ව්‍යාප්තිය සිදුවෙයි. කෙතරම් බාධා පැමිණියත්, ඔබ එම ගැටුම් අභිබවා ගොස් ඔබගේ රාජධානිය ස්ථාපිත කළ යුතුයි. රාමාගේ රාජධානිය දැන් ස්ථාපිත වනවා. රාමාගේ රාජධානිය නව ලෝකයයි. ශ්‍රීමත් අනුසාරයෙන් භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කිරීම සඳහා, ඔබ ඔබගේ සිරුරු, මනස සහ ධනය භාවිත කරන බව ඔබ දන්නවා. ජීවාත්මයන්ගෙන් විමසිය යුතු ප්‍රථම දේ වන්නේ පරම පියා, පරමාත්ම ජීවය සමග ඔබගේ ඇති සම්බන්ධතාවය කුමක්ද? ප්‍රජාපිතා බ්‍රහ්මා සමග ඔබගේ සම්බන්ධතාවය කුමක්ද? ඒ අසීමිත පියා වන අතර ඉන්පසුව සියලුම විවිධ පරම්පරා වෘක‍්ෂ තිබේ ඒ සියල්ලම ආරම්භ වන්නට ඇත්තේ එකකින්ය. පරම පියා, පරමාත්ම ජීවය, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් ලෝකය නිර්මාණය කළා, එනම්, ඔහු ජීවාත්ම, අපවිත්‍ර බවින් පිවිතුරු බවට පරිවර්ථනය කළා. ලෝකයාට කිසිදෙයක් නොවැටහෙයි ඔවුන් පවසන්නේ අපි පිදුම් ලබන්නට සුදුසුව සිට ඉන්පසුව අප පුදන්නන් විය. කෙසේවෙතත්, ඔවුන් මෙය පවසන්නේ දෙවියන් පිළිබඳව හැඳින්වීමේදීය. දෙවියන්ද පුදන්නෙක් වූයේ නම්, ඔය ජීවාත්ම පිදුම් ලබන්නට සුදුසු කරවන්නේ කවුරුන්ද? ඔවුන්ගෙන් මෙම ප්‍රශ්නය අසන්න. ඔය දරුවන්ට හම් සෝහි අරුත විස්තර කර දී තිබේ. හම් සෝ යනු අප ශුද්‍රයන්ව සිටි අතර දැන් දේවතාවන් බවට පත් වනවා. ඔබට චක්‍රය මතකයි නේද? මෙසේ කියා තිබේ පියා, පුතාව පෙන්වන අතර ඉන්පසුව පුතා, පියාව පෙන්වයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දක‍්ෂ ව්‍යාපාරිකයෙක් වී, සියලු පැරණි ගිණුම් අවසන් කර, සතුටෙහි නව ගිණුම අරඹන්න. සිහිපත් කිරීමේ සිට, පාපයේ බන්දන කපා දමන්න. ඉවසිලිවන්ත වී හදිසි නොවන්න.

2. නිවසේ ආහාර පිළියෙල කරන විට සහ සෑම ක්‍රියාවක්ම කරන අතර, පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. පියා ඔබට ලබා දෙන අවිනාශි ඥානයේ මිණි මුතු වලින් ඔබගේ ඒප්‍රන පුරවා, ඒවා අන් අයට දන් දෙන්න.

වරදානය:
ඔබ මාස්ටර් නිර්මාතෘවරයෙක් වී නොබැඳි නිරීක්ෂකයකු සේ මායාගේ ඕනෑම ක්‍රීඩාවක් විනෝදයක් ලෙස දකී.

මායා ඔබට කොපමණ පාටවල් පෙන්වූවත් කම් නැත, ඔබ මායාගේ ක්‍රීඩා නැරඹිය යුත්තේ: "මම මායාගේ ස්වාමියා වෙමි, මායා මගේ නිපැයුමක් වන අතර මා මාස්ටර් නිර්මාතෘවරයෙක්" යන අවධානයෙනි. මෙම ක්‍රීඩා වලින් පරාජිත නොවන්න. නොබැඳි නිරීක්ෂකයකු වී නොකඩවා මෙම ක්‍රීඩාවන් විනෝදයක් ලෙසට නරඹන්න. එවිට ඔබ ප්‍රථම අංකය අත්කර ගන්නවා ඇත. එවන් ජීවාත්මයන්ට මායාගේ ඕනෑම ගැටලුවක්, ගැටලුවක් ලෙසට පෙනෙන්නේ නැත: එහි මොනම ප්‍රශ්නයක් හෝ නොතිබේවි. නොකඩවා නොබැඳි නිරීක්‍ෂකයෙකු වි පරම පියාගේ ස්ථිර මිත්‍රත්වයේ අවධානයෙන්ම සිටින්න. එවිට ඔබ ජයග්‍රාහී වනවා ඇත.

පාඨය:
ඔබේ මනස ශාන්ත කරගන්න. ඔබේ බුද්ධිය කරුණාබරිත කරගන්න සහ ඔබේ කට මිහිරි කරගන්න.