15.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සැබෑ වයිෂ්නවයින් විය යුතුයි. සැබෑ වයිෂ්නවයින් පිරිසිඳු ආහාර ගන්නා අතර පාරිශුද්ධව ජීවත් වෙනවා.

ප්‍රශ්නය:
කුමන දුර්වලතාවය ගුණධර්මයක් බවට පරිවර්ථනය කර ගැනිමෙන් ද ඔබගේ බෝට්ටුවට එතෙර වී යා හැකි වන්නේ?

පිළිතුර:
ලොකුම දුර්වලතාවය වන්නේ බැඳිමයි. බැඳීම නිසා ඥාති ස්මරණය ඔබට කරදරයක් වෙනවා (වඳුරාගේ කතාව අදාල මෙයටය). ඥාතියෙක් මිය ගිය විට ඔවුන් මාස 12 ක් පුරාම ඔහුව සිහිපත් කරනවා නිතරම ඔහුව මතක් කරන නිසා ඔවුන් තම මුහුණ වසාගෙන වැලපෙනවා. ඒ ආකාරයෙන්ම බාබාගේ ස්මරණයත් කරදර කරනවා නම් දිවා රෑ ඒ වගේම ඔහුව සිහිපතක් කරනවා නම්, ඔබගේ බෝට්ටුව එතෙර වි යාවී. තම භෞතික ඥාතින් සිහිපත් කරන ආකාරයෙන්ම බාබාවත් සිහිපත් කරන්න පුළුවන් නම්, ඒක ඔබගේ මහා වාසනාවක් වේවි.

ඕම් ශාන්ති.
පියා සෑම දිනකම දරුවන්ට පැහැදිලි කර කියා දේ: තමා ජීවයක් බව සලකා පියාගේ ස්මරණයේම සිටින්න. අද බාබා තවත් දෙයක් එයට එකතු කරනවා ඔහු පියා වශයෙන් පමණක් සලකන්න එපා. තවත් කෙනෙක් ලෙසත් ඔබ ඔහුව සැලකිය යුතුයි. ප්‍රධානම දේ වන්නේ උත්තරීතර පියා උත්තරීතර ජීවය ශිවා යන්නයි. ඔහු දෙව් පියාණන් කියාත් හඳුන්වනවා. ඔහු දැනුමේ සාගරය වෙනවා. ඔහු දැනුමේ සාගරය වන නිසා. ගුරුවරයාත් වී රාජයෝගාව උගන්වනවා. සැබෑම පියා අපට උගන්වනවාය යන්න මිනිසුන්ට තේරුම් ගත හැකි වන්නේ මෙය පැහැදිලි කර කියා දුන් විට පමණි. ඔහු සැමගේ පියා බවත් ගුරුවරයා බවත් මුක්තිය දානය කරන්නා බවත් ඔහු අපට ක්‍රියාවෙන්ම පැහැදිලි කර දෙනවා. ඒ වගේම ඔහු දැනුමෙන් පිරි කෙනා වශයෙනුත් හැඳින්වෙනවා. ඔහු පියා ගුරුවරයා පාරිශුද්ධකරු හා දැනුමේ සාගරය වෙනවා පළමුවෙන්ම පියාගේ ගුණ ගායනා කරන්න. ඔහු අපට උගන්වනවා. අපි බ්‍රහ්ම කුමාරයින් කුමාරිනුයි. බ්‍රහ්මාත් ශිව බාබාගේ නිර්මාණයක්. දැන් මේ ඇත්තේ සංගම් යුගයයි. අරමුණ හා ඉලක්කය රාජයෝගාවේයි. ඔහු අපට රාජයෝගාව උගන්වනවා. මෙය ඔප්පු වෙනවා. එම නිසා ඔහු අපගේ ගුරුවරයාත් වෙනවා සේම මෙම දැනුම ඇත්තේ නව ලෝකය සඳහායි. මෙහි අසුන්ගෙන සිටිනා අතර අන් අයට කීමට යන දේ හොඳින් තමා තුළ ග්‍රහණය කර ගන්න. මෙම දැනුම ඉතාමත් හොඳින් තමා තුළ ධාරණය කර ගත යුතුයි. ඇතැම් අයට අනිත් අයට වඩා හොඳින් කරුණු තේරුම් ගත හැකි බව ඔබ දන්නවා. දැනුමෙන් දක‍්ෂ් අයව ප්‍රශංසාවට ලක් වෙනවා ඔවුන්ගේ තත්ත්වයත් උසස් වෙනවා. තමා ප්‍රවේශම් විය යුත්තේ කුමණ කාරණා සම්බන්ධයෙන්ද යන්න ගැන බාබා නිතර අනතුරු අඟවනවා. ඔබලා සම්පුර්ණයෙන්ම වයිෂ්ණවයින් බවට පත්වෙනවා. වයිෂ්ණවයින් යනු නිර්මාංශ ආහාරිකයන්ය ඔවුන් මස් කන්නේත් නැහැ. මත් පැන් බොන්නේත් නැහැ. නමුත් ඔවුන් පාපයේ ගැලෙනවා. එහෙනම් වයිෂ්ණවයින් වීමෙන් ඇති ඵලය කුමක්ද? ඔවුන් තමන් වයිෂ්ණව කුළයට අයිති අයයි කියා හඳුන්වා ගන්නවා. ඉන් අදහස් වන්නේ ඔවුන් රතුළුනු වගේ අනෙකුත් තමෝගුණි ආහාර කෑමට ගන්නේ නැහැ. තමෝ ගුණි දේවල් මොනවද කියා දරුවන් වන ඔබලා දන්නවා ඇතැම් පුද්ගලයින් හරිම හොඳයි, ඔවුන් ආගමට ලැදි හෝ භක්තිවන්ත ජීව ලෙස හඳුන්වනවා. සන්යාසින්ව හඳුවන්නේත් පිරිසිඳු ජීව ලෙසයි. දාන මාන දෙන අය පින්වත් ජීව ලෙස හැඳින්වෙනවා. දාන දෙන්නේත් පින් කරන්නේත් ජීව බව මෙයින් ඔප්පු වෙනවා. මෙන්න මේ නිසා තමයි පාරිශුද්ධ ජීවයක් පින්වත් ජීවයක් කියා හඳුන්වන්නේ. කරන ක්‍රියාවක ප්‍රතිඵලයට ජීවය හසු වෙනවා. මෙවන් හොඳ වැකි ඔබ සිහියේ තබා ගත යුතුයි. සාදුවරුන් ශ්‍රේෂ්ඨ ජීව ලෙස හැදින්වෙනවා. ශ්‍රේෂ්ඨ උත්තරීතර ජීවකියා කියන්නේ නැහැ. එම නිසා දෙවියන් සර්ව ව්‍යාප්තියි කියා කීම වැරදියි. ඒ සෑම කෙනෙක්ම ජීවයන් සෑම මානව ජීවයකම ජීවයක් තිබෙනවා ගස් ගල් පවා ජීවයක් තිබෙනවා කියා ඔප්පු කිරීමට වියතුන් උත්සහ දරනවා. සෑම ජීව මරණ 8.4 කටම ජීවයක් තිබෙනව බව කීමට ඔවුන් උත්සහ කරනවා. ඔවුන් අසනවා ඒවායේ ජීවයක් නැති නම් මේ සියල්ලම වැඩි වර්ධනය වෙන්නේ කොහොමද? මානව ජීවයකට අචේතනික දේකට සංක්‍රමණය වෙන්න බැහැ. ග්‍රන්ථ වල එවන් දේවල් සදහන්වී තිබෙනවා. උදාහණයක් ලෙස කියනවා නම් කෙනෙක්ව ඉන්ද්‍ර ප්‍රස්ථයෙන් එලියට විසිකර දමා පර්වථයක් බවට පත් කෙරෙව්වා කියා සඳහන් වි තිබෙනවා. පියා දැන් මෙහි සිට පැහැදිලි කරනවා. ඔහු දරුවන්ට කියනවා සියලූම ශාරිරික ඥාතීන්ගෙන් සිහිය ඉවතට ගෙන තමා ජීවයක් බව සලකන්න. නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. ඔබ දැන් ඔබගේ උපත් 84 සම්පුර්ණ කරමිනුයි සිටින්නේ. ඔබ දැන් තමෝප්‍රධාන් බවින් සතේප්‍රධාන් විය යුතුයි. දුකින් පිරි දේශය අපිරිසිඳු දේශයයි. සාමයේ දේශය හා සතුටේ දේශය පාරිශුද්ධ දේශයයි. ඔබට මේ තරම්වත් දෙයක් තේරෙනවා නේද? සතුටු දේශයේ වාසය කළ දේවතා පිළිම වලට මිනිස්සු දන නමනවා. ඔවුන් නව භාරත ලෝකයේ පාරිශුද්ධ ජීව බව මෙයින් ඔප්පු වෙනවා. ඔවුන්ට උසස් තත්ත්වයක් තිබුණා. දැන් මිනිස්සු ගයනවා මට කිසිදු ගුණයක් නැහැ ඇත්තටම එහෙම තමයි. ඔවුන් ලඟ කිසිම ගුණයක් නැහැ. මිනිසුන් තුළ ලොකු බැඳිමක් තිබෙනවා ඔවුන් නිතරම මිය ගිය අය සිහිපත් කරනවා. මොහු මගේ දරුවාය යන හැඟිම ඔවුන්ගේ සිහියේ තිබෙනවා. කෙනෙකුගේ ස්වාමි පුරුෂයා හෝ දරුවා මිය ගිය විට ඇය නොනවත්වා ඔහුව සිහිපත් කරනවා. වැන්දඹුවක් තම මිය ගිය ස්වාමි පුරුෂයා මාස 12 ක් පුරා සිහි කරනවා. තම මුහණ වසාගෙන ඇය සෑම විටම වැලපෙනවා. ඒ වගේම ඔබ තම මුහුණත් වසාගෙන දිගාවි බාබාව සිහිපත් කරනවා නම් ඔබගේ බෝට්ටුව අනිවාර්යයෙන්ම එතෙර වේවි. පියා කියනවා නිතර නිතරම ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා සිහිකරනවා වගේ මාත් ඒ වගේ සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප දුරු වි යාවි. මෙය කිරීම සඳහා පියා ඔබට නොයෙකුත් ක්‍රම පෙන්වා දෙනවා. දිගටම තම ගිණුම් පරික්ෂා කර බලන්න අද මෙතරම් ප්‍රමාණයක් වියදම් වුණා. මෙතරම් ලාභයක් ලැබුවා. ඔවුන් සෑම දිනකම තම ඉතුරුම් ගණන් සාදා බලනවා. ඇතැම් අය එය සෑම මසකම කරනවා. මෙහිදි එය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්. පියා නැවත නැවතත් මෙය ඔබට කියනවා. ඔහු කියනවා දරුවන් වන ඔබලා සිය වාරයක්, දහස් වාරයක් මිලියන වාරයක්, කෝටි වාරයක් වාසනාවන්තයි. තමන් හරිම වාසනාවන්තයි කියා සිතනා දරුවන් අනිවාර්යයෙන්ම ඉතාමත් හොඳින් පියා සිහිපත් කරනවා ඇති. ඔවුන් රෝස මල් වේවි. මෙය ඉතාමත් සරළව කියා දිය යුතුයි. ඔබලා සුවඳවත් මල් විය යුතුයි. ප්‍රධානම දෙය ස්මරණයයි. සන්යාසින් යෝගා යන වචනය භාවිතා කරනවා. ඔබගේ භෞතක පියා මා සිහිපත් කරන්න කියා කියන්නේ නැහැ. ඔබ ඔහුව සිහිපත් කරමින් සිටියාද කියාවත් ඔහු අසනා එකක් නැහැ. පියෙක් තම දරුවන් සිහිපත් කරනවා. ඒ වගේම දරුවන් තම පියා නිතරම සිහිපත් කරනවා. ඒක තමයි නීතිය. මෙහිදි ඔබට එය කීමට සිදු වී තිබෙන්නේ මායා ඔබට එය අමතක කරන නිසායි. ඔබ මෙහි පැමිණෙන විට තමන් පියා ලඟට යනවා යන සිහිය ඔබ තුළ තිබෙනවා. එසේ පියා ස්මරණය එහි තිබිය යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා මෙන්න මේ පින්තුර සාදා තිබෙන්නේ. ඔබ ලඟත් මේවා තිබිය යුතුයි. පළමුවෙන්ම බාබාගේ ගුණ වලින් පටන් ගන්න. මේ අපේ බාබායි. ඇත්තෙන්ම කියනවා ඔහු සැමගේ පියායි. ඔහු සැමට ගැලවීම ලබා දෙන්නා. දැනුමේ සාගරය හා දැනුමින් පිරි කෙනායි. ලෝක චක්‍රයේ මුල මැද හා අග පිළබඳ වු දැනුම බාබා අපට දෙන නිසා එමඟින් අප ත්‍රිකාලදර්ශී බවට පත් වෙනවා. ලෝකයේ සිටිනා කිසිම මනුෂ්‍යයෙක් ත්‍රිකාලදර්ශි නැහැ. පියා කියනවා ලක්ෂ්මී හෝ නාරායන්වත් ත්‍රිකාල දර්ශී නැහැ. ඔවුන් ත්‍රිකාල දර්ශී වීමෙන් ඇති ඵලය කුමක්ද? ඔබ මේ තත්ත්වයට පත් වි අන් අයවත් ඒ තත්ත්වයට පත් කරනවා. ලක්ෂ්මී හා නාරයන්ට දැනුම තිබුණා නම් එය අනාදිමත් කාලයක් පුරා පවතීවි. කොහොම නමුත් ඒ අතර මැද දී විනාශය සිදුවෙනවා. එම නිසා එය අනාදිමත් කාලයක් පුරා යන්න බැහැ. ඉතින් දරුවන් වන ඔබලා මෙම දැනුම හොඳින් ඉගෙන ගත යුතුයි. ඔබගේ ඉහළම ඉහළ ඉගෙනීම සිදුවන්නේ සංගම යුගයේදියි. ස්මරණයේ නොසිට ශාරිරික අවධානයට ලක් වුණු විට මායා ඔබට ප්‍රහාර එල්ල කරනවා. ඔබ සොළොස් කලාවන්ගෙන් පිරිණු විනාශය සඳහා පෙර සුදානම් වීමත් සම්පුර්ණ වේවි. ඔවුන් විනාශය සඳහා සියල්ල සුදානම් කර ගන්නවා ඔබ ඔබගේ අවිනාශි තත්ත්වය දිනා ගැනිම සඳහා සුදානම් වෙනවා. කවුරවයින් හා පාන්දවයින් අතර යුද්ධයක් තිබුණේ නැහැ යුද්ධය ඇත්තේ කවුරවයින් හා යාචකයින් අතරයි. පාකිස්තානය නිර්මාණය වුයේ නාටකයට අනුවයි. එය ඇරඹුණේ ඔබගේ ඉපදීමට පසුවයි. දැන් පියා පැමිණ සිටිනවා. සෑම දෙයක්ම තාත්වික ලෙස සිදුවිය යුතුයි. ලේ ගංඟාවන් ගලා ගොස් පසුව කිරි ගංඟාවන් ගලා යාවි කියා සඳහන් කර ඇත්තේ මේ ගැනයි. දැන් වුණත් බලන්න මිනිස්සු හරියට රණ්ඩු වෙනවා. අපිට මේ ප්‍රාන්තය දෙන්නන නැති අපි යුද්ධ වදිනවා. මෙතනින්න එහාට යන්න එපා මේ අපේ පාර ඒවාට මොනවාද කරන්නේ? කොහොමද නැව් යන්නේ? ඉතින් ඊට පස්සේ සාකච්ඡා පවත්වනවා. අනිවාර්යෙන්ම අනිත් අයගෙන් උපදෙස් ගැනිමට සිදු වෙනවා. උදව්වක් ගැනිමට කියා තබාගෙන තිබු සෑම බලා පොරොත්තුවක්ම හිදි යනවා. සිවිල් යුද්ධ නාටකයේ තීරණය වි ඇති දෙයක්. පියා දැන් කියනවා සුමිහිරි දරුවනි, ඉතාමත් ඥාණවන්ත වන්න. මෙහෙන් පිටත් වි ගෙවල් වලට ගිය පසු මෙය අමතක කර දමන්න එපා. ඔබ මෙහි පැමිණෙන්නේ ආදායමක් උපයා ගැනිමටයි. පොඩි දරුවන් මෙහි ගෙන ආ විට ඔවුන්ට බැඳි සිටීමට ඔබට සිදු වෙනවා. ඔබ මේ ඇවිත් තිබෙන්නේ දැනුම් සාගරයේ වෙරළටයි. එම නිසා වැඩි වැඩියෙන් උපයා ගත් තරමට හොඳයි. ඔබ එම කාර්යයේම නිරත වි සිටිය යුතුයි. ඔබ මෙහි පැමිණෙන්නේ දැනුමේ මිණිමුතු වලින් තම සාක්කු පුරවා ගැනීමටයි. මිනිස්සු ගයනවා අහෝ අහිංසකත්වයේ ස්වාමිනි අපගේ සාක්කු පුරවාලන්න. භක්තිවන්තයින් ශංකර්ගේ පිළිමයක් ඉදිරියට ගොස් අපේ සාක්කු පුරවාලනු මැන කිය කියා කන්නලව් කරනවා. ඔවුන් ශිවාත් ශංකරුනුත් එකම කෙනෙක් වශයෙනුයි සලකන්නේ ශිව ශංකර් මහා දෙවියන් කියා කියනවා. ඉතින් මහා දෙවියන් ශ්‍රේෂ්ඨ වශයෙන් සලකනවා. මෙවන් පොඩි කරුණු පැහැදිලිව තේරුම් ගත යතුයි. දරුවන් වන ඔබට පැහැදිලි කර තිබෙනවා බ්‍රහමිණ්වරුන් වන ඔබලා දැන් මේ දැනුම ලබා ගන්නවා. මිනිස්සු ඉගෙනීමක් තුළින් තම තමන්ව අළුත් කර ගන්නවා. ඔවුන් ගේ ක්‍රියාකාරකම් හා හැසිරීම් ඉතාමත් හොඳ වෙනවා. ඔබලා දැන් ඉගෙන ගන්නවා. ඉතාමත් හොඳින් ඉගෙනගෙන අන් අයටත් උගන්වන අය ලඟ ඉතාමත් හොඳ සිරිත් විරිත් තිබෙනවා. මමා හා බාබා ලඟ ඉතාමත් හොඳ සිරිත් විරිත් තිබෙනවා කියා කියාවි. මොහු ජ්‍යෙෂ්ඨ මවයි. බාබා ඔහුට ඇතුළු වි දරුවන් වන ඔබලාව නිර්මාණය කරනවා. මවත් පියාත් එකටයි මේවා එතරම් අදෘෂ්‍යමාන කරුණුයි. ඔබලා ඉගෙන ගන්නවා සේ මමාත් ඉගෙන ගන්නවා. පසුව ඇයව ගත්තා. නාටකයට අනුව ඇය ඉතාමත් ඥාණ වන්ත නිසා ඇයට සරස්වති යන නම තිබ්බා. බ්‍රහ්ම පුත්‍ර තමයි දිගම ගංඟාව. බ්‍රහ්මපුත්‍ර ගංඟාව මුහුදට හා එකතුවන තැනක් තිබෙනවා. මොහු තමයි ලොකුම ගඟ. එම නිසා ඔහුත් මවක්. මිහිරි දරුවන් වන ඔබලාව පමණයි, ඔහු වෙන කිසිම කෙනෙක් සිහිකරන්නේ නැහැ. මොහුගේ ජීවය පියා සිහිකල යුතුයි. පියා කියනවා අපි දෙදෙනාම දරුවන් දෙස බලනවා. මම නම් වු ජීවය සියල්ල නොබැඳි නිරීක‍්ෂ්කයෙක් ලෙස බැලිය යුත්තේ නැහැ. කොහොම නමුත් මම සිටින්නේ පියාගේ ආශ්‍රයේයි. එම නිසා මමත් ඒ ලෙසින්ම සියල්ල දෙස බලනවා. කොහොමත් මම ඉන්නේ බාබාත් එක්කනේ. මම ඔහුගේ දරුවා. ඉතින් මා සෑම දෙයක් දෙසම බලන්නේ ඔහු සමඟයි. මම ලෝක පාලකවරයෙක් බවට පත් වී මා සියල්ලම කරනවාත් සේ සෑම තැනම සංචාරය කරනවා. මම දෘෂ්ටි දෙනවා. ශරිරය ඇතුළු සියළු දේ අමතක කර දැමිය යුතුය. දරුවාත් පියාත් එක්කෙනෙක් වුනා වගෙයි. එම නිසා පියා පැහැදිලි කරනවා. ලොකු උත්සහයක් දරන්න. ඇත්තටම වැඩි සේවයක් කරන්නේ මමායි. බාබායි. ගෙදරක වුණත් වැඩි සේවයක් කරන්නේ අම්මයි තාත්තයි. සේවය කරනා අය අනිවාර්යෙන් උසස් තත්ත්වයක් දිනාගනියි. එම නිසා ඔබ ඔවුන්ව අනුගමනය කල යුතුයි. තමාව අපහාසයට ලක් කරවනා අයව පවා බාබා ඔසවා තබනවාක් සේ ඔබත් ඒ ආකාරයෙන්ම බාබාව අනුගමනය කළ යුතුයි. ඔබ එහි අර්ථය තේරුම් ගත යුතුයි. පියා කියනවා මා සිහිපත් කරන්න. වෙන කිසිම කෙනෙක්ට ඇහුම්කන් දෙන්න එපා. කවුරු හෝ කෙනෙක් කුමන හෝ දෙයක් කිව්වොත් අසා නොඅසා සිටින්න. සිනහවෙන්ම සිටින්න. ඔහු නිකම්ම නිවි යාවි. කෙනෙක්ට කේන්ති ගිය හොත් ඔහුට මල් වැස්සක් වස්සන්න කියා බාබා ඔබට කියා තිබෙනවා. ඔහුට කියන්න ඔබ මාව අපහායට ලක් කරවනවා. නමුත් මම ඔබව උසස් කරවනවා. පියා කියනවා මුළු ලෝකයේම සිටිනා මිනිසුන් මාව අපහාසයට ලක් කරවනවා. මා සර්ව ව්‍යාප්තියි කියා ඔවුන් දැඩි සේ මා අපහාසයට ලක් කරවා තිබෙනවා. කොහොම නමුත් ඒත් මා සෑම කෙනෙක්වම උසස් කරනවා දරුවන් වන ඔබලාත් සෑම කෙනෙක්ම උසස් කරවිය යුතුයි. බලන්න ඔබ ලෝක පාලකයින් බවට පත් වෙනවා. ඔබ කවදාවත් එවන් දෙයක් ගැන හීනෙන්වත් හිතුවේ නැහැ. ගෙදර ඉන්නා ගමන් බොහෝ අයට දර්ශන ලැබුණා. කොහොම නමුත් දර්ශන වලින් කිසිවක් සිදුවෙන්නේ නැහැ. ගස ක්‍රමයෙන් වර්ධනය වේවි. අළුත් දිව්‍යමය ගසෙහි පැළය දැන් පැළ කරලයි තිබෙන්නේ ඔබගේ දිව්‍යමය මල් වල මල් වත්ත ඉදි වෙමින් පවතින බව දරුවන් වන ඔබලා දන්නවා. සත් යුගයේ සිටින්නේ දේවතාවරුන් පමණයි. ඒ කාලය දැන් නැවතත් ඒමටයි තිබෙන්නේ. චක්‍රය නැවත නැවතත් කැරකෙනවා. ඔබලා උපත් 84 ගන්නා අයයි. වෙන ජීව පිරිසක් කොහෙන් එන්නද? නාටකයේ සිටිනා කිසිම ජීවයක් ඔවුන්ගේ චරිතයෙන් නිදහස් කරවන්න බැහැ. මෙම චක්‍රය නැවත නැවතත් කැරකෙනවා. ජීවයන් කවදාවත් විනාශ වී යන්නේ නැහැ. ඉතාමත් මිහිරි දරුවන් වන ඔබලාට පියා පැහැදිලි කර කියා දෙනවා: දරුවනි, සතුට දානය කරන්නන් බවට පත්වන්න. මවක් තම දරුවන්ට එකිනෙකා සමඟ රණ්ඩුවන්න එපා කියා කියාවි. අසීමිත පියා දරුවන්ට කියන්නේ ස්මරණයේ වන්දනාව ඉතාමත් පහසුයි. උපතක් උපතක් පාසා ඔබ ඒ වන්දනාවන් වල ගිහින් තිබෙනවා. එසේ තිබියදීත් ජීව වන ඔබලා ඉණිමඟේ පහළටම පැණෙමින් පාපාකාර ජීව බවට පත්වෙලා. පියා කියනවා මෙය ආධ්‍යාත්මික වන්දනාවක් ඔබ මෙම මරණ දේශයට පැමිණිය යුත්තේ නැහැ. මිනිස්සු වන්දනා ගමන් ගොස් පැමිණෙන නමුත් ආයිත් ගිය විදියටමයි ආපසු එන්නේ. තමන් දැන් දිව්‍ය ලෝකයට යන බව ඔබලා දන්නවා. දිව්‍ය ලෝකය කියා දෙයක් තිබුණා. නැවතත් එය පැමිණේවි. මෙම චක්‍රය කැරකවිය යුතුයි. ඇත්තේ එකම එක ලෝකයකි. තාරුකාවන් ආදියේ වෙනත් ලෝකයක් නැහැ. එහේ තිබෙන්නේ මොනවාදැයි කියා බැලිමට මිනිස්සු හරියට තම ඔලුව වෙහෙසවනවා. එසේ ඔලුව වෙහෙස වෙමින් සිටිනා අතරම මරණය ලඟා වේවි. ඒ සියල්ලම විද්‍යාවයි. එහි ගියායින් පසුව සිදුවන්නේ කුමක්ද? මරණය ඔබ ඉදිරියේමයි. එක් පැත්තකින් ඉහළ අහසට ගොස් පර්යේෂණ පවත්වනවා. අනෙක් පැත්තෙන් මරණය සඳහා බෝම්බ නිශ්පාදනය කරනවා. බලන්න මිනිසුන් ගේ බුද්ධිය කොයි වගේද කියලා. ඒ සියල්ම කිරීමට කවුරු හරි හෝ තමන්ව පොළබවනවා යන්නත් ඔවුන්ට තේරෙනවා. ලෝක යුද්ධයක් අනිවාර්යයෙන්ම සිදුවේවි කියා ඔවුන්ම කියනවා. ඒකත් මහා භාරත යුද්ධය මය වේවි. දරුවන් වන ඔබලා වැඩි වැඩියෙන් උත්සහ දැරු තරමට වැඩි යහපතක් ඔබට උදාවේවි. ඔබලා කොහොමත් කුධාගේ දෙවියන්ගේ දරුවනුයි. දෙවියන් ඔබලාව ඔහුගේ දරුවන් බවට පත් කරවාගෙන. එමනිසා ඔබලා දෙවි දේවතාවරුන් වෙනවා. ලක්ෂ්මී හා නාරායන් දේවතාවරියන් හා දේවතා වරයෙක් ලෙස හඳුන්වනවා. ක්‍රිෂ්ණා දෙවියන් කියා මිනිස්සු විශ්වාස කරනවා. එපමණ පිරිසක් රාධේව විශ්වාස කරන්නේ නැහැ. සරස්වති ගුණ ගයනවා. රාධේට එපමණ නැහැ. කලසක් පෙන්විය යුත්තේ ලක්ෂ්මීගේ හිස මතයි. ඔවුන් ඒ වැරැද්දත් කර තිබෙනවා. සරස්වතීටත් නම් රාශියක් දී තිබෙනවා. ඒ ඔබලාමයි. ඔබලාව දෙවඟනන් වශයෙනුත් වන්දනා කෙරනවා, ජීව වශයෙනුත් වන්දනා කරනවා. පියා සියල්ල දරුවන් වන ඔබලාට පැහැදිලි කර කියා දෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබා තමාට අපහාස කරනා අයව නඟා සිටුවනවා. එම නිසා පියාව අනුගමනය කරන්න. කවුරු හෝ කෙනෙක් කිසියම් දෙයක් කිව්වොත් අසා නොඅසා සිටින්න. සිනහවෙන්ම සිටින්න. එකම එක පියාට පමණක් ඇහුම්කන් දෙන්න.

2. සතුට දානය කරනන් බවට පත් වී සැමට සතුටම දානය කරන්න. එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් වෙන්න එපා.

වරදානය:
ඔබේ පාරිශුද්ධ සිතිවිලි වලින් දිවුරා පොරොන්දුවක් වීම මඟින් ඔබේ ආකල්පය පරිණාමනය කර, එමඟින් හෘද සිංහාසනය මත අසුන්ගත් කෙනෙක් වේවා.

බාප්දාදාගේ හෘද සිංහාසනය අති පාරිශුද්ධයි. ඒ මත පිවිතුරු ජීවාත්මයන්ට පමණක් අසුන්ගත හැකි වේ. අපවිත්‍ර වූවන් හෝ නීති සංග්‍රහයට එරෙහිව මනසින් හෝ යමක් කරන්නන් සිහසුන මත අසුන් ගැනීම වෙනුවට පහළ බසින අවදියට යති. එමනිසා, මුලින්ම, ඔබේ පිවිතුරු සිතිවිලි වලින් දිවුරා පොරොන්දුවක් වී ඔබේ ආකල්පය පරිණාමනය කර ගන්න. ඔබේ ආකල්පය වෙනස් වීම මඟින් ඔබේ මතු අනාගත ජීවිතයේ ලෝකය ද වෙනස් වේවි. පිවිතුරු අදිටන් සිතිවිලි වලින් දිවුරා පොරොන්දුවක් (භාරයක්) වීමේ එසැන ඵලය නම් ඔබ සදාකලටම බාප්දාදාගේ හෘද සිහසුන මත අසුන් ගැනීම වේ.

පාඨය:
ඔබ සතුව සියලු බල ඇති විට, බාධක රහිත සාර්ථකත්වය සහතිකයි.