15.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සැවොම පරමාත්ම දෙවියන් විසින් හදා ගැනීමට ගත් දරුවන්. පාරිශුද්ධත්වයට පත්ව ඒ පිවිතුරු ලොවෙහි උරුමය ලබා ගන්න. මෙය අවසන් කාල පරිච්ඡේදයයි; ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි.

ප්‍රශ්නය:
අද කාලයේ මිනිසුන්ට පැස්බරුන් යන නාමය දිය හැක්කේ කුමන කරුණක් මතද?

පිළිතුර:
ඔබ පැස්බරෙකුට පියාඹන්නැයි කියතොත්, ඌ කියයි, මට පියාපත් නැහැ, මම ඔටුවෙක් කියා. ඔබ කිව්වොත්, අච්චා, මේ බර රැගෙන යන්න ! ඌ කියයි, මම කුරුල්ලෙක් කියා. අද මිනිසාගේ තත්ත්වය එයයි ! ඔබ ඔවුන්ගෙන් ඇසුවහොත්, ඔබ දේවතාවන් වෙනුවට තමා හින්දූන් ලෙස හඳුන්වා ගන්නේ ඇයි ?. ඔවුන් කියනවා, දේවතාවන් පවිත්‍රයි, අප අපවිත්‍රයි. ඔබ ඔවුන්ට කියතොත්, අච්චා, ඒ අපවිත්‍ර බවින් පවිත්‍ර වන්න කියා, ඔවුන් කියයි, අපට වෙලාවක් නැහැ කියා. මායා පාරිශුද්ධත්වයේ පියාපත් කපා දමා තිබෙනවා. මේ නිසා තමයි තමාට වෙලාව නැහැයි කියා කියන අය පැස්බරුන් හා සමාන වන්නේ. ඔය දරුවන් එවැනි පැස්බරුන් බවට පත් නොවිය යුතුයි.

ගීතය:
ශිවාට ආචාර...

ඕම් ශාන්ති.
මෙසේ කිව්වේ කවුද? ඔබගෙන්ම මෙම ප්‍රශ්නය විමසන්න. මිනිස්සු ඕම් යන වචනය නොයෙකුත් ආකාරයෙන් අර්ථ දක්වා තිබෙනවා. බාබා කියනවා: ඔබට එක් තත්පරයකින් බාබාගේ උරුමයට හිමිකම් කිව හැකියි. පුත්‍රයෙක් බිහිවුණු සැටියෙන් ඔහුව හඳුන්වන්නේ උරුමකරුවා ලෙසයි. පසුව ඔහු ළදරුවකු බවින් ළමා වියට පත් වෙනවා. මෙහිදී ඔබට අදාල වන්නේත් ඒ දෙයමයි. ඔබ බාබාව හඳුනාගත් සැණින් ඔබ බාබා ගැන දැන ගන්නවා. ඔබ එම උරුමයට උරුමක්කරුවෙක් බවට පත්වනවා. මෙහිදී, ඔබ දැනටමත් පරිණත බවට පත්ව සිටිනවා. ජීවාත්මයක් බාබාගේ හැඳින්වීම ලබාගත් විගස ඔහු එක් ක්ෂණයකින් බාබාගේ උරුමය ලබා ගන්නවා. පුත්‍රයෙක් බිහිවුණු විගස තමා විසින් තම පියාගේ උරුමය කුමක්ද යන්න ගැන ඔහු වටහා ගන්නවා. මේ අසීමිත වූ පියායි. ඔහු කියනවා: අහෝ දරුවනි, බාබා පැමිණ සිටිනා බව ජීවාත්ම වන ඔබ වටහා ගන්නවා. කල්පයක් කල්පයක් පාසා ඔබ බාබාගෙන් රාජ්‍යය හිමිකර ගන්නා බව දරුවන් වටහා ගන්නවා. එය හරියට ඔබ එක් තත්පරයකින් ලෝක පාලකයන් බවට පත්වනවා වැනියි. ඕම් යනු මා ජීවාත්මයක්, මේ මගේ ශරීරය යන්නයි. ජීවාත්මයක් වන මා කාගේ දරුවාද? පරමාත්ම දෙවියන්ගේ දරුවෙකි. බාබා කියනවා: මා ඕම්, උත්තරීතර ජීවාත්මය. මට මා හටම කියා ශරීරයක් ඇත්තේ නැහැ. එය ඉතාමත් පහසු කරුණක්. ඔවුන් සිතනවා: ඕම් කියන්නේ දෙවියෙක් කියා. ඒ කියන්නේ සෑම කෙනෙක්ම දෙවියෙක් යනුයි. කොහොමනමුත්, මෙහි ඉන්නේ එකම එක දෙවි කෙනෙක් පමණයි. ඔහු කියනවා: මා ඔබගේ පියායි. උත්තරීතර ජීවාත්මය යනු පරමාත්ම දෙවියන් වේ. මුළු ලෝකයාම කන්නලව් කරන්නේ ඒකායන ඔහුටයි: අහෝ පාරිශුද්ධකරුවාණෙනි, එන්න! වෙන කිසිම කෙනෙක්ට ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය ඔහු මගින් රාජයෝගා කියා දෙන බව පැවසිය නොහැකියි. ඒ කිසිම කෙනෙක් කිසිවක් දන්නේ නැහැ. ඉතින් මේ නිසා, ක්‍රිෂ්ණා දෙවි කෙනෙක් බව ඔවුන් පවසා තිබෙනවා. ඔහු රාජයෝගා ඉගැන්වූ බවක් හෝ ඔහු පාරිශුද්ධකරුවා වන්නේ හෝ නැහැ. ඔහු තමයි ස්වර්ණමය යුගයේ පළමු දරුවා. ප්‍රථම ස්ථානය ගන්නා තැනැත්තා අවසානම කෙනා බවටත් පත්වනවා. මේ නිසා තමයි ඔහු ශ්‍යාම් සුන්දර් (ලස්සන හා අවලස්සන) තැනැත්තා ලෙස හැඳින්වෙන්නේ. ක්‍රිෂ්ණා පළමුවන උපත ලබාගන්නා අතර, පසුව උපත් 84කින් පසු ඔහු බ්‍රහ්මා යන නාමය ලබා ගන්නවා. බාබා පැමිණ තම දරුවන් ලබා ගන්නවා. ඔය දරුවන් එසේ ලබා ගත් දරුවන්. ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන්. ඔබට මව හා පියා ඉන්නවා. ඒ වගේම ප්‍රජාපිතා ද ඉන්නවා. බාබා කියනවා: ඔබ මාගේ දරුවන් බව මා මොහුගේ මුඛයේ අධාරයෙන් පවසනවා. ඔබ කියනවා: බාබා, අප අයිති වන්නේ ඔබටයි. අප පැමිණ සිටින්නේ ඔබගෙන් අපගේ උරුමය ලබා ගැනීමටයි. බුද්ධිය පවසන්නේත්: අනිවාර්යෙන්ම බාබා එනවා. ඔහු මෙහි පැමිණෙන වෙලාවත් සිතා බැලිය යුතු කරුණක්. ඔවුන් කියනවා: අහෝ පාරිශුද්ධකරුවාණෙනි, එන්න! එමනිසා, අපිරිසිදු ලෝකයේ අවසානය පැමිණි කල ඔහු මෙහි පැමිණෙනවා. මෙය හඳුන්වන්නේ චක්‍රයක අවසානයේ හා චක්‍රයක ආරම්භය අතර වූ සංගමය ලෙසයි. අවසානය වන විට සෑම කෙනෙක්ම අපිරිසිදු වන අතර, මුලදී සෑම කෙනෙක්ම පිවිතුරුයි. අවසානයේදී පැරණි ලෝකය විනාශ වී යන අතර පිවිතුරු ලොවෙහි ස්ථාපනය සිදුවී එහි ව්‍යාප්ත වීම ද සිදුවනු ඇත. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදුවන බව ද කියැවෙනවා. මේ තමයි ත්‍රිමූර්තිය. ශිව බාබාගේ සියලු දරුවන් සහෝදරයන් බවත්, නිර්මාණය සිදුවන කල ඔවුන් සහෝදර සහෝදරියන් බවට පත්වන බවත් දරුවන්ට වැටහෙනවා. ඔහුට මව හා පියා කියන්නේ ඇයි? මන්ද, අනාගත උරුමය ලබාගත හැකි නිසාවෙනි. ඔබට ලෞකික උරුමයක් තිබුණා වුවත්, පාරලෞකික උරුමයක් හිමිකර ගැනීමට ඔබ උත්සාහ දරණවා. මෙය කලි යුගයයි, මරණයේ දේශයයි. ස්වර්ණමය යුගය හඳුන්වන්නේ අමරණීයත්වයේ දේශය ලෙසයි. මෙහිදී, මිනිසුන් අකල් මරණවලට ලක්වනවා. ස්වර්ණමය යුගය වූ කලී ආදී සනාතන දෙවි දේවතා ධර්මය තිබෙන්නා වූ දිව්‍යමය ලෝකයයි. එහි හින්දු ධර්මයක් නැහැ. ජන සංඝණනයක් පවත්වන විට ඔවුන් මෙසේ විමසනවා: ඔබ අයිති කුමන ආගමටද? අප අයිති බ්‍රහමින් ධර්මයට කියා පැවසූ විට, ඔවුන් අපව හින්දු ආගමේ ගණයට එකතු කරනවා. මන්ද, ඒ බ්‍රහ්මණ පූජකවරුන් හින්දු ආගමේ කොටසක් වන නිසයි. ආර්ය සමාජීන් වැටෙන්නේ හින්දු ආගමේ ගණයටයි. ඇත්තෙන්ම හින්දු ආගම කියා ආගමක් නැහැ. යුරෝපයේ වාසය කරන්නන් යුරෝපීය ආගමට අයිතියි කියා කියන්නේ නැහැ. ඔවුන්ගේ ආගම ක්‍රිස්තු ධර්මයයි. ක්‍රිස්තුන්වහන්සේ විසින් ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිත වූවා. අච්චා, හින්දු ආගම ස්ථාපනය කළේ කවුද? ඉතින්, අසරණ මිනිසුන් මෙහිදී පටලැවිල්ලට පත්වනවා. ඔවුන් කියනවා: එය ස්ථාපනය වූයේ ගීතාව මගින්. ඉතින්, ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපනය වූයේ ගීතාවෙන් බව ඔවුන්ට විස්තර කර දෙනවා. ඒ නිසා, ඔබ අයිති දේව ධර්මයටයි. ඉතින් එවිට ඔවුන් කියනවා: නමුත් දේවතාවන් ඉතාමත් පිවිතුරුව සිටියා, අපි අපිරිසිදුයි, අප දේවතාවන් ලෙස අපව හඳුන්වා ගන්නේ කෙසේද? ඉතින් එවිට මෙසේ විස්තර කරනවා: අච්චා, පාරිශුද්ධත්වයට පත්ව නැවතත් දේව ධර්මයට අයත් වන්න. එවිට ඔවුන් කියනවා: අපට වෙලාවක් නැහැ. ඔබ කියනා දෙය සම්පූර්ණ අලුත් දෙයක්. අප අනිවාර්යෙන්ම ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයත් වූවා. ක්‍රිස්තියානි මිනිසුන් ක්‍රිස්තුන්වහන්සේට වන්දනා කරන්නා සේ, භාරතයේ මිනිසුන් දේවතාවන්ට වඳිනවා. ඔවුන් දැන් අපිරිසිදු නිසා තමන් දේවතාවන් ලෙස හඳුන්වන්නට ඔවුන්ට බැහැ. මෙහි පැමිණ නැවතත් පාරිශුද්ධත්වයට පත්වන්නැයි ඔබ ඔවුන්ට පවසතොත් ඔවුන් කියන්නේ ඔවුන්ට වෙලාව නැති බවයි. බාබා කියනවා: ඔබ හරියට පැස්බරුන් වගෙයි! ඔබව දේවතාවන් ලෙස හඳුන්වන්නේ නැත්තේ ඇයි කියා ඔබ විමසුවහොත්, ඔවුන් කියනවා: අපි අපිරිසිදුයි. අච්චා, ඔබ ඔවුන්ට පාරිශුද්ධත්වයට පත්වන්නැයි කියතොත්, ඔවුන් කියන්නේ: අපට වෙලාව නැහැ. පැස්බරෙකුට පියාඹන්නැයි කීවහොත්, ඌ කියන්නේ: මට පියාපත් නැහැ, මම ඔටුවෙක්. ඒ වගේම ඔබ ඌට යම් බරක් ගෙන යන්නැයි කීවහොත්, ඌ කියයි: මම කුරුල්ලෙක්. එමනිසා, බාබා කියනවා: මායා ඔබගේ පාරිශුද්ධත්වය නම් වූ පියාපත් කපා දමා තිබෙනවා. වර්ෂා කාලයේදී මිනිස්සු ශිවාට වන්දනා කරමින් උපවාසයක් ගෙන යනවා. ඔබට වර්ෂා කාලය යනු, ඥාන වර්ෂාවයි. ඔබ ඒ පිවිතුරු ලෝකයේ පාලකයන් බවට පත්වීම උදෙසා පාරිශුද්ධත්වයට පත්වනවා. මිනිස්සු උපවාස කරමින් නොකා නොබී ඉන්නවා. බාබා කියනවා: විෂ පානය කරන්න එපා. ඔබ මෙයද විස්තර කර දිය යුතුයි. ශිවාට බොහෝ සෙයින් වන්දනාමාන සිදුකෙරෙනවා. දැන්, ශිව බාබා කියනවා: ඔබගේ උපවාසය වන්නේ පාපයෙන් වැළකී සිටීමයි. මා පැමිණ සිටින්නේ ඒ පිවිතුරු දේව ධර්මය ස්ථාපනය කිරීම උදෙසායි. මෙහි සිටිනා කිසිවෙක් පිවිතුරු නැහැ. පිවිතුරු දේවතාවන් ඉන්නේ ස්වර්ණමය යුගයේයි. ඔවුන් පාපයෙන් උපදින්නේ නැත. එසේ වූයේ නැතිනම්, ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර ලෙස හැඳින්විය හැක්කේ කෙසේද? ලක්ෂ්මී හා නාරායන, රාධේ හා ක්‍රිෂ්ණා ආදීන් හැඳින්වෙන්නේ සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වූ අය ලෙසයි. මෙහි, සෑම කෙනෙක්ම අපිරිසිදු වෙලා. ඔවුන් තුළ කිසිම ගුණාංගයක් ඇත්තේ නැහැ. ඔවුන්ම කියනවා: අපි අපිරිසිදුයි, පරිහාණියට පත්වෙලා. බාබා කියනවා: මගේ උපදෙස් අනුගමනය කොට සම්පූර්ණ පාපයෙන් තොර තත්ත්වයට පත්වන්න. එවිට ඔබ ලක්ෂ්මී හා නරායන මෙන් ලෝක පාලකයන් බවට පත්වනු ඇත. ඔබගේ අධ්‍යාපනය ඉතා උසස් වූ අධ්‍යාපනයකි. ඔබ උත්සාහ දරන්නේ මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට පත්වීමටයි. ඔබ ලෝක පාලකයන් බවට පත්වනවා. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජ්‍යය වූවා. දැන් එය නැවතත් ස්ථාපනය වෙමින් පවතිනවා. ඔබ පාරිශුද්ධත්වයට පත්ව ඔබගේ ස්වර්ණම යුග උරුමය හිමිකර ගන්නවා. තමා යනු ජීවාත්මයයි. ජීවාත්මය, ස්ව අධිකාරීත්වය නම් වූ අධිකාරීත්වය හිමිකර ගන්නවා. මනුෂ්‍යයින් ඉන්නේ ශරීර අවධානයෙන්. එය තමාගේ රාජ්‍යය යැයි ඔවුන් පවසන්නේ ශරීර අවධානය නිසයි. මෙහිදී ඔබ කියනවා: මම ජීවාත්මයක්මි, මේ ශරීරයේ පාලකයායි. මා අධිරාජ්‍යයෙක් බවට පත්වන්නෙමි. ස්වර්ණමය යුගයේදී මම පිවිතුරු ශරීරයක් ලබා ගනිමි. දැන් ජීවාත්මය අපිරිසිඳුයි; ජීවාත්මයන් වගේම තමයි ශරීරයනුත්. ජීවාත්මය මත මළකඩ බැඳී තිබෙනවා. මුලදී ජීවාත්මය නියම රත්‍රන් වැනි තත්ත්වයේ වූවා. මුලින්ම ස්වර්ණමය යුගය තිබුණු නමුත්, පසුව රිදී යුගය පැමිණි කල එහි රිදී මළකඩ බැඳුනා. පසුව තඹ යුගයේදී තඹ මළකඩ බැඳුනා. මේ කාලයේදී ජීවාත්මයත් ව්‍යාජයි, ශරීරයත් ව්‍යාජයි. මෙය හඳුන්වන්නේ ව්‍යාජ ලෝකයක් ලෙසයි. බාබා සමග යෝගා කිරීමෙන් එම මළකඩ ඉවත්කර දැමිය හැකියි. මෙය හඳුන්වන්නේ යෝගා ගින්න ලෙසයි. ආභරණයක් සුද්ද කිරීම සඳහා එය ගින්නට දමනවා. මෙය තමයි ඔබගේ මිශ්‍ර ලෝහ සියල්ල විනාශ කර දමන්නා වූ යෝගා ගින්න; අප සැබෑ රත්‍රන් බවට පත්ව බාබාත් සමග යනවා. බාබා කියනවා: ඔබ අනිවාර්යෙන්ම නැවතත් මා සමග එනවා. ස්වර්ණමය යුගයේ නියම රත්‍රන් දැක ගත හැකියි. ක්‍රිෂ්ණා අවලස්සනයි කියා ඔවුන් කියන්නේ ඇයි? ක්‍රිෂ්ණාගේ නම හා ස්වරූපය වෙනස් වනවා. දැන්, බාබා මෙහි අසුන්ගෙන විස්තර කරනවා: ඔබ ඉතා අලංකාර ලෙස සිටි නමුත් දැන් ඔබ තුළ ලෝහ මිශ්‍ර වී තිබෙනවා. ඔබ සම්පූර්ණ කලි යුගී තත්ත්වයට පත්ව සිටිනවා. මා තමයි දැන් රන්කරුවා; මා දරුවන්ව ගින්නක තබනවා. මෙම පිදුරු ගොඩ දැල්වෙන අතර සැමගේම ශරීර ඒ තුළ දැවී යනු ඇත. ජීවාත්මය අවිනාශීයි. එක පැත්තකින් ඔබ යෝගා බලයෙන් පාරිශුද්ධත්වයට පත්වෙන අතර අනෙක් පැත්තෙන්, අනෙක් සෑම කෙනෙක්ම දඬුවම් ලබා තම කර්ම සියල්ල ගෙවා දමනු ඇත. මෙය තමයි සෑම කෙනෙක්ම නැවතත් පාරිශුද්ධත්වයට පත් කිරීම සඳහා වූ පරමාත්ම දෙවියන්ගේ ගින්න (බතිය). මොහු ඥානයේ සාගරය වන අතර, ඔබ ඔහු තුළින් මතු වූ ඥානයේ ගංගායි. කොහොමනමුත්, මිනිස්සු සිතන්නේ ඒවා එම ගංගා කියායි. ඔවුන් එම ගංගා අසබඩ දේවතාවන්ගේ පින්තූර පවා තබනවා. ඇත්තෙන්ම දෙවියන්ගේ දරුවන් ඔබයි; නැවතත් දේවතාවන් බවට පත්වන්නා වූ ඥානයේ ගංගාවන් ඔබයි. ඔබ ස්වර්ණමය යුගයට ගිය කල ඔබව දේවතාවන් ලෙස හඳුන්වනු ඇත. එහිදී ජීවාත්මය හා ශරීරය දෙකම පිවිතුරුයි. දැන් ඔවුන් අපිරිසිදු වී තිබෙනවා. භාරතය ස්වර්ණමය යුගී තත්ත්වයේ තිබුණු අතර පසුව රිදී, තඹ හා යකඩ යුගයන්ට ලක්වූවා. බාබා දැන් නැවතත් වතාවක් ඔබව ස්වර්ණමය යුගය වෙත ගෙන යනු ඇත. ඔබගේ ජීවාත්මය මෙන්ම ශරීරය යන දෙකම පාරිශුද්ධත්වයට පත්වනවා. බාබා කියනවා: මා තමයි රෙදි අපුල්ලන්නා. මා පැමිණ සිටින්නේ ජීවාත්ම වන ඔබ සෝදාලීමටයි. ඔබ කළ යුත්තේ බාබා සිහි කිරීම පමණයි, එපමණමයි! යෝගාහී යෙදීමෙන් ඔබට ලෝක පාලකයන් බවට පත්වීමට හැකිවනු ඇත. භෞතික බලයකින් කිසිම කෙනෙකුට ලෝක පාලකයෙක් බවට පත්විය නොහැක. ක්‍රිස්තියානි සහෝදර දෙපළ (ඇමරිකාව හා රුසියාව) කෙතරම් බලවත් ද කියතොත් ඔවුන් දෙදෙනා එකතු වුවහොත් ඔවුන්ට ලෝක පාලකයන් බවට පත්විය හැක. කොහොමනමුත්, නීතිය මෙයට ඉඩ නොදෙයි. බළලුන් දෙදෙනෙකු බටර් එකට සණ්ඩු වෙමින් සිටියදී ඒ අතරින් පැමිණි වඳුරා එය ඩැහැගෙන එහි රස බැලූ ආකාරයේ කතාවක් තියෙනවා. ඉතින් ඒ දෙගොල්ලන් දබර කරමින් සිටිනා අතර භාරතය බටර් එක හිමිකර ගන්නවා. මෙහිදී ක්‍රිෂ්ණා එන්නේ පළවන තැනටයි. මේ නිසා තමයි ක්‍රිෂ්ණාගේ මුඛයෙහි ලෝකයක් පෙන්නුම් කර තිබෙන්නේ. ඒ බටර් නොවේ. එහිදී පෙන්නුම් කර තිබෙන්නේ ක්‍රිෂ්ණා දිව්‍යලෝකය නම් වූ රාජ්‍යයේ වාසනාව හිමිකර ගැනීමයි. සෑම දෙයක්ම විනාශ වී යන බවත්, පසුව ඔබ ලෝක පාලකයන් බවට පත්වන බවත් බාබා විස්තර කරනවා. කොහොමනමුත්, ඊට ප්‍රථම ඔබ බාබාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ උසස් බවට පත්වන අතර යක්ෂ උපදෙස් පිළිපැදීමෙන් ඔබ දූෂණය වනු ඇත. මෙය යක්ෂ, දූෂිත වූ ලෝකයයි. එකම කෙනෙක්වත් පිරිසිදු නැහැ. එනමුත්, ඒ පිවිතුරු ලොවෙහි අපිරිසිදු වූ කිසිවෙක් ඇත්තේ නැහැ. දැන් සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. ඔවුන් මෙහෙමත් කියනවා: සීතා රාමා, පාරිශුද්ධකරුවා. සීතාවන් වන අප ඉන්නේ රාවන්ගේ සිර කුටියේයි. මිනිස්සු කන්නලව් කරනවා: අහෝ රාමා, පැමිණ අපව පිවිතුරු ලෝකය වෙත ගෙන යන්න! ඔවුන් මෙසේ ගායනා කරනවා. නමුත් ඒ කිසිවක් ගැන අවබෝධයක් ඔවුන්ට ඇත්තේ නැහැ. ඔවුන් තම මනසට ඇතුළුවන සියලු දේ අර්ථයකින් තොරව පිට කරනවා. රාවන් සෑම කෙනෙක්වම ගැඹුරු නින්දක යොදවා තිබෙනවා. දැන් බාබා පැමිණ සෑම කෙනෙක්වම අවදි කරනවා. ඔබ ඒ පාරිශුද්ධකරුවා හා ලෝකය නිර්මාණය කරන්නා වූ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයේ ජීවිත කතාව ගැන දන්නවා. ඒ වගේම බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් සහ ලක්ෂ්මී හා නාරායනගේ ජීවිත කතා ගැනත් ඔබ දන්නවා. ලක්ෂ්මී හා නාරායනගේ උපත් 84 ගැනත් ඔබ දන්නවා. එමනිසා, ඔබ දැන් දැනුමෙන් පිරිලා. ඔබ ක්‍රිෂ්ණ කෝවිලකට ගිය විට ඔහු ස්වර්ණමය යුගයේ පළමු කුමරා බව ඔබට වැටහෙනවා. දැන් ඔහුගේ අවසානම හා 84වන වූ උපතේදී, ඔහු බ්‍රහ්මා බවට පත්ව සිටිනවා. මෙම කරුණු වටහාගත යුතුමයි. බාබා තම දරුවන්ට විස්තර කරනවා: දරුවනි, සැළකිලිමත් වන්න. කිසිම කෙනෙක්ට දුක් දෙන්න එපා. දුක නැතිකොට සතුට බෙදා දෙන්නා වන්නේ බාබායි. ඔබ දැන් පාප පහ දානය කොට තිබෙනවා. මෙම දානය දෙන්න. එවිට ඔබට බලපාන නරක අපල දුරු වී යයි. නරක ග්‍රහයන් බලපාන විට අසරණ මිනිස්සු කියනවා: දානයක් දෙන්න. දැන් බාබා කියනවා: මගේ ආදරණීය දරුවනි, පාපයන්ගේ දානය සිදු කරන්න, එවිට ඔබ සියලු ගුණාංගයන්ගෙන් පිරි දේවතාවන් බවට පත්වන අතර, නරක ග්‍රහ අපල සියල්ල ඉවත්ව යනු ඇත. ඔබ සතුටු දේශයේ පාලකයන් බවට පත්වනු ඇත. මේ නිසා තමයි පාප පහේ දානය සිදු කෙරෙන්නේ. දැන්, පාපයන්ගේ රාහු කාලය නිසා ඔබ සම්පූර්ණයෙන් අවලස්සන වෙලා. බාබා ඉල්ලන්නේ ඔබගේ පාපයන් පමණයි, වෙන කිසිවක් නොවේ. බාබා විස්තර කරනවා: දරුවන් දැන් ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. ජීවාත්මයක් බවට පත්වීමේ අවධානය තබාගෙන, ඒ උත්තරීතර ජීවාත්මය සිහිපත් කරන්න. ඔබ ඔහුගෙන් ඔබගේ උරුමය හිමිකර ගත යුතුයි. මේ නිසා තමයි ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුත්තේ. දේවතාවන් ඉන්නේ ජීවාත්ම අවධානයෙන්. දැන්, ඔබගේ පියා වන මා සිහිපත් කරන්න. එවිට, ඔබගේ සියලු පාප ඉවත්ව යනු ඇත. මා ඔබව ආරක්ෂා කරන්නම්. ඔබ මා සිහි නොකළහොත්, මට ඔබව ආරක්ෂා කළ හැක්කේ කෙසේද? බාබා සෑම දෙයක්ම පැහැදිලි ලෙස විස්තර කර දෙනවා. වෙන කිසිම ආගමික ග්‍රන්ථයක මේවා ලියැවී නැහැ. ඒ සියල්ල භක්ති මාර්ගයේ සැරසිලි පමණයි. බාබා ඔබව විමුක්තිය වෙත ගෙන යාම උදෙසා ඔබට උගන්වනවා. මා මොහුගේ ශරීරය මාර්ගයෙන් ඔබට උගන්වනවා. මෙය මගේ ශරීරය නොවේ; එය මොහුගේ පරණ සපත්තුවයි. මා එය ගෙන තිබෙන්නේ ණයටයි. මා මොහු තුළට ඇතුළු වී ඔබව පාරිශුද්ධත්වයට පත් කරවනවා. පරම පියා ඉතා පැහැදිලි ලෙස විස්තර කරනවා! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබාගේ උපදෙස් පිළිපැද සම්පූර්ණ පාපයෙන් තොර තත්ත්වයට පත්වන්න. මෙම අධ්‍යාපනය ලැබීමෙන් ඔබ ලෝක රාජ්‍යය හිමිකර ගනු ඇත. යෝගා ගින්නෙන් ජීවාත්මය තුළ මිශ්‍ර වී ඇති සියලු මළකඩ ඉවත්කර දමන්න.

2. ජීවාත්ම අවධානයට පත්ව පරම පියා සිහිපත් කරන්න. ඔබ කෙතරම් දුරට බාබා සිහිපත් කරනවාද, ඒ තරමට ඔහු ඔබව ආරක්ෂා කරනු ඇත.

වරදානය:
මගේ යන සියල්ලම ඔබගේ යනුවෙන් පරිවර්ථනය කිරීම මගින් ඔබ ඇල්ම ජයගත්තෙකු වී ඉහළම ගමනාන්තයට ලඟාවේවා.

"මගේ" යන විඥානය තිබෙන්නේ කොතැනද එතැන කැළඹීම් තිබෙයි. "මගේ නිර්මාණය, මගේ සාප්පුව, මගේ මුදල්, මගේ නිවස '''" මෙම "මගේ" යන විඥානය මඳක් පසෙකින් හෝ තබාගෙන සිටියහොත් ඔබට ඔබේ ගමනාන්තයේ ඉවුර හමු නොවනු ඇත. ඉහළම ගමනාන්තයට ළඟා වීම සඳහා "මගේ" යන්න "ඔබගේ" බවට පරිවර්ථනය කරන්න. සීමිත වූ "මගේ" කිසිවක් නොතබාගන්න. නමුත් අසීමිත වූ "මගේ" එනම්, මගේ බාබා තබාගන්න. බාබා යන අවබෝධය සහ නාටකයේ ඥානය ඇතිව, "කිසිත් අළුත් නොවේ" යන නොසෙල්විය හැකි තත්ත්වයක් ඔබට තිබේවි සහ ඔබ මායා ජයගත්තෙකු වේවි.

පාඨය:
සත්‍ය සේවකයෙක් බවට පත්වී නොකඩවා පරහිතකාමි සේවාවන් කරන්න, එවිට එම සේවාවේ ඵලය ඔබට නිරායාසයෙන් ලැබෙනවා ඇත.