15.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා දැන් සිටින්නේ අමරණීය දේශය වෙත වූ වන්දනා ගමනේයි. මෙය ඔබගේ බුද්ධියේ ආධ්‍යාත්මික වන්දනා ගමනයි: මෙම වන්දනා ගමන යා හැක්කේ ඔය සැබෑම බ්‍රහමිණ්වරුන්ට පමණයි.

ප්‍රශ්නය:
ඔබ තමා හා සංවාදයේ නිරත විය යුත්තේ කුමන කරුණු පිළිබඳවද.එමෙන්ම අන් අය හා කතා බහේ දී එය සුබ හමුවක් කර ගැනීමට නම් ඔවුන් සමඟ කතාබහ කළ යුත්තේ මොනවාද ?

පිළිතුර:
තමාටම කියා ගන්න: ජීවාත්මය වන මම මගේ පැරණි කිළිටි ශරිරය අතහැර දමා නිවහන වෙත යන්නෙමි. මෙම ශරිරයෙන් ප්‍රයෝජනයක් නොමැත. මම දැන් බාබා සමඟ නිවසට යමි. එකිනෙකා මුණ ගැසුණු විට, සේවය වර්ධනය වන්නේ කෙසේද, සැමටම යහපත සැලසිය හැක්කේ කෙසේද, අන් සෑම කෙනෙක්ටම මඟ පෙන්විය හැක්කේ කෙසේද යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. සුබ හමුවක් කියා හඳුන්වන්නේ මෙවන් හමුවීමකටය.

ගීතය:
හදවතේ ආධාරකය බිඳී නොයා යුතුයි .

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආදරණීය දරුවන් දන්නවා. සෑම මධ්‍යස්ථානයකම සිටිනා බ්‍රහමිණ් වංශයේ සියලුම උතුම් සැරසිලි වන බ්‍රහ්මාගේ කටින් උපන් සෑම අයෙක්ම තමන් අයිති වංශය පහත් වංශයක් ද උසස් වංශයක් ද කියා දන්නා බව. සෑම කෙනෙක්ම තම තමන්ගේ වංශ ගැන හොඳින් දන්නා අතර තවත් අයෙක් හොඳ උසස් වංශයකින් කියාත් දන්නවා. ඔබ එය වංශයක් කියා හැඳින්වුවත්, කුළයක් කියා කීවත් ඔය බ්‍රහමිණ්වරුන් හැරෙන්න ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් උසස්ම වංශය වන්නේ බ්‍රාහ්මණ වංශය බව දන්නේ නැහැ. අංක එකේ වංශය වන්නේ ඔය බ්‍රහමිණ්වරුන්ගේ වංශයයි. බ්‍රාහ්මණ වංශය දේව වංශයයි. මුලදී ඔබ සිටියේ අශාරීරික වංශයේ වන අතර පසුව ඔබලා ශාරීරික වංශයට පැමිණෙනවා. සූක්ෂම ලෝකයේ කිසිම වංශයක් ඇත්තේ නැහැ. ශාරීරික ස්වරූපයෙන් ඇති ඉහළම වංශය ඔය බ්‍රහමිණ්වරුන්ගේ වංශයයි. බ්‍රහමිණ්වරුන් අතර ඔබලා සහෝදර සහෝදරියන් වෙනවා. සහෝදර සහෝදරියන් වීම නිසා ඔබලාට පාපයේ ගැලෙන්න බැහැ. පාරිශුද්ධව සිටිමට මෙය හොඳ ක්‍රමයක් බව ඔබට අත්දැකීමෙන්ම කිව හැකියි. ඔබ සෑම කෙනෙක්ම තම තමන් බ්‍රහ්ම කුමාරයෙක් හෝ කුමාරිවරියක් කියා කියනවා. සෑම කෙනෙක්ම අයිති ශිව් වංශයටයි. ශාරීරික ස්වරූපයට පැමිණි විට ඔබලා සහෝදර සහෝදරියන් වන්නේ ප්‍රජාපිතාගේ නම නිසායි. ප්‍රජාපිතා බ්‍රහ්මා සිටිනා නිසා ඔහු අනිවාර්යෙන්ම නිර්මාණ කර සියල්ල බලා කියා ගන්නවා. ඔබලා මව්කුසකින් උපන් පිරිසක් නොවෙයි. මුඛයෙන් උපන්නෝයි. "මව් කුසින් නිර්මාණය වන්නන්" "මුඛයෙන් නිර්මාණය වන්නන්" යන පද වල අරුත මිනිසුන්ට තේරෙන්නේ නැහැ. "මුඛයෙන් උපන්" යනු හදා ගැනීමට ගත් දරුවනුයි. "මව් කුසින් බිහිවුණු නිර්මාණය" යනු ඉපදෙන දරුවන්ය. පියවරුනුත් ලෞකික, ආධ්‍යාත්මික හා පරලොව කියා සිටිනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා සුක්ෂම පියායි. සෑම කෙනෙකුටම ලෞකික පියෙක් සිටිනවා: එය කාටත් පොදුයි. මෙලොවින් එහා සිටිනා පියාත් කාගේත් පියායි. භක්ති මාර්ගයේදී සෑම කෙනෙක්ම: අහෝ දෙවියනේ. පරමාත්ම පියාණනි. පරමාත්ම දෙවියනේ කියා කන්නලව් කළා. කෙසේවෙතත්, කිසිම කෙනෙක් මේ බාබාට (ප්‍රජාපිතා බ්‍රහ්මා) මේ ආකාරයෙන් කන්නලව් කරන්නේ නැහැ. ඔහ බ්‍රහමිණ් දරුවන්ගේ බාබායි. මේ පියවරුන් දෙදෙනා ගැන සෑම කෙනෙක්ම දන්නවා. නමුත් බහ්මාගේ පින්තූරය දැක ඔවුන් කලබල වෙනවා, මන්ද බ්‍රහ්මා සිටින්නේ සූක්ෂම කලාපයේයි, ඔහුව මෙහි පෙන්වන්නේ නැහැ. බ්‍රහ්මා පෙන්වත පින්තූර වල ඔහුව රැවුලක් ඇතිව පෙන්වා තිබෙනවා. ඒ ප්‍රජාපිතා බ්‍රහ්මා සිටින්නේ මේ ලෝකයේ වන නිසාවෙනි. සුක්ෂම ලෝකයේ මිනිස්සු හදන්න බැහැ. මෙය කිසිම කෙනෙකුගේ සිහියට ඇතුලු වන්නේ නැහැ. පරමාත්ම පියා මේ සෑම දෙයක්ම පහදා කියා දෙනවා. මෙම ආධ්‍යාත්මික වන්දනා ගමනත් සිහි වෙනවා. ආධ්‍යාත්මික වන්දනා ගමන ඔබ ආපසු ඒමට යන ගමනක් නොවෙයි. සෑම කෙනෙක්ම උපතක් උපතක් පාසා ඒ වන්දනා ගමන්වල යනවා. ගිහින් ආපසු එනවා. භෞතික වන්දනා ගමන් තිබෙනා අතර මෙය ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමනයි. මෙම ආධ්‍යාත්මික වන්දනා ගමන යාමෙන් ඔබ ආපසු මෙම මරණීය දේශයට පැමිණෙන්නේ නැහැ. පරමාත්ම පියා ඔබට වන්දනා ගමන යාමට කියා දෙන්නේ අමරණීය දේශයට යාමටයි. කාශ්මීරය ලඟ ඇති අමරනාථයට මිනිස්සු වන්දනා ගමන් යනවා. එය සැබෑම අමරණිය දේශය නොවෙයි. එක් අමරණීය දේශයක් නම් ජීවාත්මයන්ගේ දේශය වන අතර අනික දෙව්ලොව හෝ අමරණීය දේශය කියා හඳුන්වනා මිනිසුන්ගේ දේශයයි. ජීවාත්මයන් අයිති නිර්වාණ දේශයටයි. අමරණිය දේශය ස්වර්ණමය යුගය වන අතර මරණීය දේශය කලි යුගය වේ. නිර්වාණ දේශය ජීවාත්මයන් වාසය කරනා ශාන්ත දේශයයි. පරමාත්ම පියා කියනවා: ඔබලා දැන් සිටින්නේ අමරණීය දේශය වෙත වූ වන්දනා ගමනේයි. සෑම එකක්ම මිනිස්සු පයින්ම ගමන් කරනා භෞතික වන්දනා ගමනුයි. මෙම වන්දනා ගමන ආධ්‍යාත්මිකයි. මෙය ඔබට උගන්වන්නේ එකම එක ආධ්‍යාත්මික පියායි. ඔහු එය ඔබට උගන්වන්නේ එකම එක් වරකි. අන් සියල්ල ඔබ උපතක් උපතක් පාසා කරනා දේවල්ය. මෙය මරණීය දේශයේ අවසන් වන්දනා ගමනයි. බ්‍රහමිණ් වංශයේ ඔය සැරසිලි පමණයි මෙය දන්නේ. ආධ්‍යාත්මික වන්දනා ගමන යනු ඔබ සිටින්නේ ස්මරණයේයි. ඔබගේ අවසන් සිතිවිලි ගමනාන්තය තීරණය කරනා බව සඳහන් වී තිබෙනවා. ඔබට මතක බාබාගේ නිවහන පමණයි. නාටකය දැන් අවසන් වෙමින් පවතින බව ඔබලා දන්නවා. මෙය පැරණි අඳුමකි. මහළු ශරීරයකි. ජීවාත්මයකට කහට බැඳුණු විට. ඒ කහට ශරීරයටත් එක් වෙනවා. ඔය ජීවාමයන් පිවිතුරු වුණු විට ඔබලාට පිරිසිඳු ශරිර ලැබෙනවා. මෙය අවබෝධ වන්නේ ඔය දරුවන්ට පමණයි. පිට සිටින්නන්ට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන්ගෙන් ඇතැම් අයට යමක් අවබෝධ වන බව ඔබට දැක ගත හැකියි. අනිත් අයගේ බුද්ධියේ කිසිම දැනුමක් නැහැ. කෙනෙකුට යමක් තේරුණා නම් ඔහු එය අනිවාර්යෙන්ම අන් අයට කියා දේවි. මිනිස්සු වන්දනා ගමන් යන විට පවිත්‍රව සිටිනවා. නැවත ආපසු නිවසට පැමිණ අපිරිසිඳු වෙනවා. මාසයක් දෙකක් පිරිසිඳුව සිටීවි. වන්දනා ගමන් යාමට එක් එක් වාර තිබෙනවා. කෙනෙකුට සෑම විටෙකම වන්දනා ගමනක සිටිය නොහැකියි. වැසි සහිත ශීත කාලගුණයක් ඇති විටෙක කිසිම කෙනෙකුට යා නොහැකියි. ඔබගේ වන්දනා ගමනේ රස්නය සීතල කියා දෙයක් නැහැ. තමන් තම පරමාත්ම පියාගේ නිවහනට යනවාය කියා ඔබ තේරුම් ගෙන සිටිනවා. වැඩි වැඩියෙන් ස්මරණයේ නිරතව සිටි තරමට, වැඩි වැඩියෙන් ඔබගේ පාප දුරුවී යාවි. අපි පරමාත්ම පියාගේ නිවහනට ගොස්, එතැනින් නව ලෝකයට යනවා. මෙය පහදා දෙන්නේ බාබා පමණයි. මෙහිදීත් ඔය දරුවන් එක් එක් අය සිටින්නේ එක් එක් මට්ටම් වලයි. ඇත්තටම කියනවා නම් ඔබ මෙම වන්දනා ගමන අමතක නොකළ යුතුයි. නමුත් මායා ඔබට එය අමතක කරවනවා. මෙන්න මේ නිසා තමයි ඔබ ලියන්නේ: බාබා මට ඔබව මතක් කිරීමට අමතක වෙනවා. අහා, ස්මරණීය වන්දනා ගමන තමයි ඔබව සදා නිරෝගී, සදා ධනවත් කරවන්නේ: ඒත් ඔබට ඒ බෙහෙත ගැනීමට අමතක වෙනවානේ. පරමාත්ම පියාව සිහි කිරීම හරිම පහසුයි කියාත් ඔබ කියනවා. ඔබ තමාටම අමතා ගත යුතුයි: මම නම් වූ ජීවාත්මය මුලදී සතෝප්‍රධාන්ව සිටියා දැන් මම තමෝප්‍රධාන් වෙලා. ශිව් බාබා අපට ඉතාමත් හොඳ ක්‍රමයක් පෙන්වාදී තිබෙනවා, නමුත් අප එය පුහුණු කළ යුතුයි. හිතන්න ඇස් වහන්න ඕන නැහැනේ (බාබා මේක කරලම පෙන්නුවා). මේ ආකාරයෙන් ඔබට කතා කරන්න: ජීවාත්ම මම සතෝප්‍රධාන්ව සිටියා. එහි පාලනය ගෙන ගියා. එය සුවර්ණමය යුග ලෝකයයි. පසුව අපි රිදී, තඹ හා කලි යුග වලට පැමිණියා. දැන් මේ කලි යුගයේ අවසානයයි. මෙන්න මේ නිසා තමයි බාබා පැමිණ සිටින්නේ. බාබා අප ජීවාත්මයන්ට කියනවා: මා සිහි කරන්න. ඔබගේ නිවහන සිහි කරන්න. එවිට ඔබගේ අවසන් සිතිවිලි ගමනාන්තය තීරණය කරාවි.ඔබ ආපසු යා යුතුයි. උදේ පාන්දරින් අවදී වී තමන් හා සංවාදයේ නිරත වන ආකාරය බාබා ඔබට පෙන්වා දෙනවා. තමනුත් උදේ පාන්දරින් අවදි වී ඥාන සාගරය ආවර්ජනය කරනා අයුරු බාබාත් ප්‍රායෝගිකවම කර පෙන්වනවා. ඔබ සැබෑ ආදායමක් උපයා ගත යුතුයි. "හිමිදිරියේ දෙවියනේ, මට හොඳ ගැනුම්කරුවෙක් එවනු මැනව" ඒ දෙවියන්ව සිහි කිරීමෙන් ඔබගේ බෝට්ටුව එතෙරවී යාවි. තමන් කරන දේත් ඒ දේ කරන්නේ කෙසේද කියාත් බාබා ඔබට පැහැදිලි කර කියා දෙනවා. මෙහි කිසිම ගැටුමක් නැහැ. මෙය ආදායමක් ඉපැයීමට ඉතාමත් හොඳ ක්‍රමයකි. ඇල්ෆා සිහි කිරීමෙන් ඔබ අනිවාර්යෙන්ම ස්වාධිපත්‍යය ලබනු ඇත. තමන් දැන් රාජයෝගාව හදාරමින් සිටිනා බව ඔය දරුවත් දන්නවා. බාබා බීජයයි, ධර්මධරයි. අපිත් මේ ගස හොඳින් තේරුම්ගෙන සිටිනවා. මෙයිනුත් ඥානය දළ සටහනක් ලෙසින් පෙන්වනවා. මෙම ගස මුලදී වැඩුණේ කෙසේද. අවසන් වන්නේ කෙසේද. කුණාටු වැසි ඇති විටෙක කොළ කඩා වැටෙන්නේ කෙසේද කියා අපට තේරෙනවා. කෙසේන්වෙතත්, මානව ලෝක වෘක්ෂයේ පළමු පදනම දැවී හළු වී ගිහින්. ඒ දේවතා ධර්මය අතුරුදන් වෙලා. එය විය යුතුයි. සම්පූර්ණයෙන්ම එය අතුරුදන් වුණු පසු තමයි නැවතත් වතාවක් ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වී අන් සියලුම ආගම් විනාශ වෙනවායි කියා කිව හැකි වන්නේ. මෙම ධර්මය සෑම චක්‍රයකදීම අතුරුදන් වෙනවා. ජීවාත්මයන්ට කහට එකතු වුණු විට ආහරණ ව්‍යාජ වෙනවා. ජීවාත්මයන් මත කහට බැඳී තිබුණු අතර දැන් අප පිරිසිඳු වී සිටිනා අතර අන් අයටද මාර්ගය පෙන්විය හැකිව සිටිනවා. ලෝකය තමෝප්‍රධාන්ය. මුලදී එය සතෝප්‍රධාන් දෙව්ලොව වී තිබුණි. ඔය දරුවන් ඒ නිසා උදේ පාන්දරින්ම අවදි වී තමා හා සංවාදයේ නිරත විය යුතුයි. ඔබ ඥාන සාගරය ආවර්ජනය කළ යුතුයි. මෙම උපත් 84 කල්පය ගැන අන් අයටත් පහදා දෙන්න: උපත් 84ක් ගන්නේ කවුද කොහොමද. අනිවාර්යෙන්ම පළමූවෙන්ම පැමිණෙන අය එය ගත යුතුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතයටයි. ඔහු පැමිණ උපත 84 කතාව ඔබට කියා දෙනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ කොහාටදැයි කියාවත් මිනිස්සු දන්නේ නැහැ. ඔහු කියනවා: මම ඔබට රාජයෝගාව උගන්වනවා. මන්මනාභව. මා සිහි කරන්න ඔබගේ පාප දුරුවී යාවි. ඒ අය ගීතාව කියෙව්වාට මෙවන් පැහැදිලි කිරීමක් දෙන්න ඔවුනට බැහැ. මිනිස්සුත් හැමදාම එහි යනවා. දෙවියන් කවදා හෝ පැමිණ ඥානය දෙන්න ඇති. ඔහු නැවතත් පැමිණි විට නැවතත් කියා දෙනවා. ඒ අය ගීතාව ගෙන එය කියා දෙනවා. මෙහි පරමාත්ම දෙවියන් ඥාන සාගරයයි. ඔහුට කිසිම පොතක් පතක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔහු කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. ඔහු මීට පෙර කල්පයේත් සංගම යුගයේ දී පැමිණ ඔය දරුවන්ට කියා දුන්නා. රාජයෝගාව ඔබට උගන්වන්නේ පරමාත්ම පියා පැමිණි විටම පමණයි. මෙය ස්මරණීය වන්දනා ගමනයි. ඔබගේ බුද්ධිය පමණයි මේ ගැන දන්නේ. බ්‍රහ්මාගේ කටින් උපන් ඔබලා හැරෙන්න මෙම ඥානය ඇති වෙනත් මිනිසෙක් නැහැ. සෑම කෙනෙක්ම දෙවියන් සෑම තැනකම සිටිනවාය යන මතයෙන් පිරිලයි සිටින්නේ. පරමාත්ම දෙවියන් තිතක් බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහු ඥාන සාගරය සේම පාරිශුද්ධකරුවාණනුයි. ඔවුන් එසේ ප්‍රශස්ත ගී ගය ගයා සිටිනවා. තම ගුරු කියනා සෑම දෙයටම "එහෙමයි" කිය කියා මිනිස්සුත් ඉන්නවා. ඒ කිසිම දෙයක අරුත ඔවුන් දන්නේ නැහැ. එය ඇත්තද නැත්තද කියා සොයා බැලීමට සිතන්නේවත් නැහැ. යන එන අතරතුර වුවත් ඔය දරුවන් අනිවාර්යෙන්ම ස්මරණීය වන්දනා ගමනේ නිරත විය යුතුයි කියා පරමාත්ම පියා ඔය දරුවන්ට කියනවා. නැතිනම්, ඔබගේ පාප දුරුවන එකක් නැහැ. ඔබ කුමනාකාරයේ ක්‍රියාවක් කළද, සිහියේ පරමාත්ම පියා පිළිබඳ මතක රඳවා තබා ගන්න. ශ්‍රීනාථ ද්වාරයේ ආහාර පිසිනා විට ඔවුන් ශ්‍රීනාථව තම සිහියේ තබා ගෙන සිටිනවා. ඔහු දේවාලයේ සිටිනවා. තමන් ඒ ආහාර පිළියෙල කරන්නේ ශ්‍රීනාථයන්ට බව ඔවුන් දන්නවා. ආහාර පිස ඒවා පිළිගන්වා අවසන්වූ පසුයි ඔවුන් තමන්ගේ ගෙවල් දොරවල් දරුවන් සිහි කරන්නේ. මුඛ වැස්මක් දමා ගෙන ආහාර පිසිනා ඔවුන් ඒ අතරතුර කතා බහ කරන්නේ නැහැ. මනසින් පාප කෙරෙන්නේ නැහැ. ඔවුන් ශ්‍රී නාථ දේවාලයේයි. නමුත් ඔබ සිටින්නේ ශිව් බාබා සමඟයි. බාබා නොකඩවා ඔබට ක්‍රම විධි පහදා දෙනවා. දරුවනි, අනවශ්‍ය දේ ගැන කතා බහ කරන්න එපා. සෑම විටම මිහිරි ප්‍රසන්න දේ පරමාත්ම පියා සමඟ කතා කරන්න. පරමාත්ම පියා කොයි වගේද දරුවනුත් ඒ වගේමයි. චක්‍රය කරකැවෙන්නේ කෙසේද කියා පරමාත්ම පියා දන්නවා. මෙන්න මේ නිසා තමයි ඔහු පැමිණ ඔය දරුවන්ට කතා කරන්නේ. ඔබගේ බාබා මානව වෘක්ෂයේ බීජය බව ඔය දරුවන් දන්නවා. ඔහු සජීවී ජීව ශක්තියයි. මෙය එතරම් පහසු දෙයක්.කෙසේන්වෙතත්, ඔවුන්ට ඒත් කිසිවක් තේරෙන්නේ නැහැ. මන්ද ඔවුන්ට ඇත්තේ ගල් බුද්ධිනුයි. බීජයක් සජීවීයි කියා කියන්නේ නැහැ. පරමාත්මය ධර්මධරයි, සජීවියි. ඔහුම පමණයි. නමුත් තවත් බීජ වර්ග තිබෙනවා. පරමාත්ම දෙවියන් මානව ලෝක වෘක්ෂයේ බීජය යයි කියනා නිසා ඔහු පරමාත්ම පියායි. ජීවාත්මයන්ගේ පියා පරමාත්ම ජීවය වන අතර අන් සෑම කෙනෙක්ම සහෝදරයින්ය. පරමාත්ම පියා සිටින්නේත් ඔය ජීවාත්ම සිටිනා තැනමයි. පරමාත්ම පියාත් දරුවනුත් සිටින්නේ නිර්වාණ දේශයේයි. දැන් මේ කාලයේ දී ඔබලා ප්‍රජාපිත බ්‍රහ්මාගේ දරුවනුයි. සහෝදර සහෝදරියනුයි. මෙන්න මේ නිසා තමයි ඔබලා ශිව වංශයට අයත් බ්‍රහ්ම කුමර කුමරියන් කියා කියන්නේ. ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් සහෝදර සහෝදරියන් බවත් ඔබලා ලිවිය යුතුයි. පරමාත්ම පියා බ්‍රහ්මා හරහා ලෝකය නිර්මාණය කරනා නිසා ඔබලා සහෝදර සහෝදරියන් වෙනවා. ඔහු සෑම කල්පයකදීම මේ ආකාරයෙන් ඔබලාව නිර්මාණය කරනවා. ඔහු දිගටම ඔබලාව අයිති කරගන්නවා. වෙන කිසිම මනුෂ්‍යයෙකුට ප්‍රජාපිතා බ්‍රහ්මායි කියන්නේ නැහැ. "බාබා" කියා කීවත් ඒ සීමිත කරුණකි, නමුත් මොහුව හඳුන්වන්නේ ප්‍රජාපිතා කියලයි මන්ද ඔහුට දරුවන් රැසක් සිටිනවා. අසීමිත පියා මෙහි සිට ඔය දරුවන්ට සියල්ල පහදා දෙනවා. මෙම ලෝකය මුලුමනින්ම කිලිටි ජරාජීර්ණ තත්ත්වයකට පත්වෙලා. ඔහු දැන් ඔබව පුදුම ලෝකයට ගෙන යනවා. ඔබෙන් බොහෝ අය මෙය අමතක කර දමනවා. තමන් දැන් නිවහන බලා යා යුතුයි යන්න මතකයේ තබා ගත්තා නම් පරමාත්ම පියාවත් සිහි කර ගුරුවත් සිහි කරාවි. ඉන්පසුව ඔබලා මහලු ශරීර හලා දමා යාවි, මන්ද ඔබගේ ශරීර වලින් පසුව ඵලයක් නැහැ. ජීවාත්මයන් දැන් පාරිශුද්ධ වෙමින් සිටිනවා. එමනිසා ශරීරත් පිරිසිඳු විය යුතුයි. ඔබලා අතර මෙවන් කතා බහ සිදු විය යුතුයි. ඉතාමත් හොඳ දේවල් ගැන කතා බහ කරනා මෙය සුබ මංගල හමුවක් කියා කියනවා. සේවය වර්ධනය වන්නේ කෙසේද සෑම කෙනෙක්ටම යහපත සලසන්නේ කෙසේදැයි කියා ඔබ සිතා බැලිය යුතුයි. බොරුම කිය කියා සිටිනා අපවිත්‍ර හමුවීම් තිබෙනවා. මෙහි බොරු කියා දෙයක් ගැන කතාවක් නැහැ. මෙය හඳුන්වන්නේ සැබෑ හමුවක් ලෙසිනුයි. මෙය කලි යුගය බවත් ස්වර්ණමය යුගයට දෙව්ලොව කියා කියු බවත් කියවෙන කතාන්දර ඔය දරුවන්ට කියා දී තිබෙනවා. භාරතය දෙලොව ව තිබුණා. භාරතීය වාසීන් උපත් 84ක් ගන්නවා. දැන් මෙය අවසානයයි. ඔබ දැත් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙමින් සිටිනවා. මෙහිදී ඔබලාට ගංඟාවල ස්නානය කිරීමේ අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැහැ. පරමාත්ම දෙවියන් කියනවා: සියලු දෙනාගේම පරමාත්ම පියා මමයි. ක්‍රිෂ්ණාට සෑම දෙනාගේම පියා විය නොහැකියි. දරුවන් එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ පියා වන්නේත් ශ්‍රී නාරායන මිසක් ශ්‍රී ක්‍රිෂ්ණා නොවෙයි. ශ්‍රී ක්‍රිෂ්ණා කුමරුවෙකි. මේ ප්‍රජාපිතා බ්‍රහ්මාට දරුවන් රැසක් සිටිනවා. ක්‍රිෂ්ණ දෙවියන් කියූ දේ හා ශිව දෙවියන් කියු දේ අතර විශාල වෙනසක් තිබෙනවා. ඔවුන් එතරම් ලොකු වැරැද්දක් කර තිබෙනවා. ප්‍රදර්ශන පවත්වන සෑම විටකදීම ගීතාවේ දෙවියන් කවුද යන ප්‍රධාන කරුණ පැහැදිලි කර කියා දෙන්න. එයා ද මෙයා ද ? පළමුවෙන්ම පරමාත්ම දෙවියන් වන්නේ ශිවා බව පහදා දෙන්න. මෙය ඔවුන්ගේ සිහියේ හොඳින් ධාරණය කරවන්න. මේ ගැන ඔබ හොඳ පරික්ෂණයක් පැවැත්විය යුතුයි. ගීතාවේ දෙවියන් ගැන ලොකු පින්තුරයක් සෑමදිනකම තිබිය යුතුයි. තමන්ම තීරණය කර පැමිණ ඉගෙන ගන්න. මෙය ඔවුන් ලවා ලියවාගෙන අත්සන් කරවා ගන්න. අච්චා.

සුමිහිරි, ආදරණිය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ එකිනෙකා අතර සුබ හමුවීම් පවත්වා සේවය වර්ධනය කිරීම සඳහා සැලසුම් නිර්මාණය කරන්න. තමාටත් අන් අයටත් යහපත සලසා ගැනීමට ක්‍රමවිධි සාදා ගන්න. නිෂ්ඵල අනවශ්‍ය දේ ගැන කිසිදු විටෙක කතා නොකරන්න.

2. උදේ පාන්දරින් අවදි වී තමා අමතන්න. ඥාන සාගරය මත ගාන්න. ආහාර පිසිනා විට පරමාත්ම පියාව සිහි කරමින් පිසින්න. ඔබගේ සිතිවිලි එහේ මෙහේ නොයන බවට වගබලා ගන්න.

වරදානය:
ඔබට සූක‍්ෂම ආලෝක සවරූපයක් තිබී, විනාශ කාලයේ ඔබගේ ප්‍රශ්න පත්‍රයෙන් සමත් වේවා.

විනාශ කාලයේ ප්‍රශ්න පත්‍රයෙන් සමත් වීමට සහ සියලු අහිතකර සිදුවීම් වලට මුහුණ දීම සඳහා, සූක‍්ෂම ආලෝක ස්වරූපයක් ඇත්තෙක් වන්න. ඔබ ජංගම ප්‍රදීපාගාරයක් වන විට, ඔබගේ භෞතික ස්වරූපය නොපෙනී යයි. ඔබගේ චරිත කොටස රඟපෑම සඳහා ඔබ ඇඳුමක් ඇඳ, ඔබගේ කොටස අවසන් වූ සැනින් ඔබ එය ඉවත් කරන්නාක් සේය. තත්පරයකදී එය පැළඳ ඉන්පසුව තත්පරයකදි එය ගලවා දමන්න, එනම් නොබැඳී සිටින්න. ඔබට මෙම පුහුණුව තිබෙන විට, ඔබව දකින අන් අය, ඔබ ආලෝක ඇඳුමක් ඇඳ සිටින බවත් ආලෝකය ඔබගේ සැරසිල්ල බවත් දකීවි.

පාඨය:
සෑම විටම උනන්දුව සහ උද්යෝගයේ පියාපත් ඔබත් සමඟ තබාගන්න, එවිට ඔබ සෑම කාර්යයකින්ම පහසුවෙන් සාර්ථකත්වය අත්කර ගනී.