15.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සියුමැලි වීම, ශරීර අවධානයට පත් වීමයි. ඔය දරුවන් තුළ, හැඬීමේ හෝ බුම්මාගෙන සිටීම වැනි කිසිම රකුසු සංස්කාරයක් නොතිබිය යුතුයි. ඔබ සතුට සහ දුක, ගෞරවය සහ අපහාස දරාගත යුතුයි.

ප්‍රශ්නය:
සේවය මන්දගාමී වීමට ප්‍රධාන හේතුව කුමක්ද?

පිළිතුර:
ශරීර අවධානයෙන් ඔබ එකිනෙකාගේ දුර්වලතාවයන් දෙස බලන්න පටන් ගත් විට, සේවය මන්දගාමී වෙයි. කෙනෙක් සමඟ සමගියෙන් නොසිටීමත් ශරීර අවධානයයි. මට මේ-මේ කෙනා සමඟ වාසය කළ නොහැක මට මෙහි සිටිය නොහැක මෙසේ කීම, සියුමැලි වීමය. මෙම වදන් කීම යනු, කටුවක් වී අකීකරු වීමය. බාබා පවසන්නේ දරුවනි, ඔබලා ආධ්‍යාත්මික සේනාව වන අතර එබැවින් ඔබට නියෝගයක් ලැබුණු සැනින් ඔබ පෙනී සිටිය යුතුයි. කිසිම දේකට නිදහසට කරුණු නොකියන්න.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙතැන අසුන් ගෙන ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. ඔය දරුවන්ට ලැබෙන පළමුවන ඉගැන්වීම වන්නේ, තමන් ජීවාත්මයක් බව සැලකීමටයි. ශරීර අවධානය අත්හැර, තමන් ජීවාත්ම බව සලකන්න. මම ජීවාත්මයක්. මා ජීවාත්ම අවධානයට පත් වූ විට පමණයි, මට පරම පියාව සිහිකළ හැකි වන්නේ. එය අඥානයේ මාවත වන අතර මෙය ඥානයේ මාවතයි. සෑම කෙනෙකුටම විමුක්තිය පිරිණමන, ඒකායන පරම පියා පමණයි ඥානය ලබා දෙන්නේ. ඔහු අශාරීරිකයි, එනම් ඔහුට මනුෂ්‍ය ස්වරූපයක් නැත. මනුෂ්‍ය ස්වරූපයක් ඇති කිසිම කෙනෙකුට පරමාත්ම දෙවියන් විය නොහැක. සියලුම ජීවාත්ම, අශාරීරික නමුත්, ඔවුන් ශරීර අවධානයට පත් වීම නිසා, ඔවුන් ජීවාත්ම බව ඔවුන්ට අමතක වී ඇත. පරම පියා පවසන්නේ ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. තමන් ජීවාත්ම බව සලකන්න. ඔබ ජීවාත්මයක් බව සලකා, පරම පියාව සිහි කළ විට පමණයි, ඔබගේ උපත් බොහොමයක පාපයන් පුළුස්සා දැමිය හැකි වන්නේ. මෙය කිරීමට වෙනත් ක්‍රමයක් නැත. පිවිතුරු වන්නේත් අපවිත්‍ර වන්නේත් ජීවාත්මයි. පිවිතුරු ජීවාත්ම සිටින්නේ ස්වර්ණමය සහ රිදී යුගවල බව, පරම පියා විස්තර කර ඇත. ඉන්පසුව රාවනගේ රාජධානියේදී, ජීවාත්ම අපවිත්‍ර වෙයි. පිවිතුරුව සිටි අය, අපවිත්‍ර වූයේ කෙසේද කියා, ඉනිමග පිංතුරයේ විස්තර කර තිබේ. වසර 5000කට පෙරාතුව, ඔය ජීවාත්ම, සාම දේශයේ සිටි කල්හී, ඔබ පිවිතුරු විය. එයට නිර්වාණ දේශය යැයි ද කියයි. පසුව, කලි යුගයෙදී, ඔබ අපවිත්‍ර වූ පසු, ඔබ හැඬුවේය ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! පරම පියා විස්තර කරන්නේ දරුවනි, අපවිත්‍ර බවින් පිවිතුරු බවට පරිවර්ථනය වීමේ ඥානය ඔබට ලබා දිය හැක්කේ මට පමණයි. ඉන්පසුව මෙම ඥානය අතුරුදහන් වනවා. පරම පියාම පැමිණ අපට මෙම ඥානය ලබා දිය යුතුයි. මෙහි, මනුෂ්‍යයින් බොහෝ ආගමික පත පොත නිර්මාණය කර තිබේ. ස්වර්ණමය යුගයෙදී ආගමික ග්‍රන්ථ නොමැත. එහි, භක්ති මාර්ගයේ සළකුණක්වත් නැත. ඔබට අපවිත්‍ර බවින් පිවිතුරු විය හැක්කේ මගේ මාර්ගයෙන් පමණයි. පිවිතුරු ලෝකය අනිවාර්යෙන්ම නිර්මාණය විය යුතුයි. මා පැමිණ ඔය දරුවන්ට රාජයෝගාව උගන්වන්නෙමි. ඔබ දිව්‍යමය ගුණධර්මද ධාරණය කරගත යුතුයි. බුම්මාගෙන සිටීම හෝ ඇඬීම යනු රකුසු ස්වභාවයක් තිබීමයි. පරම පියා පවසන්නේ ඔය දරුවන්, සතුට සහ දුක, ගෞරවය සහ අපහාස, දරාගත යුතුයි. ඔබ සියුමැලි නොවිය යුතුයි. මට මෙහි සිටිය නොහැක යැයි කීමද සියුමැලි වීමය. මේ කෙනාගේ ස්වභාවය මේ වගෙයි මේ කෙනා මෙහෙමයි ඔබට එවැනි සිතිවිලි ඇති නොවිය යුතුයි. ඔබගේ මුවින් පිටවිය යුත්තේ මල් පමණයි. ඔබගේ මුවින් කටු වලට මතු වීමට ඉඩ නොදෙන්න. බොහෝ දරුවන්, ඔවුන්ගේ මුවින් තවමත් කටු මතු වීමට ඉඩ දෙයි. කෙනෙක් සමඟ තරහ වීමත් කටුවක් වීමයි. බොහෝ දරුවන්ට එකිනෙකා සමඟ සමගියෙන් සිටිය නොහැක. ශරීර අවධානයට පත් වීම නිසා, ඔවුන් අන් අයගේ දුර්වලතාවයන් දෙස දිගින් දිගටම බලයි, මේ නිසයි ඔවුන්ගේ දුර්වලතාවයන් ඔවුන් තුළම ඉතිරි වන්නේ. එබැවින් සේවය මන්දගාමී වෙයි. මෙයත් නාටකයට අනුව සිදුවන බව, බාබාට වැටහෙයි. සෑම කෙනෙක්ම පරිවර්ථනය කළ යුතු වෙයි. හමුදාව යුද්ධයට යන විට, ඔවුන්ගේ රාජකාරිය වන්නේ සතුරා සමඟ සටන් කිරීමය. ගංවතුර ගලන විට හෝ යම් ව්‍යසනයක් ඇති වූ විටද, හමුදාව කැඳවයි. එවිට හමුදාව, කම්කරුවන්ගේ කාර්යයන් කිරීම ආරම්භ කරයි. හමුදාවට මඩ ආදිය ගෙන යාමට කියා රජය අණ කරයි. යමෙක් නොයන්නේ නම්, ඔහුට වෙඩි තබයි. රජයේ අණ පිළිපැදිය යුතුයි. පරම පියා පවසන්නේ ඔබද සේවය කිරීමට බැඳී සිටියි. ඔබට ඕනෑම තැනකට ගොස් සේවය කිරීමට කියා, පරම පියා පවසන විට, එහි යාමට ඔබ සැනෙකින් සූදානම් විය යුතුයි. ඔබ මෙය පිළිනොගන්නේ නම්, ඔබ මෙම සේනාවේ කොටස්කරුවෙක් වශයෙන් ගණන් ගැනෙන්නේ නැත. එවන් අයට, පරම පියාගේ හදවතේ අසුන් ගැනීමට නොහැකි වෙයි. සෑම කෙනෙකුටම පියාගේ පණිඩිඩය ලබා දීමේදී, පරම පියාගේ උදව්කරුවන් වන්නේ ඔබයි. නිදසුනක් වශයෙන්, සැතපුම් 10කට එහා, විශාල කලාගාරයක් විවෘත කළ විටදී පවා, ඔබ එහි ගොස් සේවය කළ යුතුයි. ඔබ වියදම ගැන නොසිතිය යුතුයි. ඔබට ලැබෙන්නේ උසස්ම-උසස් රජයේ, අසීමිත පියාගේ නියෝගයි, ඔහුගේ දකුණත වන්නේ ධර්මරාජ්ය. ඔබ ඔහුගේ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ නම්, ඔබ ඇද වැටෙයි. ශ්‍රීමත් පවසන්නේ ඔබගේ දෙනෙත් ශිෂ්ඨ කරගන්න. රාගය පරාජය කිරීමට නිර්භීත වන්න. මේවා බාබාගේ නියෝගයි. ඔබ ඒවා පිළිපදින්නේ නැතිනම් ඔබ සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් වී යයි. එවිට උපත් 21 කට රාජධානිය හිමි කරගැනීම, ඔබ අහිමි කරගනී. පරම පියා පවසන්නේ ඔය දරුවන් හැර වෙනත් කිසිවෙකුට මා හඳුනා ගත නොහැක. පෙර චක්‍රයේදී පැමිණි අය, ක්‍රම ක්‍රමයෙන් අඛණ්ඩව නැවත මතු වෙයි. මේවා සම්පූර්ණයෙන්ම අළුත් කරුණුයි. මෙය ගීතාවේ යුගයයි. කෙසේවෙතත්, ග්‍රන්ථ වල, සංගම යුගය ගැන සඳහනක් නැත. ඔවුන් ගීතාව පෙන්වා තිබෙන්නේ තඹ යුගයෙදි වන නමුත්, සැබවින්ම රාජ යෝගාව උගන්වනු ලැබුවේ සංගම යුගයේ විය යුතුයි. මෙම දේවල් කිසිවෙකුගේ බුද්ධිය තුළ නොමැත. ඔබට දැන් ඥානයේ කුල්මත්භාවය තිබෙන නමුත්, ඒ මිනිසුන්ට තිබෙන්නේ භක්ති මාර්ගයේ කුල්මත්භාවයයි. ඔවුන් කියන්නේ දෙවියන් ආවත්, අපි භක්තිය නතර කරන්නේ නැත. නැග්ම සහ බැස්ම පෙන්වන, ඉනිමගේ පිංතූරය ඉතා හොඳයි. ඒ තිබියදී, මිනිසුන්ගේ දෙනෙත් විවර වන්නේ නැත. ඔවුන් මායාගේ කුල්මත්භාවයේ සම්පූර්ණයෙන්ම ගිලි සිටියි. ඥානයේ කුල්මත්භාවය ඉහළ යාමට බොහෝ කාලයක් ගත වනවා. පළමුවෙන්ම දිව්‍යමය ගුණදම් අවශ්‍යයි. පරම පියා ඔබට කුමන නියෝගයක් ලබා දුන්නත්, ඔබ කිසිම නිදහසට කරුණක් නොකිව යුතුයි. මට එය කරන්නට බැහැ යැයි කීම, අකීකරු වීමය. ඔබට යම් දෙයක් කිරීමට ශ්‍රීමත් ලැබෙන විට, එය ශිව බාබාගේ උසස් උපදේශයක් බව, ඔබ වටහා ගත යුතුයි. ශිව බාබා, විමුක්තිය පිරිණමන්නාය. පිරිණමන්නාට කිසිම විටෙක වැරදි උපදෙස් ලබා දිය නොහැක. පරම පියා පවසන්නේ ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපතෙදි, මා මෙම කෙනා තුළට ඇතළු වන්නෙමි. බලන්න, ලක‍්ෂ්මි ඔහුට ඉදිරියෙන් යන අන්දම. කාන්තාවන් සෑම විටෙකම ඉදිරියෙන් තබන බව, සිහි කර තිබේ. පළමුව සිටින්නේ ලක‍්ෂ්මි වන අතර, ඉන්පසුව සිටින්නේ නාරායන්ය. රජ සහ රැජින කෙසේද, පුරවැසියන්ද එසේමය. ඔබද එතරම්ම උසස් විය යුතුයි. දැන් මුළු ලෝකය පුරාම තිබෙන්නේ රාවනගේ රාජධානියයි. සෑම කෙනෙක්ම කියන්නේ ඔවුන්ට දෙවියන් (රාමා)ගේ රාජධානිය අවශ්‍ය බවයි. එය දැන් සංගම යුගයයි. එය ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය වූ විට, රාවනගේ රාජධානිය පැවතුනේ නැත. පරිවර්ථනය සිදුවූයේ කෙසේද කියා, කිසිවෙක් නොදනී. සෑම කෙනෙක්ම සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේය. ඔවුන් සිතන්නේ, කලි යුගය තවමත් තිබෙන්නේ එහි ළදරු සහ දණගාණ අවධියේ කියාය. එබැවින්, මිනිසුන් වඩාත් ගැඹූරු නින්දක නිදමින් සිටියි. ඔය ජීවාත්මයන්ට, ආධ්‍යාත්මික ඥානය ලබා දෙන්නේ, ආධ්‍යාත්මික පියා පමණයි. ඔහු ඔබට රාජයෝගාව උගන්වයි. ක්‍රිෂ්ණාට, ආධ්‍යාත්මික පියා යැයි කිව නොහැක. ඔහු කිසිම විටෙක මෙසේ නොකියනු ඇත ඕ ආධ්‍යාත්මික දරුවනි! ඔබ මෙසේද ලිවිය යුතුයි ආධ්‍යාත්මික, ඥානයෙන් පිරි පරම පියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට, ආධ්‍යාත්මික ඥානය ලබා දෙයි. පරම පියා විස්තර කරන්නේ ලොවෙහි සියලුම මනුෂ්‍යයන්, සිටින්නේ ශරීර අවධානයෙනි ඔවුන් ජීවාත්ම බව ඔවුන්ගෙන් කිසිවෙකු නොදනී. පරම පියා පවසන්නේ කිසිම ජීවාත්මයකට කිසිමදාක මුසු විය නොහැක. දශෙරා සහ දීපාවලී යනු මොනවාද කියා, ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. මනුෂ්‍යයන් සිදු කරන සියලුම වන්දනාවන් ආදිය, අන්ධ විශ්වාසයි. එයට බෝනික්කන් සමඟ ක්‍රිඩා කිරීම යැයි කියයි. ගල් වලට වන්දනා කිරීම, කියාද එයට කියයි. ඔබ දැන් දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් වෙමින් සිටිනවා. එබැවින් ඔබ තව දුරටත් ගල් වලට වඳින්නේ නැත. මිනිසුන් ගොස් පිළිම ඉදිරියේ ඔවුන්ගේ හිස නමති, නමුත් ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. මෙවැනි කියමනකි ඥානය, වන්දනාව සහ නිරාශාව. ඥානය චක්‍රයෙන් භාගයක් පවතින අතර, ඉන්පසුව වන්දනාව ආරම්භ වෙයි. ඔබට දැන් ඥානය ලැබෙමින් තිබෙනවා. එබැවින් භක්තිය කෙරෙහි නිරාශාවක් තිබේ. මෙම ලෝකය පරිවර්ථනය වනවා. කලි යුගයේ භක්තිය තිබේ. ස්වර්ණමය යුගයේ, භක්තිය නොමැත. එහි, සෑම කෙනෙක්ම, පිදුම් ලබන්නට සුදුසුයි. පරම පියා විමසන්නේ දරුවනි, ඔබ, ඔබගේ හිස නමන්නේ ඇයි? චක්‍රයෙන් භාගයක්ම ඔබගේ හිස් බිම පිරිමදිමින්, ඔබගේ සියලුම මුදල් වියදම් කර, ඔබට කිසි දෙයක් ලැබුණේ නැත. මායා සම්පූර්ණයෙන්ම ඔබගේ හිස හම ගා, ඔබව දුප්පතෙක් බවට පත් කර ඇත. පරම පියා දැන් පැමිණ සිටින්නේ සෑම කෙනෙකුගේම ඔළුව නිවැරදි කිරීමටයි. සමහර යුරෝපීයන්ද දැන් ක්‍රම ක්‍රමයෙන් වටහා ගැනීමට පටන් ගෙන තිබේ. භාරතයේ ජනතාව, සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී ඇති බව, බාබා විස්තර කර තිබේ. අන් ආගම්වල අය, පැමිණෙන්නේ පසුවයි. එබැවින් ඔවුන් සතුට මෙන්ම දුකද අඩුවෙන් අත්විඳියි. භාරතයේ ජනයා බොහෝ සතුටත් බොහෝ දුකත් අත් විඳියි. ආරම්භයේදී, ඔවුන් බොහෝ සේ ධනවත්ය ඔවුන් ලෝක පාලකයන්ය. අන් ආගම්වල අය මුලදී ධනවත් නැත. ඔවුන්ගේ ආගම ව්‍යාප්ත වූ පසු, ඔවුන් ක්‍රමයෙන් ධනවත් වෙයි. දැන් වැඩියෙන්ම දුප්පත් වී ඇත්තේ භාරතයයි. අන්ධ විශ්වාසය ඇති අය සිටින්නේ භාරතයේය. මෙයද නාටකයේ පෙර නියම වූවක්. පරම පියා පවසන්නේ මා දිව්‍යලෝකය බවට පත් කළ දේ, දැන් අපාය බවට පත් වී තිබේ. මෙහි මිනිසුන් රිලා බුද්ධි ඇති අය බවට පත් වී සිටියි. මා පැමිණෙන්නේ ඔවුන්ව දේවාලයක හිඳුවීමට තරම්, වටිනා අය බවට පත් කරවීමටයි. පාපයන් බොහෝ බලවත්ය. බොහෝ කෝපය තිබේ. ඔබ තුළ කෝපය නොතිබිය යුතුයි. සම්පූර්ණයෙන්ම මිහිරි සහ ශාන්ත සාමකාමී වන්න උපරිමයෙන් මිහිරි වන්න. රාජකීය තත්ත්වයක් හිමි කරගැනීමට මතුවන්නේ, කෝටි ගණනකින් අතලොස්සක් පමණක් බවද ඔබ දන්නවා. පරම පියා පවසන්නේ මා පැමිණ සිටින්නේ ඔබව සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් නාරායන් බවට පරිවර්ථනය කිරීමටයි. එහිදී, ප්‍රධාන මාණික්‍යයන් අට සිහි කෙරෙයි. පරම පියා මැදි කර සිටින, මැණික් අටක් තිබේ. අට දෙනෙක් සම්මාන සහිතව සමත් වන අතර, එයද වන්නේ, ඔවුන් දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලටයි. ශරීර අවධානය බිඳ දැමීමට බොහෝ උත්සාහ දැරීමට සිදු වෙයි. ශරීරය පිළිබඳ අවධානය, සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. බ්‍රහම් තත්ත්වය පිළිබඳ දැනුම ගැන තදින් විශ්වාස කරන ඇතැම් අයද එවැනිය. ඔවුන් කොහේ හෝ ස්ථානයක අසුන් ගෙන සිටින විට තම සිරුරු අත්හරියි. යම් ස්ථානයක අසුන් ගෙන සිටින අතර ඔවුන් තම සිරුරු අත්හරින අතර එවිට වාතාවරණය සම්පූර්ණයෙන්ම නිහඬ වෙයි. වැඩි වශයෙන්ම ඔවුන් තම සිරුරු අත්හරින්නේ පිවිතුරු උදේ පාන්දර කාලයේදීය. රාත්‍රියේදී මිනිසුන් අපිරිසිදු ක්‍රියා සිදුකරන අතර, උදෑසන ස්නානය ආදිය කිරීමෙන් පසුව ඔවුන් දෙවියන් සිහි කිරීම ආරම්භ කර, ඔහුට වන්දනාමාන කරයි. පරම පියා අඛණ්ඩව සෑම දෙයක්ම විස්තර කරයි. ප්‍රදර්ශන ආදියේදී පළමුවෙන්ම ඇල්ෆාගේ හැඳින්වීම ලබා දෙන්න. පළමුව ඇල්ෆා, ඉන්පසුව බීටා, රාජධානිය. පරම පියා එක්කෙනෙක් පමණයි. ඔහු අශාරීරික කෙනාය. පරම පියා, නිර්මාණකරු, මෙතැන අසුන් ගෙන, ඔබට නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය පවසයි. එම පියාම පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. සියලුම ශාරීරික නෑදෑයින් අත්හරින්න. තමන් ජීවාත්මයක් බව සළකා, නිරතුරුවම මා පමණක් සිහි කරන්න. ඔබ පරම පියාගේ හැඳින්වීම ලබා දෙන විට, එය ප්‍රශ්න කිරීමට තරම් කිසිවෙකුට එඩිතරකමක් නොතිබෙයි. පරම පියා කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් ඇති වූ පසු ඔවුන්ට පවසන්න ඔබ උපත් 84ක් ගන්නේ මෙසේය. චක්‍රය සහ පරම පියාව වටහා ගත් පසු, ඔවුන් තුළ කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙයි. ඔබ පළමුවෙන්ම පරම පියාගේ හැඳින්වීම ලබා නොදී, ඥානය දෙමින් දිගින් දිගටම කියාගෙන යන විට, ඔබ බොහෝ කාලය අපතේ හරින අතර, ඔබගේ උගුර ද වියළී යනු ඇත. පළමුවෙන්ම ඇල්ෆා පිළිබඳ මාතෘකාව අරගන්න. ඔබ දිගින් දිගටම කියාගෙන යන විට, ඔවුන්ට කිසිම දෙයක් වටහා ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන් සමඟ අසුන් ගෙන, ඉතා සෙමින්, සරළ අන්දමින් විස්තර කරන්න. ජීවාත්ම අවධානයෙන් සිටින අයට, හොඳින් වටහා ගැනීමට හැකි වනු ඇත. හොඳින් විස්තර කරන අය, විශාල කලාගාර වලදී, ඔවුන්ගේ උදව් ලබා දිය යුතුයි. ඔබගේ මධ්‍යස්ථානයෙන් ටික දිනකට පිට වී, ඔවුන්ට උපකාර කිරීමට යන්න. ඔබ නොමැති දිනවල ඔබගේ මධ්‍යස්ථානය බලා ගැනීමට කෙනෙක් පත් කරන්න. ඔබ කිසි කෙනෙක්ව ඔබ හා සමාන කර නොමැති නම් සහ ඔබගේ මධ්‍යස්ථානය බලා ගැනීමට තරම් වටිනා කෙනෙක් බවට පත්කර නොමැති නම්, ඔබගෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බව සහ ඔබ සේවය කර නොමැති බව, පියා සිතනු ඇත. සමහර දරුවන් පරම පියාට ලිපියක් ලියා, දන්වන්නේ මා මෙම සේවය දමා යන්නේ කෙසේද? ප්‍රදර්ශනයක් ඇති කිසියම් ස්ථානයකට ගොස් සේවය කරන්නට කියා, බාබා ඔබට නියෝග කරනවා. මධ්‍යස්ථානය බලා ගැනීමට තරම් වටිනා කෙනෙක් ඔබ සාදා නොමැති නම්, ඔබගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? බාබා ඔබට නියෝග කර ඇත. එබැවින් ඔබ විගසින් එහි දිව යා යුතුයි. එවන් ගුරුවරුන්ට මහාරතීන් යැයි කියයි. අන් සියල්ලම අශ්වාරෝහකයන් හෝ පාබල සේනාවයි. සෑම කෙනෙක්ම සේවයේදී උපකාර කළ යුතුයි. ඔබ මෙතරම් වසර ගණනාවකදී, ඔබ හා සමාන කිසි කෙනෙක් බිහිකර නොමැති නම්, ඔබ කළේ කුමක්ද? මෙතරම් කාලයකට පසුවත්, මධ්‍යස්ථානය බලා ගැනීමට හැකි වන අන්දමට, ඔබ කිසි කෙනෙක්ව පණිවිඩකරුවෙක් බවට පත් කර නොමැතිද? බොහෝ විවිධ මාදිලියේ මිනිසුන් මෙහි පැමිණෙයි. එබැවින් ඔවුන්ට කතා කළ යුත්තේ කෙසේද කියා දැනගැනීමට ඔබට නුවණ අවශ්‍යයි. ඔබ අනිවාර්යෙන්ම දිනපතාම මුරලියට සවන් දිය යුතුයි. ඔබ මුරලියට සවන් නොදෙන්නේ නම්, ඔබට නොපැමිණීමේ ළකුණක් ලැබෙයි. ඔය දරුවන් මුළු ලෝකයම වට කළ යුතුයි. ඔය දරුවන් මුළු ලෝකයටම සේවය කරනවා නොවේද? අපවිත්‍ර ලෝකය, පිවිතුරු කිරීම යනු, ලෝකය වට කිරීම නොවේද? සියල්ලන්ටම විමුක්ති සහ ජීවන-මුක්ති දේශයන්ට මාර්ගය පෙන්වා, ඔවුන්ව දුකින් මුදවාගන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සාමකාමී සහ උපරිම වශයෙන් මිහිරි ස්වභාවයක් ඇති අය බවට පත් වන්න. කිසිම විටෙක කෝප නොවන්න. ඔබගේ දෙනෙත් බොහෝ සේ ශිෂ්ඨ කරගන්න.

2. පරම පියාගේ නියෝග, සැනෙකින් පිළිපදින්න. මුළු ලෝකයම අපවිත්‍ර බවින් පිවිතුරු කිරීමේ සේවය සිදු කරන්න. එනම්, එය වට කරන්න.

වරදානය:
ඔබ නිරතුරුවම දැල්වූ පහනක් වී, ඔබගේ වැදගත්කම සහ ඔබගේ කාර්යයේ වැදගත්කම දැන සිටිත්වා.

ඔය දරුවන් ලොවට ආලෝකයි, ඉතින් ලෝක පරිවර්ථනය සිදු වන්නේ ඔබගේ පරිවර්ථනය තුළින්ය. එබැවින් අතීතය අතීතයේම තබා, ඔබගේ වැදගත්කම සහ ඔබගේ කාර්යය දැන, නිරන්තරයෙන් දැල්වූ ආලෝක වන්න. ඔබගේ පරිවර්ථනය තුළින් ඔබට තත්පරයකදී ලෝක පරිවර්ථනය ගෙන ආ හැක. එක මොහොතක් කර්ම යෝගියෙක් වීමත්, ඊලඟ මොහොතේ ඔබගේ කර්මතීට් අවස්ථාවේ සිටීමත් පුහුණු වන්න, එපමණයි. ඔබගේ නිර්මාණය වන ඉබ්බා, තත්පරයකදි උගේ සියලු ඉන්ද්‍රියන් හකුලා ගන්නා ආකාරයෙන්ම, මාස්ටර් නිර්මාණකරුවන් වන ඔබත් මුසුකර ගැනීමේ බලයේ පදනමට අනුව, ඔබගේ සියලු සිතිවිලි මුසුකර ගෙන, එක් සිතිවිල්ලක ස්ථාවර විය යුතුයි.

පාඨය:
සෙනෙහසේ ගැලී සිටීමේ ස්ථීතිය අත්විඳීම සඳහා, සිහිවීම සහ අමතක වීම අතර ගැටුම අවසන් කරන්න.